මගේ සිතට එන, මට වැදගත් යැයි සිතෙන, ඕනෑම දෙයක් රසිකොලොජියේ පළවෙනු ඇත.
Whatever I see fit.
eMail: rasikologist@gmail.com
Wednesday, 29 April 2015
මරණ දඬුවම ද මිනීමැරුමකි - Stop killing humans in the name of law
ඉන්දුනීසියාව තුළ දී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ වරදට අත් අඩංගුවට ගත් ඕස්ටේර්ලියානු ජාතිකයින් නම දෙනා ගේ නායකින් යැයි සැලකෙන මයුරන් සුකුමාරන් සහ ඇන්ඩෲ චැන්ග් යන දෙදෙනා, ඒ සිදුවීමෙන් වසර දහයකට පසුව, නඩු තීන්දුවේ ප්‍රකාර අද උදෑසන වෙඩි තබා මරා දමන ලදී.
ඒ සමගම මේ වරදට ම අසුවී නඩු අසා මරණ දණ්ඩනයට නියම කරන ලද තවත් විජාතිකයින් හය දෙනෙකුට ද ඒ ඉරණම අත්විය.
මත්ද්‍රව්‍ය යනු මිනිස් ජීවිත විනාශ කරන දෙයකි. එ නිසා, ඒවා නිෂ්පාදනය, බෙදා හැරීම සහ විකිණීම සාපරාධී ක්‍රියා බව අමුතුවෙන් කිව යුතු නැත. නමුත් මේ දඩුවම, ඒ වරදට සුදුසු ද?
මයුරන් සුකුමාරන් සහ ඇන්ඩෲ චෑන්ග් අසුවූයේ ඉන්දුනීසියාවේ සිට ඕස්ටේර්ලියාවට මත් ද්‍රව්‍ය ගෙන ඒමේදී බවද මෙහිදී සඳහන් කළ යුතුයි. ඔවුන් ලුහුබැඳ ආ, ඕස්ටේර්ලියානු පොලිස් කණ්ඩායම, ඒ ඔත්තුව එදා ඉන්දුනීසියානු පොලිසියට ලබා නොදී, ඔවුන් ගේ ගුවන් ගමන අවසානයේ දී ඕස්ටේර්ලියාව තුළ දී අත්අඩංගුවට ගත්තේ නම් මේ සිද්ධිය කෙළවර වෙන්නේ මේ ආකාරයට නොවේ.
සාමාන්‍යයෙන් මරණ දඩුවම නියම වෙන්නේ අඩු වශයෙන් එක් මිනිසෙකු හෝ මරා දැමීමේ සාපරාධී ක්‍රියාවට ය. මිනිසෙකු තවත් මිනිසෙකු මරා දැමීම වරදක් නම්, ඒ වරදට දඬුවම ලෙස වරද කළ අය මරා දැමීම ද නිවැරදි නොවේ. කවර නෛතික පදනමක් තිබුණ ද, එයද මිනීමැරුමක් ම වේ!
මිනිස් ශිෂ්ටාරයේ මුල සිට පැවත ගෙන එන නො දියුණු සමාජයක නීතියක් වන මරණ දඩුවම මේ විසි එක්වන සියවස වන විට බොහෝ ශිෂ්ට සමාජවලින් එක්කෝ නීතියෙන් ම ඉවත් වී තිබේ, නැතිනම්, ක්‍රියායත්මක කිරීම අත් හිටුවා ඇත.
එක පසකින් මිනිස් අයිතිවාසිකම් ගැන කතා කරමින් අනිත් පසින් මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම සාධාරණීකරණය කරන්නේ කෙසේදැයි මට නම් සිතාගත නොහැක.
විකිපීඩියාවට අනුව, අද වන විට ලෝකයේ රටවල් 103 ක් මරණ දඩුවම ලබාදීම සහමුලින් ම නතර කර දමා ඇත. (ලංකාව වැනි) තවත් රටවල් 50 ක එය තවදුරටත් නීතිගතව තිබුණ ද ක්‍රියාත්මක වීම එක්කෝ අත් හිටුවා ඇත, නැතිනම් වසර දහයකින් මෙ පිට ක්‍රියාත්මක කර නැත. තවත් රටවල් හයක් මරණ දඩුවම යුද අපරාධ වැනි අපරාධවලට හැර අන් සාපරාධී ක්‍රියාවලට දඩුවමක් ලෙස භාවිතා නොකරති.
ඒ අනුව මරණ දඩුවම ක්‍රියාත්මක වන්නේ රටවල් 36 ක පමණකි. මේ රටවල් අතරට චීනය, ඉන්දියාව, ඇමරිකා එක්සත් ජනපදය (ජනපද 50 න් 32 ක්) හා ඉන්දුනීසියාව යන ලෝකයේ වැඩිම ජනගහනයෙන් යුතු රටවල් හතර අයිතිවීම නිසා ලෝක මිනිස් ප්‍රජාවෙන් 60%ක් තවමත් මේ තිරිසන් නීතිය යටතේ ජීවත්වෙන බව කිව හැක. පසුගිය වසරේ වැඩිම පිරිසක් මරණ දවුවම ලබා ඇත්තේ චීනයේ යි. එය දහසකට වැඩි සංඛ්‍යාවකි.
මරණ දඩුවම ක්‍රියාත්මක වෙන ඒ රටවල් 50 අතරිනුත්, අවුරුදු දහ අටට අඩු අය සඳහා මරණ දඩුවම තවමත් නීතිගතව ඇති රටවල් ඇත්තේ තුනක් පමණි. ඒ ඉරානය, සවුදි අරාබිය සහ සුඩානයයි.
මිනිසුන් නම් සත්ව කොට්ඨාසය සහමුලින්ම ශිෂ්ටාචාර වූ බව සැලකිය හැකිවෙන්නේ මරණ දඩුවම සහමුලින්ම ලෝකයෙන් තුරන් වූ දිනයට බව මගේ අදහසයි. මේ දිනවල මැද පෙරදිග සිදුවෙන "අයිසිස්" මිනීමැරුම් ගැන සිතන විට ඒ දිනය කල්ප ගණනක් දුර බව කණගාටුවෙන් වුවද කිව යුතුය.
ලංකාවේ මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම 1976 සිට අත්හිටුවා ඇති බව සත්‍යයක් වුවද, විටින් විට අපේ උන්නැහේලා ගේ, උන්නාන්සේලා ගේ බෞද්ධකම යට කරගෙන අශික්ෂිතත්වය උඩට මතුවේ. මේ සඳහා ඉතා මෑත ඉතිහාසයෙන් දිය හැකි ජුගුප්සාජනකම උදාහරණය නම් යහපාලන අධිකරණ ඇමති විජේදාස රාජපක්‍ෂ ගේ 2015 ප්‍රකාශයයි.
-රසිකොලොජිස්ට්
(image: http://archives.dailynews.lk/2007/06/27/fea03.asp)
Subscribe to:
Post Comments (Atom)
මං හිතන්නෙත් කිසිම නීතියකට මිනිස් ජීවිතයක් ගන්න අයිතියක් නැහැ කියලයි..
ReplyDeleteහරියට හරි. ඒක එක වරදකට දවුවම ලෙස තව වරදක් කිරීමක්.
Deleteමම මරණ දණ්ඩනය අනුමත නොකරමි, ඒත් එක අනුමත කරන අය ඉන්න නිසා ප්‍රජාතන්ත්‍රවාදීව වරණයක් ලබා දීම සුදුසු යයි කියා සිතනවා. ඒක වෙන්න ඕන මෙහෙමයි, මරණ දණ්ඩනය සුදුසුයයි කියන අයට පුළුවනි ෆොම් එකක් පුරවලා රජයට බාර දෙන්න, මරණ දන්ඩනය ක්‍රියාත්මක කිරීමට කැමති / අකමැති බවට. උසාවියේදි කෙනෙකුට මරණ දණ්ඩනය පැනවුවොත්, එයා මරණ දණ්ඩනය අනුමත කර ඇති අයෙන් නම් දඩුවම ක්‍රියාත්මක කරනවා, නැතිනම් ජීවිතාන්තය දක්වා හිරේ අරිනවා.
Deleteෆොම් එක පුරවා නැති කෙනෙක් ඒ ගැන ප්‍රසිද්ධියේ කතාකරොත් ඔහු සතියකට රිමාන්ඩ් සිරකරුවන්ට බාර දෙනවා සුදුසු දඩුවමක් ලබා දීමට.
@ Anonymous 30 April 2015 at 13:05
Deleteචෙක් මේට් නේද?
;-)
මරණ දණ්ඩනයෙන් සමාජ යහපතක් වෙනවාය කියා සිතන අයට තමන්ටම එම දණ්ඩනය න්‍රිම කරගෙන සමාජ ප්‍රගමනයේ කොටස්කරුවෙන් වෙන්න කියා ආරාධනා කරන්න හිතෙනවා!
මරණ දඬුවමට මමත් විරුද්ධයි.
ReplyDeleteසුකුමාරන් ලාගේ සිද්ධිය ට මෙහෙ මිනිස්සු අධි සංවේදීද- නැත්නම් මම සංවේදී මදිද කියලා හිතුනේ අද උදේ ඔෆිස් එකෙන් එවල තිබුණු ඊ-මේල් එක දැක්කම. ඒකෙ තිබුණේ මේ මරණ දඬුවම අසා කම්පනයට පත් වූ අයට කවුන්සලින් සපයන බවයි!
"මරණ දඬුවම ද මිනීමැරුමකි"
බලල තියෙනවද Dead Man Walking ෆිල්ම් එක : "I just wanna say I think killin' is wrong, no matter who does it, whether it's me or y'all or your government."
මරණ දණ්ඩනයට කැමති අයත් ඕනෑ තරම් ඉන්නවා. යට කමෙන්ට් එකක රගියගම කියා තිේරනවා වාගේ බාලි බෝම්බකරුවන්ට මරණ දණ්ඩනය දෙන කොට කොපමණ පිරිසක් එළිපිටම සතුටු වුණාද?
Deleteමූවී එක නම් නරඹලා නෑ!
ඔය රටවල මිනිස්සු මොනතරම් ශිෂ්ටද කියල මට හිතුන.
DeleteThe life of David Gale ෆිල්ම් එකත් මරණ දඬුවම ගැන හොඳ කතිකාවතක් කල එකක්. එහි මම කැමතිම නළුවෙක් වෙන Kevin Spacey ගේ විශිෂ්ට රංගනයක් දැක ගන්න පුළුවන්
Deleteවරදකට දඬුවම "මරණය" කියන එක කොයි පැත්තෙන් බැලුවත් වැරදියි තමා. මිනිස් ජීවිතයක් නැති කරන්ට අපි කාටවත් අයිතියක් නෑ. මායා ශිෂ්ටාචාරය තිබිච්ච කාලයේ "බෝල ක්‍රීඩාවක්" පැරදුනාම පැරදුනු කණ්ඩායමට මරණ දඬුවම හිමිවෙනවලු කියන කතාව මතක් වුනා පෝස්ට් එක දැක්කාම.
ReplyDeleteමං අහලා තියෙන විදියට මරපු අයගේ හිස් ගෙඩිවලින් තමයි මුලින්ම පාපන්දු ක්‍රීඩාව කරලා තියෙන්නේ!
Deleteකොහෙන්දෝ ආපු ශිෂ්ඨ කමක් තාමත් ලංකාවට තියෙනවා.. ඒත් මෙයාල වගේ සමහරු තමං දිහා මහ සෙනගක් බලන් ඉන්න බව ගානක් වත් නැතුව හිටපු ගමං ඔය වගේ ශිෂ්ණ කසනවා.. රාජපක්ශ නමේ වරදක්ද මංදා..
ReplyDeleteඑයා එක්කෙනෙක් විතරයි. හාමුදුරුවරුත් ඉන්නවා නේද මරණ දණ්ඩනයට ආවඩන?
Deleteමරණ දඩුවම ක්‍රියාත්මක කල යුතුයි කියන මතයෙයි මම ඉන්නේ...මත්ද්‍රව්‍ය කියන්නේ ආතල් එකට කන දෙයක්වත් කුළුබඩුවක් වත් නෙවෙයි නේ?? ඒවා හදන මිනිස්සුයි බෙදා හරින මිනිස්සුයි දන්නවා තමන් මේ කරන දේවල් වලින් තව ජීවීත දහස් ගාණක් නැති වෙනවා කියලා....ඒත් ඒවා කරන්නේ සල්ලි වලට බලයට....ඒ හින්දා එවැනි අයට මරණ දඩුවම ලබා දිය යුතුයි...නිකම් නෙවෙයි...ප්‍රසිද්ධියේ මරණ දඩුවම ලබා දිය යුතුයි....
ReplyDeleteමේ වගේම කාම අපරාධ සදහාත් මරණ දඩුවම ලබා දෙන්ඩ ඕනේ...
"එක පසකින් මිනිස් අයිතිවාසිකම් ගැන කතා කරමින් අනිත් පසින් මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම සාධාරණීකරණය කරන්නේ කෙසේදැයි මට නම් සිතාගත නොහැක."
මට නම් සිතා ගත හැක....වැඩි දෙනාගේ ජිවත් වීමේ අයිතිය උදෙසා මරණ දඩුවම ක්‍රියාත්මක කල යුතුව ඇත...
ඒ නැති කරන්නේත් මිනිස් ජීවිතයක්. වරදකින් වරදක් නවත්වන්න නෑ. වෙන දඬුවම් තියෙනවා. සිරගෙය ඉන් ප්‍රධානම එකක්.
Deleteමනුස්සයෙක් ලෙස හිතන්න පුරුදු වෙන්න.
Mayuran is identified as Sri Lankan origin so if we celebrate victories of Sri Lankans abroad we should mourn this as well if he was raised in Sri Lanka would he get a different life? That is how destiny works .. RIP
ReplyDeleteමේ ලිපිය ඒ සිද්ධිය ගැන නොව මූලිකව මරණ දඬුවම ගැන නිසා සුකුමාරන් සහ චෑන් ගැන විස්තර ලියන්න ගියේ නෑ.
Deleteලාංකික සම්භවයක් ඇති සුකුමාරන් ඉපදී ඇත්තේ එංගලන්තයේ යි. ඒ මීට වසර 34 කට පෙර. ඔහු ගේ දෙමව්පියන් සහ ආච්චිලා ඉන්නේත් වෙනත් රටවල්වලයි.
ඔහු ලංකාවේ සිටියා නම් නොවෙයි, හැදුණු වැඩුණු සිඩ්නිවල හිටියා වුනත් හිරේ දැම්මත් මරා දමන්නේ නෑ.
මරණ දඬුවම ඉවත් කිරීම පොදුවේ පිළිගැනීමට ලක් වීම මානව සදාචාරාත්මක පරිනාමයේ සංධිස්ථානයක් වේවි. තවම අපි ඉන්නේ ඒ සංධිස්ථානයට ගව් ගානක් දුරින්.
ReplyDeleteමා ලිව්වේ කල්ප ගානක් දුරින් කියායි. ගව් ගාන යන්න හැඟෙන්නේ ඊට වඩා ලඟ වගෙයි!
Deleteඇත්ත, ලෝකයේ සියලු රටවල් වලින් මරණ දඬුවම ඉවත් වුණ දා, එය මනුෂ්‍ය ශිෂ්ටාචාරයේ තවත් එක වැදගත් සංදිස්ථානයක් වේවි. එයට පෙර චෝදනා ලක්වූවන් හා ඇත්තටම අපරාධකාරයන් යයි උසාවියකින් වරද කරුවන් වූ අයගේ පවුල් පිටින් සමූල ඝාතනය කළ යුතුයි කියන මානසිකත්වයෙන් මිදෙන්නට උත්සහ කළ යුතුයි.
ReplyDeleteබටහිර ශිෂ්ටාචාරය අන් සියල්ලටම වඩා ඉදිරියෙන් කියා මේ කරුනේදීත් පෙනෙනවා. එතැනදී දෙපිටකාට්ටු (සමාජයේ නොවේ, ආණ්ඩු වල) කම තවම ප්‍රශ්ණයක්.
සදාම් හුසේන් එල්ලා මරණ විට බ්‍රිතාන්‍යය එයට විරෝධය පළ කරන විට, ලෝක බලවතාට ගොට්ට අල්ලන ඕස්ට්‍රේලියාව හුම් කියුවේ නැහැ. බාලි බෝම්බ කරුට මරණ දඬුවම දෙන අවස්ථාවේදීත් එයිට වෙනසක් පෙන්නුවේ නැහැ. මරණ දඬුවම ඉවත් කිරීමට ඉල්ලීමේදී සියලුම වරදවල් හා අවස්ථාවන් සඳහා එය ඉවත් කළ යුතුයි කියා නොඉල්ලීම බටහිර කරන වරදක්.
මේ තරුණයන් දෙදෙනා මරා දැමීම නිකම් අපරාධයක් විතරයි. ඇත්තටම ඔවුන් දෙදෙනා ඉන්දුනීසියානු නීතිය හා බන්ධනාගාරය හරියට ක්‍රියාත්මක වනවා යයි පෙන්වන කදිම උදාහරණයකට ගන්න තිබුණා. එක අවස්තාවකදී වරදක් කරපු මිනිසෙකුට, ප්‍රතිසංස්කරණය වන්නට පුළුවන් වගට හොඳම උදාහරණයක් ඔවුන් දෙදෙනා. යුක්තිය හා සාධාරණත්වය ඇත්තටම අගයන සමාජයක් නම් ඔවුන්ගේ මරණයන්ට වඩා, ඔවුන්ගේ ජිවිතයෙන් ප්‍රයෝජන ලබන්නට ඉඩ තිබුණා.
බාලි බොමර්ස්ලා ගේ කතාව ඉතා වැදගත්.
Deleteනමුත් දැන් ඉස්සරහට තත්වය වෙනස් වේවි.
මෙහේත් සෑහෙන පිරිසක් ඉන්නවා මරණ දඩුවමට කැමති, නමුත් ඔවුන් වඳවී යන කොටසක්. ඒකයි ඇබට්ලා වුණත් මේකට විරුද්ධව වැඩ කරන්නේ!
බොරු කතා කුමකටද..........මේ......
ReplyDeleteබාල අපාචාර.....ස්ත්‍රී දුෂණ.......භයානක මත් ද්‍රව්‍ය වරද කරුවන්ට මරණ දඩුවම දිය යුතුයි......
මරණ දඩුවම ලෝකයෙන් තුරන් කරන්න ප්‍රථම ඔය වැරදි කරන දේවල් නවත්වන්න මුළු ලෝකෙටම පුලුවන්නම්....
මේ කිඹුල් කඳුළු සලන්න උන්වමනා නැත නෝනා/මහත්වරු නේ..........................
මරණ දඬුවම නිසා ඒ අපරාධ අඩු නොවේ. මිනිසුන්ට පුනරුත්තාපනය වීමට අවස්ථාව දිය යුතුයි. මිනිස්කම යනු මැරීම නොවේ. සමාව දීමයි.
Deleteකෙන්ජි, ඔබ අපාරාධ කැටගරියට නොදාන සමහර දේවල්, කුනුහරුප ලියන / කියන ( ඒවා මොනවාද යන්න හරිම සාපේක්ෂයි) එකත් අපරාධයක් විදිහට දකින අය ලෝකයේ ඕන තරම් ඉන්නවා.
Deleteජපන් ටෝක් දුන්නට ඉන්නේ මිඩ්ල් ඊස්ට් නිසා චින්තනය නිවහල් නෑ. අර බුකියේ දාපු පින්තුරේ ගත්තේ කොහෙන්ද කියලා දාන්නද
DeleteThis comment has been removed by the author.
DeleteThis comment has been removed by the author.
Delete@ඇණය ...ඔව් නේද.......
Delete@ඇනෝ ....තමුන් කා ගැනද දන්නෙ නැහැ ඔය කියන්නෙ ....අහ...අහ ..ඉන්නෙ දාපන් බන්....
ඒකේ දෙපැත්තක් තියෙනවා නේද? රසික මහත්මයා කතා කරලා තියෙන්නේ එක පැත්තක් විතරයිනේ.යම් වරදකට මරණ දඬුවම මඟින් අනාගතයේ ඒ වැරැද්ද නැවත සිදුවීමේ සම්භාවිතාව අඩු වෙලා යන්නේ නැද්ද?
ReplyDeleteඋදාහරණයක් විදිහට මිනී මැරීම ගමු.
මිනිහෙක්ට තව මිනිහෙක් මරණ එක ලේසි පාසු දෙයක් නෙමෙයි.නමුත් කවුරු හරි තව කෙනෙක්ව මැරුවොත් ඒ මිනී මරුවට ආයෙමත් කෙනෙක්ව මරණ එක අනිත් අයට සාපේක්ෂව එච්චර අමාරු නැති වෙනවා නේද? (අපි අහලා තියෙන ඔය පාතාලේ නම ගිය ඩයල් මිනී මැරුම් එකකට වඩා සම්බන්ධ අය නේද?) ඉතිං ඒ එක පාරක් මිනිහෙක් මරලා තමුංගේ මිනී මැරුම් හැකියාව ඔප්පු කරපු කෙනෙක්ව මේ සමාජෙන් අයින් කරලා දාන එකෙන් සමාජ සුරක්ෂිතතාව වැඩි වෙන්නැද්ද?
ඒ වගේම ඒ වරදට දඬුවම දකින අනිත් අයත් ඒ වැරැද්ද කරන්ඩ කළිං දෙපාරක් හිතන තත්ත්වෙට එන්නේ නැද්ද?
මම මිනිස්සු මරන එකට එකඟ නෑ.නමුත් අනිත් පැත්තත් අමතක කරන එක හරි නැති හින්දා මේක ලිව්වේ.
දිනුක, ඇමෙරිකාවේ මරණ දඬුවම ක්‍රියාත්මක හා නැති ප්‍රාන්ත වල මිනීමැරුම් වල (ජනගහණයේ ප්‍රතිශතයක් ලෙස) ගණන් මෙයට යම් පිළිතුරක් සපයනවා. අතපය කපන, බෙල්ල කපන අරාබි සමාජ ලෝකයේ යහපත්ම සමාජ බවට පත් නොවන්නේ ඇයි කියන එකත් මෙයටම අදාලයි.
Deleteමරණ දඬුවම නිසා ඒ අපරාධ අඩු නොවේ. මිනිසුන්ට පුනරුත්තාපනය වීමට අවස්ථාව දිය යුතුයි. මිනිස්කම යනු මැරීම නොවේ. සමාව දීමයි.
Deleteඒ දෙන්නාට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරේ ඉන්දුනීසියාවේ සිට නම්, පළමුව මරණදඩුවම ලබාදිය යුත්තේ ඉන්දුනිසියාවේ මත්ද්‍රව්‍ය තිබීමට වගකිව යුතු අයයි. එහෙම නැත්තම් ලතින් ඇමරිකාවේ වගේ රිපෝටර්ව මරණ එකත් සාර්තකයි.
Deleteඔය සිද්ධියෙදි ඔස්ට්‍රේලියානුවන්ගෙ දැලේ පැටලිල කුඩු ගෙනියපු චෝදනාවකට නිරපරාදෙ අහුවෙච්චි පිලිපීන කත අන්තිමට වෙඩි තියන මොහොතෙ නිදහස් කිරීම ගැන මුකුත් අදහසක් නැතිද?
ReplyDeleteMary Jane Velos ගේ කේස් එකට ඔසී සම්බන්ධයක් නෑ නේද?
Deleteඔබේ තර්කය සාදාරණයි. මරණීය දණ්ඩනයට මාත් විරුද්ධයි. ඇයි මං විරුද්ධ කියන එකට හේතු දෙකක් තියෙනවා .. ඒ අපරාධ කාරයා මරලා දැම්මම එයා ඉක්මණින් මරණයට පත්වෙනවා ඔහුගේ ජිවිතේ දුක් විඳීමක් නෑ (එහෙම හිතන එක නරක ඇති ) ඒ වගේම සමහර විට ජීවිතාන්තය තෙක් හෝ අවුරුදු ගණනාවක සිර දඩුවම් කාලයක් තුල ඔහු ජිවිතේ යම් යම් දේවල් අවබෝධ කරගෙන ජිවිතේ පවිත්‍ර කරගන්න තියෙන ඉඩ සහ පස්චාත්තාපයට ඉඩ අහිරේවි .. ඔහු මරා දැම්මොත්..
ReplyDeleteඉන්දුනීසියාව කියන්නේ මුස්ලිම් රටක් නේද?
// බෞද්ධකම යට කරගෙන අවිහිංසාව උඩට මතුවේ. // / මේක මට තේරෙන් නැහැ
//බෞද්ධකම යට කරගෙන අවිහිංසාව උඩට මතුවේ. //
ස්තුතියි. එය "බෞද්ධකම යට කරගෙන අශික්ෂිතකම උඩට මතුවේ" ලෙස නිවැරදි විය යුතුයි.
Deleteමං හිතන්නේ වඩා වැදගත් කාරණය තමයි අපරාධකරුවාට පුනරුත්තාපනය වීමට අවස්ථාවක් ලබා දීම!
Deleteනීතිය විසින් දඬුවම් ලබාදීමේ අරමුණ තමයි වැරදිකරුවන්ට ඔවුන්ගේ වැරදිවල ප්‍රතිවිපාක විදින්නට සැලසීම(retribution), නිවර්තනය හෙවත් අපරාද සිදුවීම වැලැකිවීම (deterrence), වරදකරුවන් සමාජයෙන් ඈත් කිරිම (incapacitation), සහ ඔවුන් පුනරුත්තාපනය කිරීම (rehabilitation).
ReplyDeleteමරන දඩුවම සම්බන්ධයෙන් අපරාධ විද්‍යාව සහ නීති අධ්‍යනය තුල ඉදිරිපත්වන මූලිකම සාදරනීකරනයක් තමයි වැරදිකරුවන්ට ඔවුන්ගේ වැරදිවල ප්‍රතිවිපාක විදින්නට සැලස්වියයුතුයි කියන එක. ඇත්තටම මේකේ සංකල්පීය පදනම තමයි ඉස්සර තිබුන් ඇසට ඇසක් කියන මතය (An eye to eye). මධ්‍යතන යුගයේදි සිදුවුන දෙයක් තමයි එක පවුලක පුද්ගලයෙක් කිසියම් අයෙක් විසින් මරා දැමුනාම මියගිය පුද්ගලයාගේ පවුලේ අයට ඒ මිනිරුවා ඝාතනය කර දමන්නට ‘අයිතියක්‘ තිබෙනවා යැයි පිලිගැනීම සහ පුද්ගලයෙකු මරා දැමිමේ වරදට ඝාතකයාත් මියයායුතු බව (those who kill deserves to be killed). පසුකාලීනව ක්‍රමිකව මේ ඇසට ඇසක් සංකල්පය ක්‍රියාත්මක කිරිම රාජ්‍යයේ වගකීමක් බවට පත්වුනා.
ඊට අමතරව, අපරාද සිදුවීම වැලැකිවීම කියන කාරණය න්‍යායිකව ආකාර දෙකකින් විස්තර වෙනවා. එ Specific සහ General යනුවෙන්. Specific යනුවෙන් අදහස් වෙන්නේ අපරාධායක් සිදුකළ පුද්ගලයා නැවත එවැනි වැරදි සිදුකිරීම වැලැක්විම සදහා ඔහුට දඩුවමක් දියයුතුයි කියන එක. General deterrence කියන්නේ නැවත එවැනි වැරදි/අපරාධ සමාජය තුල සිදුනොවන බව තහවුරු කිරීම. තවදුරටත් කියනවානම් අනාගතයේදි තවත් පුද්ගලයෙකු සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය වැනි අපරාධයකට ගොදුරු වෙලා මියයාම වලක්වනවා කියන අරමුණින් සහ සමාජයේ සෙසු කිසිවෙක් එවැනි අපරාධ නොකරන තැනට කටයුතු සලසනවා කියන අරමුණින් මනුෂ්‍ය ඝාතනයක් සිදුකළ පුද්ගලයෙකුට මරණ දඩුවම දිය හැකියි. එතැනදි තවත් අරමුණක් තමයි තමන් මේ වරද කළොත් රාජ්‍යය විසින් තමන්ගේ ජීවිතය අවසන් කර දැමිය හැකි බව දන්නා නිසා (ජීවිතය අහිමි කරගැනීමට ඇති ස්වභාවික බිය) අනිත් මිනිසුන් එවැනි වැරදි නොකර සිටින්නට කටයුතු කරයි කියන එක.
මේවා තමයි මරණ දඩුවම ක්‍රියාත්මක වීමේ මූළික අරමුණු (Purposes of capital punishments) නමුත් ඒ අරමුණ සත්‍ය වශයෙන්ම ඉටු වෙනවාද? අපරාධ අඩු කරන්න මරණ දඩුවම කිසියම් හෝ දායකත්වයක් සපයනවාද කියන එක විවාදිතයි. Wall street Journal එකේ ගියපු මේ ලිපියේ ඒ කාරණය ගැන පර්යේෂනාත්මක විස්තරයක් සහිතයි >> http://goo.gl/zLkQv9
වැදගත් අදහස් දැක්වීමක් ස්තුතියි.
Deleteමරණ දවුවමින් ඉහත දක්වා ඇති කිසිම දෙයක් ධනාත්මකව උදාකර ගන්න බෑ කියායි මට හිතෙන්නේ. අනික සිදුවුණු අපරාධය ආපසු ගන්නත් බෑ. සිදුවන්නේ පළිගැනීමක් පමණයි.
කාලයක් තිස්සේ සිරගත කර, ස්වයං පශ්චාත්පයක් මගින් ඵුනරුත්තාපනය වීමට ඉඩ සැලසීම වඩා හොඳයි. සමහර ඬිට මානසිඛ ආබාධ ඇති අයත් දරුණු මිනීමරුවන් වී තියෙනවා.
මගෙ නං අදහස මරණ දඬුවම දීම කාට නමුත් සුදුසු නෑ.. කාගේවත් ජීවිතයක් නැති කරන්න කාටවත් තියන අයිතිය මොකක්ද...
ReplyDeleteමගේත් මතය එයයි.
Deleteමේ මාතෘකාව දීර්ඝව සාකච්ඡා කරන්න අවශ්‍ය එකක්. ඉතාම කෙටියෙන් අදහසක් ඉදිරිපත් කරන්න උත්සාහ කරන්නම්. මම පහත ඉලක්කම් වශයෙන් අදහස් ඉදිරිපත් කරන්නම් දීර්ඝ ලෙස කතා කරන්නට කාලය ප්‍රශ්නයක් නිසා. මගේ බ්ලොග් එකේ මේ ගැන සටහනක් ඉදිරියේදී ලියන්න බලාපොරොත්තු වෙනවා.
ReplyDeleteමරණ දඬුවම ක්‍රියාත්මක නොකිරීමට හේතු / මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමෙන් සිදුවන අවැඩ (අවාසි) / මරණ දඬුවම ආශ්‍රිත ගැටලු සහගත තත්වයන්.
1. ශිෂ්ඨ සමාජයන් වල අපරාධකරුවන්ට දඬුවම් ලබා දෙන්නේ පළිගැනීම අරමුණු කොටගෙන නොවේ. මූලිකම අරමුණ ඔවුන්ගෙන් සමාජයට වන හානිය වැළැක්වීමයි. මෙම අරමුණ පුද්ගලයාගේ වැරැද්ද මත පදනම්ව තීරණය වන දඬුවමකින් ලබා ගත හැක. මරණ දඬුවම ලබා දීම අවශ්‍ය වන්නේ නැත. (සමාජයේ යහපැවැත්මට දීර්ඝකාලීනව තර්ජනයක් වන අයවලුන්ව ජීවිතාන්තය දක්වා සිරගත කිරීම වැනි ක්‍රම මඟින් )
2. හිංසන සංස්කෘතියක් තුළින් හිංසනය නැවත්තීමට උත්සාහ කිරීමට උත්සාහ කිරීමෙන් දඬුවම ක්‍රියාත්මක කිරීමට මුල් වුන අරමුණ පරාජය වීම. සමාජයක ජීවත් වන මිනිසුන් තුළින් සිදුවන ම්ලේච්ඡ ක්‍රියා අඩු කිරීමට එම සමස්ථ සමාජය විසින් ම්ලේච්ඡ ක්‍රියා අනුගමනය කිරීම තුළින් සමාජය සදාචාරාත්මකව යහපත් වීම වෙනුවට මිනිස් ඝාතන (මරණ දඬුවම) සමරන සමාජ ක්‍රමයක් බිහි වීම. [අපරාධකරුවන්ව විදුලි පුටු වල ඝාතනය කිරීම්, එල්ලා මැරීම් සමාජයේ ශිෂ්ඨ මිනිසුන් විසින් සිරගෙවල් වල එළියේ සිට නටමින්, ප්‍රීති වෙමින් සමරන අයුරු ගැන උදාහරණ ඕනෑ තරම් බටහිර රටවලින් ගත හැක]
3. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ඇති ක්‍රම ඉතාම අමානුෂික වූද ම්ලේච්ඡ වූද ක්‍රම වීම සහ විෂ එන්නත් මඟින් මරණ දණ්ඩනය ලබා දීම වැනි සාපේක්ෂව සදාචාරාත්මක ක්‍රම වලට ඉතාම අධික වියදමක් යාම.
4. මරණ දඬුවම ක්‍රියාත්මක වන්නේ නීතිමය ක්‍රියාවලියක අවසන් ප්‍රතිපලය වශයෙනි. නීතිමය ක්‍රියාවලීන් පදනම් වන්නේ ඉදිරිපත් කෙරෙන සාක්ෂි මත පදනම් වන නිගමනයන්ට අනුවය. මෙහිදී යම් අවස්ථාවක ඉදිරිපත් කෙරෙන සාක්ෂි වල නිර්වද්‍යතාවය සහ ප්‍රමාණාත්මක බව සම්බන්ධ ගැටළු තිබීම. මරණ දඬුවම ලබා දීමෙන් පසු මරණයට පත් වූ මිනිසුන් කිසිදු වරදක් නොකල අහිංසකයන් බවට ඔප්පු වූ අවස්ථා ඕනෑ තරම් මේ පිළිබඳව අධ්‍යනය කරන කෙනෙක්ට සොයා ගැනීමට හැකි වේවි.
5. මරණ දඬුවම ක්‍රියාත්මක වීමේ විශ්වසනීය බව පිළිබඳ ගැටළුව. මරණ දඬුවම ක්‍රියාත්මක වන පරිසරයක එම ක්‍රියාවලින රඳා පවතින්නේ එම රටේ පවතින ආණ්ඩුව හෙවත් පාලනාධිකාරිය මතය. උදාහරණයකට අප රටේ පාලනාධිකාරිය ගන්න. අප රටේ ආණ්ඩුව යටතේ පවතින අධ්‍යාපනය, නීතිය, ආර්ථිකය වැනි ආණ්ඩුව මඟින් පාලනය වන අංශ වල ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය ගැන ඔබ සෑහීමකට පත් වෙනවාද? එසේ සිතන ඔබ ඔබේම සමාජයේ මිනිසුන්ව ඝාතනය කිරීමේ අවසරය ආණ්ඩුවට පැවරීම වෙනුවෙන් කථා කරන්නේ ඔබට ආණ්ඩුවේ අනෙකුත් ක්‍රියාකාරකම් ගැන විශ්වාසනීයත්වයක් ඇතුවද? අප රටේ ඉතිහාසයේදීම පාලකයින් විසින් දේශපාලන පළිගැනීම් සහ මාධ්‍ය නිදහස වාරණය සඳහා නීතිය යොදාගත් අයුරු ගැන උදාහරණ නම් ගම් සහිතව ඉදිරිපත් කල යුතු යැයි නොසිතමි. මරණ දණ්ඩනය ක්‍රියාතමක වන පාලන ක්‍රමයක් තුළ මෙම පාලනාධිකාරීන් කෙසේ ක්‍රියාකරාවිදැයි මරණ දණ්ඩනයට සහය දෙන ඔබට දිය හැකි සහතිකය කුමක්ද? නීතිය ඉදිරියේ වරදකරුවන් වූවන් නිවැරදි යැයි ඔප්පු වුවහොත් පසුව සමාව දී නැවත සමාජයට මුදා හල හැක. නමුත් ඔහුව නීතිය මඟින් ඝාතනය කරලා නම් ඔහුව නැවත ගෙනෙන්නේ එලොවින්ද?
6. ස්ත්‍රී දූෂණ සහ ළමා අපචාර වැනි දේට වරදකරුවන් වන සමහර අපරාධකරුවන් මානසික රෝගීන් විම. තමාගේ පාලනයකින් තොර වූ රෝගයක් මඟින් මෙහෙයවන කෙනෙක්ට මරණ දඬුවමක් දීම කොයිතරම් සදාචාරාත්මකද? ඇතැම් විට මොවුන්ට අවශ්‍ය වන්නේ සිර දඬුවම් ලබා දීම නොව වෛද්‍ය ප්‍රතිකාරයි. හෙට ඔබ හෝ ඔබගේ හිතවතෙක් මානසික රෝගයකට ගොදුරු වුවහොත් රෝගියෙක් වූ ඔහුගෙ යම් ක්‍රියාකාරකමකට මරණ දඬුවම ලැබෙනවා නම් එය සාධාරණ යැයි ඔබ සිතනවාද?
ඉහත දැක්වූ අන්දමින්ම මේ පිළිබඳ ඉදිරිපත් කිරීමට තවත් කරුණු රාශියක් ඇත. ඉහත ඉදිරිපත් කොට ඇත්තේ මරණ දඬුවමට මා විරුද්ධ වීමට පදනම් වන හේතූන් කිහිපයක් පමණි. සාකච්ඡාව ඉදිරියට ගලා ගෙන යන අයුරු නිරීක්ෂණය කොට සහ කාලය ලැබෙන අයුරින් තව අදහස් බෙදා ගන්නම්.
ඔබ වැනි අය තමයි රටක් පාලනයට අවශ්‍ය. ඔය විජේදාස රාජපක්‍ෂලා නොවෙයි.
Deleteඅදහස් දැක්වීමට ඉතාමත් ස්තුතියි.
වැලිකඩ සිරගෙදරට මහා හා හෝවක් කර බඳවා ගත් අළුගෝසුවාත් නිකං පඩි ගන්න ජොබ් එකක් වුනත් ඒක දාලා ගියාලු නේද?
ඇත්තටම අරවින්දගේ කමෙන්ට් එකෙන් මමත් යමක් ඉගෙන ගත්තා කිව්වොත් හරි. ප්‍රතිපත්තියක් විදිහට මරණ දඬුවමට විරුද්ධ වුණත්, සීරියල් කිලර්ස් ල, විශේෂයෙන්ම චයිල්ඩ් කිලර්ස් ලා සම්බන්ධයෙන් නම් ඒක ක්‍රියාත්මක වීමේදි මගේ ඒ හැටි විරුද්ධතාවයක් තිබ්බේ නැහැ. නීතියේ කුමන හෝ අඩුපාඩුවකින් මෙවැනි අය සමාජයට එක් වුණොත් සිදුවන විනාශය ගැන තමයි හිතුනේ. නමුත් ඒක අපේ හිත ඇතුලේ තියන පුද්ගලික බියක් මිසක්, තර්කානුකූල සත්‍යයක් නොවෙයි.
Deleteඅරවින්දගේ අදහස් දැක්වීමත් එක්ක මමත් එකඟයි.මරණ දඬුවම ගැන තියෙන මගේ විරෝධය මේ අදහස් දැක්වීමෙන් තවත් තහවුරු වුනා.
Deleteඅරවින්ද, ඔබ මෙම සංකීර්ණ ප්‍රශ්නය මනා ලෙස විග්‍රහ කරනවා ...
Deleteමරණ දඬුවමට මාත් විරුද්ධයි. ඒත් මේක ඕන කියන අය නඟන තර්ක වලත් ගතයුත්තක් තියනව.
ReplyDeleteදඬුවමක් විදියට මේකට විරුද්ධ වියයුතු මරණය කියන්නෙ දඬුවමක් නොවන නිසා. මරණය දඬුවමක් නොවෙන්නෙ මරණයට පස්සෙ මනුශ්‍යයා ඉතිරි නොවන නිසා. මරණයට පස්සෙ "නිවැරදි" වෙන්න අවස්ථාවක් නොලැබෙන නිසා...
අනිත් පැත්තට, මිනීමැරුම් වගේ බරපතල වැරදි කල අයව, අර ඉහල කමෙන්ටුවක කිව්ව වගේ, "ඉවත් කරන්න" මරණයට පත්කිරීම විවාදාත්මකයි. තර්ක කරල එකඟතාවයකට එන්න බෑ.
රාජ් අයියා
Delete//දඬුවමක් විදියට මේකට විරුද්ධ වියයුතු මරණය කියන්නෙ දඬුවමක් නොවන නිසා. මරණය දඬුවමක් නොවෙන්නෙ මරණයට පස්සෙ මනුශ්‍යයා ඉතිරි නොවන නිසා. මරණයට පස්සෙ "නිවැරදි" වෙන්න අවස්ථාවක් නොලැබෙන නිසා...///
+++++++++++++++++++++++++++++++++++++++
කෙසේ වෙතත් 1976 සිට ලංකාවේ මරණ දවුවම ක්‍රියාත්මක නොවීම ලොකු දෙයක්.
Deleteඒ නතර උනේ නීත්‍යනුකූල මරණ දඬුවම විතරයි නේද රසික?
Deleteමෙහේ මරණ දඬුවම් ක්‍රියාත්මක නෑ. ඒත් විත්තිකාරයෝ සාක්කි හොයන්න යන කොට ගඟේ පනිනවා.. හංගපු පිස්තෝල අරගෙන වෙඩි තියන්න යනවා.. කඩුව අරගෙන කොටන්න යනවා.. යන ජීපෙකේ ඩැයිවර්ට බෙල්ල මාට්ටු දාන්න යනවා.. ඊට පස්සේ පොලීසිය අවම බලය භාවිතා කරණවා..
ReplyDeleteකව්ද කිව්වේ අම්මට සිරි ලංකාවේ මරණ දඬුවම ක්‍රියාත්මක වෙන්නේ නැතෙයි කියලා. ක්‍රියාත්මකයි හැබයි මරණ දඬුවම දෙන්නේ අළුගෝසුවා නෙමෙයි. පොලිස් මහත්තුරු...
පොලීසියේ මහත්තුරුන්ට හැමදාම එහෙම චාන්ස් නෑ, පහුගිය දවස්වල තඔුත්තේගම පොලීසියට නෙලපු කුඩ්ඩෝ මාංචු පිටින් පීනන්න උගන්නන්න වැවට දොක්කාන යනකොට ආපු කොල් එකක් නිසා, කුඩ්ඩෝ මාංචු ජීප් එකේ තියලා එගොඩ පීනුවා, එයාල බායි කියල ගියාට පස්සේ යුනිෆෝම් පිටින් වතුරට පැන්න බඩතඩියෝ නිව්මෝනියාව හදා ගත්තා.
Deleteයහ පාලනය යටතේවත් ඒ සියල්ල වෙනස් වේවා යැයි පතමි.
Deleteඅපරාදෙ රසික අද පට්ට සුපිරි පෝස්ටුවක් දාල .අද දවසෙ මම මාර බිසි. උඩින් කොමෙන්ට් කරන්න බැරිවීම ගැන මාර දුකක් තියෙන්නෙ. මට මේ ගැන හුගක් කතා කරන්න ඕන.
ReplyDeleteඅතීතයෙ මරණ දඩුවම දුන් ම්ලේච්ඡ ක්‍රම පැවතියා.ඔය වෙඩි තබන ක්‍රමය තව ශිෂ්ටයි. ලංකාවෙ ඉස්සර එල්ලුම් ගහ ක්‍රියාත්මක කරපු හැටි අහපුවම පුදුම හිතෙනවා. සිරකරුව කායිකව මානසිකව සිය දහස් ගනන් මැරෙනවා.
එල්ලුම් ගහ කියන්නෙ අතිශය වේදනාකාරී ම්ලේච්ඡ ක්‍රමයක්. නමුත් යමපල්ලන් සහ යම යක්කු පත්තරවලට කියන කතා අහපුවම මේ සංවේදී මිනිස්සුයි යම යක්කුයි අහසට පොලව වගෙ කියල හිතෙනවා.
ලංකාදීපෙට උන් ඉන්ටවීව් දෙන්නෙ එල්ලල මරපුව ගැන රහ කරකර. එක යම යකෙක් කියල තිබුන එල්ලන්න ඉස්සර ඉතින් බාගෙට මරනව කියල. මරණ බයෙන් තැති අරන් ඉන්න මොකවත් කර කියාගන්න බැරි එකාට කට්ටියක් එකතුවෙලා ගහනව අතපය කඩනව කියන එකනෙ මේ කියන්නෙ
ගිය සතියට එපිට සතියෙ ලංකාදීපෙ මේ වගෙ ඉන්ටවීව් එකක් තිබුන. ඒක දීපු කෙනා මිනිහෙක් මරපු විදිය කියන්නෙ හිනා වෙවී.
එල්ලන්න කිට්ටුවෙනකොට බඩ යනව. ඇග සුදුමැලිවෙනව .රෑට කෑගහනව . ආදී වශයෙන් ප්‍රකාශ කරමින් පස්සෙ අපි ඌව මැරුව කියා සිනාසෙමින් කතා කරන මේ පුද්ගලයන් මට නම් විමතියකි.ඔවුන් මනුෂ්‍යයන්ද කියා විටෙක සිතේ. පෙරලා ප්‍රතිරෝධයක් දැක්විය නොහැකි කූඩුවක දැමූ බියට පත් අන්ත අසරණයෙකු මරා රස කර කර කියන හැටි.
මේ පෝස්ටුව දැමූ රසික ගැනත් මරණ දඩුවමට එරෙහිව කොමෙන්ට් කළ සියළු දෙනා ගැනත් මට ඇත්තේ ආඩම්බරයකි. මේ වගෙ ශිෂ්ට මිනිස්සුත් අපි අතර ඉන්නව නේද කියා සිතේ.
කුඩා කාලයේ සිළුමින පුවත්පතේ ධර්මසිරි ගමගේ විසින් පළ කල එල්ලුම් ගහ මැසිවිලිද මොකක්ද මන්ද ලිපිපෙළ කියවීමෙන් පසු මම මරණ දඩුවමට විරුද්ධ කෙනෙක් බවට පත් වීමි.
ධර්මසිරි ගමගේ ගේ ලිපිවල තිබූ කරුණු අනුව අනියම් මිනීමැරුමට වරදකරුවන් කළ හැකි අය පවා එකල එල්ලා මරා ඇති බව පෙනුනි. එසේම ඒ බොහෝ දෙනෙකුට සාධාරණ නඩු විභාග ද නොලැබී ඇති බව පෙනේ.
යමපල්ලන් = සිරකරුවන් භාරව සිටින අය
යම යක්කු = නියෝග ක්‍රියාත්මක කරන අය
ඉංග්‍රීසි රැකියා නාම වලට හෙළ වදන් යෙදුවේ ගෞරවයක් ලෙසය.
ධරමසිරි ගමගේ ගේ චිත්‍රපටියේ නම් අළුගෝසුවාව නිරුපනය කර තිබුණේ බෝධිසත්වයෙක් ලෙසයි. එක අතකට එය තව රැකියාවක් විතරයි.
Deleteඅර 88-89 කාලයේ තිබුණු වධකාගාරවලත් අළුගෝසුවෝ ඉඳලා තියෙනවා. ඒ වගේ වධකාගාර එල්ටීටීඑකෙනුත් පවත්වාගෙන ගිහිල්ලා තියෙනවා. ආමි එකට නම් උතුරු නැගෙනහිර එහෙම අවශ්‍යතාවයක් තියෙන්න නැතුව ඇති!
මරණ දඩුවමට කැමති විශාල පිරිසක් ලංකාවේත්, මා වෙසෙන ඕස්ටේර්ලියාවේත් සිටින බව කිව හැකියි. වාසනාවට ඒ බහුතරය නොවේ!
ඔය විජේදාස උන්නැහේ කිව්වට ඕක මෙහෙත් කෙරෙන්නේ නැහැ. කිසිම ජනාධිපති කෙනෙක් අත්සන් කරන්නේ නැහැ.
ReplyDeleteමරණ දඬුවම වෙනුවට ජීවිතාන්තය දක්වා හිරේ යන මිනිහා ඊටත් වඩා විඳවනවා. ඒ මිනිස්සු කියලා තියනවා මැරුවා නම් මීට වඩා හොඳයි කියලා. අවුරුදු 20ක් විතර හිරේ යැවීම ප්‍රමාණවත් මදිද?
දිගු කාලයක් හිරේ යවන්නේ පුනරුත්තාපනය වෙන්නයි. කොහොමටත් අවුරුදු විස්සක් වයසට යනකොට හිතන විදිය පවා වෙනස් වෙනවානේ.
Deleteඊට අමතරව මානසික ලෙඩවලට බේත් කරන්නත් ඕනෑ.
//මිනිසුන් නම් සත්ව කොට්ඨාසය සහමුලින්ම ශිෂ්ටාචාර වූ බව සැලකිය හැකිවෙන්නේ මරණ දඩුවම සහමුලින්ම ලෝකයෙන් තුරන් වූ දිනයට බව මගේ අදහසයි. // සම්පුර්ණයෙන්ම වැරදියි මිනීමැරුම් සහ සත්ව ඝාතන ලෝකයෙන් තුරන් වූ දිනයට තමයි මිනිසුන් සහමුලින්ම ශිෂ්ඨ වන්නේ.
ReplyDeleteඔබ හරියටම හරි!
Delete(මකසි සමගත් එකඟ වෙන්න වුණා එහෙනම්)
හැබැයි මරණ දණ්ඩනය ලෝකයේ සියළුම රටවල්වලින් අයින් කරන්න කල්පයක් යනවා නම්, මිනිසුන් තවත් මිනිසුන්ව මරණ එක නවත්වන්න නම් කල්ප අසූ ලඳයක් කල් යාවි.
මාත් මරණ දඬුවමට නම් විරුද්ධයි. මේ දෙන්නව තව අවුරුදු දහයකට හිරේ යවන්න තිබ්බ මරන්නේ නැතුව.
ReplyDeleteඔව්, එහෙම කළා නම් දෙන්නාම එලියට එනකොට අජිත් වගේ පනහ පැනලා නිසා තැන්පත්ව, දැහැමෙන් සෙමෙන් ඉඳීවි.
Deletehttp://nelumyaya.com/?p=1985
ReplyDeleteThanks.
Deleteඇයි අපරාධ කරන මිනිස්සුන්ව අනිත් අයගේ බදු මුදල් වලින් පුනරුත්තාපනය කල යුත්තේ...
ReplyDeleteහිර ගෙවල් පවත්වාගෙන යන්න ඒවායේ වැඩ කරන අයට පඩි දෙන්න සහ හිරේ දාපු මිනිස්සුන්ව නඩත්තු කරන්න අපරාධ නොකරපු බහුතරයක් මිනිස්සුන්ගේ මුදල් වැය කල යුත්තේ ඇයි
ඒ වගේ මිනිහෙක් අවුරුදු 20 ක් හරි ජිවිතාන්තය දක්වා හිරේ දාල නඩත්තු කරන එකෙන් ප්‍රයෝජනයක් තියෙන්නේ කාටද
සමාජයට එයින් ලැබෙන්නේ මොනවද
මේ කියන සිද්ධියනම් මට ඒ තරම් ෆීල් වෙච්ච දෙයක් නෙමෙයි
කොහොම උනත් ළමා අපචාර, මිනි මැරුම් වගේ දේවල් වලට මරණ දඬුවම දිය යුතුයි කියල මම තරයේ හිතනවා
ඒක වැරදියි කියල හිතන කෙනෙක් ඒ දේ තමන්ට ආදේශ කරගෙන බලන්න
මගේ පොඩි එකෙකුට හරි එකියෙකුට හරි ඒ වගේ අපරාධයක් කවුරු හරි කලොත් නීතිය අනුව ඌ ටික දවසක් කූරු ගැනලා බේරිලා ආවත් මමනම් ඌට ජීවත් වෙන්න දෙන්නේ නැහැ
මම ඌව මේ ලෝකෙන් තුරන් කරන එක තවත් එක අපරාධයක් උනත් වෙන කරන්න දෙයක් නැහැ, මම ඒ දේ කරනවා
හැබැයි මම චුදිතයෙක් වෙන්න තරම් මෝඩ වෙන එකක් නැහැ
ඒ වගේ එකෙකුට මේ ලෝකේ නිදහසේ හුස්ම ගන්න ඉඩ දෙන එක සාධාරණිකරණය කරන්න පුළුවන්ද
එහෙම පුළුවන්නම් ඒකත් මට නොතේරෙන දේ වලින් එකක්...
එයාල විතරක් නෙවෙයි, අනිත් අයගේ බදු මුදල් වලින් නඩත්තුවෙන වෙනත් අයත් ඉන්නවා, ඔයාටත් දවසක එහෙම නඩත්තුවෙන්න සිද්ධ වෙන්න පුළුවනි, මොකද කියන්නේ ටර්මිනේට් කරල දාමුද, අපරාදෙනේ සල්ලි.
Delete///එයාල විතරක් නෙවෙයි, අනිත් අයගේ බදු මුදල් වලින් නඩත්තුවෙන වෙනත් අයත් ඉන්නවා, ///
Deleteදේශපාළුවෝ ගැනද මේ කියන්නේ.
මිනිහෙක් අසරණ වෙලා අනුන්ගෙන් නඩත්තු වෙන එක වෙනම දෙයක්, නමුත් සමාජයට හානි දායක දේ කරපු අයව සමාජය විසින්ම නඩත්තු කරන එක...?
///ඔයාටත් දවසක එහෙම නඩත්තුවෙන්න සිද්ධ වෙන්න පුළුවනි, ///
මට එහෙම වෙන්න විදිහක් නැහැ යාළු... ඒ ගැන බය වෙන්න එපා...
වරදේ ස්වභාවය අනුව ටර්මිනේට් කිරීමද සිද්ධ විය යුතුයි කියන මතයේ මම ඉන්නවා...
අපි හමුදාවක් විදියට කන්නේ අදින්නේ රටේ ජනතාවගේ සල්ලිවලින්. මොකද අපි පෝෂණය කිරීම මහජනතාවගේ වගකීමක් නිසා. හමුදාව නඩත්තු කිරීම රජයට ආයෝජනයක්. එතනයි මෙතැනයි කතා දෙකක්. අවුරුදු විසි පහක් මිනිමරුවෙක් , දුෂකයෙක් නඩත්තු කිරීම රජයකට පාඩුයි. අර බාලි දූවේ වගේ කලානම රු 14.50යි. වෙඩික්කරු පයක් ගන්නවානම් වැඩේට රු 267යි. චැප්ටර් ක්ලෝස්
Delete@ලොකු පුතා
Deleteඅපි ජීවත්වෙන්නේ සමාජයකයි. එනිවම මිනිසෙකුට අද පැවැත්මක් නෑ. සමාජයේ සාමාජිකයින් සියළු දෙනාම රැක ගැනීම සමාජයේ සාමූහික යුතුකමයි.
මුලින් අපරාධ කළ අයව පස්සේ, අබල දුබල අයව, වයසක අයව, බරපතල රෝගී අයව, මානසික ආබාධ ඇති අයව වගේ සාමාජිකයින්ව මරලා දාන සමාජයක් මිනිස් සමාජයක් නොවෙයි. එය නොමිනිස් අදහසක්.
දැන් කාට හරි හිතුණොත් ඔබ වැනි විනාශකාරී අදහස් ඇති අවය විනාශකර දමන්න? කොහොමද වැඩේ එතකොට?
//dilan akalanka30 April 2015 at 15:28
Deleteඅපි හමුදාවක් විදියට කන්නේ අදින්නේ රටේ ජනතාවගේ සල්ලිවලින්. මොකද අපි පෝෂණය කිරීම මහජනතාවගේ වගකීමක් නිසා. හමුදාව නඩත්තු කිරීම රජයට ආයෝජනයක්.//
අද දවසේ අහපු කාලකන්නිම කතාව, මොනවා කියන්නද තේරෙන්නේ නෑ. මගේ දරුවන්ටවත් හමුදාකාරයෝ නැති ලෝකයක ජීවත්වෙන්න ලැබේවායයි ප්‍රාර්තනා කරනවා.
මගේ අදහස නම් Andrew Chan සහ Myuran Sukumaran මැරුවේ ඉන්දුනීසියාවේ ජනදිපතිගේ දේශපාලන රංගනයක්ට (Political Stunt) . එයත් අර මහින්ද වගේම ජනතාව අතරේ ප්‍රසිද්ද වෙන්න කරපු වැඩක්.
ReplyDeleteඒ එක සාධකයක්.
Deleteඅනිත් සාධක තමයි ඔවුන් වෙනත් වරදකරුවනුත් මරණ දණ්ඩයට ලක් කිරීම
මුස්ලිම් රටක් වීම, ෂරියා නීතියේ මරණ දණ්ඩනයට අනුමැතිය ඇති
විශාල ජනගහනයක් ඇති නිසා මිනිස් දිවියක වටිනාකම අඩුවීම (ඉන්දියාව, චීණය සහ ඇමරිකා එ.ජ වගේ!)
"විශාල ජනගහනයක් ඇති නිසා මිනිස් දිවියක වටිනාකම අඩුවීම (ඉන්දියාව, චීණය සහ ඇමරිකා එ.ජ වගේ!)"
Delete+++++ ! රසික, මේක නම් අඳුරු , කාලකන්නි ඇත්තක් !
මිනි මරුම තුලින් සමාජය යහපත් වේ නම් එම මිනි මරුමට සහබාගි විය යුතුය
ReplyDeleteතමන් ම තමන්ව ම මරාගෙන සමාජ ප්‍රගමනයේ කොටස්කරුවෙකු වෙන්නත් පුලුවනි!
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඇන්ටන් චෙකෝව්ගේ The Bet ( ඔට්ටුව) කියන කෙටි කතාවේ අවන්හලක් ඇතුලේ මිනිසුන් දෙදෙනෙක් අතරේ දාර්ශනික විවාදයක් යනවා වඩා ශිෂ්ට සම්පන්න මරණීය දණ්ඩනයද ජීවිතාන්තය දක්වා සිරදඬුවමද කියලා . එතන ඉන්න බොහෝ දෙනෙකු කියනවා 'ජීවිතාන්තය දඬුවම තුල ටික ටික මරණවට වඩා මරණීය දණ්ඩනය ශිෂ්ඨයි' කියලා. අනිකා කියනාව 'ඔවු ඒක හරියටම හරි හැබැයි ඒ දෙකෙන් එකක් මට තෝරගන්න දුන්නොත් ජීවිතාන්තය මම තොරාගන්නවා' කියලා . ඒ පාර තවත් එකෙක් කියනවා 'රජය යනු දෙවියන් වහන්සේ නොවේ මොනම ආකාරයකටවත් ඊට අයිතියක් නෑ අවශ්‍යවුවහොත් යලිත් ලබාදිය නොහැකි දෙයක් අපෙන් උදුරාගැනීමට' කියලා.
ReplyDeleteමෙහිදී දෙවියන් යනුවෙන් අදහස් කෙරෙන්නේ ස්වභාව ධර්මය යන අරුතෙන් මම ඒ කතාවට එකඟයි!
Deleteරසික කියනදේ ඇත්තක්,මරණ දණ්ඩනය පැනවීම මගින් පමණක් අපරාධ පාලනය කරන්න බැහැ.හැබැයි රටේ බොහෝ අය අතරේ අදහසක් තියෙනවා මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම මගින් අපරාධ පාලනය කල හැකියි කියා.ඒ නිසා එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න කියන බොහෝ ය මේ සමාජේ ඉන්නවා.විජේදාස කියන්නෙත් එකමනේ.
ReplyDeleteඅධිකරණ ඇමතිම එහෙම හිතීම තමයි අපේ කරුමය!
Delete//අධිකරණ ඇමතිම එහෙම හිතීම තමයි අපේ කරුමය!//
Deleteඅපේ වර්ථමාන අධිකරණ ඇමති, මහනායක වරු ළඟින්ම ඇසුරුකරන, පිනට දහමට ඉතාලැදි උසස් බෞද්ධයෙක් - ඉතින් ඔහුට එවැනි සිතුවිලි පහලවීම ඉතාම ස්වභාවිකයි, මෛත්‍රී (පාල) ටත් එවැනිම සිතුවිලි ඇත්නම් එයත් ස්වාභාවිකයි, මොකද එයත් ඉතාම හොඳ බෞද්ධයෙක් නේ. මෙයාලට මෛත්‍රී (වික්‍රමසිංහ) ලව්වා බණක් කියෙව්වොත් හොඳයි.
මෛත්‍රී බුදුන්ට කලින් එන්න කියලා එස්එම්එස් එකක් යවමුද?
Deleteමරණ දඬුවම යනු දූෂිත පාලකයන්ගේ අසාර්ථකකම වසා ගන්නා එක් ආකාරයකි.
ReplyDeleteනමුත් දුෂිත පාලකයින්ට මරණ දඬුවම තියා කිසිම දඬුවමක් හිමි නොවේ!
Deleteඅපි වෙනුවෙන් අපි!
මරණ දඬුවම කියන එකේ තියන භයානකම තත්වය තමයි පසු කාලයකදී දඬුවමට ලක් වූ පුද්ගලයා නිවැරදිකරුවකු බව සාක්ෂි ලැබීම. එතකොට දඬුවම දීපු එකාට දිවි නසාගන්න තමයි වෙන්නෙ.
ReplyDeleteට්‍රැ, ඔබ කවදාවත්ම ප්‍රොෙපෂනල්ස්ලා ව (දොස්තරලා, විධායක ඉංජෝ, නඩු බලවන අය, ....) ආශ්‍රය කරලා නැතිව ඇති. එයාලා තමන්ගේ වැරදි තීරණයක් නිසා වෙන කෙනෙකුට හානියක් වූ බව කවදාවත්ම පිළිගන්නා අය නෙවෙයි, මොකක් හරි පොයින්ට් එකක් ඉස්සරහට අරගෙන තමන් නිවැරදියි කියන මතයක් ගොඩනගාගන්නවා.
Deleteනඩු අහන්නේත්, සාක්‍ෂි දෙන්නේත්, නීති තර්ක ගෙන්නේත් පෘතග්ජන මිනිස්සු නියි මරණ දඩුවම තහනම් කළ යුත්තේ!
DeleteThis comment has been removed by the author.
ReplyDeleteමැරෙනවාට අපි අකමැතිය. මරනවාට කැමතිය ඒ අපිව නොව අනුන්වය. විශේෂයෙන්ම සුළු ජාතීන්වය. අපි මරා ගත්තෙමු. අන්තිමේ මරා ගෙදර ගියේය. පස්සේ අපි මරාගේ ගෙදර ගියෙමු. ඊළඟ ඡන්දයේදී මරණ දඬුවම ක්‍රියාත්මක කරනවා යැයි කියන එකාට ඡන්ද වැටෙනු ඇත. යුද්ධය නැතුව පාළුවෙන් ඉන්නා අපට මරණ දඬුවම මාර ආතල් එකකි. අනේ කවුරු හරි ඒක ක්‍රියාත්මක කරනවාද
Deleteඅන්න ජෝන් අමරතුංග ඒ පාර නැට්ට පෑගිලා!
Deletehttp://www.dinamina.lk/2015/05/01/_art.asp?fn=n1505018
රසික මගේ මතය මෙය එතරම්ම සරල කරුනක් නොවන බවයි.
ReplyDeleteකිසිවෙකු ජීවිතයක් ගැනීමට අයිතියක් නොමැත යන තියරිය දිගු කරන්න යාමේදී ත්රස්තවාදීන් අසලදී එය
ආදේශ කරන්නේ කෙසේද?සමාජය යනු සිස්ටම් එකක් නම් . එහි සීමාවෙන් පිට ඇති දේ විනාශ කිරීම හා ඉවත් කිරීම එම සිස්ටම් එකත් එක්කම එන දෙයක් නොවෙද. ගතානුගතික හා ලිබරල් යනු ඒ සීමාවේ තද ලිහිල් බව පමනක් නොවෙද?මේ කතිකාවතට චූදිතයන් දෙදෙනාගේ ජාතිකත්වයේ බලපෑමක් නැද්ද? (කිරි වලට මෙලමයින් මුසු කල චීන ව්්‍යාපාරිකයන් දෙදෙනා මරා දැමුවා වසර ගනකට ඉහත, ඒ ගැන මෙතරම් කතිකාවක් තිබු බවක් මට මතක නැත.)
මේ කතාවේ අනෙක් පැත්ත මදුරුවෙක් වත් මරන්නේ නැති , නිර්මාන්ශික උපාසක කෙනෙක් " කුඩු ගේන එවුන් නම් ඉතින් මරන්න ඕනේ" කීමය :)
දිවි තොර කිරීම ලේසියි, ජීවිතයක් බේරා ගැනීම ගැනයි අප හිතන්න ඕනෑ.
Deleteබාලි බෝම්බය තැබූ ත්‍රස්තයින් ඉන්දුනීසියාවේ දී මරා දමන විට මෙහේ රජය විරෝධය පෑවේ නෑ. ගෝත්‍රිකයින් කවුරුත් වැඩ කරන්නේ ගෝත්‍රික අවශ්‍යතාවයන් මතයි. මිනිසුන් මැරූ දිවිේරක්ව මරා දමනවාට මා ද විරුද්ධ වෙන එකක් නෑ.
මරණ දඬුවම කොහොමත් සාධාරණීකරනය කරන්න බැහැ... කෙනෙක්ට මරණ දඬුවම දෙනවා කියන්නේ ඒ මනුස්සයා ඉස්සරහට කරන්න ඉන්න වැරදි වලට කල් තියාම දඩුවම් දෙන එක... මේක සාධාරණද...
ReplyDelete