Wednesday 1 July 2015

ඩ්‍රයි ජුලයි හෙවත් පිං අතේ වැඩ! - Dry July in blogging


මුස්ලිම් ආගමේ අයට තම ආදායමින් නියමිත ප්‍රතිශතයක් අනිවාර්යෙන් ම දන් දෙන්නට යැයි උපදෙසක් ඇති බව මා අසා ඇත.

දානය යනු බුද්ධාගමේ ද පින් රැස් කිරීමේ එක් ප්‍රධාන ක්‍රමයකි. දස කුසලින් එකක් යැයි ද, දස පාරමිතාවෙන් එකක් යැයි ද කියවේ. තමන්ගේ ආදායමෙන් යම් නිශ්චිත කොටසක් පුණ්‍ය කටයුතු සඳහා යොදවන්නැයි උපදෙසක් සිඟාලෝවාද සූත්‍රය හෝ එවැනි තැනක ඇති යැයි මා සිතා සිටියද එය එසේ නොවේ. එහි ඇති උපදෙස වෙන්නේ ආදායමෙන් හතරෙන් එකකින් ජීවත් වී, තවත් හතරෙන් එකක් ඉතුරුකර, ආදයමෙන් අඩක් ආයෝජනය කිරීමටයි.

මගේ ද්විත්ව පුරවැසිකම ඇති ලංකාව ද, ඕස්ට්‍රේලියාව ද, මේ පිං අතේ වැඩවලින් ඉහළින් ම සිටින රටවල් වීම ආඩම්බරයට කරුණකි. එසේම අපේ සිංහල සයිබර් අවකාශයේ සැරිසරන යාත්‍රිකයින් ද පින් අතේ වැඩවලට කැමති බව නොරහසකි. එයට හොඳම උදාහරණය නම් පසුගිය දිනවල අවසන් වුණු අමුමිරිස් චැලේන්ජ් ව්‍යාපෘතියයි.

ඕස්ට්‍රේලියාවේ වෙසෙන පින් අතේ වැඩවලට කැමති අයට ඒ සඳහා උපයෝගී කර ගැනීමට ඇති මාර්ග රාශියකි. ජාත්‍යන්තරව කටයුතු කරන සේව් ද චිල්ඩ්රන්, ෆ්‍රෙඩ් හොලෝස් ෆවුන්ඩේෂන්, ඔක්ස්ෆෑම්, ඇමනෙස්ටි ඉන්ටර්නැෂනල් වැනි පුණ්‍යායතනවලට මුදල් පරිත්‍යාග කළ හැක. දේශියව ක්‍රියාත්මක වෙන, සැල්වේෂන් ආමි, සෙන්ට් වින්සන්ට් ද පෝල්, ඔපොචුනිටි ඕස්ට්‍රේලියා වැනි ආයතන රාශියක් ද ඇත. මීට අමතරව, අපේ පුණ්‍ය කටයුතු සඳහා මිනිසාට වැළදෙන හැම රෝගාබාධයක් සඳහාම වාගේ හාට්, බ්‍රෙස්ට් කැන්සර්, මල්ටිපල් ස්ක්ලෙරොසිස්, ලියුකේමියා, චිල්ඩ්රන්ස් කැන්සර් වැනි පුණ්‍යායතන ද, සත්ව හිංසනයට එරෙහිව කටයුතු කරන ආයතන ද පිහිටුවා තිබේ.

ලංකාවේ විවිධ පුණ්‍ය කටයුතු කරන ආයතනද සංක්‍රමණිකයින් විසින් පිහිටුවා ගෙන ඇත. මා වාර්ෂිකව සම්මාදම් වෙන එවැනි එක් ආයතනයක් නම් "ලක් සවිය පදනම"යි.

මේ බොහෝ අයතනවලින් වසරේ තෝරාගත් කාලවල මුදල් එකතු කිරීමේ විවිධ වැඩසටහන් පවත්වති.

මා මුලින්ම කොණ්ඩය බූ ගෑවේ "ලියුකේමියා පදනම" සඳහා ආධාර මුදල් එකතු කිරීමට පැවැත්වෙන වැඩ සටහන සඳහා ය. අපේ දියණිය මේ සඳහා සිය කොණ්ඩය රතු පැහැ ගැන්වූවාය. ඇය ඊට කලින් සහභාගී වී ඇති එක් වැඩසටහනක් නම් ෆෝටි අවර් ෆෙමීන් නමැති පැය හතළිහක් එක දිගට නිරාහාරව සිටීමයි.

නොවැම්බර් මාසය පුරා පැවැත්වෙන තම උඩුරැවුල වැවීමේ මොවැම්බර් වැඩසටහනට ද මම වරක් දෙවරක් සහභාගී වුණෙමි. මොවැම්බර් අරමුදලට ලැබෙන ආධාර යොමු කෙරෙන්නේ ප්‍රොස්ටේට් පිළිකා, වෘෂණ කෝෂ පිළිකා, මානසික රෝග යනාදී පිරිමින් ගේ සෞඛ්‍ය සේවා වෙනුවෙනි.



මෙවැනි පුණ්‍යාධාර වැඩසටහන්වලට ඔබ සහභාගීවන විට කළ යුත්තේ, ඔබේ සම්මාදම සහ ඔබට සහය දක්වන මිතුරන්ගෙන් එකතුවෙන මුදල් අදාළ පුණ්‍යායතනයට යොමු කිරීමයි.

වසරකට වරක් තෝරාගත් සිකුරාදා දිනවලට මුදල් එකතු කෙරෙන රෙඩ් නෝස් ඩේ, ජීන්ස් ෆෝ ජීන්ස් ඩේ, ඩ්‍රැෆඩිල් ඩේ, පින්ක් රිබන් ඩේ, ඕස්ට්‍රේලියාස් බිගස්ට් මෝනින් ටී යනාදී අනේකවිධ පුණ්‍ය කටයුතුවලට සහභාගී වීමට ද අපට අවස්ථාව ලැබේ.

දිනපතා අඳින පාසල් යුනිෆෝමය වෙනුවට එක් දිනක් ඕනෑම ඇඳුමක් ඇඳ ඒ වෙනුවෙන් අඩු වශයෙන් ඩොලරයක් දන් දීමට හැකිවෙන "මෆ්ටි ඩේ" ව්‍යාපෘති මෙරට පාසල්වල වසරකට දෙතුන් වරක් ක්‍රියාත්මක වේ.

කාර්යාල සේවකයින් සාමාන්‍යයෙන් තද පැහැති කලිසම් සහ ලා පැහැති කමිස හැඳ ටයි කෝට් දමා සේවයට ගිය ද, සතියේ සිකුරාදා දිනට ඩෙනිම් සහ පාට කමිස ඇඳීමේ සිරිතක් සමහර කාර්යාලවල පවතී. මේ කැෂුවල් ෆ්‍රයිඩේ සිරිත ඉදිරියට ගෙන යමින් එලෙස සැරසී එන අයට ඩොලරයක් පරිත්‍යාග කළ හැකි පුණ්‍ය අරමුදලක් මම අපේ කාර්යාලයේ 2013 වසරේ ඇරඹූවෙමි.



වසර අවසානයේ එකතු වූ මුදල කැටරැක්ට් හෙවත් ඇසේ සුද මතුවීමේ රෝගයෙන් පෙළෙන අයට පෙනීම ලබා දීම අරමුණු කරගත් ෆ්‍රෙඩ් හොලෝව්ස් අරමුදලට බැර කළෙමු.

මේ කැෂුවල් ෆ්‍රයිඩේ පුණ්‍ය අරමුදලේ දෙවෙනි අදියර අපේ කාර්යාලයේ මේ දිනවල සිදුවේ. වසර අවසානයේ එයින් ලැබෙන මුදල් පිළිකා රෝගයෙන් පෙළෙන දරුවන්ට සහන සැලසීම සඳහා අරඹා ඇති අරමුදලට බැර කිරීමට නියමිතය.

මා මේ දක්වා සහභාගී වී නොමැති එක් පුණ්‍ය අරමුදලක් නම් "ඩ්‍රයි ජුලයි" ව්‍යාපාරයයි. ජූලි මාසය පුරා පැවැත්වෙන මෙහි අරමුණ වෙන්නේ, ඒ සඳහා එකතු වෙන අය මාසය තුළ මත්පැන් පානය නොකර සිට එමගින් ඉතුරු වෙන මුදල් පරිත්‍යාග කිරීමයි. ඒ සමගම තමන් ගේ මේ ව්‍යායාමය මිතුරන් අතරේ ප්‍රචලිත කර ඔවුන් ගේ ආධාර ලබා ගැනීම ද අපේක්‍ෂා කෙරේ. මේ පුණ්‍ය අරමුදලේ එකතුව පුණ්‍ය කටයුතු රාශියකට යොමු කෙරේ.

මේ ලිපිය ලියන්නට සිතුවේ අදින් ඇරඹෙන ජූලි මාසය තුළ මා සහභාගී වෙන්නට අදහස් කරන වෙනත් "ඩ්‍රයි ජුලයි" ආකාරයේ පින් අතේ වැඩක් ගැන ඔබට කියන්නයි.

අදින් ඇරඹෙන ජූලි මාසය තුළ රසිකොලොජියට අලුතෙන් ලිපි නොලියමි. ඉන් ඉතුරු වෙන කාලය වෙනත් පොදු වැඩකට යොමු කිරීමට අදහස් කරමි.

අගෝස්තු පළමුවෙනි දා නැවත හමුවෙන තුරු ආයුබෝවන්!

-රසිකොලොජිස්ට්

ප/ලි:
මා මේ ලිපියේ නමින් සඳහන් කර ඇති පුණ්‍යායතන, පුණ්‍ය අරමුදල්, පුණ්‍ය කටයුතුවලට අමතරව තවත් අටෝරාශියක් එවැනි දේ ඕස්ට්‍රේලියාවේ පිහිටුවා තිබේ. බොහෝ දෙනෙකු තම තම හැකි පමණින් ඒවාට උදව් උපකාර කරති.

එසේ වෙතත්, අප මෙහි ලබන ආදායමෙන් කරන ලොකුම පින්කම නම් දෙසතියකට වරක් ලැබෙන පඩි පතෙන් සැලකිය යුතු කොටසක් ආදායම් බදු ලෙස ෆෙඩරල් රජයට ගෙවමින් ඔවුන් කරන එක් වැදගත් පුණ්‍ය කටයුත්තක් වන "රයිගම් හන්දිය" බ්ලොග්කරුවා වැනි කැන්බරා අගනුවර වෙසෙන රජයේ සේවකයින් රැකබලා ගැනීමට සහය වීමයි!

45 comments:

  1. ඔබේ බ්ලොගය නොබලීමෙන් ඉතිරිවන කාලය පවුලේ සුබසිද්ධිය පිනිස යොදවමි

    ReplyDelete
    Replies
    1. එය මගේ මේ තීරණය නිසා ලැබෙන ප්‍රසාද ත්‍යාගයක් කොට සළකමි!

      Delete
  2. හෙක්! හෙක්!! හේ!!! රසික මැතිතුමනි, අපට පඩි ලැබෙන විදිහ සොයන්න වෙහෙසෙන්න එපා! ඒ කාලයත් පුණ්‍ය කටයුතු වලට යොදවන්න!

    ReplyDelete
  3. අර ජෝශප් බැරල් නම් නියම බැරල් එකක් වගේ.. හැක්. බ්ලොග් නොලියන කාලයෙන් ප්‍රයෝජනවත් වැඩක් කර ගැනීමට ලැබේවා! අගෝස්තු 1 වනදා හමුවෙමු.

    ReplyDelete
  4. මේ වගේ දේවල් වල සාර්ථක විදිය තමයි අපට යන වියදමක් අඩු කරල පරිත්‍යාගයක් කිරීම.(බොන සල්ලි දෙනව වගේ). බ්ලොග් ලිවිල්ල නැවැත්තුවම කීයක් හරි එනවද? නැත්තං ඒ කාලය මුදලක් එන වැඩකට යොදවනවද?

    ReplyDelete
    Replies
    1. අයිසෙ රාජ් දවසකටවත් සිගරට් බීම නවත්තන්න කල්පනාවක් නැද්ද?

      Delete
    2. අයිසේ මේ ලෙඩ නොදා ඉන්නවා..

      Delete
    3. QUOTE
      අදින් ඇරඹෙන ජූලි මාසය තුළ රසිකොලොජියට අලුතෙන් ලිපි නොලියමි. ඉන් ඉතුරු වෙන කාලය වෙනත් පොදු වැඩකට යොමු කිරීමට අදහස් කරමි.
      UNQUOTE

      Delete
    4. thanks boss well done

      Delete
  5. සුභ පැතුම් නැවත හමුවෙමු.

    ReplyDelete
  6. ලාභ අලාභ විස්තරය අගෝස්තුවේදී ලියන්න.

    ReplyDelete
  7. අවාසනාවකට වගේ යුරෝපා රටවල මේ වගේ දේවල් ක්‍රියාත්මක වෙන්නේ බොහෝම අඩුවෙන්..

    ReplyDelete
  8. ඇයි සිංහල බෞද්ධයන්ට විරුද්ධව ලියපුවහම ඔයාට හම්බවෙන ඩොලර් වලින් පුණ්‍ය කටයුත්තක් කරන්නකෝ. බ්ලොග් නොලියා සිටීමෙන් ඉතුරු වන කාලය වැය කර එච්චර මුදලක් හොයන්න බෑ නේද?

    ReplyDelete
    Replies
    1. QUOTE
      අදින් ඇරඹෙන ජූලි මාසය තුළ රසිකොලොජියට අලුතෙන් ලිපි නොලියමි. ඉන් ඉතුරු වෙන කාලය වෙනත් පොදු වැඩකට යොමු කිරීමට අදහස් කරමි.
      UNQUOTE

      Delete
  9. ආදායම් වියදම් විස්තරේ අගෝස්තු වල බලමු එහෙනං

    ReplyDelete
  10. ඕනවට වඩා පිං ඕනෙත් නෑ අප්පා

    ReplyDelete
  11. ඉතාම වටිනා ලිපියක් රසික සර්. මේ ලිපිය සිවිල් අයට ඉතාම වැදගත් බවයි මගේ හැඟීම. රසික සර් ගේ මේ ලිපියෙන් සිවිල් අයට පින් කරන හැටි ඉගෙන ගන්න පුළුවනි. ආමි එකේ අපට නම් අමුතුවෙන් පින් කරන්න ඕනැ නැහැ. අපි ආමි එකේ ඉන්න කාලෙදිම පින් කරලා තියෙන නිසා.

    කපිතාන් පීකිව්ආර්එස් SLA

    ReplyDelete
    Replies
    1. හරකෝ උඹ කපිතාන් කියලා ලියලා තියන එකෙන්ම අහුවෙනවා උඹ ආමි එකේ නොවෙන බව. හයියු බූරු මොටා.

      Delete
    2. තෑන්ක් යූ හයියු බූරු මොටා සර් ප්‍රතිචාරයට. අගය කරමි. ඒක නෙවෙයි සර්, සර්ට මේ වගේ නමක් දැම්මේ සර්ගේ අප්පච්චි වෙන්න ඇති.

      කපිතාන් පීකිව්ආර්එස් SLA

      Delete
    3. කපිතාන් පීකිව්ආර්එස් SLA

      අයිසෙ කැප්ටන්,

      තමුසෙ ඉස්සෙල්ල කැප්ටන් කියන එක සිංහලෙන් ලියන්න ඉගෙනගෙන හිටහන්. යකෝ ඕක ආමි එකේ විදිහට ලියන්නෙ "කපිතන්" කියල වල් බූරු හැත්ත. තොපි තමයි යකෝ අපෙත් ගෞරවයට කෙලින්නෙ පර බල්ල.

      ලුතිනන් කර්නල් ඊ.එම්.ආර්.බී. ඒකනායක
      RWP, RSP, psc, GR

      Delete
    4. අනේ සර් ලොකු වැරැද්දක් වුණේ. මට පනිශ් නොකර ශේප්මන්ට් එකක් දාන්න පුලුවන්ද ප්ලීස්. දැන් නම් පෝරියල් කාල ඇතිවෙලා තියෙන්නෙ.

      කපිතන් පීකිව්ආර්එස් SLA

      Delete
    5. බොහොම හොඳයි. කපිතන් පීකිව්ආර්එස්. මේ දැනුම මාත් එක්ක මැරිලා යන්න නොදී කොතැනක හෝ සටහන් කිරීම හොඳයි කියලා හිතුන නිසයි කමෙන්ට් ලිවීම පටන්ගත්තේ.

      ඉදිරියටත් මෙවැනි කමෙන්ට් එනවා.

      ලුතිනන් කර්නල් ඊ.එම්.ආර්.බී. ඒකනායක
      RWP, RSP, psc, GR

      Delete
    6. මචං රවීන්,

      ඕක ආමි එකේ විතරක් නෙමෙයි බන් දැන් මේ එයා ෆෝස් එකෙත් ඔහොම්මමයි. නොද්දකින් විතරක් මේ දැන් බැඳෙන එවුන් නම් අම්මපා.

      වින්ග් කමාන්ඩර් ආර්.එම්. පුලස්ති බණ්ඩාර රණබාහු
      RWP, RSP, USP, M Phil (Def & Start Stu), MSc (Def Stu) in Mgt, ndc, psc

      Delete
    7. අනේ දෙවියනේ මේ තරම් වටිනා උපදෙස් ලබන්න මම කොයිතරම් පින් කරල ඇත්ද? සර්ල දෙන්නටම බොහොමත්ම පිං. මේ උපදෙස් මට වගේම මේ ලිපි බලන සියලුම දෙනාගේ ජීවිතයට විශාල ආදර්ශයක්.

      කපිතන් පීකිව්ආර්එස් SLA

      Delete
    8. This comment has been removed by a blog administrator.

      Delete
    9. ඔබතුමාලා තලවාකැලේ නෙලුම් යාය උත්සවයට එන්න. එහිදී අප ඔබතුමාලට අපේ සැල්වෙසෝන් ආමි එකේ උත්තම ආචාර පෙළපාලියක් තියලා පිළිගන්නම් . අපිට රෙඩ් කාපර්ට් නැ මාගල් දාලා තමයි කරන්න වෙන්නේ . හැබැයි ඔය මුලක් ගායට හරියන පෙති/කරල් අරගෙන එන්න . කියන්න අවශ්‍යනම් ත්‍රි වීල් ඇම්බියන්ස්එකක් ලෑස්ති කරන්නම් .අපි හමුවෙමු තලාවකැලේ

      Delete
    10. ඔබතුමාලා තලවාකැලේ නෙලුම් යාය උත්සවයට එන්න. එහිදී අප ඔබතුමාලට අපේ සැල්වෙසෝන් ආමි එකේ උත්තම ආචාර පෙළපාලියක් තියලා පිළිගන්නම් . අපිට රෙඩ් කාපට් නැ මාගල් දාලා තමයි කරන්න වෙන්නේ . හැබැයි ඔය මුලක් ගායට හරියන පෙති/කරල් අරගෙන එන්න . කියන්න අවශ්‍යනම් ත්‍රි වීල් ඇම්බියුලන්ස් එකක් ලෑස්ති කරන්නම් .අපි හමුවෙමු තලවාකැලේ
      Reply

      Delete
    11. තලවකැලේ උත්සවයට මාගල් රැගෙන හෝ නැතිව එන ඔබ සැම අප සාදරයෙන් පිලිගන්නවා.
      - නෙලුම් යාය වෙනුවෙන්

      Delete
    12. අජිත් සර්,

      ඉතාම අගනා හාස්‍යජනක ආරාධනාවක්. අවංකව මේ ආරාධනාවට මම කැමැතියි.

      අජිත් සර්, සර්ගේ ඊ-මේල් අංකය ලබා දෙන්න පුළුවන්ද?

      කපිතන් පීකිව්ආර්එස් SLA

      Delete
  12. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  13. තට්ටේ ගාන එකෙන් ආධාර එකතු වෙන්නේ කොහොමද? එතකොට කොන්ඩේ පාට කරන එකෙන්?
    අර පැය ගානක් කන්නේ නැතුව ඉඳල ඉතුරු වෙන සල්ලි ටික පිනට දෙනවද?

    ඔය ඩ්‍රයි ජූලිය බ්ලොග් රංචුව අනුගමනය කලොත් හෙම හෙන ගානක් ඉතුරු වෙයි නේ?

    ReplyDelete
    Replies
    1. QUOTE
      මෙවැනි පුණ්‍යාධාර වැඩසටහන්වලට ඔබ සහභාගීවන විට කළ යුත්තේ, ඔබේ සම්මාදම සහ ඔබට සහය දක්වන මිතුරන්ගෙන් එකතුවෙන මුදල් අදාළ පුණ්‍යායතනයට යොමු කිරීමයි.
      UNQUOTE


      Delete
    2. If you are doing the donation (with your friends), what is the point of shaving your head etc.? Cant one just donate and be done with it?
      Or is it like a rally thing? You shave your head as a sort of an advertisement to increase the awareness?
      Or is it (I'm sorry to ask) an ego thing? Where you shave your head to show what a good Samaritan you are?

      Delete
  14. මගේ කමෙන්ට් එක නෑ,,, :(((


    ගොඩක් හොඳ වැඩක් ,, ඒ වගේම අර දෙපැත්තෙම රැවුල වවලා ඉන්න එකේ ඔයා භයානක පාටයි .

    ReplyDelete
  15. අගෝස්තුවේදී හමුවෙමු. හොඳ වැඩක් රසික. අපෙත් ඔය casual clothes day , pink day වගේ ඒවා තියෙනව.

    ReplyDelete
  16. you are exactly like my grandpa. long live mr rasika!

    ReplyDelete
  17. දවස් 7ක් මොකුත් ලියලා නෑ :(

    ReplyDelete
    Replies
    1. /* මේ ලිපිය ලියන්නට සිතුවේ අදින් ඇරඹෙන ජූලි මාසය තුළ මා සහභාගී වෙන්නට අදහස් කරන වෙනත් "ඩ්‍රයි ජුලයි" ආකාරයේ පින් අතේ වැඩක් ගැන ඔබට කියන්නයි.

      අදින් ඇරඹෙන ජූලි මාසය තුළ රසිකොලොජියට අලුතෙන් ලිපි නොලියමි. ඉන් ඉතුරු වෙන කාලය වෙනත් පොදු වැඩකට යොමු කිරීමට අදහස් කරමි.

      අගෝස්තු පළමුවෙනි දා නැවත හමුවෙන තුරු ආයුබෝවන්! */

      Delete
    2. ඔව් මයි .. කියෝලා ටිකක් කල් නිසා අමතක වුණා.. බ්ලොග් රෝල කියෝගෙන යන ගමන් ඇවිත් බැලුවේ,,, ඒක හොඳයි. සියළු යහපත් වැඩ සාර්ථක වේවා.

      Delete
  18. NOLIYAMA HITIYATH APATA MOKO

    ReplyDelete
  19. කවුද බන් මේ පප්ප මහත්තය, මං හිතුවෙ ඔස්ට්‍රේලියාවෙ ඉන්නව කිව්වම හොඳ පොෂ් පොරක් කියලනෙ. තට්ටයා...

    ReplyDelete
  20. රසික අයියේ,

    ඔබතුමා ආයෙ ලියන්න පටන් ගන්නෙ අගොස්තු නේද? ලියන්න ටොපික්ස් ටිකක් දෙන්නම්. මේ පිළිබඳ තමුන්නාන්සේ ගේ අදහස් දැනගන්න කැමතියි;

    01. අවුරුදු 17ක පාසැල් සිසුවෙක් ෆේස්බුක් එකේ ඉමේජ් හදපු වරදට අත් අඩංගුවට අරන් උසාවි දාල. අති බිහිසුණු ඒකාධිපතියෙක් මෙන්ම ලංකා/ ලෝක ඉතිහාසයේ දුර්දාන්තම පාලනය ගෙනගිය දුශ්ට මරා ගෙ කාලෙ මරාට මොනතරම් අපහාස කළාද? දැන් මර්ධනය වැඩි බවයි පේන්නෙ. අනෙක මේ පින්තූරෙන් කරල තියෙන්නෙ බොහොම අහිංසක පුංචි විහිලුවක් !

    02 සරසවි සිසුන් ගේ නිදහසට ගෝත්‍රික ගම්වාසීන්ගෙන් බාධා - ලින්ක් එක -

    http://gossip.hirufm.lk/5947/2015/07/5-campus-student-girl-unusual-activity-in-mahaweli-river.html

    - රසිකත් පේරා හිටපු කාලේ මේවගේ සිද්ධි අනන්තවත් කරල ඇතිනෙ. ඉතින් අපිට මේ ගැන විවේචනයක් සමගම මේ හා සමාන සිදුවීමක සටහනක් ඕන.

    03. මැතිවරණයට පෙර ඒ ගැන ඔබගේ අදහස් දැක්වීමක් අවශ්‍යයි. අතීත සිදුවීම් සමගම පැහැදිලිකර දක්වන්නේ නම් ඉතාම අනර්ඝයි.

    ස්තූතියි !

    ReplyDelete
    Replies
    1. //මැතිවරණයට පෙර ඒ ගැන ඔබගේ අදහස් දැක්වීමක් අවශ්‍යයි.//

      එළැඹෙන මහ මැතිවරණයේ අගමැති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට තේරී පත් වුවද ඔහුට අගමැති වීමේ හැකියාවක් නැතැයි ප්‍රවීණ ජෝතිර්වේදී නාත්තන්ඩියේ පී ඩී පෙරේරා මහතා කියයි.

      පසුගිය ජනපතිවරණයේ දී හිටපු ජනපති පරාජය වන බවත්, මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කරන බවත් කී ජෝතිර්වේදීන් අතර ඔහු ද කෙනකි.

      2010 ජනපතිවරණයෙන් සරත් ෆොන්සේකා මහතා පරාජය වන බව කී පී ඩී පෙරේරා මහතා ඉන් අනතුරුව නඩු විභාගය පැවති සමයේ ඔහුට හිරේ විලංගුවේ වැටීමට සිදු වන බවත්, ඉන් පසු ඔහුව නිදහස් කිරීමට සති කිහිපයකට පෙර ඔහු සිරකළ අය විසින්ම නිදහස් කරන බවත් කීවේය.

      පසුගිය පෙබරවාරියේදී ෆොන්සේකා මහතාට නැතිවූ සියලු වරප්‍රසාද 2015 අප්‍රේල් වන විට ලැබෙන බව ද පීඩී පෙරේරා මහතා කීවේය. පසුගිය මාර්තු මාසයේ අග ෆොන්සේකා මහතා ෆීල්ඩ් මාර්ෂල් ධුරයට උසස් කැරුණු අතර ඔහුට හිමිවූ විශ්‍රාව වැටුප ඇතුළු සියලු වරප්‍රසාද හිමි විය.

      මෙවර මහ මැතිවරණය ගැන පුවත්පතක සාකච්ඡාවකට එක් වූ පෙරේරා මහතා කීවේ එක්සත් ජනතා නිදහස් සන්ධානය මේ මහ මැතිවරණයේ දී නියත වශයෙන්ම පරාජය වන බවයි.

      එක්සත් ජාතික පක්ෂය තවත් පක්ෂ කිහිපයක් සමඟ ආණ්ඩු කරන බවත්, මහින්ද රාජපක්ෂ මහතාට අගමැති වීමේ කිසිදු හැකියාවක් නැති බවත් ඔහු කීවේය.

      මහ මැතිවරණයේ සන්ධානයේ කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන ප්‍රභලයකු ඇතුළු ප්‍රභලයන් කිහිප දෙනකු පරාජය වන බවත් ඔහු කීවේය.

      ඉදිරි මහ මැතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණේ බලය තරමක් වැඩි වනු ඇති බව ද පෙරේරා මහතා අනාවැකි පළ කරයි. මීට අමතරව උතුරු පළාත නියත වශයෙන්ම ද්‍රවිඩ සංධානය ජය ලබන බවත් නැගෙනහිර මුස්ලිම් පක්ශවල බලය ඉහල යන බවද ඒ මහතා ජ්‍යෝතිශ ශාස්ත්‍රානුකූලව පෙන්වා දුන්නේය.

      Delete
    2. //මැතිවරණයට පෙර ඒ ගැන ඔබගේ අදහස් දැක්වීමක් අවශ්‍යයි.//

      එළැඹෙන මහ මැතිවරණයේ අගමැති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට තේරී පත් වුවද ඔහුට අගමැති වීමේ හැකියාවක් නැතැයි ප්‍රවීණ ජෝතිර්වේදී නාත්තන්ඩියේ පී ඩී පෙරේරා මහතා කියයි.

      පසුගිය ජනපතිවරණයේ දී හිටපු ජනපති පරාජය වන බවත්, මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කරන බවත් කී ජෝතිර්වේදීන් අතර ඔහු ද කෙනකි.

      2010 ජනපතිවරණයෙන් සරත් ෆොන්සේකා මහතා පරාජය වන බව කී පී ඩී පෙරේරා මහතා ඉන් අනතුරුව නඩු විභාගය පැවති සමයේ ඔහුට හිරේ විලංගුවේ වැටීමට සිදු වන බවත්, ඉන් පසු ඔහුව නිදහස් කිරීමට සති කිහිපයකට පෙර ඔහු සිරකළ අය විසින්ම නිදහස් කරන බවත් කීවේය.

      පසුගිය පෙබරවාරියේදී ෆොන්සේකා මහතාට නැතිවූ සියලු වරප්‍රසාද 2015 අප්‍රේල් වන විට ලැබෙන බව ද පීඩී පෙරේරා මහතා කීවේය. පසුගිය මාර්තු මාසයේ අග ෆොන්සේකා මහතා ෆීල්ඩ් මාර්ෂල් ධුරයට උසස් කැරුණු අතර ඔහුට හිමිවූ විශ්‍රාව වැටුප ඇතුළු සියලු වරප්‍රසාද හිමි විය.

      මෙවර මහ මැතිවරණය ගැන පුවත්පතක සාකච්ඡාවකට එක් වූ පෙරේරා මහතා කීවේ එක්සත් ජනතා නිදහස් සන්ධානය මේ මහ මැතිවරණයේ දී නියත වශයෙන්ම පරාජය වන බවයි.

      එක්සත් ජාතික පක්ෂය තවත් පක්ෂ කිහිපයක් සමඟ ආණ්ඩු කරන බවත්, මහින්ද රාජපක්ෂ මහතාට අගමැති වීමේ කිසිදු හැකියාවක් නැති බවත් ඔහු කීවේය.

      මහ මැතිවරණයේ සන්ධානයේ කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන ප්‍රභලයකු ඇතුළු ප්‍රභලයන් කිහිප දෙනකු පරාජය වන බවත් ඔහු කීවේය.

      ඉදිරි මහ මැතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණේ බලය තරමක් වැඩි වනු ඇති බව ද පෙරේරා මහතා අනාවැකි පළ කරයි. මීට අමතරව උතුරු පළාත නියත වශයෙන්ම ද්‍රවිඩ සංධානය ජය ලබන බවත් නැගෙනහිර මුස්ලිම් පක්ශවල බලය ඉහල යන බවද ඒ මහතා ජ්‍යෝතිශ ශාස්ත්‍රානුකූලව පෙන්වා දුන්නේය.

      Delete
  21. //මුස්ලිම් ආගමේ අයට තම ආදායමින් නියමිත ප්‍රතිශතයක් අනිවාර්යෙන් ම දන් දෙන්නට යැයි උපදෙසක් ඇති බව මා අසා ඇත//

    ලංකාවේ ඉන්න මුස්ලිම් ජනතාවගේ විශේෂයෙන් මුස්ලිම් ව්‍යාපාරිකයන්ගේ වත්කම් සොයා බැලිය යුතුමයි ! වෙන මොකවත් නිසා නෙවයි, ලංකාවේ සතියේ දවස් 7ම දවසට පැය 12කට ආසන්න කාලයක් ව්‍යාපාර කටයුතු කරන ආයතන වලට වඩා සතියට දවස් 5ක් හෝ ඊට ආසන්න කාලයක් දවසට උපරිම පය 7ක් පමණ පොඩි රෙදි කඩයක් කරන මුස්ලිම් මිනිහගේ අදායම වැඩියි. අනිත් එක ඉස්සර මුස්ලිම් මිනිස්සු විවිධ ආයතන වල ජොබ් කර. දැන් එන්න එන්නම ජොබ් කරන මුස්ලිම් මිනිස්සු අඩුයි. ඒ උනාට හැම එකාටම හොදට සල්ලි තියෙනවා. කිසිම වැඩක් කරන්නේ නැ. ඒ මිනිස්සුන්ට එහෙම ජීවත් වෙන්න සල්ලි කොහෙන්ද? අරාබියෙන් සල්ලි දෙනවද? එහෙනම් ඒ සල්ලි වලට මෙයාල අරාබියට දෙන්නේ මොනවද? මේවා හොයල බලන එක ජාතිවාදයවත් ආගම්වාදයවත් නෙවයි.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.