Monday 12 October 2015

අයිරාංගනී සේරසිංහ, දෙනවක හාමිනේ සහ දීපානි ද සිල්වා -නිළියන් තිදෙනෙකු ගේ සමානකම් සහ අසමානකම් ගැන පිස්සු විග්‍රහයක් - Actresses and Politics


ඇත්තටම මා මුලින් ලියන්නට සිතුවේ දෙනවක හාමිනේ සහ දීපානි ද සිල්වා ගැන පමණි. නමුත් මේ සටහන ලිවීම අරඹන්නට පෙර, අයිරාංගනී සේරසිංහ ද මේ ලිපියට එකතු වූවා ය.

එනිසා අයිරාංගනී සේරසිංහගෙන් ම සටහන අරඹමි.

අයිරාංගනී සේරසිංහ (විවාහයට පෙර මීදෙනිය) සිංහල සිනමාවට අවතීර්ණ වී ඇත්තේ රේඛාව චිත්‍රපටයේ මවක ගේ චරිතය රඟපාමිනි. ඇය ඊට පෙර ඉංගිරිසි වේදිකා නාට්‍යවල තරුණ චරිත නිරුපණය කර තිබුණේ වුවද, රේඛාවේ චරිතයෙන් පසු ඇය සිනමාවේ රඟපෑ සෑම චරිතයක් ම වැඩිහිටි චරිත වී ඇත.

චිත්‍රපට රැසක රඟපෑව ද, අයිරාංගනී සේරසිංහ වඩාත් ප්‍රසිද්ධියට පත්වූයේ මෝඩයාගේ පෙට්ටිය ලංකාවේ නිවාස ආක්‍රමණය කළ පසු, ආච්චී ගේ චරිතය රඟපාමින් ය.

රේඛාව තිරගත වූ කාලයේ අයිරාංගනී මීදෙණිය වයස විසි නවයක (1927-1956) තරුණ කාන්තාවකි. මාලනී ෆොන්සේකා එයා දැන් ලොකු ළමයෙක් නම් චිත්‍රපටයේ වැඩිවිය පැමිණෙන වයසේ සිටි දැරියක ගේ චරිතය රඟපාද්දී ඇගේ වයස අවුරුදු විසි අටක් වූ බව (1947-1975) සලකන විට අයිරාංගනී මීදෙණියට (රේඛාවෙන් පසු සේරසිංහ) කිසි දිනෙක මව් චරිත මිස තරුණ චරිත රඟපාන්නට නොලැබීම සුවිශේෂී කාරණයකි.

ඒ අතින් අයිරාංගනී සේරසිංහට ඉතා සමාන නිළියක වන්නේ දෙනවක හාමිනේ ය.

දෙනවක හාමිනේ තම ජීවිතයේ මැදිවයස පසුකරමින් සිටින අවධියේ සිනමාවට පිවිස ඇත්තේ, මා අසා ඇති පරිදි, හුදෙක් ම ආදායම් මාර්ගයක් හෙවත් රැකියවක් ලෙසිනි. මුල් යුගයේ දී ජීඩීඑල් පෙරේරා ගේ සාමා, සිරි ගුණසිංහ ගේ සත් සමුදුර වැනි චිත්‍රපටවල ඇය රඟ පෑ මව්වරුන් ගේ චරිත විචාරක පැසසුමට ලක් වී ඇත. ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ දෑස නිසා චිත්‍රපටයේ ඇය ගේ රඟපෑම මා දැක ඇති, මා සිත් ගත් එක් අවස්ථාවකි.

මැදි විය පසු කර විශ්‍රාම වයසේ දී සිනමාවට පිවිසි දෙනවක හාමිනේ රඟ පෑ චරිත සියල්ල ද, අනිවාරයෙන්ම වැඩිහිටි, මහලු, සහය නිළි වර්ගයේ සුළු චරිත විය.

මා දෙනවක හාමිනේ මා සැබවින්ම දැක ඇත්තේ එක් දිනයක පමණි. ඒ මා කුඩා එකෙකු වුවත් ඡන්ද ඔට්ටු පවා අල්ලන වයසක සිටි කාලයේ දී පැවැත්වුණු 1977 මැතිවරණ සමයේ ගම්පහ බණ්ඩාරවත්තේ පැවති යුූඇම්පී දේශපාලන රැලියක දී ය.

මේ රැළිය එකල පැවති සිරිලංකා රජයට විරුද්ධව පෙළ ගැසුණු කලාකාරයින් රැසක් සහභාගී වුුණු එකක් විය. මෙහිදී මා දුටු අනෙකුත් කලාකරුවන් අතර මුවන්පැලැස්ස ගුවන් විදුලි නාටකයේ රඟපෑ නෙතලී සහ වොලී නානායක්කාර වැන්නෝ ද වූහ.

මෙහිදී එක් පැහැදිලි කිරීමක් කළ යුතු වේ.

විපක්‍ෂයේ සිටින්නෝ කලාකාරයෝ ය. ඔවුන් නළාකාරයින් වන්නේ ආණ්ඩු පක්‍ෂයට කඩේ යමින් විවිධාකාරයේ වාසි ලබා ගන්නට පටන් ගත් විටය.

උදාහරණයක් ලෙස අප හිතවත් සෝමරත්න දිසානායක මහින්ද රාජපක්‍ෂ සමයේ නලාකාරයෙකු විය. පසුගිය ජනාධිපති ඡන්දය කාලයේ ඔහු පොදු අපේක්‍ෂකයාට සහය පළකරමින් කලාකරුවෙකු බවට පත්විය. පසුව, රූපවාහිනී සංස්ථාවේ සභාපති පදවිය භාර ගනිමින් නැවතත් නළාකරුවෙකු විය. එයිනුත් පසු, මහ ඡන්දය කාලේ ඒ තනතුරෙන් ඉල්ලා අස්වී දැන් නැවතත් කලාකරුවකු ලෙස වර්ගීකරණය කළ හැකි තත්වයකට පත් වී ඇති බව පෙනේ!

එදා ගම්පහ බණ්ඩාරවත්තේ එජාපයට සහයෝගය දෙන වේදිකාවේ දී ඇය කළ කතාවේ දී, සිරිමා බණ්ඩාරනායක රජය යටතේ සබන් මිල ඉහළ ගොස් ඇති නිසා, ස්නානය කරන්නේ සබන් නොමැතිව බවත්, එනිසා ඇඟේ කුණු තට්ටු පිරී ඇති බවත් කියමින් දෙනවක හාමිනේ කුණු අතුල්ලා පෙන්වූ බව සමහරු කියනු මා අසා ඇත.

ඒ කෙසේ වෙතත්, 1977 කලාකරුවෙකු ලෙස පැවති රජයට විරුද්ධව එජාපය බලයට පත් කරවන්නට ඇය කතා කළායින් පසුව එළැඹුණු දාහත් වසරක ශාපලත් කාල සීමාව තුළ දෙනවක හාමිනේ නළාකාරියක බවට පත්වූ බවක් නම් මගේ මතකයේ නැත.

දේශපාලන වේදිකාවල කතා පැවැත්වූ නිළියන් පිළිබඳව සඳහන් කෙරෙද්දී, දෙනවක හාමිනේ මෙන් තව දිගු කාලයක් තිස්සේ ජනතාව අතර අනිවාර්යෙන් ම පැවතෙන නමක් නම් මගේ ලිපියේ මාතෘකාව සැරසූ අනෙක් නිළිය වන දීපානි ද සිල්වා ය.

දීපානි ද සිල්වා යනු දෙනවක හාමිනේ සහ අයිරාංගනී සේරසිංහ මෙන්ම සුළු චරිත පමණක් රඟපාමින් ජනප්‍ර්‍රිය වූ තවත් නිළියකි.

මා දීපානි ද සිල්වා ඇය වීදි නාට්‍යවල රඟපානු දැක ඇති නමුත්, ඇය ජනතාව අතරට ආවේ නම් නාලන් මෙන්ඩිස් ගේ ටෙලි වෘතාතන්ත නිසා බව අමුතුවෙන් කිව යුතු නැත. ඒ ටෙලි වෘතාන්ත යනු දීපානි සිල්වා සහ අයිරාංගනී සේරසිංහ අතර ඇති අනෙක් සමානකම වේ.

පරිසර සංරක්‍ෂණය වැනි වමට බර අදහස්වලින් යුතු අයෙකු වුව ද, 50 දශකයේ දී විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබූ අයෙකු වුවද, අයිරාංගනී සේරසිංහ සහ දීපානී ද සිල්වා දේශපාලනය අතින් සමාන කළ හැකි යැයි මට නොසිතේ.

එසේ නමුත්, දේශපාලන අන්ත දෙකක සිටියේ වුවද, දෙනවක හාමිනේ සහ දීපානි ද සිල්වා යනු තකට තක බව මට පසුගිය මහ ඡන්ද සමයේ නැරඹූ වීඩියෝ දර්ශනවලින් පැහැදිලිවිය.

ජවිපෙ මහ ඡන්දෙකින් දිනා රජයක් පිහිටුවීමේ තත්වයක් ගැන සිතිය නොහැකි නිසා, දීපානි ද සිල්වාට ඉහත දැක්වූ තර්කය අනුව කිසි දිනක නළාකාරියක නොවී දිගටම කලාකාරියක ලෙස සිටීමට හැකි වෙනු ඇත.

ජවිපෙ සටන පාවා දී නැවතත් සභාගයකට ගියහොත් නම් ඔන්න තරමක හෝ නළාකාරී චාන්ස් එකක් ලැබෙනු ඇත.

-රසිකොලොජිස්ට්

ප/ලි:
ඒ නිළියන් ය.

නළුවන් ගැන මේ ආකාරයේ සංසන්දයක් කළ යුතු නම්, ඒ සඳහා සමාන සුදුසුකම් ඇති තිදෙනා කවරෙකු දැයි සිතමින් සිටිමි.

(images: http://www.nfc.gov.lk/)

35 comments:

  1. තුන් දෙනාම පිදුම් ලැබිය යුතු නිළියන්. බටහිර සිනමාවේ සිටියානම් අයිරාංගනී සේරසිංහ වැනි කෙනෙක් ලෝක ප්‍රසිද්ධ වෙන්න තිබුණා.

    ReplyDelete
    Replies
    1. පිදුම්? ඒ මොකටද?
      රඟපෑම වෘත්තියක්. ඒකට වේතනයක් ගෙවනවා!

      Delete
  2. රසික
    දීපානිගෙ හොඳම ටෙලි රඟපෑම තාරාදේවී එකේ ගොලු චරිතය වගෙයි මට මතක.

    ReplyDelete
    Replies
    1. දැක නැත!
      මට මතක නෑදෑයෝ වගේ ඒවා විතරයි.

      Delete
  3. ගාමිනි සනත් රවින්ද්‍ර මහින්ද ජීවන් රන්ජන් අර්ජුන් විජය
    ජැක්සන් බුද්ධදාස,වැදිගයිඩ් ලක්ෂ්මන් විජේසේකර .රවින්දු යසස්. චන්දික.
    සාරංග.විශ්ව.වික්‍රමගේ.සුරාජ්.මේනක.අමිල, පිලපිටිය.මාධව.

    ReplyDelete
  4. දිපානී සිල්වාද, යුරේනී නොෂිකා මෙන් රැඩිකල් කම බල්ලාට දමා ජාතිආලකාරයන්ට අවනත නොවේවායි පතමි.

    මම හිතන්නේ නෑ දීපනිලා, දිල්හානිලා ඒ තත්වෙට පත්වෙයි කියලා...

    ReplyDelete
    Replies
    1. අනේ පල ගොබ්බයො යන්න, උන් දෙන්නත් උබ වගේම රැඩිකල් කම තියාගන්නෙ 1600/= කැලි හම්බවෙනං විතරයි

      Delete
    2. 1600 කට රැඩිකල් වෙන එකත් කොච්චර දෙයක්ද බං

      Delete
    3. විනාඩි දහයකට 1,600 ක් දෙනවා නම් මාත් ලියන්නම් (හැබැයි මට ඕනෑ දේවල්)

      Delete
  5. ජෝ අබයවික්‍රම, සනත්, ජීවන් තුන් දෙනා කොහොමද?

    ReplyDelete
  6. //අයිරාංගනී මීදෙණියට (රේඛාවෙන් පසු සේරසිංහ) කිසි දිනෙක මව් චරිත මිස තරුණ චරිත රඟපාන්නට නොලැබීම සුවිශේෂී කාරණයකි. //

    ෂුවර් ද?
    මං හිතන්නෙ ටිකක් තරුණ චරිත කලා කියල

    ReplyDelete
    Replies
    1. ධර්මසිරි බන්ඩාරණායක මෙයාට ලව් කොරන සෝ එකක් තිබුනා නේද...?

      Delete
    2. Bak maha deegey

      Pra Jay

      Delete
    3. බක්මහ දීගෙ අයිරාංගනී වලව්වෙ ළමාතැනී.ඒක තරමක් මැදිවියට කිට්ටු චරිතයක්.ධර්මසිරි බණ්ඩාරනායක එතකොට පොඩි කොල්ලෙක්.වලව්වෙ වැඩකාරයද කොහෙද.

      Delete
    4. තුන්වෙනි යාමයේ අයිරාංගනී සේරසිංහ ගේ නිදනකාමර දර්ශනයක් තියෙනවා නේද?

      Delete
  7. ඒක
    මීදෙණිය ද???
    මිද්දෙණිය ද???
    යාන්තම් වගේ මතකයි කොහේ දි හරි කියවලා තියෙනවා මිද්දෙණිය කියලා වගේ...

    ReplyDelete
    Replies

    1. මා තොරතුරු හොයා ගත්තේ මෙතැනින්!
      https://en.wikipedia.org/wiki/Iranganie_Serasinghe

      Delete
    2. මිද්දෙනිය නොවේ, මීදෙණියයි. ඇය ඉපදී ඇත්තේ රුවන්වැල්ල ආසන්නව පිහිටි මීදෙණිය වලව්වේය. කෝල්බෘක්-කැමරුන් කොමිසම මඟින් පිහිටවූ ලංකා ව්‍යවස්ථාදායක සභාවේ උඩරට සිංහල නියෝජිතයා වූ ජේ. එච්. මීදෙණිය (ජෝන් හෙන්රි) ඇගේ පියාගේ පියා විය යුතුය. ලංකාවේ ප්‍රථම කාන්තා මහජන නියෝජිත වරිය වන ඇඩ්ලින් මොලමුරේ (විවාහයට පෙර, ඇඩ්ලින් මීදෙණිය) ඇගේ පියාගේ සොයුරිය විය යුතුය. මේ අනුව, ඩී ආර් විජේවර්ධන සමඟ විවාහ වූ ඇලිස් මීදෙණිය ඇගේ පියාගේ තවත් සොහොයුරියකි. ඇලිස් මීදෙණිය යනු රනිල් වික්‍රමසිංහගේ මවගේ මවයි. මෙයට අමතරව සේනානායක වරුන් සමඟද කුඩා කල සිටම ඇයට කිට්ටු සම්බන්ධකම් තිබී ඇත. මා මේ කරුණු සඳහන් කරන්නේ ඇය හැත්තෑ හතේදී එජාප වේදිකාවට නැඟීමේ පසුබිමට යම් සම්බන්ධයක් ඇති නිසාය. (කෙසේවුවද මවු පාර්ශ්වයෙන් ඇය ශ්‍රීලනිප පවුල් ගසටද සම්බන්ධය.) අයිරාංගනී මීදෙණිය (දිසානායක/සේරසිංහ) රඟපෑමට පිවිසෙන්නේම, ප්‍රථම උපාධිය ලැබීමෙන් අනතුරුව රඟපෑම පිලිබඳ වැඩිදුර වෘත්තීය අධ්‍යාපනයක්ද ලැබීමෙන් පසුවය. ඇගේ වෘත්තීය ඉලක්ක, ඔබ සඳහන් කර ඇති පරිදිම, දේශපාලන හෝ මුදල් ඉලක්ක වලට යටවුනේ නැත.

      Delete
    3. සමාවන්න, රසිකගේ ලිපිය අනුව එජාප වේදිකාවට නැඟ ඇත්තේ අයිරාංගනී සේරසිංහ නොව දෙනවක හාමිනේය.

      Delete
    4. /* ඇත්තටම මා මුලින් ලියන්නට සිතුවේ දෙනවක හාමිනේ සහ දීපානි ද සිල්වා ගැන පමණි. නමුත් මේ සටහන ලිවීම අරඹන්නට පෙර, අයිරාංගනී සේරසිංහ ද මේ ලිපියට එකතු වූවා ය. */

      Delete
  8. මේ නිලියන් තිදෙනාට සමාන කරන නලුවන් තිදෙනා අතරට ජැක්සන් ඇන්තනි ඇතුලත් කලොත් ඒ සමග නම් කරන අනිත් නලුවන් දෙදෙනා අනිවාර්යයෙන් සැහැල්ලුවට ලක්වෙනවා.(නලුවෙක් ලෙස ඔහු අති දක්ශයෙක්)නමුත් දේශපාලනයෙදී මෙන්ම අවස්ථාවාදයෙදීත් ඔහු කුප්‍රකට පුද්ගලයෙක්.

    ReplyDelete
    Replies
    1. ජැක්සන් ඇන්තනි පාසල් කාලයේ සහ විශ්ව විද්‍යාල සමයේ හොඳ කොල්ලෙක් බව පේනවා!

      Delete
  9. දීපානි සිල්වා හැමදාම රඟපෑවේ තම සැබෑ වයසට වඩා වැඩි වයසක් ඇති චරිතයක්. බොහෝ නිළියන් මේකෙ අනිත් පැත්ත.

    දෙනවක හාමිනේ අපේ ගමේ යූ ඇන් පී රැස්වීමකදි (77) ඇඟ කසමින් වේදිකාවේ රඟපෑමක් කළබව මටත් මතකයි. ඇය ඇත්තටම නළාකාරියක් වුනේ නම් නැහැ.

    ReplyDelete
    Replies
    1. /* සිරිමා බණ්ඩාරනායක රජය යටතේ සබන් මිල ඉහළ ගොස් ඇති නිසා, ස්නානය කරන්නේ සබන් නොමැතිව බවත්, එනිසා ඇඟේ කුණු තට්ටු පිරී ඇති බවත් කියමින් දෙනවක හාමිනේ කුණු අතුල්ලා පෙන්වූ බව සමහරු කියනු මා අසා ඇත. */

      Delete
  10. මේ දෙදෙනාට සමාන නළුවන් - බලමු - අද ඉන්න කට්ටියගෙන් දේශපාලන වන්දිභට්ටකම් අතහැරල දැම්මෙතේ සිරිල් වික්‍රමගේ , ශ්‍රියන්ත මෙන්ඩිස්, ජැක්සන් ඇන්තනි
    අද ඉන්න නළුවන්ගෙන් (නව පරපුරේ) උද්දික ප්‍රේමරත්න පුලුල් පරාසයක රඟපාන්න පුළුවන් නලුවෙක්

    ReplyDelete
    Replies
    1. ජැකා රඟ පාන හැම චරිතෙකම ජැකා ඉන්නවා නේද
      මහේන්ද්‍ර පෙරේරා?

      Delete
    2. ඔව් මහේන්ද්‍ර පෙරේරා - අනිත් දේ මාලන් බ්‍රැන්‍ෙඩෝ රඟපාන හැම චරිතෙකම බ්‍රැන්ඩෝ ඉන්නවා

      Delete
  11. රඟ පෑමේ සංසිද්ධිය ගත්තොත් මාලිනී ඒකේ අනිත් පැත්ත. සැබෑ වයසට වඩා අඩු චරිත බොහෝ විට

    එවන් කුලකයකුත් තියෙනවා නේද

    ReplyDelete
    Replies
    1. මාලනී ෆොන්සේකා විජය ගේ අම්මාට රඟපෑවා අනුපමා චිත්‍රපටයේ!
      http://archives.dailynews.lk/2011/02/07/z_p14-Anupama.jpg

      Delete
  12. නිළියන් තෝරාගෙන තියෙන විදිහ දැක්කම සනත්, රවීන්ද්‍ර හා රන්ජන් ගත්තොත් මොකද? එක එකකාලෙට එක එක පක්ෂවල එල්ලුණ තුන් දෙනෙක්...

    ReplyDelete
    Replies
    1. ඒ අතින් නරක නෑ, නමුත් දෙනවක, අයිරාංගනී සහ දීපානි තිදෙනාම ප්‍රධාන චරිත රඟපෑ නිළියන් නොවෙයි!

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.