Thursday 6 November 2014

බලු බෙටි, ගොම්බෙටි සහ බුල් ෂිට් - Avoid at all costs


මා දන්නා තරමට ලංකාවේ බල්ලන් වර්ග දෙකකි. එකක් රට බල්ලන් ය. අනික වල් බල්ලන් ය. රට බල්ලන් බොහෝ විට ඇල්ශේෂන් වර්ගයේ එවුන් නිසා වල් බල්ලන් වල්ශේෂන් කියා ද හැඳින්වේ.

රට බල්ලන් වෙසෙන්නේ යමක් කමක් ඇති හැකි අයගේ නිවෙස්වල ය. උන් හුරතලයට සැපට හැදෙති. වෙලාවට කෑම, බීම ලැබේ. අසනීප වූ විට, අඩු තරමෙන් ත්‍රී විලරයකින් හෝ ගොස් දොස්තර හමුවී බෙහෙත් හේත් ලබා ගැනීමට පින් ලබා ඇත.

වල් බල්ලෝ බොහොමයක් ද නිවාසවලට අනුයුක්ත වූවෝ වෙති. නමුත් වැඩිපුර වාසය ගෙයින් පිට ය. උන් සමහරු ඉන්ජෙක්ෂන් ද ලබා ඇත. ඒ උන්ට අනුකම්පාවකට නොව අපේ බලු භීතිය නිසා දුන් බෙහෙත් ය.

මා වෙසෙන රටේ නම් ඇල්ශේෂන් මෙන්ම, පොමනේරියන්, පූඩ්ල්, කූගීස්, ඩැල්මේෂියන්, බුල් ටෙරියර්, ලැබඩෝර් යනාදී බලු වර්ග රාශියකි. උන් හැදීමට ලයිසොම් බල කඩදාසි ලබා ගත යුතුය. උන් ට විශේෂ කෑම ජාති තිබේ. (දැන් මේවා ලංකාවේ සුපිරි මාර්කැට්ටුවල ද විකිණීමට ඇත.) ඉස්පිරිතාල ද, දිවා-රෑ සුරුකුම් මධ්‍යස්ථාන ද, සුභසාධක ආයතන ද තිබේ.

මෙහි වෙසෙන බල්ලෝ කාර්වලින් ගමන් බිමන් යනවා මිසක පාර තොටේ දඩාවතේ යාමක් දකින්නට නැත. දවසේ වැඩි හරියක් තම දේපල ආරක්ෂා කරගෙන සිටිති. යම් හෙයකින් බල්ලෙක් පාරේ ඔබ මොබ සරනු දුටුවහොත් ඒ අතරමං වූ එකෙකි. උපන්තේකට හතර පයින් හෙයින් පිටත ගොස් නැති මුංට ආපසු තම නිවස කරා ඒමේ ඉව නැත.

එවැනි අතරමං වූ බල්ලන් ගේ කරපටියේ එල්ලා ඇති නාම ඵලකය මගින් උගේ අයිතිකරුගේ නම සහ දුරකතන අංකය සොයාගත හැකි වෙනු ඇත. මේ නාම ඵලක "ඩෝග් ටැග්" (dog tag) යනුවෙන් හැඳින්වේ. ඇමරිකන් සොල්දාදුවන් තම කර පලඳන අනන්යතා ඵලකය ද හැඳින්වෙන්නේ "ඩෝග් ටැග්" නමිනි. මෙය දිරාපත් නොවන අමුද්‍රව්ය වලින් නිම කර ඇති නිසා, යුද්ධයේ දී මළ සොල්දාදුවන් ගේ සිරුරු කෙදිනක හෝ හඳුණාගත හැකිවේ.

මේ වන විට සරල "ඩෝග් ටැග්" වලින් ඔබ්ඔට ගොස් ඇති බල්ලෝ ඒ වෙනුවට ක්‍ෂුද්‍ර-චිපයක් (micro-chip) සිරුර තුල පලඳිති. එහි ඇති දත්ත ජාතික බලු දත්ත ගබඩාව හා සසඳා අයාලේ යන බල්ලන්ගේ අයිතිකරුවන් සොයා ගත හැක.

ජී.පී.එස්. (GPS) ආධාරයෙන් ආපසු තම නිවස සොයාගන්නා ආකාරයද බල්ලන්ට කියා දෙන කාලය වැඩි ඈතක නැති බව සිතිය හැක.

මේ රටේ බලු ලයිසොම සහිතව හදන බල්ලන් අයිතිකරුවන් සමග පිටත පා ගමනින් යනවා නම් (බොහෝ ප්‍රදේශවල) ගෙන යා යුතුවන්නේ රැහන් පොට සහිතවය. සමහර උද්යාන වල දී පමණක් උන්ට ව්‍යායාමයට දිවීම සඳහා රැහැන් පටින් මුදා හළ හැකිවේ.

මේ සේරමටත් වඩා වැදගත් කරුණ මෙයයි. මෙලෙස පා ගමනින් තම බල්ලා ද රැගෙන යන අයිතිකරුවන් ට, තම බල්ලා මල පහ කළ හොත් එය සුද්ද පවිත්ර කිරීමට සිදුවේ. නැතිනම් දඩ ය.

එසේ වුවද, "චූ කිරීම" සම්බන්ධයෙන් නම් මේ නීතිය අදාල නොවේ.

ඉහත කරුණු සලකා බලන කල, සුව පහසුකම් සහ සමාජ තත්වය අතින් මේ රටේ සියළුම බල්ලන් ඉතා ඉහල ජීවිත ගතකරනවා යැයි සිතිය හැකිය.

නමුත් මට නම් සිතෙන්නේ ලංකාවේ බල්ලන් බහුතරය අඩු තරමේ එක දෙයකින් මෙරට බල්ලන්ට වඩා පින් කර ඇති බවයි.

ඒ අන් කිසිවක් නිසා නොව බහුතරයක් ලංකාවේ බල්ලන්ට තමන් රිසි පරිදි "කක්කා කිරීමට" ඇති ඉඩ නිසාය. මහපාරේ, තණ බිස්සේ, මිදුලේ, වැලි ගොඩේ, ගං ඉවුරේ, අඩිපාරේ යනාදී මෙකී නොකී ඕනැම තැනක තම ශරීර කෘතය කිරීමට ලංකාවේ බල්ලන්ට කාගෙන් වත් අවසර ඕනෑ නැත.

මේ සියළු කරුණු මා පැවසුවේ මේ සම්බන්ධයෙන් මගේ පහත නිගමනය ඔබට පවසන්නටයි.

පාරේ ඇවිදින විට පයට බලු බෙට්ටක් පෑගීමේ සම්භාවිතාවය මා ඉපදී හැදී වැඩුණු ලංකාවට වඩා, අද මා වාසය කරන රටේ ඉතා අඩුය.

වෛද්‍ය උපදෙස් මත ව්‍යායාමය පිණිස දිනකට පැය බාගයක් පමණ දැන් වසර ගණනාවක සිට ඇවිදින මා ඉතා කලාතුරකින් බලු බෙටි දැක ඇති වුව ද, අද දක්වාම බලු බේට්ටක් මත වැරදීමකින් හෝ පය තබා නැත.

ලංකාවේ සිටියදී නම් පෑගුණු බලු බෙටි එමට බව කිව යුතුම ය.

බලු බෙටි මෙන්ම ලංකාවේ මෙන් තැන තැන ගොම්බෙටි ද මේ රටේ දක්නට නොමැත. ඒ සියළුම හරක් ගාල් කර ඇති නිසාය.

එය එසේ වීමුත් දේශපාලකයින් ගේ බුල්ෂිට් (Bullshit) වලින් නම් එරට මෙන්ම මෙරට ද අඩුවක් නැති බව කිව යුතුය. දිනපතාම පාහේ පුවත්පත්වලත්, රූපවාහිනී සහ ගුවන් විදුලි චැනල්වලත් මේ දේශපාලන බුල්ෂිට් දැකිය හැක. මැතිතුමා ආදී ඇමතුම් හෝ පුද්ගලවන්දනාමානයන් සාමාන්‍යයෙන් නැති නිසා, ඒ බුල්ෂිට් දුටු විට එකෙනෙහිම ඒවා බුල්ෂිට් ලෙස හඳුන්වන්නට කිසිවෙක් බිය නොවෙති.

-රසිකොලොජිස්ට් (http://rasikalogy.blogspot.com/)


(image: http://bunkblog.net/dog-behavior/small-dog-syndrome#.VFosMTSUdcM)

41 comments:

  1. //
    ජී.පී.එස්. (GPS) ආධාරයෙන් ආපසු තම නිවස සොයාගන්නා ආකාරයද බල්ලන්ට කියා දෙන කාලය වැඩි ඈතක නැති බව සිතිය හැක.//

    බිබී හිටපු කෝපි කෝප්පෙත් ඉස්මොල්ලෙ ගියා හිනා ගිය පාර!

    රසික, ලෝකල් බල්ලො හඳුන්වන්නෙ "පරය ඩෝග්" කියල නේද?

    කාලයක් බ්ලොග් ලියාපු සුජත නෝන නම් එ පරය ඩෝග්ලට වැදගත් කමක් අරන්දෙන මහඟු පින් කමක යෙදෙනා. හැබැයි බුල්ෂිට් වළඳන සම-හරක් ඒ පාරෙන් අහුලගන්න බැල්ලියොනව වඳ කරනවට විරුද්ධව "මහා හඬක්" බුකියෙ නගනව මම දැක්ක.

    අනික තමයි, අපේ රටේ බුල් ෂිට් වඩම්මවන මහ ලොක්කගෙ මහා අනුකම්පාව නිසා ඉඳ හිට මාධ්‍යවේදීයෙක් සුදුවෑන් එහෙක ගෙනේච්චට බල්ලො එහෙම ගෙනියන්න එපා කියල නීතියක් දාල දැන් අර ඉස්සර එන "බලු වෑන්" වෙනුවට "බලු වෙච්චි" සුදු වෑන් විතරමයි එන්නෙත්.

    ReplyDelete
    Replies
    1. PomeNArian nemey pomaRanian. Dalmashiyan kiyanne naha. Dalmeshan kiyala pronounce karanna one. Anika, labador nemey Labrador .

      Delete
    2. Wyakarana waradi godaaay. Un sapata hadethi nemey uhu sapata hadethi. Walballo, anuyuktha wuuwo kiyala Kuta dekak thiyenna baha.Ballo dakinnata natha kiyana eka waradiy. Ballan wiya yuthuy. Ballek kiya anukthayen yodaa etha. Eya waradiy.

      Delete
  2. /බලු බෙටි, ගොම්බෙටි සහ බුල් ෂිට් - Avoid at all costs /

    දැන් මේ රලො අපට ව්‍යංගයෙන් කියන්නෙ සිංහල බ්ලොග් කියවන්න එපා කියලා නේද?

    ReplyDelete
  3. //ජී.පී.එස්. (GPS) ආධාරයෙන් ආපසු තම නිවස සොයාගන්නා ආකාරයද බල්ලන්ට කියා දෙන කාලය වැඩි ඈතක නැති බව සිතිය හැක.//

    ඔය GPS සිස්ටම් එක බල්ලන්ට නං දැම්මට කමක් නෑ.. හැබැයි මිනිස්සුන්ටත් දැම්මොත් හනේ අම්මෝ...

    ජ ය වේ වා !!!!

    ReplyDelete
  4. //ඉස්පිරිතාල ද, දිවා-රෑ සුරුකුම් මධ්‍යස්ථාන ද, සුභසාධක ආයතන ද තිබේ.//
    ඇයි මොන්ටිසෝරි නැද්ද?

    ReplyDelete
  5. මිනිසාගේ දීර්ඝ චාරිකාවෙ ගමන් සඟයනේ. ඒකයි ඔච්චර බැඳීමක්.

    ReplyDelete
  6. ඇයි මේ බුල්ෂිට්
    දැකල තියෙනවද?

    ReplyDelete
  7. පොරවල් දෙකක් කන පාත් වෙන්න අනුමත වෙලා පාරෙ යන ගමන්,
    "ඒහ් අයින් වෙයන් ගූ ගොඩක්"
    "පිස්සුද බන් ඒ ගූ නෙවෙයි"
    හොඳට නැවිල බලමින් "නැත්තෙ මොකො යකො මේ ගූම තම්යි බං"
    අනෙකත් හොඳට නැවී බලමින් "නෑ මචං ගඳක්වත් නෑනෙ"
    "ඉඹල බලපන්"
    ඇඟිල්ලට ස්වල්පයක් ගෙන ඉඹලා බලයි
    "හ්ම්.. ගඳක් නම් නෑ තමයි"
    ඒත් මේක නම් ෂුවර් එකටම ගූ වෙන්න ඕනෑ යයි සිතා ලෙව කා බලයි.
    "ගූ නේන්නම් ඕයි අයින් වෙයන්, මළ කෙලියයි පෑගුනා නම්"

    ReplyDelete
  8. කෝ මේ කැපිටල් අංකල්
    මෙන්න ඔබට මාතෘකාවක්

    ReplyDelete
  9. ඊනියා ජ්‍යොතිෂය අර්ධයක් හෝ සත්‍යයක් නම් තමන් ජ්‍යොතිශාස්ත්‍රඥයන්ය ස්වයං ප්‍රකාශ කර ගන්නා ඇත්තන් ලෝකයේ සාර්ථකම, ධනවත්ම චරිත විය යුත්තේය. තමන්ගේ අනාගතය පුරෝකථනය කර ගන්ට ඇහැකි නිසා ඊනියා අපල උපද්‍රව වලින් වැළකී සිටීමේ හැකියාව ඔවුනට උපරිමයෙන් ඇති හෙයිනි. (වෙදහු පොදුජනයාට වඩා නීරෝගියෝය!) එහෙත් වී ඇත්තේ එහි පරස්පරයයි. මා දන්නා තරමින් ඊනියා ජ්‍යොතිශාස්ත්‍රඥයන්ගෙන් අති බහුතරය ජීවිතය අසාර්ථක කර ගත්, අමු දුප්පතුන් සේ කල් ගෙවූ, ගෙවන, සමහරවිට බීඩියක් ගන්ට පවා අතේ සතයක් නැත්තෝය. මේ නිරීක්ෂණය බ්ලොග් අවකාශයට විස්තාරණය කරන්ට තරම් මම සැහැසි නොවෙමි. කැමැත්තෙක් එසේ කර ගනිත්වා!

    සුමනදාස අබේගුණවර්ධන වැනි පුඟුලන් අතළොස්සක් “සාර්ථක” වී සිටින්නේ ඔවුන්ගේ ඊනියා ජ්‍යොතිෂ හපන්කමක් නිසා නොව රාජ්‍ය පාලකයා මේ මිථ්‍යා විශ්වාස කරන්ට තරම් අමුම අමු මැට්ටකු නිසාය. ඒ මුග්ධ පාලකයාට නාස් ලණුව දාගත්තෝ අබේගුණවර්ධන, පියසේන රතුවිතාන වැනි කේන්දර පුඟුලෝම නොවෙති. ඊලියන්ත වයිටා නම් තක්කඩියාද, සජින් වාස් ගුණවර්ධන නම් තක්කඩියාද පාලකයාගේ මේ දුර්වලතාවය තමන්ගේ වාසියට ප්‍රයෝජනයට ගත්තෝ වෙති. (ඔවුන් තරම් තක්කඩියකු නුවූ හෙයින්දෝ, උත්සාහ ගත්තද, එය කළ නොහැකි වූයේ නලින් ද සිල්වා නාථ කපුරාළට පමණෙකි.) එපිණිස කපටිකම මිස වෙනත් ශාස්ත්‍රයක් පිළිබඳ දැනුමක් ඇවැසි නොවේ. ඇවැසි වනුයේ පෙරැ කලැ මෙබඳුමැ රජෙකුට සීතාම්බර පට සළු ඇන්දවූ සන්නාලියන්ට තිබුණු කපටිකම මයි.

    මේ ලිපිය ලියන, ඊනියා ජ්‍යොතිෂ මිථ්‍යාවෙහි නොගැළි බ්ලොග්කරුවා "පැරා" මහා ධනවතකු නුවූවද, තරුණ වියෙහි මරි මෝඩකම්, රිදියෙහි මළ හරින්නාක් සේ මකා දිවි සරු කර ගත්තෙකි. ඔහු මෙබඳු වූ පියකු ලද දරුවන් නිවුණේය කිවහැකි අන්දමේ පියෙකි. මෙබඳු වූ පතියකු ලද පතිනිය නිවුණේය කිව හැකි අන්දමේ ස්වාමියෙකි. ධම්මිකපෙරේරාවෙක් නුවූවද පැරැණි මරුති 800 රථය විකුණා ඇල්තෝවක් මිළට ගත්තෙකි. ජ්‍යොතිෂයෙහි නොගැළි මමද එකළ මට හිමිව තිබූ (පැරැණි පාඨකයින්ට තවමත් මතක ඇතැයි සිතිය හැකි) එබඳුම මරුතිය වසර දෙකකට කළින් විකුණා දෙමුහුමක් මිළට ගත්තෙක්මි. ඒ මදිද, සුදනෙනි? තව කුමට නම් ජ්‍යෝතිෂයෙක්ද! තාරකාවෝ කුමක් කෙරෙත්ද! කිං කරස්සන්ති තාරකා?

    ReplyDelete
    Replies
    1. දැන් මේක පැරාගෙ එකෙන් ගෙඩිය පිටින්ම කොපි කොරන් ඇවිත් මෙතන අත ඇරල මොනවද ඔයා බලාපොරොත්තු වෙන්නෙ

      Delete
    2. හා මචං !

      Delete
  10. බල්ලෝ රෙන එක මොකක්ද රසික අපේ දේශපාලුවෝ රට පුරා රෙන හැටි දැක්කම.

    ==============

    රසිකලොජිස්ට් ගේ මේ පොස්ටුව ඉස්සර තිබ්බ කතන්දර බ්ලොගේ ගැන මගේ මතකේ ඇවිස්සුවා..

    තැනක් යූ වේවා...

    ReplyDelete
  11. බල්ලන් ගැන විශ්ලේසනයේ පොඩි අඩු පාඩුවක් තියෙනවා. සම හරක් හොඳ බල්ලෝ ඉන්නවා සම හරක්ගේ ගෙවල්වල. උන් ළොකු කම පෙන්නන්න මේ හොඳ බල්ලෝ අරගෙන හැදුවට, උන්ට ඩෝග් පුඩ් හම්බ වෙන්නේ නෑ. ගෙදර කන මල ජරාවක් කාලා ෂේප් වෙන්න වෙනවා. ගෙදර එකා ඌව ක්‍රොස් කරලා හරි පැටව් විකුනලා හරි කීයක් හරි හොයා ගන්නවා. ඉතින් පොෂ් නැති අළුත් මැද පන්තියේ උන් අර බලු පැටව් ළොකු ගානක් දීලා අරගෙන යනවා. පැටිකිරිය ලියලා දුන්නට ඒවා අපේ ලොක්කගෙ අය වැය වගේ පට්ට බොරු.

    ඒ කියන්නේ උන් පොෂ් බල්ලෝ නෙමෙයි. වල් බල්ලන්ටත් අන්තයි.

    ඒ වගේම වල් බල්ලෝ ඉන්නවා ඔටාරා නෝනා වගේ නෝනලා ගාව පොෂ් බල්ලොන්ටත් වඩා සැපට හැදෙනවා. උන් අර පොෂ් බල්ලන්ටත් වඩා පොෂ්. ඒ කියන්නේ වල් බල්ලා වගේ පෙනුනට, බල්ල වැදගත්, පොෂ්. ඉන්ගිරිසියෙන් කතා බහ. එක්ස්පෙන්සිව් ඩෝග් ෆුඩ්, මෙඩිකල් ඇටෙන්ෂන් අරක මේක ඔක්කෝම.

    එතකොට කතා පිට පෙනුමෙන් ඩෝග්ස්ලව කැටගරයිස් කරන එක වැරදියි නේද..?

    හැබයි ඉතින් ඔය කොයි බල්ලටත් පිස්සු හැදුනම නම් මරලා දාන්න නම් වෙනවා..

    ReplyDelete
    Replies
    1. Minissuth ehema maranawa nam tho thamay ekata maranna ona.

      Delete
  12. හයියෝ ලොක්කා ගූ හතයි. බල්ලන්ගේ නමවත් හරියට දන්නේ නෑ නේද. බල්ලො බත් කන්නේ නෑ මෙව්වා දැකලා පොමනේරියන් කියලා බල්ලො ඔහෙලගෙ ගෙදර ඇති නමුත් මුළු ලෝකෙම ඉන්නේ පොමරේනියන් Pomeranian බල්ලො. https://www.google.lk/?gws_rd=ssl#q=pomeranian+dogs&spell=1
    ඩැල්මේෂියන් නෙවෙයි ඩැල්මේෂන් ලැබඩොර් නෙවෙයි ලැබ්‍රඩෝර්

    ReplyDelete
  13. ඉහත විස්තරයේ කදීමට විස්තර කර ඇති ආකාරයට රසිකලොජිස්ට් මහතා වෙසෙන රටේ බල්ලෝ ද ඉතා සුව පහසු උසස් ජිවිත ගත කරති.
    ලංකාවේ බල්ලන් නම් වැඩි හරියක් අහලා දැකලාවත් නැති, ....ලයිසොම් බල කඩදාසි, විශේෂ කෑම ජාති, ඉස්පිරිතාල ද, දිවා-රෑ සුරුකුම් මධ්යස්ථාන ද, සුභසාධක ආයතන, කාර්වලින් ගමන් බිමන්, ඩෝග් ටැග්, ක්ෂුද්රම-චිප වැනි අරුමෝසම් පහසුකම් ඒ රටේ බල්ලන්ට ඇත.
    වැදගත් ම දෙය බැරි වෙලාවත් මල පහ කලොත් , ඒ මොහොතේම එය සුද්ද පවිත්තර කිරීමට සැදී පැහැදී සිටින මහත්මයෙකු ද සිටීමයි.
    රසිකලොජිස්ට් මහතාගේ වචනවලට අනුවම .....” සුව පහසුකම් සහ සමාජ තත්වය අතින් මේ රටේ සියළුම බල්ලන් ඉතා ඉහල ජීවිත ගතකරනවා යැයි සිතිය හැකිය.”
    මේ විස්තරයෙන් මට තේරුම් ගියේ බල්ලන්ට එහෙම නැ, ඒ රටේ වාසය කරන මහත්වරුන් කොයි තරම් සුව පහසු ජිවිත ගත කරනවා ඇති ද ?
    කොටින්ම ඉපදී හැදී වැදුණු ලංකාවේ සිටියදී, ඒමට බලු බෙටි පෑගුනු ......මහතාට , එරටේ දී... “අද දක්වාම බලු බේට්ටක් මත වැරදීමකින් හෝ පය තබා නැත.”
    පිටරටවල පදිංචියට යා ගත නොහැකිව, හුල්ලන ලංකාවේ බයියන් හා සසදන විට කොයි තරම් දියුණු ද ?
    අනේ ...වාසනාවන් !!!

    ඒ රටේ එහෙම වෙලා තියෙන්නෙත්, මේ රටේ මෙහෙම වෙලා තියෙන්නෙත් කොහොමද ?..... කියා, රසිකලොජිස්ට් මහතා හෝ දැනුම් තේරුම් ඇති" දියුණු මහත්මයෙක්" අපිටත් කියා දෙන්නේ නම් ... පිං !
    අපිටත් ඒ වගේම උසස් වෙන්න, දියුණු වෙන්න පොඩි try එකෙක් දෙන්න ත් පුළුවන් !!

    ReplyDelete
  14. රසික ඔහේ වල් බල්ලෝ නැතිවුනාට වල් කොල්ලෝ ඉන්නවා නේද?

    ReplyDelete
    Replies
    1. වල් කොල්ලෝ ඔය කොහෙත් ඉන්නේ,ඉස්සර ගංගොඩවිල පැත්තේත් හිටියා කියන්නේ.අරූයියා දන්නවාද එහෙම එකෙක් ගැන..:D

      Delete
    2. ඌ දැන් එහෙන් චුත වෙලා....

      Delete
  15. බලු බෙටි = රලො ගෙ බ්ලොග් එක
    ගොම්බෙටි = පැරාගෙ බ්ලොග් එක
    බුල් ෂිට් = මාතලන්ගෙ බ්ලොග් එක
    සොලිඩ් ගෝල්ඩ් = විචාරකගේ බ්ලොග් එක

    ReplyDelete
  16. balubeti,gombeti wageda?Bullshit niyameta ethi Betta unath nama English ne.

    ReplyDelete
  17. කක්කා දාන එක විතරක්ම නෙවේ අපේ රටේ ඩොගීලා ට තියෙන ෆ්‍රීඩම් එක..හිතේ හැටියට බුරන්ටත් නිදහස් තියෙනවා. මේ පලාතේ ඩොගීලා බුරනවා ඇහෙන්නේ කලාතුරකින්. සයිලන්සර් හයි කරලද මන්ද.

    ReplyDelete
    Replies
    1. ඔය පළාතේ ඩොගී ලා විතරක් නොවෙයි, ඩොගී ලාගේ මහත්තයලාත් වැඩි සද්දයක් නෑ නේද ..... මෙහෙ තියෙන සද්ද බලපුවම ?
      පඩි වැඩි කරනු..., අධ්‍යාපනය ට අත් නොතබනු...., අයිතිවාසිකම් සුරකිනු....,අධිකරණය ස්වාධින කරනු, ... ස්වයං පාලනය දෙනු ...යනාදී වශයෙන් , අඩු ගානේ දවසක් ඇර දවසක් වත් කොලබ කොටුවේ , ලිප්ටන් වට රව්මේ සද්ද . ඒ වෙලාවට ඉතින් පාරේ පැය ගණන් රස්තියාදු.
      ඊයේ පෙරේදා දවසක , එක පාරටම airport එකත් down , කිසිම රටක වෙලා නැතුව ඇති එහෙම සන්තැසියක්.
      ඔය පළාතේ එහෙම සද්ද නැත්තේ ඇයි ? හිතේ හැටියට කාලා බිලා ජොලි කරලා ,ළමයින්ටත් උගන්නගෙන ඉන්න තියෙනවා නම් මොන අයිතිවාසිකම් ද ? ......... වගේ තත්වයක්ද ?

      Delete
    2. Debarking (Bark Softening)

      "ඊයේ පෙරේදා දවසක , එක පාරටම airport එකත් down , කිසිම රටක වෙලා නැතුව ඇති එහෙම සන්තැසියක්. "
      Rioting protesters close Bangkok airport

      " ඔය පළාතේ එහෙම සද්ද නැත්තේ ඇයි ? හිතේ හැටියට කාලා බිලා ජොලි කරලා ,ළමයින්ටත් උගන්නගෙන ඉන්න තියෙනවා නම් මොන අයිතිවාසිකම් ද ? ......... වගේ තත්වයක්ද ? "

      මිස්ට කුමාරයා කවදාවත් ලංකාවෙන් පිටට අඩිය තියල නැහැ නේද ?

      Delete
    3. " මිස්ට කුමාරයා කවදාවත් ලංකාවෙන් පිටට අඩිය තියල නැහැ නේද ?"

      අනේ ඔව් ආයුබොවන්....., අපි ඉතින් මේ කොදෙව්වට වෙලා , රට රාජ්‍යවල ගිහින් දියුණු වෙච්ච අපේම කට්ටිය කියන බන අහගෙන, ඒ විදියට අකුරට ම " අපේකම " "දේශප්පෙරෙමේ " රැක ගෙන ඉන්නවා !

      http://www.divaina.com/2014/11/07/news28.html
      ............ ඔස්‌ටේ්‍රලියාවේ ස්‌පර් (SPUR) සංවිධානයේ .......... යන මහත්වරුද මෙම සාකච්ඡා සභාව ඇමතූහ.

      Delete
  18. කාලයක් මං මහරගම දඹහේන පාරේ උදේට පයින් ඇවිද්දා. සූටි මැනිකෙලා කක්කි දාන්න බල්ලව පාරට යවලා ගේට්ටුවේ සුට්ටි දොරෙන් එබිලා නයිටි පිටින් බල්ලන්ට කම්, කම් කිය කියා කතා කරන සීන් කෝන් එක බලන්න ගිහින් මටත් දෙතුන් පාරක් බලු බෙටි පෑගිලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. බල්ලොත් එක්ක නිදා ගන්න ඔයාට බලු බෙටි පෑගිලා නැත්නම් ඒක ආශ්චර්යයක්නෙ පෝලෝ සීයේ...

      Delete
    2. ලංකාවෙ වාමාංශිකයින් කොයි තරම් hypocrite ලාද තේරුම් ගන්න මේ කියමනම ප්‍රමාණවත් නේද? දැන් කාන්තා අයිතිවාසිකම් ගැන පැල් බඳගෙන ලියන මේ පුද්ගලයාම කෑදරව උදේට අනුන්ගේ භාර්යාවන්ගේ නයිටියෙන් පෙරී වැටෙන නිරුවත බලන්න යනවා. එහෙම නොකළ යුතුයි කියලා හිතන මූලික සදාචාරයක් වත් නැහැ. ලංකාවෙ විප්ලවයට කෙළ වෙලා තියෙන එක තව අහන්න දෙයක්ද?

      Delete
  19. පිටරට ඉන්න බල්ලා
    විඳින සැපයට නුහුල්ලා
    තමන්ගේ බල්ලා
    බැඳල තියලා බලාගල්ලා

    ReplyDelete
  20. ඒ කිව්වෙ ලංකාවේදි දුවන කොට බලන්න දේවල් එමටයි..

    ReplyDelete
  21. ඒ කියන්නේ රසික ඉන්න දිහාවේ පිස්සු බලු රෝගේ නැතුව ඇතිනේ.අපේ ඉතින් දේශපාලනේ කරන අය ගාව නම් ඇති තරම් බුල්ෂිට් තියෙනවානේ.බලන් ගියාම එහේත් වෙනසක් නැහැනේ.

    ReplyDelete
  22. අපිනම් කිවුවේ සැමන් බල්ලෝ කියල මොනවා උනත් කොයි රටෙත් බලල බල්ලමයි :v

    ReplyDelete
  23. betilogy
    gomalogy
    fuckology

    ReplyDelete
  24. ඔබට වැරදි යයි මම සිතමි . ලංකාවේ බල්ලෝ වර්ග හතරකි . රට බල්ලන් , වල් බල්ලන්ට අමතරව , පර බල්ලෝ සහ ඔටාරාගේ බල්ලෝය .

    අපිට විරුද්ධව යමක් කියන , අපේ මතයට විරුද්ධ මත දරන්නන් පළවැනි ගණයට අයත්වේ.

    ජන්මයෙන් වල් බල්ලෙක් වුවද ඔටාරා විසින් හදා ගන්නා ලද , ඉන් පසු වල් බල්ලෙක් යයි නොසිතන , එහෙත් රට බල්ලෙක්ද නොවන සුනාඛයෝ දෙවන වර්ගයයි .

    ReplyDelete
  25. Germanye.ballanta saloon(hunde saloon) Lom trim kireema, eka eka (Hair cut) dye kirima,Niyapothu kapeema.karanawa,thawa (hunde schule)Puhunu pasel.thiyenwa.foot ball world cup dawas wala German kodiya Patakarawapu Ballo/Belliyo (siwpa) sehenna dakinna hitiya.Photonam thiyenawa moke dannada.(Ranjan-düsseldorf)

    ReplyDelete
  26. fuck fuck fuck fuck

    this is fuckology

    ReplyDelete
  27. මොකක් හරි සමාජයක ඇති දැඩි කරන සත්තුන් ගේ තත්වයෙන් ඒ සමාජය කොයි තරම් දියුණු ද, ශිෂ්ට ද කියල හොයා ගන්න පුලුවන් ලු !
    http://cyberheartblog.blogspot.com/

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.