Monday 5 March 2018

ආපසු ආ දෙයියා - Return of the god myth


කිහිප වාරයක් ම පට්ට ගැසූ මාතෘකාවක් ගැන නැවත ලියමින් හේමන්ත සෘතුවේ වැඩ අල්ලන්නට සිතුණේ කාරණා දෙකක් නිසා ය. එකක් උණු උණු අත්දැකීමකි. අනෙක දශක දෙකක් පැරණි මතකයකි.

අද උදෑසන මා දුම්රිය පොළේ බංකුවක වාඩි වී ලැප්ටොපය සමග පොර බදිමින් සිටිය දී එතැනට පැමිණ ඒ බංකුවේ ම අසුන් ගත් තරුණ කාන්තාවක් මගෙන් ශත පනහක් ඉල්ලුවා ය. සාමාන්‍යයෙන් මෙවැනි පුද්ගලයින් ඉල්ලන්නේ ඩොලරයකි, නැතිනම් දෙකකි. නැතිනම්, ගණනක් නොකියා මාරු කාසි ය.

මා හරියටම ශත පනහක් ඇයට ලබා දුන් පසු ඇයගේ මුවින් පිටවුණේ "ඔබට දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා" යන වැකියයි.

"මං ඔය දෙයියා විශ්වාස කරන එකෙක් නොවේ. ඔබත් ඔය අදහස අතහැර ගත්තා නම් හොඳයි නේද?" යන වදන් මගේ මුවට ආවත්, මා මද සිනහවක් පා නිහඩව ම සිටියේ, නූගත්, බොහෝ විට "මන්ද මානසික"* තත්වයක සිටින (ප/ප/ලි සටහන කියවන්න!) ඒ කාන්තාවට මගේ අදහස්වලින් පලක් නොවේ යැයි වැටහුණු නිසා ය.

ඇය ද ඉන්පසු නිහඬවම සිට පසුව පැමිණි දුම්රියකට නැග කොහේදෝ ගියා ය.

මට පසුව සිතුණේ, ඇය මුදල් ඉල්ලීමට කලින් දෙයියා ගැන ඒ සඳහන කළා නම්, මා ඇයට මුදලින් උපකාරයක් නොකර සිටින්නට ඉඩ තිබුණු බවයි.

ඒ සමගම මගේ සිහියට නැගුණේ මීට වසර විස්සකටත් එපිට අත්දැකීමකි.

කැලණිය විශ්වවිද්‍යාලයේ සිට බොරැල්ලට බසයකින් විත්, බොරැල්ලෙන් ඇතුල්කෝට්ටේ බසයකින් නිවස බලා යන කාලයක් මට තිබුණි.

බොරැල්ලේ බස් නැවතුම් පොළේ නවතා තිබෙන බස් රථවල දී, ළමුන්ට කිරිපිටි සොයන්නන්, බෙහෙත් ගැනීමට, ශල්‍යකර්මවලට මුදල් සොයන්නන්, කවිකාරයින්, විරිදුකාරයින්, සින්දුකාරයින් යනා දී විවිධාකාරයේ හිඟන්නන් අපට මුණ ගැසේ. අතේ තිබෙන අයුරින් යම් මුදලක් ඒ අයට දීම මගේ සිරිතක් විය.

ඒ නමුත්, ඒ පිරිස අතරින් කලාතුරකින් හමුවුණු එක් අයෙකුට නම් මුදල් දීමට කවදාක හෝ මගේ සිත මට ඉඩ නොදුන්නේ ය.

ඒ පුද්ගලයා තරුණයෙකි, යම් කිසි ශරීරාභාධයක් තිබුණු අයෙකි. ඒ කෙසේ වෙතත්, ඔහු බසයට නැගි විට ම කරන්නේ බසයේ සිටින අයට දෙයි මෑණියන්ගේ ද, සර්වබලධාරී දෙයියා ගේ ද පිහිට පැතීමයි. අපෙන් මුදල් ඉල්ලන්නේ අපට ඒ දෙයි මෑණියන්ගේ ද, සර්වබලධාරී දෙයියා ගේ ද පිහිට අපට ලබා දීමටයි.

ඒ පුද්ගලයාගේ යාදින්න ඇසෙන හැම විටක ම "පිහිටාරක්‍ෂාව දීමට දෙයි මෑණියෙකු ද, සර්වබලධාරී දෙයියෙකු ද සිටීනම් කවර ස්ත්‍රී ලිංගයකට මූ අපෙන් සල්ලි ඉල්ලන්නේ ද?" යන අකාරුණික සිතුවිල්ල මගේ සිතට නැගුණු නිසා, මට කිසි දිනෙක ඔහුට මුදලින් උපකාරයක් කිරීමට නොහැකි විය.

මිනිසා, මිනිසෙකු ලෙස නැවත උපත ලබන්නේ තමන් විසින් මවන ලද මුත්, තමන්ව මැවූවා යැයි තමන් සිතන මේ මැවුම්කාර දෙයියාව තමන් ම මරා දමන දිනයේ දී යැයි මම සිතමි.

එසේම, මිනිසා තමන්ව තමන් ම පාලනය කර ගැනීම නිවැරදිව කරන්නේ තමන් ද, තමන් වෙසෙන ලොව ද පාලනය කරනවා යැයි තමන් විශ්වාස කරන ඒ මිථ්‍යා දෙයියන් පිරිස ඇදහීම සිතෙන් බැහැර කළ දිනයේ දී යැයි ද මම සිතමි!

-රසිකොලොජිස්ට්

ප/ලි:
දෙයියලා ගැන ලියා ඇති ලිපි-
  1. සිඩ්නි නගරයේ ප්‍රාණ ඇපකරු සිද්ධියෙන් මතු වූ අප්‍රසන්න දෙයක් - Sydney siege and our greatest weakness
    https://rasikalogy.blogspot.com/2014/12/sydney-siege-and-our-greatest-weakness.html
  2. මී හරකයි, එළ හරකයි? - Thirupathi worshiping, yuk!
    https://rasikalogy.blogspot.com/2015/02/thirupathi-worshiping-yuk.html
  3. ඇයි ඉලෙක්ෂන් එකට අපි සියඹලා ගේන්න ම එපාද? - Our politicians and their foolishness
    https://rasikalogy.blogspot.com/2015/03/our-politicians-and-their.html
  4. මගෙ දෙයියා සහ උඹේ දෙයියා! - Synthetic God
    https://rasikalogy.blogspot.com/2016/08/synthetic-god.html
  5. ගංගොඩවිල සෝම සහ දෙයියෝ - Once upon a time
    https://rasikalogy.blogspot.com/2016/08/once-upon-time.html

ප/ප/ලි:
මා මෙහි දී ඒ කාන්තාව හැඳින්වීමට "මන්ද මානසික" කියා කීවේ ඇගේ දේව භක්තිය නිසා හෝ පුරුද්ද නිසා හෝ ගෝඩ් බ්ලෙස් යූ යැයි කීම හේතුවෙන් නොවේ. වසර විසි දෙක හමාරක අත්දැකීමෙන් දන්නා පරිදි, නිසි සමාජ සුබසාධන වැඩ පිළිවෙලක් ඇති (රැකියාවක් සොයන තරුණ අයෙකුට සතියකට ඩොලර් 280 පමණ දීමනාවක් රජයෙන් ලැබේ!) මා වෙසෙන ඕස්ට්‍රේලියාවේ මේ ආකාරයට සිඟමන් යදින්නේ මානසික ආබාධ ඇති අය නිසා ය.

(image: http://jonathanmerritt.com/wp-content/uploads/2014/03/God.jpg)

35 comments:

  1. වෙල්කම් බැක් දෙයියෝ.. :))))

    ReplyDelete
    Replies
    1. උඹේ උත්තරේ දැක්කම අර සිසිර කුමාර මාණික්ක ආරච්චි කියලු කොර ගෑන්ගේයි අන්ධයාගේයි කථාව මතක් වෙනවා.

      Delete
    2. @ කල්‍යාණ මිත්‍ර

      ඔබට ශාන්තියක් ම වේවා නරය!

      Delete
    3. @ Udara

      කොරාගෙයි අන්ධයාගෙයි කතාවේ සිසිර කුමාර මාණික්කආරච්චි වර්ෂන් එක මොකක්ද?

      Delete
    4. මට දැන් තුන් ලෝකෙම පේනවා කියපු එකද

      Delete
    5. ඔය අනෝ කියලා තියෙන්නේ

      Delete
  2. මෙහෙ නම් දෙහි/මිරිස් වලින් වාහන ඇක්සිඩන්ට් වැලකීමට පුලුවන්. ශුද්ධ ජලය, පිරිත් පැන්, දෙහිකැපීම් වලින් ලෙඩ සුව කිරීමටත්, යාඥා, බාර, බෝධිපූජාවලින් සැත්කම් කිරීමටත්, නාථ දෙවියන්ට හීනෙන් රෝග විනිශ්චය කිරීමටත් පුලුවන්බව නොදන්නෙ කවුද?

    ReplyDelete
    Replies
    1. මේක එහෙම් පිටින්ම දේවාලයක්

      Delete
    2. ඇයි තරග විභාගවලින් නිසැක ජය ලබා දීම?

      Delete
  3. //පිහිටාරක්‍ෂාව දීමට දෙයි මෑණියෙකු ද, සර්වබලධාරී දෙයියෙකු ද සිටීනම් කවර ස්ත්‍රී ලිංගයකට මූ අපෙන් සල්ලි ඉල්ලන්නේ // හා හා . හැබැයි ඉතින් ඒ දුප්පතත් ජිවත් වෙන්න එපාය. ඔයිට වැඩිය ලොකු වැදගත් එවුන්දෙයියෝ විකුනන්නේ ඔය අපුරුවට

    ReplyDelete
    Replies
    1. මට නං දෙයියා මතක් කරන කොයි එකත් අරහං!

      Delete
  4. සත පනහයි දෙවි කරුනාවයි.හරි ලාබයි

    ReplyDelete
    Replies
    1. බොහෝ දෙනෙකු ඉල්ලන්නේ ඩොලරයක් හෝ දෙකක්!

      Delete
  5. දෙයියංගෙම පිහිටයි.

    ReplyDelete
  6. අයිසෙ රාසික්ලොජිස්ට්,

    තමුන් මෙතන දෙයිය පල් කර කර බයිල ගහන්නෙ නැතුව ලංකාවේ තෙල්දෙණියේ සීන් එක දඩමීමා කරගෙන මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගමු !

    මුලින්ම තෙල්දෙණියෙ සීන් එක කියන්නම්, මේකෙ මුලින්ම වුණේ මදාවි මුස්ලිම් සෙට් එකක් සෙට් වෙලා සිංහල කොලුවෙක්ව කපල කොටල මරල දාලු එක. ඇත්තටම තෙල්දෙණියේ පහරදී මරා දැමුණ සිංහල තරුණයා පෞද්ගලික සමගමක (ඩිලිවරි වාහනයක ) රැකියාව කරපු කෙනෙක්. ඔහුගේ ඩියුටිය අදාල සමාගමේ බඩු කඩවල්වලට දැමීම. ජිවත් වෙන්න වෙනත් අදායම් මාර්ග නැතිව දුප්පත්කම හේතුවෙන් ඔහු මේ රස්සාව තෝරාගෙන ඇත්තේ මාසෙකට රු.15,000 ක් වැනි සුළු වැටුපකට. ඔහුගේ මවත් පියාත් දෙදෙනාම ඉන්නේ අසනීපෙන් ගෙදර ඔත්පල වෙලා. ඔහුට සහෝදරයෙක් ඉන්නවා ඔහුත් යම් කායික හා මානසික අසනීප තත්වයෙන් පෙළෙන්නෙක්. මේ හැමෝම ගැන බලන්නේ අරවගේ කුලී රැකියාවකින් ලබන සොච්චම් වැටුපෙන්. ඒ හැරුණු විට ඔහු විවාහකයෙක්. මේ තමයි අපේ මහනුවර දිස්ත්‍රික්කයේ පිටිසරට වෙන්න ඉන්න බොහෝ සිංහල පවුල්වලට තියෙන ජිවන ඉරණම. දකුනේ ගල් කපටි සිංහලයොයි කොලබ පොශ් ඩයල්ස් වලයි ලයිෆ් එක මීට වෙනස් ඇති.

    මේ තරුණයා ප්‍රදේශයේ ජාති භේදයකින් තොරව මුස්ලිම් ජනතාවටත් උදව් උපකාර කරපු අහිංසක තරුණයෙක්. ඒ බව අපි නෙමෙයි කියන්නේ ඒ ප්‍රදේශයේ ඔහු ගැන දන්නා මුස්ලිම් පිරිස්මයි. ගම ඇතුළට ගමනාගමන පහසුකම් අඩු නිසා ඔහු වැඩ කරන වාහනේ සිංහල මුස්ලිම් භේදයකින් තොරව හැමෝම කැටුව ගිහින් බස්සවන බව මුස්ලිම් ජනතාවම සාක්ෂි කියනවා. ඔහු රැකියාව ගැන පමණක් නොව මනුෂ්‍යත්වය ගැනද සලකා බැලූ තරුණයෙක් බව මේ තුළින් පැහැදිලියි.

    නමුත් පසුගිය දවසක තෙල්දෙණිය සෙඩ් එකින් ඉන්ධන ගසා වාහනය හරවා ගැනීමට රිවස් කරනවිට පිටුපස තිබුණු ත්‍රිරෝද රථයේ කණ්ණාඩිය කැඩී තිබෙනවා. එහි සිට ඇත්තේ ගංජා ඇතුළු මත්ශ්‍රව්‍ය බී සිහිවිකල් කරගත් මදාවි මුස්ලිම් තරුණයන් හතර පස්දෙනෙක්ගෙ සෙට් එකක්. එම පළාතේ අන්ඩර්වර්ඩ් එක රන් කරන්නේ මුස්ලිම් මදාවි කල්ලියක්, මුනුත් උන් එක්ක ෆිට් මුස්ලිම් ප්‍රිරිසක්. සිංහල තරුණයා අතේ එවෙලේ තිබී ඇත්තේ රු. 1,000 ක් පමණයි. අරුන් කණ්ණාඩිය කඩපු එකට අඩු ගාණෙ 10,000 ක් වත් ඕනෙ කියල සද්දෙ දාල, බහින් බස්වීමේ ප්‍රතිඵලයක් ලෙස ඔහු එය ත්‍රිරෝද රථයේ සිටි මුස්ලිම් පිරිසට කියා ඇත්තේ දැනට මගේ අතේ තියෙන්නේ මෙච්චරයි යනුවෙන්. ඒත් අර පිරිස ඊට සංවේදී වී නැහැ. මග රැකලා ඔහුට අමානුෂික ලෙස පහර දීලා. හිසට බරපතල විදිහට හානි වෙලා. ඔහු පැය කීපයකින් ජීවිතය සමග පොරබදා පසුව වලකජ්ජ ගහල.

    හැබැයි පළාතේ මුස්ලිම් දේශපාලුවන් හකීම් බතියුදීන් දෙන්නගෙ හයිය අරන් අර මදාවි සෙට් එක ඇරෙස්ට් කරන්න නොදී පොලිසියට ඉන්ෆ්ලුවන්ස් කිරීම නිසා නීතිය හරියට ක්‍රියාත්මක වුණේ නැහැ. ඉතින් ඊට පස්සේ මේ සිදුවීම මුල්කරගෙන පළාතේ සිංහල ජාතීවාදී ගොන් හැත්ත උද්ඝෝෂණයක් කරා. නමුත් පොලිසිය අධිකරණ නියෝග තිබේ කියමින් ඔවුන් අත් අඩංගුවට අරගෙන ජාතිවාදය ඇවිස්සීමේ වරදට චෝදනා කිරීම. අන්තිමට පොලිසියෙන් බහුතර සිංහල මිනිසුන්ට සාධාරණයක් ඉටු නොවූ තැන මේක සිංහල මුස්ලිම් ගැටුමක් දක්වා වර්ධනය වෙනවා. ප්‍රදේශය ගිනි ගන්නවා. විශාල දේපළ හානියක් සිදුවෙනවා. මාධ්‍ය තුළින් මේ සිදුවීම හරියාකාරව වාර්තා කරන්නේ නැහැ. නමුත් සිදුවී ඇති විනාශය ප්‍රවෘත්ති වලින් පෙන්වා දෙන තරමට වඩා අති විශාලයි. තත්ත්වය පාලනය කිරීමට ඇදිරි නීතියත් දැම්මේ ඒකයි. මීට පෙරත් ගම්පොළ ප්‍රදේශයේ කටින පෙරහැරකට අන්තවාදී මුස්ලිම් තරුණයන් පිරිසක් ගල්ගහලා සිදුවෙන්න ගිය මහ විනාශයක්ද විහාරස්ථානයේ හාමුදුරුවන්ගේ මැදිහත්වීමෙන් වලක්වා ගත්තා. ඇත්තටම මාතලන් අද බොහෝ නගර වල මුස්ලිම් චන්ඩි ගැන්සි ඇත .මොවුන් බොහෝවිට ත්‍රිවිල් නැවතුම්පොළක් ආශ්‍රිතව හෝ ඉස්තාන කිහිපයක එක දුරකථන ඇමතුමකින් එකතුවීමේ දුරින් ක්‍රියාත්මකවේ . යම් කිසි ඕනෑම අවස්ථාවක එකතුවන මොවුන් කිසිම බියක් නොමැතිව තම අනසක පතුරවා ක්‍රියාත්මක වේ .සිංහල හෝ ඕනෑම අයෙක් හට කිසිදු පැකිලීමකින් තොරව මරමස්ථාන (ඔලුවට වන් ෂොට් තියරි කියා මොවුන් මෙය හඳුන්වයි) වලට පහර දෙනුයේ නැවත ජිවත් වීමට නම් නොවේ . මා අසා ඇති පරිදි ගාල්ලේ දීද සිදු වූ යේ මෙයමයි)

    >>>>

    ReplyDelete
    Replies
    1. එතකොට අර ඉස්සර කරන්න ඉඩ නොදී වාහනයක් එළවන සීන් එක මොකක්ද?

      Delete
  7. >>>>

    දැන් අපි බලමු මෙයින් අපට ගන්න පුලුවන් වාසිය.

    ඔබ විසින් ලිවිය යුත්තේ මෙසේයි, "මීට අවුරුදු ගණනකට සිට තමන්ගේ දේශපාලන අරමුණු ඉටු කරගැනිම සදහා රාජපක්ෂලා විසින් ජාතින් අතර ඇතිකරපු වයිරයේ ප්‍රතිඵලයි මේ."

    මේ වෙලාවේ මේ අවාසනාවන්ත සිදුවීම රාජපක්ෂලාගේ හොහොට්ටු කල්ලියේ ගිණුම් වලට බැර කරලා දේශපාලන වාසි ගන්න උත්සාහ කළ යුතුයි. පොහොට්ටුවේ ජයග්‍රහණයෙන් රට බේරා ඔවුන්ගේ නැග ඒම කඩාකප්පල්කාරීව විනාශ කර දමමු !

    මේ අර්ථය දෙන බ්ලොග් පෝස්ට් එකක් ලියා මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ නඩයම හොරු, අපරාධකාරයෝ සහ නූගතුන් පිරිසක්. උන්ව කර ගහගෙන යන්නේ උන් හා සමානම පිරිසක්. මරාවාදීන් (මරාට කඩේ යන ගමන් විරුද්ධ දේශපාලකයන්ට කුණුහර්පෙන් බණින හරිහමන් අධ්‍යාපනයක් නැති, ඒ නිසාම හොඳ රැකියාවක් නැති, අනුන්ට ඊර්ෂ‍යා කරන, තමන්ගෙ පහත් තත්වෙ නිසා හීනමානෙන් පෙලෙන අමනයින්) දැඩි ලෙස විවේචනය කොට කෙසේ හෝ බහුතර මුස්ලිම් දමිළ මෙන්ම ගැටුම් වලට අකමැති සිංහල ඡන්ද එක්සත් ජාතික පක්ෂයට ආකර්ෂණය කර දෙමු !

    අප විසින් කෙසේ හෝ ලංකාවේ පැවති කාලකණ්ණි වනචර මිනීමරු මහින්ද රාජපක්‍ෂ රෙජීමයේ පරාජය පිළිබඳව අදටත් හොටු පෙරමින් අඬන, ඔවුන් ගේ හිටපු රජා හෝ කුණු නාශක යුව රජා කෙසේ හෝ ආපසු බලයට ගෙන ආ යුතු යැයි සිතා මෙලෝ සිහියකින් තොරව පිස්සු කෙළින, "රණවිරු" කියාගන්නා කුණුහබ්බ ලේබලයෙන් හෝ කහකඩ සිවුරු ලේබලයෙන් ඕනෑම දුෂණ, භීෂණ, මැර, ජඩ, මිනීමරු ක්‍රියාවක් වසා දැමිය යුතු යැයි මොර දෙන මනපහතයින්ය. ඒ ජඩ කාලකණ්ණින් අතරේ, සිංහලබුඩ්ඩාගම රකින්නන්, මුස්ලිම් කඩ වර්ජනය කරන, කඩන, පෝස්ටර් බෙදා හරින්නන්, නලින්ද සිලුවා වන්දනාවේ යෙදෙන අනාථ නාථ ඇබිත්තයින් වැනි පාහරයින්ද සිටින බව පැහැදිලිව පෙනේ. මෙම අමනයින් සම්පූර්ණයෙන් විනාශ කොර හැකිනම් රාජපක්ෂ පවුලද සමගම සමූලඝාතනය කර දැමිය යුතුමයි.

    ReplyDelete
    Replies
    1. පොලිසිය නීතිය ක්‍රියාත්මක නොකළාම ඇයි උන් පොලීසියට විරුද්ධ නොවී මිනිමරුවගෙ ජාතියට අයිති එවුන්ගෙ කඩ වලට ගහන්නෙ?

      Delete
  8. මෙහෙ ෂත පනහක් ඉල්ලන්නෙ අඩු ගානෙ ඩොලර් දකෙ තුනක්වත් ලැබයෙි කියල හිතාගනෙ නොලැබුනු නිසා තමයි ෙදයෙියො මතක් කලේ

    ReplyDelete
    Replies
    1. Well said. Truth is out there

      +++++++++++

      Delete
    2. /* මෙහෙ ෂත පනහක් ඉල්ලන්නෙ අඩු ගානෙ ඩොලර් දකෙ තුනක්වත් ලැබයෙි කියල හිතාගනෙ */

      නෑ, මගේ අත්දැකීම නම් එහෙම නොවෙයි. ඔය කිසිවෙකු හෝ මගෙන් ශත පනහක් ඉල්ලුවාමයි.

      සාමාන්‍යයෙන් ඇහෙන්නේ-

      Have you got a couple of dollars to spare mate?
      Can I have a dollar please?

      කියා නේද?

      Delete
  9. //මං ඔය දෙයියා විශ්වාස කරන එකෙක් නොවේ. ඔබත් ඔය අදහස අතහැර ගත්තා නම් හොඳයි නේද යන වදන් මගේ මුවට ආවත්, මා මද සිනහවක් පා නිහඩව ම සිටියේ, නූගත්, බොහෝ විට මන්ද මානසික තත්වයක සිටින ඒ කාන්තාවට මගේ අදහස්වලින් පලක් නොවේ යැයි වැටහුණු නිසා ය.//

    රසිකලොජි සෑර්,දෙවියන් කියා ඔබ අදහස් කරන්නේ, අපට නොපෙනෙනා, නොයෙක් ආගම් වලින් හඳුන්වාදුන්, මිනිසාට වඩා බොහෝ දේ කළහැකියයි 'කියනා' අයෙක්ට යැයි හැඟෙනවා. ඔබ දෙයියන් පල් කළාට, දෙයියන් විශ්වාස කරන්නේ නැහැ කීවාට එය ඔබේ අදහස පමණයි. ඔබ එය කිසිවිටක ඔප්පුකර නැහැ. වෙනත් අයෙක්වත් තාම එය ඔප්පුකර නැහැ. ඒ වගේම අන් අයත් දෙයියන් සිටී කියා කොපමණ කීවත් එය ඔප්පු කරන්නේත් නැහැ. නමුත් ඔබ වගේම ඔවුනුත් යමක් විශ්වාස කරනවා. අඩුම ගන්නේ ඔබවත් ඔය දෙකින් එකක්වත් ඔප්පුකර පෙන්නුවොත් අපටත් එය ලොකු උදව්වක් වෙනවා.

    ඔබ දෙයියන් විශ්වාස නොකළාට, ඔබ වාසය කරනා රටවූ ඕස්ට්‍රේලියාවේ සියයට 65ක් පමණ දෙනා, වෙනත් වචනයකින් කියනවානං තුනෙන් දෙකක්ම ජනතාව ඔබ මද සිනහවක් පා නිහඩව ම සිටි පුද්ගලයා මෙන් 'නූගත්, බොහෝ විට මන්ද මානසික තත්වයක සිටින' අයවලුන් බව ඔබ නොදන්නවා විය නොහැකියි. එසේම ශ්‍රී ලංකාවේ එවැනි දෙයියන් විශ්වාස කරන ඔබට මද සිනහවක් පා නිහඩව සිටිය හැකි 'නූගත්, බොහෝ විට මන්ද මානසික තත්වයක සිටින' ජනතාව ඇත්තේ ජනගහනයෙන් තුනෙන් එකක් බවත් ඔබ දන්නවා ඇති.

    එනයින් බලනාකල ලංකාව හැරදා ලංකාවට වඩා දෙගුණයක් 'නූගත්, බොහෝ විට මන්ද මානසික තත්වයක සිටින' ජනතාවක් අතරට වී ජිවත් වන්නට ඔබටත් කුමක් හෝ විශේෂ හේතුවක් ඇති. ඔබ වැනි, හොඳ මානසික තත්වයක සිටින, උගතෙක් මඳ සිනහවක් පා නිහඬවම නැතිව මේ පිළිබඳව එය ඔබේ බ්ලොගයේ කෙසේ වෙතත් ඕස්ට්‍රේලියාවේ පුවත්පතකටවත් ලිව්වොත් ඔවුන්ටත් යම් ප්‍රයෝජනයක් වේ යයි සිතනවා.

    ඔය මොනවා වුනත්, ඔබ නැතැයි කියා කියන දෙයියාට වඩා වෙනත් දෙයියනුත් සිටිනවා. මෙන්න මෙතනට ගොස් බලන්න එතනත් වෙනත් දෙයියෙක් ගැන කතාවෙනවා.

    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. මා මෙහි දී ඒ කාන්තාව හැඳින්වීමට "මන්ද මානසික" කියා කීවේ ඇගේ දේව භක්තිය නිසා හෝ පුරුද්ද නිසා හෝ ගෝඩ් බ්ලෙස් යූ යැයි කීම හේතුවෙන් නොවේ.

      වසර විසි දෙක හමාරක අත්දැකීමෙන් දන්නා පරිදි, නිසි සමාජ සුබසාධන වැඩ පිළිවෙලක් ඇති (රැකියාවක් සොයන තරුණ අයෙකුට සතියකට ඩොලර් 280 පමණ දීමනාවක් රජයෙන් ලැබේ!) මා වෙසෙන ඕස්ට්‍රේලියාවේ මේ ආකාරයට සිඟමන් යදින්නේ මානසික ආබාධ ඇති අය නිසා ය.

      Delete
    2. දෙවියන් ඇති නැති බව
      ----------------
      ඔප්පු කළ යුත්තේ දෙවියන් ඇති බවයි. මිත්‍යාවක් එසේ නොවන බව අමුතුවෙන් ඔප්පු කළ යුතුව නැත. The philosophic burden of proof lies upon a person making unfalsifiable claims, rather than shifting the burden of disproof to others.

      බර්නාඩ් රසල්ගේ තේ පෝච්චියේ තර්කය අසා නැති ද?
      https://en.wikipedia.org/wiki/Russell%27s_teapot

      Delete
    3. මා 2010 සිට දන්නා දිල්ශාරා වීරසිංහගේ "ජීවිතේ මල්" බ්ලොගයේ නවතම ලිපිය මෙතැනකට එක් කිරීම පිළිබඳව ස්තුතියි!

      Delete
    4. රසිකලොජි සෑර්, මෙහිදී සරළව කියනවානං රසල්ගේ උපකල්පණය තේ පෝච්චියක් පෘථිවිය සහ කුජ ග්‍රහයා අතර අභ්‍යවකාශයේ ඉලිප්සාකාර කක්ෂයක තිබේ කියායි. රසල් පෙන්වාදෙන අන්දමට, අපට එය නිශ්චිතවම එසේ නැතිය කියා ඔප්පු කළ නොහැකි වුවත් එසේ තේ පෝච්චියක් තිබෙනවා කියා කීමටත් කිසිම සාධකයක් ඇත්තේත් නැහැ. ඒ කියන්නේ දෙපැත්තටම තමන්ගේ නිවැරදි බව පෙන්වීමට 50 - 50 සම අවස්ථා තිබෙනවා. එහිදී මෙය තවදුරටත් සොයාබලා තහවුරු කර ගැනීමේ හැකියාවක් නොමැතිකම නිසා තේ පෝච්චියක් නැත කියා රසල් අවසන් නිගමනට එනවා. ඒ තර්කයම යොදාගෙන වෙනත් කෙනෙක්ට, රසල්ට ඇති 50% සම්භාවිතාවම ඇති, තේ පෝච්චියක් තිබෙනවා කියන දෙයත් නිගමනය කල හැකියි. හොඳින් බලන්න රසල් කියන්නේ 'I think' කියා ඔහු සිතන දේ මිසක් සොයාබලා තහවුරු කර ඇති නිශ්චිත දෙයක් නොවේ.

      එසේම, සෑර්, ඔබම ඉතා නිවැරදිව ලියා ඇති පරිදි - "The philosophic burden of proof lies upon a person making unfalsifiable claims, rather than shifting the burden of disproof to others' - ඔබගේ (මනඃ?)කල්පිතය ඔප්පු කිරීම අනුන්ට නොපවරා නිසියාකාරව ඔප්පුකිරීමේ දාර්ශනික වගකීම ඔබම සතුවේ. දෙයියලා (නැතිකම) ගැන බ්ලොග් පොස්ට් 6 ක් පමණ ලියා ඇති සෑර්ට එසේ ඔප්පු කිරීම ඉතා පහසුවෙන් කළහැකි විය යුතුයයි සිතමි. තවද, ඔබ කරුණාකර එය ඉක්මනින් කරනු ඇතැයි ද උදක්ම බලාපොරොත්තු වෙමි.

      ජයවේවා!

      Delete
    5. අයිසෙ ටැට්ටර බුවා,

      රාසික් බයි ලොජිස්ට් සෑර් කාරයා ඕක ඔප්පු කරන්නේ නැහැ, අනුන්ගේ ඇහේ පොල් කෙඳි ගැන බයිල ගහන උන්නැහේගෙ ඇඟ පුර තියෙන මොළේට තමුන්ගේ ඇහේ පොල් පරාල ලෝඩ් එකක් තිබ්බත් පේනවා බොරු.

      Delete
    6. තේ පෝච්චියේ පැවැත්ම 50%කින් තහවුරු වෙලා තියෙද්දි ඒ පෝච්චියෙන් තේ බීල තිබහ නිවාගැනීම ගැන 100%ක් විශ්වාස කරන්නෙ ඇයි?

      Delete
    7. ඔප්පු කළ යුත්තේ දෙවියෙකු ඇතැයි කියන මිත්‍යාවය. නැතැයි කියා අමුතුවෙන් ඔප්පු කිරීමට දෙයක් නැත. රසල් කීවේ ද එයයි.

      මගේ නිවස අසල වන රොදේ මකරෙකු සිටී. හැකි නම් නැතැයි කියා ඔප්පු කරන්න!

      ;-)

      Delete
  10. අස්සලාම් අලෛක්කුම් රාසික් බයියා,

    ලංකාවේ මේ දවස් වල පැතිරිලා යන සිංහල අන්තවාදී ගොන් රිලවුන්ගේ මුස්ලිම් විරෝධී ගොන් පාට් ගැන සිංහල බෞද්ධ කාලකණ්ණි රිළවුන්ටත් කහකඩ ඔතාගත් තට්ට පොල්බූරුවන්ටත් පලු යන්න බැනලා පෝස්ට් කීපයක් දාල හිට්ස් ටිකක් ගොඩදාගන්න ට්‍රයි කළේ නැත්තේ ඇයි?

    පහුගිය 2018 පෙබරවාරි 10 වෙනිදා ඡන්දෙන් ආණ්ඩුව කුජීත ලෙස පරාද වීමත් සමගම මෙතෙක් මේ රටේ ප්‍රධානම මාතෘකාව වුනේ අගමැතිවරයා ඉවත් කිරීම . ඊට කලින් මේ රටේ ප්‍රධාන මාතෘකාව බැදුම්කර වංචාවේ හොරුන්ට තවමත් නිසි පරිදි නීතිය ක්‍රියාත්මක නොවීම. අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට තවමත් ඇවිත් නෑ. ගේන්න පොරොන්දු වූ අගමැතිතුමන් කරපු කිසි දේකුත් නෑ.

    කෙසේ නමුත් මේ ගොන් ජාතිවාදී පිස්සු ගැටුම විසින් අගමැති ඉවත්කිරීම ගැන එජාපය තුල හා ඉන් පිටත වු පීඩනය ඉවත් වී බැදුම්කර වංචාව බඩු මිලේ ප්‍රශ්නය ජනතාවට අමතක වී තියෙනවා. ඒ වෙනුවට සිංහලයන් සහ මුස්ලිම් වරුන් එකිනෙකා දෙස සැකයෙන් කෝපයෙන් බලන්න පටන් අරන් තියෙනවා. සමස්ථයක් ලෙස රටේ ප්‍රශ්න අමතක කරලා අළුත් ප්‍රශ්නයක් ප්‍රමුඛතම ප්‍රශ්නය බවට පත්වෙලා තියෙනවා. කාටද මින් වාසි ලැබෙන්නේ. ආණ්ඩුවට මිසක් වෙන කාටවත්ම නෙවෙයි නේද?

    අගමැතිතුමන් නීතිය හා සාමය අමාත්‍යංශය බාරගත් වහාම මෙවැනි සිදුවීමක් ඇතිවීම අතිශයින්ම සැක සහිතයි. 1983 ජුලි කලබල ඇතිවෙද්දී තිබුනේත් එජාප ආණ්ඩුවක්. එදා ආමිකාරයින් 13 දෙනෙක් බිම්බෝම්බයකට ගොදුරු වී ඇති වු හදිසි මරණ හේතුවෙන් ජනතාව තුල ඇතිවු දැඩි ආණ්ඩු විරෝධය දෙමළ විරෝධයක් බවට හරවා ආණ්ඩුව තමන්ගේ ඇග බේරාගත්තා. රටේ ඇතිවෙච්ච ආණ්ඩු විරෝධය දෙමළ විරෝධයක් බවට පත්වුයේ කෙසේදැයි විග්‍රහ කරමින් රාජන් හූල් වැනි දෙමළ විද්වතුන් පොත් පවා ලියා තිබෙනවා. මේ සිදු වෙමින් පවතින්නේත් ආණ්ඩු විරෝධය සමනය කරගැනීමේ උපායක් ද?

    එදා මියගිය රියදුරු කුමාරසිංහට පහරදුන් මුස්ලිම් ජාතිකයන් වහා අත්අංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නොදී පොලීසියට කවුද අත පොවල වෙනතකට යොමු කලේ? ඊට පස්සෙ පොලිසියේ කුජීත ක්‍රියාකාරීත්වයට විරෝධ්ය පළකළ පමණින් කිසිදු හේතුවක් නැතිව අහිංසක නිරායුධ 24 දෙනෙක් අත්අංගුවට අරගෙන නැති ප්‍රශ්නයක් ඇති කිරීමට පොලීසියට උපදෙස් දුන් හස්තය කුමක්ද කියන එක සොයා ගත යුතු ව තිබෙනවා.

    මරාවාදී විපක්ෂ කල්ලිය පොහොට්ටුවෙන් "ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ" විදිහට තරග කරලා සිංහල ජනතාවගෙන් තුනෙන් දෙකට වඩා වැඩි පිරිසක් ආකර්ශණය කරගෙන තියෙනවා. ඔවුන්ට ඊට වඩා සිංහල සමාජයේ ඉදිරියට යන්න බෑ වගේ. එම හොර රැල ඊලගට බලන්නේ අවශ්‍ය සුලු ජාතික ඡන්ද ආකර්ශණය කරගන්න. බණ්ඩාරවෙල හා බේරුවල නගරසභා ස්වාධීන කණ්ඩායම් හරහා ජයග්‍රහණය කිරීමෙන් එම කුජීත හොර කල්ලිය මුස්ලිම් ඡන්ද ආකර්ශණය කරගැනීමත් ආරම්භ වෙලා තියෙනවා. එවැනි පසුබිමක වනචර මරාවාදීන්ගේ පොහොට්ටු කල්ලිය තවත් ශක්තිමත් වීම වැලැක්වීමටත් මේවගේ ගැටුම් වලින් වාසියක් නේද වෙන්නෙ? ඉතින් මේකට මොනාහරි ලියල ආණ්ඩුවට සපෝට් එකක් දෙනවකෝ මෙයා හොඳ එකා වගේ.

    ReplyDelete
  11. “ මුස්ලිම් විරෝධී ගැටුම් උග්‍ර කිරීම මගින් රට අස්ථාවර කර මේ ආණ්ඩුව මහජනයාට තව දුරටත් අප්‍රිය කර රාජපක්ෂලා නැවත බලයට ගෙන එම සඳහා බලවත් පිරිසක් පිටුපස සිටින බවට සැකයක් නැත . එකතරා මාධ්‍යයක සඳහන් වූ ආකාරයට අම්පාරේ සහ තෙල්දෙණියේ ගිනිතැබීම් පිටුපස සිටින්නේ මහසෝන් බලකාය නමින් හදුන්වන මැර පිරිසකි. ඔවුන් මෙහෙයවනු ලබන්නේ හමුදාවේ හිටපු රාජපක්ෂවාදී ලොක්කන් කීප දෙනෙකි .ආණ්ඩුවේ බුද්ධි අංශ මේ පිළිබඳව ආණ්ඩුවට වාර්තා කර ඇතුවාට සැකයක් නැත. එහෙත් ඔවුන්ට එරෙහිව කටයුතු කරන්නට අගමැති හෝ ජනධිපතිවරයා හෝ ඔවුන් දෙදනාම හෝ සුදානම් නොවීම ඉතා අවාසනාවන්ත තත්වයකි .ආණ්ඩුව මේ මොහොතේ ඔවුන් සහ ඔවුන්ගේ සහචරයන් කුඩු කරන්නට ,ඔවුන්ගේ දේපල රාජසන්තක කරන්නට සහ වෙනත් දැඩි ක්රියා මාර්ග ගැනීමට සුදානම් නොමැති නම් ඉදිරියේදී ඔවුන් ලංකාවම ගිනි තබන බවට කිසිදු සැකයක් නැත .”

    - ප්‍රේමලාල් රණවීරගේ

    දැන් මේ මහසෝන් බලකාය මෙහෙයවන හමුදාවේ හිටපු රාජපක්ෂවාදී ලොක්කන් ගැන තමුන්නාන්සේ දන්නව නම් ඒ නම් අඩුගානේ නිර්නාමිකවත් පෙනී ඉඳල ප්‍රසිද්ධ කරන්නකො. දැන් බේරුවලත් මහින්ද දිනල තියෙන වෙලාවෙ මුස්ලිම් විරෝධයක් ඇති කිරීමෙන් මහින්දට වන වාසිය මොකක්ද? පොහොට්ටුවට වැටිල තියෙන්නෙ සිංහල බෞද්ධ චන්ද විතරමද ? මහින්ද මුස්ලිම් විරෝධියෙක් විදියට ඇඟවෙන්න මේ බේගල් කෙලින්න ලැජ්ජා නැද්ද? අඩුගානේ තමුන්ගේ වයසට ගැලපෙන හැසිරීමක්වත් තියාගන්න.

    ඔය වගේම කෙබරයක් අර විචාරක පසුගිය ජනාධිපතිවරණයට කලින් ලිව්වේ මහින්ද හමුදාවත් එක්ක එකතුවෙලා කරන්න හදපු කුමන්ත්‍රණයක් ගැන. අන්තිමට ඒ කුමන්ත්‍රනේට කොළඹට ගෙන්න ගත්තයි කියපු මේජර් ජෙනරල් සුමේධ පෙරේරා (සුමේධ තමයි ගෝටාභය පළමු ගජබා රෙජිමේන්තුවට අණදෙනකොට එයාගේ දෙවැනි අණ දෙන නිලධාරියා) හමුදාවෙ තුන්වන තනතුර වන නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි කළේ මේ ආණ්ඩුවෙන් නෙමෙයිද?

    අහල ඇති නේද කර්නල් ෆස්ලි ලාෆීර් ගැන? අර මුලතිව් සටනේදී මැරුණේ.එයා තමයි පළමුවන විශේෂ බලකායේ අණ දෙන නිලධාරියා. පස්සේ එයාට පරම වීර විභූෂණය හිමි වුනා. එයා නුවර . බැඳලා හිටියෙ අනෝමා වික්‍රමසූරිය. බැන්දට පස්සේ අනෝමා ලාෆීර්. එයාගේ සහෝදරයෙක් තමයි කර්නල් ප්‍රසන්න වික්‍රම වික්‍රමසූරිය. තවත් සහෝදරයෙක් තමයි ජාලිය වික්‍රමසූරිය. මේ සියලුදෙනා මහින්දගේ ඥාති සහෝදරියකගේ දරුවන්.

    ගෝටාභයගේ ඉතාම විශ්වාසවන්ත නීතිඥයා කවුද? ඒ ජනාධිපති නීතිඥ අලි සබ්රි. සබ්රි එන්නෙ බේරුවලින්. ඉතින් තමුන්නාන්සෙ රාජපක්ෂවරු යනු මුස්ලිම් විරෝධීන් කියල නිර්මාණය කරන්න හදන බේගලය මොකක්ද?

    කැමති දේශපාලනයක් තමුන්නාන්සේ කරගන්න. නමුත් දේශපාලන ජඩ වැඩ කරන්න එපා.

    ReplyDelete
  12. මමත් ඔබ වගේම හිඟන්නන්ට හා අසරණ පුද්ගලයන්ට මුදල් දෙනවා එවිට ඔවුන් නැවත කියන දේවල් වල දෙවි පිහිට හා බුදු සරණ ගැන කියවෙනවා. නමුත් ඒ පිලිබඳ වැඩිය හිතන්න යන්නේ නෑ. සමහරුන්ට බ කියනවා වගේ දෙන්න හිතෙන්නේ නෑ. සමහරුන්ට දීපු ප්‍රමාණය මදි කියලා හිතෙනවා. සමහරු ලොකොත්තරයෝ . නමුත් දෙන කෙනා හිත පිරිසිදුව දුන්නාම ඒකෙ ආශීර්වාදය නිතැතින්ම ලැබෙනවා ,
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. ඔබ නිවැරදියි. සිතේ සතුට තමයි ප්‍රධාන. පින කියන්නේ එයයි!

      Delete
  13. රසල්ගේ සිට රසික දක්වාම වරද්දා ගත් තැනක් ඇත. තේ පෝච්චිය හෝ දෙවියන්ගේ වැඩසිටීම ඔප්පු කරන්නැයි කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? කුමන සාක්ෂියක් ද අවශ්‍ය? ඔබ ඉල්ලනේ විද්‍යාත්මක සාක්ෂිය. එවනි සාක්ෂි ලබා දිය හැක්කේ භෞතික ලෝකය තුළ පමණි. ප්‍රධාන ආගම් සියල්ලකම කියැවෙන එකම දෙවිකෙනෙක් වත් භෞතික තලයක වැඩ සිටින අය නොවෙයි. එමනිසා භෞතික ලෝකයට පමණක් සීමා වුණු විද්‍යාත්මක ක්‍රම වලට ඔවුන් හසු කරගත නොහැක.

    ඔබ අධ්‍යාත්මික ලෝකයට පිවිසෙන්න සූදානම් ද? පංචේන්ද්‍රීය ඉක්මවා යන මානයන් ඇති බව අත්දකින්නට කැමතිද? ආගම් අදහන හැම කෙනෙක්ම අධ්‍යාත්මික ගැඹුරකට ගමන් කර නැතත්, දෙවියන්ගේ වැඩසිටීම අත්දුටු මිලියන ගණන් මිනිසුන් ලොව පුරා වෙසෙති. ඒ විද්‍යාත්මකව නොව අධ්‍යාත්මිකවය. ඒ අත්දැකීම් ඔබ පිළි නොගන්නා නිසා හෝ ඔබට නොතේරෙන නිසා ඒවා බොරුවක් යැයි කීම හුදු නූගත්කමකටත් වඩා උද්ධච්ඡ කමකි.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.