Sunday 17 November 2019

ගෝටාබයට ඡන්දය දුන් උං ගැන මගේ අදහස - Mostly innocent fools


ලංකාවේ ඡන්ද බලය හිමි ජනතාව තම කැමැත්ත ප්‍රකාශ කර ඇත. ඡන්ද ප්‍රතිඵලය දැන් ඉතා පැහැදිළි ය. මගේ අප්‍රියතම අපේක්‍ෂකයා වූ ගෝටාබය රාජපක්‍ෂ 52 වඩා වැඩි බහුතරයකින්, වැඩි ඡන්ද දහතුන් ලක්‍ෂයකින් පමණ ජයග්‍රහණය කරන බව පෙනේ.

වැඩි දෙනාගේ කැමැත්ත ගෝටාබය රාජපක්‍ෂට නිසා, ජනාධිපති විය යුත්තේ ඔහු ය. මෙය ප්‍රජාතන්ත්‍රවාදයයි.

ගෝටාබය රාජපක්‍ෂට ඡන්දය දුන් ඡන්දදායකින් පිරිස ප්‍රජාතන්ත්‍රවාදීව නියෝජනය කිරීමට සුදුසුම පුද්ගලයා ඔහු ම ය. වෙන කිසිදු අපේක්‍ෂකයෙකුට කිසිසේත් ම එය කළ නොහැකි බව නොරහසකි.

මා බලාපොරොත්තු වූයේ මීට වඩා ඡන්ද සංඛ්‍යාවක් ජාතික ජන බලවේගයේ අපේක්‍ෂක, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකට ලැබේවි ය කියා වූ නමුත් අවාසනාවට මෙන් මගේ බලාපොරොත්තුව ඉටු නොවුණි.

මගේ මේ කෙටි සටහනේ මූලික අරමුණ නම් ගෝටාබය රාජපක්‍ෂට ඡන්දය දුන් අය පිළිබඳව මගේ විග්‍රහය ඉදිරිපත් කිරීමයි.

මට සිතෙන ආකාරයට ඒ පිරිස කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය.
  • අමනයින්
  • කපටියන්
එයින් අති බහුතරය අමනයින් බවත් ඒ පිරිස තමන්ගේ අමනකම වටහා ගෙන නොමැති බවත් ඔවුන් ගැන අනුකම්පාවෙන් සඳහන් කළ යුතු ය. ඒ වෙනුවට ඔවුන් සිතාගෙන ඉන්නේ තමන් පහත දැක්වෙන ආකාරයේ අය කියා ය.
  • රට ගැන සිතන දේශප්‍රෙමීන්
  • කළගුණ දන්නා යහපත් පුද්ගලයින්
නමුත් ඇත්තෙන් ම ඔවුන් අන්ධ භක්තිකයින් සහ අනුවණයින් වෙති. සාමාන්‍ය භාෂාවෙන් බයියන් ලෙස හැඳින්වෙන්නේ මේ පිරිස ය.

ගෝටාබය රාජපක්‍ෂට ඡන්දය දුන් අය අතරින් සුළුතරයක් වූ කපටියන් පහත ආකාරයේ පුද්ගලයින් ය.
  • අමු ජාතිවාදීන් සහ ලාවට ජාතිවාදීන්
  • පුද්ගලික වාසි සොයන අවස්ථාවාදීන්
තම රැළේ නායකයා ගේ පුරවැසිකම පිළිබඳ උසාවිය ගිය අයද, විවිධාකාරයෙන් ඔහු ගැන සහ තමන්ට අකැප වෙනත් දේ ගැන ප්‍රශ්න කළ අය ද සුදු වෑන්වල යැවිය යුතුය කියන්නේද, මීගමුව ඡන්ද කොට්ඨාශයේ ඡන්දදායකයින්ට නැවතත් බෝම්බ ගැසිය යුතු බව කියන්නේ ද, උතුරු නැගෙනහිර ප්‍රදේශවල තම නායකයාගේ ප්‍රතිවිරුද්ධවාදියාට ජය අත් කර දුන් පිරිස විනාශ කළ යුතු බව පවසන්නේ ද මොවුන් ය.

මේ පිරිස තමන් කරන්නේ කුමක් ද යන්න ගැන හොඳාකාරව දනිති. නමුත් මොවුන් හෘදය සාක්‍ෂියක් ඇති පිරිසක් නොවේ.

අලුතෙන් පත්වෙන ජනාධිපතියා පරිස්සම් විය යුත්තේ මේ සුළුතර කපටි පිරිසගෙනි.

ඒ මක් නිසාදැයි පවසතොත්, මේ පිරිස බලාපොරොත්තුවන ආකාරයේ හැසිරීමක් ප්‍රදර්ශනය කිරීමට හෝ පාලනයක් ගෙන යාමට, ඔවුන්ගේ නායකයා බලයට ආ පසු ක්‍ර්‍රියා නොකළහොත්, අපේක්‍ෂා භංගත්වය නිසා, මේ පිරිස අසහනයට පත්ව කුමකින් කුමක් කරාවිදැයි කිව නොහැකි නිසා ය.

මේ මොහොතේ මට මා කියවා අසා ඇති ඉතිහාසයේ දී, මහ බණ්ඩාරනායකට මුලින් පක්‍ෂව සිට පසුව විරුද්ධ වූ බලවේග සිහිවේ!

-රසිකොලොජිස්ට්


(image: Facebook)

34 comments:

  1. මගේ කාර්යාලයේ ඉංජිනේරුවන්ගේ ක්‍රියාකලාපය අනුව ගෝඨාට චන්දය දුන් සියළු දෙනා ඔබ කියන ආකාරයට අයිතියි. ඒ වගේම අපි දකුනේ කියා චන්දය දෙන පිරිසක්ද ඇත. මෛත්‍රීට ගිය සැරේ ඔවුන් චන්දය දුන්නත් මේ සැරේ අපි දකුනේ යන්න ප්‍රබලවී ඇත.
    අනෙක නම් සියළු ජාතිවාදියෝ ගෝඨාට මිස වෙනත් අපේක්‍ෂකයෙකුට චන්දය දීමට තුන් හිතකින් වත් හිතන්නේ නැත.
    පුද්ගලික ටී.වී ,වැනල් බැලීම නිසාද මන්දා මම ජාතිවදීන් යැයි සිහිනෙකින් වත් නොසිතු අය ජාතිවදී ලෙස මේ අවස්ඨාවේ ක්‍රියා කරනු දැකීමී
    තවත් පිරිසක් ජේෂ්ඨයන් කපාගෙන උසස්වීම් ලබා ගැනීමට ද එසේ කරති. මහින්දගේ කාලේ මේකේ හිටපු සභාපති ඔහුගේ යාළුවන් හට උසස්වීම් දුන්නිසා , එදාසිට කඩේ ගියඋන් තවමත් කඩේ යමින් සිටිති.
    යහපාලන මරාලේ ඇත්තටම මහින්දගේ කාලේ අසාධාරණයට ලක්වු කිසිම නිලධාරියෙකුට සාධාරනයක් නෙකිරිම නිසා . අසාධාරනයට ලක්වු අය අද කබලෙන් ලිපට වැටෙන තත්වයක් ද උදාවී ඇත.

    ReplyDelete
    Replies
    1. අවාසනාවට මෙන් ඒ බහුතරයයි. ඉතින් කුමක් කරමු ද?

      Delete
    2. උතුරු නැගෙනහිර ජනතාව චන්දය භාවිතා කළ ආකාරය ගැන නොකියා තිබීම අඩුවකි.

      Delete
    3. @ Anonymous 18 November 2019 at 15:56
      මගේ කියවීම නම් ඔවුන් හිටපු ආමිකාරයාව ප්‍රතික්‍ෂේප කරන අතර, තමන්ගේ නාමික නායකයින් කියන පදයට ඬැඩ කරන පිරිසක් සේ පෙනෙන බවයි

      Delete
  2. මගේ කාර්යාලයේ ඉංජිනේරුවන්ගේ ක්‍රියාකලාපය අනුව ගෝඨාට චන්දය දුන් සියළු දෙනා ඔබ කියන ආකාරයට අයිතියි. ඒ වගේම අපි දකුනේ කියා චන්දය දෙන පිරිසක්ද ඇත. මෛත්‍රීට ගිය සැරේ ඔවුන් චන්දය දුන්නත් මේ සැරේ අපි දකුනේ යන්න ප්‍රබලවී ඇත.
    අනෙක නම් සියළු ජාතිවාදියෝ ගෝඨාට මිස වෙනත් අපේක්‍ෂකයෙකුට චන්දය දීමට තුන් හිතකින් වත් හිතන්නේ නැත.
    පුද්ගලික ටී.වී ,වැනල් බැලීම නිසාද මන්දා මම ජාතිවදීන් යැයි සිහිනෙකින් වත් නොසිතු අය ජාතිවදී ලෙස මේ අවස්ඨාවේ ක්‍රියා කරනු දැකීමී
    තවත් පිරිසක් ජේෂ්ඨයන් කපාගෙන උසස්වීම් ලබා ගැනීමට ද එසේ කරති. මහින්දගේ කාලේ මේකේ හිටපු සභාපති ඔහුගේ යාළුවන් හට උසස්වීම් දුන්නිසා , එදාසිට කඩේ ගියඋන් තවමත් කඩේ යමින් සිටිති.
    යහපාලන මරාලේ ඇත්තටම මහින්දගේ කාලේ අසාධාරණයට ලක්වු කිසිම නිලධාරියෙකුට සාධාරනයක් නෙකිරිම නිසා . අසාධාරනයට ලක්වු අය අද කබලෙන් ලිපට වැටෙන තත්වයක් ද උදාවී ඇත.

    ReplyDelete
    Replies
    1. ඇස් කන් පියාගෙන කට වසාගෙන ඉන්න තමයි වෙන්නේ මද කලක් යනතුරු!

      Delete
  3. ඉතිහාසයේ ලියවෙනු ඇත හරි වැරදී
    ඔළු ගෙඩි මිසක මොළ නැත කිසිවිට පැරදී
    පුරවැසියනට ගැළපෙන නයුවෙක් එද්දී
    පතමු නොවන්නට පෙර සිදුවුණු වැරැදී

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත, බහුතරයට ගැලපෙන නායකයෙකු ලැබී ඇත. මණිඅක්ඛිත සරණයි!

      Delete
  4. සජිත් ප්‍රේමදාසට ජන්දය ලබා දුන් පුරවැසියන් ගැන රසිකගේ කියවීම කෙසේද?

    ReplyDelete
    Replies
    1. සජිත්ට ඡන්දය දුන් පිරිසෙන් බහුතරය පහත පරිදිය.
      1. උන් වෙනුවට මුන් ගෙනැවිත් සහනයක් ලැබේයැයි සිතන්නන්
      2. අන්ධ භක්තික යූඇම්පීකාරයින්
      ඒ දෙපිරිස අහිංසක අමනයින් වෙති.

      සුළුතරයක් කපටියන් ය. තමන් ගේ බඩගෝස්තරය සොයති. නමුත් ජාතිවාදීන් නම් නැති තරම් යැයි සිතමි.

      Delete
  5. We have gone back to medieval period. This is not a good time for scholars etc. Get ready for the witch hunt ;)

    ReplyDelete
    Replies
    1. ගෝටාබයට සහය දුන් සමහරුන්ගේ බලාපොරොත්තුව එයයි. නමුත් ජනාධිපති ගෝටා ගේ ක්‍රියාකලාපය ඒ සහචරයින් අපේක්‍ෂාභංගත්වයට පත් කරවීමට ඉඩ ඇත.

      All presidents in the past changed a lot after getting into the office. President Gotabaya is unlikely to be an exception.

      Delete

  6. උඹේ මතයට එකඟ නොවෙන අය අමනයො කියන්න උබ හරි බුද්ධිමතෙක් වෙන්න ඕනැ . නේද ?






    ReplyDelete
    Replies
    1. ගෝටාබයට ඡන්දය දුන් බහුතරයකට මා අමනයින් (innocent fools) කියා ඇත්තේ කිසිසේත්ම මගේ මතයට විරුද්ධ නිසා නොවේ.

      තමන් රට ගැන සිතන දේශප්‍රෙමීන් හෝ/සහ කළගුණ දන්නා යහපත් පුද්ගලයින් හෝ යැයි සිතා ගෝටාබයට ඡන්දය දෙන නිසා ය.

      Delete
  7. රසිකලා වගේ උදවිය ගෝටා එනවට අකමැති උනා. හැබැයි තියෙන උද්දච්ච කම හරි වෙන මොකක් හරි දෙයක් නිසා ගෝටාව පරාජය කිරීමේ හැකියාව තිබුන සජිත්ට සහය දුන්නේ නැහැ. අනුරට තමුන්ගේ සම්පුර්ණ සහය ලබා දුන්නා. වඩා නරක දේ ඉවත් කිරීමේ අවස්ථාව දැන් අහිමිව ඉවරයි. යහපාලන රජය යටතේ තිබුන නිදහස නිසා ඔබ වැනි අය අධිතක්සේරැවෙන් සිටියා විය හැකියි. දැන් ඉතිං කරන්න දෙයක් නැහැ. 2025 වසර වෙන තෙක් ගෝටාභය ජනපති. ඒ වන තෙක් අගමැති මහින්ද රාජපක්ෂ විය හැකියි. වහල්ලු වගේ ඉමු ඉතිං, වෙන කරන්න දෙයක් නෑ. මොකද ජිවිතේ රැක ගන්න එපයි ලංකාවේ ඉන්න අපි මොනා කරන්නත්..

    ReplyDelete
  8. ශ්‍රී ලාංකික ප්‍රජාව පැහැදිලිවම බෙදී ඇත."එක රටක්-එක ජාතියක්" සංකල්පය සිහිනයක්ම වේද?

    ReplyDelete
  9. මෙය ගෝටාබය නොව ගෝඨාභය විය යුතුයි - මම ගෝඨාභයට ඡන්දය ප්‍රකාශ කළෙමි - ඒ සැබෑ හා නම් කළ හැකි කරුණු මතය - මේ අනුව මා ද අමනයෙක් විය යුකුයැයි සිතමි - ලංකාවේ වර්තමාන තත්ත්වය ගැන කිසිඳු අවබෝධයකින් තොරව මෙවැනි හිස් ප්‍රලාප ලිවීම ගැන මම මගේ බලවත් අප්‍රසාදය ඔබ වෙත පළ කරමි
    ගෝඨාභයට ඡන්දය දුන් පිරිස අතර උග්‍ර වාර්ගවාදීන් මෙන්ම මීගමුවේ ජනතාවට අපහාස කළාක් වැනි බයියන්ද සිටීම තුළින් පමණක් ඔහුට ඡන්දය දීමට යොමුවූ හේතු අවලංගු නොවේ - කරුණාකර යහපාලන රජය යටතේ ශ්‍රී ලංකාව ආර්ථිකව හා අනිත් අංශවලින් පත් වූ තත්ත්වය අධ්‍යයනය කර ඔබේ අදහස් පළ කරන්න - ඉංජිනේරුවකු හා වෘත්තීයවේදියෙකු ලෙස වසර ගණනක් සේවය කරන ඔබ මෙවැනි වහලෙකුගේ තත්ත්වයට පත් වේ යැයි සිහිනෙන්වත් අපේක්ෂා නොකළෙමි

    ReplyDelete
    Replies
    1. @Secularist
      ඔබ මේ කොටස් හතර අතරින් එකකට අයිති ද?

      1. රට ගැන සිතන දේශප්‍රෙමීන්
      2. කළගුණ දන්නා යහපත් පුද්ගලයින්
      3. අමු ජාතිවාදීන් සහ ලාවට ජාතිවාදීන්
      4. පුද්ගලික වාසි සොයන අවස්ථාවාදීන්

      එසේ නම් ඒ කවර කොටසකට ද?

      එසේ නොමැති නම්, ඔබ ඔබව හඳුන්වා ගන්නේ කෙලෙස ද?

      ඔබ ඉහත 1 හෝ 2 හෝ කොටසට අයිති නම් සහ එනිසා ගෝටාබයට ඡන්දය දුන්නා නම්, මගේ අරුත් දැක්වීමට අනුව ඔබ අමනයෙකි.

      ඔබ ඉහත 3 හෝ 4 හෝ කොටසට අයිති නම් සහ එනිසා ගෝටාබයට ඡන්දය දුන්නා නම්, මගේ අරුත් දැක්වීමට අනුව ඔබ කපටියෙකි.

      Delete
    2. @Secularist
      මා වහලෙකු නොවේ.

      වහලෙකු නම් වහල් හිමියෙකු සිටිය යුතුය.

      මා වහලෙකු යැයි ඔබ පවසන්නේ නම් ඒ වහලාගේ වහල් හිමියා කවුද?

      Delete
    3. රසික - මම ඔබ විසින්ම නිර්වචනය කො‍ට ඇති එකකවත් යටතට ගත නොහැක - ඒ රාමුව තුළම තිබිය යුතුයැයි ඔබ සිතන්නේ කෙසේද? ඔබ වහලෙකු වන්නේ ඊනියා ලිබරල් චින්තනයේ- ඒ ලිබරල් නම් ආගම වෙනුවෙන් වහලෙකු වීමට ඔබ සැදී පැහැදී සිටී - ඒ අනුව පසුගිය රජයේ යටතේ රට පත්වූ තත්ත්වය ගැනවත් සොයා බැලීමට ඔබට ඉවසිල්ලක් නැත - එහෙත් ඔබගේ ලිබරල් ප්‍රාර්ථනා වලය කෙළවූ නිසා ප්‍රජාතාන්ත්‍රික මැතිවරණයකදී ඡන්දය දුන් පුරවැසියන්ට ගැරහීමට ඔබ සූදානම්ය - ජීවිත කාලයක් පක්ෂයක් වෙනුවෙන් ක‍‍ඩේ යන වහලෙකු හා ඔබ අතර වෙනසන් නැතිය

      Delete
    4. /* එසේ නොමැති නම්, ඔබ ඔබව හඳුන්වා ගන්නේ කෙලෙස ද? */

      Delete
  10. මෙතන සජිත්ට චන්දය දී ඇති පිරිස ජාතිවාදීන් නෙමෙයිද ?

    වසර 30 ක් යුද්දයෙන් පසු හමුදා මෙහෙයවපු හමුදාපතිට 2010 සුළු ජාතින් චන්දය දුන්නේ ඔවුන්ගේ ජාතිවාදී නායකයන් කියපු නිසා නෙමෙයිද ?
    විග්නේශ්වරම් ට ජයගන්න පුළුවන් චන්දයක් යාපනයේ තිබ්බේ මහින්ද රාජපක්ෂ, ඔබකියන ප්‍රජාත්න්ත්රවිරෝදී මිනිහා නෙමෙයිද ?
    එහෙම බලයට ගෙනාපු සුළුජාතික නායකයන් තම ජනතාවට කලේ කුමක්ද ?

    ReplyDelete
    Replies
    1. @Sri Lanka Tech

      එය වෙනම ලිපියකට මාතෘකාවකි. මේ ලිපිය ගෝටාබයට ඡන්දය දුන් උං ගැන ය.

      යාපනේ ඡන්දදායකයින් ගැන කෙටියෙන් කිව හැක්කේ ඔවුන් බහුතරයක් තම දේශපාලන නායකයින් පවසන ආකාරයට ඡන්දය දෙන අර්ධ වහළුන් සේ පෙනෙන බවයි!

      ඔවුන් ජාතිවාදීන් නම්, අර සිවාජිලිංගම් වැනි නමක් ඇති පුද්ගලයාට ඡන්දය දෙනු ඇත.

      Delete
  11. අනුර කුමාරට ජන්දය දුන් අය ගැන ඔබගේ අදහස දැන ගැනීමට කැමැත්තෙමි. (මා ජන්දය දුන්නේ සිරිතුංග ජයසුරියටය. එයට හේතුව නම් යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ සිසුන් උතුර මුලික කරගත් යෝජනා 13 ට එකග බව පැවසූ එකම අපේක්ෂකයා සිරිතුංග වීමය.

    එම යෝජනා පහත ඇත.
    01.නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යටතේ උතුරු නැගෙනහිර ඒකාබද්ධ කොට උතුරු නැගෙනහිර වෙනුවෙන් ස්වයං තීරණ අයිතිය ලබා ගැනීම.

    02.අවසන් යුධ සමයේ සිදුවු යුධ අපරාධ වෙනුවෙන් ජාත්‍යන්තර මැදිහත්වීමක් මත පරීක්ෂණයක් පවත්වා යුධ අපරාධකරුවන් වෙනුවෙන් දඩුවම් ලබාදීම.

    03.හදිසි නීතිය ඉවත් කිරීම.

    04.දෙමළ දේශපාලන සිරකරුවන් සියළුදෙනා නිදහස් කිරීම.

    05.අතුරුදහන්වූවන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම හා වැරදිකරුවන් වෙනුවෙන් දඩුවම් ලබාදීම.

    06.උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට අයත් පෞද්ගලික හා ර‍‍ජයේ ඉඩම් සියල්ල නිදහස් කිරීම.

    07.උතුරු නැගෙනහිර ස්ථාපිතව පවතින සියළු සිංහල බෞද්ධ විහාරස්ථාන හා සිංහල ගම්මාන වහාම ඉවත් කිරීම.
    08.මහවැලි සංවර්ධන ක්‍රියාවලිය යටතේ රජය විසින් සිදුකරන ලබන උතුරු පළාතේ සිංහල ජනාවාසකරණය හා නැගෙනහිර පළාතේ සිංහල ජනාවාසකරණය නවතා දැමීම හා සිදුකොට ඇති ජනාවාස ඉවත් කිරීම.

    09.වන්නි ප්‍රදේශය යටතේ ස්ථාපිත කොට ඇති සිංහල ජනාවාස ඉවත් කිරීම.

    10.පුරාවිද්‍යා,වනජිවි හා වනසංරක්ෂණ දෙපාර්තමේන්තු යටතට ගෙන ඇති දෙමළ ජනතාවගේ නිජ භුමිය වහාම අදාළ රජයේ ආයතන යටතින් නිදහස් කිරීම.

    11. යුද්ධයෙන් පීඩාවට ලක්වු උතුරු නැගෙනහිර තරුණ තරුණියන් වෙනුවෙන් රැකියා අවස්ථා ලබාදීමේදී ප්‍රමුඛතාවය ලබාදීම හා උතුරු නැගෙනහිර තරුණ තරුණියන්ගේ විරැකියා දුරලීම.

    12.උතුරු නැගෙනහිර පෞද්ගලික අංශයේ හා රජයේ රැකියා ලබාදිමේදී අදාළ අදාළ ප්‍රදේශයන්ගේ තරුණ තරුණියන්ට මුලිකත්වය ලබාදීම.

    13.උතුරු නැගෙනහිර සංවර්ධන කටයුතු සිදුකිරීමේදී අදාළ ප්‍රදේශයන් නියෝජනය කරන මහජන නියෝජිතයින්ගේ කැමැත්ත ලබාගෙන අදාළ ප්‍රදේශයන් නියෝජනය කරන මහජන කමිටුවක් හරහා සිදුකිරීම.)

    ReplyDelete
    Replies
    1. මා ද සිරිතුංග ජයසූරියට ඡන්දය දී ඇත. ඒ 1993 දී පමණ පැවති පලාත් සභා ඡන්දයේ දී ය.

      සම්ප්‍රාදායානූකූල ජවිපෙ සාමාජිකයින්ට අමතරව මෙවර ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය දුන්නේ ගොටාබයට සහ සජිත් යන දෙදෙනාටම අකමැති, තුන්වෙනි බලවේගයක අගය දකින අය යැයි සිතමි.

      Delete
  12. ජෙවිපෙට මෙම ජනාධිපතිවරනයේදී ගැනීමට තිබු තීරණය සජිත්ට සහය දීමයි. නැතිනම් ජන්දයට ඉදිරිපත් නොවී 2015 මෙන් කටයුතු කිරීමයි.

    එසේ කරා නම්,
    1) සජිත් දිනුවොත්,
    මීලග පාර්ලිමේන්තු මැතිවරණයෙදී ශක්තිමත් විපක්ෂයක් සැදීමේ අරමුණින් ජෙවිපෙට එජාප පාක්ෂිකයන්ගේ චන්දය ලබා ගැනීමට පවා තිබුනා. මොකද ගෝටා නමැති මිනීමරුවා පැරදවීමට සජිත්ට ජන්දය දෙන බොහෝ දෙනෙක් ඉන් පසු එන පාර්ලිමේන්තු ජන්දේදී ජෙවිපෙට චන්දය දීමට සුදානම්ව සිටි නිසා

    2) ගෝටා දින්නා නම්,
    ඉදිරියේ එන මිනීමරු පැසිස්ට්වාදී ගෝටාභයගේ මිනීමරු රෙජිමයට එරෙහිව ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් ඉල්ලීමේ සදාචාරාත්මක අයිතිය භාවිතා කරන්න ජෙවිපෙට තිබ්බා. හැබැයි ජෙවිපේ ජනාධිපතිවරනේදී කරේ ගෝටාගේ පාලනයක් ආවත් බය වෙන්න දෙයක් නැහැ, එයාට් කරන්න පුළුවන් දෙයක් නැහැ වගේ මැතිවරණ ප්‍රචාරණයක්. මොකද ජෙවිපේ බය උනා ගෝටා එනවට බයේ මිනිස්සු සජිත්ට ජන්දේ දෙයි කියලා. හැබැයි ජෙවිපේ ගනන් බැලීම වැරදි. ඊලග පාර්ලිමේන්තු ජන්දෙන් ආසන 4 ක් වත් ගනීද කියලා ෂුවර් නැහැ. අධිතක්සේරුවෙන් හිටපු ජෙවිපෙට ලැබෙන්න ඕනි ප්රතිඵලය ලැබී තියෙනවා.

    ReplyDelete
  13. me voted for sajith loku bro

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.