බදුවලින් සහ මරණයෙන් ගැලවීමක් නැතිය කියා කියමනක් ඇත.
බදු යනු මිනිසා ශිෂ්ඨාචර ඇති කරගෙන ජීවත් වෙන්නට පටන් ගත් දින පටන් අර චක්කංව වහතෝ පදං යන ආකාරයට අප පසුපස ම එන හිසරදයකි.
මිනිසුන්ට ආණ්ඩු අවශ්‍යය. ආණ්ඩු කරන්නට මුදල් අවශ්‍යය. ආණ්ඩුවලට මුදල් ලැබෙන මූලික ක්‍රමය බදුය. ලංකාවේ ද එලෙසය. ඕස්ට්‍රේලියාවේ ද එලෙස ය.
ඕස්ට්‍රේලියාවේ බදු ක්‍රමය ඉතා සංඛීර්ණ එකකි. සමාගම් බදු, භාණ්ඩ සහ සේවා බදු, මුද්දර බදු, සුරා බදු, ඛනිජ තෙල් බදු, සුඛෝපභෝගී භාණ්ඩ බදු, වරිපනම් බදු, සෙෘඛ්‍ය බදු යනාදී බදු රාශියකි. ඒ සැම එකකටම වඩා ආණ්ඩුවට වැදගත් බදු වර්ගය වන්නේ පුද්ගල ආදායම් බදු ය. එනම්, පුරවැසියන් ගේ ආදායමෙන් අයකර ගන්නා බදු ය. එය ආණ්ඩුවේ සමස්ත බදු ආදායමෙන් තුනෙන් දෙකකටත් වැඩිය!
ඕස්ට්‍රේලියාවේ ආණ්ඩු ක්‍රමය ස්ථර තුනකින් ක්‍රියාත්මක වෙන බව මා කලින් දිනයක සඳහන් කළෙමි. පුද්ගල ආදායම් බදු අය කරනු ලබන්නේ ෆෙඩරල් ආණ්ඩුව හෙවත් කැන්බරා නුවර සිට ක්‍රියාත්මක වෙන මධ්‍යම රජය විසිනි.
රැකියාවක් කරන, තමන්ගේ ම ව්‍යාපාරයකින් මුදල් උපයන, දේපල විකිණීමෙන් ආදායමක් ලබන සෑම දෙනෙකුම පාහේ තමන්ගේ ඒ සමස්ත ආදායමෙන්, ඒ ආදායම් ලබා ගැනීමට කළ යම් යම් වියදම් අඩුකර ලැබෙන ශුද්ධ ආදායමෙන් යම් ප්‍රතිශතයක් මේ ආදායම් බද්ද ලෙස ගෙවිය යුතුවේ. ඉන් ගැලවීමක් ඇත්තේ අඩු ආදායම් ලබන හෝ ආදායම් බද්දෙන් නිදහස් දීමනා ලබන අයට පමණි.
මේ දිනවල බලපැවැත්වෙන ආදායම් බදු ප්‍රතිශතය මෙලෙස වේ.
මෙහි Taxable income යනුවෙන් අදහස් කෙරෙන්නේපුද්ගයෙකු ගේ වාර්ෂික ශුද්ධ ආදායමයි.
මේ අනුව, වසරකට ශුද්ධ ආදායම ඩොලර් 80,000 ක් ඇත්තෙකුට ආදායම් බදු ලෙස ඩොලර් 17,547 ක් ගෙවීමට සිදුවේ. එනම් අන් බදු ගැන මොහොතකට අමතක කළ විට තමන්ට ලැබෙන්නේ ඩොලර් 62,453 කි. ඔබේ ශුද්ධ ආදායම වර්ෂයකට ඩොලර් 160,000 ක් නම්, ඒ මූලික බදු බදු ගෙවූ පසු ඉතුරු වෙන්නේ ඩොලර් 112,843 කි.
මීට අමතරව, රජයෙන් ලැබෙන මූලික සෞඛ්‍ය පහසුකම් සඳහා ශුද්ධ ආදායමෙන් 2% ක් ද, ඉහල ආදායම් ඇති අයට අමතර 1.5% දක්වා ද බදු ගෙවීමට සිදුවේ. මේ සෙ+ඛ්‍ය පහසුකම් බදු ආදායම් මට්ටම හා පවුලේ සාමාජිකයින් සංඛ්‍යාව අනුව සහ ඔබ පුද්ගලික සෞඛ්‍ය රක්‍ෂණයක් ලබාඝෙන ඇති ද යන කරුණ මත වෙනස් වේ.
රැකියාවල නිරතවෙන අයට සති දෙකෙන් දෙකට පඩි ලැබේ. සේවායෝජකයා විසින් සේවකයා ගේ බැංකු ගිනුමට බැර කරන්නේ ආණ්ඩුවෙන් නියම කර ඇති ප්‍රතිශතයට අනුව බදු මුදල අඩු කර ඉතිරි මුදලයි.
රැකියාවක් වෙනුවට හෝ රැකියාවට අමතරව, ඔබ තමන්ගේම ව්‍යාපාරයක් කරන්නේ නම් තුන් මසකටම වරක් ආදායම්-වියදම් විස්තර ඉදිරිපත් කර, අවශ්‍ය පරිදි බදු මුදල් ගෙවිය යුතු වේ.
ඕස්ට්‍රේලියාවේ ආදායම් වර්ෂය, මේ වසරේ ජුලි පළමුවෙනිදායින් ඇරඹී, ලබන වසරේ ජූනි තිස් වෙනිදායින් අවසන් වේ. එතැන් සිට තෙමසක් ඇතුලත බදු ගෙවන සියළු දෙනා විසින් ගතවූ ආදායම් වර්ෂය සඳහා තම වාර්ෂික බදු සකසා ඉදිරිපත් කළ යුතුය.
බදු සැකසීම යනුවෙන් අදහස් කෙරෙන්නේ ඔබ ලද ආදායම උපයා ගැනීම සඳහා කළ වියදම්, දළ ආදායමෙන් අඩුකර, ශූද්ධ ආදායම ගණනය කිරීමයි. ඔබ ව්‍යාපාරයක් නොකරන, රැකියාවක් පමණක් කරන අයෙකු වුවද, ඒ ආදායම ලබා ගැනීම සඳහා කරන ලද යම් යම් වියදම් සීමාවන්ට යටත්ව අඩු කිරීමට මධ්‍යම රජයෙන් අවසර දී ඇත.
මෙවැනි වියදම් කිහිපයක් නම් කරනවා නම්:
- ප්‍රධාන රැකියා ස්ථානයේ සිට වෙනත් තැන්වලට යාමට තමාගේ වාහනයක් භාවිත කළේ නම් ඒ සඳහා යන වියදම
- රජයෙන් අනුමත ආයතනවලට දෙන පුන්‍යාධාර
- රැකියාවට අදාල අධ්‍යාපන කටයුතු සඳහා යන වියදමින් කොටසක්
- බැංකු ගාස්තු
එක්කෝ තමන් ම හෝ නැතිනම් බදු ක්‍රමය දන්නා ගණකාධිවරයෙකු ලවා තමන් ගේ ආදායම් වියදම් සකසා බදු කාර්යාලයට යැවූ පසු, තමන් ගේ ශුද්ධ ආදායම දළ ආදායමට වඩා තරමක් අඩු නම්, සමහර විට වසර පුරා සේවා යෝජකයා විසින් පඩියෙන් අඩුකරගෙන බදු කාර්යාලයට යැවූ මුදලෙන් සුළු කොටසක් ආපසු ලැබීමට ද ඉඩ ඇත.
ඒ ඉතා සරලව ඕස්ට්‍රේලියාවේ පුද්ගල ආදායම් බදු ක්‍රමය විස්තර කිරීමකි. යම් දිනක මෙරටට සංක්‍රමණය කරන අයට මේ කරුණු තරමක් හෝ ප්‍රයෝජනවත් වේ යැයි සිතමි.
-රසිකොලොජිස්ට්
(image: https://www.creditwritedowns.com/2015/02/tax-anticipation-notes-timely-alternative-financing-instrument-greece.html)
ඉතින් අපට පාන්ද?
ReplyDeleteඔව් ඩො
Deleteඅපේ පාන් අපිට පාන් හෙල්ගා පාන් තමයි ඩො මොකෝ ඉතින්
පාන් කෑමේ දුසිරිතෙන් ගැලවෙමු! - Limit your carb intake!
Deletehttp://rasikalogy.blogspot.com/2015/02/limit-your-carb-intake.html
හොඳ ලිපියක්. බදු ගැන මයියා එක්ක කල සංවාදයකදී ඔහුගේ පැහැදිලි කිරීම අනුව තමයි තේරුම් ගත්තෙ සෘජු බදු සහ වක්‍ර බදු ගැන. පේන විදියට දකුණු කුරු දිවයිනෙත් සෘජු ක්‍රමය ක්‍රියාත්මක වන බව පේනව. මේකෙ තියන වැදගත්කම තමයි තමන් උපයන මුදලින් කොච්චරක් බදු වෙනුවෙන් වැය කරන්න වෙනවද කියන එක තේරුම් ගැනීමට පහසු වීම. අපේ රටේ ඒ ගාන පෙනෙන්නේ නැති වීමත් එක අවුලක්.
ReplyDeleteතවත් ප්‍රශ්නයක්. අපේ රටේදි බොහොමයක් ගෙවීම් කෙලින්ම මුදලින් ගෙවනව. උදාහරණයක් විදියට පොල් කඩන කෙනෙකුට, නැත්තං මේසන් බාස් කෙනෙකුට..... ආදී වශයෙන් කරන ගෙවීම් වලින් කිසිදු බදු මුදලක් අයවන්නේ නෑ. ඕස්ට්‍රේලියාවෙදි මේ කේස් එක සිදුවෙන්නේ කොහොමද?
යකෝ 2 ට කොළඹට එන්න නං දැං පිටත් වෙයං..
Deleteමෙහෙදිත් එහෙම තමයි... කෑෂ් ඉන් හෑන්ඩ් ගන්න එකා ගොඩ...
Deleteපුද්ගල ආදායම් බදු ගැනයි මෙතන ලිව්වේ. වෙනත් බදු ජාති රාශියක් ද තියෙනවා මා ලියා ඇති විදියට. එයින් අපට දැනෙන ප්‍රධානතම බද්ද තමයි භාණ්ඩ හා සේවා බද්ද (GST). ලංකාවේ VAT කියන්නේ ඒ වගේ සංකල්පයක්.
Deleteමෙහේ සෑම වෘත්තීය සේවාවක් සපයන කෙනෙකුම සමාගමක් ලියා පදිංචි කර අයකර ගන්නා මුදල් සඳහා ලදු පත් දෙන්න ඕනෑ. ඒ සල්ලි ඔවුන් තමන්ගේ ආදායම ලෙස නිවරැදිව හෙළිකරනවාද යන්න බදු කාර්යාලයට ප්‍රශ්ණයක්. ඒ සඳහා ඔවුන් ගේ විමර්ශණ වැඩ තියෙනවා. හොර වැඩ අහුවුණොත් දඬුවම්!
මේකනේ.. කොච්චර බදු තිබ්බත් ඒහා සමානව රජයෙන් සේවාවන් සැපයෙනවා නේ.. ඉතිං අවුලක් නෑ
ReplyDeleteඒකේ අනිත් පැත්ත. රජයේ සේවාවන් සඳහා තමයි බදු අය කෙරෙන්නේ.
Deleteඅදායම් හංගන්නේ හා ගෙවපු බදු ඉන්ලන්ඩ් රෙවනියු එකේදී කෝටි ගණන් වංචා කරන්නේ නැත්නම් 'ගතියක්' නෑ වගේ.. :p අර බදු අයකරන සිස්ටම් එකනම් පට්ට සරලයි.. අපේ උන්ට මං හිතන්නේ තාම බැරි උනා ලයිට් බිල් වතුර බිල් අයකරන්නවත් ඔය වගේ සරල ක්‍රමයක් හදා ගන්න..මිල සූත්‍ර දාල රෙද්දෙ රෙවා ගන්නේ නැතුව හැක්..
ReplyDeleteදළ ආදායමෙන් බදු කපා ගැනීම සරල වුණාට ශූද්ධ ආදායම හොයලා නියමිත බදු අය කර ගැනීම ලොකු සංඛීර්ණ වැඩක්.
Deleteඉතා සරලව පැහැදිලි කරපු වටිනා ලිපියක්..
ReplyDeleteස්තුතියි.
Deleteඅපේ සෘජු බදු වලට වඩා තියෙන්නේ වක්‍ර බදු නෙමේද?අපේ බදු ගන්නේ මොනවාටද?නැත්තේ මොනවාටද කියලා පුරවැසියෝ බොහොමයක් දෙනා දන්නේ නැහැ.ආදයම් බදු එකෙන්වත් ඒ ගැන ජනතාව හරියට දැනුවත් කරන්නේ නැහැ.
ReplyDeleteඕවා බජට් එකේ තියෙනවා. නමුත් බජට් කතාවේ කියන්නේ ග්‍රෑම් පන්සීයක බදු අඩු වුණු ප්‍රමාණය වැනි සිල්ලර ඒවා විතරයි නේ වැඩිපුර.
Deleteඉතින් අපට පාන්ද?
ReplyDeleteලිපිය හොද අවධානේන් කියවන්න
Deleteඒ ඉතා සරලව ඕස්ට්‍රේලියාවේ පුද්ගල ආදායම් බදු ක්‍රමය විස්තර කිරීමකි. යම් දිනක මෙරටට සංක්‍රමණය කරන අයට මේ කරුණු තරමක් හෝ ප්‍රයෝජනවත් වේ යැයි සිතමි.
Deleteලංකාවේ ක්‍රමය තියෙන්නේ ගෙවන එකාගේ බෙල්ලම මිරිකන ක්‍රමයක් .මාසෙකට රුපියල් 62500/= වඩා ආදායමක් තියෙනවා නම් TAX ගෙවන්න ඕනෑ . පව්ලේ එකෙක් හිටියත් 10ක් හිටියත් ඒක අදාල නෑ.
ReplyDelete40 000 පනිනකොටම ඉන්කම් ටැක්ස් ගහනවෝ...
Deleteඋපයන විට ගෙවීමට පවුලේ ප්‍රමාණය අදල නෑ. වෙනත් බදුවලට හෝ සහනවලට තමයි කොහෙත් ඒ තොරතුරු සලකා බලන්නේ!
Deleteලංකාවේ මගේ මුල් ජොබ් දෙකේම පඩිය රුපියල් 2,000 යි නමුත් PAYE ගෙව්වා. පස්සේ රජයට අනුබද්ධ ආයතනවල වැඩ කළ නිසා Tax නැතුව ගියා.
මමත් ගෙවනවා ඒත් ඒ මුදල ආපහු ආයතනයෙන් මට දෙනවා.
DeletePAYE kiyana akuru dakkama mala paninawaa
Delete@ මෙන්ඩා-
Deleteආයතනයෙන් තවත් මුදල් දෙනවා නම් ඒවාටත් ගෙවිය යුතුයි!
@ හරී
Deleteහැබැයි ඒ බදු මුදල්වලින් සැපයෙන පොදු සේවා ගැන එහෙම හිතෙන්නේ නෑ නේද?
paye රජයේ සේවක අපටත් අදාලයි
Deleteඉදිරියේදි මේ රටේ බඩු ක්‍රමය ගැනත් හොයලා ලියන්න ඕනේ,, ස්තුතී රසික .
ReplyDeleteඒ කියන්නේ ඔයා දැනට ආදායම් බදු ගෙවන්නේ නැද්ද?
Deleteමං "බඩු ක්‍රමය" කියලා ටයිප් කරලා දැනුයි දැක්කේ,, ඒ ගැන ඇත්තටම මං දන්නේ නැහැ .. දන්න ජුයිස් යාලුවෙක් ඉන්නවා එයාගෙන් විස්තර අහන්න ඕනේ,,
Deleteමගේ ආච්චිගේ පුතෙක් ඉන්නවා එයා ට දැන් වයස 50 යි, එයා අවුරුදු 18 ඉදලා 48 වෙනකල් හමුදාවේ වැඩ කරලා දැන් සේවා කාලය සම්පුර්න කරලා ගෙදර ඉන්නේ,, 50 කිව්වට 33 ක් වගේ තමයි පේන්නේ.. එයාගෙන් මං ඇහුවා ඇයි ජොබ් එකක් කරන්නේ නැත්තේ කියලා ඔයා තරුණ පාටයි අනික තව අවුරුදු 50 ක් වත් ජිවත් වෙන්න තියනවනේ ඔහොමම ඉන්න එක අපරාදෙනේ කියලා.. එතකොට එයා කිවුවේ එයාට පෙන්සන් එක ශෙකෙල් 8000 ක් මාසෙට හම්බෙනවලු ( ඩොලර් 2051 ක් . හැබැයි එයා ජොබ් එකක් කරලා තව අමතර ශේකෙල් 2000 ,ක් හෙවුවොත් ,,,,හෝ 6000 හෙවුවත් රජයට 3000 ක් බද්ද ගෙවන්න වෙනවා ... ඉතින් එයා කියනවා ළමයිත් බැදලා පෙන්සන් එක වැඩිත් එක්ක ජිවත් වෙන්න නිකන් මහන්සි වෙලා හය හත් දහක් හොයලා බාගයක් රජයට දෙනවට වඩා හොඳයි මාසෙක පැන්සන් එකෙන් තුර්කියට ටුවර් එකක් ගිහින් එනවා කියලා .... එයාගේ වයිෆ් ජොබ් එකක් කරනවා...මේ රටේ මිනිස්සුත් රජයට බයිනවා ඒත් ජිවන වියදම නම් හරිම අඩුයි .. කෑම බීම වලට යන වියදම ගනන් ගන්න ඕනේ නැති තරම්..
ඒ වගේ මනුස්සයෙක් ජොබ් එකක් කළත් 8,000 සිට 14,000 ප්‍රමෝෂන් එකක් ලැබුණත් වැඩි වගකීම් එක්ක එාප කියයි බදු ගෙවන්න වෙන නිසා.
Deleteමෙහේත්, වසරකට ඩොලර් 180,000 කට වඩා ශුද්ධ ආදායමක් ඇති කෙනෙක් එතැනින් උඩ උපයන හැම ඩොලරයකින්ම 45%ක් බදු ගෙවන්න ඕනෑ.
හැබැයි මේ ආච්චී ගේ පුතා කියන මනුස්සයාට තියෙන්නේ ඇත්තටම විශ්‍රාමික වාතාවරණයක්.
එල ද බ්‍රා..
ReplyDeleteදිගටම ඉන්න නැතත් ඇවිත් යන්න හරි ප්‍රයෝඡනවත් වෙිවි..
මගේ අධ්‍යපන කටයුත්තක් සම්භන්දයෙන් උපදෙසක් ගන්න තියනවා..මේලක් දාන්නම්.
හැකි උදව්වක් කරන්නම්.
Deleteසින්හල ට්‍රාන්ස්ලේශන් එක: ලංකාවෙ අපි බඩු ගහන හැටි
ReplyDeleteසිංහල
Deleteමෙහෙත් උපයන ආදායමින් විසාලප්‍රතිශතයක් බදු තමයි.මම පොඩි රැකියවක් කලත් බදු වලට ඇතුලත් වෙලා තියෙන්නෙ.නමුත් බදු නීති කාටත් එකයි,ඒක නිසා හිතට දුකක් නැ.ජර්මනියේ ප්‍රබලම ක්‍රීඩා සමාජයෙ(බයර්න් මියුන්චෙන්) සභාපති උලි හොනෙස් බදු වන්චවකට 2014 මැයි වල ඉදල හිරේ.නමුත් දැන් මේ බදු වලින් විශාල කොටසක් සරනාගතයන්ට(සමහරුන් ඇත්තෙන්ම සරනාගතයන් නොවේ) යොදනවා යයි කනස්සල්ල පලවෙනවා.(රන්ජන්) මාතලන් වසරේ හොදම බ්ලොග් කරුවා ලෙස සම්මානයට පාත්‍රවුනබව පත්තරේ දැක්කා.
ReplyDeleteඑළනේ පට්ට කුනුහරුප ලියලා තව මොනවද දෙන්න ඕනේ
Deleteරන්ජන් හැබැයි මල්ටි-නැෂනල් කොම්පැනි බදු නොගෙවා බේරෙනවා විවිධ උපක්‍රම මගින්.
Deleteඅපේ ඔච්චර අසාධාරණ නෑ හරිද...
ReplyDeleteආදායම අනුව ආදායම් බදු.
Deleteබදු ආදායම අනුව පොදු සේවා!
රසික,
ReplyDeleteමන් හිතන්නේ ඔස්ට්‍රලියව කියන්නේ බොහෝ පහසුකම් අදායම අඩු ජනයට ලබාදෙන රටක් නමුත් එහි අනෙක්පැත්ත රටේ 75% පමණ පුද්ගලික බදු ගෙවනවා. මෙහි ඇති අවාසිය නම් අඩු අදායම් ලබන කෙනෙක් දියුණුවීමට උත්සහ නොගන්නේ මහන්සි වී අඩු අදායමක් ලබනවට වඩා මහන්සි නොවී අඩු අදායමක් ලැබීම රජය ප්‍රවර්දනය කරන නිසා.
මෙහිදී මට මතක්වන්නේ අරුණි ශිප්රෝ මහත්මියගේ අදහස්සක් එනම් මෙවැනි සුබසාදන වැඩපිළිවලක් නිසා අවසාන පරතිපලය සියලු දෙනාම දිලිදු වීමයි.
කලකට ඉහත Milton Friedman https://www.youtube.com/watch?v=f1Fj5tzuYBE hong kong රට පිළිබද කල විග්ග්රහය මා වැඩ කැමති.
එනම් රටේ නිදහස් වෙළදාම ප්‍රවර්දනය සහ බදු අවම කිරීම මගින් රට දියුණු වන බවයි.
මා හිතන්නේ ශ්‍රී ලංකාවට යෝග්‍ය වන්නේ ත් hong kong රටේ පවතින නිදහස් ආර්ථික ක්‍රමයයි. අප රට පිහිටා ඇති ස්ථානය අනුව මෙය ඉතා ප්‍රයෝගික බවයි මම සිතන්නේ.
අරුණී අනුගමනය කරන්නේ ඇ.එ.ජ. යේ අන්ත දක්‍ෂිණාංශික දේශපාලන දර්ශණයයි.
Deleteමා කැමති ෆ්‍රීඩාමාන් නොව කේන්ස් ගේ ආර්ථික ක්‍රමයටයි.
හොංකොං යනු දැන් මහ චීනයෙන් පාලනය වෙන ප්‍රදේශයක්. ඔබේ පැතුම ඉටු නොවේවා!
පල ඩෝ යන්න. . . .තොට තව තව බදු වැදේවා. .
ReplyDeleteHari sankeernaine Australia wala jeewithe?
ReplyDeleteඅපෝ මතක් කරන්න එපා!
ReplyDelete