Friday, 14 November 2014

අවුරුදු අනූ දෙකේ දී ත් පොත් ලියන ජනමාධ්‍යවේදියා - Veteran journalist S Piyasena

නාකි යන වචනය සෑදී ඇත්තේ නොහැකි යන අරුතින් බව අපි අසා ඇත්තෙමු. නමුත් මේ කතාව සැම විටම සත්‍යය නොවේ. ඒ බව හොඳින් අපට පසක් කරවන චරිතයක් හඳුන්වා දීම මේ ලිපියේ අරමුණයි.

තම මාධ්‍යවේදී දිවිය අරඹා වසර හැත්තෑ හතරකට පසුවත් නොනැවතී එකසේ උනන්දුවෙන් අදත් පුවත්පත් සඳහා ලිපි සපයන මේ අපූරු පුද්ගලයා අද නොවැම්බර් 14 දින තම අනූ දෙවෙනි උපන්දිනය සමරණ සේනාධීර පියසේන නම් ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියා ය.

ඔහු මෑත කාලයේ ශ්‍රී ලංකාවේ පුවත්පත්වලටත්, ඕස්ට්‍රේලියාවේ සිංහල මාසික සඟරාවලටත් ලියූ ලිපි එකතුවක් ග්‍රන්ථයක් ලෙස සම්පාදනය කර "හුදකලාවේ ආවර්ජන" නමින් ප්‍රකාශයට පත් කර ඇත.

"හුදකලාවේ ආවර්ජන" ග්‍රන්ථය සරසවි ප්‍රකාශනයකි.

මේ ග්‍රන්ථයේ දොරට වැඩුම සිදුවූයේ පසුගිය සෙනසුරාදා සිඩ්නි නගරයේ දී පවත්වන්නට යෙදුණු ඕස්ටේ්‍රලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ආදී ආනන්දීය සංගමයේ වාර්ශික සුහද හමුවේ දී ය. මෙහිදී සේනාධීර පියසේන මාධ්‍යවේදියා සභාවට හදුන්වා දෙන්නට මට අවස්ථාව ලැබුණි.

පහත පලවෙන්නේ එහිදී මා කළ කතාවයි.



ආනන්දනීය සන්ධ්‍යාවක් වේවා ප‍්‍රිය මිතුරනි,

අද මේ සන්ධ්‍යාවේ දී දොරට වඩින "හුදකලාවේ ආවර්ජන" කෘතිය රචනා කළ වියත් ලේඛකයා හඳුන්වා දීමට ලැබීම ඉතා සතුටක්. විශාල භාග්‍යයක්.

සේනාධීර පියසේන, එසේ නැතිනම් "ඇස්. පියසේන" උපත ලැබුවේ වර්ෂ 1922 නොවැම්බරයේ එනම් මීට වසර අනූ දෙකකට පෙරයි. මුලින් අළුත්ගම විදුහලෙන් ඉගෙනුම ලැබූ සේනාධීර පියසේන ඔහු පසුව කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් වුණා. ඒ වසර 1933 දී යි. පාසල් අධ්‍යාපනයෙන් පසුව ඔහු වැඩිදුර අධ්‍යාපනය ලැබීම සඳහා 1939 ජූනි මාසයේ දී ඉන්දියාවේ කල්කටා විශ්ව විද්‍යාලයට ඇතුළත් වුණා.

ඉන්දියාවට යන්නට පෙර සිටම සමසමාජ දේශපාලනයේ අත්පොත් කියවා සිටි සේනාධීර පියසේන අනතුරුව එළැඹි දෙවන ලෝක යුධ සමයේ ලංකාවට පැමිණි අවස්ථාවේ 1940 දී කොමියුනිස්ට් පක්ෂය විසින් නැවත ඇරඹූ ජනශක්තිය පුවත් පතේ ප‍්‍රකාශක ලෙස තම පුවත්පත් දිවිය ඇරඹුවා.

එවකට පැවති නීති අනුව පුවත්පතක ප‍්‍රකාශකයෙකු වයස විසි එක පන්නා තිබිය යුතු වී ලූ. මේ වන විට යාන්තම් දහඅටවන වියේ පසුවූ සේනාධීර පියසේන කළේ තමා උපන්නේ 1920 බව සඳහන් කර තම වයස වෙනස් කිරීමයි.

එතැනින් පටන් ගත් සේනාධීර පියසේන ගේ මාධ්‍යවේදී ජීවිතය, ලේක් හවුසිය, ගුවන් විදුලිය, පාර්ලිමේන්තුව, ආකාශවාහිනීය, තවත් මාධ්‍ය ආයතන කිහිපයක් හරහා පමණක් නොව රජ ගෙදර හරහාත් ඇදී ගොස් අද වයස අනූ දෙකක තරුණයෙක් ලෙසත් පවත්වා ගෙන යනු දැකීම අප හැමටම වැදගත් ආදර්ශයක්, ඉමහත් ආශ්වාදයක්.

මේ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියා ගැන ශ‍්‍රි ලංකාවේ දී දැන ගෙන සිටි කීප දෙනෙකු මෙතැන සිටින්නට පුළුවනි. නමුත් අප බොහෝ දෙනාගේ මතකයට "ඇස්. පියසේන" යන නම එකතු වෙන්නට ඇත්තේ ඕස්ට්‍රේලියාවේ පළකෙරෙන "පහන" මාසික සඟරාව සඳහා ඔහු ලියූ ලිපිවලින් සහ කලකට පෙර එස්.බී.එස්. සිංහල වැඩසටහනේ ප‍්‍රචාරය වුණු සම්මුඛ සාකච්ඡා නිසා බව මා හිතනවා.

එසේ මා හැඳින ගෙන වුන් ඇස්. පියසේන මහතා සමග මා මුලින්ම කතා කළේ මීට දෙවසරකට පෙර ඔහු ගේ අනූවෙනි උපන් දිනයට සුභ පැතීමටයි. ඒ මොහොතේ මා විශ්මයට පත් කරමින් ඔහු හා මා පහන මාසික සඟරාවේ අකුරු තුලින් එකිනෙකා හා හමුවුණු අවස්ථා දෙකම ගැන ඔහු සිහිපත් කළා. ඉන් එක අවස්ථාවක් වන්නේ ආනන්ද විදුහලේ 125 වෙනි සංවත්සරය සැමරීම වෙනුවෙන් මා ලියූ ලිපිය, ඒ ගැනම ඔහු ලියූ ලිපිය සමග එකට පළ වී තිබුණු අවස්ථාව බවත් සිහිපත් කළ යුතුයි.

මිතුරනි, පසුගිය සතියේ අපේ පාසල, ආනන්ද විද්‍යාලය අරඹා වසර එකසිය විසි අටක් සම්පුර්ණ වුනා. ලබන සතියේ, එනම් නොවැම්බර් මස 14 දා සේනාධීර පියසේන ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියා තම අනූ දෙවෙනි ජන්ම දින සමරණවා. ඔහු අද ජීවත්වෙන ජ්‍යෙෂ්ඨතම ආදී ආනන්දියා ද බව ආදරයෙන් සිහිපත් කරන්නට මා කැමතියි.

සේනාධීර පියසේන ලේඛකයා ලියූ "හුදකලාවේ ආවර්ජන" නම් අද මේ දොරට වඩින කෘතියේ පිටපත් ඔහු අපේ ආදී ආනන්දයින් ගේ සංගමයට බාර දී ඇත්තේ ඒවා විකුණා ලැබෙන මුදල ආනන්ද විද්‍යාලයේ සාමාන්‍ය පෙළ සිසුන්ගේ අධ්‍යාපන අවශ්‍යතා පිරිමසා ගැනීම සඳහා දියත් කර ඇති ව්‍යාපෘතිය සඳහා යොදා ගන්නා ලෙස කෙරුණු ගෞරවණීය පරිත්‍යාගයක් ලෙසයි.

දැන් අප සැම අමතන ලෙස සේනාධීර පියසේන මාධ්‍යවේදියාට මා ඉතා ගෞරවයෙන් සහ ආදරයෙන් ආරාධනා කරනවා.



අද සිය අනූ දෙවෙනි උපන්දිනය සමරන සේනාධීර පියසේන මාධ්‍යවේදියාට දීර්ඝායුෂ පතමි.



-රසිකොලොජිස්ට් (http://rasikalogy.blogspot.com/)

(photos: OZLanka.com)

50 comments:

  1. ඒ කාලයේ සමසමාජකාරයෙක් වුණාට මෙයා 1977 න් පසුව ජේ. ආර්ට කඩේ ගියා. 'චාණක්‍ය' නමින් වාමාංශිකයින් පතුරු ගසා ලේක් හවුස් පත්තර වලට ලීවේ ඔහුයි. ඔහුගේ පැරැණි පොතක් 'ලංකාවේ මැතිවරණ ඉතිහාසය' කියවා තිබෙනවා මතකයි.

    ReplyDelete
    Replies
    1. දෙවෙනි ලෝල යුද්ධ කාලේ ඔහු තම පුවත්පත්කාලවේදී ජිවිතය ඇරඹූ ජනශක්තිය පුවත්පත කොමියුනිස්ට් පක්‍ෂයේ එකක්. වසර දෙකකට පසු විවාහ වී එයින් ඉවත් වුනා ආයේ ආවේ ලේක්හවුසියෙන්. ඒ එස්මන්ඩ් වික්‍රමසිංහ (රනිල් ගේ තාත්තා) ගේ කාලේ.

      ඇස් පියසේන ආකාශවාහිනියේ ඉඳලා ලංකාවට ආවට පස්සේ ලේක්හවුසියේ උපදේශකයෙක් වෙලා හිටියා. රජයට පවරාගත් (ජේආර්) ටයිම්ස් එකේත් ඩිරෙක්ටර් කෙනෙක් වුණා. ඊට පස්සේ තමයි ජේ.ආර්. ගේ ප්‍රවෘත්ති ලේකම් වෙලා තියෙන්නේ. ඒ ඩේවිඩ් කරුණාරත්න ගේ මරණයෙන් පසු. කූප්‍රකට ලාම්පු කළගෙඩි හොරකම කාලේ ජේආර් ලඟ ඬැඩ කරන්නට වීම ගැන ඔහු ඉතා කණගාටුවෙනවා ලු. එයට වන්දියක් ලෙස ඔහු චන්ද කොල්ලය වගේ නමකින් පොතක් ලිව්වා 1992 පමණ.

      ඇස් පියසේන මදුරාසියේ ශ්‍රී ලංකා කොන්සල් ලෙසත් කටයුතු කරලා තියෙනවා!

      ඔය තිස් හතලිස් ගණංවල බොහෝ දෙනා සමසමාජ වුනේ මාක්ස්වාදයට කැමැත්ත නිසා නොවෙයි, අධිරාජ්‍ය විරෝධය නිසා.

      Delete
  2. මෙම පොත සිඩ්නි නුවරදී මිලදී ගතහැකි ද සම්පුර්න විස්තර පලකරන්න

    ReplyDelete
    Replies
    1. මෙය කතුවරයා ගැන හැඳින්වීමක් නිසාත්, පොත ගැණ පසුව ලියන්නට අදහස් කරන නිසාත් ඒ විස්තර පල කළේ නෑ.

      මං හිතන්නේ කතුවරයා ආදී ආනන්දීය සංගමයට පරිත්‍යාග කළේ ඔහුට කතෘ භාගය ලෙස ලැබුණු පොත් කිහිපය විය යුතුයි. එයින් පිටපත් කිහිපයක් තිබෙන බව මට දැනගන්නට ලැබුණා. සංගමයේ නිලධාරියෙකුගෙන් අහන්න.

      හෙට කතුවරයා ළංකාවට යනවා. නුදුරු දිනයක දී මේ පොත ලංකාවේදී එළිදැක්වීමට නියමිතයි. උත්සවය ආනන්ද විද්‍යාලයේ පැවැත්වෙන බවයි ආරංචිය.

      මේ පොත ඔහු පිරිනමා ඇත්තේ ආදී, වත්මන් සහ අනාගත ආනන්ද සිසුන්ටයි.

      Delete
    2. අවුරුදු 92ක් වෙලත් ගෝත්‍රවාදය නම් අඩුවෙලා නැහැ නේද. ආනන්දෙට උන්ට තමයි පොත !

      ඔය ඉන්නෙත් ඉස්කෝලෙ අයිතිකාරයො තමයි.

      Delete
    3. හා හා !! ආනන්දයේ ගෝත්‍රවාදය !!

      මිතුර, ඔබේ පාසැල ගැනත් ඔබට එලෙසම හැ‍ඟෙනවා ඇති.

      Delete
    4. තම පවුලේ, ගමේ මරණාධාර සමිතියේ සිට, පෘථිවිවාසීන්ගේ එකමුතුව, ක්‍ෂීරපථවාසීන් ගේ සංගමය දක්වා ඕනෑම සංගමයක්, එකතුවක්, සංසදයක්, හමුවක් කියන්නේ ග්‍රෝත්‍රවාදී ආයතන තමයි.

      Delete
  3. එයා දැන් ලියන්නේ බුද්ධාගම ගැනද... එහෙම නැතුව කාළිණ සිඳුවීම් හා සමාජීය හා දෙශපාළණ කරුණු ගැන ලියනවා නම් ඔහු විශිෂ්ඨයෙක්..

    කකා ඔය වයසෙදි හඳුන්වාදීමේ කතාව මම කරන්නද..? එතකොට ටෙක්නොලජි දියුණු වෙලා.. රහත් වගේ තත්වයක් උනත් ඇවිත් තියේවී.. වීසා ඕන වෙන එකක් නෑ ඔහේ එන්න..

    ReplyDelete
    Replies
    1. ඔහු ලියන්නේ කාලීන සිදුවීම් අළලා ඒ ගැණ අතීත සිදුවීම් ගලපා කරන හොඳ විස්තරාත්මක ලිපි.

      ලංකාදීපයේ හැම සතියේම ලිපියක් පල කළා ලු පසුගිය කාලයේ.

      ඒ ලිපිවල එකතුවකුත් තියෙනවා පොතක් ලෙස.
      http://www.sarasavi.lk/Book/Dura-Rupaye-Awarjanaya-9556719539

      Delete
  4. කතාවත් රසිකගේ පෝ්ස්ට් වගේම කෙටියි රසවත්.. පියසේන මහතාගේ අරමුණ වැදගත්. මාත් හිතනවා ඔහු වෙන්ටැති ආදීම ආන්නදයා දැනට ඉන්න..

    ඊයේ මොකක් හරි පත්තරේක වාසුගේ කාටුන් එක ගියා. ඉස්සර දෑකැත්තයි මිටියයි මිනිහගේ පපුවේ ඒත් දැන් තියෙන්නේ බඩේ කියලා.. බලං ගියාම ඒකත් හැබෑව.. රසිකොලොජිස්ට්ගෙත් චේ බඩේ.. හැක්.. ජය

    ReplyDelete
    Replies
    1. බඩ නොවෙයි මනුස්සයෝ ඒ පපුව...!!!

      සේනාධීර පියසේන තමයිඅද ජීවත්ව ඉන්නා ආදීම ආනන්ද සිසුවා. සමහර විට වයස්ගතම මාධ්‍යවේදියා ද විය හැකියි. ඩී.එෆ්. කාරියකරවනගේ වයස නොදනිමි. මීට වඩා බාල විය යුතුයි.

      Delete
    2. ඩී් එෆ් ටත් අනුවක් මයේ හිතේ

      Delete
    3. අනූ දෙකක් බං.තාම ලියනවා.

      Delete
    4. මචං ෙච් පපුවේ නම් ඉවාන්ෙගන් උපදේශයක් ගනින්... මං දැක්කා ඉවාන්ගේ බ්ලොගෙය් උඩින් ඒහෙම ඒකක් ලියලා තියෙනවා....................

      Delete
  5. මමත් පියසේන මහතා ගැන දැනගත්තේ 1970 දශකයේදී ඔහු එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධවී ක්‍රියාකරන අවධියෙදියි. ඒ කාලයේ මොහු වේදිකාවක කතාකරනවිට සියලුදෙනා විශ්මිතව ගල් ගැසී බලා ඉන්නවා. විලියම් හෙන්රි පේද්‍රිස් මහතාට සුද්දෝ වෙඩි තැබූ හැටි විස්තර කරනවිට මිනිසුන්ගේ ඇඟේ ලේ කකියනවා. ඔහුගේ දේශපාලන දර්ශනය කුමක් වුවත්, ඔහු හොඳ මනුෂ්‍යයෙක්, හොඳ කථිකයෙක්, හොඳ ගතකතුවරයෙක්, බව නොකියාම බැහැ.

    ReplyDelete
    Replies
    1. මොහු එක්සත් ජාතික පක්‍ෂයට සම්බන්ධ වී වේදිකාවල කතා කළ බව මා අසා නෑ. ජේ.ආර් ගේ ප්‍රවෘත්ති ලේකම් ලෙස සිටියත් ඒ රැකියාව ලෙසයි කියායි මා සිතුවේ. මොකද ඒ ජොබ් එක ඊට කලින් කරලා තියෙන්නේ විශිෂ්ඨ ලේඛකයෙකු වූ ඩේවිඩ් කරුණාරත්නයි.

      හෙන්රි ප්‍රේද්‍රිස් මරණ දණ්ඩණයට ලක්වුණේ 1915 දී. ඒ සේනාධීර පියසේන උපදින්නට වසර හතකට පෙරයි. ඒ ගැන කළ කතා මතකයෙන් කළා කියන්න බෑ.

      හෙන්රි ප්‍රේද්‍රිස් කියන්නේ පාලිත තෙවරප්පෙරුම වගේ වීරයෙක් ද? ණැතිනම් නානසාර වගේ වීරයෙක් ද?

      Delete
    2. රසික මහත්මයා නොදන්නවානම් දෙයක් කොදන්නා වගේ ඉන්න. හිත්වේ හෙන්රිපේද්‍රිස් කියන්නේ මරිය කඩේ අාප්ප අම්මගේ මිනිහා කියලාද? අනේ තමුන් වගේ ආනන්දියෙක්. ආනන්දෙටත් ලැජ්ජයි. නොදන්න යෝනි මාර්ග ගැන කියවන්නේ නැතිව ඉන්න‍කේ . චිචාරක මහත්මයා මේ පුඟුලාට හෙන්රි පේද්‍රිස් ගැන කියලා දෙනවටෙත්.

      Delete
    3. හෙන්රි පේද්‍රිස් කියන්නෙ පවුලේ බල පුළුවන්කාරකම් මත කෘතිමව වීරයෙක් කරවනු ලැබූ පුද්ගලයෙක්. ඔහු තමන්ගේ පවුලේ ව්‍යාපාර වලට හානි කරන්නට එන මුස්ලිම් ජාතිකයින්ට වෙඩි තැබීමට නිල තුවක්කුව යොදා ගන්නවා. ඒක යුද්ධ නීතිය යටතේ නීති විරෝධී දෙයක්. හැබැයි ඔහු මරණයට පත් වන්නේ නම් සුද්දාගේ අවශ්‍යතාවයට නෙවෙයි වෙනත් කුලයක වූ මහමුදලි බණ්ඩාරනායක ගේ අවශ්‍යතාවයට. සුද්දට ඔය වගේ ගැරඬි මරන්න නෙවෙයි ඕනැ වුණේ.

      Delete
    4. @ Anonymous14 November 2014 18:56

      ඇනෝ,
      මින් වසර අනූනමයකට පෙර මරණ දඬුවම ලැබූ හෙන්රි පේද්‍රිස් ගැන ඔබත් මාත් විචාරකත් අසා ඇත්තේ එකම දේ තමයි. හැබැයි ඉතිං වටහාගැනීම නම් තම තම නැණ පමණින් තමයි.

      නගරාරක්ෂක හමුදාවේ සිටි පේද්‍රිස් නිල අවියෙන් මුස්ලිම් මිනිසුන්ට වෙඩිතබා මරා දැමීම ගැන වරදකරු වී මාෂල් ලෝ යටතේ නඩු අසා මරණ දණ්ඩනයට ලක්වුණා නොවේද?

      මොකක්ද එහී වීරකම?

      Delete
    5. හරියට හරි. මෙතනදී අපි එක එක්කෙනා මගේ කමෙන්ට් එක වටහාගත්තේ වෙනස් විදිහකට.

      1. මම කියා නැහැ හෙන්රි පේද්‍රිස් වීරයෙක් කියා. මා කිව්වේ ඒ සිද්ධිය ජනතාවගේ ලේ කකියවන තරම් දක්ෂතාවයෙන් යුතුව පියසේන මහතා ඉදිරිපත් කළා කියන එකයි.

      2. මා කොතනකවත් කියා නැහැ පියසේන මහතා කිව්වේ තමන් ඇසින් දුටු සිද්ධියක් ගැන කියලා. මම අසාසිටි/බලාසිටි කතාව කරද්දී ඔහු කිව්වේ නැහැ මේ කියන්නේ මම දැක්ක දෙයක් කියලා. 1977 වර්ෂයේ දී රුවන්වැල්ල නගරයේ පැවැත්වූ එක්සත් ජාතික පක්ෂ මැතිවරණ ප්‍රචාරක රැස්වීමකදීයි ඔහු මේක කිව්වේ.

      Delete
  6. හැට පැන්නට වදුරන් බිමින් නොයනවා සේ
    උන්නැහේද පොත් ලියන එක නවත්තන්නේ නැත

    ReplyDelete
    Replies
    1. ලියනවා නොවෙයි මේ දිනවල ටෙලිෆෝනයෙන් ඩික්ටේෂ්න දෙනවා, ඒක අනිත් පැත්තෙන ්අහගෙන ටයිප් කරනවා.

      Delete
  7. එතුමාට දීර්ඝායුෂ පතමු! නමින් ඇරෙන්න දන්නෙ නෑ.
    [චේ පපුවේ....]

    ReplyDelete
    Replies
    1. චේ පපුවෙන් බඩට යන ගමන් නෙව බං..

      Delete
    2. බඩ පපුව අඳුනන්නේ නැද්ද?

      Delete
    3. හැක් හැක්.. ලංකාවෙ අයනේ අපි..

      Delete
    4. දේශා.....++++++++++++++++++++++++++++++++++++++

      Delete
  8. ඔහුගේ දේශපාලනය සහ අතීතය විවේචනයට වඩා ඔහු සතු හැකියාවන් ඇගයීමයි කළයුත්තේ. මන්ද යත් මේ මිනිසාට වඩා බොහෝ සේ වැරදි කලවුන් ප්‍රශස්තියට ලක්වන බැවිනි. ඔහුට දීඝායු පතමි.

    ReplyDelete
    Replies
    1. ඔහුගේ විශ්මිත හැකියාව තමයි මතක ශක්තිය, නම් ගම් දින වකවානු සමග විස්තර.

      Delete
  9. මාලේ ගෙලේ චේ පපුවේ, කිසිම දෙයක් නෑ ඔලුවේ, (තට්ටයා )

    ReplyDelete
    Replies
    1. සිරාවට බං මටත් මතක් උනේ ඒක. ඒත් ලිව්වේ නෑ..

      Delete
  10. දීඝායු පතනවා,මමත් රාජ් වගේ නමින් ඇරෙන්න දන්නේ නැහැ ඔහු ගැන.

    ReplyDelete
    Replies
    1. මටත් ඔහු මුලින්ම හමුවුණේ ඔය ෆොටෝඑක ගත් දිනයේ තමයි.

      Delete
  11. එතුමා මදුරාසියේ නියෝජ්‍ය ශ්‍රී ලංකා මහා කොමසාරිස් ලෙසත් කාලයක් සේවය කර තිබෙනවා.එතුමා ගැන සිහිවටනද එම කාර්යාලයේ තිබෙන බව මා අසා තියෙනවා.
    ඒක නෙවෙයි රසික පොත් ලියන්න උපරිම වයසක් නැති වුනාට බ්ලොග් ලියන්න නං උපරිම වයසක් ඇති නේද?රසික එහෙම දෙයක් ගැන දැනුවත් නං මට පොඩ්ඩක් කියනවද?

    ReplyDelete
    Replies
    1. ඇයි දැං බොට බෑ බෑ ගාය හැදිලද?

      Delete
    2. ඇස් පියසේන මදුරාසියේ සේවය කරලා තියෙන්නේ නවදිල්ලියේ බර්නාඩ් තිලකරත්න සිටි කාලයේ.

      බ්ලොග් ලියන්න වයස සීමාවක් නෑ. කාලකෙට කලින් (2010 විදතර) ගම්පහ වතුරුගම සිට බ්ලොග් එකක් ලිව්වා වයස 80+ අයෙක්.

      Delete
  12. වයසින් වැඩි උනත් දැනුම අතින් තරුණයි. අන්න සැබෑ ජනමාද්‍යවෙදියෝ, රචකයෝ :)

    ReplyDelete
    Replies
    1. දැනුමෙන් තරුණයි කියන්නේ මුහුකුරා නොගිය දැනුම කියන එක නේද?

      Delete
  13. තාම ට්‍රි ෂර්ට් එකක් ප්‍රින්ට් කරගන්න බැරි උනාද කකා..?

    ( අපිට නං ඉතිං මොන නමෙන් ආවත් කකා, කකාම තමයි.... හි හි)

    ReplyDelete
  14. WHO IS THE OTHER PORA WITH MR.S.PIYASENA, IS HE CHEF DUMINDA

    ReplyDelete
  15. "ඕස්ටේ්‍රලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ආදී ආනන්දීය සංගමයේ වාර්ශික සුහද හමුවේ"

    Kaka mona katha kiwwath gothirika wadaye uparima eka. Bedenna puluwan hama widiyenma bedenawa. Aeth anith ayata thamai angilla dik keranne. Baluwahama BBS eka hondaine meeta wada.

    ReplyDelete
    Replies
    1. තම පවුලේ, ගමේ මරණාධාර සමිතියේ සිට, පෘථිවිවාසීන්ගේ එකමුතුව, ක්‍ෂීරපථවාසීන් ගේ සංගමය දක්වා ඕනෑම සංගමයක්, එකතුවක්, සංසදයක්, හමුවක් කියන්නේ ග්‍රෝත්‍රවාදී ආයතන තමයි.

      Delete
  16. ඒතුමාට දීර්ඝායුෂ පතමු.............................

    ReplyDelete
    Replies
    1. මා එසේ පැතුවා ඔහුගේ උපන්දිනය දවසේත්!

      Delete
  17. එස්.පියසේනයන් පුවත්පත්වලට ලියූ ලිපි ඒ කාලයේ කියවලා තියනවා. මොහු ජාතික හා ජාත්‍යන්තර දේශපාලනය ගැන බොහෝ දැණුමැත්තෙක් බව මගේ මාමාණ්ඩිය කියා තිබෙනවා. මොවුන් දෙදෙනා මදුරාසියේ ශ්‍රීලංකා නියෝජ්‍ය කොමසාරිස් කාර්යාලයේ එකට සේවය කල බවත් මම අසා තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. මේ කියන්නේ ජේ.ආර්ගේ කාලේ. බර්නාඩ් තිලකරත්න තමයි දිල්ලියේ මහ කොමසාරදස්. ඇස් පියසේන දෙමල, හින්දි භාෂාත් දන්නවා ආකාශවාහිනීයේ වසර 11 ක් සේවය කළා නේ!

      Delete
  18. මේ ඇස් පියසෙන ලඟ ඉන්නේ රසික ද? මාර කැතයි නේ.ගොං පෙනුමයි. ඇයි ඔයා කියලා තිබ්බේඔයා උන්මාද චිත්‍රසේන කියලා? මම හිතුවා ඇත්තටම ඔයා ලස්සන ඇති කියලා.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.