අතුරුගිරිය ප්‍රදේශවාසී තරුණ සැමියෙකු මෙන්ම පියෙකු ද වන, එමෙන්ම හිටපු කවියෙකු ද, පොතක් රචනා කළ අයෙකු ද බව හීනටිගල වැනි නමක් ඇති පුද්ගලයෙකුට ප්‍රදේශයේ පොලිසියෙන් කරන ලද අඩන්තේට්ටම් සහ අනවසර අත්අඩංගුවට ගැනීමක් පිළිබඳ සිද්ධිය සහ එයින් මතුවුණු වෙනත් සමාජ මාධ්‍ය කතිකාවක් පිළිබඳව මගේ අදහස පසුගිය දිනයක ලියා පළ කළෙමි.
මගේ ඒ සටහනට මූූලාශ්‍ර වූයේ හීනටිගල විසින් ෆේස්බුක් එකේ ලියා පළ කර තිබූ සටහනක් සහ ඔහුගේ බිරිඳ පිළිබඳව කිහිපදෙනෙකු විසින් ලියා තිබූ අවලාද, අපහාස සහ සරදම් වැකි කිහිපයක් පමණි.
ඊට පසු දින ලංකාවේ වාසය කරන මගේ මිත්‍රයකු මා සමග මේ පිළිබඳ ව ඔහුගේ අදහස් දැක්විය.
මේ සටහන ලියන්නට සිතුනේ ඒ නිසායි.
මගේ මිත්‍රයා පවසන පරිදි මේ අවස්ථාවේදී හීනටිගල තරුණ පියාව මේ කාරණයේ දී අත්අඩංගුවට ගැනීමට මූලික හේතු දෙකක් තියෙන්නට ඇත.
- පොලිස් කාරයින් බීමතින්ව සිටීම
- පොලිස්කාරයින් විසින් තරුණ පියාගෙන් හැදුනුම්පත ඉල්ලූ විට ඔහුට එයට යටහත් පහත්ව පිළිතුරු දෙනු වෙනුවට, කඩේ යන්න කාඩ් එක ඕනෑ ද? ඇයි මාව අඳුනන්නේ නැද්ද? යනාදී වශයෙන් පිළිතුරු දීමයි.
රෑ යාමේ පයින් යන විට පොලිසියෙන් මගෙන් අයදුම්පත ඉල්ලා නැති වූවත්, පසුගිය අවුරුදු තිහකට පමණ ආසන්න කාලය තුළ මා වාහනයෙන් ගමන් බිමන් යද්දී අවස්ථා ගණනාවක දී ම පොලිසිය විසින් මගේ වාහනය නවත්වන්නට සංඥා කර තිබෙනවා.මගේ මිතුරා මා සමග පැවසූ පරිදි ඔහු කිසි දිනක කිසිම ට්‍රැෆික් පොලිස්කාරයෙකුට කිසිදු පගාවක් දී නෑ.
එවිට මා කරන්නේ හැකි ඉක්මනින්, ඒ ආසන්න තැනක ප්‍රවේශමෙන් වාහනය නවත්වා, වහාම දොර ඇර වාහනයෙන් එළියට බැස, පොලිස්කාරයින් සිටින දෙසට යෑමයි.
එසේ නැතුව කිසි දිනක මා ඔවුන් වාහනය අසලට එනතුරු ඉන්නේ නැහැ.
එයින් පමණක්, ප්‍රශ්නයෙන් බාගයක් විසඳෙන අතර අනවශ්‍ය අමතර ප්‍රශ්න පැනනැගීම ද සහමුලින්ම නැති වෙනවා.
ඒ සමගම ඔවුන් කියන දෙයට මා සාවධානයෙන් සවන් දෙනවා. යමක් කියන්නට අවශ්‍ය නම් පමණක් පවසනවා. අවශ්‍ය වුවහොත් පමණක් රාජකාරී හැඳුනුම්පත ලබාදෙනවා.
එමගින් අනවශ්‍ය ප්‍රශ්න ඇති නොකර ගැනීමටත්, මා අතින් වරදක් වී ඇතිනම් අඩුම පාඩුව සහිතව ඒ ප්‍රශ්නය විසඳා ගැනීමටත් හැකිවෙනවා. මා දඩයක් කියා ගෙවා ඇත්තේ අධිවේගී මාර්ගයෙන් පිටවෙන විට, ඇතුල්වුණු වේලාව අනුව වේග සීමාව ඉක්මවා ගියා යැයි එක් දිනයක නියම වූ දඩය පමණයි.
මා රියැදුරා සමඟ රාජකාරී ගමන් යන විටත් ඔහුට කියන්නේ ද හැමවිටම එසේ කරන්නට කියායි.
මගේ උගත්, ධනවත් මිතුරා මේ කරන්නේ කුමක් දැයි අමුතුවෙන් පහදා දිය යුතු නැත. එය මනෝවිද්‍යාත්මකව ප්‍රශ්ණ විසඳීමේ එක් ක්‍රමයකි.
එසේම, මෙවැනි අවස්ථාවක දී මගේ හැසිරීම නම් මගේ මිතුරාට වඩා වෙනස් බව කිව යුතුය.
මගේ මිතුරා හා මා සමවෙන්නේ පගා නොදීම සම්බන්ධයෙන් පමණි.
- රසික සූරියආරච්චි
ප/ලි:
මෙන්න මේ සිදුවීම ගැන මා ලියූ මුල් සටහන.
ජැක්සන් ඇන්තනිගේ දුව සහ බෑණා - What a cuel world?
https://rasikalogy.blogspot.com/2024/12/what-cuel-world.html
ප/ප/ලි:
අතුරු ප්‍රශ්නයක්
ජැක්සන් යනු ජැක් ගේ සන් හෙවත් ජැක් ගේ පුත්‍රයා ය.
එතකොට ජැක්සන් ගේ පුතා කවුද? ජැක්සන්සන් ද?
(image: Generated using Microsoft Designer AI service)
රසික, මෙම බ්ලොග් අඩවිය ජංගම දුරකථනයෙන් කියවීමට පහසු වන ආකාරයට සැකසුම් වෙනස් කරන්න පුළුවන්ද?
ReplyDeleteදැන් තිබෙන ආකාරයට පරිගණකයෙන් පිවිසිමේදී දිස් වන ලෙසටමයි ජංගම දුරකථනයෙන් ආ විටත් දිස්වන්නේ.
එවිට මෙය කියවීමට දෑස් වලට වෙහෙසයි
ස්තුතියි රසික. දැන් හරි. ජංගම දුරකථනයෙන් පහසුවෙන් කියවන්න පුළුවන්.
Deleteමුල සිටම (2014) ජංගම දුරකතන සඳහා වෙනම ඉන්ටර්ෆේස් එකක් තිබුණු නමුත් දැන් අවුරුදු දෙක තුනකට පෙර එය ඉවත් කළා. එසේ කළේ ජංගමයෙන් වෙනත් ලිපි සහ බ්ලොග් නොපෙනෙන නිසායි.
Deleteඔබේ ඉල්ලීම දුටු පසු එය නැවත යෙදුවා. ස්තුතියි.
නමුත් වෙනස්කම් කිහිපයක් කළ යුතුයි.
අවසාන ප්රශ්නයට සිංහලෙන් කිව්වොත්, "කොස් මුණුපුරා" කියමු?
ReplyDeleteමං හිතුවේ Jack(son)^2
DeleteYes you are correct. Respect to others to get a respect to you.
ReplyDeleteමගේ මිතුරාගේ වැඩේ ඊට වඩා මනෝවිද්‍යාත්මක සහ කපටි වැඩක්.
Deleteමෙහේනම් පොලීසියෙන් වාහනය නතර කළ විට වාහනයෙන් බැස පොලිස් නිලධාරියා වෙත ඇවිද ගෙන ගියොත් ක්ෂණිකව ජීවිතය අහිමි කර ගැනීමේ අවදානම ගන්න වෙනවා. ලංකාවේ ඉන්න කොට මමත් කළේ ඔය වැඩේ. ඒ පුරුද්දට මෙහේ පැමිණි කාලයේදීත් මුලින්ම වාහනය නතර කළ අවස්ථාවේ අදාළ ලියකියවිලි අරගෙන බහින්න හදද්දීම පොලිස් නිලධාරියා හයියෙන් කෑ ගැහුවා. අත් දෙක පැහැදිලිව පෙනෙන ලෙස සුක්කානම උඩ තියාගෙන වාහනයේ සිටියේ නැත්නම් පොලිස් නිලධාරියා එය වැරදියට තේරුම් ගෙන ප්‍රතික්‍රියා දැක්වීමේ අවදානමක් තිබෙනවා.
ReplyDeleteරසිකගේ ලිපිය දැක්කම මටත් මතක් උනේ ඉකොනොමැට්ටාගේ ඔය සදහන් කරන ලිපිය.
Deleteඑකොන් ගේ අදහසට මමත් එකඟයි . ලන්ඩන් පොලිසිය එතරම් දරුණු නැති වුනත් අපි බැහැල යන්නේ නැහැ . ලංකාවේදී පාර මැද ලයින් එක කැපුවා කියල පොලොන්නරුව හරියේදී අපේ වෑන් එක නැවැත්වුවා . ඩ්‍රයිවර් බැහැල ගිහින් කොළ පෙන්නුවා දැන් දඩ ගහල පොලිසියට ලයිසන් දීල යන්නලු . මම බැහැල ගිහින් කීව , මෙයා ලයින් එක කැපුවේ නැහැ , අපි දඩ ගෙවන්නෙත් නැහැ නඩු යනවා . අපි තමුසෙලට විරුද්ධව සාක්ෂි දෙනවා කියල . එකේ සැරයන් කෙනෙක් කියනවා -ඔයා කොටයි ඒ නිසා පාර පේන්නේ නැහැ . තර්ක කරන්න එපා කියල . මම කීව මම අපහාස නඩුවකුත් දානව කියල . ඊට පස්සේ මම පැටලෙනවා දැකලා බිරිඳත් ආව . එයත් කියන්න ගත්ත , නඩු යනවා වගේ දෙයක් . පාරේ ලයින් එක කැපුවේ නැහැ කියල . මුන් දෙන්න කීව සංචාරකයන්ට මේක අදාල නැහැ . ඔයාල යන්න මේ ගයිඩ් වයි රියදුරු තමා වැරදි කියල . මම කීව මේ ඉන්නේ මගේ වයිෆ් . අර මුළු ෆැමිලි එකම ඇතුලේ - අපි 10 විතර . අපි පොලිසියට ගියොත් තමුසෙලට විරුද්ධව පමිනිලිත් කරනවා කියල .
ReplyDeleteඊට පස්සේ එයාලගේ සැර බාල වුනා . කොහෙන්ද ආවේ කින්ද මන්ද අහල , බෝතලයක් , සිගරැට එහම් නැත්ද කියල ඇහුව . අපි කීව නැහැ කියල . ඒ ගමන , අපි යන්න දෙන්නේ ඕගොල්ලෝ රටට ඩොලර්ස් ගේන නිසා , කියල යන්න දුන්න
ReplyDeleteආවෙමි කියෙව්වෙමි රසිකගෙ blog ලිපිය
ReplyDelete'හැංගුණු දේවලුත් සිද්දියෙ තියෙනව'ය
වාගේ හැඟීමක් මයෙ හිත පෙළනවය
ටික දවසකින් සත්‍යය දැනගත හැකිය