Saturday, 6 February 2016

අවුරුදු දහයකුත් ගියා එහෙනම්? - A decade old memory...!


හෙට, පෙබරවාරි හත්වෙනිදා, මගේ ජීවිතයේ එක්තරා සංවත්සරයකි.

මේ විවාහ සංවත්සරය නොවේ. එය මැයි විසි අටවෙනිදා ය. උපන් දිනය ද නොවේ. එය ඔක්තෝබර් විසි හත්වෙනි දා ය. නමුත් මේ සංවත්සරය උපන් දින සංවත්සරයකට බොහෝ දුරට සමාන එකකි.

මේ සංවත්සරයට අදාල මුල් සිදුවීම සැමරීම පිණිස ඒ කාලයේ ම ලියා, දෙතුන් සැරයක් විවිධ තැන්වල පළ කළ කවි පන්තියක් නැවත රසිකොලොජියේ ද පළ කිරීමට සිතුවෙමි.

"හන්තාන අඩවියේ ගීතයේ" තාලයට මා ලියූ "ඝණ්ඨාර ශබ්දයෙන් ගීතයේ" අරුත සමහර දෙනාට නිවැරදිව තේරුම් ගැනීමට නොහැකි වුවද, මේ සරල කවි පන්තිය ගැන එවැනි ප්‍රශ්න ඇතිවේ යැයි නොසිතෙමි.

කෙසේ වෙතත්, නොරේරෙන තැනක් තියේ නම් කරුණාකර අසනු මැනවි. පසුව පහදා දෙමි.

දවස තාමත් තරුණයි

කපා දැමූ රඹ කඳ මෙන් වැටුණි ඇද
දපා එලෙස සිටියෙමි තණ පිටිය මැද
සැපා කියා දිය කෙළි විඳි කටක රද
තොපා දුන් ඔවා මට මිත අකැප විද

බඳවා රැහැන් ඉඳිකටු ලා දුබල ගතේ
හඬවා සයිරනය ඉගිලුනි ගිලන් රතේ
කැඳවා යන්න ආ මරුවා සිනාසෙතේ
වඩවා විරිය ගත දිරි ඉපිදවිමි සිතේ

නහර තුළ බැඳුණු කාරම් බලය දිදී
නතර කළා හදවත ගත සිසිල සැදී
වැතිර සිටි මගෙ ම රුව නිසසලව බැඳී
අතර තුර බැලූවෙමි සිට අහසෙ රැඳී

සිව් සාලිස් වසක ගතවෙන දිවි මගෙහී
ලිව් කවි මිසක කළ පොතකුදු නැති සඳෙහී
පව්! පුතු සිතෙන් යයි පිය මතකය ගිලිහී
එව් සිතුවිලි රැසින් ඇතිවිය දිරි සිතෙහී

එන් නට බැහැ තවම දාතම පැමිණ නැත
යන් නට පෙර කළ යුතු වැඩ අපරිමිත
සන් කර මරු යවා ආපසු එලොව වෙත
සන් සුන් ගත තුළට යළි වැද ගතිමි මිත

වැතිර ඇඳක දැඩි සැලකුම් ඒකකයේ
වයර ලා අතේ නාසයෙ ගෙලේ ළයේ
නිතර සිහින මැද ඔසු බල දරා කයේ
සසර කළ පවද ඒ ලෙස ගෙවී ගියේ


ඔබ සැමට නීරෝගී සැප පතමි. ජයවේවා!

-රසිකොලොජිස්ට්

62 comments:

  1. ඔහේ සිකැරට් අරක්කු නොබොන පුද්ගලයත් වෙච්චි...

    ReplyDelete
  2. මැරිලා ඉපදුණෑයි.

    ReplyDelete
  3. දීර්ඝායු වේවා

    ReplyDelete
  4. කාලෙකට කලින් කකා එලොව ගොස් මෙලොව ආ කතා පුවත නේද ? මට මතක විදිහට කකාගෙ මම මුලින්ම බලපු පෝස්‍ට් එක.
    දීර්ඝායු වේවා !!!!!

    ReplyDelete
  5. ///අතර තුර බැලූවෙමි සිට අහසෙ රැඳී///
    මේක ඇත්තටම මේ විදිහට සිද්ධ උනාද...

    අගනා නිර්මාණයක් වගේම මරණය දැක දැක ආපහු එන්න ලැබීම වාසනාවක්...

    ReplyDelete
    Replies
    1. වාසනාව විනාඩි කිහිපයක් ඇතුලත වෛද්‍ය පහසුකම් ලැබීම සහ දෙවන වර රෝහලේ දී ම සිදුවීමයි!

      Delete
  6. ඒ කියන්නෙ කකා මරුවට ගේම දීල දැන් අවුරුදු 10 ක්. හැක්..

    ReplyDelete
    Replies
    1. තාවකාලිකව.
      අන්තිමේ දී මාරයා ජයගන්නා බව සිකුරුයි!

      Delete
  7. සැහැල්ලුවෙන් ජීවත් වෙන්න....දීර්ඝායුෂ ඔබට...!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මිතුර.
      ඔබට ද දිගාසිරි පතමි.

      Delete
  8. මරණය සිහි කලාට ස්තුතියි. ආයුබෝවේවා....

    ReplyDelete
  9. දිර්ගායු පතමි රසික. ඒ වගේම නිරෝගිමත් කමින් ඉන්න, ඔබේ වැඩ කොටසත් කරන්න කාලය සොයා ගන්න ලැබේවා!

    ReplyDelete
    Replies
    1. Thanks Mate,
      යන්නට පෙර කළ යුතු වැඩ අපරිමිත

      Delete
  10. අගනා නිර්මාණයක්.සැත්කමින් දසවෙනි සංවත්සරයේදී ඔබට නිරෝගී සුව පතමි.

    ReplyDelete
  11. කා ගැනද මේ ලියන්නේ ගොක්කොල සුදු ඉටිකොළ පටි සොහොන් මාක් සයිරන් නාද ඇයි ආයි කලබල ?

    ReplyDelete
  12. මාර පරාජයේ දස සංවත්සරය.. සුභපැතුම් සහ නිරෝගී සුව පතනවා...

    ReplyDelete
  13. නිරෝගී සුව පතනවා රසික !!!

    ReplyDelete
    Replies
    1. මීට මාස හයකට කලින් වයිෆ්ගෙ තාත්තට ඔය කඩඉම පහුකරන්න බැරිවුණා රසික … මිණිබිරියගෙ මූණ බලන්න ආසාවෙන් හිටපු එයා හරියටම ඊට සති දෙකකට කලින් යන්න ගියා !!

      Delete
    2. දවස ආවාම යන්න වෙනවා.
      දවස කවදද නොදැනීමයි ප්‍රශ්නය!
      http://rasikalogy.blogspot.com/2016/02/two-funny-stories-about-death.html

      Delete
  14. මීට කලකට පෙර ඔබ චායාරූපයක්ද සමගින් මේ පිළිබඳව සටහනක් යොදා තිබුණු බව මතකයි.ඔබට දීර්ඝායුෂ සහ නිරෝගී සුවය පතමි.

    ReplyDelete
  15. මේ අර කලින් මරුවා සමග වාසේ කොට ආපු වෙලාව ගැන නේද???

    ReplyDelete
    Replies
    1. මගේ වාසයක් නැත!
      මරුවා සමග වාසය කලේ සිරිපාල නේද?

      Delete
  16. දෙවෙනි උපන් දිනේ, ඔබට නිරෝගී සුව පතමි.
    මගේ මිතුරියකටත් මෙවැනි අත්දැකීමක් තිබෙනවා, දියේ ගිලී යාමක් නිසා.
    ඔබ පුතා ගැන සිතු හැටි කියවා මට දුකක් දැනුන. මගේ පියාණන් ටත් මෙසේ සිතෙන්නට ඇති නමුත්, ඔබගේ පුතනුවන්ට වඩා මා පවු කර ඇති..

    ReplyDelete
    Replies
    1. ඔබේ සිතේ දුක තුරන් වී ඇතැයි සිතමි.

      දවස ආවාම යන්න වෙනවා. දවස කවදද නොදැනීමයි ප්‍රශ්නය!

      Delete
  17. මේ ජාතියේ සංවත්සරයක් ගැන ඇහුවමයි රසික...

    ඔබට දීර්ඝායු පතමි...

    ReplyDelete
  18. ජනවාරි පළමුවැනිදා කියන්නෙත් ඔය ජාතියේ සංවත්සරයක්ලු නේද?

    ReplyDelete
    Replies
    1. එය නම් නොනිමි.
      ග්‍රීක ජනේරු දෙවියා ගේ ද?

      Delete
  19. මේ පෝස්ට් එකත් පරණ ඒවාත් බැලූ විට හිතන්නට ගොඩක් දේවල් තිබේ. අමුතුවෙන් කියන්නට විශේෂ දෙයක් නැත. බ්ලොග් එකක් ලිවීම යනු දරුවකු සැදීම මෙන්ම ඉතිහාසයේ ඉඩක් අයිති කර ගැනීමකි. ඉතිහාසයේ ඉඩක් වෙන් කර ගන්නා අයට මරණයෙන් මතුද කලක් ජීවත් විය හැකිය.

    ReplyDelete
    Replies
    1. මරණයෙන් මතු ජීවත් වීම වැදගත් මළ අයට නොව ජීවත්ව සිටින අයටය!

      Delete
  20. හරියට තේරුනෙත් නැහැ. තණ පිටියක ක්‍රීඩා කරද්දී ඇදන් වැටුන අප හිතාදර මහතා කාලයක් රෝහලක ගත කලා වත්ද? දීර්ඝායු වේවායි පතමි.

    ReplyDelete
  21. 120 ට 220 ක් ආවඩා ආයු බ‍ෝ ව‍ෙිවා

    ReplyDelete
    Replies
    1. සීයක් හිටියාම හොඳටෝම ඇති නේද?

      Delete
    2. -->

      https://www.google.com.au/url?sa=t&rct=j&q=&esrc=s&source=web&cd=2&cad=rja&uact=8&ved=0ahUKEwjOqOCl5vPKAhUClJQKHVrlCHMQFgglMAE&url=http%3A%2F%2Fwww.theatlantic.com%2Fmagazine%2Farchive%2F2014%2F10%2Fwhy-i-hope-to-die-at-75%2F379329%2F&usg=AFQjCNFT--aBawLVVoqIFQVKjovFDtD2uw&sig2=DewBuyRbphilAdINCYhbrA&bvm=bv.114195076,d.dGo

      Delete
  22. එසේම වේවා රසිකිලොජි ඔබටත් හොද අර්ථවත් කවි පන්තියක් http://topnetsystem.blogspot.com/

    ReplyDelete
  23. රසික ... තව දහයේ ඒවා පහක් විතර දාගමු ... ඔහොම යං ...!!

    ReplyDelete
    Replies
    1. සෑහෙන්න වොඩ්කා අවශ්‍යවෙයි තව දහයේ ඒවා පහක් දාන්න නම්!

      Delete
  24. රසික, මාරයා පරාජය කරා කියන්නේ ලේසි පහසු කෙලියක් නෙවේ. පවට වටා පින බලවත් උනා. පුලුවන් තරම් පින් රැස් කරගන්ට.

    සති තුනකට කලින් අපේ අම්මා මරුවාට පරාජය වෙලා අපිව දාලා යන්ට ගියා.

    ReplyDelete
    Replies
    1. මගේ සංවේගය කැන්ඩියන්.
      ඔබේ දුක කෙමෙන් තුනී වී යමින් ඇතැයි සිතමි!

      Delete
  25. siddiya apuruwata kaviyata nirmaanaya kerala thiyanawa.
    Rasikata hadawathinma deergayusa pathanawa.!

    ReplyDelete
  26. අකුරු අතරෙ නොමියෙන මිනිසෙකු බිහිකරලා ජීවත් කරන අතරතුර මරණයත් අමතක නොකර හිඳීම ජීවිතය ගැන ඇති අවබෝධය ම මිස වෙන කුමක්ද?
    සුවපත් වේවා..!!
    ජයවේවා..!!

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.