Monday 25 November 2019

බය සමය නැවතත් එළැඹ ඇත - Back to the future!


සන්ජන හත්තොටුව යනු ලේඛකයෙකි. ඔහු ග්‍රවුන්ඩ්වීව්ස් නම් වෙබ් අඩවියේ ආරම්භකයා බව ද, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂකයෙකු බව ද, ඉන්දියාව, ඕස්ටේ‍ර්ලියාව සහ නවසීලන්තය යන රටවල අධ්‍යාපනය ලැබූ විද්‍යාර්ථියෙකු බව ද සඳහන් ය.

ඔහු පිළිබඳ එලෙස කෙටියෙන් සඳහනක් කළේ, නොබෝදා සන්ජන හත්තොටුව විසින් බෙදා හරින ලද ට්විටර් පණිවිඩයක අන්තර්ගතය ගැන කතා කිරීමටයි.



ඉහත පණිවිඩයේ සන්ජන හත්තොටුව සඳහන් කරන ආකාරයට ඔහු විසින් වසර හතරහමාරක් පමණ කාලයක් තිස්සේ සන්ඩේ අයිලන්ඩ් පුවත්පතට ලියන ලද තීරු ලිපි මාලාවේ පසුගිය ඉරිදාට නියමිත ලිපිය පළ කිරීම කතෘ විසින් අත්හිටුවා ඇත.

එයට හේතුව ලෙස දක්වා ඇත්තේ "ඉහළින් ආ අණක්" නිසා ය යන්නයි.

එම ලිපිය තම බ්ලොගයේ පළ කරන බවත්, එසේ නමුත්, කනගාටුව, බිය සහ ස්වයං-වාරණය යන සිතුවිලි දැනටමත් තම සිත තුළට කා වැදී ඇති බව සන්ජන හත්තොටුව පවසයි.

සන්ජන හත්තොටුව පසුගිය ඉරිදා කලාපය සඳහා ලියන ලද, සන්ඩේ අයිලන්ඩ් කතෘ විසින් පළ කිරීම අත්හිටුවන ලද තීරු ලිපියේ අන්තර්ගතය කුමක් කියා සැක කළ හැකිද?

https://sanjanah.wordpress.com/2019/11/24/6-days/

ඉහත සබැඳිය මගින් කියවිය හැකි ඒ ලිපියේ අන්තර්ගතය වී ඇත්තේ ඒ වනවිට දින හයක් ගත වී තිබුණු ගෝටාබය රාජපක්‍ෂගේ ජනාධිපති ධූර කාලය පිළිබඳව කරුණු ය.

ලිපිය පළ නොකරන ලෙස "ඉහළින් අණ" ලැබී ඇත්තේ ඒ අන්තර්ගතය නිසා බව අමුතුවෙන් කිව යුතුව නැත.

මා හිතන ආකාරයට මේ "ඉහළ" යනු කිසිසේත් ම ජනාධිපති ගෝටාබය රාජපක්‍ෂ හෝ රජයෙන් පත්කළ වාරණ මණ්ඩලයක් හෝ නොවේ. මේ පුවත්පත් ආයතනයේ ඉහළ අය විය යුතුය.

එනම්, මේ ලිපිය තහනම් කිරීම ප්‍රකාශකයා ගේ ස්වයං-වාරණයකි.

පසුගිය අවුරුදු කිහිපය තුළ නොපැවතුණු එවැනි ස්වයං-වාරණයක් හදිසියේ පැනවී ඇත්තේ ඇයි දැයි වටහා ගැනීම අසීරු නැත.

බය සමය නැවතත් එළැඹෙමින් පවතී.

බැක් ටු ද ෆියුචර් ගයිස්!

-රසිකොලොජිස්ට්

ප/ලි:
මට ද පසුගිය වනචර දශකය තුළ දී මේ ආකාරයේ ම නොවුණත් මා ලියූ දේ පළකිරීම සහ මා එකල පවත්වාගෙන ගිය බ්ලොගයක යම් දෙයක් පළ කිරීම පිළිබඳ සුළු ප්‍රශ්න දෙක තුනකට මුහුණ දෙන්නට සිදුවිය.

ඒ ගැන විස්තර ඊළඟට ලියමි.

(image: Captured at Universal Studios, Orlando, Florida, USA)

23 comments:

  1. මේ 'ගෝටා-බය' නෙමෙයි. පාලකයාගෙන් තම ව්‍යාපාරයට ලබාගතයුතු සහයෝගය පවත්වාගැනීම සදහා කරන දෙයක්. මේ මුදලාලි මාධ්‍ය අතුගෑවී යා යුතුයි.

    ReplyDelete
    Replies
    1. Has Charmi got a blog? I was a fan of RearGate, and was sad to see it was abandoned.

      Delete
    2. මේ ලිපිය තහනම් කිරීම ප්‍රකාශකයා ගේ ස්වයං-වාරණයක් බවයි මගේ අදහස. නමුත් පොතේ නැති නීති ක්‍රියාත්මක වෙනවා ද විය හැකියි!

      Delete
    3. @Anonymous 26 November 2019 at 08:32

      චාමියා යනු ෆේස්බුක් වෛරසයට ගොදුරු වූ හිපු බ්ලොග්කරුවෙකි!

      Delete
  2. මාගේ නිරීක්ෂණය නම් තමන්ට එරහි විවේචන දරා ගැනීමට බයියන්ට කිසිසේත්ම නොහැකි බවයි. බයි නායකයන්ව අන්ධ බක්තියෙන් අදහන බයියයන්, තමුන්ගේ නායකයන්ට එරෙහිව යමෙක් සාධාරණ විවේචනයක් කරත්,එම විවේචනකරුට අමු තිත්ත කුණුහරුපෙන් බැන වදිමින් ඔහුව ඝාතනය කිරීමට කැස කවයි. ජෙවිපේ තුලත් මෙම තත්වය අඩු වැඩි වශයෙන් තිබේ. සමාජ මාධ්‍ය තුල මෙය හොදින් දැක ගත හැක. දැන් සිටඉනා එජාප පාක්ෂිකයන් අති බහුතරය නම් තමුන්ගේ දේශපාලන මතයට, දේශපාලන නායකයන්ට බයියන් කුණුහරුප කියමින් බැන්නත් ඒවා ගනන් නොගෙන සිටි. බයියන් යනු පරිණාමය නොවී පිරිසකි. අනුකම්පා කරමු හැරෙන්න වෙන කුමක් කරන්නද?

    ReplyDelete
    Replies
    1. දැඩිතර ස්වාමි භක්තියක් ඇති වහලුන්!

      Delete
  3. හ්ම්. මුහුණු පොතේ ඔයාවති මේවා දාන්න. අපෙන් ලයික් බලාපොරොත්තු වෙනින එපා. ඇත්තටම බයයි. Let tous stat blogong again .thanks

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මං කිව්වේ බය සමය නැවතත් එළැඹෙමින් පවතී ය කියා!

      Delete
  4. පුදුමයි, හරිම පුදුමයි!

    මෙහාට ගොඩ වැදෙන්න කලින් 'වාසිතය' අඩවියට ගොඩ වුණා, 'ඉස්කෝල මහත්තයාගේ පංතිය- 5- ගණින්නාන්සේ' ලිපිය කියවන්න. ඒකට පළමු කමෙන්ටුව දාපු නිර්නාමික මහත්තයෙකුත් අපූරු තර්ජනයක් කරලා තිබුනනේ.
    කමෙන්ටුව ඉවර කරලා තිබුණේ මෙහෙමයි. //මේක සිංහල බෞද්ධ රටක්. ඒක පිළිගන්නේ නැති එක එක පරයන්ට මේකේ ඉඩ නෑ දැන්. මේ ලිපි ඉහල බලධාරීන්ට පෙන්වා ක්‍රියාමාර්ග ගැනීමට පෙර මේවා ඉවත් කලොත් හොදයි.// ඒකට යන ලින්ක් එකත් දැම්මට කමක් නැහැ කියා හිතනවා. වරදක් නම් සමාවෙන්න. https://wasithaya.blogspot.com/2019/11/5.html

    සංස්කෘතික පොලොසියක් ළඟ එනවාවත්ද?

    ReplyDelete
    Replies
    1. මං ඒ කමෙන්ටුව දුටුවා. මට නම් හිතුණේ ඒක පැරඩියක් කියායි!

      Delete
  5. People needed a change, and 6.9 mil voted GR knowing who he is, expecting GR to do what GR do best. So do the change you want in next presidential election.

    ReplyDelete
  6. යහපාලන ආණ්ඩුවේ තිබ්බ ලොකුම ධනාත්මක දේ තමයි ආණ්ඩුවට එරෙහි විවේචකයින් මර්ධනය නොකිරීම.
    යහපාලන ආණ්ඩුව එන්න කලින් හිටියේ මිනිස්සු ස්වයං නිද්‍රශීලි තත්වයක.දැන් ආයෙමත් කරුණු කාරනා පෙළ ගැසෙන්නේ ඒ විදියට වගේ.

    ReplyDelete
    Replies
    1. සමාජ මාධ්‍ය බ්ලොක් කරගෙන නටුවේ කවුද බන් එතකොට???

      Delete
    2. මනෝජ්, ලංකාඊනිව්ස් වෙබ් අඩවිය දිගටම ලංකාවේ බ්ලොක් කරලායි තිබුණේ.

      Delete
    3. @Anonymous 27 November 2019 at 07:19

      ඇනෝනිමස් - සමාජ මාධ්‍ය ජාල බ්ලොග් කලේ ජාතිවාදී කලබල කාලේ දින කිහිපයකට පමණයි නේද?

      Delete
    4. නැහැ ලංකාවේ ජනප්‍රිය වූ ෆේස්බුකියේ පේජ් ගණනාවක් හුදු ආණ්ඩු විරෝධය නිසාම ජාතිවාදී නොවන කරුණු කාරණා මත රජයේ බලධාරීන් විසින් block කළා. ඇතැම් පේජ් තාවකාලිකව දවස් ගණන් අත්හිටුවීමට කටයුතු කර තිබෙනවා. මේක මේ රාජපක්ෂ ආණ්ඩුවත් දිගටම කරගෙන යන්න පුළුවන් නේද?

      Delete
    5. නැහැ ලංකාවේ ජනප්‍රිය වූ ෆේස්බුකියේ පේජ් ගණනාවක් හුදු ආණ්ඩු විරෝධය නිසාම ජාතිවාදී නොවන කරුණු කාරණා මත රජයේ බලධාරීන් විසින් block කළා. ඇතැම් පේජ් තාවකාලිකව දවස් ගණන් අත්හිටුවීමට කටයුතු කර තිබෙනවා. මේක මේ රාජපක්ෂ ආණ්ඩුවත් දිගටම කරගෙන යන්න පුළුවන් නේද?

      Delete
  7. )(*+_+%$##@#@!@#

    වැව්

    ReplyDelete
  8. හැම ආයතනයකම ඔවැනි මිනිසුන් ඉන්නව

    කෙනෙකුට වෙනස් කරන්න අමාරුයි

    වැව්

    ReplyDelete
  9. මාතෘකාව වෙනස් කළොත් හොඳයි නේද? "බයියන් විසින් භය රැගෙනවිත් ඇත"' .

    ReplyDelete
  10. ඔච්චර අඬන්න වැලපෙන්න ඕනා නෑ.

    ReplyDelete
  11. රසික, මේ ජනාධිපතිවරණ ප්‍රතිඵලයේ තියන විශේෂ ලක්ෂණය තමා සියළුම ඡන්දදායකයන් බියෙන් ඡන්දය දිම.කොටසක් ගෝඨාභයට බයේ ඡන්දය දුන්නා.කොටසක් මුස්ලිම අන්තවාදයට බියෙන් ඡන්දය භාවිතා කරා.මෙහෙම මැතිවරණයක් මීට පෙර තියෙන්න නැතිව ඇති.අනෙක් කාරණය තමයි අග හිගකම් ඉස්සරහා දොරෙන් එනකොට ආදරය පිටුපස්සේ දොරෙන් පැනලා යනවා කියනවා වගේ අගහිගකම් ඉස්සරහා දොරෙන් එද්දී මිනිස්සු ප්‍රජාතන්ත්‍රවාදය,මානව හිමිකම් එහෙම නැත්නම් ස්වාධින කොමිෂන් සභා තොරතුරු දැනගැනීමේ පනත ගැන හිතන්නේ නෑ.ඒවා ගැන හිතන්නේ නාගරික මැද පන්තික ඉහල මැද පන්තික කීපදෙනෙක් විතරයි.ඒකයි ලංකාවේ පොළොවේ මේ දේවල් පැල කරන්ඩ බැරි.

    ReplyDelete
  12. 'ප/ලි:
    මට ද පසුගිය වනචර දශකය තුළ දී මේ ආකාරයේ ම නොවුණත් මා ලියූ දේ පළකිරීම සහ මා එකල පවත්වාගෙන ගිය බ්ලොගයක යම් දෙයක් පළ කිරීම පිළිබඳ සුළු ප්‍රශ්න දෙක තුනකට මුහුණ දෙන්නට සිදුවිය.

    ඒ ගැන විස්තර ඊළඟට ලියමි.'

    මේ ගැන විස්තර ලියන්නකෝ රසික.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.