Wednesday 11 November 2020

තාත්තාගේ ජන්ම ශතක සංවත්සරය - Remembering my father

Mr Suriyaarachchige Jinadasa Harischandra



















ජීවත්ව සිටියා නම් අද මගේ පියාගේ වයස වසර සීයක් වෙනු ඇත.

විසිවෙනි ශත වර්ෂයේ දෙවන දශකය අවසානයේ 1920 නොවැම්බර් මස 11 දින උපත ලබා ඇති ඔහු වසර අනූවක් සහ සති තුනක් පමණ ජීවත් වී අවසන් හුස්ම හෙලුවේ 2010 දෙසැම්බර් මස දෙවෙනි දා ය.

පුතුන් තිදෙනෙකුගේ පියා වූ සූරියආරච්චිගේ ජිනදාස හරිශ්චන්ද්‍ර, වෘත්තියෙන් රජයේ ගුරුවරයෙකු විය. ඔහු තම වෘත්තීය ජිවිතය අරඹා ඇත්තේ මා අසා ඇති පරිදි වයස අවුරුදු දහනමයේ දී තලල්ල නම් ග්‍රාමයේ පිහිටි රජයේ පාසලෙනි.

පසු කලෙක මීරිගම ගුරු විද්‍යාලයෙන් ද, කාර්මික විද්‍යාලයේ ද පුහුණුව ලබා ඇති ඔහු, පසුව ස්ව-අධ්‍යයනයෙන් උසස් පෙළ සමත්ව, රජයේ සේවයේ සිටිය දී ම, වැඩිහිටි ශිෂ්‍යයෙකු ලෙස විද්‍යෝදය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව, ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගත්තේ ය. කාලයත් සමගම ඔහුට විදුහල්පති විශේෂ ශ්‍රේණිය නම් තනතුරක් සහ වැඩි වැටුපක් ලැබුණු නමුත්, තාත්තා කිසි දිනක පාසලක නිත්‍ය විදුහල්පති තනතුරක් භාර ගත්තේ නැත.

තාත්තා විශ්‍රාම ගියේ ඔහුගේ පනස්අටවෙනි උපන් දිනය දා, එනම් 1978 දී ය. එවකට එකොළොස්වෙනි ශ්‍රේණියේ සිසුවෙකුව සිටි වයස දාසයයි සති දෙකක ගැටවරයෙකු වූ මට ද එදින තාත්තා සේවය කළ බොල්ලත පාසලේ පැවති උත්සවයට සහභාගීවිමට අවස්ථාව ලැබුණි.

ඇත්තටම උත්සව සභා තුනක් පැවැත්වුණි. මුල් උත්සවය පාසල් සිසුන්ගේ සහභාගීත්වයෙනි. පාසල අවසන් වීමෙන් පසු ගුරු මණ්ඩලය විසින් භෝජන සංග්‍රහයක් පවත්වන ලදී. හවස තුනට පමණ ගුරුදෙගුරු සංගමය මගින් වැඩිහිටියන් සහභාගී වූ උත්සවයක් සංවිධානය වී තිබුණි. මේ අවස්ථා තුනේ දී ම තාත්තා කතා පැවැත්වීය. මා ඔහු ප්‍රසිද්ධ සභාවක කතා කරනු දැක ඇත්තේ එදින පමණි. තමන් විශ්‍රාම යන විට ද පාසල් යන වයසේ දරුවන් තිදෙනෙකු සිටින බව දන්නා තාත්තා, විශ්‍රාම දිවියෙන් පසු නිරත වීමට වෘත්තියක් සොයා ගෙන ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් ද ඒ වන විට සපුරාගෙන තිබුණි. ඒ ටියුෂන්කාරයෙකු වෙන්නට නම් නොවේ. නොතාරිස්වරයෙකු වීමට ය.

පවුලේ වැඩිමලා වූ මා විශ්වවිද්‍යාලය අධ්‍යාපනය ආරම්භ කරන කාලය වෙන විට ඔහු ගනේමුල්ල නගරය කිට්ටුව මිතුරෙකුගේ නිවසේ සිටි නොතාරිස් රැකියාව අරඹා සුළු මුදලක් උපයා ගැනීම අරඹා තිබුණි. පිළියන්දල නැන්දාගේ නිවසේ සිට මොරටුව විශ්වවිද්‍යාලයට යාම වෙනුවට සාපේක්‍ෂව අධික වියදමක් සහිත විකල්පය වන පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යාමට මට අවශ්‍ය බව මා පැවසූ විට "උඹ පේරාදෙණියට පලයං, මං වියදම් කරන්නම්!" යනුවෙන් නිර්භයව පවසන්නට තාත්තාට හැකිවුණේ ඒ නිසා ය.

එසේම, තාත්තාගේ අවසාන කටයුතු සඳහා මා ලංකාවට යන විට නිවෙස අසල එල්වා තිබූ බැනරයේ ඔහු විශ්‍රාමලත් විදුහල්පති සහ ප්‍රසිද්ධ නොතාරිස් යනුවෙන් හඳුන්වා දී තිබුණේ ද ඒ නිසා ය.

තාත්තා චරිතවත්, යහපත් පුද්ගලයෙකි. ඔහු මත්පැන් පානය නොකළේ ය. තමන්ට මව් උරුමයෙන් ලැබුණු ඉඩකඩම් ද, තම මුදලින් මිල දී ගත් ඉඩකඩම් ද තම දරුවන් වෙනුවෙන් ඉතිරි කළා සේ ම, ඔහු තම මත්පැන් කෝටාව ද දරුවන් වෙනුවෙන් ඉතුරු කර තැබුවේ ය.

තාත්තාගේ ඥාති සොහොයුරෙකු ද වන, දැන් විශ්‍රාමික ඉංජිනේරුවෙකු, මේ ළඟදී දිනක ෆේස්බුක් හි දී මා සමග තාත්තා ගැන කීවේ මෙසේ ය.

"In our very young days we went to your ancestral home to learn arithmetic from your dad, Mr. Harischandra, who was a true gentleman.

As I saw, he was always a thorough gentleman."

රසික සූරියආරච්චි

ප/ලි:
තාත්තා සම්බන්ධ වෙනත් සටහන් කිහිපයක්.

1. ස්තුති පත්‍ර දැක තියේ ද? - Remembering my father on the seventh anniversary of his demise
https://rasikalogy.blogspot.com/2017/12/remembering-my-father-on-seventh.html

2. අපේ තාත්තා ඉංග්ලිෂ් උගත් හැටි - Matriculation examination was a botheration to the young generation whose main occupation was cultivation by irrigation
https://rasikalogy.blogspot.com/2016/03/matriculation-examination-was.html

3. මොට්ටපාල ගේ හෝඩියේ පන්තියේ සිට පොලිස්කාරයා සමත් අටවෙනි ශ්‍රේනිය හරහා ගුරුවරුන් බිහිවූ අවසානය දක්වා කතන්දරය - It all about education, stupid!
https://rasikalogy.blogspot.com/2017/04/it-all-about-education-stupid.html

4. තාත්තා ගේ දුරාචාරය - One bad habit
https://rasikalogy.blogspot.com/2017/05/one-bad-habit.html

5. අපි දකුණේ, හරිය? – මහා සූරියආරච්චි සංක්‍රමණය :: Roots
https://rasikalogy.blogspot.com/2016/11/roots.html

6. අපි ඔක්කොම ගුරුවරු, ඔක්කොම සිසුවෝ - All them teachers!
https://rasikalogy.blogspot.com/2016/11/all-them-teachers.html

7. දත් වහල්ල මැදීම - Show me your teeth please!
https://rasikalogy.blogspot.com/2016/06/show-me-your-teeth-please.html

8. හුරුබුහුටි තම්ෂර් සුරුට්ටු සහ හුරුබුහුටි රීඩර්ස් ඩයිජෙස්ට් - Once again down the memory lane
https://rasikalogy.blogspot.com/2016/05/once-again-down-memory-lane.html

9. ජැක්සන් ඇන්තනි අයියේ, තාත්තා මට ගැහැව්වෝ..! - A chapter from my dramatic life
https://rasikalogy.blogspot.com/2016/04/chapter-from-my-dramatic-life.html

10. අපේ තාත්තා බුද්ධාගම්කාරයෙකු ද? How to be a Buddhist?
https://rasikalogy.blogspot.com/2015/06/how-to-be-buddhist.html

11. අහවල් පොත ලිවීම සහ පොත පෙරළීම පිළිිබඳ මගේ කතාව - Such is Life
https://rasikalogy.blogspot.com/2015/09/such-is-life.html

12. හිටං විහිළු නොහොත් "කුණුහරුප සහ අමාරු වචන" - Stand up!
https://rasikalogy.blogspot.com/2016/12/stand-up.html

13. වල්ලභයා-සංසර්ගය-ගණිකාව : පියෙකු ගේ කතාවක් (පුතෙකු ගේ හඬින්) - His fathers voice
https://rasikalogy.blogspot.com/2015/10/his-fathers-voice.html

16 comments:

  1. MAY HIS BLESS ALWAYS WITH YOU AND YOUR FAMILY KAKKA.....! HE WOULD REALLY BE PROUD OF WITH YOU ARE NOW.

    ReplyDelete
  2. BTW HOW OLD WAS YOUR FATHER WHEN YOU WERE BORN? 40+??

    ReplyDelete
    Replies
    1. @ Anonymous 11 November 2020 at 21:13

      තාත්තාගේ උපන් දිනය ද, තාත්තා පැන්ෂන් ගිය වයස ද, එදින මගේ වයස ද මෙහි ඇත. ඒ අනුව තාත්තාගේ වයස පමණක් නොව මගේ උපන් දිනයට ඔබට ඉතා ආසන්නව සොයා ගත හැක.

      Delete
  3. Replies
    1. ඔබේ ධනාත්මක ප්‍රතිචාරයට ස්තුතියි!
      :-)

      Delete
  4. Rasika ,It goes without saying that your father was a sober person and a true gentleman. You have taken after your father and that quality is well reflected in all your posts.

    ReplyDelete
    Replies
    1. ඉතා ස්තුතියි!
      තාත්තා කෝටා එක අපට දායාද කර ගිය එක ඉතා හොඳයි!

      Delete
  5. ඇත්ත මහත්තුරු හිටියේ පෙර දවස
    හොර කොටියන් තමයි දැන් වැඩිපුර වාස
    මහත්වරු වුණේ වැඩියෙන් වී වෙහෙස
    එහෙම අයට වේවා මව්රට නිවස!

    ReplyDelete
  6. මගේ පියා හිටියා නම් දැන් 98 යි. එයා මැරුනේ 92 දී. මම විශ්ව විද්‍යාලෙට යනකොට මගේ පියාත් විශාමිකයෙක් . ඔබේ පියාට නිවන් සුව පතමි

    ReplyDelete
  7. ඔබගේ පියාණන්ට නිවන් සුව!
    අපේ පියාත් විදහල්පතිවරයෙක්. අවුරුදු 88දි අපිව හැරගියා. හිටියානම් අවුරුදු 96ක් වෙනවා.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.