Tuesday, 3 March 2015

පනහ පිරීම සහ විහිළු කතා දෙකක් (හෝ තුනක්!) - Life begins at 50?


පරණ විහිළු කතාවක් මේ ලිපිය අරඹන්නට සිතුවෙමි. මෙය කියවන ඔබ අතරින් සමහරු මේ කතාව කලින් අසා ඇතුවාට සැක නැත.

අපේ වැඩිහිටි පරම්පරාව පාසල් ගිය කාලයේ පාසල් පරීක්‍ෂකවරුන් යැයි නිලධාරීන් පිරිසක් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සේවය කර ඇත. ඔවුන් ගේ එක් කාර්යයක් වී ඇත්තේ විටින් විට දුර බැහැර පලාත්වල ඇති පාසල්වලට ගොස් ඒවයේ වැඩ පරීක්‍ෂාකර බැලීමයි. මෙවැනි නිලධාරීන් හා සම්බන්ධ රසවත් සිද්ධීන් ගුරු සේවයේ රස කතා යන මැයෙන් යුතුව සති අන්ත පුවත් සඟරාවල පළ වී තිබී මා කුඩා කල කියවා ඇත.

මේ පාසල් පරීක්‍ෂකවරුන් ගේ තවත් එක් රාජකාරියක් වී ඇත්තේ පාසලේ පන්තිවලට ගොස් සිසුන් ගේ දැනුම පරීක්‍ෂා කර බැලීමයි. අනාදිමත් කාලයක දී නම්, පාසල් සිසුන් සඳහා වර්ෂාවසාන පරීක්‍ෂණ පවත්වා ඔවුන්ව ඉහල පන්තිවලට උසස් කිරීම ද පාසල් පරීක්‍ෂකවරුන් විසින් කර ඇති බව, මඩොල්දූව ළමා නවකතාවෙන් අපට පැහැදිලිවේ.

මෙවැනි එක් පාසල් පරීක්‍ෂකවරයෙකුට අවශ්‍ය වී ඇත්තේ ඔහු පරීක්‍ෂණය සඳහා පැමිණි පාසලේ සිසුන්ට පිළිතුරු දෙන්නට අපහසු ප්‍රශ්ණ අසා, ඒ මත පදනම්ව පාසලේ ඉගැන්වීම හොඳ නැතැයි කියා විදුහල්පතිට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගැනීමටයි.

ඒ අරමුණ ඇතිව ඔහු පාසලේ එක් සිසුවෙකුගෙන් අසා ඇත්තේ මෙවැනි ප්‍රශ්ණයකි.
"කොළඹ සිට නුවරට දුර සැතපුම් හැත්තෑ දෙකකි. කොළඹ සිට ලොරියක් පැයට සැතපුම් තිස් හයක වේගයෙන් නුවර බලා උදෑසන අටට ගමන් අරඹයි. නුවර සිට බයිසිකල් කරුවෙක් පැයට සැතපුම් දහ අටක වේගයෙන් කොළඹ බලා උදෑසන අටට ගමන් අරඹයි. එසේ නම් මගේ වයස අවුරුදු කීයද?"
අවාසනාවකට මෙන් පාසල් පරීක්‍ෂකවරයා ඒ ප්‍රශ්ණය අසා ඇත්තේ පන්තියේ සිටි ඇම්ඩන් නමැති සිසුවාගෙනි.

ඇම්ඩන් වහා නැගිට මෙසේ කීවේය.
"සර් ගේ වයස අවුරුදු හරියටම පණහයි!"
උත්තරය හරියටම හරි ය.

"මේ ළමයා කොහොමද හරි උත්තරය දන්නේ?" පාසල් පරීක්‍ෂකවරයා විමසුවේය.

"අයියෝ, හරිම සිම්පල් සර්!" ඇම්ඩන් ළමයා පිළිතුරු දුනි. "අපේ ගෙවල් ලඟ මනුස්සයෙක් ඉන්නවා. මිනිහගේ වයස අවඑරුදු විසි පහයි. මිනිහට බාගෙට පිස්සු කියලයි ගමේ හැමෝම කියන්නේ!"

ජීවිතයේ අවුරුදු පනහක් පිරීම යනු හැකි උපරිම ආකාරයෙන් සැමරිය යුතු ජයග්‍රහණයක් යැයි මම සිතමි. එයට හේතුව නම් ක්‍රිකට්වලදී මෙන් නොව අර්ධ ශතකයක් ලැබූ පසු එය ශතකයක් බවට පරිවර්තනය කර ගැනීම ඉතා අසීරු කරුණක් වීමයි.

සිංහල බ්ලොග් ලෝකයේ අප දන්නා බ්ලොග්කරුවන් අතරින් මා දන්නා ආකරයට පනහ පැනපු අය කිහිප දෙනෙක් ම සිටිති. ඊට අමතරව, වැඩි වශයෙන් දේශපාලන අදහස් සහිත ලිපි ලියන ඉතා ප්‍රසිද්ධ බ්ලොග්කරුවන් දෙදෙනෙකු ම මේ 2015 වසරේ තම පනස්වෙනි උපන් දිනය සමරන බව ද මම දනිමි.

සිංහල බ්ලොග්කාරියන් අතර නම් පනහ පැනපු අය නැති යැයි සිතමි. ඒ මක් නිසාද යත් කාන්තා පක්‍ෂයේ වයසට යාම තිස් පහෙන් නතරවෙන නිසායි. ඉන් පසු ඔවුන් සියළු දෙනා 35+ අය වෙති.

පසුගිය ඉරිදා, මා රසිකොලොජි බ්ලොගයේ "ඇයි ඉලෙක්ෂන් එකට අපි සියඹලා ගේන්න ම එපාද? Our politicians and their foolishness" ලිපිය පළකිරීමත් සමගම පනහ ද පසු කළෙමි. ඒ රසිකොලොජියේ පළ වූ පනස්වෙනි ලිපියයි. මාස හතරක් තුල මේ කඩඉම පසුකිරීමට ලැබීම මට ඇත්තටම සතුටක් විය.

ඒ සතුට ඔබ හා බෙදා ගැනීම මා අදහස් කරන්නේ තවත් විහිළු කතාවකිනි. මෙය ද පසුගිය දිනවල අන්තර්ජාලයේ විවිධ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූවකි.

එක්තරා ඉංජිනේරවෙකුට තමන් ගේ රැකියාව අහිමිවිය. ස්වයං රැකියාවක් කිරීමට සිතූ ඔහු නගරයේ කඩකාමරයක් කුලියට ගෙන ඩිස්පැන්සරියක් ඇරඹීය.

"අල්ලා දීමට නොහැකි වූ ඕනෑම ලෙඩක් එවෙලේම අල්ලා බාර දෙනු ලැබේ!" යැයි සඳහන් ප්‍රචාරක පුවරුවක් ද සමග ඇරඹුණු මේ ඩිස්පැන්සරියෙන් බෙහෙත් ගන්නට එන ලෙඩුන්ට ලැබුණු තවත් එක් පොරොන්දුවක් වූයේ, ලෙඩේ සනීප කළොත් ගාස්තුව රුපියල් පන්සීයක් බවත්, සනීප කළ නොහැකි වූවොත් රුපියක් පන්දාහක් ලෙඩාට දෙන බවත් ය.

ටික කලෙකින්ම ඩිස්පැන්සරිය ඉතා ජනප්‍රිය විය. සෑම උදෑසනකම, ලෙඩුන් පෝලිම් ගැසී සිටිනවා දක්නට ලැබුණි.

මේ අළුත් ඩිස්පැන්සරියෙන් ලොකුම පාඩුව සිදුවූයේ නගරයේ අනිත් ඩිස්පැන්සරිය පවත්වාගෙන ගිය දොස්තරටය.

ඉංජිනේරුවාට හොඳ පාඩමක් උගන්වන්නට සිතා මේ දොස්තර දවසක් ඉංජිනේරුවාගේ ඩිස්පැන්සරියට පැමිණියේය.

"මට රස හඳුනන්න බෑ, පුළුවන් නම් සනීප කරන්න!" ඔහු ඉංජිනේරුවාට අභියෝග කළේය.

"නර්ස් අර නොම්බර 34 බෙහෙත් බෝතලේ ගෙන්න" යැයි කියූ ඉංජිනේරුවා එහි තිබූ දියරයෙන් බින්දුවක් දොස්තර ගේ මුවට වත් කළේය.

"අපෝ මේ පෙට්‍රොල් නේද? ඔහේ මාව මරන්නද යන්නේ?" දොස්තර කෑගැසුවේය.

"ඔව්, පෙට්‍රොල් තමයි! ඔන්න ඔබේ රස හඳුණාගන්න බැරි ලෙඩේ මං සනීප කළා. ගාස්තුව රුපියල් පන්සීයයි!" ඉංජිනේරුවා කීවේය.

තම උපක්‍රමය වැරදී ආපසු ගිය දොස්තර දින කිහිපයකට පසු යළි එහි ආවේ වෙනත් උපායක් සැළසුම් කරගෙනය.

"මට මතකය නැති වෙලා, පුළුවන් නම් සනීප කරන්න!" ඔහු මෙවර ඉංජිනේරුවාට අභියෝග කළේ එළෙසිනි.

"නර්ස් අර නොම්බර 34 බෙහෙත් බෝතලේ ගෙන්න" යැයි කියූ ඉංජිනේරුවා මෙවර එහි තිබූ දියර ය දොස්තරට පොවන්නට සැරසුණි.

"අපෝ එපා මගේ කටට පෙට්‍රොල් දාන්න!" දොස්තර කෑගැසුවේය.

"ඔන්න ඔබේ අමතක වෙන ලෙඩේ මං සනීප කළා. ගාස්තුව රුපියල් පන්සීයයි!" ඉංජිනේරුවා කීවේය.

දෙවන වරටත් තම උපාය වැරදී ආපසු ගිය දොස්තර තවත් දින කිහිපයකට පසු යළිත් එහි ආවේ අව්කණ්නාඩියක් පැළඳගෙනය.

"මගේ ඇස් පෙනීම නැතිවුණා, පුළුවන් නම් සනීප කරන්න!" ඔහු ඉංජිනේරුවාට අභියෝග කළේ මෙවර නම් අනිවාර්යෙන් ම රුපියල් පන්දාහ දිනා ගනිමියි යන අදිටන ඇතුවය.

"සමාවෙන්න, මට ඇස් නොපෙනීම සුව කරන්නනම් බෑ, ඕකට යන්න වෙනවා අක්‍ෂි වෛද්‍යවරයෙක් හමුවෙන්න!" කියූ ඉංජිනේරුවා ලාච්චුවෙන් මුදල් නෝට්ටුවක් රැගෙන දොස්තර අත තැබුවේය "මෙන්න අපේ ඩිස්පැන්සරියේ පොරොන්දුව අනුව ඔබට රුපියල් පන්දාහක්!"

"චංවා කරන්න එපා, මේ පන්දාහේ කොළයක් නොවෙයි, දාහේ කොළයක් නේ!" දොස්තරට කියවිණි!

සැමට භාග්‍යමත් අනාගතයක් පතමි.

-රසිකොලොජිස්ට්

(image: http://www.trustedregina.com/blog/post/2013/10/29/Trusted-Regina-Mortgage-Broker-Expert-shares-some-great-information-and-tips-on-mortgages.aspx)

51 comments:

  1. සෑම විටම ඉංජිනේරුවෝ දක්ෂයෝ වෙති!

    ReplyDelete
  2. Siri Samanthabhadra's latest program: https://www.youtube.com/watch?v=T0_ci6iTcHM

    ReplyDelete
  3. වෘත්තීය සමිති නිළධාරීන් කියන වෙදමරුවොත් ඔහොම කථා කියකිය ගොං වැඩ කරන එක සුලභ වෙලා නෙව තියෙන්නෙ දැං...
    හොඳ උපහාසයක්..

    ReplyDelete
    Replies
    1. මේ කතාව ඊ-මේල් එකෙන් කියවලා මට විනාඩි දෙකතුනක් ම හිනා ගියා!

      Delete
  4. හික්ස්... කව්ද දන්නේ නෑ අර බ්ලොග් ලියන නාකි දෙන්නා...

    මේ ජෝකෙක නම් කලින් අහලා තිබුනේ නෑ..

    ඉංජීනේරුවොන්ට කැම්පස් වලදි ඉසටයික් කොරන්න උගන්නනේ නැද්ද රසික මහත්තයා..

    ආනේකට වෛද්‍යවරු මම හිතන්නේ වෙනම ට්‍රේනින්ග් එකක් දෙනවා ඇති ඒකට...

    50 ට ජය...

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ උඹ එයින් එකෙක්... :)

      Delete
    2. කවුද අනිත් නාකිය :-)

      Delete
    3. මාතලන් - පුහුල් හොරා කලින් දැනේ.

      හාෆ් සෙන්චරිය ලබන අනෙක් පොලිටිකල් බ්ලොග්කරුවා මේ ක්‍ෂේත්‍රයේ ප්‍රවීනතමයා ය.

      Delete
    4. මාතලන් -
      වැඩ වැරීමෙන් කොතරම් පීඩනයක් ඇති කළ හැකිද යන්න මතයි සියල්ල සැකසෙන්නේ. බක්කරේලා, ආප්ප / කොත්තු බාස්ලා, වැඩ වැරුවොත් රටම හාමතේ!

      Delete
    5. 3 Political bloggers are named as W3 ( write + white + waste )

      Delete
    6. //Wednesday, 25 February 2015
      ඊළඟ ජනාධිපති ගේ ඡායාරූපය ගාලු මුවදොර පිටියේ හොරෙන් බෙදයි! - Next president..!, next president..!

      ඉහත විස්තරයෙන් මට කියන්නට වුවමනා වූයේ මේ කියන 1978 පෙබරවාරි හතරවෙනිදා නිවාඩු දිනයක් නොවූ බැවින් අප පාසල් ගිය බවයි...පාසලට ගොස් මද වේලාවක් තුන්මහල් ගොඩනැගිල්ලේ ඉහළ මාලයේ පිහිටි අපේ 10-9 පන්තියේ ගත කළ පසු මගේ මිතුරු උදය සහ මා තීරණය ...//---- රසික

      //අපි නම් හතේ පන්තියේ...//-Maathalan - Priyantha Hewage25 February 2015 at 15:06

      මේ විස්තරය අනුව රසික ගේ සහ මාතලන් ගේ වයස 50 නොව පනස් ගනනක් බව ඕනැම කෙනෙකුට තේරෙයි. එකල පාසල් යාම ඇරඹුවේ අවුරුදු 7 නි.

      Delete
    7. මාතලන් ට 52යි. රසිකට 55යි.

      Delete
    8. @ Anonymous 4 March 2015 at 04:36

      ඒ ගණනය කිරීමේ දී ඔබට වැරදෙන තැන මෙතනයි.

      ඔබ සිතන්නේ මාතලන්, මා සහ අනෙකුත් මෙය කියවන අය ඔබ මෙන් හෝඩියේ පන්තියේ අවුරුදු කීපයක් පොල් ගෑවා කියලා නේද? පව්!

      මෙන්න ඔබ ගැන කියවෙන ගීතයක්:
      http://youtu.be/oP9DbSdmFwM

      අනිත් කරුණ තමයි මා පාසල් ගියේ වයස අවුරුදු පහයි මාස දෙකයි සතියකින් විතර. (මගේ උපන්දිනය ඔක්තෝම්බර් 27 නිසා.)

      Delete
  5. 50 ට සුභ පැතුම්...
    දෙවෙනි විහිළු කතාව කලින් අහල තිබ්බේ නැහැ... එළ...

    ReplyDelete
    Replies
    1. අදත් එක්ක පනස් එකයි! ස්තුතියි!

      Delete
  6. 50 දෙකටම ජය.. ඔය වගේ මැවිසුරුවන් තවත් ඉන්නවද දන්නෑ ඔස්ටරේලියාව පැත්තේ.. සුභ අනාගතයක් වේවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.

      නමුත් දෙකක් කියන්නේ මොකක්ද? මෙතැන තියෙන කතා දෙකද?

      Delete
    2. පෝස්ට් පනහයි වයස පනහයි නෙවද

      Delete
  7. 50 ට සුභ පැතුම්...

    මම මේ කල්පනා කලේ ඔය කිව්ව ඉංජිනේරුවා අපේ ඔපීසියේ හිටිය කෙනෙක්ද කියලා හි..හි...

    ReplyDelete
    Replies
    1. මේක ලියා තිබුණු ඉංගිරිසි වචනවල හැටියම මට හිතුනේ ඉන්දියානු කතාවක් කියලයි!

      Delete
  8. පනහට සුබ පැතුම් ඒ වගේම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා
    විහිළු කතාවල මුල් කතාව අසා තිබුනත් ඉංජිනේරුවාගේ කතාව අසා තිබුනේ නෑ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. දැන් කියන්නේ භාග්‍යමත් අනාගතයක් කියලයි!

      Delete
  9. 50 වෙනි වයසට සුභ පැතුම්...
    මැවිසුරුවොත් හරි විහිළු කාරයොනෙ .

    ReplyDelete
    Replies
    1. මැවිසුරුවෝ, සුරවිරුවෝ!!!

      Delete
  10. 50 ට සුබ පැතුම් !
    අර දොස්තරගෙ අනික් බෝතල්වල මොනවද දන්නෑ තිබුණෙ.

    ReplyDelete
    Replies
    1. අංක 69 බෝතලයේ තිබුණු දේ නම් දන්නවා!

      අංක 69 බෝතලය

      Delete
  11. 50 ට සුභ පැතුම් ඒත් රසික ඔයාලා කරන බ්ලොග් මිනිස්සු අතරට ගෙනියන්න දෙයක් කරන්න. නැත්නම් තේරුමක් තියෙයිද

    ReplyDelete
    Replies
    1. මෙය කියවූ ඔබ මිනිසෙක් යැයි සිතමි.

      එසේ නම් ඔබ කළ යුත්තේ මෙවැනි බ්ලොග් සඳහා සබැඳි ඊ-මේල් මගින් ගෝ ෆේස් බුක් මගින් මිතුරන් අතරේ බෙදා හැරීමයි. ඔවුන්ගෙන් ද එලෙස ඉල්ලා සිටීමයි.

      Delete
  12. උපයා දන්නෝ අපායේ නොවැටේති කියන්නේ එකනේ.ඉන්ජෙක් කොහොමද නැතිනම් බෙහෙත් දෙන්නේ?
    රසිකගේ 50 සුබ පැතුම්!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.

      පැනඩෝල් කුඩු කරලා දෙන්න නං මටත් පුළුවනි!

      Delete
  13. 51 ටම සුභ පැතුම්.. මාස 4කදි හාෆ් සෙන්චරියක් දාන්න ඒ වෙනුවෙන් පුදුම කැප කිරීමක් කරන්න ඕනෙ.. ඒ ගැන වෙනම ස්තූතිය.. 50 සමරන්න නියම 'කතන්දර' 2ක්.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. ජයවේවා!

      අර පිස්සු කතාව තමයි මේ 50 සංවත්සරේට ගැලපෙනම කතාව!

      Delete
  14. රසික දන්නවද ඔය අනාදිමත් කාලෙදි පාසැල් පරීක්ශක මහතාට අමතරව ඉස්කෝලවලට කඩාපනින ලමයින්ට වඩා දෙමව්පියන්ව බය කරපු තව මහත්තයෙක් හිටිය කියල. එයාට කිව්වෙ නඩු දාන මහත්තය කියල.එයාගෙ රාජකාරිය ත්මයි ඉස්කෝලවලට ගිහින් රෙජිස්ටරේ බලල ඉස්කෝලෙ නෝඑන ලමයින්ගෙ දෙමව්පියන්ට නඩු දාන එක.මගෙ යාලුවෙකුගෙ තාත්තා ඔය වැඩේ කරල තියනව ඉස්සර.පස්සෙ කාලෙක ඒ තනතුර අහෝසි කලහම එයාට වෙන පත්වීමක් දීල තිබුන නමුත් එයා මැරෙනකම්ම හැමෝම එයාව හැඳින්නුවෙ නඩු දාන මහත්තය කියල.
    පනහට සුබ පැතුම්.ඉරිදට මැච් එක බලන්න යනවද?

    ReplyDelete
    Replies
    1. මං හිතුවේ පාසලේ ලොකු මහත්තයාම තමයි ගමේ ඇවිදලා පාසල් නොයන ළමයින් ගැන හොයන්නේ කියලයි!

      Delete
  15. දොස්තර නෝන කෙනෙක් ඉන්ජිනේරු මහත්තයෙක් බැන්දල ගොඩ දාගත්තට කට සැර ඉන්ජිනේරු නෝන කෙනෙක් දොස්තර මහත්තයෙක් බැඳගෙන ඉන්න ගෙදර කොහොම ඇතිද?

    පණහ පනින උකු කිරි සහ මං පහරන්නා දෙදෙනට සුභ පතන අතර, රසිකට හෙට අනිද්දාම ඇම් ඇස් ගේ "කොල්ල වගෙයි ඉන්නේ" ගීය කීමට ලැබීම ගැනත් සුභ පතමි.

    ReplyDelete
    Replies
    1. හැට පැන්නත් නාකි වෙන්නෙ නෑ!

      Delete
  16. පනස් එකටම සුබ පැතුම්.

    ReplyDelete
  17. බලා සතුටු වුනෙමි

    ReplyDelete
  18. පනහේ දෙකටම සුබ පැතුම්.

    ReplyDelete
    Replies
    1. පනහේ දෙකක් මට නම් (මේ දවස්වල) අදාල නැත. පනස්වෙනි ලිපියේ සංවත්සරයට කළ සුභ පැතුමට ස්තුතියි!

      Delete
  19. Ara Dosthara Boruwata pottai kiwwama,Mewisuru Dosthara hora leda issaraha.Nurse nonage Uniform eka Galawanna kiyala,egalawala mohothakin thamuseta Oya hondata penne kiwwalu.?? Fifty yata Suba pethum.den hei imanin centuryta.(ranjan)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි!
      ඒකත් හොඳ උපායක්.
      දැන් අපට අවශ්‍ය රුපයිල් පන්දාහ ගන්න ක්‍රමයක්!

      Delete
  20. anthima wachana (heiki ikmanin)ranjan

    ReplyDelete
  21. 50 පිරුණට තවම නාකි නැහැනේ. older the bull harder the horn කියලා හිතාගත්තම හරි.

    මගෙන් සුබපැතුම්!

    ReplyDelete
  22. මාතලන් ට නම් තාම 40 ක් වත් පේන්නේ නෑ එයා වෙන්න බෑ ඊලග 50 ලබන කෙනා . :D හි හි

    කතා දෙකම අහලා තිබ්බේ නෑ,, ඉංජිනේරුවා කතාව නියමයි.. ඊශ්‍රායල් ජාතිකයන් උපන්දින සුබ පැතිමේදී හෝ වයස ගැන ඇසීමෙන් පසුව නිතරම කියන දෙයක් අවුරුදු 120 ක් ජිවත් වෙන සුබ පතනවා කියල ,,ඔයාටත් මං ඒ විදියට පතනවා.. (මzල් තෝව් ඕද් මෙයාවේ එස්රීම් ලක්) නීරෝගිමත් දීර්ගායුෂ

    ReplyDelete
  23. පනහට උණුසුම් සුබ පැතුම්..

    පළවෙනි කතාවනම් අහලා තිබුනා.. දෙවනි එක නම් අහලා තිබුනේ නෑ..

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.