Wednesday 22 February 2017

400. තෙල් ටැංකි වස්තුව සහ අනුකලනය - Mathematics is useful but not for me


මගේ මතකයේ පතුලේ දිගු කලක් සැඟවී තිබී හදිසියේ ම උඩට මතුවුණු මේ කතාවට වෙනදා මෙන් පෙර-පසු සම්බන්ධකම් දැනට නැති නමුත් පසුව අතුරු කතාවක් දෙකක් ලියවෙන්නට ද ඉඩ තිබේ.

මේ සිදුවීමට අදාළ කාලයේ මා සිටියේ රජයේ සංස්ථාවක මැවිසුරුවෙකු ලෙස සේවය කරමිනි. ආයතනයේ, අපේ අංශයේ ම සේවය කළ කාන්තාවක් වූ ජයංගනී දිනක් මගෙන් උදව්වක් ඉල්ලා සිටියා ය. ඒ, මගේ මතකයට අනුව කාර්මික අංශයේ කිසියම් වෘත්තියක නිරතව සිටි, ඇගේ සැමියා, සුරංග, වෙනුවෙනි.

සුරංග ගේ සේවා ස්ථානයේ සිලින්ඩ්‍රිකාකාර තෙල් ටැංකියක් තිරස් (Horizontal) අතට පොළොවේ වල ලා තිබේ ලු. බවුසරයකින් අවශ්‍ය පරිදි ගෙන එන තෙල් මෙහි ගබඩා කරන අතර වැඩපොළේ විවිධ කර්තව්‍යයන් සඳහා පොම්පයක් හරහා නිතිපතා තෙල් ලබා ගන්නේ මේ තෙල් ටැංකියෙනි.

ටැංකියේ මතුපිට සිට ගන්නා මිනුමකින් එය කෙතරම් ගැඹුරට හිස්ව ඇත්දැයි දැන ගැනීමට ක්‍රමයක් එහි ඇති අතර ටැංකියේ දිග සහ විෂ්කම්භය ද අදාළ ලේඛනවලින් සුරංග විසින් සොයා ගෙන ඇත. නමුත් නිසි කලට, නිසි ප්‍රමාණයෙන් තෙල් ඇණවුම් කිරීම සඳහා පෙර කී මිනුම සහ ටැංකියේ මූලික දත්ත අනුසාරයෙන් එහි තෙල් ලීටර් කොපමණ ප්‍රමාණයක් තිබේ ද යන්න නිශ්චිතව දැන ගැනීමට ක්‍රමයක් සුරංගට නැත.



ජයංගනී මට කී ආකාරයට, සුරංගට අවශ්‍යව ඇත්තේ තිරස් අතට වල ලා ඇති ටැංකියේ උඩ සිට කොපමණ සෙන්ටිමීටර් ප්‍රමාණයක් හිස්ව තිබේදැයි මැන සොයා ගත් පසු ඒ ප්‍රමාණයට හිස්වූ ටැංකියේ තවත් තෙල් ලීටර් කීයක් ඇති දැයි සොයා ගැනීමට පහසු ක්‍රමවේදයකි.

ටැංකිය වළ ලා ඇත්තේ සිරස් (Vertical) අතට නම්, මෙය තරමක් පහසු වැඩකි. මක් නිසා ද යත්, එවැනි ටැංකියක ඇති තෙල් සැම විටම ගන්නේ සිලින්ඩ්‍රිකාකාර හැඩයක් බැවිනි.

නමුත්, මේ ටැංකිය පිහිටුවා ඇත්තේ තිරස් අතට නිසා, එහි ඇති තෙල් ප්‍රමාණයේ හැඩය සැමවිටම ටැංකිය කොපමණ හිස්ව ඇති ද යන මිනුමට අනුව වෙනස් වෙන්නේ සරල රේඛීයව නොවේ.

උසස් පෙළ සඳහා ශූද්ධ ගණිතය හදාරා ඇති ඕනෑම අයෙකුට මේ ප්‍රශ්නය විසඳීම සඳහා අනුකලනය (Integration) උපයෝගී කර ගත හැකි බව වැටහෙනු ඇත.

ජයංගනී ගේ ඉල්ලීම ඉටු කිරීමට මා කළේ, ඒ සරල අනුකලන මොඩලය විසඳා, ටැංකියේ ඉතුරු වී ඇති තෙල් පරිමාව ටැංකියේ හිස් බව මනින මිනුමට අනුව සෙන්ටිමීටර් බාගෙන් බාගෙට වෙනස්වන ආකාරය සහිත වගුවක් සැකසීමයි.

මේ කාලයේ අපේ ආයතනයේ පීසී (PC) නමින් හැඳින්වෙන ක්‍ෂුද්‍ර පරිගණක (Micro Computer) නොතිබුණු අතර ගිණුම් කටයුතු සඳහා භාවිතා කළේ Wang නම් මිනි-කොම්පියුටර් පද්ධතියකි (Mini Computer System). එහි බොහෝ වැඩ කටයුතු කෙරුණේ කොබෝල් නමැති පරිගණක භාෂාවකිනි.

මා දන්නා කොබෝලයක් නැත. නමුත්, වාසනාවකට මෙන් මේ මිනි-කොම්පියුටරයේ බේසික් (Basic) නමැති පරිගණක භාෂා කම්පයිලරයක් ද විය.

මම ජයංගනී ගේ සැමියා සුරංග ගේ ගැටලුව විසඳීම සඳහා බේසික් ප්‍රෝග්‍රෑමයක් ලිව්වෙමි. ඒ ප්‍රෝග්‍රෑමය ක්‍ර්‍රියාත්මක කළ විට අදාළ දුර-පරිමා වගුව මුද්‍රණය වෙන ආකාරයට ය.
එලෙස මුද්‍රණය වන වගුවේ අවසාන පේළිය ලෙස මම මේ වගන්තිය ඇතුළත් කළෙමි.

Programmed by: Rasika H. Suriyaarachchi

මා මුද්‍රණය කර දුන් වගුව ජයංගනී ස්තුති පූර්වකව භාර ගත්තා ය.

එදා සේවය නිමවා නිවසට යාමට පෙර කතුරක් අතට ගත් ජයංගනී, මගේ නම ඇතුළත් වගුවේ අවසාන පේළිය සහිත කොටස කපා කුණු බක්කියට දමනු මම නෙත් කොනකින් දුටුවෙමි.

ඇය එසේ කළේ, එදා නිවසට ගොස් මෙන්න මං ඔයා ගේ ප්‍රශ්නය විසඳුවා කියා මා සාදා දුන් වගුව පෙන්වා සැමියාගෙන් ලකුණු ලැබීමට නොව, සුරංග ඒ වගුව ඔහු ගේ සේවා ස්ථානයේ ප්‍රයෝජනය සඳහා ගෙන යෑමට නියමිත නිසා, මගේ නම ඉවත් කිරීමෙන් සුරංගට සේවා ස්ථානයේ දී ලකුණු ලබා ගැනීමට හැකි නිසා යැයි සිතා මම නිහඬව සිටියෙමි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
අනුකලනය ගැන පරණ කතාවක් සිහිවිය!

උසස් පෙළ ශුද්ධ ගණිතය පන්තියේ දී ලියූ මගේ කවියෙන් කියවෙන අදටත් වලංගු යතාර්ථය - Maths and law, not a good mix? :: https://rasikalogy.blogspot.com/2015/04/maths-and-law-not-good-mix.html

ප/ප/ලි
මේ රසිකොලොජියේ 400 වෙනි ලිපියයි!

(image: http://www.oiltanksolutions.com/dispose-oil-tank/)

45 comments:

  1. අදත් හරිම අනුවේදනීය කතා පුවතක්.

    ReplyDelete
    Replies
    1. මගෙත් හඳුන්පොත කීගානවා !!!

      Delete
    2. එදත් සූරයා, අදත් සූරයා!

      Delete
  2. ඒ කියන්නෙ රසික ඒ කාලෙත් කිඹි සිඹිල්ල ජයටම කරල තියනව දැන් වගේම.

    ReplyDelete
    Replies
    1. කිම්බ = පස්ස - කිඹි සිඹිල්ල = පස්ස ඉඹීම ???

      Delete
  3. බුද්ධිමය දේපල පනත අමු අමුවෙම උල්ලංගනය කරලනෙ හිටං.

    ReplyDelete
    Replies
    1. හිටං නොවෙයි (පුටුවක) ඉඳං ඒක කපලා දැම්මේ!

      Delete
  4. කපාගන්න එකක් ගෙදර ගිහිල්ලා කපාගන්න එපැයි. අයියෝ ජයංගනි....

    ReplyDelete
  5. උදව් කරහම වෙන දේ.

    ReplyDelete
  6. ඒ කියන්නේ රසික ගෙන් එතැන ජයංගනිට වෙලා තියෙන්නේ කරපිංචා වැඩක්.:D

    ReplyDelete
    Replies
    1. මං නං දැං කරපිංචා කනවා, ශරීර සෞඛ්‍යයට හොඳයි කියනවානේ!

      Delete
    2. වඩා හොඳ උදාහරණයක් කොණ්ඩොම්!

      Delete
  7. එදා සේවය නිමවා නිවසට යාමට පෙර කතුරක් අතට ගත් ජයංගනී, මගේ නම ඇතුළත් වගුවේ අවසාන පේළිය සහිත කොටස කපා කුණු බක්කියට දමනු මම නෙත් කොනකින් දුටුවෙමි./////// gunamaku bhavaya

    ReplyDelete
    Replies
    1. ඇය එසේ කළේ, සැමියා ඒ වගුව ඔහු ගේ සේවා ස්ථානයේ ප්‍රයෝජනය සඳහා ගෙන යෑමට නියමිත නිසා, මගේ නම ඉවත් කිරීමෙන් සුරංගට සේවා ස්ථානයේ දී ලකුණු ලබා ගැනීමට හැකි නිසා යැයි සිතමි.

      Delete
  8. දහවන ශ්‍රේණියේ උගන්වන ත්‍රිකෝණමිතිය පිළිබඳ මූලික දැනුම පමණක් (සයින් අර්ථදැක්වීම) උපයෝගී කරගෙන ඕක අනුකලනය නැතුව ඉතා පහසුවෙන් හොයා ගන්න පුළුවන් නේද? බාගයකට වඩා පිරී ඇත්නම් නොපිරී ඇති ප්‍රමාණය, V=(Pidl/180)*inversesin(1-2x/d) - l(d/2-x)*sqrt((d-x)x). බාගයකට අඩුවෙන් පිරී ඇත්නම් x වෙනුවට d-x යෙදූ විට පිරී ඇති ප්‍රමාණයයි. (සුළුකර බැලූ විට දෙකම සමාන වන්නට පුළුවන. මා එය පරීක්ෂා කළේ නැත.)

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් වැරදියි.
      V=(Pid^2l/720)*cosinverse(1-2x/d) - l(d/2-x)*sqrt((d-x)x).

      Delete
    2. පිස්සුද, අපි වම් කන අල්ලන්නේ වම් අත ඔලුව වටා ක්ලොක්වයිස් යවලා!

      ඒ මොන ක්‍රමය භාවිතා කළත්, සෙන්ටීමීටරයෙන් සෙන්ටිමීටරයට ඔය ගණනය පරිගණකයකින් නැතුව කිරීම අමාරුයි

      Delete
    3. මමත් දැක්ක ගමන් ලියන්න හිතුවා. අනුකලනය නැතුව කරන්ඩ පුළුවන් බව පේන්න, තිරස් ටැංකිය දිහා බිම දිගා වෙලා බලන්න උවමනයි නේ. ඔය කාලේ එච්චර පාත් වෙන්න බැරුව ඉන්න අැති.
      මේක බලන්න. පහසුවෙන් සමීකරණයක් හදා ගන්න පුළුවන්. කැල්ක් එකකින් කැල්කුලේට් කරන්න පුළුවන්.
      https://en.wikipedia.org/wiki/Circular_segment

      Delete
  9. ගුරු මුස්ටියක් තියාගත්තේ නැතෙයි? :) එහෙනං ඔහොම වෙන්නෑ..

    ReplyDelete
    Replies
    1. මුට්ටිය බිඳුණොත් ඔක්කොම ඉවරයි!

      Delete
  10. උදව්වක් ලෙස විසඳුම කියා දීල නම ලියන්න ඕනෙද....නොලිව්ව නං කපන්න වෙන්නෙ නැහැනෙ.

    ReplyDelete
    Replies
    1. හෙන්රි, නිකං ගානක් හැදුවා නම් නම ලියන්නේ නෑ අතින්.

      මේක පරිගණකයින් ගණනය කර එමගින් ම පුද්‍රණය කළ වගුවක්. ඔබ පරිගණක ප්‍රක්‍රමණ සකසා ඇති නම් දන්නවා ඇති, නම, දාතම ඒවාට ඇතුළත් කරන බව.

      ඒ සමගම, වගුවක, සැලසුමක, ප්‍රස්තාරයක, වාර්තාවක ඊට අදාල විස්තර සහිත කොටුවක් ඇතුලත් කිරීම අප විශ්වවිද්‍යාලයේ දී නිතිපතා කළ දෙයක්.

      Delete
  11. ඕවා පිං අතේ වැඩ

    ReplyDelete
    Replies
    1. පුරුවේ පව් නිසා ද පිං කරන්නට ඉඩ ලැබේ!

      Delete
  12. ඔබ දන්නවාද ජයන්ගනී ඔබගෙන් නොව චතුර සේනාරත්න ගෙන් මේ ඉල්ලීම කලා නම් ඔහු ඉතා සරල එක්සෙල් ස්ප්‍රෙඩ් ශීට් එකක් ඇයට සාදා දීමට ඉඩ තිබුනු බව!

    ReplyDelete
    Replies
    1. එදා චතුරට ඒක කරන්න, අපේ කාර්යාලයට මුල්ම පීසී එක ගෙනැවිත්, බිල් ගේට්ස්ට කියා එක්සෙල් ලියා ගන්නත් වෙනවා.

      මේ සිදුවීමෙන් ටික කලකට පසුව එලෙස ගෙනා මුල්ම පීසී එකේ අපි භාවිතා කළේ මුලින් ලෝටස් 123 සහ පසුව කොට්රෝ නම් ස්ප්‍රෙඩ්ෂීට් මෘදුකාංගයි!

      Delete
  13. සිලින්ඩ්‍රිකාකාර ??

    සිලින්ඩරාකාර නෙමෙයිද? පැරබොලාකාර වගේ (ඔය විදියට කිව්වොත් පැරබොලිකාකාර! - ටිකක් අවුල් වගේ නේද?)

    එහෙම නැත්නම් නිකන්ම "සිලින්ඩ්‍රික" කිව්වත් හරි නේද? //සුරංග ගේ සේවා ස්ථානයේ සිලින්ඩ්‍රික තෙල් ටැංකියක්...//

    ඇත්තටම ඔය ප්‍රශ්නෙ එන්නෙ සිලින්ඩරය, ප්‍රිස්මය, පිරමිඩය වගේ කීපෙකට විතරයි. ඇනිත් හැම හැඩයකටම සිංහල වචන තියෙනවා.

    ReplyDelete
    Replies
    1. සිලින්ඩ්‍රිකා කියන්නේ ඔසී ගෑල්ලමේක්ගේ නමද

      Delete
    2. මගේ වචනය එවෙලේ කටට ආ එකක්.
      මෙය සිලින්ඩාකාර විය යුතුයි!

      Cylinder = ගෝල නාලිකාව (one dictionary meaning)

      Delete
  14. "තෙල් ටැංකි වස්තුව සහ අනුකලනය"

    රසිකලා ඊට පස්සෙ ජයංගනී ට කිව්වෙ "තෙල් ටැංකි වස්තුව" කියලද? ;-)

    ReplyDelete
    Replies
    1. ටැංකියකට පිරෙන්න තෙල් ගහන්නත් සෑහෙන වස්තුවක් තියෙන කෙනෙකු වෙන්න ඕනෑ!

      Delete
  15. මෙහෙම හිතෙන්නෙ මට විතරද​? ජයංගනී ඇත්තටම රසිකගෙ නම කපලා දැම්මෙ, ජයංගනීගෙ හබී "කව්ද මේ රසික කියන්නෙ, අපේ එකීගෙ ඔෆිස් පෙම්වතා වත්ද​" කියන සැකය නැති කරන්නද දන්නේ කව්ද​?

    ReplyDelete
    Replies
    1. ජයංගනී මට වඩා වැඩිමහලු කෙනෙක්.

      අනික Rasika කියා ලීවාම රසිකා කියා කියන්නත් හැකිනේ.

      ඒ කෙසේ වෙතත් - මේ වැඩේ වෙනකෙකුට කියා කරවා ගත් බව ඇයට සඟවන්නට අවශ්‍ය නෑ!

      Delete
  16. මට නම් හිතෙන්නේ රසික අනුකලනය දැන සිටියද ජයංගනි අවකලනය දැන සිටියා කියායි.
    රසික බේසික් ප්‍රෝගැමින් දැන සිටියද ජයංගනි බේසික් ඉන්ෆෝමේශන් සිකියුරිටි දැන සිටියා කියාය

    ReplyDelete
    Replies
    1. A guy gets on a bus and starts threatening everybody: "I'll integrate you! I'll differentiate you!" So everybody gets scared and runs away. Only one person stays.

      The guy comes up to him and says: "Aren't you scared, I'll integrate you, I'll differentiate you!" And the other guy says: "No, I am not scared, I am e^x."

      source: http://www.jokes4us.com/miscellaneousjokes/mathjokes/calculusjokes.html

      Delete
  17. ප/ප/ලි:
    මේ රසිකොලොජියේ 400 වෙනි ලිපියයි!

    ReplyDelete
  18. හාරසීයට සුභපැතුම්
    1.ඕක වෘතාකාරද නැත්තං ඉලිප්සාකාර ටැංකියක්ද දන්නෙ නෑ නේද?
    2.ගහන්න තිබුනෙ වෝටර් මාක් එකක්.

    ReplyDelete
    Replies
    1. හාරසීයේ කණුව මාත් දැක්කේ හාරසිය එක ලිව්වාට පස්සෙයි. ස්තුති වේවා.

      මේක වෘත්තාකාර යි. මට දුන්නා, විෂ්කම්භය සහ දිග.

      ඒ ඩොට් මේට්‍රික්ස් කාලේ මොන වෝටර්මාක් ද රාජ්?

      Delete
  19. අනුකලනය නොකර ඔය වැඩේ කරන්න පුලුවන් කියල හිතනවනම් කවුරුහරි, එයා ප්‍රශ්නෙ තේරුම් අරන් නැහැ.

    ReplyDelete
  20. කඳ සිලින්ඩරාකාර, දෙපැත්තද තරමක් වක්‍රාකාර තිරස්ව වැලලු ඉන්ධන ටැංකියකට මමද ඔවැනි වගුවක් මාගේ මිත්‍රයෙකු බේරා ගැනීම සදහා අඟලෙන් අඟලට කැල්ක් එකෙන් හදා ඉන්ටපොලේට් කරලා අඟල් බාගෙන් බාගෙට වගුවක් හදලා දුන්නා. දෙපැත්තද තරමක් වක්‍රාකාර වනවිට ලැබෙන අනුකල සූත්‍රය සෑහෙන්න සංකිර්නයි. ඒත් මං කරල දුන්නා. ඌත් ඔයදේම මට කරන්න හදලා ටිංකිරි ගාගත්තා.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.