Saturday 7 November 2015

සිංහල බ්ලොග් සඳහා අවශ්‍ය (ද) ආචාර ධර්ම (?) - Ethical blogging...!!!


පසුබිම් කතා නොකියා, කෙළින්ම මාතෘකාවට බසින්නම්.

සිංහල බ්ලොග් සඳහා ආචාර ධර්ම අවශ්‍ය ද?

එසේ නම් ඒ මොනවා ද?

මගේ අදහස් නම් ඉතා කෙටියෙන් මෙසේය. මා ගැණ දන්නෝ මේවා මා අලුතින් කියන ඒවා නොවන බව දනිති.

බ්ලොග්
  • බ්ලොග් සඳහා පොලිසි අවශ්‍ය නොවේ.

බ්ලොග්කරුවන්
  • බ්ලොග්කරුවන් සියලු දෙනාම එක හා සමාන ය.
  • බ්ලොග්කරුවන් අවංකව තමන් ගේ අදහස්/මත/කතා/නිර්මාණ ඉදිරිපත් කළ යුතුයි.
  • මතවාදී වෙනස්කම් පුද්ගලිකව සැලකිය නො යුතුයි.

බ්ලොග් කියවන්නන්
  • බ්ලොග් කියවන්නන් ද සැවොම සමානයෝ වෙති.
  • අදහස්වල ඇති විරුද්ධතා පුද්ගලිකව නොසැලකිය යුතුයි.
  • තම අදහස් දැක්වීමේ දී අවංකව, සංවරව එය සිදු කළ යුතුයි.

වෙනත් එකතු කළ යුතු යමක් තිබේද?

මේවා කිසිසේත් බ්ලෙග් සඳහා ම පමණක් අදාල, සුවිශේෂී, ආචාර ධර්ම නොවේ. අප සාමාන්‍යයෙන් හැසිරිය යුත්තේ ද මෙලෙස ය.

-රසිකොලොජිස්ට්

(image: https://culcbuia134.wordpress.com/2013/07/03/blog-4-ethical-leadership/)

75 comments:

  1. මේ මම පිළිපදින්න උත්සාහාකරන දෙකක්...

    - ඇනෝ කමෙන්ට් එකක් දුටුවාම මේක දැම්මේ අහවලා යැයි චෝදනා නොකල යුතුයි...

    - වැඩිය හොඳට ලියන්නේ අරූද, මූද..? පරණ උන්ද අලුත් උන්ද..? වැනි සංසන්දනයන් නොකල යුතුයි...

    ReplyDelete
    Replies
    1. -ඇනෝලාට මගේ ද විරුදධත්වයක් නැත.
      - සැවොමා සමානය යන්න මගේ ද අදහසයි.

      නමුත්, නැවතත්, යමෙකු ඉහත කරුණු හා අදාල වෙන දේ ගැන තමන් ගේ අවංක අදහස ඉදිරිපත් කරන්නේ නම් එහි ඇති වරදක් ද නැත!

      Delete
    2. මගේ මේ වතාවේ පෝසට් එකේදි එක ඇනෝ කෙනෙක් මගේ ලිපියේ කරුනු වලට වෙනස්ම මතයක් දරමින් අදහස් පල කරන්න පටන් ගත්තා.ඔහු සංවාදයට ලක් විය යුතු කරනු මතු කලා.සමහර අවස්ථාවල අප දෙදෙනාම එකිනෙකාගේ මත තදින් විවචෙනය කලා.මේ සංවාදය දිගටම ගියා.
      එදා හවස මට කොල් එකක් අවා....

      මචං උඹ සුරංගද,..
      ඔව් කවුද කතා කරන්නේ...
      මචං මම අර උඹේ පෝස්ට් එකට කොමන්ටි කරපු ඇනෝ...

      මේ දුරකතන සංවාදය අවසන් වෙනකොට අපි දෙන්නා හොද යාලුවෝ.නම් ගම් පවා දැන හදුනා ගත්තා.ඔහු මගේ ඉදිරිපොස්ට් වලදිත් මගේ ලිපිවල සමහර කරුනු තදින් විවේචනය කරනවා.මමත් ඔහුගේ විවේචනය කල යුතු කරුනු විවේචනය කරනවා.නමුත් ඒක පෝස්ට් එකට විතරයි...

      Delete
    3. ඇනෝ කමෙන්ට් දැමීම සම්බන්ධයෙන් මම දකින්නේ එකම එක ගැටළුවක්. ඒක තමයි, ඇනෝලා කීප දෙනකු කමෙන්ට් කරනකොට එක එක්කෙනා වෙන වෙනම හඳුන්වාදීමේ ගැටළුව. කමෙන්ට් එකක් දානකොට ඒක කරන භෞතික පුද්ගලයා දැනගැනීමේ අවශ්‍යතාවක් නෑ. ඒත්, බ්ලොග් අවකාශය තුළ ඔහුට හෝ ඇයට අනන්‍යතාවක් පවතිනවානම් ඒක කරුණු පැහැදිළිකරගැනීමට ලොකු පහසුවක්.

      Delete
  2. ඔව්.එකඟයි.තමන් විසින් යාවත්කාලීන කරන බ්ලොග තමන්ට ඕනෙ හැටියටයි කෙරෙන්නෙ.ඇතැමෙකුගේ හැසිරීම් තවකෙකුට ගැටලු කාරී විය ගැකියි.කොමෙන්ට් වලින් ඒ ගැන සීමා රහිතව සාකච්ඡා කල හැකියි.
    කෙසේ නමුත් යම් අඩවියක රචකයෙකුට දිගින් දිගටම පීඩාවෙන අදහසක් අපි දරන්නේ නම් ඒ මතවාදීමය කරුණ වඩා සාරවත් ලෙස නව ලිපියකින් සාකච්ඡාකිරීමේ සාධනීය හැකියාවක් පවතී.
    සහ අයිතිකරුට කොමෙන්ට් පාලනය කල හැකියි. මාගේ පුද්ගලික අදහස නම් යමක් ප්‍රකාශ කල පසු එය සමාජයට අයත් ලියවිල්ලක් බවත් රචකයා හෝ රචකයාගේ පුද්ගලිකත්වයක් ලියවිල්ලට අදාල කර නොගතයුතු බවත්.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මටත් ඔය අවුලේ මොකද්ද හරි කවුද හරි කියල නියන එක ටැපලිලි තිබුනේ, ඔන්න දැන් නම් තේරුණා වගේ. පිරිසක් මැද කටින් එළියට පැන්න යමක් ආපසු ගිලින් බෑ වගේම බ්ලොග්වලත් ඕපන් එකේ පබ්ලිෂ් වුනාට පස්සේ පසුතැවිලි වීමෙන් පලක් නැත. අහගෙන හිටි කෙනෙකුට මොකද්ද යකෝ කිව්වේ කියලා අහන්න පුළුවන් (සංවර විදිහට), කැමතිනං උත්තර බඳින්න පුළුවන්, ඇර ගන්න පුළුවන් (සංවරව), බැරිනං මූට්ටු කරන් ඉන්න වෙනවා.

      ඉදල හිටල හෝ මේවගේ වාදයක් ගියාම හොඳ ප්‍රෙෂ් ගතියක් එනවා, කාලෙකින් කටට කෙළ උණන කෙහෙල් මුව වැංජනයකුත් මේසේට ආවනේ.

      Delete
    2. /* මාගේ පුද්ගලික අදහස නම් යමක් ප්‍රකාශ කල පසු එය සමාජයට අයත් ලියවිල්ලක් බවත් රචකයා හෝ රචකයාගේ පුද්ගලිකත්වයක් ලියවිල්ලට අදාල කර නොගතයුතු බවත්.*/

      මෙය පුද්ගලික අදහසක් නොවේ, නිර්මාණ පිළිබඳව ලොව පිළිගත් මතයයි!

      Delete
    3. ඇණයා ගේ අදහස රාජ් ප්‍රකාශ කළේ -

      රජයේ වාර්තාවක වෙනසක් කළ යුතු වූ විට එය කරන්නේ ටිපෙක්ස් ගා මැකීමෙන් නොව, එක් ඉරකින් එය කපා නිවැරදි කිරීමෙන් බවයි.

      Delete
    4. හුටා....දැනුවත් උනා ඔන්න.
      සමහර වෙලාවට මතවාදීමය විදිහට ගැටෙන්න බැරිව පුද්ගලිකත්වය ඇදගෙන මඩ ගහන එකත් මගේ අදහසේ තිබුනා.ලියවිලා නෑ හරියට.හෙහ් හෙහ්...

      Delete
  3. අපි අපේ බිලොග් එකේ ලිපියක් ලියනකොට තමන්ට ආවේණික ක්‍රමයකට වගේම තමන්ටම කියලා අනන්‍යතාවයක් ගොඩ නගා ගනිමින් ලියනවා.එතනදි අපේ දැනුම විතරක් නෙවෙයි පෞද්ගලික මතවාද අදහස් පවා ලියවෙනවා.කෙනෙක් ඒ ලිපිවලට කැමති වෙනකොට තව කෙනෙක් අකමැති වෙන්න පුලුවන්.කෙනෙකුට ප්‍රයෝජනවත් වගේම තව කෙනෙකුට ප්‍රයෝජනයක් නොවෙන්නත් පුලුවන්.නමුත් ඒ ලිපි සම්බන්ධයෙන් මේ දෙගොල්ලන්ගේම අදහස් ඒකතු කිරීම වටිනවා.ඒ තුලින් හොදසංවාදයක් ගොඩනැගෙනවා.ඒ වගේම අපේ අවධානය යොමු නොවුන වගේම අපි නොදැන හිටිය කරුනු මතුවෙනවා.මම නම් හිතන්නේ ඒකයි විය යුත්තේ.ඒ ලිපි වල අන්තර්ගතයේ තිබෙන කරුනු මුල් කරගෙන ඇතිවන සුහද සංවාදයෙන් එහාට ගිය පෞද්ගලික අමනාපකම් ගැටුම් ඇති කරගැනීම දක්වා වර්ධනය විය යුතු නෑ.

    ...//මතවාදී වෙනස්කම් පුද්ගලිකව සැලකිය නොයුතුයි//....

    ඇත්තෙන්ම අප අතරේ තිබෙන පුද්ගලික මතවාද අදහස් නිසා එකිනෙකා අතර එදිරිවාදීකම් ඇති නොවිය යුතුයි.ඒක මිත්‍රත්වය පලුදු කර ගැනීමට හේතුවක් නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. බහුතරයක් බ්ලොග් වාද-විවාදවලදී ඒ සඳහා සහභාගී වෙන බහුතරයක් දෙනා සංයමයෙන් අදහස් දැක්වීම සතුටට කරුණක්!

      Delete
  4. බ්ලොග් වගේම මිනිස්සු අතරත් විවිධ සංස්කෘතින් හරහා ඒ අයගේ නීති අභිබවා යටින් බැදුනු යම් යම් රීති, සම්ප්‍රදායන් හා වෙනත් සමාජීය බැදීම් තියෙනවා. ඒවා විවිධ ජාතින් අතර වෙනස් විදියට දැකගන්න පුලුවන්. සිංහල බ්ලොග් අවකාශයයත් ඊට වෙනස් නැහැ. අපිත් සාමාන්‍ය මිනිස්සු.. අකුරු අතර දුවන්නෙත් ඒ මිනිස් ක්‍රියකාරකම් තමයි.. ඔබ කිව්ව වගේ බ්ලොග් අවකාශයේදීවත් මිනිසුන් මේ අවලාද, අපහාස පුද්ගල මට්ටමින් නොගෙන පුද්ගල මට්ටමින් නොකර ඉන්න වෙරක් ගන්නව නං හොද වේවි කියල හිතෙනවා..

    ReplyDelete
    Replies
    1. බහුතරයක් බ්ලොග් වාද-විවාදවලදී ඒ සඳහා සහභාගී වෙන බහුතරයක් දෙනා සංයමයෙන් අදහස් දැක්වීම සතුටට කරුණක්!

      පසුගිය දින දෙක තුළ සිදුවුණු වාද, හොඳ සිතින් අවසන් වුණු බවකුයි පෙනුනේ! ඉන් වුණු අවැඩක් නෑ.

      Delete
  5. බ්ලොග් ලියන්නේ තමන්ට ඕනි දේවල් නිදහසේ කියන්ට. ඒවාට වැට කඩුලු බඳින එක හරි නෑ. හැමෝම කියවනවට අකැමති නම් 'රයිගම' කලා වගේ ' Protected ' පෝස්ට් දැම්මානම් හරි.

    කියවන අය ඕනි දෙයක් කීවට කමක් නෑ පුද්ගලික පලිගැනීම නොකර. අපහාස නොකර. අනෙක 'කියන්නා කෙසේ කීවත්, ලියන්නා සිහි බුද්ධියෙන් කියෙව්වා නම් හරි...' :P

    ReplyDelete
    Replies
    1. /* 'කියන්නා කෙසේ කීවත්, ලියන්නා සිහි බුද්ධියෙන් කියෙව්වා නම් හරි...*/

      අනේ ඒ අහිංසක වෙනිවැල්ව මේකට ගාවා ගන්න එපා!

      Delete
  6. මගේ ඊළඟ එකකත් මේකට අදාල දෙයක් තියෙයි...
    බලමුකෝ...
    දාන්න වෙලාවක් ආවේ නෑ තවම...

    ReplyDelete
  7. රසික සහෝදරයා ... මේ සටහනට මුල් වෙන්නට ඇත්තෙ ගුරුවරියකගේ සටහන් බ්ලොග් එකේදී මතු වුනු සංවාදය වියයුතුයි...
    ඔබ සඳහන් කළ ආචාරධර්ම වලට එකඟයි. ඒ වගේම තමයි තමන්ගේ බ්ලොග් එක තමන්ට අවශ්‍ය විදියට කරගෙන යාමට ඉඩ දියයුතුයි. ඇනෝ ප්‍රහාර ඔබට මට ප්‍රශ්නයක් නොවුවත් සමහරුන්ට එය ප්‍රශ්නයක් විය හැකියි. ඒවා මකා ඉවත් කිරීම වැනි දේවල් කිරීමට ඒ උදවියට ඉඩකඩ තිබිය යුතුයි. මම දන්නා ආකාරයට එවැනි දෙයක් කරන්නට නොදන්නා බ්ලොග් කරුවන්ද සිටිය හැකියි. එවැනි නොදැනුවත් කම් සහ තමන්ගේ බ්ලොගය ක්‍රමවත්ව සකස් කරගැනීමට උපකාර අවශ්‍ය අවස්ථා වලදී ලබාදිය යුතුයි. (මටත් එවන් උපකාර මුල් කාලයේ ලැබුණා) . ප්‍රධාන දේ විදියට මා සලකන්නේ සිංහලෙන් බ්ලොග් ලියවෙන ප්‍රමාණය අඩු නිසාවට මෙයට පිවිසෙන උදවිය එය ඉදිරියට කරගෙන යාමට දිරි දිය යුතුයි. බ්ලොග් කරුවකු මෙයට පිවිසුණු පසුව "බ්ලොග් එකක් පවත්වාගෙන යන්නෙ කෙසේද, පොස්ට් දැමිය යුත්තේ කෙසේද, තමන්ගේ බ්ලොගය ජනප්‍රිය කරගන්නේ කෙසේද, තමන්ගේ බ්ලොගය අලංකාර කරගන්නේ කෙසේද" සම්බන්ධයෙන් මූලික දැනුමක් ලබාදීම , අවශ්‍ය උපදෙස් හැකි පරිදි ලබා දීම සම්බන්ධයෙන් හැකි පරිදි දැනුවත් කළ යුතුයි. ඉංග්‍රීසියෙන් පලවන ඒ ගැන විස්තර බොහෝ විට සිංහල බ්ලොග් කරුවාට බොහොම සංකීර්ණයි. ඒ සඳහා මූලිකත්වය ගත යුත්තේ මේ ක්ෂේත්‍රයේ කාලයක් තිස්සේ නියැලෙන පුද්ගලයන්. එවන් බ්ලොග් කරුවන් බොහෝ දෙනෙක් මෙහි සිටිනවා. ඔබ ඉන් එක් අයෙක්.
    නෙලුම් යායෙන් බ්ලොග් අවක්ස්ශයට යම් මෙහෙයක් සිදුවුනා වගේම බ්ලොග් සමාජ ගත කිරීම සඳහා හැකි හැම අවස්ථාවකම හැම දෙනෙක්ම කටයුතු කළ යුතුයි. අප පවසන දේ වැරදි වේවා, නිවැරදි වේවා අපගේ මතය සමාජ ගත විය යුතුයි. ලියන කරුණෙහි වරද නිවැරැද්ද කෙසේ වෙතත් බ්ලොග් ලියන්නන් වැඩි වන තරමට මෙය සමාජගත වන බව මගේ හැගීමයි. තිබෙන මොකක් හෝ කියවීම වෙනුවට කියවන්නාට තෝරා බේරාගෙන කියවීමට හැකි වීමෙන් මේ සඳහා වැඩි පාඨකයන් පිරිසක් ඇදී ඒමක් එයින් සිදු වන බව මගෙ විශ්වාසයයි.
    මා දකින ආකාරයට මේ ගනුදෙනුවේදී වැඩිම වටිනාකමක් බ්ලොග් කරුවාට මෙන්ම කියවන පාඨකයාටත් හිමියි. පාඨකයන් වැඩි වීමට සහ ඔවුන්ට විවිධත්වයකින් යුක්තව මෙහි සැරිසැරීමට විශාල බ්ලොග් පරාසයක් තිබිය යුතුයි. මා දන්නා පරිද්දට ඇති විශාල සිංහල බ්ලොග් සංඛ්‍යාවකින් "සිංහල බ්ලොග් අවකාශය" සමන්විත වූවත් යාවත්කාලීන වන බ්ලොග් ප්‍රමාණය බොහොම අල්පයි. එම නිසාවට අප මුලින්ම රැකගතයුතු වන්නේ ඒම "සක්‍රීය බ්ලොග්කරුවන්" වයි.
    නීති පද්ධතියක් වෙනුවට ආචාරධර්ම පද්ධතියක් වැදගත් වගේම ඒම ආචාරධර්ම වලිනුත් ඔබ්බට ගොසින් සාමූහිකත්වයේ බැඳියාවක් "සිංහල බ්ලොග් කරුවන්" අතර ඇතිවිය යුතුයි...

    ReplyDelete
    Replies
    1. බොගක් දාන්නේ කෙසේද...?

      http://campussyndi.blogspot.com/2014/01/1.html

      Delete
    2. අප්පා.. එහෙම එව්වත් දාලනේ ඒ දවස් වල.. හැමදාම වගේ බ්ලොග් වලට අත හිත දෙන උඹ කරලා තියෙන්නෙ ලොකු දෙයක් ලොකු අයියෙ...

      Delete
    3. මුල සිටම බ්ලොග්කරුවන් අතර වාද, විවාද, කල්ලි වගේම සාමූහිකත්වයකුත් තිබුණා. බ්ලොග් හරහා සමාජ සත්කාරත් කර තියෙනවා. අවුරුදු උත්සව පැවැත්වෙනවා. ලේ දන් දීමක් කරනවා.

      ඇත්තටම සාමාන්‍ය සමාජයට වඩා ටිකාක් විතර හොඳයි වගේ!

      Delete
    4. ගස්ලබ්බ ඇටෙව්වෙත් ඔය පාඩම් මාලාවට පිංසිද්ධවෙන්න.

      Delete
  8. දෙයක් කියන්නට ඇති නිදහස ... එය කියවීමට , ප්‍රතිචාර දැක්වීමට ඇති නිදහස , අනිත් හැම දේම වගේ සාපේක්ෂයි නේදැයි කියාත් හිතෙනවා . ඔබ ප්‍රසිද්ධියේ කීමට මැලි වන දෙයක් , නිනාමිකව හෝ අන්වර්ථ නාමික විත් කීම වැරදිද ? හරිද ?

    මම මුලින් ලියන්න හැදුවේ සයිබර් චරිතයත් ඒ පිටුපස සිටින සැබෑ චරිතයත් පටලවා නොගත යුතුයි කියලා . ඒත් දැන් හිතෙනවා තමන් ජීවත් කරවන ඒ සයිබර් චරිතය ගැනත් අපිට වගකීමක් , වග වීමක් තියෙනවා කියලා .

    ReplyDelete
    Replies
    1. නිර්නාමිකව සිටීමේ අයිතිය වැදහත් එකක්. එය ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. විස්ල් බ්ලෝවර්ස්ලා ආරක්‍ෂා කිරීමට විවිධ රටවල නති පවා සැකසී තියෙනවා.

      ඒ සමගම අපි කරන කියන දේ ගැන අයිතිය සහ වගකීම අපේයි.

      Delete
  9. අනිවාර්යයෙන්ම බ්ලොග්වලට පොලීසියක් ඕනි නෑ. ඒත් තම තමන්ගේ පරිණත බව අනුව ස්වයංව සකසාගත් ප්‍රතිපත්තියක් හා දර්ශනයක් ඇතිව ලියනවානම් හොඳයි කියා සිතනවා.

    ReplyDelete
    Replies
    1. සමාජයේ නැති දේවල් කෝම බලාපොරොත්තු වෙන්නද තිලකේ.. මේ සයිබර් අවකාශයේ මොන තරම් විවිධාකාර මිනිස්සු ඉන්නවද කියන එක අමුත්තක් නෙමෙයි නේ..

      Delete
    2. හැමෝටම තමන්ට ආවේනික ආචාර ධර්ම තියෙනවා. ඒවාට සමහරු ලොකු බැඳීමක් තියෙන නිසා තමයි, වෙනත් අයෙකු තමන් වැදහත් කොට සළකන දෙයක් වැරැද්දු පසු කේන්ති එන්නේත්!

      Delete
  10. ඔබ ඔබ කරපු වැඩේ හරි නැහැ රසික. මේකට නොයෙක් තර්ක ගෙන්න හැකියි. නමුත් අර ඇඩම් ගුඩ්ස් ගේ වැඩේ දී අන්තිමට කියපු කතාවම මා නම් මෙතැනදී ත් කියනවා. එනම් ඒ කෙනාට සිත රිදීමක් නම්, ඔබ එය නොදා යුතුව තිබුනා. ඕව ඔබට ඕක හොයා ගන්න පුළුවන් තමා. නමුත් ඔස්තාර්ලා පවා, තමන්ගේ දෙපිටකාට්ටුවක් පෙන්වා දුන්න කොමෙන්ටු කපා, දමා, අනෙක්වා ඉතිරි කරන අතරේ, තමන්ගේම පොස්ටුවක් තමන්ට ඉවත් කිරීමට කෙනෙකුට තියන අයිතියත් ඔබ පිළිගන්න ඕනේ. එය එතනටම ගිහින් යලිත් ඔබන එක මා නම් හොඳයි කියා සිතන්නේ නැහැ.

    මෙතැනදී නව යව්වනයේ සිටපු කෙනෙක් කරපු දෙයක් නේ. තාමත් අත්දැකීම් හා ලෝකය වටහා ගන්න අතරේ නේ මේ ලියන්නේ. එහි තිබුන "වැරැද්ද" පවා දුටු නිසානේ අයින් කෙරුවේ. වෙනත් පරිසර වල තත්ත්ව එතනට ගලපන්න උත්සහ කිරීම අසාර්ථක දෙයක් රසික.

    එක්තරා පාර්ශවයක්ව මෙතනින් ඉවත් කිරීමට උත්සහයක් තියන අතරේ, අපගේ ක්‍රියාකාරිත්වයත්, එයටම අනුබල දෙන ලෙස පවත්වාගෙන යා යුතු නැහැ.

    ReplyDelete
    Replies
    1. Agree. What Rasika did would have been very intimidating to that young teacher. Whatever arguments Rasika can bring in to justify that, it was too harsh for a person who is relatively new in this blog world.

      Delete
    2. රයිගම මා ඒ ගැන කලින් ලියා තියෙන නිසා නැවත නොලියා මුලින් ම සබැඳි යොදන්නම්-

      1. ඊ-මේලයකට පිළිතුරක්

      2. ප්‍රතිචාරයකට පිළිතුරක්

      නැවතත් අවධාරණය කර කියනවා නම් - කාගේවත් සිත් රිදවීම කිසිසේත් ම මගේ අරමුණ වුනේ නෑ.

      නමුත්, ආපසු හැරී බලන කළ, වෙනත් උපමාවක් යොදා කියනවා නම්, නඩුවක් යන විට දී, කලින් කළ පාපෝච්චාරණයක් නැවත හමුවීමේ/සොයා දීමේ ඇති කිසි වරදක් නැති බව මට පේනවා. එය පොලිසියෙන් පහර දී බලෙන් කොලයකට අත්සන් ගත් සාවද්‍ය පාපෝච්චාරණයක් නොවෙයි!


      Delete
    3. @ Anonymous - 7 November 2015 at 23:17

      ඇයව තර්ජනයෙන් භය ගන්වන්වන්නට (ඉන්ටිමිඩේට්) මගේ සවිඥාණික චේතනාවක් නොතිබුණි.

      තර්ජනයෙන් භය ගැන්වීම සහ ශාරීරික දඬුවම් කිරීම තවමත් ලංකාවේ පාසල්වලින් තුරන් වී නොමැති බව දැන ගන්නට ලැබීම නම් මට ඉන්ටිමිඩේටින් වේ!

      Delete
    4. Rasika- would you do that if the blogger was a hardcore senior person. You only took the opportunity of advantage that the teacher is new and immature. If you were intimidated by the type of punishment in SL schools, there are better things you could do. In this particular case, the best option was to give the time and space to the teacher to reflect on her action and her post. You only invaded her space instead of giving her that peace of mind

      Delete
    5. ඇනෝ:

      මා මුලින් කියා ඇති කරුණක් නැවත මතක් කරන්නම් -
      /* බ්ලොග්කරුවන් සියලු දෙනාම එක හා සමාන ය. */

      Delete
  11. රසික අයියේ..............

    අපි හිතන්නේ මේක මේකාලට ගැලපෙන හොද සංවාදයක් කියලයි.... මේක බ්ලොග් සින්ඩි හෝ බ්ලොග් සහෘදයන් රැසක් ඒක්රැස් වන තැන්වල අැති විය යුතු සංවාදයක් තමයි....

    මොනවා වුණත් අපේ අදහස මෙහෙම ඒකතු කරන්නම්.... අැත්තට ම බ්ලොග් ලියන ඔ්නෑම අයෙකුට ඔ්නෑම දෙයක් ලිවීමට අයිතියක් තියෙනවා ඒක අපිට වෙනස් කරන්න බැහැ.. ඒක මූලික අයිතියක් වෙනවානේ... ඒත් බ්ලොග්කරුවන් අතර ඒකගතාවයක් තියෙන්නේ වෙනවා හරවත් දේ වැඩිපුර හෝ ලියනවා කියලා..... ඒක නීතියක් නෙමෙයි ඒකගතාවයක්..

    අනික් අතට අපි භාවිතා කරන භාෂාව ගැනත් හිතන්න වෙනවා.. අපිට ඔ්නේ ම දෙයක් ඔ්නේ ම විදිහකට ලියන්න හැකියි තමයි.... ඒත් අපි භාවිතා කරන වචන යම් පරිස්සමකින් භාවිතා කරනවානම් හොදයි.... ඒකත් පුද්ගලික ව අපි අතර තිබිය යුතු සංවරතාවයක් කිව්වොත් හරි.....

    අනික තමා සංවාදයක් අැතිවන අවස්ථාවක අපිට ඔ්නෑම මතයක් දැරිය හැකියි.... ඒකට අයිතියක් තියෙනවා.... ඒත් අනෙකාගේ මතයට අපි තුළ යම් ගරුකිරීමක් තිබිය යුතු වෙනවා..... අපිට යම් ලිපියක් හෝ නිර්මාණයක් විවේචනය කරන්න අවශ්‍ය නම් අපේ පාලනයක් සහිත වචන යොදාගෙන හරවත් විදිහට ඒක විවේචනය කරන්න හැකියි..... අැනෝ අැවිත් පහර පිට පහර ගහන ඒක නම් කැත වැඩක්..... විවෘත වූ හරවත් සංවාදයන් වැඩි කිරීමට අපි ඒකගතාවයක් අැති කර ගැනීම වැදගත්...

    අපි ලියන දේවල් ගැනත් අපි තුළ යම් හැගීමක් තිබිය යුතුයි..... අපිට හිතෙන දෙයක් ලියන්නට හැකියි... ඒත් සමාජයේ දැවෙන ගැටලු, සාකච්ඡාවට බදුන් කළ යුතු දේ, වැරදි තැන්, සමාජගත කොට අවධානය දිනා දිය යුතු දේ, අගය කළ යුතු දේ, වැනි දේවල් හැකි පමණ නිර්මාණයන්ට සහ ලිපි වලට යොදා ගන්නවානම් හොදයි.... ඒත් ඒ අතර ම අපි තේරුම් ගත යුතු තවත් දෙයක් තියෙනවා... අපේ බ්ලොග් සහෘදයන් බොහෝ විට තේමාවක් යටතේ ලියන බ්ලොග් තියෙනවා... සමහරු තාක්ෂණික දේ ලියනවා.. සමහරු කතා ලියනවා... තවත් සමහරු ඡායාරූප හෝ සංචාර ගැන ලියනවා..... මේ වගේ තේමාවක් යටතේ යන බ්ලොග් වලට මේක අදාල නොවෙන්නත් පුළුවනි.....

    අනික් දේ තමා අපි අතර තිබිය යුතු බ්ලොග්මය වගකීමක් ගැනත් අපි සදහන් කරන්න කැමතියි..

    1. හැකි පමණින් අනික් සහෘදයන්ගේ බ්ලොග් පැත්තට ගොස් කියැවීම
    2. යමක් කියෙව්වොත් වචනයක් හෝ කමෙන්ටුවක් ලෙස සටහන් තැබීම.
    3. අපේ බ්ලොගය හැකි හැම විටම යාවත්කාලීන කර ගැනීම.
    4. බ්ලොග් කිහිපයක් පමණක් කියවා පොඩි පොඩි ක්ලික් නොපවත්වා ගැනීම
    5. අලුත් බ්ලොග් කරුවෙකු පැමිණි විට ඔහු දිරිගැන්වීම සදහා කටයුතු කිරීම
    6. යමෙක් බ්ලොග් ලිවීමෙන් ඉවත් වෙන බවක් පෙනුනොත් ඔහු රදවා ගැනීමට උත්සහ ගැනීම
    7. හැමදාම නැතත් දවස් දෙක තුනකට වරක් හෝ සින්ඩි පැත්තෙ රවුමක් ගසා අලුත් ලිපිවලට ඒබී බැලීම

    මේක යෝජනාවක් විතරයි..... අපි ලියන දෙයක් කියවන ගානයි... කමෙන්ටු ගානයි තමයි අපිට සතුටට තියෙන ඒකම දිරිගැන්වීම.... ඉතින් අපි කියන්නේ අපි අපිම මේ දේ අවබෝධයෙන් පවත්වා ගනිමු කියලයි.... ඒ අතර නෙලුම් යාය වැනි බ්ලොග් දිරිගැන්වීමේ කටයුතු සදහා හැකි පමණ දායක වී ඒවා අඛණ්ඩය පවත්වා ගැනීමත් වැදගත්.......

    කුගැගීප සහෘදයෝ...................

    ReplyDelete
    Replies
    1. ඔබ පිරිස වෙනුවෙන් දක්වා ඇති දීර්ඝ අදහස්/විස්තරයට ස්තුතියි.

      ලයිස්තුවේ කාරණා ගැන නම් කියන්න තියෙන්නේ, ඒවා ආචාර ධර්ම හෝ ස්වයං රීති නොව එකිනෙකා අතර සුහදතාවය වැඩි දියුණු කර ගැනීමේ මෘදු ක්‍රම පමණක් බවයි.

      Delete
  12. මේ නිදහස් අදහස් දක්වන්න තියෙන තැනක්.. තමන්ට හරි කියලා හිතෙන දේ ලීවාම හරි..

    අදහස් දැක්වීමේ නිදහසත් තියෙන්න ඕන. ඒ වගේම ඒවාට කැමති නැත්නම් අයින් කරන්න නිදහසත් තියෙන්න ඕන..

    ReplyDelete
  13. ඇනෝ ආතල් - Anonymous Fun
    **********************************

    පිස්සු බල්ලෙක් හපා කෑ විට කල හැකි කාරනා කිහිපයක් ඇත
    සපා කෑ බල්ලාව සපා කෑම.
    බල්ලා මරා දැමීම.
    බල්ලාට අභය දානය දීම.
    බල්ලා කොටු කර මැරෙන හැටි බලා සිටීම.
    බල්ලෝ සියල්ලම මැරීම.
    වැදගත් බල්ලන්ද ෂුවර් නැති බව කීම.
    බල්ලා අල්ලා නෑවීම.
    බල්ලා ගැන ගමම දැණුවත් කිරීම.
    බල්ලාට යන්න හැර ගමටම කියා බල්ලා සෙවීම.
    ලැබුන චාන්ස් එක ප්‍රයෝජනයට ගෙන තරහකරුවන් සපා කෑම.
    බල්ලෙක් කෑවෝ කියා කෑ ගසමින් මැරෙන තෙක් ගම වටා දිවීම.
    සියළුම බල්ලන් එන්නත් කිරීම.
    ඉඳලා වැඩක් නෑ කියා මින් එක දෙයක් කිරීම (සයනයිට් වැනිදෙයක් කෑම. ගඟේ මූදේ පැනීම (පිහිනන්නට බැරි අයට පමණී.) එල්ලී මැරීම. බ්ලොගක් ආරම්බ කිරීම.)
    බල්ලා මරා බෙහෙත් කෝස් එක විඳ ගැනීම.
    බල්ලා නොමරා බෙහෙත් කෝස් එක කරගැනීම.
    නිහඬව සිට මියයාම.


    ඔබට මින් කැමති එකක්, කිහිපයක් හෝ සියල්ලම කල හැක.

    ඇනෝ ගැන මාතලන්ගේ මතය:-
    ඇනෝලා නැති බ්ලොග් ලොව... ජුන්ඩන් නැති කොල්ලන් වගේය...

    ReplyDelete
    Replies
    1. මාතලන්
      බල්ලාගේ පුකට පැස්ටෝල් ගහලා බල්ලා පුකෙන් යනහැටි බලලා පුක්වෝක් ආතල් ගැනීම

      සිංහල බ්ලොග් ලොව........ ඇනෝලා නැති බ්ලොග් ලොව... ජුන්ඩන් නැති කොල්ලන් වගේය.. කියලා මෙහෙම එන්නද

      Delete
    2. @ මාතලන්
      ප්‍රිවෙන්ෂන් ඊස් බෙටර් දෑන් "කුරේ" කියන කියමන අසා ඇති නේද?

      බල්ලා ගෙන් බේරී සිටීම වඩා වැදගත් කරුණයි!

      Delete
  14. හැර යන්න ආදරේ නිර්මල පැතුම්
    පාරන්න හිතුවාද ඇතිකර ගැටුම් 
    වැලපෙන්න බැරි හිතට මේ හැටි රිදුම්
    පෑහෙන්නෙ නෑ වැරදිකාරියෙ ඉතින්

    දුක දන්නෙ වෙන කවුද - ඇස් දෙක තරම් ……

    - ෆ්ලෑෂ්බෑක් -

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. අපේ පත්තරයට ඕනම බිලොගකට ඇවිත් "ඕ යේස්" කියා කොමන්ටු දැමීමට ඉඩ දිය යුතුයි...
      ඒ වගේම කම්මල මලයගේ දෙක දෙක දැමීමේ අයිතිවාසිකම කප්පාදු නොකල යුතුයි වගේම ඒ ගැන ප්‍රශ්න නොකල යුතුයි කියලත් මම යෝජනා කරනවා..

      Delete
    3. දිව්‍ය අංගනාවන්ට අපට වාගෙ තරහ යන්නෙ නෑ
      ඒක හින්ද ඒ උදවිය කවදාවත් වයස යන්නෙ නෑ!

      Delete
    4. පත්තරයට අංගනාව කීම පිළිබද මාගේ බලවත් විරෝධය

      Delete
    5. පත්තරයට අංගනාව කීම පිළිබද මාගේ බලවත් මෙව්වා එක ....හික්ස්

      Delete
    6. මං උඹට ඔය කම්මල එක්ක ආස්සරේ පටංගද්දිම කීව්වා.. දැං හරි නෙවැ..
      අපේ සීයටත් ඕකම තිබ්බා.. අන්තිම කාලෙ නිකං එකෝ වෙනව ඇහෙනව කතා කරද්දි..හරියටම දවස් තුනයි හිටියෙ දෙයියනේ. ඉහි ඉහි :D

      Delete
    7. ඔව්..ඔව් අපේ අයිතිය අපිට දියව් ..!!
      තැන්කූ මනෝ උඹ විතරයි මම වෙනුවෙන් හිටියෙ.
      පත්තරේ මම කිවුව උඹලගෙ සීයට ෆ්ලෑෂ්බෑක් එකේ ඔක්ට පෑඩ් ගහන්න යද්දිම එකෝ වෙලා කජ්ජ ගහයි කියල.

      Delete
    8. ඔව්..ඔව් අපේ අයිතිය අපිට දියව් ..!!
      තැන්කූ මනෝ උඹ විතරයි මම වෙනුවෙන් හිටියෙ.
      පත්තරේ මම කිවුව උඹලගෙ සීයට ෆ්ලෑෂ්බෑක් එකේ ඔක්ට පෑඩ් ගහන්න යද්දිම එකෝ වෙලා කජ්ජ ගහයි කියල.

      Delete
  15. මේ පෝස්ට් එකට පාදක වුනේ ගුරුවරියකගේ මතකය බව පසුව වැටහුණා. එතනදි රසික කරල තියන (මතභේදාත්මක) ක්‍රියාවට අදාළ වෙන ආචාර ධර්මය මේ පෝස්ට් එකට ඇතුළත් වෙලා නෑ නේද?

    බ්ලොග් කරුවකට (හෝ කාරියකට) තමන් ලියූ පෝස්ට් එකක් මකා දැමීමේ අයිතිය ඇත. එහෙත් එසේ මකා දැමූ පසුව ඒ ගැන නැවත කතා කිරීම සදාචාරාත්මක නැත.

    ReplyDelete
    Replies
    1. අප දන්නා 304 ක්‍රීඩාවේදී ද අවසාන වටයේ දී හෝ වසා ඇති කොලේ හෙළි වේ.

      Delete
    2. ශණි එතන ඇතිවුණ මතභේදය ඉවත් කල පෝස්ට් එක ගැන කථා කිරීම නොව, ඉවත් කල බ්ලොග් අයිතිකරු ගේ තෝරාගැනීමට ඇති නිදහස අභියෝගයට ලක්කිරීමට ඉවත් කල පෝස්ට් එක කමෙන්ට් වල පලකිරීමයි.

      Delete
  16. කරුණු සියල්ල සමග සම්පූර්ණයෙන් එකඟයි..

    ---------------
    //මේවා කිසිසේත් බ්ලෙග් සඳහා ම පමණක් අදාල, සුවිශේෂී, ආචාරධර්ම නොවේ. අප සාමාන්‍යයෙන් හැසිරිය යුත්තේ ද මෙලෙස ය.
    //
    අඩු ගානේ බ්ලොග් වලවත් ඔය දේ තියෙන එක ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. අතත්‍ය බ්ලොග් ලෝකය පියවි ලෝකයට වඩා ටිකාක් හොඳයි වගේ!

      Delete
  17. මේ ඇති. තව අනවසරයෙන් වෙනත් කෙනෙකුගේ පෝස්ටු නැවත පල කරන්නේ නම්, මුල් රචකයා දැක්වීම කල යුතු යයි සිතමි.

    ReplyDelete
    Replies
    1. නැවත පළ කරන විට අදාල තැනේ ලිපිනය සඳහන් කළ යුතුයි. මොකද බහුතරයක් බ්ලොග්වල කොපිරයිට්ස් රිසර්ව්ඩ් නෑ!

      Delete
  18. මම නම් බ්ලොග් ගැන වැඩිය දෙයක් දන්නෙ නෑ.නමුත් ඉඩ ලැබෙන විදිහට හැම බ්ලොග් එකක්ම කියවනවා..හැබැයි කවදාවත් ආචාරධර්ම කඩපු බ්ලොග් එකක්වත් , ලිපියක්වත් දැකලා නම් නැහැ.ඒ වුණත් රසික මහතා මේ වගේ ලිපියක් ඉදිරිපත් කරපු එක බ්ලොග් ලොවේ හැමෝටමත්,අලුතින් එකතු වෙන්න ඉන්න බ්ලොග් ආධුනිකයන්ටත් ඉතාමත් හොදයි කියලා හිතෙනවා.

    ReplyDelete
  19. This comment has been removed by the author.

    ReplyDelete
  20. This comment has been removed by the author.

    ReplyDelete
  21. මම නම් බ්ලොග් ගැන වැඩිය දෙයක් දන්නෙ නෑ.නමුත් ඉඩ ලැබෙන විදිහට හැම බ්ලොග් එකක්ම කියවනවා..හැබැයි කවදාවත් ආචාරධර්ම කඩපු බ්ලොග් එකක්වත් , ලිපියක්වත් දැකලා නම් නැහැ.ඒ වුණත් රසික මහතා මේ වගේ ලිපියක් ඉදිරිපත් කරපු එක බ්ලොග් ලොවේ හැමෝටමත්,අලුතින් එකතු වෙන්න ඉන්න බ්ලොග් ආධුනිකයන්ටත් ඉතාමත් හොදයි කියලා හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. මෙවැනි අදහස් මීට පෙර ද විවිධ තැන්වල ලියවී, කතාබස් වී තියෙනවා.

      Delete
  22. වැදගත්ම කාරණාව තමයි අදහස් දැක්වීමෙදී ඒක සංයමයකින් කරන එක.. එහෙම නොවුන තැන් වල තමයි ගැටළු බොහෝමයක් ඇති වෙලා තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. බහුතරයක් දෙනාට අවශ්‍ය සංයමය තියෙනවා.

      Delete
  23. ඇයි බොලල්ලා කාටවත් මේක පෙනුනෙ නැත්තෙ මේ වෙනකල්? ආචාර ධර්ම මිසක් ආචාර්ය ධර්ම කියලා ජාතියක් නෑ. රසික උඹ දැනුං තේරුං ඇති එකා. ඇයි මේක නිවැරදි නොකරන්නෙ?

    ReplyDelete
    Replies
    1. වැරැද්ද පෙන්වා දීම ගැන බෙහෙවින් ම ස්තුතිය. නිවැරදි කළෙමි.

      Delete
  24. Personal attacks නැතුව ලිපියේ අන්තර්ගතයට අදාළව සංවරව කමෙන්ට් කරනවා නම් ඒ ඇති.

    රසික කෑෂ් එකෙන් නැවත ඒ ලිපිය දාපු එකේ වරදක් මම නම් දකින්නේ නෑ. එතන සිද්ධියම අනවශ්‍ය drama එකක් කියලයි හිතුනේ.

    ReplyDelete
    Replies
    1. ඩ්‍රාමා කියන්නේ දියුණු සංස්කෘතියක අනිවාර්ය අංගයක් නේ!

      Delete
  25. මේකෙ ලින්ක් හරහා ගිහින් තමයි මම මේ මොකද වෙලා තියෙන්නේ කියලා දැනගත්තේ...

    ආචාර ධර්ම සඳහා සාමූහිකත්වය වගේම පෞද්ගලිකත්වය ද සැලකිය යුතුයි කියලයි මගේ අදහස.

    හිතන්න අපි දේශපාලනිකව අකමැති චරිතයක් ගැන. අපි බොහෝ වෙලාවට ඒ චරිතය පිළිබඳ උපහාසාත්මක දේ පවසනවා. නමුත් ඒ පුද්ගලයා මියගිය අවස්ථාවෙදි අපි ඒක දකින්නේ නොකළ යුතු දෙයක් විදිහට. ඒකට හේතුව යම් පුද්ගලයෙකු මියගිය විට ඔහු හෝ ඇය වෙනුවෙන් ශෝක වන පවුලේ ඥාතීන් සහ හිත මිත්‍රයන්ට කරන ගෞරවයක් විදිහට. ඒ වගේම මළසිරුරු වල රූප, මරණයක් සිදුවන අවස්ථාවක රූපරාමු ආදියත් බොහෝ පිළිගත් මාධ්‍ය ස්වයං වාරණයකට ලක් කරනවා. දූෂණයට ලක්වූ අයෙකුගේ අනන්‍යතාවය හෙළි නොකිරීමත් ඒ වගේ දෙයක්. සමහර රටවල මේවා නීතියක් ලෙස ක්‍රියාත්මක වුවත් බොහෝ තැන් වල මේවා සදාචාරාත්මකභාවය නිසා ක්‍රියාත්මක වන දේවල්. මේවා තර්ක වලින් පැහැදිලි කරන්න අමාරුයි. යමෙකුගේ පෞද්ගලිකත්වය නොසලකා හැරෙන්නේ, ඔහුගේ /ඇයගේ පුද්ගලිකත්වය ආරක්ෂා කිරීම නිසා ඊට වැඩි පිරිසක් අගතියට පත්වෙනවෙනවා නම් පමණයි.

    අදාල සිද්ධියට එනවා නම්, යමෙක් තමන්ගේ බ්ලොගයෙන් ඉවත් කල සටහනක් නැවත එහිම කමෙන්ටුවක් ලෙස දැක්වීම සාධාරණීකරණය කල හැකි අවස්ථා තියනවා. කෙනෙක් කියනවා නම් තමන් එවැනි දෙයක් ලියුවේ නෑ කියලා, ඒ වගේ අවස්ථාවලදී එසේ ලියූ බව තහවුරු කිරීම පිණිස එවැනි දෙයක් කලාට කමක් නෑ. නමුත් තමන් නුසුදුසු දෙයක් ලියූ බව හෝ ලිවීමෙන් කාට හෝ සිත් රිදීමක් ඇතිවූ බව දැනගෙන යමක් ඉවත් කලා නම්, නැවත එක පළ කිරීම සදාචාරාත්මකව වැරදි දෙයක් විදිහටයි මම දකින්නේ.

    ගුරුවරිය එම පෝස්ටුව ඉවත් කිරීම පිළිබඳ පැහැදිලි කිරීමක් කල බවක් මම දැක්කේ නෑ. බොහෝ විට එසේ කලා නම්, පෝස්ටුව නැවත ඉස්මතු වීම සිදුනොවෙන්නට ඉඩ තිබුණා කියන එකයි මගේ අදහස. යම් දෙයක් පිළිබඳව වාද විවාද සිදුවන අවස්ථාවක ඊට තුඩු දුන් මූලික ලිපිය නොමැතිවිට, එම ලිපිය නැවත පළකිරීමට කෙනෙක් පෙළඹීම තේරුම්ගත හැකි තත්වයක්.

    කළයුතුව තිබූ වඩා නිවැරදි දෙය, අවශ්‍ය ඕනෑම කෙනෙකුට එම ලිපිය විවිධාකාර වලින් ලබාගත හැකි බව පෙන්වා දී, එම ලිපිය නැවත පළකරන ලෙස ගුරුවරියගෙන් ඉල්ලා සිටීම බවයි මගේ හැඟීම.

    ReplyDelete
    Replies
    1. හැම දෙයක්ම සිදුවෙන මුල් වතාවක් තියෙනවා. මේ එවැනි අවස්ථාවක්. අපරාදෘෂ්ඨිය සහිතව නොයෙකුත් දේ කියන්න හැකියි. අපි හැමදාම ඉගෙන ගන්නවා.

      මා කළ දේ නොකර සිටියා නම්, කළාට වඩා පොදු යහපතක් වේ ද?

      Delete
  26. බ්ලොග් කියවන්නේ කමෙන්ට් කරන්නේ මූලික වශයෙන් විනෝදය සඳහාය. මට තරහායාම විනෝදජනක නොවේ. එනිසා තරහා නොයන ලෙස කමෙන්ට් කිරීමට උත්සාහ කරමි

    ReplyDelete
    Replies
    1. I try not to anger anyone if possible but mainly it applies to myself. Can't always avoid angering others.
      pra jay

      Delete
  27. ලිපිය දැක්කෙ ඊයෙ. කමෙන්ටුවක් දාන්න බැරිවුනා. මම සාමාන්‍යයෙන් පවත්වාගෙන යන ස්වයං නීති රීති ටිකක් තියනව. ඒ මේ වගේ දේවල්,

    1.කමෙන්ට් කිරීමේදී යාළු මිත්‍රකම් අදාල කරගන්නේ නෑ. විවේචනයක් කලයුතු නම් කරනව. බ්ලොග්කරුවා අමනාප වෙයිද වගේ ප්‍රශ්නත් මට නෑ.
    2.විවේචනයක් හෝ ප්‍රසංසාවක් ගැන ලියනව නං අනිවාර්යෙන්ම ලින්ක් එක අදාල ලිපියට දානව.
    3.ලිපි/කමෙන්ට් මැකීම කරන්නෙ නෑ කිසිසේත්ම. වැරැද්දක් නිවැරදි කරගන්න තවත් වැරදි නොකර ඉන්නයි බලන්නෙ.
    4.ඇනෝ වාරණය/මොඩරේට් කිරීම/කැපීම හැකි උපරිමය දක්වා ඉවසල ඒත් බැරිනම් විතරක් කරනව.
    5.ප්‍රශ්න කරන එකාගෙ ජාතකේ අහන්නෙ නෑ. "ඕක කියන්න ඇනෝ එන්න ඕනද" නැත්තං "ප්‍රොෆයිල් එකෙන් වරෙං, උත්තර දෙන්නං" වගේ අදහස් පිලිගන්නෙ නෑ.
    6.තවත් තියනව, මේ මතක ටික. ඒ වගේම රසිකගෙ අදහස් වලටත් එකඟයි.

    යම් යම් අවස්ථාවල එක් එක් බ්ලොග්කරුවන්ගේ හැසිරීම් කිරා මැන බලල තියනව. රසික ඉන්න ස්ථාවරයන් 99%ම එකඟ විය හැකි බවත් කියන්න ඕන. (වර්ණනාවට සමාවෙන්න, බ්ලොග් අවකාශයේ මම ගරුකරන එකම එක මනුස්සයත් රසික බව කියන්න කැමතියි. කියන දේවල් වල විසංවාදී ගතිය අඩු, ඒ කියන්නෙ බලෙන් ගොඩනඟාගත්ත චරිතයක් නොවන කෙනෙක් විදියට මා, ඔබව තේරුම්ගෙන තියනව.)

    ReplyDelete
  28. බ්ලොග් මූලධර්ම ගැන ලොකු අවබෝධයක් නෑ.........
    බ්ලොග් එක පටන්ගත්තේ මාතලන් පෙන්නපු බොගක් දාගන්නේ කෙසේද ලිපිය කියවලා යෙදුණු සුභ නැකතින් පස්සෙ...

    බ්ලොග් ලියන්න යොමු වුණේ ග්‍රවුන්ඩ්වීව්ස්ගේ උපදෙස් මත...
    සින්ඩිකේටර් ගැන ඉගෙනගත්තෙත් ඔහුගෙන්....

    ඒත් බ්ලොග් එක ලියපං යකෝ කියමින් නිතර දිරිමත් කළේ ආත්මීය සගයා වන බිඟුනා...
    (ඔහුගේ බ්ලොග් එක http://borathel.blogspot.com/ )

    කොහොමහරි මටත් බ්ලොග් කාරයෙක් යැයි තමාව හඳුන්වාගන්නා එකෙක් වෙන්න පුළුවන් වුණා

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.