Tuesday, 6 September 2016

පෝලීන් හැන්සන් යනු කවුද? - Pauline Hanson and her influence on Sri Lankan politics


මා මේ ලියන සටහන "මගේ දෙයියා සහ උඹේ දෙයියා" ලිපියේ ඇරඹුණු දිගු කථාවෙන් පැන නැගුණු "ගංගොඩවිල සෝම සහ දෙයියෝ" නම් අත්තේ දෙවන පුරුක යි. එහි අවසාන අතු රිකිලි පසුව දළුලනු ඇත.

ඕස්ට්‍රේලියාව පාලනය වන හැටි සහ එහි ඡන්ද ක්‍රමය ගැන මම මීට පෙර ලිපි කිහිපයක් ම, ලියා ඇත්තෙමි. ඒ සමගම, පසුගිය ජූලි මාසයේ ෆෙඩරල් රජය පිහිටුවීම සඳහා පැවැත්වුණු මහ ඡන්දය ගැන ද, මම ලිපි දෙකක් ලියූවෙමි.

මා මුලින් ම ඕස්ට්‍රේලියාවේ දී දුටුවේ ද ෆෙඩරල් මහ ඡන්දයක් පැවැත්වෙන ආකාරය යි. ඒ 1996 මාර්තුවේ දී ය. එවකට මා මෙරටට සංක්‍රමණය කර වසරක්වත් ගත වී නොතිබුණි. මා ද්විත්ව පුරවැසියෙකු වීමට ලංකාංඩුවෙන් ගාස්තු ගෙවා අවසර ගෙන ඕස්ට්‍රේලියානු පුරවැසිබව හිමි කර ගත්තේ වසර 1998 වසරේ ජනවාරි යේ දී ය.

මේ කරුණු නිසා මට ඒ 1996 ඕස්ට්‍රේලියානු මැතිවරණය ගැන තිබුණේ තරමක උනන්දුවක් පමණි. මා දැන සිටියේ එවකට පැවතියේ අගමැති පෝල් කීටින් ගේ නායකත්වයෙන් යුතු කම්කරු පක්‍ෂයේ රජයක් බවත්, විපක්‍ෂය වූයේ ජෝන් හාවඩ් නායකත්වය දැරූ ලිබරල් පක්‍ෂය හා ඔවුන් සංධානගතව සිටි නැෂනල් පක්‍ෂය බව වැනි සරල කාරණා කිහිපයක් පමණි.

කම්කරු පක්‍ෂය ඒ වන විට බලයට පැමිණ වසර දහ තුනක් පමණ ගෙවී තිබුණු අතර ෆෙඩරල් පාලනයේ තට්ටු මාරුවකට කාලය එළැඹී තිබුණු බව රට හැම අතින් ම ලැබෙන ප්‍රවෘත්තිවලින් දිස්වුනි.

මේ ඡන්දය සඳහා ලිබරල්-නැෂනල් සන්ධානයෙන් ක්වීන්ස්ලන්තයේ ඉප්ස්විච් නම් ඡන්ද කොට්ඨාශය සඳහා නාම යෝජනා ලැබී තිබුණේ පෝලීන් හැන්සන් නම් කාන්තාවකටයි. ඇය එවකට කඩයප්පම් කඩයක හිමිකාරියක වූ අතර නගර සභා මැම්බර්වරියක් ලෙස අර්ධකාලීන දේශපාලනයට ද පිවිස තිබුණි.

දුර බැහැර පළාතකින් ඡන්දයට මුල්වරට ඉදිරිපත්වන ප්‍රධාන පක්‍ෂයක අපේක්‍ෂකයෙකුට වුව ද ජාතික තලයේ ප්‍රචාරයක් සාමාන්‍යයෙන් නොලැබේ. විශේෂයෙන් ම, මේ ඔක්ස්ලි ආසනය කම්කරු පක්‍ෂය විසින් ඉන් පෙර ඡන්දයේ දී දිනාගෙන තිබුණේ 12% පමණ වැඩි ඡන්ද ප්‍රමාණයකින් නිසා, එය සැලකුණේ ආරක්‍ෂිත කම්කරු පක්‍ෂ ආසනයක් ලෙසයි.

එසේ නමුත්, පෝලීන් හැන්සන් ඡන්දයේ ප්‍රචාරක සමයේ කළ එක්තරා කැළඹුම්කාරී ප්‍රකාශයක් ප්‍රධාන මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීම නිසා, ඇයට තරමක ප්‍රසිද්ධියක් ලැබුණි.
ඇය කළ ඒ ආන්දෝලනාත්මක ප්‍රකාශය වූයේ ඕස්ට්‍රේලියාවේ ආදිවාසික ජනතාව රජයෙන් දෙන ශුභසාධන දීමනා අන් ජන කොටස්වලට වඩා වැඩියෙන් භුක්ති විඳිමින් වංචා සහගතව ජීවත්වෙන බවයි.

ඒ ප්‍රකාශය ජාතික මාධ්‍ය හරහා ප්‍රසිද්ධවීමත් සමගම ඇයට විරුද්ධව විශාල විරෝධයක් රට සතර අතින් නැගුණි. ඒ විරෝධයේ අවසාන ප්‍රතිඵලය වූයේ ලිබරල් පක්‍ෂ ප්‍රතිපත්තියට එරෙහි ප්‍රකාශ කිරීමේ වරදට, නායක ජෝන් හාවඩ් විසින් පෝලීන් හැන්සන් අපේක්‍ෂිකාවට දුන් පක්‍ෂ සහයෝගය ඉවත් කිරීමයි.

එසේ නමුත් ඡන්දයේ දී සිදුවූයේ ජෝන් හාවඩ් ප්‍රමුඛ ලිබරල් පක්‍ෂය හෝ අන් ප්‍රදේශවල ජනතාව හෝ අපේක්‍ෂා නොකළ දෙයකි. පෝලීන් හැන්සන් ඔක්ස්ලි ඡන්ද කොට්ඨාශයේ මන්ත්‍රීවරිය ලෙස තේරී පත්වූවා ය.

ඒවන විට රටේ විවිධ පළාත්වලින් යම් යම් අති දක්‍ෂිණාංශික ප්‍රතිගාමී බලවේග ද ඇය වටා එක්රොක්වන්නට පටන් ගෙන තිබුණි.

ඒ වසරේ අලුත් පාර්ලිමේන්තුව රැස්වූ පසු, තම මංගල පාර්ලිමේන්තු කතාවේදී පෝලීන් හැන්සන් පෙරටත් වඩා ආන්දෝලාත්මක ප්‍රකාශයක් කළා ය. එංගලන්ත ජනපද එක්කොට 1901 දී ඕස්ට්‍රේලියාව නම් රාජ්‍යය පිහිටවූ දිනවල ම සිට වාගේ රටේ පැවතුණු සුදු ඕස්ට්‍රේලියා ප්‍රතිපත්තිය කෙමෙන් අතහැර දමමින් හැත්තෑව දශකයේ මුල් භාගයේ දී ක්‍රියාත්මක කරන්නට යෙදුණු ඕස්ට්‍රේලියාව බහු සංස්කෘතික රටක් කිරීමේ ප්‍රතිපත්තිය විවේචනය කරමින් කතා කළ පෝලීන් හැන්සන් පවසා සිටියේ සංක්‍රමණය සහ ජනගහන වර්ධනය අනුව රට ඉතා ටික කාලයකින්ම ආසියානුවන් ගේ රටක් බවට පත්වීමට නියමිත බවයි.

එහිදී ආසියානුවන් ලෙස හැඳින්වුණේ සාමාන්‍යයෙන් චීන සහ කොරියන් වැනි සම්භවයකින් යුතු ජන කොටස් ය.

ප්‍රායෝගිකව සිදුවෙන බවට කිසිසේත් ම ඔප්පු කර පෙන්විය නොහැකි ඒ ප්‍රකාශය ගණිතඥයින් ගේ ද, සමාජ විශ්ලේෂකයින් ගේ ද, ප්‍රගතිශීලී ඕස්ට්‍රේලියානුවන් ගේ ද, සරදමට භාජනය වුවත්, රටේ විවිධ ප්‍රදේශවල පිරිස් එය විශ්වාස කරන්නට ඇත.

සමහර විට වික්ටොරියා ප්‍රාන්තයේ, නෝබල් පාක් ගම්මානයේ පන්සලක සිටි ලාංකික භික්‍ෂුවක් ද එය විශ්වාස කරන්නට ඇත.

විශ්වාස කරනවා පමණක් නොව එය තමන්ට කොයි ආකාරයකට පාවිච්චි කළ හැකි ද කියාත් ඔහු එදා සිතා බලන්නට ඇත!

ඒ විස්තර ද දිනක ලිවිය යුතුය.

-රසිකොලොජිස්ට්

(http://www.whaleoil.co.nz/2014/10/sure-channelling-pauline-hanson-winner-jacinda-dear/)

34 comments:

  1. පෝලීන් හැන්සන් ගැන ඒ කාලේ අපේ රටේ පත්තරවල ගියා මට මතකයි - ගොඩක්ම ඇයට බැනලා තමයි අදහස් පළවුනේ - හැබැයි ඔය සෝම හාමුදුරුවෝ වඩාත්ම සංවේදී ජනගහණ වර්ධනය ගැන චානුක වත්තේගම රාවය පත්තරේට ගිය අවුරුද්දේ යම් ලිපියක් ලිව්වා - පසුව මහසෝන් පිල්ලිය නම් පුද්ගලයෙක් (බොහෝ දුරට ඕස්ට්‍රේලියාවේ සිටින ලාංකිකයෙක්) මේ චානුකගේ මතය අභියෝගයට ලක්කළා සංඛ්‍යා ලේඛන මඟින් -

    ReplyDelete
    Replies
    1. ලක්ෂාන්: මේ ලිපි දෙකෙන් එකක්වත් කියවලා නැහැ. ලින්ක් හොයාගන්න විදිහක් තියෙනවද? බොහෝ විට මෙවැනි විශ්ලේෂණ කරන අය සිදු කරන මූලික වරදක් වන්නේ යම් සුවිශේෂී තත්ත්වයන් යටතේ සිදුවන දෑ දිගුකාලීනවත් එලෙසම සිදුවනු ඇතැයි උපකල්පනය කිරීමයි. උදාහරණයක් ලෙස චීනයේ ආර්ථික වර්ධනය ගැන කෙරෙන ඇතැම් විශ්ලේෂණ.

      Delete
    2. Chanuka's article was challenged by Asoka Abegunawardena, a Champika Ramawaka lackey. His pen name was not මහසෝන් පිල්ලිය but something else. Cannot remember now.

      Delete
    3. චානුක වත්තේගමගේ ලිපිය පලවූයේ මාතලන්ගේ අඩවියේය.
      සිංහලයා සුළුතරයක් විය හැකිය කීම කැත බොරුවකි. - Is Sinhalese becoming a minority?

      මම හිතන්නේ ලක්ෂාන් කියන්නේ "මහා කළු සිංහලයා" (පසුව මහා කළු ලාංකිකයා වුණා) පලකළ පහත ලිපිය විය යුතුයි.
      රාවය සහ මාතලන් පලකල චානුක වත්තේගම ගේ කැත බොරුව.(Is Sinhalese becoming a minority?)

      මෙය විශේෂයෙන්ම සොයාගෙන මෙහි දමන්නට හිතුණේ ඉකොනොමැට්ටා මේ ගැන ඉදිරියේදි යම් අදහසක් පළකරාවිය යන අදහසින්ය. :)

      Delete
    4. ඉකොනොමැට්ටා

      මේ තමයි චානුකලේ ඔරිජිනල් ලිපිය මාතගේ බ්ලොග් එකෙන්
      http://maathalan.blogspot.com/2014/09/is-sinhalese-becoming-minority.html

      Delete
    5. මේ තමයි එයට පිළිතුරු ලිපිය - හැබැයි මේ බ්ලොග් එකේ නම නම් මහා තළු ලාංකිකයා - ඔහුත් අර මසොපිත් එක්කෙනෙක්ද දන්නෙ නෑ

      http://mahakalu.blogspot.com/2014/09/population-of-sri-lanka.html

      Delete
    6. මහසොහොන් පිල්ලිය යනු මෙල්බර්න් සිට කමෙන්ට් කළ බ්ලොගක් ද කළ මරාවාදියෙකි. සාරස යනුවෙන් අද බ්ලොග්වල කමෙන්ට් කරන්නේ ඔහු යැයි මට සිතේ.

      මහ කළු සිංහලයා නොහොත් යකා යනු රාජ්‍ය සේවයේ නිරත නිලධාරියෙකි. මෞර්ය රාජ් ගේ අමාත්‍යාංශයේ ම විය යුතුය!

      අශෝක අබේගුණවර්ධන යනු මොරටුවේ උගත් මැවිසුරුවෙකි. ඔහු චම්පිකට වඩා වසර දෙකක් පමණ ජ්‍යෙෂ්ට විය යුතුය. ඔහු රාජ්‍ය සේවයේ නිරත යැයි නොසිතමි.

      Delete
    7. තිසර අමතක වුණා. ස්තුතියි, තිසර! (අපි බලමු. ඉස්සෙල්ල කියවන්න ඕනෑ. :) )

      Delete
    8. අපොයි අපේ සරසා එයා නෙමි.. මසොපි මහත්මයා වෙන අයෙක් මම දන්නා විධිහට. සරසාගෙ මල්ලේ පොල් වලාට් අමතරව තව බ්ලොගක් තිබුන බ්ලොග් නවකටහ්වක් ලියපු. අරලිය හරි මොකක් හරි.

      Delete
  2. //මා මේ ලියන සටහන "මගේ දෙයියා සහ උඹේ දෙයියා" ලිපියේ ඇරඹුණු දිගු කථාවෙන් පැන නැගුණු "ගංගොඩවිල සෝම සහ දෙයියෝ" නම් අත්තේ දෙවන පුරුක යි. එහි අවසාන අතු රිකිලි පසුව දළුලනු ඇත.//

    දැන්නං අර කිතුල් ගහේ තණකොළ හොයන කතාව වගේ.. හැක් හැක්


    ලංකාවෙත් හැන්සන්ලා ඉන්නවා ඇති තරං.. ඒවා විස්වාස කරන අයත් ඉන්නේ ඉතිං..

    ReplyDelete
    Replies
    1. කිතුල් ගසේ කතාව නම් නොතේරේ. මා බොරු කියන බවක් ද මේ ඉඟියෙන් කියන්නේ?

      Delete
    2. ලංකාවේ හැන්සන් යනු එදා නෝබල් පාර්ක් පන්ලසේ සිටි උන්නාන්සේ ය!
      තවත් අය ඇතිවාට සැක නැත!

      Delete
    3. //කිතුල් ගසේ කතාව නම් නොතේරේ. මා බොරු කියන බවක් ද මේ ඉඟියෙන් කියන්නේ?//

      කමෙන්ට එකෙන් බාගයක් උපහාසයට, අනිත් බාගේ අදහස් දැක්වීමට.. දැට්ස් මයි වේ ඩියර්.. හැක්

      Delete
  3. ඉතාම වටිනා අධ්‍යාපනික වටිනාකමකින් යුතු බ්ලොග් පෝස්ට් එකක්. වඩා හොඳින් ලියන්න උනන්දු වන්න. අත් අකුරු ගැන මීට වඩා අවධානය යොමු කර්න්නේ නම් හොඳයි. ලකුණු (7/10)

    ReplyDelete
  4. "පෝලීන් හැන්සන්"එහෙනම් හරියට ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප්,ශ්‍රී ලංකාවේ ගම්මන්පිල,විග්නේශ්වරන් මොඩලයේ අයකු වගේයි.

    ReplyDelete
    Replies
    1. ඇයි අර පරලොව ගිය උන්නාන්සේ?

      Delete
  5. ඇබෝලා ගැන ලියනව කියල පොරොන්දු වෙච්ච ලාංකික ඔසියෙක් හිටිය. බුවා නං ලියන වගක් නෑ.
    තව එකක්, ජාතික තලයේ දේශපාලනයේ ඉන්න ඇබෝලා නැද්ද?

    ReplyDelete
    Replies
    1. බෝගන්ස්ලා ගැන ලියන බයියෙක් නං හිටියා.. මිනිහා මං දැක්කා බුකියේ යාළුවොත් එක්ක ඇලක නානවා.. හැක්

      Delete
    2. ඉන්නවා.
      අප ආ කාලයේම සෙනෙට් සභිකයෙකු හිටියා ලිබරල් පක්‍ෂයේ. පසුව ඔලිම්පික් පදක්කම් දිනූ නෝවා පෙරේස් නීබෝන් කම්කරු පක්‍ෂයෙන් පත්වුණා. දැනුත් කම්කරු පක්‍ෂයේ ප්‍රධාන නිලයක් දරන කාන්තාවක් ඉන්නවා පාර්ලිමේන්තුවේ.

      Delete
  6. මෙහෙත් ඔය වගේ "කෝලං ජොන්සන්" කෙනෙක් හිටිය. මිනිහත් ලඟදි ඔය වගේ "ආන්දෝලනාත්මක ප්‍රකාශ දෙක තුනක් කළා". හැබැයි රසික ඔහෙ වගේ නෙමෙයි මෙහෙ. කට්ටිය වටවෙලා ගැහුවා ගැහිල්ලක් හරියට පෝය හේවිසියට ගහන්න වගේ. දැන්නං ආගිය අතක් නෑ වගේ. සද්දෙ වහල. ඉතින් බලන්න ශ්‍රී ලාංකික අපි දියුණු ජාතියක් නෙමෙයිද?

    ReplyDelete
  7. "කෝලං ජොන්සන්" නෙමෙයි බං "කෝලං ගොන්සන්"

    ReplyDelete
  8. රසික

    දැන් ඇපෲවල් ඉවත් කළොත් හොඳයි නේද? කොමෙන්ට් එකක් දමා කාලයක් බලා සිටීම කරදරයි

    ReplyDelete
    Replies
    1. තරමක් කාර්ය බහුලවයි හිටියේ. අද හවස ඉවත් කළා. ස්තුතියි!

      Delete
  9. මතක් කරන්න එපා. "අවලං ගොංසන්". අවලමා ගමට ඇහැටුවක් කියන කියමන අහල නැද්ද?

    ReplyDelete
  10. අපූරු පූර්වාපර සන්ධි ගැලපීමකි.
    ඒ විස්තර පසුව ලිවීමට අවශ්‍ය නැතැයි සිතමි.
    ඔබ සැකයට භාජනය කරන තැන ඒ ලෙසින්ම සිදු වූවා යැයි කෙනෙකුට සිතේනම් එහි කිසුදු වරදක් මා නොදකිමි.

    ReplyDelete
    Replies
    1. නමුත් ලියා ඇති දේ තව එක සංස්කරණයකින් පසු පළ කරමි.
      ස්තුතියි!

      Delete
  11. රසික මේ හඟවන්නේ සෝම හිමි හැන්සන් අනුගමනය කළා කියලද?

    ReplyDelete
    Replies
    1. ආන්න, ටියුබ් ලයිට් එක නටලා නටලා පත්තු වුණා...

      Delete
    2. සෝම හිමි පටන් ගත්තේ අදේවවාදයෙන් නේද?ලංකාවට ඇවිත් ජතිවාදෙට මාරුවුනා කියල මම හිතුවේ.

      Delete
  12. සෝම හිමිගේ පරිවර්තනය වෙච්ච හැටි ගැන එකඟ නැහැ. මම සෝම හිමිගේ මුල කාලේ සාකච්චා අහල තියෙනවා [ඒ වෙද්දී මම තරමක් දුරට බෞද්ධයෙක් - ආගම සපුරා හැරගොස් නැහැ].

    සෝම හිමි කවදාවත් පෝලින් හැන්සන් කියන වර්ගයේ වාර්ගික සුප්රිමසි කතා කියා තිබ්බේ නැහැ. මුලදි හාමුදුරුවන්ට ගැටළු තිබ්බේ බෞද්ධයා වැරදි ලෙස එයා දකින දේවල් කරන එක. සුළු ජාතිකයන්ට බනින්න එපා සමහර දේවල් ගැන ඔබ මේ වගේ මෝඩ වැඩ කරනවා නම් සුළු ජාතිකයන් ඔබව පසුකර යනවා කියලා. ව්‍යාපාර අතින් දියුණු වීම ගැන එහෙම හාමුදුරුවෝ සුළු ජාතිකයන්ට ඇගයීමක් දුන්නේ.

    තත්වය වෙනස් වෙන්න බලපෑවේ සාම ගිවිසුමක් කියල එකක් ගහගෙන කොටි සංවිධානය ඉල්ලන ඔක්කොම වරප්‍රසාද දීලා උන්ට අවශ්‍ය ලෙස ඉලක්ක ගත පුද්ගලයින් පවා මරන්න දීපු තත්වය තුලයි. රසිකට මේ යුගය ගැන අවබෝධයක් නැහැ මගේ හිතේ. 2001-2004 කාලේ ඊට පෙර යුද්ධය වෙනුවට සාකච්චා මගින් යා යුතුයි කියා හිතු මිනිසුන්ගේත් [මාත් එක්කම] ඇස් ඇරපු කාලයක්. ඒ කාලේ ලංකාවේ පැවතුනු තත්වය තුල කොටි සංවිධානය යුදමය ලෙස මර්දනය කරන්න යමක් කල යුතුයි කියා මතයක් හැදීම පුදුමයක් නෙවි. සෝම හිමි එයට නැචුරල් නායකයෙක් වුනා

    සෝම හිමි මුහුණ දුන්නු අනිත් අර්බුදය තමා දිගාමඩුලු ප්‍රදේශයේ බෞද්ධ විහාරස්ඨාන පුරාවස්තු සහ මුස්ලිම් ගම්මාන අතර පවතින ගැටුම. මේ අවස්ථාවේ හාමුදුරුවන් නොසිතු ලෙස අශ්රොෆ් එයාව චැලේන්ජ් කළා [99-2000] මගේ හිතේ පුරාවස්තු අර්බුදයට අමතරව මේක හාමුදුරුවන්ගේ ඊගෝ එකටත් බලපෑවා.

    සෝම හිමි ඉගොස්ටික් චරිතයක්. 100% එකඟ නොවන මුත් බෙහෙවින් ගරු කරන කෙනෙක්. සෝම හිමි ක්‍රමයෙන් අන්තවාදයක් කරා ගියා. හැබැයි පසුබිමේ උන්නු සුළු ජාතිකයොත් සමාන අන්තවාදීන්. හැබැයි හිමියන්ගේ මරණයට පස්සේ රටේ ගියපු පාරමිතා පෙරහැර නම් කොහෙත්ම සෝම හිමි ගේ දර්ශනයට සමපාත වුනේ නැහැ. ජාතිවාදය කියන මාතෘකාවේ වුනත්. මම හිතන්නේ සෝම හිමි ගේ වැඩසටහන වෙනත් පිරිසක් හයි ජැක් කළා කියලා.

    මොකද වීදි ප්‍රචණ්ඩත්වය සෝම හිමි කවදාවත් කරපු දෙයක් හෝ කරන්න කියූ දෙයක් නොවේ. හැබැයි ඊට පස්සේ ජා හෙ උ, බෝ බ සේ සහ දැන් අලුතෙන් හදාගෙන එන සිංහලේ ලේබල් එක උස්සපු කල්ලිය වගේ අය වීදි ප්‍රචණ්ඩත්වය තුලින් මේවා කතා කලේ.

    පෝලින් හැන්සන් වගේ වාර්ගික සුප්රිමසියක් ගැන [රසිකගේ පෝස්ට් එකේ කියන කතා වගේ එව්වා] සෝම හිමි කියා නැහැ මා දන්නා තරමින්.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.