
මගේ දැක්මට අනුව, අනුර-හරිනි ආණ්ඩුව පිළිබඳ ලොකුම පරීක්ෂණය නම් මේ අල්ලා ගන්නා පාතාල මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයින්ට කුමක් සිදුවේ ද යන්නයි.
කලින් පැවති මිනීමරු ආණ්ඩු කිහිපයක කාලයේ සිදුවූයේ මේ සැකකරුවන් නීතිය ඉදිරියට නොගෙනවිත් ඔවුන් හොර රහසේ මරා දැමීමයි. ඉන්පසු ඔවුන් තමන් සඟවා ඇති අවි-ආයුධ පොලිසියට පෙන්වීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ බවත්, ඒ සඳහා ඔවුන් රැගෙන යන් අතරතුර දී ඔවුන් පළායාමට තැත් කළ බවත්, එහි දී සිදු වූ වෙඩි හුවමාරුවක දී ඒ සැකකරුවන් මිය ගිය බවත් යනාදී අතේ පැළවෙන බොරු සමග පොලිස් මාධ්‍ය සංදර්ශන පැවැත්වීම යි.
අනුර-හරිනි ආණ්ඩුව යටතේ එවැනි දේ නැවත ඇති නොවේ යැයි සිතමි. මක්නිසා ද යත්, ඒ ඒ සැකකරුවන් එකල අතඩංගුවට ගැනීම මෙන්ම, මරා දැමීම ද, පොලීසිය විසින්, දේශපාලන අවශ්‍යතාවක් මත මිස, ස්වේච්ඡාවෙන් කළා යැයි නොසිතෙන් බැවිණි. ජාතික ජනබලවේගයට එසේ හොරුන්, දූෂකයින්, මිනීමරුවන්, නීතිවිරෝධී කුඩු ජාවාරම්කරුවන් ආරක්ෂා කිරීමට හෝ විනාශ කිරීමට උවමනාවක් නැත.
ඇත්ත වශයෙන්ම තව සති තුනකින් පමණ ජාතික ජනබලවේගයේ සම්පූර්ණ ආණ්ඩුව පිහිට වූ පසු ඔවුන් කළ යුතු ප්‍රධානතම කාර්යයක්වනුයේ පසුගිය කාලයේ නීති විරෝධීව මරා දමා, ආයුධ පෙන්වීමේ බොරුවෙන් වසා දැමූ මිනී මැරුම් පිළිබඳව නිසි පරීක්ෂණ කිරීමයි.
- රසික සූරියආරච්චි
(image: A news item from the Divaina newspaper as shown in Derana TV)
ලංකාවේ තිබෙන ලොකුම ප්‍රශ්නයකට ඔස්ට්‍ර්ලියාවේ සිට විසදුම් ලබාදුන් ප්‍රබුද්ධ කකා මහතාට අපගේ ප්‍රණාමය
ReplyDeleteමිනිස් අයිතිවාසිකම්, රටේ නීතියට අනුව කටයුතු කිරීම කියන්නේ අතිශ්‍ය වැදගත් දේ තමයි.
Deleteනීතිය හරියට ක්‍රියාත්මක කරනවනම් ලොකු දෙයක්
ReplyDeleteඑසේ නොවුණු එක නිසා කෙතරම් ප්‍රශ්න ඇතිවුණා ද?
Deleteකොතැනදි වුණත් හරි පිළිවෙත වැදගත්ය
ReplyDeleteඅනීතික රටක් නං ඕනෑ නැතිය
රටෙන් අඩක් වූ මිනිසුන් ජඩයින් ය
Deleteමිනීමැරීමට අනුබල දෙන උන් ය