Saturday 24 January 2015

මහින්ද රාජපක්‍ෂ කෙරෙහි ඇති අන්ධ භක්තියෙන් තවමත් දුක් විඳින අපේ අංකල්ලා ගේ සහ ඇන්ටිලා - They deserve our sympathy!


මේ ලිපිය ලියන්නට ආසන්නම හේතුව වූ ඉහත චිත්‍රණය පසුගිය දිනයක ෆේස්බුක් අවකාශයේ හුවමාරු වූවකි. එහි නිර්මාතෘ හෝ මුලින් ම බෙදාහැරිය පුද්ගලයා "පොඩි එකා" නම් වේ.

ඒ කතාව කියන්නට පෙර යම් කරුණක් විස්තර කළ යුතුය.

"මැරුවත් යූඇම්පී", "මැරුවත් සිරිලංකා", "කැපුවත් ලේ කොල පාටයි", "කැපුවත් ලේ නිල් පාටයි" ආකාරයේ දේශපාලනික සත්වයින් බහුලව ලක් දෙරණේ සිටියේ කාලෙකට පෙර බව මගේ අදහසයි. පසු කලෙක දේශපාලුවන් කරන්නට පටන් ගත් ඒ පැත්තෙන් මේ පැත්තට, මේ පැත්තෙන් ඒ පැත්තට පක්‍ෂ මාරු නිසා එකී "මැරුවත් යූඇම්පී", "මැරුවත් සිරිලංකා" සත්ව ප්‍රභේද වල ගහණය මදින් මද අඩුවෙන්නට පටන් ගෙන ඇති වුව ද තවමත් උන් එන්ඩේන්ජර්ඩ් තත්වයට පත් වී නැත.

මේ අතර ඉහත කී "මැරුවත් යූඇම්පී", "මැරුවත් සිරිලංකා" සත්ව ප්‍රභේද දෙකේ දෙමුහුමකින් ඇති වූවා යැයි සැක කළ හැකි අළුත්ම සත්ව කොට්ඨාශයක් බිහි වී ඇති බව මට 2010 ජනාධිපති ඡන්දය කාලයේ සිට මදක් වැටහෙමින් තිබී මෙවර ජනාධිපති ඡන්දයේ දී ස්ථිර විය.

මේ නව ප්‍රභේදයේ දේශපාලන සත්වයින් හඳුනා ගත හැකි නිවැරදි ක්‍රමය නම් ඔවුන් අන්ධ භක්තියෙන් යුතුව තම නායකයා කරන වැඳුම් පිදුම් වේ.

පෙර කී පරිදි 2010 ජනාධිපති ඡන්දයේ දී මා මුලින් දුටු පරිදි මේ දේශපාලන සත්වයින් ගෙන් එක් පිරිසක් "අපේ රට ගලවා ගත් මහින්ද රාජපක්‍ෂට" අන්ධ භක්තියකින් වන්දනා මාන කරන්නට පටන් ගෙන සිටියහ. අනෙක් පිරිස, "අපේ රට ගලවා ගත් යුධ විරුවා සරත් ෆොන්සේකාට" අන්ධ භක්තියකින් වන්දනා මාන කරන්ට පටන් ගෙන සිටියහ.

මේ දෙවන සත්ව කොට්ඨාශය වසර පහකට පසුව වුවද තවමත් අඩු ගහණයකින් වුවද ජීවත් වෙති. ඒ අතර, පෙර කී මුල් සත්ව කොට්ඨාශය ගහණය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුවක් නොවී පසුගිය ජනාධිපති ඡන්දය දක්වාම ජීවත් වූහ.

* * *

ජනාධිපති ඡන්දයේ ප්‍රතිඵල නිකුත් වී අළුත් ජනාධිපති දිවුරුම් දීමෙන් පසු දිනක මම හිටපු ජනාධිපති ගේ රැව රුගත් චිත්‍රණයක් වත් පොතේ දැක එය මගේ මිතුරන්ට දැක ගන්නට බෙදා හැරියෙමි. එහි දැක්වුණේ වශී බෝල කරකවමින් ඡන්ද පොලේ සරණ මහින්ද රාජපක්‍ෂ ය.



ගුත්තිලයෙන් කවි ද උපුටා දක්වමින් මගේ එක් අංකල් කෙනෙක් එයට පිළිතුරු දෙමින් කියා තිබුණේ කෙලෙහි ගුණ නොදන්නා අය ගැන ආඬපාලියකි.

ඒ කවි මෙසේය.
කෙළෙහි ගුණ සින්දේ
මූසිල අන්ද මන්දේ
ජයෙහි ලොබ බැන්දේ
තමන් වීනා තත ද සින්දේ

අනුුවණ කම් කළේ
ගුරුන් ගුණ සිහි නොකළේ
නද ඉන් නොපතළේ
අයසමය මුළු දියත පතළේ
"අංකල් මොකක් ද මේ කියන්නේ? ගුත්තිල කාරයාත් වශී බෝල දෙකක් දෑතින් අරගෙන, මූසිල ගේ රූඩකයක් එක්ක ද වීනා වාදන තරගයට ගියේ?" මම විමසුවෙමි.
"The contention was to stress on the malicious and the vindictive manner in which some of the propaganda against national leaders, was disseminated, in the electronic media in recent times. It is very convenient to criticise. Some seem to be in the opinion that they are hearing and seeing human weaknesses and l lapse for the first time in history. The question is who will cast the first stone at the sinner!"

කා හටත් වරදී
ඉන් දොස් කීම වැරදී
මා හට නොවරදී
කියන දන හට නිතර වරදී
අංකල් පවසා තිබුණි.

පසුගිය සමයේ රූපවාහිනිය සහ අයිටීඑන් එක පමණක් බලමින් සතුටු සිතින් සිටි අපේ අංකල් කෙළෙහි ගුණ සලකා ලද පරාජයෙන් දුක්ඛිතව සිටින බව පෙනුණු නිසා මම තුවාලය නො පාරවා නිහඬ වුණෙමි.

වත් පොත් දැක මා ඊලඟට මිතුන් අතරේ බෙදා ගත් මේ ආකාරයේ ම ඡායාරුපය ඒ දිනවල පරාජිත ජනාධිපති විසින් කරමින් තිබූ ජාතිවාදී ප්‍රකාශවලට යම් පිළිතුරක් සපයා තිබුණකි.



එය දුටු අපේ ඇන්ටි කෙනෙක් මෙලෙස ප්‍රතිචාර දක්වා තිබුණි.
"නිදහස් අධ්‍යාපනය ලබා දුන් කන්නංගර මැතිඳුන්ටත් පරාජය සහ අවලාද දුන් අපේ ම සිංහලයින් තිස් වසරක කුරිරු යුද්ධයෙන් රට බේරා නිදහස දුන් වීරයින්ට මොනවා නොකියයි ද?"
මේ ඇන්ටී ද, පසුගිය දිනවල රූපවාහිනිය සහ අයිටීන් එක බලමින් සිට කෙළෙහි ගුණ සලකන්නට ඡන්දය දී පරාජයේ තුවාල සහිතව දුකෙන් සිටින අයෙකි.

මගේ පිළිතුර වූයේ මෙයයි.
"කන්නංගර කියන්නේ ජාතිවාදී, දූෂිත, ජනඝාතක, වශී බෝලකාර, චෞරයෙක් කියා මා නම් විශ්වාස කරන්නේ නෑ!"
මේ පැන්ෂන්ලාභී, බණ දහමින් දැහැමෙන් සෙමෙන් කල් ගත කරන, ඇන්ටිලා ගේ අංකල් ලා ගේ සිතුම් පැතුම් මට තරමක් හෝ තේරුම් ගත හැක. අන්ධ භක්තියක ගැලී සිටින ඔවුන්ට මම අවංකවම අනුකම්පා කරමි.
නමුත් ඊලඟට සිදුවූයේ නම් මා නොසිතූ දෙයකි.

ඒ මේ චිත්‍රණය සම්බන්ධයෙනි.



එයට ප්‍රතිචාරක් දක්වන මගේ සම වයස් ප්‍රමාණයේ පසුවන ඇන්ටි කෙනෙක් මෙසේ කීවාය.
"What is the purpose of doing this type of things dear Rasika? To whom you are working for?"
මා ඇයට ලියූ පිළිතුරේ සිංහල අනුවාදය මෙලෙස දැක්විය හැක.
"ඔබ සිතුවේ මේ චිත්‍රණය මා නිමවූ එකක් කියාද? එය මා වත් පොතේ දැක අන් අය සමග බෙදා ගත්තේ යම් කිසි හේතුවක් ඇතිවයි.

පසුගිය දශවසරක මහින්ද රාජපක්‍ෂ සාප කාලය තුල ලංකාවේ ඔඩු දුවා ගිය පිළිකා දෙකක් වේ. එහි බලපෑම තව සෑහෙන කාලයක් සමාජයේ පවතිනු ඇත.

ඉන් පළමුවන්න නම්, මහින්ද රාජපක්‍ෂ විසින් රටේ පැවැත්මට අදාල තීරණ ගැනීමේ දී නීර්ණායකයක් ලෙස භාවිතා කළ යන්තර, මන්තර, හදි හූුනියම්, වශී බෝල සහ ජ්‍යෝතිශ්‍යයවැනි දේ ය. දෙවැන්න නම් කාල්පනික ලෙස දේශාභිමානී ලෙස පෙනෙන නමුත් තර්කාන්විතව බලන කළ මුග්ධත්වයේ ප්‍රතිමූර්තියක් බඳුව වූ ලෝකයේ අනෙකුත් රටවල්වලට ඇති කළ විරුද්ධාකල්පයයි.

විමලසේන යනු ඒ දෙවැන්න ප්‍රවර්ධනය කරමින් හැසිරුණු මුගටියා ය.

ඉහත චිත්‍රණය පසුගිය රජය විසින් ගෙන ගිය පෙර කී නින්දිත ක්‍රියා ද්වයම කදිමට සමච්චලයට ලක් කරයි."
එයට ඇයගේ පිළිතුර වූයේ මෙයයි.
"I don't know what to say but I totally disagree with you Rasika. You have left this country about 20 years now. Actually you people don't know what is going on here and what has happened to this country politically during last 20 years. Anyway I don't want to argue with you in this manner but I must say that we live in our country with proud, happy and peacefully after 2009 because of our President Mahinda Rajapaksa and country lovers (Upan Bimata Adaraya Karana) like Minister Wimal Weerawansa (Not Wimalasena)."
බඩගින්නේ සිටින කෙනෙකුට බණ කියා වැඩක් නැතුවා සේ ම, අන්ධ භක්තියෙන් තවමත් චෙෘරයින් වන්දනාමාන කරන අයෙකු සමග තර්ක කර පළක් නැත. සත්‍යාවබෝධය යනු තමන් ම වීර්යයෙන් කර ගත යුත්තකි.

එනිසා, "ස්තුතියි මිතුරිය" කියා මම නිහඬ වුණෙමි.

අන්ධභාවය සමච්චලයට ලක් කිරීම අමානුශික ක්‍රියාවකි. මේ අංකල්ලා ඇන්ටිලා සෑම දෙනාටම අපේ අනුකම්පාව හිමිවිය යුතුය.

-රසිකොලොජිස්ට්

34 comments:

  1. ඇන්ටිලා, අංකල්ලානම් කමක් නෑ කියමුකො. බුකියෙ ඉන්න සමහර 20-25 කෙල්ලො කොල්ලො?

    ReplyDelete
    Replies
    1. නලින් ද සිල්වා මුන්ගේ මොළ අන්තිමටම හේදුවා. අද දැක්කා එකෙක් කියනවා පුටුව කියන්නෙ මනසෙ නිර්මාණයක්ලු. ඒ ගොබ්බසේනට තේරෙන්නෙ නෑ පුටුව කියන්නෙ මනසෙ නිර්මාණයක් නෙවෙයි වඩුවෙක්ගෙ නිර්මාණයක් කියලා.

      Delete
  2. 20-25 කෙල්ලො කොල්ලො අන්ධානුකරණයට යොමු කිරීමේ සම්පූර්ණ වගකීම මහින්ද රාජපක්ෂ උන්නැහේගේය. ඔවුන්ගේ මොළ සෝදනු ලැබ ඇත. ගුරුත්වාකර්ෂණය අඩු වන්නේ උතුම් පොළවක් ඇති තැන්වල බව විශ්වාස කරන මෝඩයන් එක්ක කතා කිරීමෙන්වත් පලක් තියේවිද?

    ReplyDelete
  3. ඔබ හරි රසික. මොවුන් සියලුදෙනා (වයස් භේදයකින් තොරව) අති භයානක මොළ සේදීමකට ලක් කර ඇති බව පෙනේ. ඔවුන්ට හරි වැරැදද, පෙනෙන සත්‍ය තේරුම් ගැනීමට නොහැකි වන්නේ එබැවිනි. ඔබගේ ඉහත චායාරූපයේ සිටින විමලසේන ඉන් ඉදිරියෙන්ම සිටින මොළ සෝදන්නෙකි. මිනිසුන්ට යථාර්ථය වටහාගන්නේ කවදාද ?

    ReplyDelete
  4. ඕක ජානගත ප්‍රශ්නයක් විශේෂයෙන්ම සිංහලයන් සහ දකුණු ඉන්දියානුවන් මේ ගති ලක්ෂණ පෙන්වනවා.කොයි තරම් සාමය සංහිඳියාව ගැන කෑ ගැහුවත් යටි හිතින් ෆයිට් යුද්ද වලට ආසයි. යුද්දෙ නැතුව චන්දෙ නැතුව පාලු හිතෙන්නෙ ඒකයි .අනික් පැත්තෙන් අවුරුදු සිය ගානක් ප්‍රජාතන්ත්‍රවාදය භුක්ති වින්දත් ජනතා නියෝජිතයෙක් පත් කර ගන්නවට වඩා සරම අඳින වලියකදී ඒක ජොකා පේන්න උස්සන චන්ඩියෙක් එහෙමත් නැත්නම් රජෙක් තෝර ගෙන ඌ ලව්වා පාලනය වෙන්න ආසයි.බණක් කියද්දී උනත් පොඩි මැජික් කතාවක් කියල ජෝක් එකක් දැම්මේ නැත්නම් බණේ කිසි ගතියක් නෑ කියන සිංහල බොදුණුවන් දේවල් මහන්සි වෙලා සටන් කරල ලබා ගන්නවට වඩා ආශ්චර්යකින් ඉබේ පහල වෙනවට තමයි ආස.මහින්ද තමයි මේ ගොල්ලන්ගේ මේ යටි හිතට ටක්කෙටම සෙට් වුන කෙනා. මිත්‍යාව සහ දේශප්‍රේමී මායාව පාලන ක්‍රමය බවට පත් කර ගත් ෆැන්ටසි රාජාණෝ! ඉතින් අපි බහුතරයකට මහින්ද නැතුව පාලුයි!

    ReplyDelete
    Replies
    1. කාලෙකින් ඇත්තම ඇත්ත කියල හිතෙන කමෙන්ට් එකක් ඇනෝ...

      Delete
    2. එකම මතවාදයේ එල්බගෙන සිටීමෙන් අත්වන්නේ ප්‍රතිගාමිත්වයකි යන සරල සත්‍යය අවබෝධ කරගන්නට මට මගේ ජීවිත කාලයෙන් වසර 44 ක් පමණ ගතවුණා. අද මම සතුටුවෙනවා කාලීන අවශ්‍යතාව සහ ප්‍රමුඛත්ව පියවර කුමක්ද යන්න සලකා බලා දේශපාලන තීරණ ගැනීමට හැකිවීම ගැන.

      Delete
    3. මේ කමෙන්ට් එක දැකලා සතුටු වුණා. දැන් ඉන්නේ අර බ්ලොග් ලියන්න පටන් ගත්තු කාලේ හිටපු විචාරක නෙවෙයි, ඊට වඩා අනිවාර්යයෙන්ම පරිණත මනුස්සයෙක් වග පේනවා.

      Delete
    4. ++++++++++++++++++++++++++++++++++
      @Anonymous24 January 2015 at 20:47

      Delete
  5. කරන්න දෙයක් නෑ මේ ලංකාව නේ.. වේදිකාවේ සැරසිලි වලට තමා වැඩිපුර හිත යන්නේ

    ReplyDelete
  6. මේ රටෙන් 50% ගෝත්‍රිකයෝ. සුද්දා හෝදලා ගිය මොළ ටික බන්ඩාරණායක කිළුටු කලා.. උන්ගේ දරුවෝ ඒ දරුවන්ගේ අප්පච්චි ලේ වලින් හේදුවා. රසිකට මතක ඇති නේ ප්‍රභාකරන්ගේ පොඩි එකා මරපු එකට කතා කළා කියලා මාවත් මරන් කන්න හදපු උන්. මට තියෙන ප්‍රශ්ණය ඇත්තටම මුන් බෞද්ධද කියන එක.

    ReplyDelete
    Replies
    1. තවමත් සුද්දනට ආවඩන උන් ඉන්නවනේ අම්මපා.

      Delete
    2. සුද්දෝ නැත්නම්
      අපි තාමත්
      වැද්දෝය....

      Delete
    3. සුද්දන් හදපු කොම්පියුටර් එකක කී බෝර්ඩ් එකකින්, සුද්දන් හදපු ඉන්ටර්නෙට් එකේ, සුද්දා හදපු බ්‍රෝඩ්බෑන්ඩ් භාවිතා කරමින්, සුද්දන් නිකම් දීපු ඉඩේ ලියන අපි සුද්දන්ට ආවැඩීමේ වරද කවුරු හරි මට කියලා දෙනවද?

      Delete
    4. //සුද්දෝ නැත්නම්
      අපි තාමත්
      වැද්දෝය....//
      පට්ටම පට්ට ඇත්ත

      Delete
  7. හා හා බලාගෙන අර මහ පුක කළුවා මේක දැකලා ආයෙත් කියයි රසික නමැති ඕස්ට්‍රේලියානුවා අපේ ෆැන්ටසිය බිඳ දමන්න එනවා කියා.

    ReplyDelete
  8. අපේ ඔපීසියේත් ඔය වගේ බයිසන් වංශිකයෝ සැට් එකක් ම ඉන්නවා. මොනා කරන්නද. පවට වින් දෙන්න බැහැනේ. උන් ඇත්ත තේරුම් ගන්නේ නැහැ. ඒ හින්ද උන්ට ඇත්ත තේරුම් කරන්න අපේ කාලේ නාස්ති කරන්න ඕනත් නැහැ.

    අපේ යුතුකම අපි ඉෂ්ට කළා.

    ReplyDelete
  9. මහින්ද නැතුව පාළුයි.

    ඒ මදිවාට මාරයාත් නෑ, අබීතයාත් නෑ. වීරක්කොඩියාත් නෑ. ඔක්කෝම ගිහිල්ලා.

    ReplyDelete
    Replies
    1. මහ පුක කලුවා කියලා නමින් වත් එන්න බැරි නපුංසකයා වීරක්කොඩි කියන වෛද්‍යවරයා තමයි.

      Delete
  10. නව සන්ධානයකින් මහින්දට ඇරයුම්!

    මනෝඡ් අබයදීර

    ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට ප්‍රධාන පෙළේ දේශපාලන පක්‍ෂ කිහිපයක්‌ ඒකාබද්ධව නව සන්ධානයකින් ඉදිරිපත්වීමට මේ දිනවල සාකච්ඡා ආරම්භ කර තිබෙන අතර ඊට එක්‌වන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ආරාධනා කර ඇතත් ඊට මෙතෙක්‌ හිටපු ජනාධිපතිවරයා නිශ්චිත පිළිතුරක්‌ ලබාදී නොමැත.

    ම. එ. පෙ, ජා.නි. පෙ., කොමියුනිස්‌ට්‌, සම සමාජ පක්‍ෂ හා පිවිතුරු හෙළ උරුමය මේ සඳහා ප්‍රමුඛතාවය ගෙන තිබේ. වාසුදේව නානායක්‌කාර මහතාගේ සහයද මේ සඳහා හිමිවන බව සඳහන්ය.

    හිටපු ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාවද මෙම සන්ධානය සඳහා එක්‌කර ගැනීමට අපේක්‌ෂා කරන බව මේ පිළිබඳ එකී ආරංචි මාර්ග සඳහන් කරයි.

    ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකුගේ සහායද හා විශ්‍රාමික හමුදා ප්‍රධානීන් ගණනාවක්‌ද අපේක්‌ෂකයන් ලෙස එම සන්ධානයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ද ආරංචි මාර්ග සඳහන් කරයි.

    ReplyDelete
  11. රට වෙනුවෙන් අඬන බව පෙන්වුවත් ඔබ මවුබිමට ආදරෙයිද?
    http://mahakalu.blogspot.com/2015/01/fucking-sons-of-mother-sri-lanka.html

    ReplyDelete
    Replies
    1. අන්න මහ පුක කලුවා ආවා. එක පාරටම එන්නෙ නෑ. පෙරේත තටුවක් පෙන්නලා පොඩ්ඩක් එහාට මෙහාට කරන කොට පෙරේතයෙක් වගේ එනවා.

      Delete
  12. සමහර වෘත්තීයවේදියෝ රාජපක්‍ෂ රෙජිමයෙන් වරප්‍රසාද ලබා නිර්ලජ්ජිත ලෙස තම වෘත්තිකත්වය පාවාදෙනුලැබීම නිසා ඉතාමත් සෝචනීය ඉරණම් වලට මුහුණ දුන් වෘත්තීයවේදියෝ බොහෙමයක් මේරෙජිමේ පරාජය ප්‍රාර්තනා කලරමින් කල්මරමින් සිටියහ. කතා කිරීමට තියා මෙවැනි බොලොග් එකක ඇනෝකොමෙන්ටුවක් වත් දැමීමට මමද බියවීමි. කෙසේ වෙතත් දින 100න් පසු (පනත් ටික සම්මතවු පසු නියම නමින් කොටමි)

    ReplyDelete
    Replies
    1. හිතුවාටත් වඩා ඉතා භයානක තත්වයක් නේ තිබිලා තියෙන්නේ!

      Delete
  13. අඩුම ගානේ යන්තර මන්තර කාරයෝ ටික එලිවුන එකවත් ඇති.
    http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/15500-they-deserve-our-sympathy

    ReplyDelete
  14. @ All
    කියවූ, කමෙන්ට් කළ, සියළු දෙනාටම ස්තුතියි!

    ReplyDelete
  15. කවදාවත් තේරුම් කරන්න බැරි සෙට් එකක් ඉන්න බව නම් ඇත්ත. වැඩිය දුර යන්න  ඕනේ නැහැ මට මේ අත්දැකීම තියෙන්නේ මගේම පවුලේ අය සම්බන්ධයෙන්.

    රාජපක්ෂ යටතේ බඩුමිල දරාගන්න බැරි තරම් වැඩිවෙලා - ඔව් ඇත්ත
    ලෝක වෙළදපොලේ කොච්චර අඩු වුනත් ඉන්ධන මිල අඩුවෙන්නේ ඡන්දෙට විතරයි - ඔව් ඇත්ත
    බස් ගාස්තු වැඩි වෙලා - ඔව් ඇත්ත
    කෝච්චි හැමදාම පරක්කුයි. නිලධාරීන් කිසිම දෙයක් කරන්නේ නැහැ - ඔව් ඇත්ත
    ගමනාගමන ඇමති ගෑනු ගැන කියනවා විතරයි - ඔව් ඇත්ත
    රාජපක්ෂ පුතුන් කෝටි ගන්න නිරපරාදේ වියදම් කරනවා - ඔව් ඇත්ත
    නාමල් රාජපක්ෂ වැඩිහිටියෙකුට කතා කරන්න දන්නේ නැහැ, ප්‍රසිද්ධියේ කියන්නේ මෝඩ කතා - ඔව් ඇත්ත
    නීතිය පිරිහිලා, නීතිය කියන්නේ රාජපක්ෂ වෙලා - ඔව් ඇත්ත
    රජයේ සේවය අන්තිම අකාර්්‍යක්ෂමයි - ඔව් ඇත්ත
    රටේ පාරවල් හැදුවට, ලොකු ප්‍රොජෙක්ට්ස් කරාට ඒ කිසිම එකකින් සැලකිය යුතු ආදායමක් එන්නේ නැහැ - ඔව් ඇත්ත
    එහෙනම් අපි වෙන කෙනෙක් පත් කර ගමු
    අපෝ බෑ....... එයා පැරදුනොත් රට ආයෙත් කොටියට යනවා, පව් රට බේරගත්ත මහින්දට එහෙම සලකන්න හොඳ නැහැ. අනිත් එක රනිල් හරි වෙන කෙනෙක් හරි ආවොත් වෙනසක් වෙයි කියන්න පුළුවන්ද?
    ඉතින් දැන් හොදක් වෙලා තියෙනවද

    රාජපක්ෂ යටතේ බඩුමිල දරාගන්න බැරි තරම් වැඩිවෙලා - ඔව් ඇත්ත
    ලෝක වෙළදපොලේ කොච්චර අඩු වුනත් ඉන්ධන මිල අඩුවෙන්නේ ඡන්දෙට විතරයි - ඔව් ඇත්ත
    බස් ගාස්තු වැඩි වෙලා - ඔව් ඇත්ත
    කෝච්චි හැමදාම පරක්කුයි. නිලධාරීන් කිසිම දෙයක් කරන්නේ නැහැ - ඔව් ඇත්ත
    ගමනාගමන ඇමති ගෑනු ගැන කියනවා විතරයි - ඔව් ඇත්ත
    රාජපක්ෂ පුතුන් කෝටි ගන්න නිරපරාදේ වියදම් කරනවා - ඔව් ඇත්ත
    නාමල් රාජපක්ෂ වැඩිහිටියෙකුට කතා කරන්න දන්නේ නැහැ, ප්‍රසිද්ධියේ කියන්නේ මෝඩ කතා - ඔව් ඇත්ත
    නීතිය පිරිහිලා, නීතිය කියන්නේ රාජපක්ෂ වෙලා - ඔව් ඇත්ත
    රජයේ සේවය අන්තිම අකාර්්‍යක්ෂමයි - ඔව් ඇත්ත
    රටේ පාරවල් හැදුවට, ලොකු ප්‍රොජෙක්ට්ස් කරාට ඒ කිසිම එකකින් සැලකිය යුතු ආදායමක් එන්නේ නැහැ - ඔව් ඇත්ත
    එහෙනම් අපි වෙන කෙනෙක් පත් කර ගමු
    අපෝ බෑ........ මහින්ද තමා අපේ සදාකාලින ජනාධිපති

    ReplyDelete
    Replies
    1. තව දුරටත් අනුකම්පා කරමු!

      Delete
  16. රසිකොලොජිස්ට්ට ප්‍රශ්ණ පෙළක්. උගේ උත්තර මෙන්න

    උඹ අවජාතකයි කියන්නෙ ඇත්තද? ඔව් ඇත්ත.
    බල්ලෙක් වගේ කන්නයි බොන්නයි රෙන්නයි තිබුනම උඹට ඇතිද? ඔව් ඇති.
    රටට හෙන ගැහුවත් තෝ පො>>> නිසා අවුලක් නැද්ද? අප්පේ නෑ.
    පැට්‍රොල් ගණන් අඩු කරපුවාම යහ පාලනයද? ඔව් අවුල්ද?
    තෝ බොන්නෙ පැට්‍රොල්ද? නෑ පුන්නක්කු. පැට්‍රල් පස්ස පැත්තට ගහ ගන්නවා.

    ReplyDelete
    Replies
    1. රට = මහින්ද රාජපක්ෂ කියන නියාමය මොලෙන් දෙවුම් කරලා හිතන්න පුරුදුවෙමු

      Delete
  17. "බඩගින්නේ සිටින කෙනෙකුට බණ කියා වැඩක් නැතුවා සේ ම, අන්ධ භක්තියෙන් තවමත් චෙෘරයින් වන්දනාමාන කරන අයෙකු සමග තර්ක කර පළක් නැත. සත්‍යාවබෝධය යනු තමන් ම වීර්යයෙන් කර ගත යුත්තකි."

    ඔව්....චෞරයෝ හැම අතකම.
    කවදාද මුං ගෙන් ගැලවෙන්නේ.....
    කවදාද සත්‍යාවබෝධ කරගන්නේ....

    හැමදාම තට්ටු මාරුවද ආයිබං....

    ReplyDelete
  18. මේක මටත් තියෙන පුරස්නයක්..මම මේක ලගින් යන මෙව්වා එකක් ගැන ලිපියක් ලිව්වා.පොඩ්ඩක් බලලා අදහසක් දෙන්න
    http://maliyagesatahana.blogspot.com/2015/03/blog-post_18.html

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.