Friday 5 May 2023

ප්‍රීති නූඩ්ල්ස් - One of my favourite instant noodle dishes



අන්තිම කොටුව
අටවෙනි කොටුවනමවෙනි කොටුව
පස්වෙනි කොටුවහයවෙනි කොටුවහත්වෙනි කොටුව
පළමුවෙනි කොටුවදෙවෙනි කොටුවතුන්වෙනි කොටුවසිව්වෙනි කොටුව

පළවෙනි කොටුවෙන් පේන්නේ මා ප්‍රිය නූඩල් ජාතිය
මිරිස් රසට බිත්තරයක් සමගින් කෑමයි ප්‍රීතිය

දෙවෙනි කොටුවෙ මා කරන්නේ නූඩල් පොඩියට කැඩීම
පැකට් එකේ ඇතුලේදිම හරි පහසුයි එය කිරීම

තායි රසය ගෙන එන පොඩි පැකට් ජාති තුනක් ඇතේ
තුන්වෙනි, සිව්වෙනි කොටුවල ඒ තතු විස්තර කෙරෙතේ

සාස්පාන ලිපේ තියා වතුර ටිකක් රත් කරන්න
ඒ ගැන නොම දන්නා අය පස්වෙනි කොටුවෙන් බලන්න

වතුර නට නටා එන කොට නූඩල් ටික එයට දමා
හයවෙනි කොටුවේ විදියට තම්බා ගත්තොත් කදිමා

හත්වෙනි කොටුවේ පෙනෙන්නේ එතකු කරපු බිත්තරයයි
අටවෙනි කොටුවේ විදියට කවලම් කරගත යුතුමයි

නමවෙනි කොටුවෙන් පෙනෙන්නේ රසකාරක යොදපු හොද්ද
හොඳ හැටි කවලම් නොකලොත් එතන වෙන්නේ වස වැරැද්ද

විනාඩි දෙක ගත වුණු පසු දිසියකට දමා ගන්න
නිවිල අවුල් වෙන්න කලින් උණු උණුවෙම රස විඳින්න

ක්‍ෂණිකව නූඩල් හදනා තොරණේ විස්තර එහෙමයි
අසා සිටිය ඔබ සැමටම මහ රජ්ජුරුවන් සරණයි!

- රසික සූරියආරච්චි

15 comments:

  1. වෙසක් එකට පෝස්ට් එකක් දැම්මම ඔබහට ප්‍රීතිය
    රසවත් අහරක් හදනා තතු දැක අපහට ප්‍රීතිය.

    ReplyDelete
    Replies
    1. කයි පද බැඳ ලියූ කමෙන්ටුව ගැන මට අතිශය ප්‍රීති ය
      කෑම බීම ඇති නම් නිරතුරු ඇත සත හට ප්‍රීතිය.

      Delete
  2. තායි රසය ගෙන එහි සිට මෙහෙ එන නෙක ජාතී
    බියක් නැතුව රස විඳුමට විසඳුම නම් වෙයි ප්‍රීතී

    ReplyDelete
  3. රසික තුමා එක කාලෙක ඉගනුම ලැබුවයි සියමේ
    විඳපු තායි රස කිසිකල අමතක කළ හැකි කොහොමේ
    තුන් වේලම හෙල බොජුනම වැලඳුම නං මල කරුමේ
    එහෙව් එකේ තායි රසය සොයන එකේ නැත අරුමේ

    ReplyDelete
  4. රසික තුමනි තායි රසය විතරක් වලඳන්න එපා
    ලඟදි වැලඳි ජපන් රසේ ගැන නොකියා ඉන්න එපා
    පිලිපීනෙන් බොජුන් ලදොත් නොකා එහෙම ඉන්න එපා
    උතුරු දකුණු ඉන්දියානු රස අමතක කරනු එපා


    ReplyDelete
  5. රසික තුමා හිටිය නේද සිව් වසරක් මරදානේ
    නගරෙ කෑම රස බලන්න ගියේ නැද්ද රෑපානේ
    පැණිදෙණියේ ගමේ කෑම හරි රහ වෙන්නට ඕනේ
    පේරාදෙණි ගියොත් එහෙම ආයෙත් යන්නට ඕනේ

    ReplyDelete
  6. වැලඳුවාට රාජ බොජුන් - ආසන පිට යෙදු ඇතිරිලි
    ඉඳහිටවත් කන්න ඕනැ - කරවල බැදුමක් බොම්බිලි
    ගැට පොලොසුත් හරිම රසයි - මතකය ගෙනෙනව හසරැලි
    වැල ගෙඩියත් වරක වගෙයි - ඇතිවුනාම පිං සිතුවිලි

    ReplyDelete
  7. තොරණ ගහන්න තොරණ බලන්න වයසයි නේ ද දැන්?

    ReplyDelete
  8. ඔබේ කවි නිනිර්මාණාත්මකයි ! ඒත් රසික ඇයි මේ වෙසක් සතියෙ ඇනෝලගෙ double meaning කුණුහරප කවි වලට ඉඩ දෙන්නෙ?

    ReplyDelete
    Replies
    1. ඇනෝලා ලියූ, නමුත් අනුමත නොකළ, කමෙන්ට්‍ස් ඔබ දැක්කේ නෑ නේ!

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.