මගේ සිතට එන, මට වැදගත් යැයි සිතෙන, ඕනෑම දෙයක් රසිකොලොජියේ පළවෙනු ඇත.
Whatever I see fit.
eMail: rasikologist@gmail.com
Wednesday, 10 June 2015
ඕස්ට්‍රේලියාවේ කුණු රෙජීමයෙන් හොඳ ළමයි බිහිවෙන හැටි - Garbage regime in Australia
මා වෙසෙන ගම, නගරය හෝ රට යනු කිසිසේත් ම කුණුවලින් මුළුමනින් ම තොර සුපිරි පරිසරයක් නොවේ.
සමහර විටෙක මග දෙපස හිස් බෝතල්, කෑන්, සිගරට් කොට, චොකලට් දවටන යනාදිය දක්නට ලැබේ. මා මේ සටහන ලියන මොහොතේ දුම්රියේ ආසන දෙස බැලූ විට පෙනේන්නේ, සමහරු තමන් කියවමින් සිටි පුවත්පත් (බොහෝ විට මේ නොමිලයේ දෙන සවස පුවත්පතයි) යනාදිය ආසන මත තබා ගොස් ඇති බවයි.
නමුත් මෙහි ඇති වෙනස නම්, පරිසරය අපවිත්‍ර නොකොට නිසි ලෙස කුණු බැහැර කිරීමට ක්‍රම සාදා තිබීමත්, ඊටත් වඩා තමන් ගේ කුණු නොමිලයේ ම අනුන් ගේ කුණු බවට පත් කරන්නට සිතන්නන් ඉතා අඩුවීමත් ය.
මා කලින් ලිපියක ලියූ පරිදි අපේ ගමේ නිවාසවල එකතුවෙන කුණු රැගෙන ගොස් එවා නිසි පරිදි කළමනාකරණය කිරීම නගර සභාවේ රාජකාරියයි. ඒ සඳහා ද, නගර සභාවෙන් කෙරෙන අනෙකුත් පොදු සේවා සැපයීම සඳහා ද අපි හැම කාර්තුවක ම මුදල් ගෙවමු.
අපේ ප්‍රදේශයේ හැම නිවසකටම නගර සභාවෙන් කුණු එකතු කරන විශාල ප්ලාස්ටික් භාජන තුනක් දී තිබේ. අප කළ යුත්තේ ඒවාට කැළි කසළ පුරවා සතියේ නියමිත දිනයේ නිවස ඉදිරිපිට පාර අයිනේ තැබීමයි. නගරසභා කුණු ලොරියෙන් ඒවා ඉවත් කෙරේ.
නිවසේ එකතුවෙන දිරා යන දේ (කුස්සියේ එළවළු පොතු, මස්, මාළු කැබලි යනාදී අපද්‍රව්‍ය සහ වත්තේ පිටියේ තණකොළ යනාදී කොම්පෝස්ට් කළ හැකි දේ) අප එකතු කළ යුත්තේ කොළ පාට භාජනයටය. මෙහිදී කුස්සියේ අපද්‍රව්‍ය දැමීම සඳහා දිරා යන සුවිශේෂී කොම්පෝස්ට් මලු වර්ගයක් ද අප හට සපයා තිබේ. මේ කොළ පැහැති භාජනයේ අපද්‍රව්‍ය නගර සභාව මගින් සෑම සතියකම නියමිත දිනයේ දී ඉවත් කරනු ලැබේ.
ප්‍රතිචක්‍රීකරණය කළ හැකි වීදුරු, ටින්, ප්ලාස්ටික් සහ වීදුරු බෝතල් සහ කඩදාසි යන අපද්‍රව්‍ය අප එකතු කළ යුත්තේ කහ පැහැති භාජනයටයි. මෙය ඉවත් කෙරෙන්නේ දෙසතියකට වරකි.
අනෙකුත් සියලුම අපද්‍රව්‍ය, විශේෂයෙන්ම ප්ලාස්ටික් මළුවල දැමූ අපද්‍රව්‍ය අප එකතු කළ යුත්තේ රතු පැහැති භාජනයට ය. එහි එකතුවන දෑ සෑම සති දෙකකට ම වරක් ඉවත් කෙරේ.
මෙහි දී යම් පාපෝච්චාරණයක් කළ යුතුව ඇත.
දිරා යන අපද්‍රව්‍ය තෝරමින් සුවිශේෂී මලුවලට දමා කොළ පැහැති භාජනයට දැමීම තරමක අමතර කර්තව්‍යයකි. එනිසා මා නම් එසේ කිරීමට පෙළඹෙන්නේ ඕනෑම කුණු ගොඩක් දැමිය හැකි රතු පැහැති කුණු භාජනය හිස් නොකරන සතිවල දී පමණි.
නිවසෙන් ඉවත් කෙරෙන ගෘහ භාණ්ඩ, විශාල පෙට්ටි යනාදිය හෝ ගෙවත්තෙන් ගස්වලින් ඉවත් කෙරෙන විශාල ප්‍රමාණයේ අතු යනාදිය වෙතොත්, හැම කාර්තුවකටම වරක් අපට විශේෂ කුණු ඉවත් කිරීමක් යොදා ගත හැකිය.
ගමක්, නගරයක් අපිරිසිදු වෙන්නේ නිවෙස්වලින් බැහැර කෙරෙන අපද්‍රව්‍ය නිසා නොවේ. එක්කෝ නොසැලකිලිමත්කම නිසා හෝ හිතා මතා හෝ කෙරෙන අනිසි දේ නිසාය. එවැනි දේ වළකා ගත හැක්කේ ජනතාව ගේ සහභාගීත්වයෙන් පමණි. ඒ සඳහා ප්‍රජාවක සාමාජිකයින් තමන් ගේ යුතුකම් ගැන වැටහීමක් ඇති කර ගැනීම අත්‍යවශ්‍ය වේ.
එය කුඩා කාලයේ සිටම අපේ චින්තනය තුළට ඇතුළත් විය යුතු සාරධර්මයකි. තැන නොතැන නොබලා, කිසිදු වගකීමකින් තොරව, යන යන හැම තැනම කුණු දමන්නට පුරුදු වූ පසු එයින් ගැලවීම පහසු නැත.
"ක්ලීන් අප් ඕස්ටේර්ලියා ඩේ" නමින් තමන් අවට වට පිටාව පිරිසිදු කිරීමේ සුවිශාල එක් දින ව්‍යාපාරයක් රට පුරාම ක්‍රියාත්මක කෙරෙන්නේ ඒ සාරධර්මය ගැන යම් අදහසක් හෝ අපේ සිත් තුළට ඇතුළු කරන්නටයි.
එක් කුඩා කථාවකින් මේ ලිපිය අවසන් කරමි.
මීට වසර කිහිපයකට පෙර මම එවකට ප්‍රාථමික පාසලේ ඉගෙනුම ලබමින් සිටි මගේ දියණිය සමග නිවස කරා පයින් ගමන් කරමින් සිටියෙමි. ඇවිදින මං තීරුව අසලම තණකොළ මත්තේ කුඩා ප්‍රමාණයේ හිස් බියර් බෝතලයක් තිබෙනු පෙනුණි.
මේ බොහෝ විට ඊයේ රාත්‍රීයේ කොලු ගැටයෙකු කර තිබූ හපන්කමකි.
ඒ ගැන කිසි තැකීමක් නොකළ මා කළේ එතැනින් යන අතර එයට පයින් පහරක් දී පාරේ අයිනට තල්ලු කිරීමයි. නමුත් මගේ දියණිය ගේ ප්‍රතිචාරය සහමුලින් ම වෙනස් එකක් විය.
"බලන්න තාත්තී මේ සමහර නෝටී මනුස්සයින් තමන් ඉන්නා පරිසරය ගැන කිසිම තැකීමක් නැති හැටි, අයියෝ! මේ බියර් බෝතල් පාරේ දාලා ගිහින්!" කියමින් ඇය ඇත්තට ම අඬන්නට පටන් ගත්තා ය.
"හරි, හරි, ඉන්න අපි හරි දේ කරමු!" යනුවෙන් කියූ මා කළේ, බියර් කුප්පිය අහුලා ගෙනවිත් අපේ නිවසේ ප්‍රතිචක්‍රීයකරණ භාජනයට දැමීමයි.
මා හොඳ ළමයෙකු වූයේ ඒ ආකාරයට ය!
-රසිකොලොජිස්ට්
ප/ලි:
කුණු කතා කිහිපයක් ම එක දිගට ලියූවෙමි. තව ඇත්තේ එකක් පමණි.
Labels:
කුණු කතා,
ගමේ කතා,
සංක්රමණිකයෝ,
සිඩ්නි නගරය
Subscribe to:
Post Comments (Atom)
අයිසෙ රසික බලනවකො මේ රටවල්වල් ජීවත් වෙන්න හරිම අමාරුයිනෙ.
ReplyDeleteපහුගිය සතියෙ අපි කීප දෙනෙක් කන්දක් උඩ කෑම්පින් ගිහින් එද්දි, එතන එකතු උන කුනු ගෝනියක් විතර ආපහු කිමී 50ක් විතර ගෙදරටම ගේන්න උනානෙ.
I say, කුණු කියන්නේ ගෙනියන දේවලින් ඉතුරු වෙන ටිකනේ. කළ යුත්තේ ඔවැනි තැන්වලට අරගෙන යන දේවල් සීමා කිරීමයි.
Deleteමාත් හරිම ආසාවෙන් ඉන්නේ මවුන්ට් ෆූජියාමා බලන්න යන්න නම්!
යෝකොසො
Deleteඔයි
Deleteඅයිසේ තමුසෙයි රාලොජි මිත්‍රපුක් ගහනවනේද පාන් කකා
ඊලඟ පරම්පරාව පුරුද්දක් විදියට තැන තැන කුණු නොදැමීම තමයි වැදගත්ම දේ.
ReplyDeleteඑහෙනම් ඉතිං දැම්ම තියා පොඩි රාජ්ට නිවරැදි දේ පුරුදු කරන්න. හැබැයි ආදර්ශය උතුම් අවවාදයට වඩා!
Deleteමං කලින් දවසක කියපු විදියට අපේ තාත්තා නම් කළේ කුණුවලක් සාදා කුණු ඒකට දැමීමයි. පොඩි ඉඩම් කෑලිවල ඒවා බෑ!
පොඩි එකාට නං දිනපතාම පුරුදු කරනව.
Deleteකුණු ප්‍රශ්නය ටිකක් විතර අපටත් තියනව. මේ දවස්වල ඉන්න ගෙදර නාගරික සීමාවේ තිබුනට අපි ඉන්නෙ කුණු ට්‍රැක්ටරයෙ පාත් එකට ටිකක් දුරින් නිසා කුණු දාන්න විදියක් නෑ. ට්‍රැක්ටරය යන පාරෙ කුණු දාන්න තැනක් අැත්තෙත් නෑ. ඔක්කෝටම වැඩිය ට්‍රැක්ටරය යන වෙලාවට දෙන්නම ගෙදරත් නෑ.
ඉතිං අපි කරන්නෙ කුණු පිච්චීම. පොලිතීන් නං එකතු කරල ට්‍රැක්ටරේට දානව ගෙදර ඉන්න දවසට
රාජ් පාවිච්චි කරපු කොන්ඩෝම් විසි කරන්නෙ කොහාටද?
Deleteහික්ස්.... ඒක හෝදලා වේලලා හෙට පාවිච්චි කරනවා...හුක්ස්ස් ....රාජ්ගේ කොන්ඩෝම ප්‍රතිචක්‍රීයකරණය ඌක්ක්ස්ස්
Deleteමම නං ඉන්නේ කොළඹ නගරය ආසන්නයේ. මගේ නිවස තියෙන්නේ පර්චස් 10 ක පමණ බිම් කැබැල්ලක. මෙහි කුණු එකතු කරන්න නගරසභාවේ උදවිය පැමිණියත් මම නිවසේ එකතුවන කුණු ආදිය ඔවුන්ට ලබාදෙන්නේ නෑ. මොකද ලංකාවේ කසල කළමනාකරණය කියන්නේ එකතුවන කුණු ඔක්කොම ටික නගරසභාවේ ට්‍රැක්ටර් වලින් අරං ගිහින් කොහේ හරි වගුරු බිමකට, කැලෑවකට අතාරින එකයි. මම ඒ දේට කැමති නෑ.
ReplyDeleteමම දන්නා කාලේ ඉදන්ම අපේ ගෙදර මුළුතැන්ගෙයි කසල බදුන් දෙකක් තබා තිබුනා. නිවසේ ඇති දිරායන ද්‍රව්‍යය දැම්මේ මෙයින් එක බදුනකට. පොලිතින් බෑග්, ප්ලාස්ටික් වැනි අපද්‍රව්‍යය දැම්මේ අනික් බදුනට. මේ එකතුවන ද්‍රව්‍ය වත්තේ තබා ඇති විශාල බදුන් දෙකට දමනවා. දිරායන ද්‍රව්‍ය නම් ගැටලුවක් නැහැනේ. අනිකුත් ප්ලාස්ටික් සහ විදුරු බෝතල් ආදිය එකතු උනාම අසල තිබෙනවා නිසි අයුරින් කසල කළමනාකරණය කරන ආයතනයක්. ඒ අය මේ ප්ලාස්ටික් ආදියෙන් නැවත භාණ්ඩ සකසනවා. අන්න එතනට මාත් නිවසේ එකතුවන පොලිතින් ආදිය ගිහින් දෙනවා. ඒ අය මුදලකුත් දෙනවා,එතනට විදුරු,ප්ලාස්ටික් ආදිය ලබා දුන්නම. ඒත් මම නං කිසිම දිනක ඒ මුදල් අරගෙන නෑ. ලංකාව වගේ රටක ඒ උදවිය කරන සත්කාරයට අපියි ගෙවන්න ඕනි.
අනික තමයි මම නං බස් ටිකට් එක වත් බිම දාන්නේ නෑ. එකත් ගෙදර ඇවිත් කසල බදුනට තමයි දාන්නේ. මගේ වාහනේ ගමනක් ගිහින් එනකොට එකේ ඇතුලේ එක එක කුණු සැහෙන ප්‍රමාණයක් එකතුවෙලා. මොකද ගමනක් යද්දී මගදී භාවිතා කරන අහාර ඇතුළු වෙනත් දෑ වල දවටන ආදිය සියල්ලම මම මග දාන්නේ නෑ. ඒවා ගෙදර ගෙනත් නිසි අයුරින් බැහැර කරනවා.
මම සමහර වෙලාවට දකිනවා මිනිස්සු පොලිතින් මලු ආදිය ඔහේ පාරේ අයිනට විසිකරලා යනවා. හරිම දුකයි මිනිස්සු ඒ වගේ හැසිරෙනවා දකිද්දී. ලංකාවේ කොහේ උනත් පොලොව අඩියක් දෙකක් හාරලා බලන්න. පොළොවේ තනිකර තියෙන්නේ විදුරු කෑලි, දිරනොගිය පොලිතින්,ප්ලාස්ටික් කැබලි ආදිය. ගෙයක් එහෙම හදද්දී ගෙපල කපද්දී බලන්න තත්වේ. මිනිස්සු වසර ගානක් තිස්සේ පොලොවට කරලා තියෙන අපරාධය.
නගර සභාවේ කුණු පුච්චන ක්‍රමයකුත් තියෙනවා නේද?
Deleteමෙහේ අපද්‍රව්‍යත් ඉඩම් ගොඩ කිරීමට යොදා ගන්නවා.
කොලොන්නාව පැත්තේ කුණු කන්ද ගැන නම් ලඟදීත් ලොකු උද්ඝෝෂණයක් ගිය බව දැන ගත්තා.
දයල් බතී බ්ලොග්ලරුවා කීප වරක්ම ලියා තිබුණා ඒ ගැන.
ඔබේ කුණු කලමනාකරණ වැඩ පිළිවෙල අති ප්‍රශංසනීයයි. ජයවේවා!
හිතවත් ඇනෝ,
Deleteඔබේ නිවස අසල තියෙන කසළ කළමණාකරණය කරන ආයතනයේ නම, ලිපිනය, දුරකතන අංකයක් ලබදෙන්න පුළුවංද? මම ජීවත් වන ප්‍රදේශයේ කසළ බැහැර කිරීමේ ගැටළුව දැඩිව තියෙනවා. ඔබ සඳහන් කරපු ආයතනය හරහා ඒ ගැටළුවට යම් විසඳුමක් ලබාගන්න හැකි වේවි.
ඒ විස්තර ඊමේල් කරන්න පුළුවං නං බොහෝම ස්තූතියි... ceylonerana@gmail.com
රසික හොද ළමයකු වූ ක්‍රමය, හවසට ගෙදර අඩව්වු අල්ලන තාත්තලා, සීයලා යහපත් තාත්තලා, සීයලා කරන්න ලංකාවේ කිප තැනකම සාර්තකව යොදාගෙන ඇතිබව අපි පසුගිය දිනවල කරපු ගවේෂණයකදී (කකුල් දෙකේ අයට) සොයාගත්තා.
ReplyDeleteමත්පැන් බීම ගැන ද මේ කියන්නේ?
Deleteඅපි පළාත් පාලන අමාත්‍යාංශයෙ හිටිය කාලෙ පටං ගැනුනා ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතියක්... අන්තිමේ මොනවා වුනාද දන්නෑ, හැබැයි තාම ලංකාවෙ නම් කුණු කියන්නෙ මහා දැවැන්ත ප්‍රශ්නයක්.
ReplyDeleteලොකුම කුණුගොඩ මීතොටමුල්ලේ නේද?
Deleteමේ ඒ ගැන දයල් බතී ලියපු ලිපි.
1. හිරුණිකා දුවේ- අයිස් බකට් චැලෙන්ජ් එක කුණු ගොඩ අයිං කරන එකට වඩා ලොකුද
http://dayal-bathee.blogspot.com/2014/09/blog-post_10.html
2. ඇස් නැති කන් නැති නාසා නැති බඹ ලොව ජීවීන් වගේ අපේ ජීවිතේ මල්ලී!! A Bloody Hell on Earth
dayal-bathee.blogspot.com/2015/0/blog-post_26.html
බලාගෙන ගියාම ඔයා හොඳ ළමයෙක් වෙලා ති්යෙන්නේ අනුන්ගේ කුණු තමන්ගේ ගෙදර ගෙනැලලනේ !
ReplyDeleteඔහේට හොඳ ළමයෙක් වෙන්න බැරිවුනා නේද තාම?
Deleteඕකට ගොඩක්ම හේතුවෙන්නේ විනය නැත්නම් හැදියාව. මම දැන් ඉන්න රටෙත් හෙන චර්ට් ඩයල් ඕන තරම් ඉන්නවා. එත් මිනිස්සු නීති රීති වලට ගරු කරනවා. මේ ලගදි හෝර්ටන් තැන්න ගිය වෙලාවේ එකේ තිබ්බ වැසිකිලි අපේ කට්ටිය විනාස කරලා තිබ්බ හැටි දැක්කම් දුකේ බැහැ
ReplyDeleteඒකට අපි විනය තකා වැඩ කොරන්ට ඕන
Deleteකසල කළමනාකරණය ගැන අපි දක්වන ආකල්ප හරි ප්‍රථමිකයි.අපේ කුණු අනුන්ගේ නොකට තියා ගන්න පුළුවන් තරම් උත්සහා ගන්න ඕනේ.
ReplyDeleteඑක ලිපියකට සීමා කරන්න එපා.. අවුරුද්ද පුරාම කඩින් කඩවත් ලියන්න.. අඳුරට සාප නොකර එක පහනක් වත් දල්වන ඔබට මගේ ප්‍රණාමය!
ReplyDeleteරසික ඔබේ ලිපි ඇතැම් විට ලංකානිව්ස්වෙබ් හා නෙලුම් යයේ පල කෙරෙනව. ඒ පිළිබඳව ලින්ක් දැමීම අනවශ්‍ය යයි හිතනවා. http://nelumyaya.com/?p=2998
ReplyDeleteකුණු දැමීම ගැන සජ්ජා, දයාල් බැති හා රසික ලිය තිබෙනවා. ප්‍රශ්නය හැකි තරම ජනටහ්ව අතරට ගෙනියන එක හොඳයි. බ්ලොග් කරුවන්ගෙන් කීන සමාජ සත්කාරයත් එයයි. අර වේයන්ගොඩ විදුහලක විදුහල්පති ගස් කපන එකටත් දැන් පොඩි උද්ඝෝෂණයක් ඇවිලිලා. මේවට තමා පි බ්ලොග් කරුවන් වශයෙන් සහයෝගය දෙන්න ඕනේ. දේපාලන භේදයක් නැතිව අපට සහයෝගය දිය හැකියි.
රසික මේ ලියන ලිපිවලින් සතපහක වැඩක් නොවන බව මම දනිමි. රසිකගේ ලිපි කියවන්නේ ඉතා ටික දෙනකු පමණ ය. මා දන්නා කිසිම දේශපාලනඥයෙක් රසික ලියන ලිපියක් නො කියවයි. ජාතික ව්‍යාපාරයේ ඇත්තෝ ද රසිකගේ ලිපිවත් ඒ පුවත්පත්වල ලිපිවත් නො කියවති. ඡන්දදායකයන්ගෙන් පනස්දාහකට එක් අයකුවත් රසිකගේ ලිපි කියවන්නේ නැති බව පැහැදිලි ය. එපමණක් නොව ඒ කියවන අයගෙන් ද බොහෝ දෙනකු සිතන්නේ රසික සංගත ව නොලියන බවත් ලිපිවල පරස්පර ඇති බවත් රසිකට එල්ලයක් නොමැති බවත් ය. ඔවුන්ට අනුව ලිපිවල ඇත්තේ විසුරුණු ස්වභාවයකි, රසිකගේ ලිපිවල අන්තර්ගතය මාතෘකාව සමග බැඳී නැත.
ReplyDeleteඑසේ නම් මේ ලිපි ලිවීමේ තේරුමක් ඇත් ද යන ප්‍රශ්නය අසන්නට ඇතැමුන් පෙළඹෙනු ඇත. රසික ලියන්නේ ඔහුට එයින් සතුටක් ලැබෙන බැවිනි. එමෙන් ම රසික ලියන්නේ ගුරුවරයා දුන් පූර්ව නිර්ණිත මාතෘකාවකට අනුව ලියන පාසල් රචනා නො වේ. රසික බොහෝ විට මාතෘකාවක් ගැන සිතන්නේ ලිපිය ලිවීමෙන් පසුව ය. මේ සියල්ලෙන් කියැවෙන්නේ රසිකගේ ආත්මාර්ථකාමී, අනෙක් අය නොසලකන, උද්ධච්ඡ ආකල්පය යැයි කිසිවකු කීමට ඉඩ ඇත.
තෑන්ක්ස් නලින්ද!
Deletehttp://www1.kalaya.org/2015/06/blog-post_10.html
දැන් මේ පැති වලත් ප්‍රතිචක්‍රීය කළ හැකි දුව්‍ය (කාඩ්බෝඩ්, වීදුරු, ප්ලාස්ටික්) එකතු කරන ස්ථාන තියෙනව. ඒ නිසා කොළඹ වගේ ලොකු නගරවල එහෙම තැන් නොතිබෙන්න හේතුවක් නෑ.ඒ නිසා නගර සභාවෙ හෝ ප්‍රාදේශීය සභාවෙ කුණු වල පුරවන්නෙ නැතුව ඒ තැනකට ඒ වගේ කුණු ගිහින් දෙන්න පුලුවන්. මිනිස්සුන්ගෙ උනන්දුවක් නැති කම තමයි හැම දේකටම මුල.
ReplyDeleteඅපි නම් ඉතිං - කණු කුණු - ගානවා // ඒ මදැයි හොඳටොම
ReplyDeleteකුණු කළමණාකරනය සදහා අවශ්‍ය ප්‍රාග්ධනය යෙදවිය හැකි නං, මිනිස්සුන්ගේ ආකල්පමය වෙනසක් උනත් කරන්න ඇහැකි. මං කිව්වේ කුණු වෙන් කරල දෙන අයට, නිසි ලෙස මධ්‍යස්ථාන වලට භාර දෙන අයට කම්ප්ලිමන්ට් විදියට කුණු වෙන් කරල දාන්න පාට පාට බෑග්, කුණු බාල්දි දෙන්න ඕන.. මම මේ ගැන යම් වාර්තාවක් එක් මහ නගර සභාවකට දුන්නා. වැඩක් නෑ අනේ සල්ලි නෑලු
ReplyDeleteකුණු බැහැර කිරීමට ක්‍රමවේදයක් අජන්තා පෙරේරා යෝජනා කළා නේද ? අජන්තා පෙරේරාට මොකද උනේ ?
ReplyDeleteමේ ළිපි කුණු ගැන උනත් රන් හා වටිනවා කියලා කිව්වනේ.. අපේ උන්ට ඉගෙන ගන්න ඕන නම් මේන් පෝස්ට්...
ReplyDeleteමමත් පාරෙදි ටොපි කොලයක්වත් විසි කරන්නෙ නෑ පොඩි මෙන්ඩා ඉස්සරහා විශේෂයෙන්ම..
ReplyDeleteඅපෙත් ඔය සිස්ටම් එකම තමයි.. වෙනස ඉතින් කුණු බක්කි වල පාට විතරයි.. ඔය ඔක්කොම කොහොම හරියට උනත් ලොකුම අවුල එන්නේ නගරසභා සේවකයෝ ඉස්ට්‍රයි කල දවසට.. ඔය පැත්තෙත් ඒවා ඇතැයි සිතමි..
ReplyDeleteඅපිටත් ‘හොඳ ළමයි‘ වෙන්න පුළුවන් රටක් හදාගන්න පුළුවන් වුණානම්.....ඇඟිල්ල දික් කරලා මට හැදිල ඉන්න කියන්න එපා. එහෙම තන්යෙන් හැදුනු ටික දෙනෙක් මේ රටෙත් ඉන්නවා. ඒත්, මට හිතෙන්නේ ඒ ටික දෙනා තනියි. ඒක තනි පුද්ගලයන්ට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. තනි තනියෙන් හැදෙන එක ගොඩක් වැදගත්. ඒත්, එහෙම වුණ පලියට රටේ-සමාජයේ වෙනසක් වෙන්නේ නෑ. අපිට මොකද කරන්න පුළුවන්....?http://syberheartblog.blogspot.com/
ReplyDeleteඔයැයිට හොඳ ලමයෙක් වෙන්ට ඔහෙට්ටම යන්ට උනා නෙවෙද ?
ReplyDeleteලංකාවේ බහුතර ජනතාවට සාපේක්ෂව මම ගොඩක් හොඳ ළමයෙක්...
ReplyDeleteමෙහෙ නම් දැන් බියර් බෝතල් බොනව අඩුයි..ඇලුමීනියම් කෑන් එක දැන් නැගලම යනවා..හැම හන්දියකම කෑන් තුන හතරක් දැකබලාගැනීමේ වාසනාව දැන් තිබෙනවා..
ReplyDeleteකුනු වලින් විඩුලිය උත්පාදනය දන්නවද
ReplyDeleteකුනු වලින් විඩුලිය උත්පාදනය දන්නවද
ReplyDeletepls mention how to make garbage recyling machine
ReplyDelete