මගේ සිතට එන, මට වැදගත් යැයි සිතෙන, ඕනෑම දෙයක් රසිකොලොජියේ පළවෙනු ඇත.
Whatever I see fit.
eMail: rasikologist@gmail.com
Sunday, 6 September 2015
දශක දෙකක් රැකි "සම්මා වාචා" සිල් පදය බිඳුණු හැටි - Politically correct speech
එක් ඇසක ආබාධයක් තිබුණු මිනිසෙකු මා කුඩා කල අපේ ගමේ ජීවත් විය. ඔහු තරමක විනෝදකාමියෙකු ද වෙන්නට ඇත. මක් නිසා ද යත්, ඔහුට ලැබී තිබුණු අන්වර්ථ නාමය වූයේ "චෝක් කණා" යන්න වීමයි. ඒ නම මිස, මා ඔහු ගේ සැබෑ නම තවමත් නො දනිමි. චෝක් යන්න කෙසේ වෙතත්, දෘෂ්‍යාබාධිත ඔහුට කණා යනුවෙන් නම් පටබැඳීම නො කටයුත්තක් බව මට එකල වැටහුණේ නැත.
අපේ නිවස අසල සිටි තවත් පුද්ගලයෙකුව හැඳින්වුණේ "බකලයා" යනුවෙනි. ඒ නම මිස, මා ඔහු ගේ ද සැබෑ නම තවමත් නො දනිමි. පෝලියෝ හෝ එවැනි රෝගයක් නිසා හෝ, හදිසි අනතුරක් නිසා හෝ වෙනත් සංජානීය කරුණක් නිසා හෝ පාදයක ආබාධයක් ඇතුව ජීවත් වූ ඔහුට බකලයා යනුවෙන් නම් පටබැඳීම නො කටයුත්තක් බව මට එකල වැටහුණේ නැත.
අපේ ගමේ ම නොවුණත් ඒ අසල ගමක විසූ එක් මැදිවිය ද පසු වෙමින් සිටි ගැහැනියක කාලයක් තිස්සේ බස් රථයේ ගමන් බිමන් යනු මා දැක තිබුණි. එකල මා උසස් පෙළ සිසුවෙකි. මා සිතුවේ ඇය කොහේ හෝ ස්ථානයක සුළු රැකියාවක් කරන්නියක බවයි. ඇය කතාවට දක්‍ෂ බවද පෙනුණි. මද කලකට පසු ඇගේ කතාව වැඩිවී එය යම් උමතුවක් බවට පෙරලුණි. ඒ සමගම කොල්ලෝ කුරුට්ටෝ ඇය උසුළු විසුළුවට භාජනය කරන්නට පටන් ගත්තෝය. ඇය ඔවුන්ට පරුෂ වචනයෙන් බැණ වදින්නට පටන් ගත්තාය. මේ ගැන තරමක කණගාටුවක් දැනුනත්, ඒ උසුළු විසුළු කරන අය ඉන් වළකන්නට හෝ ඒ ගැන කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්නට මට නොසිතුණි.
දැන් ඉතාමත් අවංක කතාවක් කීමට ඇත.
මීට වසර විස්සකට පෙර මා ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කළ පසු මා උගත් එක් වැදගත් දෙයක් වූයේ පුද්ගලයෙකු ගේ ශරීරාංග වැනි දේ ගැන ඉස්මතුවෙන ආකාරයෙන් හැඳින්වීම නොකටයුතු දෙයක් ලෙසයි. මෙය සාමාන්‍යයෙන් (සරදමට මෙන්) හැඳින්වෙනුයේ පොලිටිකලි කරෙක්ට් ස්පීච් කියා වුවද, මම එය සම්මා වාචා යනුවෙන් හඳුන්වා දෙන්නට කැමැත්තෙමි.
මේ සම්මා චාවාවේ වැදගත්කම පිළිගෙන ඔබ එය පුරුදු කර ගත් පසු, ඒ ගැන අදහසක් නැති වෙනත් අය ගේ ඇතැම් වදන් භාවිතය ගැන ඔබට ඇතිවෙන්නේ දුකකි, කණගාටුවකි, එ මෙන්ම කෝපයකි.
උදාහරණයක් මෙසේය.
"මචං, අර ඔයා එවපු ගෝලයින් දෙන්නාගෙන් සුජිත් ට මං ජොබ් එකක් දුන්නා!" මගේ හිතවතෙකු දිනක් මා ලංකාවට ගිය විට පැවසී ය.
ඒ වන විට ඔය ගෝලයින් දෙන්නා හිතවතා ළඟට යවා වසර දෙකකටත් වඩා ගෙවී ඇති නිසා සුජිත් යනු කවුදැයි මට සිහිපත් නොවීය.
මගේ හිතවතා කීවේ, "මචං සුජිත් කියන්නේ අර ඇහැක වපරයක් තියෙන කළු, කොට හාදයාටයි" කියායි.
මිතුරාට එය සාමාන්‍ය හැඳින්වීමක් වුවත්, වසර දෙකක් සම්මා වාචාව පුරුදු කරමින් සිටි මට ඔහු ගේ කථාවෙන් ඇතිවුණේ අපහසුවකි, දැනුණේ මහා අපුලකි.
පුරුද්දට වඩා ජන්මේ ලොකුය.
බලු වලිගය උණ පුරුකේ දැමුවත් ඇද නො හැරේ.
මා වසර විස්සක් තිස්සේ පුරුදු පුහුණු කර ආඩම්බරයෙන් රැකගත් සම්මා වාචා සීලය ඊයේ බිඳුණි.
එය වුයේ මෙසේය.
ලංකා පාර්ලිමේන්තුවේ එක්තරා මන්ත්‍රීවරයෙකු කළ කථාවක් මට අසන්නට ලැබුණි. කථාවේ මා ඇසුවේ විනාඩි කිහිපයකි. පසුව, ඔහු ඒ කතාව ගැන මාධ්‍යවේදියෙකු හා කළ විස්තර කිරීමක් තවත් විනාඩි කිහිපයක් ඇසුවෙමි.
ඒ මා ජීවිතයේ ඇසූ මෝඩ ම මෝඩ කතාවයි.
මේ පුද්ගලයා ගැන මා මුලින්ම ඇසුවේ ද මීට මාසයකට පමණ පෙරයි. ඔහු හැඳින්වුණේ උගතෙකු වශයෙනි. එවන් උගතෙකු කළ ඒ මෝඩ විස්තර කිරීම ඔක්කාරය ගෙන දෙන්නක් විය.
එයින් මගේ දශක දෙකක සම්මා වාචා සීලය බිඳුණි.
"මේ මනුස්සයා ගේ මූණ මෝඩ පාට එක විතරයි තියෙන ප්‍රශ්නේ කියායි මා මෙතෙක් කල් සිතා සිටියේ!" යැයි ප්‍රකාශයක් ප්‍රසිද්ධ ස්ථානයක මා අතින් නොදැනුවත්ව ම වාගේ ලියවිණි.
ඒ මොහොතේ සිට ඒ ගැන පැය විසි හතරක් පුරා සිතුවෙමි.
අවසානයේ මේ සටහන ලියා සිත සැහැල්ලු කර ගැනීමට සිත් විය.
-රසිකොලොජිස්ට්
ප/ලි:
මේ 2015 සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙන් ලියවුණු ලිපියක් නොවේ.
මෙන්න මේ දක්වා 2015 සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙන් ලියවුණු ලිපි-
1. කුරුලු හදවතේ හිලක් - Hole in the heart
2. කතෘ අත්සන් කළ පොත් ඔබ ළඟ තිබේද? - Autographed books
(image: http://nation.foxnews.com/postal-service/2012/08/23/d-oh-us-postal-service-wasted-12-million-simpsons-stamps)
Labels:
අපේ මෝඩකම්,
ඕස්ට්‍රේලියාව,
ගමේ කතා
Subscribe to:
Post Comments (Atom)
kAWUDA ITHIN OYA KIYANA POLITICIAN?
ReplyDeleteගොඩක් ඉන්නේ මෝඩ පාට අයනේ
Deleteශරීර අංගෝපාංගයන් ගැන කියමින් කෙනකු අපහසුවට පත් කිරීම මතු නොව උපක්‍රමශීලිව සැලසුම් සහගතව තවකකු කුමන අයුරකින් හෝ අපහසුවට පත් කිරිමත් හොද නැති බවයි අපගේත් අදහස. ඒ වුණාට ජානමය ලෙස අපතුළ තාමත් ඒ ගති තියනවා. ඒවා එළියට එන්නේ වසර කියකින්ද කියන්න බෑ. මේ ජාන ගැන රයිගම් හන්දිය හොඳ සටහනක් දාල තිබුණා පෙරේදා.
ReplyDeleteසම්පූර්ණ ඇත්ත නලින්. දැන් මේ බ්ලොග් ලියන එක්කෙනාගෙම වෙන බ්ලොග් එකක එහෙම උපක්‍රමශීලීව අපහසුවට පත් කරලා "මහැදුරු බිරිඳක්" බ්ලොග් ලිවීම පවා නතර කළා.
Deleteහා හා පුරා කියලා මම සිංහලෙන් ලියපු මුහුණු පොත් සටහනටත් මෙවනි පටබැඳි නමක් පාදක වුනා... ඒක දැකපු බොහෝ දෙනා මාව ලියන්නට උනන්දු කළා.. ඒ අනුවයි බ්ලොග් ලිවිම පටන් ගත්තේ.... මම ලියපු පට බැඳී නම තමයි " දත් උල් දිසානායක"... අපේ නංගිලා ගමේ ඉස්කෝලේ හිටපු ළමයෙකුට කියපු නම... එයාගේ දුවට ශිස්‍යතත්වයක් දෙන්න අපේ යාලුවන්ගෙන් ඉල්ලීමයි සිදු කලේ..
ReplyDeleteසමහර දේවල් තියෙනවා හිතට ෆිට් නැති හැගීමක් දැනෙන.ඒ වෙලාවට පෝස්ට් එකක් පබ්ලිශ් කරලා දුක බෙදාගත්තම සිතට සෑහෙන සැහැල්ලුවක් දැනෙනවා.මේකට කියන්නේ සයිබර් සෑඩ්නස් ශෙයාරින් ඔප්ෂන් එක කියලා.
ReplyDeleteඒක මම හිතන විදියට අපිට භාෂා භාවිතය සහ සමාජ ක්‍රමය එක්ක ලැබුණ දෙයක්. විශේෂයෙන්ම කතා කරද්දි ගොත ගැසෙන පුද්ගලයින්ට ඕක දැඩි ලෙස බලපාන ගැටළුවක්
ReplyDeleteපිඟන් බිඳෙන්නේ පිඟන් හෝදන අය අතින් නේ. මේ වගේ අත්වැරදිවලින් අපේ ප්‍රතිරූපයට හානි වෙනවා. ඒත් අපේ පුද්ගල ප්‍රතිරූපයට වඩා වැදගත් වෙන්නේ අපි කරන අරගලයයි. ඉතිහාසගත වෙන්නෙ ඕනැ ඒ අරගලය මිසක් අපි නෙමෙයි.
ReplyDeleteහැබැයි, අයින්ස්ටයින් ෆොටෝවලට දිව දික් කළා කියලා අයින්සටයින් ඉතිහාසගත වෙන එක වැළකුණේත් නැහැ.
සමාජවාදීන්ට ඔය 'අරගලය' කියන වචනය භාවිතා නොකරම ඉන්න බැරිද හැබෑට ම? 'අරගලය' කියලා කියන කොටම මගේ ඈඟ කිළි පොලා යනවා... මගේ සිහියට නැඟෙන්නේ ම මිනී කඳු, දේපළ විනාශය, අනාථයෝ....
Deleteපහුගිය අවුරුදු 200 තුළ ලංකාවේ කෙරුණු අරගලවලින් සිදු වුණේ මහා විනාශයක් මිස සුගතියක් නෙවේ.
1818, 1848, 1971, 1983-2009, 1987-1989 කියන මේ සියළුම අරගල අසාර්ථක යි. ඒ නිසා කරුණාකර පැරා මේ රටේ ජනතාව තවත් අරගලයකට උසි ගන්වන්න එපා. මේ රටේ ජනතාව 1977 මහ මැතිවරණයේ සිට දිගින් දිගට ම සමාජවාදය ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ලංකාව කියන රට තුළ සමාජවාදය මැරිලා දැන් අවුරුදු 38 ක් වෙනවා. සමාජවාදයේ මළ කඳට ඔබ කොච්චර හුළං පිම්බත් ඒ කුණු වුණු මළ මිනියට නැවත පණ දෙන්න බෑ.
//ඒ වන විට ඔය ගෝලයින් දෙන්නා හිතවතා ළඟට යවා වසර දෙකකටත් වඩා ගෙවී ඇති නිසා සුජිත් යනු කවුදැයි මට සිහිපත් නොවීය.//
ReplyDeleteCan you think of a better way of describing someone other than their physical attributes??
How can your friend describe this sujith in this particular situation?
මිනිස්සුන්ගේ අඩු පාඩු කම් ගැන උසුළු විසුළු කරන එක මෝඩ වැඩක්.. මොකෝ අපි හැමෝගෙම අඩු පාඩු තියෙනවා...
ReplyDeleteමේ දවස්වල මා ලියමින් යන්නේ මේ ගැන.
ReplyDeleteමේ වෙන කතාවක්.
මගේ දුබලතාවයක් නිසා කවුරුහරි මට ඒ ගැන පීඩා කරනවානම්,
සම්මා වාචා සම්මා කම්ම පැත්තක දීලා මමත් දෙනවා ඒකම අනික් පැත්තටහිටු කියලා.
වෙන විකල්පයක් තියෙනවාද??
මොකද හැම කෙනාගේම දුර්වලතා තියෙනවා.
හැබැයි ඉහළ සමාජ ස්ථරවල මේක සයන්ස් එකක් විදියට පාවිච්චි කරනවා. බලය රදවාගන්න හා අවනත කරගැනිම හා කපා දැමිම සදහා. ඉබේ වෙන දෙයක් නෙමෙයි සිතා මතා කරන දෙයක්.
බංදුල ගුණවර්දනගෙ ඌරු මූණ දැක්කමනම් ඔය මොන මගුලක්වත් මතක් වෙන්නෙ නෑ.
ReplyDeleteචේතනාව තමයි වැදගත් වෙන්නේ.. කොටා, දිගා, බඩා, කළුවා වගේ මගේ හිතවත්තු ගොඩක් ඉන්නවා.. ඒ ඒ ආමන්ත්‍රණ වලින් හිතවත්කම වැඩිවෙනවා මිසක් තවම අඩු වෙලානම් නෑ.. අවස්ථානෝචිතව හා අපහාසයක් කරන චේතනාවෙන් තොරව භාවිතා කරන එකේනම් අවුලක් නෑ.. ඔය කියන වෙලාවේ රසික ගෙන් නම් සිල් බිඳුන බව පෙනුනා.. වැරද්දක් පිළිගන්න එක පෞරුෂත්වයේ ලක්ෂණයක් :)
ReplyDeleteනවත්තගන්න හරිම අමාරු, අපිට තියන ලොකුම දුර්වලකමක්. අපිටත් ආපහු වැදෙනවානම් විතරයි නවතින්නේ. හැබැයි අපේ මිනිස්සු පොට්ට නවුෆර් කිව්වට පොට්ට චන්ද්‍රිකා කියන්නේ නැහැ. මතකද චන්ද්‍රිකා නෝනා චොක්සි මහත්තයාගේ කට ඇදයි කියලා රඟපාලා පෙන්නුවා කතාවක් කරන අතරෙදි. ඒකද දන්නේ නෑ එයාට පළදුන්නේ.
ReplyDeleteනෙද්දකින් විතරක්. මේ පාර මගේ ඇඟිල්ලේ තීන්ත ගෑවේ KKK එකක්. (KKK = කළු කැත කොට) ඡන්දේ නොදැම්මත් තීන්ත ගෑවිල්ල ලස්සනට තියෙන්න එපායැ. නැද්ද මං අහන්නේ.
Deleteමගේ ස්කූල් බැඩ් එකේ යාලුවෙක් හිටියා අජියා කියලා වචන දහයක් කතා කලොත් පහක්ම අසභ්‍ය වචන විතරයි.කොල් කලාම අඩෝ හු... කියලා පටන් ගත්තම එක දිගට ඒ විදියටම ආමන්ත්‍රණය කරලා තමයි සැප දුක විස්තර අහන්නේ.වැරදිලා හරි අජියා කුනුහරැපයක් නැතිව සාමාන්‍ය විදියට අපිට කතා කලාම අපිට හරි අප්සටි.අපේ කොල්ලෝ අහනවා ඇයි අජියා උඹ අද අපිත් එක්ක අප්සටිද කියලා.මොකද අජියා හෘදයාංගමව බොක්කෙ තියන දේත් එලියට දාලා කතා කරන්නේ අර විදියට කතා කරනකොට කියලා අපි දන්නවා.වචනය භාවිතා කරන විදිය එහි අර්ථය පිලිගන්න විදියඑය අනිත් පුද්ගලයාට දැනෙන විදිය කියන බොහෝ කරැනු මෙතනදි දකින්න පුලුවන්.කොහොම උනත් බුදු සමය තුල සමිමා වාචාවෙි අර්ථය ගැඹුරැ සංකල්ප දක්වා විහිදිලා යනවා.යමක් කතා නොකර ඉදිම පමනක් එයට අයත් වන්නේ නැ.අනෙක් අංග අටත් එක්ක සාපේක්ෂ සමිබන්ධයක් එක්කයි සමිමා කියන විශේෂණ පදය එතනදි යෙදිලා තියෙන්නේ.එතනදි බොරැව,කේලම,පරැෂ වචන,හිස් වචන කියන කරැනු හතරම ඇතුලත්.හිස් වචන අනෙත් පැත්තෙන් අර්ථ දැක්වෙනවා දෙතිස් කතා විදියට.ලේසිද දෙතිස් කතාවලින් වැලකිලා ඉන්න එක.කොහෙන් ගියත් අපි දෙතිස් කතාවකට වැටෙනවා.එකෙන් වලකින්න නමි තියුණු සිහියක් අවශය කරනවා.සමිමා සති අනෙත් පැත්තෙන් තියෙන්නේ ඒ නිසයි.නමුත් අපිත් නොදැනම මෙවනි මනෝභාවයන් ගොඩ නැගෙන බව අපිවත් දන්නේ නැ.සමිමා දිඨිටය පූර්වාංගම වෙන්න ඔන කියන්නේ මෙ නිසයි.
ReplyDeleteසමිමා දිඨිටය?
ReplyDeleteසමිමා දිටිඨිය විය යුතුය
Deleteඔවු අපි ඉස්කොලෙ යන කාලෙ ඔය වගේ නම් වලින් හඳුන්වනකොට හිතවත් කම වැඩි වුනා.ඒත් ඉතින් දැන් එහෙම හිතන්න වැඩිහිටි අපිට බෑනේ.අනිත් එක ශරීරෙ පෙනුමට නම් පටබඳන එක වැරදියි.එයාලට ඒ වැරදි හදා ගන්න බෑනේ.ඒත් මගේ හැසිරීමට නම් පට බැන්ද හින්දා(වැඩි පුර කතා කරනවට එහෙම) මං ඒ වැරදි හදා ගත්තා
ReplyDeleteකතාව ඇත්ත...සෙට් එකක් එකතු වෙලා දිගින් දිගටම කෙනෙක් බයිට් කරනවා දකින කොටත් මහා අපුලක් එන්නෙ..
ReplyDeleteජයවේවා..!!
රසික මේ වගේ තමන්ගේ වරද පිලිගන්න තරම් සිංහලයෙක් තමන්ට අවංක වීම ගැන සතුටුයි. ඔබ එය ප්‍රගුන කර ඇත්තේ ඕස්ට්‍රේලියාවේ බව පැහැදිලියි. අපේ හැම කෙනෙක්ට ම ඔය පුරුද්ද තියෙනවානම් කොච්චර හොඳ ද? මේ විදිහට ශරීරයේ දුර්වල දේකට ගහනකොට ඒ දුර්වල කෙනා කොයිතරම් වැටෙනවද කියලා දන්නේ ඒ කෙනා විතරයි. ඒ වෙලාවේ එන හැඟීම වෙන කෙනෙකුට දැනෙන්නේ නෑ.
ReplyDeleteමිනිස්සුන්ගේ ශරීර ස්වභාවය ට අපහාස කරලා කතා කරන එක නම් වැරදියි. සමහර වෙලාවට අපහාසෙකට නොවුනත් ඒ කියන දෙයින් ඒ ගොල්ලන් අපහසුතාවයකට පත් වෙන්න පුළුවන්.
ReplyDeleteමෙතනදී රසිකගේ යාලුවා සුජිත් ට දීල තියෙන විශේෂණ පද 3 :
- ඇහැක වපරයක්
- කළු
- කොට
මෙතනින් පලවෙනි එක හැරුනාම අනිත් දෙක නම් අපහාසාත්මක නැහැ වගේ. ඒ කියන්නේ ඔය දෙක මට කිව්වොත් මට නම් අවුලක් නෑ.
හැබැයි තමන්ට 'කළු' හරි 'කොට' හරි කියනවට සමහරු අකමැතියි. ඒ නිසා ඒවගේ දේවල් නොකියනවා නම් හොඳයි. කාගේවත් හිත් රිද්දන්නේ මොකටද. අනික ඔය දෙකම සාපේක්ෂයි නේ. හයේ හතරේ කොකේසියන් කෙනෙක්ට ලංකාවේ බහුතරය 'කළු කොට' තමයි.
කොට කෙනාට කොට යි නොකියා මොකක් කියන්නද කියල කෙනෙක් ඇහුවොත්, මෝඩයාට මෝඩයා කියල කියන්නෙත් නැහැනේ?!.
හොඳට නරකට දෙකට කටමය.
ReplyDeleteවචන හා ටර්ම්ස් කාලයෙන් කාලයට වෙනස් වෙනවනෙ රසික.
ReplyDeleteඅවු 40 කට විතර ඉස්සර වුනත් කොරා කණා ගොලුවා කියන වචන බහුලව ඒ ගැන දෙවරක් නොසිතා භාවිතා වුනා ලංකාවෙ .ඒවා අපහාස කිරීමේ චේතනාවක් නැතුව හුදෙක් විස්තර කිරීමේ විදිහට( descriptive ) ඒකාලෙ වැඩිහිටියන් භාවිතා කලා.
දැන්නම් මෝඩයා කියන එකට intellectually challenged කිව්වත් politically incorrect වෙයි .
Intellectually special / Intellectually differently able කියන්න වෙයි. (විහිලුවකි . ඒවගේ අයට අපහාසයක් නොවේ . :-D )
Crazy= psychologically hilarious :P
Deleteඋස මිනිස්සුන්ට දිගා කියන එක, මිටි මිනිස්සුන්ට කොටා කියන එක, එතකොට තට්ටයා, මේ වගේ ශරීර ලක්ෂණ විහිළුවට ලක් කරන අවස්ථා කොච්චර තියනවද?
ReplyDeleteඑතකොට, මිනිස්සුන්ට පුරුදු වෙලා තියන කතා විලාශයන්? මේව ගැන කතා කරන එක සදාචාරාත්මකද?
“කියල හිටං“, “කියල ඉවරවෙලා“, “ඇත්ත වශයෙන්ම“, මේ වගේ වචන සෙට් සමහර අය පාවිච්චි කරන්නෙ පුරුද්දට මිසක් කිසිම තේරුමක් ඇතුව නෙවෙයි. ඒ වුනාට සමහර අය ඒ වගේ වචන කෑලි සමච්චලයට ලක් කරනව. ප්‍රසිද්ධියේ එහෙම සමච්චල් කිරීමෙන් අදාළ වචන කියන්න පුරුදු වෙලා ඉන්න දස දහස් ගණනක් දෙනා අමනාප වෙනවත් ඇති.
ඒත්, මූණ මෝඩ පාටයි කියන එක අර කොටා, බකලයා වගේ අපහාසාත්මක වෙන්නෙ නෑ මං හිතන්නෙ. මුහුණේ මෝඩ පාට පේන්නේ සාපේක්ෂව. සමහර අයට තියෙන්නෙ මන්ද බුද්ධික පෙනුමක්. ඒ වුනත් එයාල එහෙමට අප්සෙට් පොරවල් නෙවෙයි.
ReplyDeleteමේ විදියට දවසින් දවස ජීවිතේ වැරදි පුරුදු අයින් කරගන්න ගමන් අනිත් අයවත් ඒකට පෙළඹවීම ඔබට තවත් ශක්තියක් වේවි. මාත් මිනිස්සුන්ගේ නම් අමතක වුණාම. නම දන්නේ නැති වුණාම ඒ කෙනාගේ යම් ශරීර ලක්ෂණයක් කියලා විස්තර කරන එක කරනවා.. ගොඩක් වෙලාවට අම්මා එක්ක ස්කයිප් එකෙන් කතා කරද්දී ගමේ සිද්ද වෙන දේවල් කියද්දී තමයි ඔය වචන පාවිච්චි වෙන්නේ,, ඒ වරද ආයේ නොකර ඉන්න ඕනේ. අම්මටත් කියන්න ඕනේ. ස්තුතී
ReplyDelete@All
ReplyDeleteමේ දිනවල කාලවේලා ප්‍රශ්නයක් නිසා ප්‍රතිචාරවලට පිළිතුරු ලියන්නට ඉඩ ලැබෙන්නේ නෑ.
සියලු දෙනාටම ස්තුතියි.
අතීතයේ මිනිසුන් නාමකරනය කලේ ශරීරයේ අංගෝපාංග හා වෙනස් කම් මත පදනම් වී නොවේ ද?
ReplyDeleteමිනිස්සුන්ගේ ශරීර අංග මතු කරලා කතා කරන එකනම් මමත් අනුමත කරන්නෙ නැහැ, ඒත් නරක වචන භාවිතය නම් ඒ විදිහට හිතන්න බැහැ. මොකද යාළුවෝ හම්බවුනාම තාම කතා කරන්නේ ඒ විදිහට තමයි. ඒ බොක්කෙන්ම යාළුවෝ. මට දැන් තිස් හතක් වයසයි, ඒත් පාසල් කාලේ හොදම යාළුවෝ හම්බවුනාම තාම දෙන්නම පටන් ගන්නේ අඩෝ, හු..... තෝ මට කෝල් එකක් වත් දුන්නේ නෑ වගේ යෙදුම් වලින්. තෝ, බං, බූරුවා, ගොනා, ඈ හරකෝ, සහ අසභ්‍ය වදන නිරන්තරයෙන්ම පාවිච්චි වෙනවා, ඒ පහත් කරල කතා කිරිමක් නෙවෙයි
ReplyDelete