Tuesday 23 December 2014

හිතට වද දෙන ඡායාරූපයක් - Act of sadism by a Sri Lankan Policeman?


ඉහත ඡායාරූපය මා දුටුවේ අද (23 December 2014) උදේ LankaeNews වෙබ් අඩවියේ පුවත් කියවද්දී ය.

එය වීඩියෝවකින් ලබා ගන්නා ලද එකක් යැයි සිතමි. ඒ වීඩියෝවද මම නැරඹුවෙමි.

එලෙස වීඩියෝගත කර තිබුණේ ඊයේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන සභා කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණයක යෙදුණු සිසුන් පිරිසකට පොලීසියෙන් කඳුළු ගෑස් ප්‍රහාර, අධීන ජල ප්‍රහාර එල්ලකර පහර දෙන ආකාරයයි.

මෙය අද ලංකාවේ ඇති ආණ්ඩුවේ හෝ ඔවුන්ගේ අණ පරිදි ක්‍රියාකරන පොලීසියේ පමණක් සුවිශේෂී ක්‍රියාකලාපයක් නොවේ. අපේ කාලයට පෙර ද, අපේ කාලයේ ද, විවිධ වර්ණයේ ආණ්ඩු සහ ඔවුන් ගේ පොලීසිවලින් කරන ලද්දේ ද මෙයයි.

එකම වෙනස නම්, ඩිජිටල් ෆොටෝ හෝ වීඩියෝ නොතිබුණු ඒ යුග ගැන අද මේ ආකාරයේ සාක්‍ෂි ඉතුරු වී නොතිබීමයි!

ඉහත ඡායාරූපය දුටු මොහොතේ සිට මේ වන තෙක්ම මගේ සිතට වද දෙන ප්‍රශ්ණයක් තිබේ.

එය නම්, කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරවලින් ගැලවී තම යෙහෙලියට ද ආරක්‍ෂාව සපයමින් ඇය සමග එතැනින් දිවයන මේ සිසුවා ගේ පස්සා පැත්තට මේ ආකාරයට පා පහරක් එල්ල කරන්නට මේ පොලිස්කාරයාට සිතුනේ ඇයි?

මේ සම්බන්ධයෙන් මට හිතෙන දේ ප්‍රශ්ණාවලියක් ලෙසින් මෙලෙස දැක්විය හැක.
  1. නිල නියෝග පිළිපැදීමෙන් ලැබෙන දෙයට අමතර පරපීඩාකාමී (sadist) සතුටක් අසරණව දිවයන අයෙකුට පහර දීමෙන් ලැබෙන නිසාද?
  2. ඒ ආකාරයේ පරපීඩාකාමී සතුටක් වෙතොත් එය පස්සා පැත්තට
  3. ගැසීමෙන් වැඩි වෙන නිසාද?
  4. කෙල්ල ඉදිරියේ කොල්ලා ගේ පෞරුෂය ප්‍රශ්ණ කරන්නද?
  5. මෙහි සිටින සිසුවිය නොසිටියා නම් මෙතැනින් නොනැවතී බිම පෙරලාගෙන කළුවර පොලු ප්‍රහාරයක් ලැබෙන්නට ඉඩ තිබුණාද?

ඔබට මේ සම්බන්ධයෙන් සිතෙන්නේ මොනවාද?

-රසිකොලොජිස්ට් (http://rasikalogy.blogspot.com/)

ප/ලි:
මේ ආකාරයේ පොලිස් පහරදීම් ගැන සුනිල් ආරියරත්න ලියා නන්දා මාලනී ගැයූ ගීතයක පද පෙල මෙසේය.

රණ දෙරණේ ගිනි අවි ගත් යුද සෙබලුනි අසනු මැනව
වෙඩි උණ්ඩය වැය කොට නුඹ සුරැකිය යුතු ජන පිරිස ය
යුක්තිය උදෙසා මොර දෙන ජනයා නසතොත් වියරුව
වැනසෙන්නේ නුඹ ද අයත් පංතිය බව සිතට ගනුව

ඉලක්කයට ලක්වන විට රුදු මරණයෙ ඉරණම්කරු
බලව සිතා එක මොහොතක් වරද කිමැයි ඔහුගෙ රුදුරු
වැටුපට මිනිමරණ දනන් නොව නුඹලා මිනිසුනි ගරු
අයුක්තියේ අණ පිළිපැද කුමට ද නුඹ පළදින තරු?

මානන ගිණි දණ්ඩ තුලින් පෙනෙන තරුණ පපු කුහරය
අධම කැලතකට අද දින නහර පිනන රස අහරය
උන්ගෙ බහට නිදොස් දනන් මරතොත් යුද සෙබල සගය
පමා කරන්නේ නුඹ හෙට නැගෙන්ට යන නව අරුණය!

ඒ ගීතය මා මුලින්ම ඇසූයේ අසූව දශකයේ අග භාගයේ දී පැවැත්වුණු නන්දා මාලනී ගේ පවන නම් සංගීත ප්‍රසංගයේ ගීත එකතුව සහිත කැසට් පටයකිනි.

ඉහත පොලිස් පහරදීම හා සම්බන්ධව ෆේස්බුක් අවකාශයේ තැබුණු පින්තූර සටහනක මේ පදවැල අඩංගු වී තිබෙනු මොහොතකට පෙර දුටු විට මට සිහි වූයේ ඒ ගීතය සහ එහි පදවැල අදාල වෙන්නේ පොලිසිය සහ ආරක්‍ෂක අංශ විසින් සිංහල ජනතාවට පහර දෙන අවස්ථා සඳහා පමණක් නොවේද කියායි!

(image: http://54.236.171.247/si_news_image/HND-Student-Attack.jpg)

37 comments:

  1. 5. මේ කොල්ලා නැතුව කෙල්ල විතරක් මෙතන සිටියානම් කියා සිතීම නිසා

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ මූලිකම මිනිස් ගතියක් තමයි මේ ප්‍රදර්ශනය වෙන්නේ!

      Delete
  2. මට මේ ගැන ලොකු ප්‍රශ්ණයක් සහ කළකිරීමක් තියෙනව. ඒක පැත්තකින් තියල අර එහා පැත්තෙ ඉන්න, මේ දේ වළක්වන්න උත්සහ කරන පොළිස් භටයට ස්තූති කරනව සහ අගය කරනව ඒ හැඟීම!

    ReplyDelete
    Replies
    1. වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද!

      Delete
  3. මේකත් ළෝකය පවතිනකම් තියේවී. අපි දන්නේ නෑ නේ ඇත්තටම මොකද උනේ කියලා. විශ්ව විද්‍යාල උද්ඝෝෂණ වලදි පොලිස් කාරයන්ට කියන්නේ 8 පාස් ගොන්නු කියලා. ඉතින් උන්ටත් තරහක් තියෙනවා විශ්ව විද්‍යාල ප්‍රජාව එක්ක. ඒ වගේම මගේ ක්ලාස් මේට් කෙනෙක් ඉන්නවා ලංකාවේ විශ්ව විද්‍යාලයකින් උපාධිය ගත්ත. ඌ උනත් විශ්ව විද්‍යාලවල උන්ට සලකන්නෙ මෙහෙමමයි.. ඒක මම 88-89 කාළෙත් දැකලා තියෙනවා. ඒ ඇර ඔතන ජෙප්පන්ගේ ප්‍රශ්ණෙකුත් තියෙනවා. පොලීසියට ජෙප්පෝ අරහං. ජෙප්පන්ට පොලීසිය අරහං. ඉතින් සෙට් උන් තැන වලි. කොතනත් හොඳ උන් වගේම නරක උනුත් ඉන්නවා කියලා අනික් පොලිස් කාරයන්ගෙන් පේනවා. අනික මූ එකසිය ගානට ට්‍රයි කරපු බඩුව ළඟ පුක ඉරාගෙන හරි වීරයෙක් වෙන්න තියෙන චෑන්ස් එක.

    කොහොම හරි මේ ජරා වැඩෙන් වැඩියෙන්ම අසරණ සහ තුවාල උනේ ශිෂ්‍යාවන් ඒක හරි තිරිසන් වැඩක්..

    ReplyDelete
    Replies
    1. හරි කොල්ලා පාට් එකක් දැම්මා කියමු. දුවන විට පස්සට ගහන එක වීර වැඩක්ද?

      Delete
    2. මොකා වුනත් හිංසනය වැරදියි. නීතියෙන් දඬුවම් දිය යුතුයි.

      Delete
  4. ඔය video එක මමත් බැලුවා.
    ඔතැන හරි වෙනත් තැනක හරි එක පොලිස් කාරයෙක් දුවන සිසුවෙකුට පයින් ගැසූවිට
    වෙනත් පොලිස් කාරයෙක් ඇවිත් කියනවා "ඉක්මනට මෙතනින් දුවන්න පුතා" කියල.
    එයාට ඒ ඇරෙන්න වෙන කොරන්න දෙයක් නෑ ඒ අවස්ථාවෙදි.

    ReplyDelete
    Replies
    1. මේ video එකේ විනාඩි 0.50 සිට 0.58 බලන්න, "දුවන්න පුතා දුවන්න" කියනවා.
      https://www.youtube.com/watch?v=etBtRJ-smj8#t=59

      Delete
    2. @ Anonymous23 December 2014 at 19:33
      පින්තූරේ ඉන්න ,පහර වලක්වන නිලදාරිය තමයි " දුවන්න පුතා ,දුවන්න " කියන්නෙ. රසිකගෙ විදිහටනම් ඒ පහර කන කොල්ලගෙ එක කුසේ උපන් නංගි. අහල බලන්න කෙල්ල කෑ ගහනව " අනේ අයියෙ කියල.

      Delete
    3. කම්මල, නෑ මම රසිකත් එක්ක 100%ක්ම එකඟයි.
      මම පෙන්නුවේ මෝඩ යක්කු අතරෙ හොඳ මිනිස්සුත් ඉන්න බව විතරයි

      Delete
    4. ඔව් බං මමත් එකගයි , //මම පෙන්නුවේ මෝඩ යක්කු අතරෙ හොඳ මිනිස්සුත් ඉන්න බව විතරයි//. අනිවාර්යයෙන්ම ඒකට හොදම උදාහරනය මේ වීඩියෝ ක්ලිප් එකේ විනාඩි 0.50 සිට 0.58.
      //රසිකගෙ විදිහටනම් ඒ පහර කන කොල්ලගෙ එක කුසේ උපන් නංගි. අහල බලන්න කෙල්ල කෑ ගහනව " අනේ අයියෙ කියල.// මේ ටික වෙනම දාන්න ඕනෙ එකක්, එකටම එල්ලුවට .
      උඹට ස්තුතියි link එකට ඇනෝ මිත්‍රයා.

      Delete
    5. ස්තුතියි.

      කම්මල ගේ කමෙන්ටුවේ දෙවෙනි කොටස මා වෙනත් තැනක අද කියූ දෙයක් ගැනයි.

      Delete
  5. හිතට වධ දෙන ඡායාරූපයක්... ඇත්ත... මේ දුෂ්ටකම් නිමවෙන්නෙ කවදද?

    ReplyDelete
    Replies
    1. හෝමෝ සෙපියන්ස් ලා වෙනත් සත්ව කොට්ටාශයකට පරිනාමනය වෙන දිනයේ සමහර විට?

      Delete
    2. ඒ කියන්නේ අපි මත්තල එයාපෝට් එකේ ණය ගෙවල ඉවර වෙන කාලෙදී.

      --------
      අපේ චම්පික රණවක ගොයියා කියල තියෙනවා එච්ච්චර කාලයක් යනවලු මාසෙට රුපියල් දාසයදාහ ගානේ ආදායම ලබනකොට.

      Delete
  6. දේශ පාලකයො පොලිස් ලොක්කන්ට පුකට පයින් ගහනව , උන් පොලිස් පොඩ්ඩන්ට පයින් ගහනව , පොලිස් පොඩ්ඩෝ ජහමනයට පයින් ගහනව. ඔය පීඩනය පිට කිරීමක්.

    ReplyDelete
    Replies
    1. පෙකින් ඕඩර් සහ ආස් කිකින් ඕඩර් දෙකම එකයි!

      Delete
  7. 1.. ඕවා හදාගන්න පුළුවන්. ඒත් කොතනත් ඔය වගේ බූරුවෝ ඉන්නවා.. ඒක සාමාන්‍යයි.. අවශ්‍ය දේ උන්ට දඩුවම් දෙන එක. අවසානවට ලංකාවේ නැත්තේත් ඒක..

    ReplyDelete
    Replies
    1. ඔබේ ඡන්දය මේ දුෂිත ක්‍රමයේ තාවකාලික හෝ වෙනසක් සඳහා යොදවන්න.

      Delete
  8. හෙන ඉල්ලන්න තරම් මෝඩ නැතත් ඔය පොලිස්කාරයා ගැන ඇතිවුනේ හරිම කූජිතයි කියන හැගීම.හිතේ තරහ සමග දැනුන වේදනාව වචන වලට පෙරලන්න අමාරුයි...

    ReplyDelete
    Replies
    1. කික් එකෙන් කික් එකක් ගන්නා කුක්කෙක්..........!!!

      Delete
  9. මට නම් මෙතන ඊට වඩා කට්ටිය පෙනෙනවා.
    අමන කොස්සාගේ පහර හොරෙන් මෙන් වලකන්න හදන නිලධාරීයා. කොල්ලා ගේ අතේ එල්ලි යන සාම්ප්‍රදායික කෙල්ල. මේ පින්තුරේ බලලා කම්පනයට විතරක් පත්වෙන, නොදකින් කොස්සෝ ඔහොම්මයි කියන අපි

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. පෙනෙන - නොපෙනෙන දේවල්.
      1. පොලිස් කොමිසම
      2. මානව හිමිකම් කොමිසම

      Delete
  10. රසිකගෙ පොයින්ට් 4 අතරින් 3 වන එක තමා මටනම් වැඩිපුර පේන්නේ. කොස්සො වගේම කොන්දොත් ඉන්නවා ඔය වර්ගයේ.

    ReplyDelete
  11. මං හිතන්නේ මේ වාණිජ ඩිප්ලෝමා අපේකෂකයින් යූජීසීය ඉදිරිපිට කරපු උද්ගෝෂණයට කරපු පහරදීමයි.... මේ රූපය විතරක් නෙමෙයි.. තව ලැජ්ජා නැති පහර දීම් බොහොමයක් ප්‍රවෘත්තී වලට පෙන්නුවා.. මේක ලංකාවනේ මතං................ අපි නම් ඉන්නේ මාර අාතල් ඒකේ..........

    ReplyDelete
  12. පොලීසියේ විතරක් නොවේ සමස්ත සමාජයේම විවිධ චරිත ඉන්නවා. මෙතනත් එයින් හොඳ පොරක් සහ මානසික රෝගියෙක් නිරුපනය වෙනවා. හිතට වදයාක් කරගන්න එකා මෝඩයා

    ReplyDelete
    Replies
    1. එය මෝඩකමක් නම් මගේ ඒ මෝඩකම මට හොඳා!

      Delete
  13. රසික, මේ මට හිතුනු දේ.

    01.නිල නියෝග පිළිපැදීමෙන් ලැබෙන දෙයට අමතර පරපීඩාකාමී (sadist) සතුටක් අසරණව දිවයන අයෙකුට පහර දීමෙන් ලැබෙන නිසා.

    පිළිතුරට හේතුව.
    ------------පරපීඩාකාමී (sadist) සතුටක් ලබන එක තමයි. එක මම අත්දැකලා තියෙනවා රසික. කටුනායක සෝන් එකට පොලිස් බල්ලෝ ඇවිත් අහිංසක කොල්ලන්ට කෙල්ලන්ට නෙලන හැටි මම මේ ඇස දෙකෙන්ම දැක්ක. ඒ තරම් අසික්කිතයෝ ඉන්නේ ඔය මහා ලොකු පොලෝසිය කියන ගුබ්බෑයමේ .

    ReplyDelete
    Replies
    1. මේ පහර දෙන්නේ තමන්ගේ පන්තියේම උන්ටයි.

      Delete
  14. ගණකාධිකරණ ඩිප්ලෝමාව උපාධිය හා සම කරපු අතීතයේදී මෝඩකම නැවත ඇති කලයුතුය කියල තමයි මේ අරගලය ගෙනිච්චේ.අරගලය පටන් ගත්තේ මේ අය බලෙන් කාර්යාල පරිශ්‍රය තුලට කඩා වැදීමට ගත් උත්සාහය නිසයි. නමුත් පහරදීම අනුමත කල නොහැකියි .
    මේ අරගලයේ යෙදුන අය උපාධියක සහ ඩිප්ලෝමාවාක වෙනස දන්නා අය නෙමෙයි.ඩිප්ලෝමාවක්,උපාධියක් සහ වෘතිය සුදුසු කම් යනු එකිනෙකට වෙනස් කාරණාය. තම පෞද්ගලික අරමුණු ඉටුකර ගැනීමට මේවා පටලවා ගත යුතු නැහැ.පසුගිය කාලයේ ගණකාධිකරණ ඩිප්ලෝමාව උපාධියකට සමාන කරතිබුනේ ගුරු වෘතිය සඳහා පමණි.එහෙත් ඒ චක්‍ර ලේඛය වංක ලෙස පාවිච්චි කල අතැම් අය එය යොදා ගෙන කථිකාචාර්ය තනතුරුද ලැබුවා.මේ තත්වය කවදා හෝ නැවැත්විය යුතුයි.

    ReplyDelete
  15. මෙම සිදුවීම සිදුව තිබුනේ 2014 දෙසැම්බර් මාසයේය, මේ වන විට හිටපු ජනාධිපති වරයා විසින් නැවත ජනවරමක් ඉල්ලා ජනාධිපතිවරණය කැදවා තිබුණි, මෙම ප්‍රහාරය මෙහෙයවා එයින් දේශපාලන වාසි ලබා ගත්තේ වර්තමාන ජනාදිපති වරයා විසිනි ඒ සදහා ඔහුට සහය වී ඇත්තේ රාජය සමහ සිට එම රාජය අපක්ර්තියට පත් කර පසුව ඔහු සමග එක් වූ පිරිස්ය, දෙකේ පන්තියේ ළමයෙකුට පවා තේරෙනවා මැතිවරණයක් තිබෙන මොහොතක කිසිසේත්ම හිටපු ජනාධිපතිවරයා මෙවැන්නක් සදහා මැදිහත් නොවන බව නමුත් අවසානව නම් මේ රටේ ඉන්න බහුතරයක් වූ මෝඩ මිනිසුන්ට එය නොතේරීමයි

    ReplyDelete
    Replies
    1. ඔබේ හිත නො රිදවා මේ උපුටා ගැනීම පමණක් යොදන්නම්!

      /* මෙය අද ලංකාවේ ඇති ආණ්ඩුවේ හෝ ඔවුන්ගේ අණ පරිදි ක්‍රියාකරන පොලීසියේ පමණක් සුවිශේෂී ක්‍රියාකලාපයක් නොවේ. අපේ කාලයට පෙර ද, අපේ කාලයේ ද, විවිධ වර්ණයේ ආණ්ඩු සහ ඔවුන් ගේ පොලීසිවලින් කරන ලද්දේ ද මෙයයි. */


      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.