මැවිසුරු නොහොත් ඉංජිනේරු වෘත්තිය අද මේ විසි එක්වන සියවසේ දෙවන දශකය ගෙවී යන කාලයේත් සෑහෙන දුරට පිරිමින් ගේ ක්‍ෂේත්‍රයකි.
මා පේරාදෙණිය විශ්වවිද්‍යාලට ඇතුළත් වූ මීට පරම්පරාවකටත් වඩා ඉහත කාලයේ අපේ කණ්ඩායමේ සිටි විද්‍යාර්ථීන් 250 දෙනාගෙන් ගෑල්ළමයින් සිටියේ 10% ක් පමණ සංඛ්‍යාවකි. කුමක් දෝ හේතුවක් නිසා අපට වසරක් ජ්‍යෙෂ්ඨ කණ්ඩායමේ නම් ඒ සංඛ්‍යාව 16% ක් විය. නමුත්, මා එහි සිටි සිව් වසරක කාලය තුළ කාන්තා ප්‍රතිශතය 10% ඉක්මවා ගියේ නැති තරම් ය.
ඒ පේරාදෙණියේ ය. කටුබැද්දේ අපට සමාන්තර කණ්ඩායමේ කාන්තා නියෝජනය ආසන්නව 14% වූ බව මා මිත්‍ර ප්‍රේමරත්න සමරනායක පවසයි.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් ප්‍රකාශයට පත්කර ඇති දත්ත අනුව, 2015 වසර වන විට පවා මේ ප්‍රතිශතය වැඩි වී ඇත්තේ 20% දක්වා පමණි. ඒ, අද ලංකාවේ ජනගහනයෙන් 51% ක් කාන්තාවන් වන වාතාවරණයක දී ය.
ඉංජිනේරු ක්‍ෂේත්‍රයේ කාන්තා නියෝජනය අඩු වී ඇත්තේ, තරුණ ගැහැණු ළමුන් ජීව විද්‍යා අංශයට වඩා කැමති වීම නිසා හෝ ගණිතයට අකමැති නිසා හෝ යැයි තර්කයක් ගෙන ආ හැකි නමුත්, දත්ත විශ්ලේෂණයකින් පසුව මා නිගමනය කළේ, මේ තත්වයට මූලික හේතුව නම්, කාන්තාවන් ගණිතය විෂයට අදක්‍ෂ නිසා බවයි.
අපේ කාලයේ විශ්වවිද්‍යාල භාෂාවෙන් කිවහොත් කෙල්ලන්ට මැත හොර බවයි!
මා මේ නිගමනයට එළැඹියේ, පෙර සඳහන් කළ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ දත්ත අනුසාරයෙනි.
පහත වගුව බලන්න.
පාඨමාලාව | කාන්තා ප්‍රතිශතය |
ඉංජිනේරු විද්‍යාව | 20% |
තොරතුරු තාක්‍ෂණය | 44% |
වාස්තු විද්‍යාව/ප්‍රමාණ සමීක්‍ෂණය | 40% |
එයින් පෙනී යන පරිදි, ඉංජිනේරු පාඨමාලා සඳහා අවස්ථාව ලබා ඇති සිසුන් අතුරෙන් කාන්තා ප්‍රතිශතය 20% වූව ද, ගණිතය විෂය ධාරාවේ අනෙක් විශ්වවිද්‍යාල පාඨමාලා වන පරිගණක තාක්‍ෂණය සඳහා ඒ ප්‍රතිශතය 44% ක් ද, වාස්තුවිද්‍යා/ප්‍රමාණ සමීක්‍ෂණ සඳහා ප්‍රතිශතය 40% ක් ද වශයෙන් ඉහළ අගයන් ගනී.
මෙයින් පෙනී යන්නේ, උසස් පෙළ සඳහා ගණිතය විෂයය ධාරාව හදාරන සිසුවියන්ට ඉහළ ලකුණු ගෙන ඉංජිනේරු පීඨවලට ඇතුළත් වීම සාපේක්‍ෂව අසීරු බවයි.
එනම්, කාන්තාවන් ගණිතය විෂයට අදක්‍ෂ බවයි.
අපේ කාලයේ විශ්වවිද්‍යාල භාෂාවෙන් කිවහොත් එදා පමණක් නොව අද ද කෙල්ලන්ට මැත හොර බවයි!
ජීව විද්‍යා සහ භෞතික විද්‍යා ධාරාවන් එකට ගත් කළ, විද්‍යා පීඨයන්ට ඇතුළත් වූ කාන්තාවන් ගේ ප්‍රතිශතය 46% බව ද සඳහන් කළ යුතුයි.
දැන් ජීව විද්‍යා විෂය ධාරාවන් හි සමාන දත්ත සහිත පහත වගුව බලන්න.
පාඨමාලාව | කාන්තා ප්‍රතිශතය |
වෛද්‍ය | 59% |
දන්ත වෛද්‍ය | 59% |
පශු වෛද්‍ය | 56% |
කෘෂි විද්‍යා | 68% |
පරිපූරක වෛද්‍ය | 68% |
එහි දී වෛද්‍ය, දන්ත වෛද්‍ය, පශු වෛද්‍ය පාඨමාලා සඳහා තේරී ඇති කාන්තාවන් ගේ ප්‍රතිශතය අඩු වැඩි වශයෙන් සමාන මට්ටමක පවතී. කෘෂි විද්‍යා සහ පරිපූරක වෛද්‍ය පාඨමාලා සඳහා ප්‍රතිශතය කිසිසේත් ම දෙගුණ වීමක් නැත.
එනම්, ජීව විද්‍යා විෂයන් සඳහා කාන්තාවන් සහ පිරිමින් අතර වෙනසක් නැත.
මේ කරුණු සලකා බැලූ විට, එදා ද, අද ද වෙනසක් නැතුව කෙල්ලන්ට මැත හොර බව මෙලෙස ඔප්පු වේ යැයි සිතමි.
-රසිකොලොජිස්ට්
ප/ලි:
මා කලින් සඳහන් කර ඇති කාරණය, එනම් තරුණ ගැහැණු ළමුන් ජීව විද්‍යා අංශයට වඩා කැමති වීම සහ ඔවුන් ගණිතයට අකමැති වීම ඉංජිනේරු ක්‍ෂේත්‍රයේ කාන්තාවන් අඩු වීමට හේතු වී ඇත යන්නට අමතරව, එහි විලෝමය, එනම් පිරිමි ළමුන් ජීව විද්‍යා අංශයට වඩා අකැමති වීම සහ ඔවුන් ගණිතයට වඩා කැමති වීම ඉංජිනේරු ක්‍ෂේත්‍රයේ පිරිමින් වැඩි වීමට හේතු වේ යන්න ද සත්‍යයක් යැයි සිතමි.
මා අතීතයේ දිනක, දෙමව්පියන් කුමක් සිතුවත් ගණිතය ම තෝරා ගත්තේ, ජීව විද්‍යාවට තිබුණු අකමැත්ත නිසා ය.
ප/ප/ලි:
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් නිකුත් කළ දත්ත (2015) පහත දැක්වේ.
(image: http://www.pdn.ac.lk/eng/pages/societies/ieee/wp-content/uploads/2016/05/13072807_1339040626112972_3650589393304844123_o.jpg)
සිංහල බ්ලොග් කලාවේ පතාක යෝධයෙක් වූ විචාරක මහතා හදිසි අසනීප තත්වයක් මත විවේක සුවෙන් පසුවේ. එතුමාට ඉතා ඉක්මනින් සුවය ලැබී පෙරටත් වඩා ජවයකින් එතුමාගේ දැනුම අපහට බෙදා දීමට හැකියාව ලැබේවා යයි කියා පාර්ථනා කරමු.
ReplyDeleteඑසේම නෙලුම්යාය බ්ලොග් සම්මාන උළෙලේදී, විචාරක මහතා සිංහල බ්ලොග් වෙනුවෙන් සිදුකල අනුපමේය මෙහෙය වෙනුවෙන් විශේෂ කුසලතා සම්මානයක් සහ මුදල් ත්‍යාගයක් පිරිනැමීමට එම සංවිධායක මණ්ඩලය කටයුතු කොට ඇති බව දැනගන්නට පවතී. එම පුවත සත්‍ය නම් එය ඉතාම සතුටු කාරණයක් බව අමුතුවෙන් කිවයුතු නොවේ. මන්ද සිංහල බ්ලොග් කලාව තුල විචාරක මහතා තරම් කැපවීමෙන් තොරතුරු සොයා, ජයාරූප ආදිය වෙනමම සකස් කොට ලිපි පලකෙරු වෙනත් අයෙක් නැත. එතුමා කොමෙන්ටු තුලින් බවා බෙදා හදාගත්තේ වැදගත්, දැනුමැති කාරනා බව සෑම දෙනාම දන්නා දෙයකි.
විචාරක මහතාට ඉක්මනින් සුවය ලැබී එතුමාගේ කටයුතු නැවතත් සුපුරුදු පරිදි කරගැනීමට හැකියාව ශක්තිය ලැබේවා කියා හදවතින්ම පාර්ථනා කරමු.
ජයින් ජයිම වේවා පුතී!
Delete" බලලා ඉවරයි ලියවෙන බ්ලොග් ටික ...
Deleteබලලා ඉවරයි ලියවෙන බ්ලොග් ටික
ටික කලෙකින් සිංහල බාසේ
සිරිකොත තණ කන නෙලුම් හරක් රැල
පන්නන්නට සැරසෙවු රාළේ
නිකම්ම ලැබෙනා රිසි අය ලියනා
බ්ලොග හට ලී කෙලි මොටද අනේ
ලී කොට ගන්නට අත යට මුදලක්
ගෙව්වා නේදෝ ගෙවුනු දිනේ
අනේ ඔබේ දරු කැලම හඬන විට
මොනවද නුඹ ඔවුනට දෙන්නේ
බණේ සිටින දෙවියෝ අද ඇත්නම්
මුන් ටික හතරට පලනවනේ
ජනවරි අට සිට නිදහස ඉල්ලන
පිපී වැනී ගිය මල් පිපුණා
යතුරු පුවරුවට විවේකයක් නැත
බ්ලොග් ලොව යුධ ගිනිදැල් නැගුණා
සප්පායන් වී ජාතික ආලෙන්
යතුරු පුවරු ටික මුව තියලා
හප්පන්නේ කවදද පර ගැතියන්
සිංහල බ්ලොග් ලොව කැති ගහලා
රට ගැන හිතනා අප වැනි පුඟුලන්
පෙරමුණකට රැස්වන සද්දේ
නෙලුම් කකුළු රැල දිය කෙළියාවේ
ටිකකට උතුරන තුරු හොද්දේ
සිංහල බ්ලොග්කරුවන් විසි කරලා
අමුණයි ලීකොට පිටිපස්සේ
සාරස නම් බ්ලොග් ලොව වැඩි දෙවියෙක්
මාර සෙනඟ මැද යම යුද්දේ
කෙහෙල් කුරුල්ලන් වාගේ රුපු හිස්
අට ඉස් බෙක් විසිවී වැටුණා
බ්ලොග් ලොව මරණය මියුරුය කියලා
සාරසයන් සටනට වැදුණා
ගී පද - පරාක්‍රම කොඩිතුවක්කු ශුරීන් වීර පුරන් අප්පු චිත්‍රපටයට කළ පද රචනයක් ඇසුරින් මොණරවිල
මුල් නිර්මාණය සඳහා
ගී තනු - ප්‍රේමසිරි කේමදාස ශුරීන්
ගායනය - සුනිල් එදිරිසිංහ ශුරීන් "
මගේ වෙබ්සයිට් එකක් තියනවා KADHULUGASA කියලා මෙක බ්ලොග්ස්පොට් එකක් මෙක මගේ පලමු වෙබ් එක මුල් ලිපිවල යම් යම් අඩුපාඩු තියනවා පස්සේ ටිකටික හදාගන්නවා හැමොම බලලාකයනවාන් කියනවානම් බොහොම පින්
Deleteමා ගියේ මිශ්‍ර පාසලකට. එකේ උසස් පෙළ ගණිත පන්ති 4 ක්, ජීව විද්‍යා පන්ති 4 ක් ලෙස තිබුනා. එක් පන්තියකට ළමුන් 30 බැගින් සිටියේ. ගණිත පන්ති 4 ගත්විට පිරිමි ළමුන් 105 ක් පමණ සිටි අතර ඉතිරි 15 ගැහැණු ළමුන්. මෙයිනුත් ගැහැණු ළමුන් දෙතුන් දෙනෙක් උසස් පෙළ පාසල් වාරය ආරම්භ වී සති දෙකකින් පමණ ගණිතය අතහැර ජීව විද්‍යා පන්ති වලට ගියා.
ReplyDeleteජිව විද්‍යා පන්ති වල ගැහැණු ළමුන් 75 ක් පමණ සිටි අතර ඉතිරි 45 පිරිමි ළමුන්. කලා සහ ආර්ථික විද්‍යා විෂයන් සදහා නම් ආසන්න 50% ලෙස ගැහැණු පිරිමි ළමුන් සිටියා.
මා ඉගෙනුම ලැබුවේ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨයේ. එහි ගැහැණු ළමයි සහ පිරිමි ළමයි සිටියේ පහෙන් තුනේ 70% සහ 30% වගේ. ඒ කියන්නේ මුළු වෛද්‍ය සිසුන් සිසුවියන් ගණන 100 ක් නම් එයින් 70 ක් ගැහැණු ලමුන් සහ 30 ක් පිරිමි ළමුන් ලෙස.
අපේ ලෙක්චර්ස් සහ රෝහල් වල විෂය ප්‍රධානින් ලෙස සිටි බහුතරය, වෛද්‍ය විද්‍යාලයේ ප්‍රධානි ආදී තනතුරු වැඩිහරියක සිටියේත් වෛද්‍යවරියන්.
හැබැයි එහෙම උනාට රෝහල් වල සිටිනා රෝගීන් බහුතරය නම් පිරිමින්.
මට හිතෙන විදියට ලංකාවේ පිරිමි ළමුන් දැන් ඉගෙනීමට වඩා තැන දෙන්නේ ඉක්මනින් මුදල් සෙවීමට. මුලික අධ්‍යාපනය ලැබීමෙන් පසු විදේශ ගත වීම ආදී දේට ඔවුන් වැඩි නැඹුරුවක් දක්වනවා. දේශපාලනය ආදී ක්ෂේත්‍ර කිහිපයක් ඇරෙන්න පරිපාලනය ආදී සියලුම ක්ෂේත්‍ර වල ප්‍රධාන පුටු හොබවන්නේ කාන්තාවන්.ප්‍රාදේශීය ලේකම්වරු, ග්‍රාම සේවකවරු ආදී තනතුරු වල අති බහුතරය කාන්තාවන්.මගේ සහෝදරයා සේවය කරන කාර්යාලයෙ කාන්තාවන් 37 යි. පිරිමි යි ඉන්නේ. එයින් එක් අයෙක් කාර්යාල සහයකයා, දෙදෙනක් ආරක්ෂකයන්. ඊයේ පෙරේදා මං දැක්කා කොළඹ වාරයේ බහාලුම් මෙහෙයවන ක්රේන් ඔපරේට් කරන්නත් කාන්තාවන් පුරුදු කරමින් සිටිනා බව.
විස්තරයට ඉතා ස්තුතියි. සමාජමය හේතු නිසා කාන්තාවන් සුවිශේලී රැකියා පමණක් සොයන බව සත්‍යයක්!
Deleteඅපේ රටෙ ඉන්නේ මහ පුදුම මිනිස්සු බෙහෙත් ගන්නබැරිවුනාම දොස්තර හත්මුතු පරම්පරාවටම බනිනවා ඔවුන් කරන කැපවිම ගැන සිතාබලන්නේ නෑ මහජන මුදලින් ඉගනගත්තා කියනවා තමන්ගේ ලමයාටත් මහහජන මුදලින් ඉගනගන්න තිබුනනේ නමුත් එහෙම වුනේ නෑ දක්ෂකම තිබුනු අය ඉදිරියට ගියා හෑමොටම එක බෑ දක්ශයෝ ඉඉදිරියට යා යුතුයි එක තමයි ස්භාවික වරනය සමාජයක් දියුනු වෙන්නේ එහෙමයි.බස් ගැමුනුගේ ලමයත් දොස්තර කෙනෙක් විය යුතුයි. තර්කයක් නෑ හැබැයි දක්ශකම මත එහෙම නැතිව ජාවාරම් සල්ලි බලෙන් නේවේ.
Deleteඅනෙක දුශ්කර ප්‍රෙදේශ වල ලමයි ගැන කියනවා ඔවුන් විතරයි දන්නේ සිලබස් එක හොයා ගන්න ඔවුන් විදින දුක. එකේ අඅඩුපාඩු මකාගෙන ස්වයං අධ්‍යනයෙන් ඔවුන් විබාගය ජයගත යුතුයි නමුත් අනිකුත් ප්‍රදේශවල ලමයින්ට පාසලේ හා ටියුෂන් කඩේ සිලබස් එක දෙපාරක් කේරෙනඑහෙම කරලත් ඔවුන් අඩු ලකුනුත් ඉල්ලනවා
ඉංජිනේරු ,පරිගනක ප්‍රෝගෑමින්, කාර්මික, ගුවන් නියමු, නාවික යන ක්ෂේත්‍රවල ඉන්නෙ අති බහුතර පිරිමි. ඔය ඉංජිනේරු අංශෙ ඉන්න කාන්තාවන් නම්, (මට හමුවෙලා තියෙන ) ගොඩක් වෙලාවට පිරිමින්ට පසුපසින් ඉන්නෙ. මම කියන්නෙ දැනුම, අවබෝධය සහ ප්‍රායෝගික අතින්. ඔවුන්ගෙ මැත විතරක් නෙවෙයි, වෙනත් ගොඩක් දේවලුත් දුර්වලයි. විශේෂයෙන් ඉහල කළමණාකරනෙ ඉන්නෙ, කාන්තාවක්නම් පහළ උන්ට වෙන්නෙ දැඩි පීඩනයකට මූණ දෙන්න. කොටින්ම වෙන රටකට යනකොට ඉමිග්‍රේෂන් එකේ ඉන්නෙ ගෑනියෙක්නම්, ආරලු බූරුලු සේරම අහනවා. පිරිමියෙක්නම්, ප්‍රශ්න දෙක තුනයි. සමහරවිට කිසිදේයක් අහන්නෙ නෑ, හිනාවෙනවා විතරයි.
ReplyDeleteකාන්තාවන්ට සීමා වූ සමාජ ප්‍රශ්න ඇති බව ද අමතක කළ යුතු නෑ!
Deleteසැඟවුණු ඉළක්කම්, ජනප්‍රිය මතිමතාන්තර වලට සහ statistics වලට වඩා වෙනස් විය හැකියි:
ReplyDeleteHidden Figures (2016)
තවම නැරඹීමට අවස්ථාව ලැබී නැත!
Deleteරසික ලොජික් කරල නෑ වගේ, දීල තියන statistics වලින් පැහැදිලි වන්නේ කෙල්ලෝ ගණිතය අසමත් වග ට වඩා ඔවුන් ගණිතයට අකමැති බවයි. ඒ ලොජික් එකටම අනුව මේ Rasika පිරිමියකු විය යුතුයි.
ReplyDeleteකාන්තා පක්‍ෂය ගණිතයට අකමැති බව සත්‍යයකි. මා ඒ බව පැහැදිලිව ම දෙතැනක කියා ඇත.
Deleteනමුත් ගණිතයට කැමති වී එය තෝරාගන්නා අය අතරින් වැඩි ලකුණු අවශ්‍ය ඉංජිනේරු පීඨයට තේරෙන්නේ සාපේක්‍ෂව අඩු පිරිසකි!
මැත බැරි නිසා ලංකාව මෙට්‍රික් ක්‍රමයට හැරුණු කාලේ කාන්තාවන්ට රාත්තල්/කිලෝ, යාර/මීටර්, ගැලුම්/ලීටර් එහෙම වරදින්න ඇති.....
ReplyDeleteසමස්ත ක්‍රමය වෙනස් විය. කෙටි කලකට පසු පරිවර්තන අවශ්‍ය නොවී ය.
Deleteරසික,
ReplyDeleteඔබ පශු වෛද්‍ය අංශය තෝරාගෙන එයින් ඉදිරියට නොගියේ කුමක් නිසාද? මා සිතන හැටියට ඔබගේ හැකියාවට ගැලපෙනම රැකියාව ඇත්තේ එතනය.
ඔබට මගෙන් බේත් ගන්නට තිබුණා නේද එහෙනම්?
Deleteපශු වෛද්‍ය යනු අයෙකු තෝරා ගන්නා අංශයක් වන්නේ කලාතුරකිනි. එය බොහෝ විට තෙවන තේරීමයි.
මා නම් පශු වෛද්‍ය උපදෙස් නිරතුරු පිළිපදිමි!
http://rasikalogy.blogspot.com/2015/11/life-changing-medical-advice-it-comes.html
.
මම හිතන්නෙ පට්ටි ගොනා (stud bull) වගේ ජොබ් එකකට රසික ගැලපෙන බවය. නමුත් ඒ කෘත්‍රිම සිංචනය (artificial insemination) සම්බන්ධයෙනි.
Delete@ Anonymous 19 March 2017 at 14:24
Deleteඒ පට්ටියෙන් නේද උපත ලැබුවේ?
ගණිතයට අකමැතියි....මූලික අධ්‍යාපනය තුල ගණිතයට දක්ෂ වුනත් ඉන් එහාට කැමති උනෙ නෑ....
ReplyDeleteදොස්තර සිහිනයක් දුටුවා නේද? මං ඒ විස්තරය කියෙව්වා!
Deletehttp://wisirisihina.blogspot.com/2017/03/42.html
මමත් ගණිතය තෝර ගත්තෙ ජීව විද්‍යාව කටපාඩම් කරන්න අරහං නිසාමයි.
ReplyDeleteගෑනු ළමයින්ට මැත හොරයි කියන කතාව නං ඇත්ත.
නමුත් හොඳ වෙලාවට ඔවුන්ගෙන් බහුතරය ඒ බව දන්නවා!
Deleteරසිකොලොජිස්ට්,
ReplyDeleteකාන්තා පක්‍ෂය මැතට හොරයි කියන කතාව නං ඇත්ත. ඔබ වැදගත් යමක් කියන්න තටමනවා, ඒත් ඒක යට යනවා ඔබගේ වෛරය නිසා.
අද වනවිට ඔස්ට්‍රේලියාවට වඩා වේගවත් අන්තර්ජාල පහසුකම් ශ්‍රී ලංකාවේ තිබෙන බව අමතක කරන්න එපා.
ඉස්සර (1980's-1993) ඉතා අකාර්යක්ෂම වියාපාරයක් වූ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය අති සාර්ථක වියාපාරයක් බවට පත්වී ඇති බව අමතක කරන්නත් එපා.
http://www.asianmirror.lk/news/item/22967-australia-s-internet-speeds-worse-than-sri-lanka
Australia's Internet Speed Worse Than Sri Lanka.
Australia's internet speed has ranked as the 51st slowest out of 108 countries around the world, lagging behind underdeveloped nations such as Kenya and Sri Lanka.
Australia's online bandwidth has pathetic internet speeds compared to Norway, Sweden, Hong Kong, Switzerland, Denmark and Singapore - which all have speed above 20 megabits per second (mbps).
තැන් කීයකින් කොපි පේස්ට් කළා ද?
Deleteඕස්ටේර්ලියාවේ 2013 දී බලයට ආ රජය විසින් ඒ වන විට කෙමෙනින් තිබුණු බ්‍රෝඩ් බෑන්ඩ් ව්‍යාපෘතිය අල කළා.
Deleteඅපේ නිවසේ සම්බන්ධතාවයේ වේගය 5 mbps පමණයි!
රසික - ඔබට ඇත්තේ 4G සබඳතාවක්ද ? එසේ නම් මේ වේගය සාධාරණයි - එසේ නොමැති නම් මේ තත්ත්වය විස්මයජනකයි.... කෙසේ වුවත් අපේ රටේ මෙන් හොරෙන් ටොරන්ට් බෑමේ හැකියාව ඔය රටේ නැති බැවින් මේ වෙනස ඔබට එතරම් නොදැනේයැයි සිතමි (unless you stream movies )
Deleteමා දන්නා තරමින් 4G යනු ජංගම සම්බන්ධතාව ය. මගේ ජංගම දුරකථනය 4G එකකි. නමුත් සමහර තැන්වල සම්බන්ධතාව දුර්වලයි.
Deleteමා 5 mbps යැයි කියා ඇත්තේ නිවසේ ඇති, දුරකථන රැහැන හරහා එන ADSL2+ ගැනයි. අපේ නිවස දුරකථන හුවමාරුවේ සිට කිලෝමීටර් හතරකට වඩා දුරින් පිහිටා ඇති නිසා උපරිම වේගය වන 6 mbps ලබා ගත නොහැක.
දුකට කරුණ නම් පාරෙන් එහා පැත්තේ අලුත් ඉඩම් කැබලිවලට නැෂනල් බ්‍රෝඩ් බෑන්ඩ් (NBN - upto 100 mbps) තිබීමයි.
ඔබේ දැනගැනීම සඳහා - ලංකාවේ දැනට ADSL වේගය ( ශ්‍රි ලංකා ටෙලිකොම්) 16 Mbps පමණ වන අතර දුරකථන හුවමාරුවේ දුර අනුව 14 Mbps පමණ වේගයක් ලබා ගත හැක - මේ වන විට ටෙලිකොම් ෆයිබර් ජාලය ඔස්සේ 100 Mbps පමණ ලබා ගැනීමේ හැකියාවද ඇත - ඕස්‍ට්‍රේලියානු ඩොලර් 64 කට පමණ ඔබේ වර්තමාන ADSL සබඳතාව ෆයිබර් ජාලයට හරවා ගත හැක- :)
Deleteමා දන්නවා. මල්ලිලාට, අම්මාට මට වඩා හොඳ වේගයක් සහිත සම්බන්ධතා තියෙනවා!
Deleteදෙවසරකට පෙර මගේ ADSL2+ වේගය 1 mbps ඉක්මවා ගියේ කලාතුරකින්. යූ ටියුබ්වත් බලන්න බැරුවයි හිටියේ.
ගිය සතියේ නිකුත්වුණු ඉන්ටර්නෙට් වේග දත්ත අනුව ඔය උඩින් ඇනෝ කියා ඇති පරිදි ඔස්ටේර්ලියාව අන්තිම යටිනුයි ඉන්නේ.
ඉංජිනේරු වෘත්තියේ යෙදෙන්න කාන්තාවන් මැලි බවක් දැක්වීම ඔවුන් මැත තෝරානොගන්න හේතුවක් වෙනවා.සිවිල්,මෙකැනිකල් වගේ ෆීල්ඩ් වල පොලොවට බැහැල ජොබක් කරන්න කොයි කාන්තාවද කැමති?
ReplyDeleteවිදෙස් දත්ත වල කොහොම රූපයක්ද දන්නෑ තියෙන්නෙ?
ජයවේවා..!!
විදෙස් දත්ත ඔය හා සමාන බව මේ ලඟඳී දැක්කා!
Deleteඇත්තටම මේ ලිපිය ලියන්ට හේතුව වුනේ එයයි!