Sunday 26 February 2017

දත් දොස්තරෙකු මට කළ හදියක මහත! - Oh, those torturers!


දත් දොස්තරෙකු මට කළ හදියක් නිසා මා මේ දිනවල සිටින්නේ තරමක දුකෙනි. තව දින දෙක තුනක් මේ තත්වය පවතිනු ඇත!

නමුත් හැම කළු වලාකුළක ම රිදී රේඛාවක් තිබෙන්නා සේ, මේ හදිය නිසා හෙළිදරව් වුණු මගේ ආත්ම ශක්තිය ගැන මට දැඩි සතුටක් ද ඇත.

කතාව මෙයයි.

මගේ දත් වහල්ල පෙන්වීමට ගමේ දත් දොස්තර වෙතට ගිය දිනයක, ඔහු මා අසල නගරයේ පිහිටි විශේෂඥ දන්ත ශල්‍යාගාරයේ දොස්තරෙකු වෙත යොමු කළේ මගේ මුඛයේ විදුරුමස් නමින් හැඳින්වෙන කොටස පිළිබඳ ප්‍රතිකාර කිරීමටයි.

මේ විශේෂඥ විෂයය හැඳින්වෙන්නේ පෙරියොඩොන්ටික්ස් නොහොත් පරිදන්තවේදය නමිනි.

මා එහි ගිය මුල් දවසේ, මගේ දත් වහල්ලේ ඉතිරි වී ඇති දත් ගොන්න ගැන බලා, ඒ එකින් එක පිළිබඳ සටහන් රාශියක් ලියා, එක්ස්-රේ රාශියක් ද ගත් ඔහු මා ඩොලර් දෙසිය පනහකින් පමණ දුප්පත් කළා පමණක් නොව, මගේ දත්වල විදුරුමසට යටින් ඇති කොටස් දිරායාම වැළැක්වීම සඳහා දත්වල ඒ කොටස් විශේෂ පිරිසිදු කිරීමකට ලක් කළ යුතු බවත් පැවසීය.

මේ පිරිසිදු කිරීම, කටේ එක් පසක් පමණක් එක් දිනක බැගින් සතියක පරතරය සහිතව දින දෙකකදී කළ යුතු බවත්, එසේ කරන්නේ සීමිත නිර්වින්දනය යටතේ බවත් මට දැන්වීය. වෙනත් විකල්පයක් නොතිබුණු බැවින්, පොකැට්ටුව හිල්වීම ගැන නොසිතා (එක දතකට ගාස්තුව ඩොලර් හැට පහකි!) දින වෙන් කර ගතිමි.

ඒ මුල් දිනය වූයේ පසුගිය සඳුදා ය.

උදේ වරුවේ අඩ පැයක පමණ කාලයක දී සිදු කෙරුණු මෙම කාර්යය සඳහා දවසක් ම ලෙඩ නිවාඩු දැමීමට සිදුවීම, නිර්වින්දක ඉන්ජෙක්‍ෂන් වේදනාව, නිර්වින්දිනය කෙසේ වෙතත් විදුරුමස් අස්සේ කටු ගසමින් හූරණ විට දැනුණු වේදනාව, කටේ අඬුපඬු ගසා සිටියදී හුස්ම ගැනීම ආදී කටයුතු නිසා ඇති වූ වේදනාව, ඩොලර් අටසීයකින් දුප්පත් වීමේ වේදනාව වැනි කිඹුලන් කන වේදනා සියල්ල ඌයි නොකියා ඉවසා සිටිය ද අවසානයේ දී මහා දරුණු කොහිල කටුවක් ඇනුණි!

ඇන්ටිබයෝටික් නොහොත් ප්‍රතිජීවක ඖෂධ දෙකක් ෆාමසියෙන් මිලට ගැනීම සඳහා බෙහෙත් වට්ටෝරුවක් ලියා දුන් ඔහු ඊළඟට කීවේ මෙයයි.

"රසික, මේ අද කළ ගැඹුරු පිරිසිදු කිරීමෙන් පසු ඔබේ විදුරුමස්වලට ආසාදන ඒම වළක්වා ගැනීම සඳහා මේ බෙත් වර්ග දෙක සතියක් එක දිගට නොකඩවා ගන්න. ඒ අතරතුර කිසි ලෙසකින් මත්පැන් පානය කරන්න එපා!"

ඌයි!

සතියේ සාමාන්‍ය දවස් අමතක කරමු.

නමුත්,

සිකුරාදා කලාකාමී මිතුරන් පිරිසක් මුණ ගැසී රංගකලාව පිළිබඳ සාකච්ඡාවක් කිරීමට තිබේ.

ඌයි, ඌයි!!

සෙනසුරාදා සවස නිවාඩු පාඩුවේ නිවසට වී සිනමා සිත්තමක් නැරඹීම වැනි විනෝදාත්මක යමක් කිරීමට සැලසුමක් ද තිබේ.

ඌයි, ඌයි, ඌයි!!!

ඉරිදා සවස උපන්දින සාදයක් ද තිබේ.

ඌයි, ඌයි, ඌයි, ඌයි!!!!

දත් දොස්තරෙකු මට කළ හදියක මහත එසේ ය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
ලෙඩ රෝග, බේත් හේත් සමග සෙල්ලම් නැත.

මම තවමත් සිල් බිඳ නොගෙන හොඳ ළමයෙකු ලෙස සිටිමි. මගේ ලොකුම ජයග්‍රහණය වූයේ, සිකුරාදා පැවති කලාකාමී මිතුරු සාදයට සහ සාකච්ඡාවට සහභාගී වී අමුවෙන් ම නිවසට පැමිණීමයි.

ප/ප/ලි:
යළිත් වරක් මාර්තු පළමුවෙනිදා දත් වහල්ලේ ඉතුරු අර්ධය සඳහා මේ ප්‍රතිකර්මය ලබා ගැනීමට යා යුතුව ඇත. නැවතත්, සතියක් පුරා මේ බෙහෙත් ම ගත යුතු වෙනු ඇත!


අපොයි!!

(image: http://www.joblo.com/movie-news/director-bryan-singer-shares-magnetos-tools-implying-there-will-be-either-torture-or-dental-work-in-x-mendofp)

31 comments:

  1. අම්මට සිරි වෙනවනේ රසික,
    දතක් ඩොලර් හැටක්, සැට් එකම සුද්ද කරන්න ඩොලර් අටසීයක්...
    අනික්, බොන්නත් බැරුව..

    දැන් කොහොමද සිටුවේෂන් එක?

    තාම ඌයි යා ද??

    ReplyDelete
    Replies
    1. භාණ්ඩ හා මිල සේවා ගාස්තු මෙහේ වැඩියි. ඒ සේවා ගාස්තු ගාස්තු සේවය සපයන්නන් ගේ ආදායම සමග කෙලින් ම සම්බන්ධයක් ඇති නිසා, ගෙවීම එතරම් අමාරු නෑ.

      එදා ගෙව්වේ දත් වහල්ලෙන් අඩක් ඩීප් ක්ලීන් කිරීමට පමණයි. ඉතුරු කොටස සඳහා බදාදා යනවා.

      මේ කාර්යය සඳහා ලංකාවේ දත් රෝහලක රුපියල් 20,000 පමණ වැයවෙන බව ඊයේ හමුවූ මිතුරෙකු පැවසූවා!

      වේල් දෙකක් මග හැරුණු නිසා තාමත් ඌයියා පෙති දෙකක් තිබේ. අද (සඳුදා) සවස ඒවා අවසාන වූ විට ඌයියා අවසාන වූවත්, බදාදා සිට නැවත සතියක් ඌයියා ය!

      Delete
    2. එක දතකට 60 නම් දත් සෙට් එකටම 800 උනේ කොහොමද?

      Delete
    3. කමෙන්ට්කරුගෙන් ද අහන්නේ?

      මං ලිපියේ ලිව්වේ මෙහෙමයි.

      /* මේ පිරිසිදු කිරීම, කටේ එක් පසක් පමණක් එක් දිනක බැගින් සතියක පරතරය සහිතව දින දෙකකදී කළ යුතු බවත්, එසේ කරන්නේ සීමිත නිර්වින්දනය යටතේ බවත් මට දැන්වීය. වෙනත් විකල්පයක් නොතිබුණු බැවින්, පොකැට්ටුව හිල්වීම ගැන නොසිතා (එක දතකට ගාස්තුව ඩොලර් හැට පහකි!) දින වෙන් කර ගතිමි. */

      එදා ගෙව්වේ දත් වහල්ලෙන් අඩක් ඩීප් ක්ලීන් කිරීමට පමණයි. ඉතුරු කොටස සඳහා බදාදා යනවා.


      Delete
    4. //ඩොලර් අටසීයකින් දුප්පත් වීමේ වේදනාව වැනි කිඹුලන් කන වේදනා සියල්ල ඌයි නොකියා ඉවසා සිටිය ද //

      Delete
  2. https://en.wikipedia.org/wiki/Feeding_tube

    ReplyDelete
  3. ඔන්නෝයවගේ වෙලාවට තමයි දත් දොස්තරගෙ දත් ගලවන්න හිතෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. කෙහොමටත් මේ දත් දොස්තර ගේ දත් ගලවන්නේ වෙන දත් දොස්තරෙකු තමයි!

      Delete
  4. ඒ අතරතුර කිසි ලෙසකින් මත්පැන් පානය කරන්න එපා!"//////////// honda vade

    ReplyDelete
  5. ඔසී වල ඉන්ෂුවරන්ස් වලින් කවර් වෙන්නේ නැතිද?

    ReplyDelete
    Replies
    1. මගේ හෙල්ත් ඉනෂුවරන්ස් එකේ බේසික් ඩෙන්ටල් කවර් එකක් තියෙනවා. සාමාන්‍ය වැඩවලට (පිරවීම/සුද්ද කිරීම) ඩොලර් කිහිපයක් ආපසු ලැබෙනවා. මේක වැඩිපුර වැඩක් නිසා එහෙම නැතුව ඇති. සොයා බැලිය යුතුයි.

      Delete
  6. අපේ රටේ ත් ඔය වගේ තමයි..දත් නිකන් සුද්ද කරලා පොලිෂ් කරන්න 2000 ඉල්ලනවනේ..විනාඩි 30 විතර යයි වැඩේට

    ReplyDelete
    Replies
    1. කොහෙමටත් සේවා ගාස්තුව, ඊට අදාල සාධකවල මිල අනුවයි තීරණය වෙන්නේ. ඉල්ලුම සහ සැපයුමත් බලපානවා ඇති, ඉල්ලුම අඩුයි නේ.

      Delete
  7. දත සුද්ද කරලද, දත ගලවලද මන්දා....

    ReplyDelete
    Replies
    1. එදා ගෙව්වේ දත් වහල්ලෙන් අඩක් ඩීප් ක්ලීන් කිරීමට පමණයි. ඉතුරු කොටස සඳහා බදාදා යනවා.

      අය-වැය!!!

      අෂ්ඨ ලෝක ධර්මෙන් කොටසක් නේ!

      Delete
  8. ඒ දත් දොස්තර මහතා සතුව ඔහු විසින් දත් ගලවා මිළදී ගත් නැව් තිබේදැයි සොයා බැලීම මැනැවි.

    ReplyDelete
    Replies
    1. දිනකට දෙවරක් දත් මැදීමෙන් ඔබේ දත් ආරක්ෂාකරගත හැකියාව ඇතිවාක් මෙන්ම දොස්තරලාට නිකරුනේ මුදල් දන් දීමෙන් වැළකී සිටීමටද හැකිවේ.

      Delete
    2. මතක ඇති කාලයේ සිට දිනකට දෙවරක් දත් මදිනවා!

      නමුත්, එය එක් සාධකයක් පමණයි.

      Delete
  9. බේත් පෙති සියල්ල ම ඊයේ (සඳුදා) දහවල් අවසාන වූ බවත්, ඒ නිමාව හොඳින් සැමරූ බවත් සතුටින් දැනුම් දෙමි. ඇත්තටම අවසාන වීමට නියමිතව තිබුණේ ඉරිදා ය. නමුත් මට වේල් දෙකක් බේත් ගැනීමට අතපසු වූ නිසා මෙලෙස කල් ගියේ ය.

    නිදහසේ ඉන්නට ලැබෙන්නේ දින දෙකක් පමණි. දත් වහල්ලේ දෙවෙනි කොටස සඳහා හෙට නැවත විශේෂඥ දත් දොස්තර හමු වීමට යා යුතුව ඇත!

    ReplyDelete
  10. I thought you have free public healthcare in Auz?

    ReplyDelete
    Replies
    1. Nope. Auz is not that good place, just another stupid country with useless systems in many fields. What a pity?

      Delete
    2. අඩු ආදායම් ලබන අය සඳහා free public healthcare තිබේ. ඒ සඳහා මුදල් ගෙවන්නේ ආදායම් ලබන පිරිස, තමන් ගේ ආදායමෙන් ප්‍රතිශතයක් ලෙස ය. මේ පිළිබඳ වෙනම ම ලිපියක් ලිවීම යෝග්‍ය යැයි සිතේ!

      Delete
    3. Ahh... I didn't know that. I thought everyone got free public healthcare, like in UK. But probably its better than what we have in US.
      The bill for the birth of my daughter was around US$45,000. Luckily I had very good insurance and only had to pay US$5000 out of pocket.

      Delete
  11. Podikale ma kiyapude kalanam oya uuuii.. Nehene.😁😁

    ReplyDelete
  12. here are 2 alcohol/food/lifestyle interactions with Flagyl (metronidazole) which include:

    Moderate
    metroNIDAZOLE ↔ Alcohol (Ethanol)
    Moderate Drug Interaction

    Ask your doctor before using ethanol together with metroNIDAZOLE. Do not drink alcohol while you are taking metroNIDAZOLE and for at least 3 days after you stop taking it. You may have unpleasant side effects such as fast heartbeats, warmth or redness under your skin, tingly feeling, nausea, and vomiting. Check your food and medicine labels to be sure these products do not contain alcohol. It is important to tell your doctor about all other medications you use, including vitamins and herbs. Do not stop using any medications without first talking to your doctor.(Feeling Sorry)

    ReplyDelete
  13. දත් දොස්තර කෙනෙක් ග්‍රාම සේවකයෙක් එක්ක අපිට කල හදිය එක්ක බැලුවහම ඕක මොකක්ද?

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.