Thursday 21 May 2015

මොනවද බං උඹ කැම්පස් එකේ දී කෙරුවේ? - Some questions make you speechless


සිංහල භාෂාවෙන් කතා බහ කරන විට තවකෙකු ඇමතීමට භාවිතා කළ හැකි විකල්ප වචන රාශියකි. ඔයා, උඹ, මචං, මහත්තයා, තමුසේ, අයිසේ, සර්, තමුන්නාන්සේ සහ ඔබතුමා යනු ඉන් ප්‍රධාන ඒවාය. මීට අමතරව, අවසර, ඩාලිං, ඩියර්, ලව්, පැටියා, පණ, වස්තුව වැනි සුවිශේෂී පුද්ගලයින් සඳහා භාවිතයේ යෙදෙන වචන ද වේ.

මට ඉවසන්නට අසීරු කාරණයක් නම් තමුන්නාන්සේ සහ මැතිතුමා යන වචන ද්වය අද යුගයේ අවභාවිතයේ යෙදෙනු ඇසීමට ලැබීමයි. ඒවා යේ අප ඉගෙනගත් මුල් අරුත් කෙසේ වුවද, අද බහුතරව යොදා ගැනෙන්නේ නම් එක්තරා විදියක සුළු හෝ අපහාසයක් සහිතව බව මගේ අදහසයි.

ඔයා, මචං, උඹ යන වචන තුන සැලකුවහොත් අපේ මිතුරන් සඳහා අප ඒවා භාවිතා කිරීම, ඒ මිතුරුකමේ ශක්තිය පෙන්නුම් කරණ යම් මිනුමක් සේ සැලකිය හැකි යැයි මම සිතමි.

ඔයා, මචං, උඹ වචන තුන මා භාවිතා කරන ආකාරය ගැන කිවහොත්, මා සමස්තයක් ලෙස සියලුම කාන්තාවන් අමතා ඇත්තේ ද, වත්මනෙහි අමතන්නේ ද ඔයා කියා ය. උඹ හෝ මචං කීමට හැකි ආකාරයේ මිතුරියක් මට කිසි දිනෙක සිට නැත. ඉදිරියේ සිටිනු ඇතැයි ද නොසිතමි.

මිතුරන් සම්බන්ධයෙන් ගතහොත් ඔයා කියා පටන් ගෙන මචං වී පසුව උඹ දක්වාද වර්ධනය වූ මිතුරුකම් බොහෝ ය. නමුත්, මචංගෙන් ඔබ්බට මෙන් ම, ඔයා ගෙන් ඔබ්බට වර්ධනය නොවූ මිතුරුකම් ද සමහර විට දශක ගණනාවක් තිස්සේ පවතී. එයට මූලික ම හේතුව ලෙස මා දකින්නේ අදාළ පුද්ගලයා සහ මා අතර ඇති සමානකම්වල අඩුවැඩිකම් ය. එවැනි සමානකම් ඉතාමත් වැඩි නම් පැය කිහිපයක් ඇතුළත වුව ඔයා ගේ සිට මචං හරහා උඹ දක්වා මිතුරුකම දියුණු වීමට ඉඩකඩ ඇත.

තවෙකෙකුට කරණ විහිළු, සරදම්, උපහාස ගැන ද මට ඇත්තේ මේ ආකාරයේ ම විශ්ලේෂණයකි. මිතුරුකමක් නැති නම් සරල විහිළුවක් හෝ කළ නොහැක. මිතුරුකමේ ශක්තියට අනුලෝමව සමානුපාතිකව කළ හැකි විහිලුවේ, සරදමේ හෝ උපහාසයේ දැඩිකම වැඩිවේ.

ඒ සීමාව නොදැන කරණ විහිළු, සරදම්, උපහාස අවසන් වෙන්නේ ඇස් රතු වීමෙනි, මිතුරුකම නැති වීමෙනි.

මට සංජය වත්තේගම මුණ ගැසුණේ මගේ දෙවෙනි රැකියාවේ දී ය. අධ්‍යයන පීඨ දෙකක නමුත් එකම විශ්ව විද්‍යාලයේ එකම කාල සීමාවල ඉගෙන ගත් සිසුන් වූවද අප දෙදෙනා විශ්ව විද්‍යාලය ඇතුළත දී කිසි දිනෙක මුණ ගැසී නොතිබුණි. අප දෙදෙනා වෙනත් අධ්‍යයන පාඨමාලා හැදෑරූ අය වීමට වඩා, අප එකිනෙකා නොදැන සීටීමට හේතු ලෙස දැක්විය හැක්කේ ඔහු මට වඩා වසරක් කණිෂ්ඨ වීමත්, මා මෙන් නොව ඔහු නිවසේ සිට දිනපතා විශ්ව විද්‍යාලයට පැමිණි සිසුවෙකු වීමත් ය.

උපාධිධාරීන් කිහිප දෙනෙකු බඳවා ගන්නා ලද කළමනාකරණ පුහුණු වැඩ සටහනක අප දෙදෙනා සේවය ඇරඹුයේ එකම දිනයේ ය. කොළඹ පිහිටි විශාල පරිමාවේ සමාගමක් නිසා කාර්යාලය ඇතුළේ අප අතර කතාබහ සිදුවූයේ අනිවාර්යෙන් ම ඉංගිරිසියෙනි. අප අතර ඇති සමානකම් නිසා ස්වාභාවිකව ම මිතුරුකමක් ඇරඹී එය තරමක් වර්ධනය විය. කාර්යාල කටයුතුවලින් පරිබාහිරව, දිවා ආහාර අනුභවය වැනි අවස්ථාවල දී අප සිංහලෙන් කතා කළ ද, අපේ මිතුරුකම පැවතියේ ඔයා අවස්ථාවේ යැයි සිතමි.

සති කිහිපයක් කොළඹ කාර්යාලයේ ගත කිරීමෙන් පසු අප දෙදෙනාව සමාගමේ ප්‍රදේශ දෙකක පිහිටි කර්මාන්ත ශාලා දෙකක් වෙත යොමු කරන ලදී.

යළිත් සති කිහිපයකට පසු අප ප්‍රධාන කාර්යාලයේ දී හමුවූ විට අපේ මිතුරුකම මචං අදියර දක්වා වර්ධනය වී තිබුණි. එය උඹ තත්වය දක්වා වැඩි දියුණු වූයේ ඉන් සතියකට පමණ පසු අප දෙදෙනාට එක ම කර්මාන්ත ශාලා පරිශ්‍රයේ ස්ථාන දෙකක පුහුණුව සඳහා යාමට සිදුවීමත් සමගයි.

උදයේ වෙනම සේවා ස්ථානයට ගිය ද, අප දෙදෙනා (එහි සිටි අනෙකුත් කළමනාකරුවන් සමග) තේ පැන් බීවේ, දිවා ආහාරය ගත්තේ එකට ය. සවස සේවය අවසන්ව කොළඹ බලා ආවේ ද එකම වෑන් රථයේ ය. මේ කාලය තුළ සංජය මගේ ඉතා හොඳ මිතුරෙක් බවට පත් වූයේ නිරායාසයෙනි. උඹ සහ මචං නමින් ඇමතීම පමණක් නොව, එකිනෙකා විහිළු, සරදම්, උපහාස කර ගැනීම ද සාමාන්‍යය බවට පත්විය.

එක් දිනක් කම්හලේ සේවය කළ තවකෙකු සමග, ඔහු ගේ මේසය අසල දී, සංජය සහ මා සුහද කතා බහක නිරත වී සිටියේ තව මොහොතකින් වෑන් රථය පැමිණි විගස සේවය නිමවා යාමට නියමිත බැවිනි. සංජය සිටියේ මේසයට අත් දෙක තබා එයට බර දී ගෙනය. ඔහුගේ දෑතේ ම නහරයක් බැගින් ඉලිප්පී මතු වී තිබෙනු පෙනුණි.

"මේ මොකද මේ?" අනෙකා සංජයගෙන් විමසීය.

"අනේ මන්දා, මගේ කකුල්වලත් මේ වගේ නහර ඉලිප්පිලා තියෙනවා!" සංජය පැවසීය.

"ගංජා ගැහැව්වාම ඔහොම තමයි මචං!" මම කීවෙමි. ඒ මගේ කටට මුලින්ම ආ වචන පෙළ මිස සිතා මතා කීවක් නොවේ. ගංජා බොන්නන් ගේ අත්වල පාදවල නහර එලෙස ඉලිප්පෙනවාදැයි මම අද වෙනතුරු නොදන්නෙමි.

එය සංජය නො ඇසුණා මෙන් සිටි නිසා මම නැවතත් "මචං, උඹ ඔය ගංජා ගහන එක අත හැරියා නම් ඕක නැතිවෙලා යාවි!" කියා කීවෙමි.

සංජය මුවින් නොබැණ සිටියේ ය.

මට සංජයගෙන් සම්බුව ලැබුණේ පසුවදා ය.

අප අතර විවිධාකාරයේ විහිළු, සරදම්, උපහාස ඊට පෙර හුවමාරු වී තිබුණු නිසා, මා කී ඒ වදන් කිහිපයට කෝපවී ඔහු මට බැණ වැදීම මට පුදුමයක් වුණත්, ඒ පුදුමය මකා සිත විශාල ආහ්ලාදයකින් පිරී ගියේ සංජය ඊළඟට කී දෙයිනි.

"උඹ මොනවද බං කැම්පස් එකේ දී කළේ? උඹ අඩු තරමේ ටෙනිස්වත් ගැහැව්වාද?"

ඒ කතාව ඇසූ මා ක්‍ෂණයකින්ම නැගි සිනහව නවත්වා ගත්තේ ඉතා අසීරුවෙනි. ඒ සමගම ඒ ප්‍රකාශයේ පදනම වැටහී සිත ඇතුළතින් මා කෙතරම් අන්ධභූත වී ද යත්, මට සංජය ගේ පැනයට නිසි පිළිතුරක් දීමට නොහැකි විය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මා සංජයට දිය යුතුව තිබූ නමුත් නොදුන් පිළිතුර වෙනම සටහනක් ලෙසින් පසුව පළ කරමි.

ප/ප/ලි:
මට වැටහුණු පරිදි සංජය කෝප වී තිබුණේ මගේ විහිළුව සීමාව ඉක්මවීම නිසාම නොවේ. ඒ අවස්ථාවේ එහි සිටි තුන්වැන්නා සමග සංජය ගේ මචං/උඹ මට්ටමේ හිතවත්කමක් නොතිබුණු නිසාය.

මේ මා මුලින් කියූ මිතුරු කමේ ඔයා/මචං/උඹ මිනුම සහ විහිළු/සරදම්/උපහාස මිනුම එකතු වූ ස්ථානයකි!


(image: http://i.dailymail.co.uk/i/pix/2015/01/25/250755D300000578-2925300-image-a-126_1422168010545.jpg)

70 comments:

  1. ගංජා කියනෙක 'අත' වගේ වත් ඇහිලද සංජයට මල පැන්නේ.. හැක්.

    මං සාමාන්‍යෙන් සම වයස් වල හෝ ලඟ ලඟ වයස්වල නම් උත්සාහ කරන්නේ 'මචං' වලින් පටං ගන්න.. ඔයා මෙයා කියල කියනෙකනම් මට අවුල් වගේ.. (ගැහැනු අයට හැර ) උඹ බං බොලං කියල කතා කරන ගැහැණු යාලුවෝ දෙතුන් දෙනෙකුත් ඉන්නවා ඒ එක්කෝ දන්නේම නැතුව නැත්නම් හොඳටම දැනගෙන.. :)

    ReplyDelete
    Replies
    1. හොඳම හිතවතිය බිරිඳ නේද? උන්දෑට උඹ කිව්වොත්?

      Delete
    2. හිහ්..හිහ්...... රසිකය එදාට බත් කාල හමාරයි....

      Delete
    3. ප/ප/ලි:
      මට වැටහුණු පරිදි සංජය කෝප වී තිබුණේ මගේ විහිළුව සීමාව ඉක්මවීම නිසාම නොවේ. ඒ අවස්ථාවේ එහි සිටි තුන්වැන්නා සමග සංජය ගේ මචං/උඹ මට්ටමේ හිතවත්කමක් නොතිබුණු නිසාය.

      මේ මා මුලින් කියූ මිතුරු කමේ ඔයා/මචං/උඹ මිනුම සහ විහිළු/සරදම්/උපහාස මිනුම එකතු වූ ස්ථානයකි!

      Delete
  2. මටත් ඉන්නවා මචං කියලා කතා කරන ගැහැනු යාලුවෝ..
    සංඡය මාර පොරක්නෙ

    ReplyDelete
    Replies
    1. මාර පොරක් කෙසේ වෙතත් ටෙනිස් ගහපු පොරක්.

      Delete
  3. අයිසෙ මටත් ඔය ඔබ තුමා කියන උන් නම් පේන්න බෑ ඕයි.
    ආ, තව "ඕයි" කියල එකකුත් තියනවනෙ අයිසෙ.

    ReplyDelete
    Replies
    1. තියෙනවා නේන්නම් ඕයි!

      Delete
    2. තොට තෝ තුමා කියන්නද අයිසෙ

      Delete
  4. You කිව්වනං ඉවරයිනේ.. සංජය ගැන ඉතිං කියන්න දෙයක් නෑ. මේ ලොකේ සීයෙට හැටක් වත් සංජේ ල තමා.. හැක්

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ ගංජා ගහන අයද? ටෙනිස් ගහන අයද?

      අපේ කාලේ නම් කැම්පස් එකේ ටෙනිස් ගහන අය 5% ක් වත් හිටියේ නෑ. තියෙන්නේත් ටෙනිස් කෝට් දෙකයි ද කොහෙද!

      Delete
    2. //අපේ කාලේ නම් කැම්පස් එකේ ටෙනිස් ගහන අය 5% ක් වත් හිටියේ නෑ. තියෙන්නේත් ටෙනිස් කෝට් දෙකයි ද කොහෙද!//

      At least two or three at Hilda, Three at main grounds opposite Aru. One next to cricket pavilion. May be some more....

      Delete
    3. දේශො .. සඳුන්ට මචං කියන්න ගිහිං එරන්දිව පොළඟෙක් කෑව නෙවැ .. :D

      Delete
    4. ප/ප/ලි:
      මට වැටහුණු පරිදි සංජය කෝප වී තිබුණේ මගේ විහිළුව සීමාව ඉක්මවීම නිසාම නොවේ. ඒ අවස්ථාවේ එහි සිටි තුන්වැන්නා සමග සංජය ගේ මචං/උඹ මට්ටමේ හිතවත්කමක් නොතිබුණු නිසාය.

      මේ මා මුලින් කියූ මිතුරු කමේ ඔයා/මචං/උඹ මිනුම සහ විහිළු/සරදම්/උපහාස මිනුම එකතු වූ ස්ථානයකි!

      Delete
    5. @ Sa rasa
      තවත් ටෙනිස් කාරයෙක් වගේ?
      මාර්ස් හෝල් එක ඵැත්තේ නැද්ද ටෙනිස් කෝට්?

      Delete
    6. ගූගල් මැප් එකේ නම් පේන්නේ අරූ එක ඉස්සරහා තියෙන කෝට්ස් තුනක් විතරයි. හිල්ඩා එක ලඟ තිබුණා වගේ මතයක් මට කමෙන්ටුව දැක්කාම ආවා. නමුත් දැන් ඉවත් කරළා ද?

      Delete
    7. හිල්ඩාවේ තවමත් තියේ... මාර්ස් සාලාවේ ඒවා වොලිබෝල් ක්‍රීඩාව සඳහා යොදා ගැනේ

      Delete
    8. //හිල්ඩාවේ තවමත් තියේ... මාර්ස් සාලාවේ ඒවා වොලිබෝල් ක්‍රීඩාව සඳහා යොදා ගැනේ//
      one vollyball and one badminton

      Delete
  5. ඔව් ඕයි එහෙම තියනවා තමයි ! ඇයි ඉතින් අවුල් ද ?

    ReplyDelete
  6. පේරාදෙණිය සරසවිය වනාහි ගංජා ඉරීමේ සිට ටෙනිස් ගැසීම දක්වා වූ අතිවිශාල වපසරියක පැතිරී ඇති විෂය භාහිර ක්‍රියාකාරකම් ගොන්නක කේන්ද්‍රස්ථානයකි. ඉඳින් ඔබට සිනහ නැඟෙනු පුදුමයක් නොවේ...

    ReplyDelete
    Replies
    1. අපේ බැචාලාගෙන් නිකමට හෝ ගංජා බීපු අය මං දැකලා තියෙන්නේ එක්කෙනයි. අරක්කු බියර් සිගරැට් වැනි "නරක වැඩ" කරන අය නම් ඔනෑ පදං හිටියා!

      Delete
    2. //අපේ බැචාලාගෙන් නිකමට හෝ ගංජා බීපු අය මං දැකලා තියෙන්නේ එක්කෙනයි. //
      රසික EFAC කියල සුවර් ද හැබෑට ?

      Delete
  7. "මචං" කියන්නේ මට තියන හෘදයාංගමම ආමන්තරණයක්.. ගෑනු යාලුවො ඕනැතරං ඉන්නවා ඕක පාවිච්චි කරන.

    ReplyDelete
    Replies
    1. බස්සිත් පත්තරේට මචං නේද

      Delete
    2. ඇනෝ මචං.. ඔව් නේන්නං .. අපේ බස්සි ඉතිං බොක්ක නෙවැ මචෝ

      Delete
    3. ඇයි මමත් බස්සිට මචං කියලා කතා කරන්නෙ

      Delete
    4. මගේ පුතාත් මට මේ ලඟදී දවසක මං අහපු ප්‍රශ්නයකට උත්තර දුන්නේ ඔව් මචං කියලායි. මාත් ඇත්තද මචං කියලා කිව්වා.

      Delete
    5. පුතා උසස්පෙල ප්‍රතිපල බලන්න යන දවසේ තාත්තා කිව්වලු උඔ විභාගේ ෆෙල් වෙලා මට තාත්තෙ කියන්න එපා කියලා.
      විභාග ප්‍රතිපල බලලා ගෙදර ඇවිත් පුතා තාත්තට කිව්වලු
      ඔයාට තාත්තා කියන්න තිබුන එකම අවස්තාවත් මට නැතුව ගියා මචං...කියලා.

      Delete
  8. රසික මචං................ (අවුල් නැහැනේ රසිකයියේ)

    මේකට අදාලව කියන්න කතා දෙකක් තියෙනවා.....

    1 වෙනි කතාව

    දැන් කරන රස්සාවට අැවිත් පුහුණුව ඉවර වෙලා මූලස්ථානය පැත්තේ දවස් ගානක් කරක් ගහන්න වුණ වෙලාවක.. ලොක්කෙක් හම්බෙන්න දොර ගාව හිටගෙන ඉද්දි තවත් ලොක්කෙක් අාවා.... අතක් කරේ ඒල්ලං හිටපු විදිහට කාගෙන් හරි සුපිරියට කාපු පාටක් තමා පේන්න තිබුනේ... දැන් මූ මගෙන් ප්‍රශ්ණ අහනවා.... (සුද්දාගේ භාෂාවෙන්)
    කොහෙද ගම - නුවර
    නුවර කොහෙද - -------- (අදාල තැන කීවෙමි)
    ඉස්කෝලේ ගියේ කොහෙද - --------- (නුවර තියෙන ටිකක් විතර ලොකු පාසලක් නිසා මමත් අවුලක් නැතුව කීවෙමි)
    අා -------- කොලේජ්.... ඩිඩ් යූ ප්ලේ රගර් - ?????

    දීපංකෝ උත්තර .... ඉස්කෝලෙනම් රගර් වලට ප්‍රසිද්ධයි තමයි... ඉතින් හත්තිලව්වේ මමත් රගර් ගහන්න ඔ්නේම කියලා ඒකක් තියෙයි යෑ...... අනික මූ රගර් ගහලා කකුල නොන්ඩි ගගහා අත කරේ ඒල්ලං ඉන්න ගමන් මගෙන් ඔහොම අහන්න ලැජ්ජා නැද්ද?????


    2 වැනි කතාව -

    දෙවැනි කතාව නම් මේකයි රසිකයියේ..... අැත්තට ම මගෙන් ඔය ප්‍රශ්ණේ මුල් කෑල්ල අැහුවා නම් කවුරුහරි (මුල් කෑල්ල යනු උඹ මොනවද බං කැම්පස් එකේ දී කළේ?) අම්මපා දෙන්න තියෙන්නේ ඒකම ඒක උත්තරයයි.... රැග් සීසන් ඉවර වෙන්නත් කලින් බැච් ඒකේම පළවෙනි කොක්ක ගැහුවා.. කැම්පස් ඉන්නකල් ලව් කරා.... කොහොම හරි ඒ කොක්කම බැදගත්තා ඉතින් මං ඒක පාරින් කැම්පස් ඒකේ ඩිග්රි දෙකක් කරා....... යකෝ ඒ මදිද?????

    තවත් මේ ගැනම කතාවක් තියෙනවා... ඒක කියන්නම් පස්සේ... අැයි මුලින් කිව්වේ කතා දෙකක් කියනවා කියලානේ

    ReplyDelete
    Replies
    1. 1. මගෙන් එකෙක් ඇහැව්වා මං බැට්ස්මන් කෙනෙක් ද, බෝලර් කෙනෙක් ද කියලා. මං කිව්වා මං ඕල් රවුන්ඩර් කෙනෙක් කියලා!

      2. ඒ විදියට නං මං ඒ අවුරුදු හතරට අමතර උපාධි හතරක් අරගෙන තියෙනවා. උපාධිම නොවෙයි නිකං ඩිප්ලෝමා වගේ ඒවා.

      Delete
    2. රසිකයියේ..................

      මටත් උපාධි කීපයක් ගන්න සැලසුමක් තිබුණා... ඒත් අතගහපු පළවෙනි අමතර උපාධිය ලේසි වුනේ නැහැ... ඔය ඩිප්ලෝමා සෙටිෆිකට් කෝස් ඔක්කෝම තහනම් කරා..... තමන්ගේ විෂයන් වලට හැර අනික්වාට ලෙක්චර්ස් යෑම තහනම් කරා... ඉතින් මගේ ඩිග්රියට අමතර ව ෆුල් ටයිම් ඩිග්රියක් කරගෙන පාඩුවේ හිටියා..... බත්ටික, නොට්ස් ටික සහ අමතර පහසුකම් ලැබෙනවානම් ඉතින් තවත් මොනවද කියලා මාත් හිත හදාගත්තා..........

      හැබැයි ඉතින් අර කෙහෙල් ගහේ උදාහරණය ඒහෙම ගන්නවා නෙමෙයි මෙතන්ට හරිද????????

      Delete
    3. //හැබැයි ඉතින් අර කෙහෙල් ගහේ උදාහරණය ඒහෙම ගන්නවා නෙමෙයි මෙතන්ට හරිද????????//
      හරි හරි මෙතන්ට අර කොහොල්ලැ බබාගෙ කතාවනෙ හරියන්නෙ.

      Delete
    4. //හැබැයි ඉතින් අර කෙහෙල් ගහේ උදාහරණය ඒහෙම ගන්නවා නෙමෙයි මෙතන්ට හරිද????????//
      හරි හරි මෙතන්ට අර කොහොල්ලැ බබාගෙ කතාවනෙ හරියන්නෙ.

      Delete
  9. සමහර අය ඕනෙ කෙනෙකුට ඔබතුමා කියනව. දේශපාලනේට, කේන්දරවගේ වැඩවලට බර අය බ්‍රෝකර්ල වගේ අය තමයි විශේෂයෙන්ම කරන්නෙ.

    ඒක නෙමෙයි හුඟක් දේශපාලකයො සහ සමහර රාජ්යසේවයේ උසස් නිලධාරීන් ගෙදර බල්ලගෙ නමටත් ඉස්සෙල්ල ගරු භාවිතාකරනවද කියල සැකයක් එනව

    ReplyDelete
    Replies
    1. ඉස්සර රාජ්‍ය සේවයේ නිලධාරියෙක් තමන් ගේ ගෙදර බල්ලට නම දැම්මලු ශ්‍රීමත් කියලා, මොකද, ඒ කාලේ ජනාධිපතිව හඳුන්වන්න මුලට කියපු ගරු පදය තමයි ශ්‍රීමත්!

      Delete
  10. //උඹ අඩු තරමේ ටෙනිස්වත් ගැහැව්වාද// ඔව් ඉතිං ගහපු දේවල් වල හැටියට ස්පීච්ලස් වෙන එක පුදුමයක්ද? ;)

    ReplyDelete
    Replies
    1. ඇක්සයිස් බදු ගෙවපු නීත්‍යානුකූල දේ විතරයි ගැහැව්වේ!

      Delete
  11. මංචං රසික ....එතකොට උඹ කැම්පොස් එකේ ටෙනිස් ගහුවෙම නැද්ද..... ?

    අපි නං නොසෑහෙන්න පොකෙට් බිලියඩ් නං ගහල තීයේ...

    ReplyDelete
    Replies
    1. නෑ මචං, ජීවිතේට ටෙනිස් පිත්තක් ඇල්ලුවේ කැම්පස් එකෙන් පිටවෙලා අවුරුදු පහළොවකින් විතර, ඒකත් දින කිහිපයයි.

      Delete
  12. හැක් හැක්... සංජය මාරයි නෙ.. මේක දැක්කම එකපාරට මතක් උනේ අර අවුරුදු ගානකට පස්සෙ "ගෝරිල්ල" කියල නමකින් අමතපු වරදට සත්තු වත්ත බලන්න ගිහිං ඇවිත් ගෝරිල්ලෙක් දැකල ගුටි කෙලියක් ගිය කතාව. අර උත්තරේ දුන්නට පස්සෙ සංජය එහෙමද දන්නෙ නෑ හැසිරුනේ...

    ReplyDelete
    Replies
    1. ප/ප/ලි:
      මට වැටහුණු පරිදි සංජය කෝප වී තිබුණේ මගේ විහිළුව සීමාව ඉක්මවීම නිසාම නොවේ. ඒ අවස්ථාවේ එහි සිටි තුන්වැන්නා සමග සංජය ගේ මචං/උඹ මට්ටමේ හිතවත්කමක් නොතිබුණු නිසාය.

      මේ මා මුලින් කියූ මිතුරු කමේ ඔයා/මචං/උඹ මිනුම සහ විහිළු/සරදම්/උපහාස මිනුම එකතු වූ ස්ථානයකි!

      Delete
    2. සංජය මට වඩා ප්‍රමාණයෙන් පොඩියි නිසා, ගෝරිල්ලෙක් අවුස්සා ගත්තා වගේ බය වෙන්න කාරණයක් තිබුණේ නෑ.

      පොරව මං හොයා ගත්තා වත්පොතෙන්, දැන් කොම්පැනි ලොක්කෙක්.

      Delete
  13. මමත් "ඔයා"ගෙන් පටන් අරං "මචං" දක්වා යන කෙනෙක්. ගැහැණු පාර්ශවයටනම් "ඔයා" ඇරෙන්න වෙන වචන වලින් ආමන්ත්‍රණය කරන්නෙම නෑ. අනික මට වඩා වැඩිමල් අය මට "මචං" කියල කතා කලත් මට මචං කියන්න හිත දෙන්නෙ නෑ. නමුත් බ්ලොග් වල කමෙන්ට් කරනකොට නම් ගොඩක් වෙලාවට"උඹ, මචං" යන වචන වයසින් වැඩි අයට පවා ලියනවා.

    සංජයල වගේ අය නම් ඕන තරම් හම්බෙලා තියෙනවා. දේශා කිව්ව වගේ බහුතරයක් ඉන්නෙ සංජයල තමා(ඒ කියන්නෙ ගංජා හෝ ටෙනිස් ගහන අය නෙමේ. සමහර දේවල් කිව්වම ඕනෑවට වඩා හිතල තරහ ගන්න අය).

    ReplyDelete
    Replies
    1. ප/ප/ලි:
      මට වැටහුණු පරිදි සංජය කෝප වී තිබුණේ මගේ විහිළුව සීමාව ඉක්මවීම නිසාම නොවේ. ඒ අවස්ථාවේ එහි සිටි තුන්වැන්නා සමග සංජය ගේ මචං/උඹ මට්ටමේ හිතවත්කමක් නොතිබුණු නිසාය.

      මේ මා මුලින් කියූ මිතුරු කමේ ඔයා/මචං/උඹ මිනුම සහ විහිළු/සරදම්/උපහාස මිනුම එකතු වූ ස්ථානයකි!

      Delete
  14. ටෙනිස් ටික ගිය ටෙනිස් බෝලයක් තියෙනවා. ඕනෙද ?
    - පලී

    ReplyDelete
    Replies
    1. ටෙනිස් යන වචනයේ තේරුම ගැන කියවෙන්නේ මෙහෙමයි.
      /* apparently from Old French tenez ‘take, receive’ (called by the server to an opponent), */

      ටෙනිස් ස්කෝරින් වල හොඳම දේ තමයි "ලව්-ගේම්" එක!

      Delete
  15. බ්ලොග් ලෝකයේ තාම 'මචං' මට්ටමේ යාලුවෝ එක්කෙනෙක්වත් නැහැ. ලිපිය කියෙව්වම තේරුනේ සංජය කැම්පස් කාලේ ටෙනිස් ගහල තියෙන බවත්, ටෙනිස් ගහනවට වඩා ගංජා ගහල තියෙන බවත්ය. කිංඩියට කියන බොරු ඇනුම්පද සහ විහිලු කනාවට ඇත්ත වුනාම පොඩ්ඩක් තත්වය අවුල් සහගත වෙන බව අත්දැකීමෙන් දන්නවනෙ අපි හැමෝම.

    බීල ඉන්න කෙනාගෙන් 'බීලද ඕයි' කියල අහපුවමයි බැංකොක් ගිහින් එන කෙනාගෙන් 'බඩු ගැහැව්වා නේද' කියල අහපුවමයි කේන්ති යන්නෙත් ඔය කතන්දරේ නිසාම වෙන්නැති.

    තව පොඩි සීරියස් දෙයක් එකතු කරන්නම්. අපරාධයක් වුනාම පැහැදිලිවම සැක කෙරෙන කෙනා අත්අඩංගුවට ගද්දි ඔහු පුදුමයෙන් වගේ හැසිරිලා කෑගහලා දඟලනවා නම් ඔහු ගැන එල්ල වෙන සැකය වැඩියි ලු. ඒ වෙනුවට ඔහු තමා මූලික සැකකරු වෙන බව දැනගෙන එය අපේක්ෂා කල විදිහට හැසිරෙනවා නම් කලින් අවස්ථාවට සාපේක්ෂව ඔහුට එල්ල වෙන සැකය අඩුයි ලු.

    ReplyDelete
    Replies
    1. අවසාන අදහස ගැන-
      නමුත්අවසානයේ දී වැදගත් වෙන්නේ ඒ හැසීරීමේ ස්වභාවය නොවෙයි නේ. වරද සැකයකින් තොරව ඔප්පු වීමයි. අස්අඩංගුවට ගැනීමේදී කළ කී දේ "not admissible in the court" බවයි මා අසා තියෙන්නේ!

      Delete
    2. මේ අරවින්ද කියන පකයාගේ වැඩේම කොහේට හරි තැනකට රිංගලා පන්ඩිත කතාවක් කියලා ඒක සංකීර්ණ කරලා දාන එක. බ්ලොග් එකක් කරාම මූ හිතන්නෙ මූ හෙන ඥාණවන්තයා කියලා.

      එක අතකට අපරාදේ මූට පකයා කියන්නේ

      Delete
  16. හෙහ්, ඒක අහපු විදිහට ඉතින් උත්තර නැතුව යන එක පුදුමෙකුත් නෙමෙයි බලාගෙන යද්දී..

    බ්ලොග් මට්ටමේනම් මචං උඹ මට්ටමට ගියා යාළුකම් තියෙනවා කිසිම බේදයක් නැතුව.. රසික අයියලා එක්ක කතාකරද්දී නම් ඒවා නොයෙදෙන්නේ අපි අතර තියෙන වයස් පරතරය, ඔබ අපිට ගුරුවරයෙක් වගේ වීම ආදි කරුණූ නිසයි..

    ReplyDelete
    Replies
    1. වයස් පරතරය නම් පැහැදිලියි.
      සින්දු කිව්වෙ අපි තමුසෙල කිරි බොන කාලේ!

      ඒත් මොකක්ද මේ ගුරුවරයා කතාව? ඔන්-ලයින් සෙල්ෆ් ලර්නින් විය යුතුයි?

      Delete
  17. සංජය එහෙම ඇහුවේ ඇයි කියන එක තේරුනේ නෑ. "ඔයා"ට තිබුනේ අර ගංජා කතාව අහන්නේ නැතුව ඉන්ට "මෙයා"...:D

    ReplyDelete
    Replies
    1. නොදන්නා අය ගේ දැනගැනීම පිණිස කියනවා නම්, අද තත්වය කෙසේද කියා මා නොදන්නා නමුත්, මා මේ කියන කාලයේ දී නම් විශ්ව විද්‍යාලයේ ටෙනිස් ක්‍රීඩාව කළ සිසුන් පිරිස අතළොස්සක් පමණක් විය. එය ඉහළ පන්තියේ ක්‍රීඩාවකි. මට අපහාසයක් ලෙස ඒ ප්‍රශ්නය ඇසීම තුළින් හෙළිවූයේ සංජය ගේ සමාජ පසුබිම සහ ලෝකය පිළිබඳ ඇති දැනුමේ අඩුවයි!

      Delete
    2. සංජය ගේ නහර ඉලිප්පීම Varicose Veins නොවේද?

      මා ඒ ගංජා විහිළුව නොකළා නම් හොඳයි තමයි. හැබැයි එහෙම නම් මේ ලිපිය නෑ.

      Delete
    3. ප/ප/ලි:
      මට වැටහුණු පරිදි සංජය කෝප වී තිබුණේ මගේ විහිළුව සීමාව ඉක්මවීම නිසාම නොවේ. ඒ අවස්ථාවේ එහි සිටි තුන්වැන්නා සමග සංජය ගේ මචං/උඹ මට්ටමේ හිතවත්කමක් නොතිබුණු නිසාය.

      මේ මා මුලින් කියූ මිතුරු කමේ ඔයා/මචං/උඹ මිනුම සහ විහිළු/සරදම්/උපහාස මිනුම එකතු වූ ස්ථානයකි!

      Delete
  18. මචං/උඹ කියන ඒව වැඩිය සීරියස් ගන්නෙ නෑ මම නං. කවදාවත් දැකල නැති නමුත් එහෙම කිව්වට අවුලක් නැතැයි කියල හිතන බ්ලොග් කරුවන්ටත් කියනව. හැබැයි රසිකට නං කියල නෑ. :-)

    ඔබතුමා කියන එක නං තනිකර අවභාවිත වෙන එකක්. මැතිතුමත් ඒ කිට්ටුවෙන් යනව.

    සංජය කියපු කතාවෙ පදනම නං මොකද්ද කියලතේරුනේ නෑ.
    කැම්පස් එකේදි කොච්චර ගංජ ගහල/නරක වැඩ කරල තිබුනත් වෘත්තීය ජීවිතේට ඒ දේවල් ගේන්නෙ නෑ. මොකද සාමාන්‍ය සමාජයේදි ගංජ කියන්නෙ ටිකක් බරපතල කේස් එකක්.

    ReplyDelete
    Replies
    1. 1. සංජයගේ කෝපය-
      මට වැටහුණු පරිදි සංජය කෝප වී තිබුණේ මගේ විහිළුව සීමාව ඉක්මවීම නිසාම නොවේ. ඒ අවස්ථාවේ එහි සිටි තුන්වැන්නා සමග සංජය ගේ මචං/උඹ මට්ටමේ හිතවත්කමක් නොතිබුණු නිසාය.

      මේ මා මුලින් කියූ මිතුරු කමේ ඔයා/මචං/උඹ මිනුම සහ විහිළු/සරදම්/උපහාස මිනුම එකතු වූ ස්ථානයකි!

      2. සංජය කියපු කතාවෙ පදනම-
      විශ්ව විද්‍යාලයේ ටෙනිස් ක්‍රීඩාව කළ සිසුන් පිරිස අතළොස්සක් පමණක් විය. එය ඉහළ පන්තියේ ක්‍රීඩාවකි. මට අපහාසයක් ලෙස ඒ ප්‍රශ්නය ඇසීම තුළින් හෙළිවූයේ සංජය ගේ සමාජ පසුබිම සහ ලෝකය පිළිබඳ ඇති දැනුමේ අඩුවයි!

      Delete
  19. විප්‍රවාසී වීමත් මිතුරන් ඈත්වීමත් නිසා මචං කියා කෙනෙක් කතා කල කාලයක් මතක නෑ.

    ReplyDelete
    Replies
    1. මගේ නම් උඹ/මචං මිතුරෝ මෙහි එමට ඉන්නවා.

      Delete
  20. /"උඹ මොනවද බං කැම්පස් එකේ දී කළේ? උඹ අඩු තරමේ ටෙනිස්වත් ගැහැව්වාද?/
    ඒ කියන්නෙ ටෙනිස් කැම්පස් එකේ තිබ්බ පහලම මට්ටමේ ක්‍රීඩාවක්. ඉහල මට්ටමේ ක්‍රීඩාවක් වෙච්චි බූරුව වත් ගැහුවෙ නැද්ද ?

    ReplyDelete
    Replies
    1. කාඩ් කුට්ටමෙන් අපි කෙරුවේ 304 තමයි!

      Delete
  21. විහිළුවක් කරද්දි තැන නොතැන බලලා කරන්ඩ කියලා අපිට වැඩිහිටියෝ උපදෙස් දීලා තිබ්බට විහිළුවේ යෝග්‍යතාව සහ ඒකේ අනිසි පලයන් ඔක්කොම අධ්‍යයනය කරලා විහිලු කරන්ඩ ගියොත් ඒකත් නිකං විහිළුවක් වෙනවා.ඒක හින්දා මම නං එච්චර හිතන්නැතුව ඔහේ කටට එන එක කියලා දානවා.සමහරුන්ට මළ පනිනවා.මම ගණං ගන්නෑ.
    ආමන්ත්‍රණ පද විදිහට මම වඩා කැමතියි උඹ මචං වගේ ඒවා පාවිච්චි කරන්ඩ.ඒවායේ හරි හෘදයාංගම ගතියක් තියෙනවා.මම මගේ පෙම්වතීට කතා කරන්නෙත් උඹ මචං වගේ ආමන්ත්‍රණවලින්.ඔයා කියලා කතා කරන්නේ රණ්ඩු වෙන කොට බැණ ගන්න කොට තමයි.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි නියම කතාව.
      ආදරේට උඹ.
      කේන්තියට ඔයා!

      Delete
  22. කිව්වා වගේ ඔයා කියන යාලුවන්ට වඩා උඹ කියල කතා කරන යාළුවො වඩා සමීපයි. ඉස්කෝලේ පන්තියේ හිටි යාළුවො හැමෝම උඹ කියන්නේ ඒකනේ . දැන්නම් උඹ කියල කතාකරන අලුත් යාළුවො මුණ ගැසීමේ වේගය අවුරුද්දකට එකෙක් තරම් වගේ

    ReplyDelete
    Replies
    1. අළුතින් හමුවෙන යාලුවෝ සමග හොඳ මිතුරුකම් ඇතිවෙන්න තරම් ආශ්‍රයක් කරන්න කාලයක් නෑ නේද?

      Delete
  23. ඇඩ්වර්ටයිසින් ඒජන්සි ඇතුලෙ වයස නොබලා මචං කියනවා. තාත්තගෙ වයසෙ එකෛ ඇවිත් මචං කිව්වම හරි තාත්තගෙ වයසෙ පොරකට මචං කිව්වම හරි මාව ටිකක් වෙලා යනකං හොල්මන් වගේ ජොබට ගිය මුල් කාලෙ. ඒ වෙලාවට ගමේ යාළුවෙක්ට කෝල් කරල මචං මං දැන් අපේ තාත්තටත් වඩා වයසක බුවෙක්ට මචං කිව්වා කියල කියපු වෙලාවලුත් තීනවා ආතල් වැඩිකමට

    ReplyDelete
    Replies
    1. වයසින් අඩු කෙනෙකුට මචං කියන්න අවුලක් නෑ, එකම ප්‍රශ්ණේ ඒ පුද්ගලයා ඒක කොහොම බාර ගනීවිද, පෙරළා මචං කියාවිද යන්නයි.

      Delete
  24. අඳුරන්නේ නැත්තන් මචං එකෙන් පටන් ගන්න ඒක තමා මගේ පිළිවෙත..

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.