
තානාපති යනු තමන් ගේ රටේ ආණ්ඩුව වෙනත් රටකදී නියෝජනය කරන පුද්ගලායා ගේ තනතුරු නාමයයි. මේ සිරිත ආදී රජ කාලයේ සිටම පැවත එන්නකි.
එවකට "සිලොන්" නොහොත් නිකම්ම නිකං ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තානාපති සබඳතා ආරම්භ කර ඇත්තේ වසර 1949 දී ය. රටවල් ද්වයම අයත් වන්නේ පරණ බ්‍රිතාන්‍ය යටත් විජිතව තිබූ රටවල් නොහොත් පොදු රාජ්‍යය මණ්ඩලයට නිසා මේ තානාපති කාර්්‍යාල හැඳින්වෙන්නේ මහ කොමසාරිස් කාර්යාල යනුවෙනි. තානාපති ලා ගේ නිල නාමය වන්නේ, මහ කොමසාරිස් යන්නයි.
ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඕස්ට්‍රේලියාවේ අගනුවර වන කැන්බරා නුවර පිහිටා ඇත. මා එහි ගොස් නැති නමුත් මීට වසර එකොලහකට පමණ ඉහත එක් දිනයක දුරකතනයෙන් අමතා ඇත්තෙමි.
ශ්‍රී ලංකාවේ, ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය මා දන්නා කාලයේ පිහිටා තිබුණේ, කෞතුකාගාරය ඉදිරිපිට දැන් එක් කූප්‍රසිද්ධ නිවෙසක් තනා ඇති යැයි පැවසෙන ස්ථානයේ ය. මා එම කාර්යාලයට පස් හය වතාවක් ගොස් ඇත්තෙමි.
ඕස්ට්‍රේලියාව සුවිශාල රටකි. එහි බටහිර කොනේ ඇති පර්ත් නුවර සිට නැගනෙහිර කොනේ ඇති සිඩ්නි නගරයට ඇති දුර කිලෝමීටර් හාරදහසක් පමණ වේ. මෝටර් රථයකින් ගමන් කරන්නේ නම් පැය 42 ක් එක දිගට ධාවනය කළ යුතුයි. ගුවනින් පැය පහකි. ලංකාවේ සිට සිංගප්පුරුවට ගුවනින් යාමට ගත වෙන්නේ පැය තුන හමාරක් පමණ බව සලකන විට මෙය කෙතරම් විශාල දුරක් දැයි වැටහේ.
එනිසා ම, කැන්බරා නුවර පිහිටි මහ කොමසාරිස්වරයාට අමතරව මෙල්බර්න් (වික්ටෝරියා ප්‍රාන්තය) සහ සිඩ්නි (නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය) යන නගරවලට තානාපතිවරුන් හෙවත් කොන්සල්ලා ද, ඇඩිලේඩ් (දකුණු ඕස්ට්‍රේලියානු ප්‍රාන්තය), බ්‍රිස්බේන් (ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය) සහ පර්ත් (බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රාන්තය) යන නගරවලට ගරු කටයුතු (හොනරරි) කොන්සල්ලා ද පත්කර ඇත.
පෙරකී කොන්සල් ලා යනු ශ්‍රී ලංකා රාජ්‍ය සේවයේ යුතු පිරිසකි. ඔවුන් ඒ නගරවල කාර්යාල පිහිටුවා ගෙන අනෙකුත් නිළධාරීන් හා රාජකාරී කටයුතු කරති.
ගරු කටයුතු හෙවත් හොනරරි කොන්සල්ලා යනු වේතනයට නොව සේවයක් ලෙස එම කාර්යය ඉටු කරන්නෝ වෙති. ඔවුන් බොහෝ විට වෙනත් රුකියාවක් කරන අය වේ.
මෑතක් වෙන තුරුම මෙල්බර්න් නුවර සිටයේ ගරු කටයුතු, එනම් වේතන නොලබන, කොන්සල්වරයෙකි. නමුත් හදිසියේම දැන් වසර දෙකකට පමණ පෙර ඒ නගරයට පුර්ණකාලීන වේතන ලබන කොන්සල්වරයෙක් පත්කර, ස්ථිර කොන්සල් කාර්යාලයක් පිහිටුවන ලදී.
මෙල්බර්න් නගරය වනාහී ඕස්ට්‍රේලියාවේ වැඩිම ශ්‍රී ලාංකික සම්භවයක් ඇති පිරිසක් වෙසෙන නගර නිසාත්, වෙළද කටයුතු, සහ සංචාරක කටයුතු බහුලව සිදුවෙන නිසාත්, සී ෂෙල්ස්, ස්වාසිලන්තය වැනි තැන්වල පවා තානාපති කාර්යාල පිහිටුවනු ලබන සමයක, මෙල්බර්න් නුවර ස්ථිර කොන්සල් කාර්යාලයක් පිහිටුවීම හොඳ වැඩක් සේ පෙණුනි.
නමුත් බළලා මල්ලෙන් එලියට පැන්නේ ඉන් පසුවය.
මෙල්බර්න් නුවර ප්‍රකාශයට පත් කෙරෙන සන්නස පුවත් පතේ පලවූ ලිපියකට සහ ඒ කාලයේ ලැබුණු විවිධාකාර පුවත් අනුව, මේ කොන්සල් කාර්යාලය පිහිටවීමේ එක් අරමුණක් වී ඇත්තේ රජ්ජුවරුන් ගේ රාජ්ජ සභාවේ ඇමෑත්තයින් ගේ ඥාතී හිතෛශීන් ලංකාවේ වියදමින් මෙල්බර්න් නුවර ජීවත් වීම සඳහා එවීම ය.
මේ කොන්සල් කාර්යාලය විවෘත කිරීම සඳහා එවකට ලංකාවේ විදේශ ඇමති ජී.ඇල්. පීරිස් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ ඕස්ට්‍රේලියාවට පැමිණි අතර, දඹුළු ගමනේ දී තලගොයි මරමින් මෙල්බර්න් නුවර ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ශාඛාවේ රැස්වීමක් ද පැවැත්වුණි.
තවමත් ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ධුරය දරමින් කැන්බරා නුවර වෙසෙන හිටපු නාවික හමුදාපති තිසර සමරසිංහ ගේ නිරුවත හෙළිවුනේ එදා ය! ඔහු ගේ පුකත්වය නම් ඊට කලින්ම හෙළි වී තිබුණි.
ඒ විස්තර වෙනම ලිපියකින් බලාපොරොත්තුවන්න.
එතෙක්, මා දන්නා පරිදි, දේශපාලන සම්බන්ධතා මත ඕස්ට්‍රේලියාවේ තානාපති සේවය සඳහා පත් කර ඇති අයගෙන් කීප දෙනෙකු ගේ නම් සඳහන් කරමි.
ලක්‍ෂ්මන් හුළුගල්ල –උප මහ කොමසාරිස්, කැන්බරා නුවර
ඔසඳ යාපා අබේවර්ධන -මෙල්බර්න් කොන්සල් කාර්යාලය
යසාරා අබේනායක -සිඩ්නි කොන්සල් කාර්යාලය
මෙවැනි තවත් පත්වීම් ගැන ගිය වසරේ දිනක අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේ කතාවක් කර තිබුණි.
මෙන්න ඔහු ගේ කතාව: https://www.youtube.com/watch?v=AIIHZnOPseQ
මෙන්න එහි දී නම් කළ දේශපාලන පත්වීම් ලයිස්තුව: http://offair.nethfm.com/article/2616
මෙල්බර්න් කොන්සල් කාර්යාලය පිළිබඳව ඩීබී කුරුප්පු ලියූු සන්නස පුවත් පතේ පළවූ "කපුටන්ට ආප්ප අරන් දීම" නම් ලිපියට මෙතනින් කියවන්න:
http://sannasa.sinhalajukebox.org/2013/Mar/2013Mar_page14.pdf
-රසිකොලොජිස්ට්
ප/ලි:
ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් තිසර සමරසිංහ ගේ "නිරුවත, පුකත්වය සහ තගරි" ගැන මීළඟ ලිපියෙන්.
(image: http://www.team-bhp.com/forum/post-war/43200-landmaster-ambassador-picture-gallery-60.html)