
නොදන්නා මිතුරෙකු විසින් එවා තිබුණු ඊ-මේලයකින් කියවූ රුවන් වැකි කිහිපයක් කෙතරම් මගේ සිත ගත්තේ ද යත් ඒවා සහ ඒවායේ මගේ සිංහල අනුවර්තන මෙලෙස රසිකොලොජිය හරහා බෙදා ගැනීමට සිතුවෙමි.
මේවා විදෙස් ජාතිකයින් විසින් කියන ලද ඒවා වුවද, අපට ද කියවා අපට ම සිනා සිය හැකි වෙනු නිසැක ය!
| We hang the petty thieves and appoint the great ones to public office. -Aesop | අපි පොඩි හොරුන්ව එල්ලා මරා ලොකු හොරුන්ව අපේ නායකයින් ලෙස පත් කර ගන්නෙමු. |
| If we got one-tenth of what was promised to us, there wouldn't be any inducement to go to heaven. -Will Rogers | අපට දුන් පොරොන්දුවලින් 10%ක්වත් අපට ලැබුණේ නම් දිව්යලෝකයට යාමට කිසිදු අවශ්යතාවක් ඇති නොවනු ඇත. |
| When I was a boy I was told that anybody could become President; I'm beginning to believe it. -Clarence Darrow | මගේ ළමා කාලයේ ඕනෑම අයෙකුට රටේ ජනාධිපති විය හැකි බව කියවෙනු ඇසීමි. මා දැන් එය විශ්වාස කරමි. |
| Politicians are people who, when they see light at the end of the tunnel, they go out and buy some more tunnels. -John Quinton | දේශපාලකයින් යනු උමග කෙළවර ආලෝකය ඇති බව දුටු විට තවත් උමං මිලට ගන්නෝය. |
| Politics is the gentle art of getting votes from the poor and campaign funds from the rich, by promising to protect each from the other. -Oscar Ameringer | මේ දෙපිරිස එකිනෙකාගෙන් ආරක්ෂාකරන බවට පොරොන්දු දෙමින් දුප්පතුන්ගෙන් ඡන්දයද, පෝසතුන්ගෙන් මැතිවරණ වියදම් ද ලබා ගන්නා සියුම් කලාව දේශපාලනය නම් වේ. |
| I offer my opponents a bargain: if they will stop telling lies about us, I will stop telling the truth about them. -Adlai Stevenson, campaign speech, 1952 | මගේ විරුද්ධ අපේක්ෂකයින්ට මං හොඳ වාසිදායක යෝජනාවක් කරන්නවා. මා ගැන බොරු කියන එක නතර කරන්න. මං ඔවුන් ගැන ඇත්ත කියන එක නවත්වන්නම්. |
| A politician is a guy who will lay down your life for his country. -Tex Guinan | දේශපාලකයෙකු යනු රට වෙනුවෙන් ඔබේ ජීවිතය කැප කරන අයෙකි. |
| I have come to the conclusion that politics is too serious a matter to be left to the politicians. -Charles de Gaulle | දේශපාලනය යනු දේශපාලකයින්ට පමණක් භාර දී සීටීමට නොහැකි බැරෑරුම් දෙයක් බව මම නිගමනය කළෙමි. |
| Instead of giving a politician the keys to the city, it might be better to change the locks. -Doug Larson | දේශපාලකයින්ට නගරයේ යතුරු භාර දෙනවාට වඩා, අගුළු වෙනස් කිරීම යෝග්ය වේ. |
-රසිකොලොජිස්ට්
ප/ලි
ඔබට මේ ලයිස්තුවට එකතු කිරීමට දේ තිබේ ද?
මෙන්න මගෙන්-
1. ඕනෑම දේශපාලයෙකුට නියමිත මිලක් ඇත. ඒ මිලට වඩා ලන්සුවක් ආ විගස ඔහු හෝ ඇය විකිණෙනු ඇත.
-රසික සූරියආරච්චි
2. දේශපාලයෙකයින් අතරින් අන්ත දූෂිතයින් යනු රට, ජාතිය, ආගම යනාදී වචන නිතරම භාවිතා කරන අයයි.
-රසික සූරියආරච්චි
3. ඔබේ ළඟම මිතුරෙකු වුව ද දේශපාලකයෙකු නම් විශ්වාස නොකරන්න.
-රසික සූරියආරච්චි
(image: http://quoteseverlasting.com/quotations/category/inspirational-quotes/page/22/)