Friday, 11 September 2020

ප්‍රගතිය ද, අගතිය ද – හයේ පන්තියේ කතාවක් :: Dux or dud


සාමාන්‍යයෙන් පාසල් වාර පරීක්ෂණ පවත්වා, එහි ප්‍රතිඵල ඇතුළත් කර සකසන වාර්තාව හැඳින්වෙන්නේ "ප්‍රගති වාර්තාව" ලෙසිනි.

මෙය ද එවැන්නකි.

මේ 1973 දී හයවෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවෙකුගේ ප්‍රගති වාර්තාවකි.

ඒ කාලයේ අධ්‍යාපනය පිළිබඳ මගේ මූලික නිරීක්‍ෂණ මෙසේ ය.
  • වසරේ වාර පරීක්‍ෂණ තුනක් ඇත.
  • විෂයයන් දොළහකි.
  • චිත්‍ර, නැටුම් සහ සංගීතය යන සෞන්දර්ය විකල්ප විෂයයන්ගෙන් එකක් තෝරා ගත යුතුව තිබී ඇත.
  • ස්වභාවික සම්පත් යනු වෙනමම විෂයයකි!
  • ජ්‍යාමිතික හා යාන්ත්‍රික ඇඳීම ද වෙනමම විෂයයකි!
  • මෙහි ඇති ලී වැඩ නම් විෂයය සඳහා විකල්ප වූයේ ලෝහ වැඩ, මැටි වැඩ, කෘෂිකර්මය යනාදියයි.
  • සත්ව පාලනය සඳහා විකල්පයන් වූයේ වාණිජ්‍යය වැනි විෂයයන් ය.
  • සිසුවාගේ ලකුණු ප්‍රතිශතය මෙන්ම, පන්තියේ පළමුවෙනි ස්ථානය ලබා ගත් සිසුවාගේ ලකුණු ප්‍රතිශතය ද, පන්තියේ සියලුම සිසුන්ගේ ලකුණු ප්‍රතිශතයේ සාමාන්‍ය අගය ද දක්වා ඇත.
මෙය ප්‍රගති වාර්තාවක් ලෙස අප හඳුනා ගත්තද මේ සිසුවා අති බහුතරයක් විෂයයන් සඳහා වාර පරීක්‍ෂණ තුනේ දී ලබා ඇති මෙහි දැක්වෙන ලකුණු දෙස බලන විට එක්වරම පෙනී යන කාරණයක් නම්, මෙය මෙම හයවෙනි ශ්‍රේණියේ සිසුවාගේ ප්‍රගතිය පෙන්වන වාර්තාවක් නොව අගතිය පෙන්වනන්නක් බවයි.

තවත් හොඳින් පරීක්ෂා කර බැලුවොත් මේ පන්තියේ සිටි ප්‍රමාණයෙන් හතළිස් දෙනෙකු පමණ වූ සමස්ත සිසුන් පිරිසකගේම අගතිය මෙම වාර්තාවෙන් පෙන්නුම් කරන බව ද පෙනී යනු ඇත.

පන්තියේ පළමුවෙනියා වීම යනු අධ්‍යාපනයේ ප්‍රගතිය මැනීමට කිසිසේත්ම අදාළ නැති නිර්ණායකයක් බව මේ වාර්තාව අපූරුවට විදහා දක්වයි.

මේ වීඩියෝව ද නරඹන්න.


-රසික සූරියආරච්චි

ප/ලි
පාසල් විෂයය මාලාවේ අද තත්වය කෙසේ ද?
තවමත් පාසල් වාර පරීක්‍ෂණ පවත්වා සිසුන් මුළු ලකුණු අනුව පෙළ ගස්වා ඒ තත්වය වාර්තා කෙරෙනවා ද?

(image: )

6 comments:

  1. මීට අවුරුදු දහයකට වගේ පස්සේ.. අපට තිබ්බේ වාර පරීක්ෂණ දෙකයි. දැන් ආපහු වාර පරීක්ෂණ තුනක් ම තියෙනවා.. මම කල්පනා කරේ අපේ කාලේ මුළු සිස්ටම් එකම අගතියට ගිහින් තිබුනාවත්ද?

    ReplyDelete
    Replies
    1. දුක් වෙන්න එපා.
      මටත් හතේ පන්තියේ සිට තිබුණේ වාර පරීක්ෂණ දෙකක් පමණයි.
      ඕවා ඉතින් එච්චර වැදගත් කාරණා නොවෙයි නේ. වැදගත්ම දේ ාමාන්‍ය පෙළ විභාගයේ දී කොයිතරම් හොඳට ්‍රතිඵල ලබාගත හැකිද යන්නයි

      Delete
  2. රසික දන්නවද අද ගරු ත්‍යාගදීප්පන් තිලීබන් මැතිතුමාගේ 33 වන ගුණ සැමරුම වෙනුවෙන් මානුෂීය සැමරුමක් සිදු කිරීමට උත්සහ ගත් උතුරු පලාත් සභාවේ හිටපු මන්ත්‍රී වරයෙකු වූ එම්. කේ. සිවාජිලිංගම් මහතා අද (ලංකාවේ සැප්තැම්බර් 15) උදෑසන යාපනය කෝපායි පොලීසිය විසින් ඉතා නරුමවාදි සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස පොලිස් භාරයට ගෙන ඇති බව?

    මෑතකදී තිබූ මහා මැතිවරණයේ දී දුෂ්ට සිංහල ජාතිවාදී අමනයින් විසින් කරන ලද කුමන්ත්‍රණ නිසා පරාජයට පත් කරනු ලැබූ හිටපු මන්ත්‍රී සිවාජිලිංගම් මහතා යාපනය උරුම්පිරෛයි ප්‍රදේශයේදි තිලීබන් මහතාගේ රුව ඇතුලත් බැනරයක් ඉදිරිපිටදී පහන් දැල්වීමට ගත් උත්සහයකදී එම ස්ථානයට ගිය කෝපායි පොලිස් නිලධාරීන් විසින් ඔහුව පොලිස් භාරයට ගෙන ඇත.

    ලංකාවේ දමිළ භාෂාවෙන් පළ කරන ජනමාධ්‍යවේදීන් අදාල සිද්ධිය ගැන කෝපායි පොලීසියෙන් දිගටම කරගෙන ගිය විමසීම්ය වලට පස්සේ ප්‍රකාශ කළේ ඒ මන්ත්‍රී වරයා මේ වන තෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවටත් මහජන සාමය කඩවන අයුරින් ක්‍රියාකරන්නේ යැයි සැක පිට පොලිස් භාරයට ගෙන කෝපායි පොලිස් ස්ථානයට රැගෙනවිත් මහජන සාමය කඩවන අයුරින් ක්‍රියා නොකරන ලෙසට අවවාද කොට මුදා හැරීමට කටයුතු කරන බවත් විතරයි.

    මම හිතන්නේ ඔබට මතක ඇතැයි සිතිය හැකියි එදා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු නායකයෙකු වූ ත්‍යාගදීප්පන් තිලීබන් මහතා 1987 සැප්තම්බර් 15 වනදා ඉන්දීය සාමසාධක හමුදාවට එරෙහිව යාපනයේදී මාරාන්තික උපවාසයක් ආරම්භ කොට සැප්තම්බර් 26 වනදා මිය ගිය බව. මේක ගැන විරෝධය පළ කරමින් පෝස්ට් එකක් ලියන්න. මේකට දකුණේ සිංහල සමාජය තුළ කවුරුත් තාම විරෝධය දක්වලා නැහැ. මේ වගේ ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව කරනු ලබන අන්ත ජාතිවාදී අශීලාචාර ජඩ වැඩ වගේ දේවල් විවේචනය කරන්න ඕන.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.