Thursday 17 August 2017

කියවන විට ලිවීම හෙවත් google key board app එකෙන් ලියන පළමු ලිපිය - Long live GBoard App


මේ මා උත්සාහ කරන්නේ නොබෝදා ගූගල් සමාගමෙන් නිකුත් කෙරුණු wood apple (GBoard App) එකෙන් මගේ පළමු බ්ලොග් ලිපිය ලියන්නයි.

මට මතකයි 1992දී කොළඹ යිටි (IT) ප්‍රදර්ශනයක් පැවැත්වුන මේ කාලයේ අයිතිය (IT) යන වචනය සමහරුන් උච්චාරණය කළේ (ඉට්) කියයි. ඒ තරම් අතීත කාලය cry (කාලයකයි) මේ ප්‍රදර්ශනය පැවැත්වුණේ.

එහිදී ප්‍රදර්ශනයට තබා තිබුණා මට මතකයි voice typing මෘදුකාංගයක්. එය ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරන විට එවලේම ටයිප් වෙන ලියැවෙන මෘදුකාංගයක්. නමුත් ඒ දිනවල එවැන්නක් මිලට ගැනීමට තබා පරිගණකයක් වත් මට තිබුණේ නෑ.

meter යට (මීට) වසර පහකට පමණ පසු 2007 දී පමණ මා ඕස්ට්‍රේලියාවේ දී මෙවැනි මෘදුකාංගයක් මිලට ගත්තා. එය වැඩි ප්‍රයෝජනයක් වුනේ නැහැ. එයට මූලිකම හේතුව වුණේ අප කියන වචනය ඒ ආකාරයෙන් ම හඳුනාගෙන ටයිප් කිරීමට එකල තිබුණු voice recognition software වලට හැකි නොවීමයි.

මේ අලුත් ඇප් එක මගේ දුරකතනයට දමාගෙන විවිධ පරීක්ෂණ කරමින් විවිධ පරීක්ෂණ kala mata (කළ මට) එය සෑහෙන හොඳ තත්ත්වයක තිබෙන බව පැහැදිලිවම පෙනුනා. එවිටයි මට එමගින් බ්ලොග් ලිපියක් ලියන්නට උත්සාහ කරන්නට අදහසක් ආවේ.

නමුත් ට තවමත් හොයාගන්නට බැරි උනා නැවතීමේ ලකුණ විරාමය semi colon ප්‍රශ්නාර්ථ ලකුණ වැනි දේ ලියන ආකාරය එනම් අකුරු type prefom චනයක් කිව යුතු ද යන්න පිළිබඳව සොයා බැලීමේදී මට දැනගන්නට ලැබුණේ මේ චිපය නිපදවා ඇත්තේ ලේඛන කිරීමට නොව සාමාන්‍ය කතාබහ සදහා ය කියායි.

කෙසේ වෙතත් මට හිතෙන පරිදි මෙමගින් අපේ කාලය විශාල ලෙස ඉතුරු වෙනවා.

මෙමඟින් ලැබෙන අනිත් වාසිය තමයි පැහැදිලිව නිරවුල්ව වචන උච්චාරණය කරමින් සෙමෙන් කථා කරන්ට අපට පුහුණුවක් ලැබීම. නිවැරදිව වචන උච්චාරනය කළොත් අවශ්‍ය ප්‍රතිඵලය ලබා ගන්නට බැහැ.

නමුත් වේගයෙන් කියවීම එතරම් ප්‍රශ්නයක් නොවෙයි.

මේ ලිපිය අවසාන කිරීමට මා කුඩා කාලයේ ඉගෙනගත් දැනගත් කවියා වේගයෙන් කියන්නම්.

codl (ගොඩ) මඩ දෙකම සරු සාරය පල බරය
කටුරොද ගම්මාන තරමක පිටිසරය
මේ ගම මැදින් ගලනා ගඟ මනහරය
කඩමණ්ඩිය පිහිටියේ ගම කෙළවරය

මෙන්න දමා (වෙනදා මා) කරන ආකාරයට ලිපිය ලියා, එහි අක්ෂර වින්‍යාසය සොයා බලා, සුබස නම් වෙබ් අඩවියෙන්ද පරීක්ෂාකර, සංස්කරණය කර පළ කිරීම අද කරන්නේ නෑ.

මේ ලිපිය නිකුත් (නොයෙකුත්) වැරදි තියෙන්න පුලුවන්. වැරදි තිබේ නම් google ට බනින්න. ලිපිය හොඳින් ලියවී ඇත මට ප්‍රශංසා කරන්න.

ස්තුතියි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මා කියවන විට බගූගල් ලියූ සටහනට පසුව පහත දැක්වෙන වෙනස්කම් කළෙමි.
1. නැවතීමේ ලකුණ එකතු කිරීම
2. පරිච්ඡේද කැඩීම
3. වැරදියට ටයිප් වී තිබුණු වචන නිවැරදි අකුරෙන් ලියා වරහන් තුළ යෙදීම
4. ප/ලි කොටස සාමාන්‍ය ක්‍රමයට ලියා එකතු කිරීම

(image: https://www.youtube.com/watch?v=CCZxbw0UWYs)

52 comments:

  1. මේ ගැන වීඩියෝ එකකුත් දැක්කා. සුළු වැරදි කිහිපයක් පමණක් වෙන නිසා මම නම් හිතන්නේ මේක සාර්ථකයි කියලයි.

    ReplyDelete
    Replies
    1. මේ පිළිතුර ලියන්නෙත් ලිපිය ලියූ විදිහටමයි
      ඉතා සාර්ථක බව පෙනේ

      Delete
  2. internet එකට connect වෙලා නැති වෙලාවටත් සිංහලෙන් type කරන්න පුලුවන්ද?

    කොහොම උනත් හොද වැඩක්

    ReplyDelete
    Replies
    1. මේක app එකක් නේ එ නමුත් බ්ලොග් ලියන්න නම් off line බැහැ

      Delete
  3. සිංහල යෝ කතා කරන ශය්ල්ය වෙනස් කිරීමට ගුගලයා ගේ කුමන්ත්‍රණය පරාජය කරමු.

    ReplyDelete
    Replies
    1. මේ සාමාන්‍ය ක්‍රමයට කතාබහ කිරීම නොවේ කියවන විට ලිවීම සඳහා පහසු වන ආකාරයට වචන උච්චාරනය කිරීමයි

      Delete
  4. අද යොදන සියලුම පිළිතුරු කතා කිරීමෙන් ලියවෙන ඒවාය

    ReplyDelete
  5. සිංහලනේ කෑ ගහන පිස්සෝ වගයක් කෝච්චියේ යනවා කියල සිඩ්නි හැරල්ඩ් එකේ අද උදේ දාලා තිබුනා..

    ReplyDelete
    Replies
    1. ඔව් වෙන්න ඇති ඊයෙ රෑ ගෙදර යන ගමං මම පැය බාගයක් විතර කළේ මේ app එක test කරන එකයි

      Delete
    2. හිතවත් රසික ගුරුතුමනි.

      මා වයස විසි හතරක් වූ තරුණයෙක්මි. මා විවාහකයි. එසේ තිබියදී මගේ පෝනයේ ගූගල් ප්ලේ ස්ටෝර් එක not enabled කියා වැටී තිබේ.. අම්මේ මුත්තේ කීවත් ඒක හදාගන්න බැරිය. ඩේටා ක්ලියර් කරල බලන්න කිව්වත්, ඒක කරන්න ආසය බයය. මේ සඳහා විසදුමක් දෙනු මැනවි.

      මෙයට අසහනයට පත් තරුණයෙක්

      Delete
  6. Good work Rasikoligy!
    -Dayal Bathee

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ඇයි කමෙන්ට් එක කැපුවේ?
      google keyboard app එක පරීක්ෂා කලාද

      Delete
  8. මම G Board iOS ඇප් එක දාගත්ත නමුත් අහෝ දුකකි ඉරකි තිතකි !

    සිංහල භාෂාව සිලෙක්ට් කරන්න එන්නෙ නැහැ :-(

    සමහර විට මැදපෙරදිග කලාපයට තවම රිලීස් කරල නැති වෙන්න පුළුවන්!

    ReplyDelete
    Replies
    1. කන්ඩා මෙ කමෙන්ට් එකක් voice typing එකෙන්ම ම ඉන්නේ ඕමාන් මෙහෙටත් වැඩ

      Delete
    2. කන්ඩා මෙ කමෙන්ට් එකක් voice typing එකෙන්ම ම ඉන්නේ ඕමාන් මෙහෙටත් වැඩ

      Delete
    3. කන්ඩා මෙ කමෙන්ට් එකක් voice typing එකෙන්ම ම ඉන්නේ ඕමාන් මෙහෙටත් වැඩ

      Delete
    4. මට මේ ඇප් එක හරියන්නෙ නැතිබව උඩ කමෙන්ටුවෙන්ම පැහැදිලියි

      Delete
    5. මේ ඇප් එක ැැඩ කරන්නේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් සදහා පමණයි apple iphone සදහා සිංහල පහසුකම නැත

      Delete
    6. ඇප් එක වැඩ නොකරන්නේ භූගෝලීය ප්‍රශ්නයක් නිසා නොවේ

      Delete
    7. රසික සහ ජයසිරි දෙන්නටම ස්තුතියි පැහැදිලි කරාට ... මේ හත් ඉලව්ව මටම මයි වෙන්නේ :(

      එක පාරක් පෙරුම් පුරාගෙන සුබස කියල සිංහල ස්පෙල් චෙකර් එකක ට්‍රයි කරා ඒ මගුල හරියට වැඩ කරන්නේ නැහැ හරියට ... දැන් මේ (&#@#!@

      මේක ෂුවර් එකටම ගූගල් දෙයියෝ ඇපොල් දෙයියෝත් එක්ක ඔරොප්පුවට කරපු නොහොබිනා වැඩක් !

      Delete
  9. මම මේ කමෙන්ට් එක යිප් කරන්නේ voice ක්‍රමයට මං හිතන විදිහට තරමක් දුරට එක සාර්ථකයි අම්මා ගැන අද පර්යේෂණ කරමින් ඉන්නෙ

    ReplyDelete
    Replies
    1. මම කියන එක අම්මා වෙලා.

      Delete
    2. මේව දකිනකොට උඹලගෙ අම්මල තමයි සිහි වෙන්නෙ

      Delete
    3. නලීන් සමග මා වෙනත් තැනක දී ත් කතා කළා වගේ වචන උච්චාරනය ඉතාම වැදගත්

      Delete
  10. මට නං දිරෙව්වේ නෑ ඒ හැටි. ඒත් චැට් කරන්න හොඳයි..

    ReplyDelete
    Replies
    1. deera වන්නට නම් හොදින් හපලා කෑ යුතුයි

      Delete
  11. සමෙහඩ රෙලටෙඩ් Rඑඩ්ඩිට්

    ReplyDelete
  12. //එකල තිබුණු voice recognition software වලට හැකි නොවීමයි.//

    ගූගල් කාරයෝ හැදුව මිසක් අද වුණත් එතරම් සාර්ථකත්වයක් තියෙන්න බෑ. මෙතන තියෙන්නේ algorithm එකකට වඩා knowledge base එකත් එක්ක යන එකක්. offline වැඩ කරන්නෙ නැත්තේ ඒකයි.

    ReplyDelete
    Replies
    1. කවුද කිව්වේ offline වැඩ කරන්නේ නෑ කියලා මං නං හිතන්නේ offline වැඩ කරනවා

      Delete
  13. රසික ඔබ මළපහ කිරීමෙන් පසු ගුද විවරය වතුර භාවිතා කර සෝදා පිරිසිදු කරනවද, නැතිනම් ටොයිලට් ටිෂු භාවිතයෙන් පිස දැමීම මගින් පිරිසිදු කිරීමද සිදු කරන්නේ? පැහැදිලි කිරීමක් කරන්න. ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ඉස්සර අපේ ආච්චි කියන කතාවක් තමයි කොන්ත නෝනගෙ පුක කොන්ත නෝනාට ඕන විදිහටයි කියලා.

      කෙසේ වෙතත් මගේ පුක පිරිසිදු කිරීමේ රැකියාවකට අයදුම් කිරීමට ඔබ දක්වන උනන්දුවට ඉතා ස්තුතියි එහි ඇබෑර්තුවක් නැති බව මෙයින් දැනුම් දෙමි වෙනත් තැනකට අයදුම් කර බලන්න

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
  14. සුබ පැතුම් මට තාම ට්‍රය් කරේ නැහැ .හෙඅඩ් ෆොන් එකක් අරගෙනම ට්‍රයි කරනවා

    සුදුකුකුලා

    ReplyDelete
    Replies
    1. headphone අනවශ්‍යයි කෙලින්ම phone එකට මුව තබා කතා කළ හැක. ටිකක් දුරින් සිට කතා කලත් අකුරු ටයිප් වෙනවා

      Delete
  15. තාක්ෂණයේ තවත් පෙරලියක් වගෙයි. අත්හදා බලන්නන්ට සුභපැතුම්.
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. ඊළඟ වතාවේ මීට වඩා දිගු ලිපියක් ලියන්නයි මගේ සූදානම

      Delete
  16. නැවතීමේ තිත නැති වීම මටත් ගැටලුවක් වුනා. හැබැයි ඔය චැට් කරනකොට ඔන්න ඔහේ කියල දාන්න ඕවා ඕනේ නැති නිසා ගානක් නෑ. බ්ලොග් පොස්ට් එකක් ලියන්න ෆෝන් එකට කතා කරන එක ටිකක් පිස්සු වගේ නැද්ද? හෙහ් හෙහ්..

    ReplyDelete
    Replies
    1. නැවතීමේ ලකුණ නැතිය කියා ලොකු අඩුවක් නැහැ අනිත් අතට අපිට අවශ්‍ය නම් නැවතීමේ ලකුණ නොතබා ලියන්නට කියන්නට පුරුදු වෙන්න පුළුවන් ඒ තැන් බලන්න මේවගේ කිහිපයක්ම ලිව්වා එකක් අවසානයේ වත් නැවතීමේ ලකුණ නැහැ එයින් ප්‍රශ්නයක් වුණා ද ප්‍රශ්නාර්ථ ලකුණ කුත් නැහැ නේද

      Delete
  17. ///නිවැරදිව වචන උච්චාරනය කළොත් අවශ්‍ය ප්‍රතිඵලය ලබා ගන්නට බැහැ. ////

    රසික මේ ලියවෙලා තියෙන දේ ඇති වැරැද්ද, මේ සිස්ටම් එකෙන්ම නිවැරදි කරගත හැකිද....ඒ කියන්නේ කියපු දේක වැරැද්දක් එඩිට් කරගන්න පුලුවන්ද? දුව ඇවිත් දාලා දෙන්නම් කිව්වා. මට ඔය ටෙක්නික්ස් තේරෙන්නේ නැහැ. අන්ධයට මැණික් වගේ....

    ReplyDelete
    Replies
    1. මෙතැන සිදු වී ඇත්තේ උච්චාරණය නොකළොත් යන්න උච්චාරණය කළොත් යනුවෙන් නො යන්න නැතුව type වීමයි.

      ලියූ දේ පළ කිරීමට කලින් කියවා බලා සංස්කරණය කළ යුතුයි.

      මේකට දුවගේ health ඕනෑ ඇයි මේක app එකක් දා ගැනීම වැනි ඉතාම සරල දෙයක් ඊට අමතරව ඔබ helakuru ඇප් එක භාවිතා කරනවනම් එහෙත් මේ වනවිට මේ පහසුකම සපයා තියෙනවා.

      Delete
  18. ෆෝන් එකට ඉන්ස්ටෝල් කලා. නමුත් සිංහල තිබ්බෙ නෑනෙ. :(

    ReplyDelete
    Replies
    1. තෝරා ගැනීමට තියෙන ලයිස්තුවේ සිංහල භාෂාව නෑ තමයි නමුත් වැඩ කරන්න පටන් ගත්තා

      සමහරවිට සිංහල කියන වචනය අරාබි භාෂාවේන් වැටිලා තියෙනවද දන්නේ නෑ

      Delete
  19. කෙටි පණිවිඩ සහ කමෙන්ට් දමන්න නම් හර්ම පහසුයි මෙමඟින්

    ReplyDelete
    Replies
    1. ඔව්.
      ඒ සමගම මේ පහසුකම දැන් මා කලින් භාවිතා කළ helakuru ඇප් එකෙත් තියෙනවා

      Delete
  20. රසික ඔබ සාමාන්‍යයෙන් මසකට ලිපි 15 ක් පමණ බ්ලොග් අඩවියේ පල කරනවා නේද? ඒත් ඇයි දැන් එය නතර වෙලා. අගෝස්තු මාසයේ දින 21 ක් ගතවී ලිපි 4 යි. බ්ලොග්කරුවන්ට වැළදෙන බ්ලොග් අතහැරයාමේ රෝගයේ මුලික ලක්ෂණද මේ?

    ReplyDelete
    Replies
    1. ඔබේ පැනයට ඉතා ස්තුතියි ඇත්තටම මාත් ඒ ගැන හිතමිනුයි හිටියේ.
      මේ බ්ලොගය අරඹා වසර දෙකක් ගත වෙන විට maa බ්ලොග් ලිපි 366 පළ කර තිබුණා ඒ කියන්නේ දින දෙකකට එකක්.
      මේ වසර මුලදී ලියන වේගය මදක් අඩු කිරීමට සිතුවා අප්‍රේල් මාසයේ පැවති බ්ලොග් වසන්තය නිසා ඒ අය කිරීමට නොහැකි උනා. ලිපි පන්සියයක් ලියා විශේෂයෙන් සැලසුම් නොකළත් ලිපි ලිවීමේ වේගය අඩු වුණා. මෙයට හේතුව අවිවේකය යි.
      ඉදිරියේදී තත්වය වෙනස් වේ යැයි හිතනවා.

      Delete
    2. මේ පිළිතුර පමණක් යතුරු පුවරුව ආධාරයෙනි.

      මගේ 500 වෙනි ලිපිය:
      http://rasikalogy.blogspot.com/2017/08/500-rugby-top-t-shirt-from-australia.html

      ලිවීමේ වේගය අඩුවීම ගැන සටහන:
      http://rasikalogy.blogspot.com/2017/08/shut-eyes-shut-mouth-shur-or.html

      එයට එක් හේතුවක් (ගිය වසරෙන්):
      http://rasikalogy.blogspot.com/2016/05/coming-colour-no-good-guys.html

      මීට පෙර අඩුම ලිපි සංඛ්‍යාවක් ලියූ 2015 ජූලි මාසය ගැන සටහන:
      http://rasikalogy.blogspot.com/2015/07/dry-july-in-blogging.html

      !

      Delete
  21. ඔව්.
    ඒ සමගම මේ පහසුකම දැන් මා කලින් භාවිතා කළ helakuru ඇප් එකෙත් තියෙනවා

    ReplyDelete
  22. සුභ ගමන් රසික!

    සසර වසන තුරු
    නිවන් දකින තුරු
    පින්කෙත හෙළ රන් දෙරණේ යළි උපදින්නට
    හේතු වාසනා වේවා
    හේතු වාසනා....

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.