Tuesday, 7 March 2017

ප්‍රශ්න, ප්‍රශ්න, ප්‍රශ්න (වික්ටර් රත්නායක ගැන නම් නොවේ) - My own problems


රැකියාවක් නැති අයට එය ප්‍රශ්නයකි. අතේ මිල මුදල් නැත. සිතට සහනයක් ද නැත. තමන් ගැන ද, එපමණක් නොව මුළුමහත් සමාජය ගැන ද කලකිරීමක් ඇති වේ.

රැකියාවක් ඇති අයට ඇත්තේ වෙනම ප්‍රශ්න මාලාවකි. පඩි මදි ය. වැඩ වැඩි ය. විවේකයක් නැත. මහමගට ජීවිතය දියවේ. රැකියාවේ උසස්වීම් නැත. ලොක්කා වාතයකි. එකට වැඩ කරන අයගෙන් සමහරු වාත කේස් ය.

පසුගිය කාලය තුළ, මට ද ඉහත ප්‍රශ්න කිහිපයක් ම ඇති වුණි. මට මගේ රැකියාව කෙරෙහි පෙර කල තිබුණු ඇල්ම කෙමෙන් කෙමෙන් අඩු වී යන බව දැනී ඇත.

ඒ සියලු ප්‍රශ්න ගැනත්, ඒ තත්වයට හේතු කාරක වූවේ යැයි මා සිතන කාරණා ගැනත් මේ සටහනේ ලිවීමට අදහස් නොකරමි. ඇත්තටම, ඒ සියල්ල වෙන වෙන ම කොටස් වශයෙන් සටහන් මාලාවක් ලෙස ලියා සාකච්ඡා කළ යුතු තරම් වටී.

ඒ හේතු රාශිය නිසා, අවසානයේ ඇතිවුණු තත්වය නම්, මා කළ යුතු සමහර රාජකාරි කටයුතු කර අවසන් කිරීමට නොව, ඇරඹීමට පවා නොසිතීමයි. අත්‍යාවශ්‍ය නොවන සමහර කටයුතු, මේ ප්‍රශ්නය නිසා ම, කල් අරිමින් සිට අවසාන මොහොතේ කිරීමට මම ක්‍රමයෙන් පෙළඹුණෙමි.

පසුගිය සතියේ දිනක දිවා විවේකයේ දී, සුපුරුදු පරිදි කාර්යාලය අසල ඇති නදී තීරයේ ව්‍යායාම සඳහා ඇවිදිමින් සිටියදී මා සමග සිටි කාර්යාල මිතුරියගෙන් මේ ගැන මම නිකමට මෙන් විමසුවෙමි.

"සාමා, ඔයාට ඔෆිස් එකේ සමහර වැඩ කරන්න තියා පටන් ගන්නත් සමහර වෙලාවට එපා වෙන්නේ නැද්ද?"

"දැන් නම් එහෙම ප්‍රශ්නයක් නෑ රසික, නමුත්, කාලෙකට ඉස්සර නම් මටත් ඔය වගේ අපහසුතා තිබුණා. සමහර දවස්වල උදේ අවදි වුණා ම ඔෆිස් යන්න තියෙනවා කියා මතක් වෙන කොට එපා වෙනවා."

"ඉතිං ඔයා මොකක් ද ඒකට කළේ?"

"සිත ධෛර්මත් කරගෙන සතුටෙන් හැම වෙලේම ඉන්න උත්සාහ කළා. කොටින් ම මං ඒ දවස්වල, මගේ ලොගින් පාස්වර්ඩ් එක විදියට දාගෙන තිබුණේ බී-පොසිටිව්, හෑව්-එ-නයිස්-ඩේ, ටුඩේස්-වර්ක්-ටුඩේ වගේ සිත දිරිගන්වන විදියේ දේවල්!"

මට ක්‍ෂණයකින් සිහිවූයේ, කාර්යාල පරිසරය නිසා මට ඇති වී ඇති ප්‍රශ්නවලට අමතරව, මා ද, මට ම, ප්‍රශ්න නිර්මාණය කරගෙන ඇති බවයි.

"තෑන්ක් යූ සාමා, ඔයා මගේ එක ප්‍රශ්නයක් විසදුවා!" මම සාමා ට කීවෙමි.

ඇය විමතියෙන් මා දෙස බැලුවා ය.

"මොකක්ද ඒ?"

"මේ දවස්වල මගේ පාස්වර්ඩ් එක විදියට මං දාගෙන ඉන්නේ අයි-හේට්-වර්ක් කියලයි. උදේ ම එහෙමයි මං වැඩ අරඹන්නේ. ඉතිං වෙන කුමන කතා ද?"

-රසිකොලොජිස්ට්

ප/ලි:
මෙන්න තවත් ඔෆීසියේ කතා කිහිපයක්.

1. විශ්‍රාම ලැබූ ජ්‍යෙෂ්ඨයා ගේ අවවාදය - Beat the bugger

2. ජෝර්ජ් ලොක්කාට කන්න යමක් දෙමු - Sri Lankan Samosa?

3. ඩ්‍රයි ජුලයි හෙවත් පිං අතේ වැඩ! - Dry July in blogging

17 comments:

  1. රසික,

    මටත් ඔය ප්‍රශ්නේ තිබ්බා. මං කලේ ඔෆිස් එකේ ඉන්නා ලස්සන කාන්තාවක් එක්ක යාලු වෙන එක. ඊට පස්සේ ඔෆිස් එකේ වැඩ එපා වේලා තියෙන ගතිය අඩු උනා. ස්ට්‍රෙස් වේලා ඉන්නකොට හිමින් සැරේ ගිහින් අර කාන්තාවත් එක්ක එලියට ගිහින් වාහනේ ඉදලම හරි නැත්තන් හෝටල් කාමරයකට ගිහින් ජින්ගි ජිගා පාරක් දාලා එනවා ඔෆිස් ඇදුමෙන්ම. ඊට පස්සේ ඔක්කොම වැඩ ෆිට්.

    දැන් නං මං වෛද්‍යවරියක් එක්ක සම්බන්ධයක් පවත්වනවා කියලා කලින් කොමෙන්ට් එකක් දලා කිව්වේ. ඒ නිසා ඔෆිස් එකේ කාන්තාව එක්ක වැඩිය මොකුත් කරන්නේ නැහැ. බ්ලූ ජොබ් එකක් ගන්නවා විතරයි.කොහොමහරි ඔෆිස් යන්න එපා වෙලා තිබ්බ ගතිය දැන් නැහැ.

    (මං නිවුස් එකක් දැක්කා ඊයේ පෙරේදා බිබිසී එකේ. එකේ තිබුනේ වැඩි වශයෙන් ලිංගික සේවනයේ යෙදෙන පුද්ගලයන් වඩාත් සතුටින් පසුවීමේ නැඹුරුවක් පවතින බව අධ්‍යයනයකින් හෙළිව ඇති බවයි.)

    රසිකත් කැමති නං ඔෆිස් එකේ කෙල්ලෙක් සෙට් කරගෙන බලන්න. වෙනසක් තේරෙයි සමහර විට.

    ReplyDelete
  2. Replies
    1. මේ කතාවේ ආදර්ශය මෙලෙස ඉතා කෙටියෙන් දැක්විය හැක.

      B+

      Delete
  3. අයි ලයික් සාමා

    ReplyDelete
  4. ඉතාම සියුම් දෙයින්ද අපට වෙනස් වෙන්න පුලුවන්...
    මගෙ පාස්වර්ඩ් එක....
    අයි ලව් මී.......
    මම මට ආදරේ වෙද්දි...එපාවීම් අමතක වෙනවා

    ReplyDelete
    Replies
    1. දෙන්නම් බැටේ හිටහන් ඔක්කොම විසිරි අකවුන්ට් වලට ලොග් වෙලා.. යකෝ පාස්වර්ඩ් කියන ඒවා මෙහෙමත් ප්‍රසිද්දියේ කියනවද? හැක්.

      Delete
    2. මං මගේ බිරිඳ ගේ ලැප්ටොප් කම්පියුටරේට පාස්වර්ඩ් එක දාලා දුන්නේ RasikaLovesMe කියලයි. පස්සේ එයා පාස්වර්ඩ් එක වෙනස් කරන හැටි ඉගෙන ගත්තා!

      Delete
  5. මාත් කියන්නේ.. සාමාට තව ටිකක් ලං වුනානම් ඔය ඈලි මැලි දුබල ගති ඇරිලා යයි.. :)

    ReplyDelete
    Replies
    1. අමරගෙන් ගුටි කන්නයි වෙන්නේ!

      Delete
  6. ඕකට නියම විසඳුම විට්ටර් මෙතඩ්, ඒ කියන්නෙ ළපටි කෙල්ලක් සෙට්කර ගැනීම. ගෑණු කොහොමත් බැන්දට පස්සෙ වාතයක්. ඊටත් 45-50 වෙනකොට මිනිහව රුස්සන්නෙම නෑ. ඉතින් ළපටි කෙල්ලක් සෙට්කර ගත්තම ඔය ඔක්කොම සෙට්ල් වෙනවනෙ. මමනම් ඒෂියා පැසිෆික් පැත්තෙ නිතරම කරක් ගහන එකෙක්. මෙහෙ ළපටි කෙල්ලො ඕනෙ තරම්. වරකට එක බැගින්... හා හා

    ReplyDelete
    Replies
    1. ඔබටත් ජයින් ජයිම වීවා පුතී.

      විට්ටර් අංකල් තරුණ කෙල්ලන් එක්ක නීතියෙන් පිට කොටු පැන්නේ නෑ නේ. බිරිඳ මිය ගොස් වසර දහතුනක් ලු!

      Delete
  7. රැකියාව කෙරෙහි ඇති ඇල්ම අඩුවෙලා බොහෝ කල් රසික. මගේ බොසා ජොලි පොරක් නිසා යනවා...

    ReplyDelete
    Replies
    1. මට ඕකේ අනිත් පැත්ත.
      රැකියාව කෙරෙහි ඇති ඇල්ම අඩුවෙන්න හේතුව මයි මගේ බොසා (ඇත්තටම බොසී)!

      Delete
    2. rasika u iz a sexist motha fackarrrr

      Delete
    3. ඇනෝ, වැරදි උපකල්පනය ඔබේ ය.
      නමුත් ඔබේ බැනුම මට ය.

      මගේ කලමනාකරු කාන්තාවකි. මා ඇය ගැන කලින් දිනයක මේ බ්ලොගයේ ලියා ඇත.

      නොදැන කළ වරදට ඔබට සමාව දෙමි.

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.