Thursday 3 May 2018

ඇස් තැබීම නිසා සිදුවුණු (නැවත) ඇස් විවරවීම - Slave I Remain, Sir


කොළඹ විශ්වවිද්‍යාලයේ පැවති අවුරුදු උත්සවයක දී ගන්නා ලද ඡායාරූප කිහිපයක් නිසා මේ වන විට ෆේස්බුක් අවකාශය ගිනි ගෙන ඇති බව පෙනුණි. එයට තරමක් වියළි පොල් කොළ එකතු කරමින් සිටින අතරතුර මේ සටහන ද ලියා පළ කිරීමට සිදුවිය.

ඒ ගිනි ඇවිලීමට හේතු වී ඇත්තේ මෙකී අවුරුදු උත්සවයේ දී සාම්ප්‍රදායානුකූල අලියාට ඇස තැබීමේ ක්‍රීඩාව වෙනුවට ඒ සඳහා යොදා ගෙන ඇති බවට පෙනෙන පහත ඡායාරූප ය.



මෙය දුටු මහින්දාගම අදහන බයි වහල් ප්‍රාණකාරයින්ට උණ සන්නිපාත රෝගය සෑදී වියරු වැටී හතර අතේ දෙස් දෙවොල් තබමින් වැලපෙනවා පෙනේ. ඩයරියා ද, වොමිටින් ද ඕසෙට ඇත!

ඔවුනට අනුව, මෙය ආනන්තර්ය පාප කර්මයකටත් එහා යන, එනම් රහත් වූ අයෙකුගේ ලේ සෙලවීමකටත් වඩා දරුණු සාපරාධී ක්‍රියාවකි.

වහල්භාවයෙන් තවමත් මීදීමට නොහැකි වීම නිසා, ඇත්තටම අපේ අනුකම්පාවට භාජනය විය යුතු ඒ උණ සන්නිපාත රෝගීන් හිතා මතාම දෝ අමතක කර ඇති කාරණයක් නම්, ඒ අවුරුදු උත්සවයේ දී ම පහත පෙන්වන නවීකරණිත අලියාට ඇහැ තැබීමේ දෙවෙනි ක්‍රීඩාවක් ද තිබී ඇති බවයි.



මා ඒ සිරිසේනට ඇස් තැබීමේ ක්‍රීඩාවේ ඡායාරූපය දුටුවේ පෙර කී බයි අඳෝනා සටහනේ කොටසක් ලෙස නොවේ. සිහි බුද්ධියක් ඇති අයෙකු ඒ ඡායාරූපය ෆේස්බුකියේ බෙදා හරිමින් අසා තිබුණේ, දැන් 2020 දී ගෝටාබය ජනාධිපති වුණහොත් ඔහුගේ කාටූන් චිත්‍රයක් මේ ආකාරයට ඇහැ තැබීමේ තරගයක් සඳහා භාවිතා කිරීමට හැකි වේද යන්නයි.

ඇත්තටම, මහින්දට ඇස තැබීමේ තරගයේ ඡායාරූපය පිළිබඳව බයි වහල් ප්‍රාණකාරයින් ගේ හැසිරීම දැක සිතුණේ ද එවැනි දෙයකි.

එනම්, අද මරා බලයේ සිටියා නම්, ඔහු කෙසේ වෙතත්, ඔහුගේ අඳබාල වහලුන් කුමකින් කුමක් කරන්නට ඉඩ නොතිබුණේ ද යන්නයි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
බයියන් ගැන වෙනත් කතා
http://rasikalogy.blogspot.com.au/search/label/බයියෝ
(images: Gayan Sayakkara)

14 comments:

  1. ලෝකය වෙනස් කල හැක නමුත් බයියන්ගේ "බයි"කම වෙනස් කල නොහැක.

    ReplyDelete
    Replies
    1. මේක කරල තියෙන්නෙත් වහල්ලු පිරිසක් බව පේනව මහින්දට සහ මෛත්‍රීපාලට විතරක් මේ ජෝක් එක කිරීමෙන්. ඇයි රනිල් ට තිබ්බෙ නැත්තෙ?

      Delete
    2. රනිල්ට තියන්න ඕනේ ඇහැ නෙමේ මොළේ බං.

      Delete
  2. ගෝට එන්නත් කලින්ම ගොන් ටොයියො රෙද්දෙ ගු ගිහින් වගෙ දගලනව බලන්නත් සතුටුයි.

    ReplyDelete
    Replies
    1. දැනට ටොයියොන්ට විතරයි ගූ ගිහින් තියෙන්නේ. රතුපස්වල වගේ පුක හරහා වැදුනම බයියොන්ටත් ගූ යයි. හැබැයි එතකොට පරක්කු වැඩියි.

      Delete
  3. මහින්ද ගැන කියල කෑගහන බයියො කියන්නෙ යුද්ධෙ ඉවර කරපු නායකයට මෙහෙම කරන එක වැරදියි කියල.. මෛත්‍රීටත් මොකක් හරි හේතුවක් හදල දුන්නනං ටොය්යොන්ට ඒක දාල ආපහු කෑගහන්න තිබ්බා

    ReplyDelete
    Replies
    1. රට කාබාසිනියා කරපු ලංකා ඉතිහාසයේ හිටපු ජරාම පවුල එලවපු එකම ඇති

      Delete
  4. ඒකනම් අඇත්ත

    ReplyDelete
  5. මේක කරල තියෙන්නෙත් වහල්ලු පිරිසක් බව පේනව මහින්දට සහ මෛත්‍රීපාලට විතරක් මේ ජෝක් එක කිරීමෙන්. ඇයි රනිල් ට තිබ්බෙ නැත්තෙ?

    ReplyDelete
    Replies
    1. රනිල්ට නැතිය කියල රට්ටු කියන එක ප්‍රසිද්ධියේ තරඟයක් විදිහට තියන්න බැරි නිසා මිනිහව අහක් කරන්න ඇති...

      Delete
  6. මෙව්ව මහ සහගහන අපරාද.. ඉදගෙන

    ReplyDelete
  7. සිපිපියාට _ක තැබීම වගේ ක්‍රීඩාවක් නරකද? අර ඒ කාලෙ විචාරක ලිව්වේ තා (සිපිපියා) නපුන්සකයෙකි කියල. මතකද ?

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.