Wednesday 25 November 2015

දුම් බොන්නන් යනු අපතයින් ය - Kiss only non-smokers!


මා අටවෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටිද්දී පාසලේ අමතර ක්‍රියාකාරකමක් ලෙස අපේ පන්තියෙන් ද මහා වෙසක් කූඩු රාජයෙකු සෑදීමේ ව්‍යපෘතියක් ඇරඹුණි. මෙහි වැඩකටයුතු සඳහා පාසලෙන් පසු පැය කිහිපයක් නතරවීමට අප කතා කරගත්තෙමු.

අදාළ දිනයේ දහවල් දෙක පමණ වෙන විට ව්‍යාපෘතියට අවශ්‍ය උණ ගසක් කපා ගැනීමට හැකි විය. එයින් පසු, ඒ උණ කපා කොටා, අවශ්‍ය ලී පතුරු සාදා ගන්නවා වෙනුවට, අපේ කොලු පිරිසට අවශ්‍ය වූයේ සිගරැට් බීමටයි.

ඒ සඳහා නායකත්වය දුන් කිහිප දෙනා ඊට පෙර ඒ අත්දැකීම ලබා තිබුණු බව පෙනෙන්නට තිබුණි. ජීවිතයේ මුල්වරට, ෆෝ ඒසස් නමින් හැඳන්වුණු සිගරැට් වර්ගයකින් දුම් බිඳක් කට ඇතුළට ගෙන ඒ සැණින් පිට කිරීම ක්‍රියාව මම දෙවරක් පමණ කළෙමි. මගේ ආධුනිකත්වය, අපේ පන්තියේ විශාරදයින් ගේ සිනහවට හේතු වූ අතර, දුම් බොන්නේ මෙසේය, දුම් වළලු යවන්නේ මෙසේය යනුවෙන් උපදෙස් ද මට ඔවුන්ගෙන් ලැබුණි.

මිත්‍ර සමාගම සමග ඒ ආකාරයට දුම්බීමට තවත් වරක් දෙවරක් අවස්ථා උදාවුණු අතර, මා ඒවා මුළුමනින්ම ප්‍රතික්‍ෂේප නො කළෙමි. ඒ සියලු අවස්ථා, මුල් දිනයේ පරිදි දෙතුන් වරක් දුම් මුව තුළට ගෙන පිට කිරීමට පමණක් සීමා වී ය.

මේ කාලයේ ලංකාවේ දුම්බීම යනු සාමාන්‍ය එදිනෙදා ක්‍රියාවකි. නිවසට පැමිණෙන අමුත්තන්ට දුම්වැටියෙන් සංග්‍රහ කිරීම ද සාමාන්‍යයෙන් කෙරුණි. ඒ දුම්බොන අය සිටන නිවෙස්වල දී පමණක් නොවේ.

මලගමකදී ද ඔරේන්ජ් බාර්ලි, නෙක්ටෝවලට අමතරව, දුම්වැටි ද පිළිගැන්විණි.

දුම්වැටි පිළිබඳ වෙළඳ දැන්වීම්වලින් පුවත්පත් පිරී තිබුණි.

ක්‍රීඩාවලට අනුග්‍රහය දැක්වීම දුම්වැටි ප්‍රචාරණයේ එක් ප්‍රධාන අංගයක් විය. ළමා ළපටි අපේ මෙන් ම, තරුණයින්, වැඩිහිටියන් ගේ ද ප්‍රියතම ගුවන් විදුලි වැඩ සටහනක් වූයේ ප්‍රේමසර ඈපාසිංහ විසින් ඉදිරිපත් කළ, ලංකා දුම්කොළ සමාගම අනුග්‍රහය දැක්වූ බ්‍රිස්ටල් ක්‍රීඩා විසිතුරු ය.

කෙසේ වෙතත් මා ගනේමුල්ලේ පාසලෙන් සමත්ව, කොළඹ පාසලේ දහවෙනි ශේ්‍රණියට ඇතුළත් වූ පසු පාසල් මිතුරන් දුම් පානය කළ අවස්ථා මට මග හැරී ගියේය.

පසු කලෙක, විශ්ව විද්‍යාල සමයේ දී කටට ගන්නා දුම් උගුරෙන් පහළට පෙනහැල්ල දක්වා යැවීමට උගත් නමුත් එය ද මට කිසිදු උත්තේජනයක් ගෙන දුන් දෙයක් නොවීය. ඒ ආකාරයේ දුම්බීම පවා කෙරුණේ මත්පැන් බිඳක් තොල ගෑ දිනවල පමණි. මත්පැන් බිඳක් තොල ගෑවුණේ, එක්කෝ වසරාවසානයේ පැවැත්වෙන විභාගය අවසන් වූ දින, වාර්ෂික චාරිකාව ගිය දින ගෝ විභාග ප්‍රතිඵල පිටවූ දිනවල පමණි. එනම් වසරකට දෙතුන් වරකි.

මේ හැම අවස්ථාවක දී ම, මගේ මුව තුළ ඉතිරි වූයේ තිත්ත රසයකි. දුම් උගුරු දෙකකින් පසුවද එසේ හැඟෙන කළ, දුම් වැටියක්ම බීවා නම් කෙලෙස වෙන්නට ඉඩ තිබුණේ ද?

වාසනාවට මෙන් එනිසාම මම දුම්බීමට ඇබ්බැහි නොවුණෙමි. වින්දනයක්, රසයක්, ආස්වාදයක් නොලැබෙන දෙයකට කෙසේ නම් ඇබ්බැකමක් ඇති වෙන්නද?

ඒ කාලයේ දුම් බීම පුරුද්දක් ලෙස කළ සමහර මගේ මිතුරන් මේ වෙන විට එයින් අත් මිදී ඇති බව දැන ගන්නට ලැබීම සතුටට කරුණකි.

ලංකාවෙන් ඕස්ටේ‍ර්ලියාවට පැමිණෙන අයට වහාම දුම්බීමෙන් මිදීමට උදව්කර ගත හැකි කාරණා රාශියක් තිබේ.

එලෙස පුනරුත්ථාපනය වූ මගේ මිතුරෙකුට අනුව, ඒ කරුණු මෙසේය.

දුම්වැටි එකක් දෙකක් මිලට ගත නොහැක. ගත යුත්තේ පැකට්ටුවකි. ඒවා බදු මගින් ඉතා අධික ලෙස මිල කර ඇත.

කුලී තට්ටු නිවාසවල ඇතුළත දුම්බීම තහනම් වේ. පසු කලෙක, ලංකාවේ ද ක්‍රියාත්මක කීරීම ඇරඹුණු පොදු වාහන, ප්‍රසිද්ධ ස්ථාන, ගොඩනැගිලි, කාර්්‍යාල, සිනමා ශාලා, ආපන ශාලා ඇතුළත මෙන්ම, බොහෝ මත්පැන් බොන ස්ථානවල ද, දුම්බීම තහනම් ය. ඒ සඳහා සුවිශේෂී තැන් වෙත යෑමට සිදුවේ.

දුම්බීමේ ආදිනව ගැන දැක්වෙන වාක්‍ය සහ බියකරු ඡායාරූප ද දුම්වැටි පැකැට්ටුවල දෙපස මුද්‍රණය කර තිබේ.

දුම්වැටි පැකට්ටු මිලට ගත හැක්කේ ද, සුවිශේෂී ස්ථාවලින් පමණි.

මේ වන විට, දුම්වැටි පැකට්ටුවල කිසිදු වෙළඳ සලකුණක් මුද්‍රණය නොකර සෑම පැකට්ටුවක්ම එකම ආකාරයෙන් සැකසිය යුතුය, දුම්වැටි පැකට්ටු ඒවා විකුණ ස්ථානවල සඟවා තැබිය යුතුය යනාදී වශයෙන් ඒ නීති තවත් දැඩි වී ඇත.

මේ හේතුව නිසා මා වසර කිහිපයකින් දුම්වැටි පැකට්ටුවක් දැක නොතිබුණි. මෑත දිනයක, එක් ස්ථානයක දී එවැන්නක් දුටුවිට මට එය කුමක්දැයි හඳුනා ගැනීමට ද ටියුබ් ලයිට් තත්පරයක් පමණ ද ගත විය.

මේ මා දුටු ඒ සිගරැට් පැකට්ටුවේ පැති පෙනුම් දැක්වෙන ඡායාරූප කිහිපයකි.



මේ තවත් එකක ඡායාරූප ය.



සිගරැට්? යක්!

-රසිකොලොජිස්ට්

(image: http://healthyhighlanders.co.uk/HPAC/BrowseSearch.jsp?subjectId=22&typeId=D&submit=true&sort=title&page=2)

80 comments:

  1. දුම් බිව්වාම අපතේ තමයි, බියර් බිව්වාමත් ඒමයි.

    ReplyDelete
  2. බත් උනත් අප්‍රිය කොරලා කෑවොත් එහෙම තමයි...

    සමහරු දූරියන් කන්නෙත් නෑ නේ.. සමහරු කරවිල කන්නෙත් නෑ..

    ReplyDelete
    Replies
    1. සිගැරට් එකේ රසයත්..
      එහි ඇති මහා ගුණයත්..
      බොන උතුමෝ මිසක්..
      නොබන උන් කිසි දිනෙක් නොමදත්...

      රසිකට වෙලා තියෙන්නේ මේකයි.. ඉස්සෙල්ලම පටන් අරගෙන තියෙන්නේ කබ්බා සිකැරට් එකකින්.. ඒ කාළේ ගෝලිප් තිබ්බේ නෑ මයෙ හිතේ.. බ්‍රිස්ටල් තමයි හොඳම එක.. අපි ගැහුවේ ඒක.. ආන් එහෙම හොඳ දේකින් පටන් ගත්තා නම් මෙහෙම පෝස්ට් එකක් එන එකක් නෑ..

      හැබයි කොහොම වෙතත් ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැත කියන එක මා(තලන්) තරයේ අදහන එකක්...

      Delete
    2. ඒ කාළේ ගෝලිප් තිබ්බා මට මතක හැටියට එකක් සත 18 නැතිනම් සත 22 වෙනවා
      සත 11ට පොරෙස් එක තියන කොට තිරෝස් එක සත 13 යි. බ්ස්ටල් එකක් සත 14යි . තිරෝස් එකට නවිකට් එකටයි පිල්ටර් නැ අදිනකොට දුන්කොල කැලි කටට එනවා ඉතින් එහින්දා කොන තදින් මිරිකලා අදින්නේ සත 10 ජනතා බිඩි 4ක් හරි 5 ක් හරි දුන්නා මතකයි කළු සුරුට්ටුව සත 5 යි 1976/1977 විතර කාලේ වගේ තමයි මට මතක

      Delete
    3. බ්‍රිස්ටල්, ගෝල්ඩ් ලීෆ්, මැටහෝන් ඔය මොක බීවත් කටේ තිත්ත යන්නේ නෑ, අනික නිතරම සිගරැට් බොන අය ලඟ දුම්කොල ගඳ එනවා!

      Delete
    4. මට තේ බීවහමත් ඔහොමයි. කට තිත්තයි, කහට රහ එනව. අනික නිතර කෝපි බොන අය ලඟ එන කෝපි ගඳටත් මගෙ වැඩි කැමැත්තක් නෑ. හැබැයි, ඉඳල හිටල තේ රසත්, කෝපි රසත්, දුන්කොල රසත් බලන්ඩ හිතුනම බොනව.

      Delete
    5. @ Anonymous 25 November 2015 at 19:24 >>>>>

      1973 දී කැප්ස්ටන් හෙවත් නැවිකට් සිගරැට්ටුවක් ශත 3 යි; ෆෝ-ඒසස් සිගරැට්ටුවක් ශත 4 යි; ත්‍රී-රෝසස් සිගරැට්ටුවක් ශත 5 යි; ස්පෝර්ට්ස්මන් සිගරැට්ටුවක් ශත 6 යි; බ්‍රිස්ටල් සිගරැට්ටුවක් ශත 8 යි; ගෝල්ඩ් ලීෆ් සිගරැට්ටුවක් ශත 11 යි.

      1973/74 ආර්ථික අහේනියෙන් පස්සේ ස්පෝර්ට්ස්මන් සිගරැට් නැතිවෙලා ගියා. අනිත් සිගරට් හිඟ වුණා. දුම්කොළ සමාගමෙන් බාල දුම්කොළ යොදා නිෂ්පාදනය කරපු "ස්ටාර්" කියලා අලුත් සිගරැට්ටුවක් හඳුන්වා දුන්නා. ඒවා පොල් කොළ රහයි. අවුරුදු දෙකකට වඩා ඒ බ්‍රෑන්ඩ් එක තිබුණේ නැහැ. රජයේ ආයතනයක් වුණු ශ්‍රී ලංකා දුම්කොළ කර්මාන්ත සංස්ථාවෙන් ත්‍රිකුණාමලයේ කන්තලේ ප්‍රදේශයේ විශාල වශයෙන් දුම්කොළ වගා කරලා ඒවායින් බීඩි නිෂ්පාදනය කළා. ඒ තමයි "ජනතා බීඩි".

      Delete
  3. ඒ කාලෙ සිගරට් පැකට් හරිම ඉට්ටැයිල්.. මතකද ප්ලේයර්ස් නැවි කට්... කැප්ස්ටන් එහෙම! ඒකාලේ පොරවල් සිගරට් බිව්වෙ ගාමිණී ෆොන්සේකා, ජේම්ස් බොන්ඩ්, ඉට්ටැයිල් එකට. සිගරට් එක බොන්ට ඉස්සරලා අතේ ඔර්ලෝසුවේ ග්ලාස් එකේ ෆිල්ටරේ පැත්තෙන් දෙපාරක් විතර ගහලා පැක් කරනවා..

    ReplyDelete
    Replies
    1. නැවිකට් නොහොත් කැප්ස්ටන් බීම තමයි ලොකු කම නේද? ත්‍රී රෝසස්වලත් ෆිල්ටර් තිබුණේ නෑ!

      Delete
  4. මත් වෙන, ඇබ්බැහි කරවන, ලෙඩ හදන හැම දෙයක්ම 'අපත' generators තමයි

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ලියවිල්ල, කියවිල්ලත් ඒ වගේ නොවෙයිද?

      Delete
    2. මත් වෙනවා නම්, ලෙඩ හැදෙනවා නම්, ඇබ්බැහි වෙනවා නම් කෝකත්!

      Delete
    3. සිගරුට් බීමේ එක වරදක් තමයි තැන නොතැන බොන්න හැකි වීම, එනිසා අපත සංගුණකය වැඩියි.

      Delete
  5. ජීවිතේ ගැන ආසාවක් නිසා නෙවෙයි!! එත් ලොකු වින්දනයක් නැති නිසා සිගරට් බොන්න මගේ ලොකු උනන්දුවක් නැහැ..
    ඒත් සමහර යාලුවන් එක්ක කතා කරන්න දුම්වැටිය ලොකු උදව්වක් වෙන වෙලාවල් තියෙනවා...

    ReplyDelete
    Replies
    1. ඒකනේ සෝසල් ඉස්මෝකර් කියන්නේ....

      Delete
    2. මාතලන්,

      bitch kiyawo dum dum dum dum !!!!!
      bitch kiyawo dum dum dum dum !!!!!

      ඔයයි මමයි !!!!!!

      bitch kiyawo dum dum dum dum !!!!!
      bitch kiyawo dum dum dum dum !!!!!

      Delete
    3. මුලින් වින්දනය, පස්සේ විඳවීම!

      Delete
  6. මට නමි මේක හරිම ඇබිබැහියක් උනා
    ක්වාටස් එකේ දුමිබිවිව තුන් දෙනෙක් හිටිය
    බොන්නේ නැතුව ඉන්න පුලුවන් කිසිම ගැටලුවක් නැ
    කොචිචර බොන්නේ නැ කියල හිත තදින් හිතුවත් එකෙක් බොනව දැක්කම ස්වයංක්‍රියවම වගේ ගිහිල්ල උගෙන් ශොටි
    එකක් ඉල්ල ගන්නව
    ඊට පස්සේ තුන්දෙනාම එකතුවෙලා සමිමුතියක් ගහුව අය බොන්නේ නැ කියල
    දැන් නවත්තලා මාස කිපයක් වෙනාව

    ReplyDelete
    Replies
    1. ජයවේවා!
      අනුන්ගේ බට් ගැසීම නිසා වෙන ලෙඩත් එන්න පුළුවනි!

      Delete
  7. රසික අහල තියනවද "tobacco science" ගැන?

    අන්ද බක්තිය තරම් මිනිසා නොමග යවන වෙන කිසිදෙයක් නැති තරම්
    මේ දොස්තර වරු එදා කියපු දේ
    https://www.youtube.com/watch?v=bnKLpO9qhOE

    මේ ඔවුන් අද කියන දේ
    https://www.youtube.com/watch?v=cAEjWfeIcVw

    තීරණය ඔබසතුයි !!

    ReplyDelete
    Replies
    1. සයන්ස් කියන්නේත් සල්ලි මත යැපෙන දෙයක්!

      Delete
    2. රසික,

      හරියට හරි අන්න නිවැරදි පිළිතුර!!, වැඩේ කියන්නේ ඕක බොහෝදෙනාට නොතේරීමයි!!

      Delete
    3. අනික මේකත් ඒ කාලේ මාකටින් ජිඩිබිඩිස් එකක් වෙන්න ඇති (හොද නැති බව දන්න නමුත්)
      මොකද ඩොකාලා සිගැරටි බොනව කිවුවුවම ඉතින් අය වෙන මොනවද
      ඉබිබ දියට දැමිමම ඇන්නෑවේ කිවුව කියනවනේ

      Delete
  8. පාපන්දු ලොවේ බ්‍රිස්ටල් ජය පැතිරේ.....

    ReplyDelete
    Replies
    1. ලකුණු සියයයි... සතුට දැල්වෙයි..

      Delete
    2. @ රසික, ඔය ෆොටෝ එකේ තියෙන ඩබල් ඩෙකර් බස් එකේ ඇඳලා තියෙන ලංගම ලාංඡනයෙන් කියන්න පුළුවනි, මේක 1971 ට කලින් ගත්තු ෆොටෝ එකක් කියලා. ඒ මොකද කියනවා නම් 1971 දී තමයි ලංගම ලාංඡනයට සිංහයා එකතු වුණේ.

      Delete
  9. දුම්බීම ගැන ඇති බ්ලොග් පෝස්ට් වල කමෙන්ට් කිරීම සෞඛ්‍යට අහිතකර වන්නට පුළුවන.

    ReplyDelete
  10. කාලේ හොඳ හින්දද කොහෙද බුදු හඳුරුවන්ගේ කාලේ දුම් බිම තිබිලා නැති එක . තිබ්බනම් එහෙම පන්සිල් වෙනුවට සික්ස්සිල් කියන්න වෙයි කස්ටිය ඔක්කොටම

    ReplyDelete
    Replies
    1. හාන්දුරුවෝ සිකැඅට් බිව්වට පව් නැද්ද...?

      Delete
    2. හාන්දුරුවෝ සිකැඅට් බිව්වට පව් නැ නැමයි. ඒවගේම බ්‍රවුන් ඩස්. ස්නෝ වයිට් ගැහුවත් පව් නෑ බුදුහඳුරුවන්ගේ කලේ තිබ්බ පව් ඒවා විතරයි පව් . බුද්ධාගමට අලුත්පව් වෙන ඒවා අලුතින් ගෙනවානම් , බුද්ද ධර්මය ත්රිපිටිකය වියවස්ථ සන්සොදන්යක් ගෙනල්ලා සම්මත කරගෙන කොපියක් අපායටත් තවකොපියක් දෙව්ලොවටත් යවන්න ඕනේ එකම දිනයට ලැබෙන්න

      එහෙම කලේ නැතිනම් එය මානව හිමිකම් සාපරාධි ලෙස උලංගනය කිරීමේ යටතේ වාසුට කියලා ශේෂ්ටා අධිකරණය[ අලුත් කඩේ ] නඩුවක් ගොනුකරන බව කලින් දෑනුම් දීමක් වශයන් එන්තරාසියක් යවනලිපිය ප්‍රින්ට් කරලා තිගන්න වෙනවා

      Delete
    3. හාමුදුරුවන්ට විතරක් නෙමෙයි ගිහියන්ටත් සිගරට් බිව්වා කියලා පවක් වෙන්නේ නෑ. ඉස්සර හාමුදුරුවන්ට දැහැත් පුජා කරද්දී සිගරට් සුරුට්ටු පවා පුජා කරා.

      සිගරට් කියන්නේ මත්වෙන දෙයක් කියලා නෙමෙයි ගණන් ගන්නේ. සිගරට් බිව්වා කියලා මනුස්සයෙක්ගේ සිහිය විකල් වෙන්නේ නෑනේ. සිහිය විකල් වෙන දේවල් තමයි ගන්න හොද නෑ කියලා ධර්මයේ සදහන් වෙන්නේ.

      හැබැයි දැන් ඉන්නා හාමුදුරුවරු සිගරට් බිම නොකරනවා නං වඩා හොදයි. මොකද ඉස්සර වගේ දැන් ගිහියන් සිගරට් වගේ දේවල් පුජා කරන්නේ නෑනේ. ඉතින් එව්වට පුරුදු වී ඉන්නා හාමුදුරුවන්ට ඒවා මිලට ගන්න වෙන්නේ. ඒවාට මුදලුත් ඕනිනේ.

      ඒ නිසා එවැනි දෑට හාමුදුරුවරු යොමු නොවී සිටිනවා නං හොදයි.

      අනික තමයි මේ ආත්මේ යමෙක් මත්පැන් වගේ දේවල් බොන්නේ දැන දැනම සිහිය විකල් කරගන්නනේ. අන්න එතකොට ඉතින් ඊලග ආත්මේදී සිහිය විකල් වෙලාම තමයි උප්පත්තිය ලබන්නේ.

      Delete
    4. ඊළඟ ආතමය ගැන කොහොම්ද ඔයා දන්නේ.. ම්ට ඔයාගෙ ගිය ආත්මය ගැන පොඩ්ඩක් කියන්න පුළුවන්ද...?

      Delete
    5. ම්ට ඔයාගෙ ගිය ආත්මය ගැන පොඩ්ඩක් කියන්න පුළුවන්ද...?

      අර රැට රැට ඔයාට කොල්කරන විචාරක ලොක්කාගෙන් අහනවද කොල් කරපු වෙලාවක මගේ ගිය ආත්මය ගැන එයා දන්නවා එක . එයා කියයි ඔයාට

      Delete
    6. සිගරැට් නැති නිසා ඒ දවස්වල පොරවල් රා බොන ගමන් බිව්වේ බීඩිද?

      Delete
    7. රා වලට කොහොමත් සෙට් වෙන්නෙ බීඩි. හෙහ් හෙහ්..

      Delete
    8. දුංකොළ දුන නැතුවට, දුංකොළ නම් තියෙන්ඩ ඇති. ඒකනෙ දැහැත් පූජා කොරන්නෙ.

      Delete
  11. ඔය පැකැට්ටුවෙ රූප මං මුලින් දැක්කෙ අවුරුදු කීපෙකට කලිං මැලේසියාවේදි. සිගරැට්ටෙකක් බිබී ඉද්දි ඔය කුණු වෙච්චි පෙනහලු රූප දැකල බොමින් හිටි සිගරැට්ටුව විතරක් නොවෙයි පැකැට්ටුවම වීසි කළා. ඒත් ඉතිං තනිකම් දෝෂ එක්ක ආයෙම බොන්න ගත්ත.
    කී සැරයක් නං නවත්තන්න ඇද්ද...
    මේ ඇබ්බැහිය නැතිවෙන්න හොඳ බලපෑමක් තියෙන්න ඕනෙ මට නං. ස්වයංපාලනය තාවකාලිකයි.
    මාස කීපෙකට කලිං එහෙම තීරණයක් ගත්ත ආයෙම.

    ReplyDelete
  12. මුදල් නාස්තියක් බව හැබෑව.. ලෙඩ හැදෙන බව හැබෑව.. ගඳ බව හැබෑව..
    වැඩේ තියෙන්නෙ ඕක... එක්කො ඕන නෑ.
    ප්‍රෙශර් රිලීස් කොරන්න හොඳ ප්‍රැක්ටිකල් ක්‍රමයක් ආවොත්..,(මෝඩ අපිටත් සෙට් වෙන.)
    එතකන් මේ දැල්ල නිවෙන්නෙ නෑ.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඒ්ෙකමිම

      Delete
    2. අපතයෙක් නොවෙනු!

      ප්‍රෙෂර් රිලීස් කරන්න ඔලුව මුදුණේ තියෙන පොරොප්පය ගලවන්න!

      Delete
  13. මම නම් තවම දුම් බී නොමැත. බීමට අදහසකුත් නොමැත. ඒ දුම යන්තමින් හෝ ඉවසාගනීමට මට අසීරුය. දුම්බීම ගැන කතා කරන විට, මා හට 1974 වසරේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවෙන් විශ්‍රාම ගිය දිස්ත්‍රික් පරීක්ෂකවරයෙක් ලියූ පොතක කොටසක් මතක් වේ. එය මා මෙහි උපුටා දක්වන්නෙමි.

    මෙම පොතේ කර්තෘ ට වෙනත් දුම්රිය නිලධාරියෙකුගෙන් ලැබුණු උපදෙස සහ ඊට ඔහු ලබාදුන් පිළිතුර මා උපුටා දක්වන්නෙමි. මෙම දිස්ත්‍රික් පරීක්ෂකවරයා, 94 වන විහිදීත්, තවමත් යහපත් සෞඛ්‍ය තත්වයෙන් යුතුව පසුවන බවට මා ඇසින් දුටු සාක්ෂි අනුව පවසමි.

    "Before we depart, I like to give you a word of advice, drink and smoke even occasionally. You will find yourself in fine fettle."

    පිළිතුර-
    " Mr. ........., I have smoked enough throughout. I am sure you have not smoked as much. For 22 years I smoked coal burnt gases and smoke. For 5 years I smoked furnace oil burnt black smoke in and outside tunnels and another 7 years diesel oil burnt fumes and smoke out of exhaust. I don't think you can break that record."

    මෙම බ්ලොග් අඩවිය ලියන රසික මහතා 1960-70 දශක වල උඩරට මාර්ගයේ ගමන් කර ඇත්නම්, මෙම අධික කළු දුමාරය ගැන අමුතුවෙන් කිවයුතු නොවනු ඇත.

    එමෙන්ම, සිගරට් දුමෙහි රොකට් ඉන්ධන ආදිය සඳහා යෙදෙන සංයෝගද, තාරද ඇති පදම් තිබෙන බව මා දැක ඇත්තෙමි. ශ්වසන මාර්ග කාපට් කිරීම අවශ්‍ය නැත. ඒ නිසා හැකි ඉක්මනින් සිගරට් බීම නතර කිරීම ශරීර සෞඛ්‍යයට ඉතාම යහපති.

    ReplyDelete
    Replies
    1. /ශ්වසන මාර්ග කාපට් කිරීම අවශ්‍ය නැත. ඒ නිසා හැකි ඉක්මනින් සිගරට් බීම නතර කිරීම ශරීර සෞඛ්‍යයට ඉතාම යහපති./
      ++++++++++

      Delete
    2. කොලඹ පාරෙ ඇවිද්දොත් හෝ ශටර්ස් ඇරගෙන වාහනයක ගියොත් නහයෙ ඇතුලත බැඳෙන කලු කාබන් තට්ටුව !

      Delete
    3. /* මෙම බ්ලොග් අඩවිය ලියන රසික මහතා 1960-70 දශක වල උඩරට මාර්ගයේ ගමන් කර ඇත්නම් */

      ගමන් කර නැත. පසු කලෙක 80 දශකයේ නම් ගමන් කර ඇත්තෙමි!

      Delete
  14. මොන කෙළියක්ද මන්දා මට හිතෙන්නේම නෑ නෙව ඔය දුම් බොන්ට... දෙයියන් පල්ලා ජීවිත කාලෙටම එක පාරක් වත් බීලා නෑනෙ දුම්...

    ReplyDelete
  15. මගෙ දුම්බීමේ ඇබ්බැහිකම නැවතුනේ දවසක් උදේම හිස් බඩ සිගරට් එකක් ගහල , එදා ආව අප්පිරියාව හින්ද දැන් අඩියක් ගහන වෙලාවට විතරයි ඒත් අත්‍යවශ නෑ ,
    දුම් බීමේ ඇබ්බැහියෙන් මිදෙන්න ඕනෙ නම් උදේ පාන්දර නොකා නොබී එකලග සිගරට් දෙකක් බීල බලන්න.

    ReplyDelete
    Replies
    1. කියන්න දුකයි කම්මලේ... ගොඩක් වෙලාවට මගෙ බෙඩ් ටී එක වෙනුවට පාවිච්චි වෙන්නෙ දුමක්.හැබැයි නෑ කියලා අවුලක් නම් නෑ.

      Delete
    2. කමෙන්ට් කිරීමේ ඇබ්බැහියෙන් මිදීමට එක ලඟ කමෙන්ට් දෙකක් දාල බැලුවට හරි ගියෙ නැද්ද?

      Delete
    3. මෙන්න තවත් හොඳ ළමයකේ!

      Delete
  16. මම දුම්බීම නැවැත්තුවේ ඒක අනිත් අයට මහ වදයක් කියල තේරුම් ගිය දවසෙ. ඒක මහ එපාකරපු කාලකණ්ණි වැඩක් නේද කියල මට හිතුන. තව කෙනෙකුට වදයක් වෙවී ඇයි අපි ජීවත් වෙන්නෙ?

    ReplyDelete
    Replies
    1. ඒක හොඳ තර්කයක්. ඇත්තටම පරෝපකාරී සුපේෂල සික්‍ෂාකාමී සිගරැට් බොන පින්වතුන්ට කට උත්තර නැති වෙන කතාවක්!

      Delete
    2. අඩියක් ගහද්දි උනත් දුමක් දාන්න හිතුනොත් මම නම් නොපෙනෙන වගේම සුවඳ නොඑන තනකට යනව.

      තැන තැන සිගරට් බොන පුරුද්දක් නැතත්, නවත්තන්න තරම් හේතුවක් මට නම් නොපෙනේ. ඒකෙ තියන වින්දනේටත් වෙලාවකට ආසයි.

      Delete
  17. මම ඔකේෂනල් අපතයෙකි.. ඒ නිසා කොමෙන්ට් කිරීමේ අයිතිවාසිකමක් නැතැයි සිතමි..

    ReplyDelete
    Replies
    1. මම ඔකේෂනල් අපතයෙකි.. ඒ නිසා කොමෙන්ට් කිරීමේ අයිතිවාසිකමක් නැතැයි සිතමි.. x 2

      Delete
    2. මම ඔකේෂනල් අපතයෙකි.. ඒ නිසා කොමෙන්ට් කිරීමේ අයිතිවාසිකමක් නැතැයි සිතමි.. x 2 x 2x2

      Delete
    3. නරක ළමයි සේරම එක ගොඩේ!
      සේරම කුණු එක මුල්ලට කියනවානේ.

      Delete
  18. Oya kiyala tiyena dewal lankaweth karanna puluwannan yamthaak durata adu karaganna puluwan

    ReplyDelete
    Replies
    1. සිගරැට් පෙට්ටි වෙනස් කළා නේද? දැන් දුම්බීම අඩුවෙලා යැයි සිතමි.

      Delete
  19. මමත් රසික වගේ දැලි රැව්ල එන්නත් කලිංම සිකරට් බීල පස්සේ නැවත්තුව කෙනෙක් . අපි නම් ෆිල්ම් බලන්න ගිහිං හෝල් එකේ ලයිට් නිව්වාම තමයි වැඩේ කරේ. මම ඉස්කෝලේ යන කාලෙම ඒක පුරුද්දක් වෙන්න කලිංම නැවැත්තුවා. අන්තිමට සිගරට් එකක් බීවේ ජේශ්ඨ උත්තමයෙක්ගේ නියෝගයක් නිසා . " ජෙශ්ඨ උතුමා සිගරටයක් උරමින් " තෝ සිගරට් බොනවද ? " නෑ" . තෝ බීලම නැද්ද ? ." ඉස්සර එකක් විතර බීල තියනවා" . එහෙනං මේක ඇදපං . මම සිගරට්ටුඑව අරං දෙතුන් වරක් ඇද්දේ අකමැත්තෙන් වුවත් ඒ බව නොපෙන්වුයෙමි. ජේශ්ඨ උත්තමයා ' යකෝ තෝමගේ සිගරට් එක ඉවර කරන්නද යන්නේ ඔක මෙහාට දිය " කියා එය ආපසු ගත්තා. එදායින් පසු තවම සිගරට් එකක් කටේ තබාවත් නැත.

    ReplyDelete
  20. කිසි ගතියක් නැති හින්දා අතෑරලා දැම්මා මාත්....................

    ReplyDelete
  21. ඩ්‍රැකීගේ අඩවිය : මම 18 ට වැඩි දුම්පානය කරන්නෙක් වී සිටියෙමි - I was a smoker above 18
    http://drackey.blogspot.com/2015/11/18-i-was-smoker-above-18.html

    ReplyDelete
  22. //වින්දනයක්, රසයක්, ආස්වාදයක් නොලැබෙන දෙයකට කෙසේ නම් ඇබ්බැකමක් ඇති වෙන්නද?//
    සම්පූර්ණ ඇත්ත.

    දුම්බොන්නන්ට කෙල්ලන් කැමති නැත. :P

    //සිගරැට්? යක්! // Yeah …disgusting… :D

    ReplyDelete
    Replies
    1. හැබැයි දුම් නොබීවා කියා කෙල්ලන් අමුතුවෙන් කැමැති වෙන්නේත් නැත. එසේ විය හැකි එකම වෙනස, දුම් බොන්නේකු සිපගෙන ඇති කෙල්ලෙකු දුම් නොබොන්නෙකුව සිප ගෙන ඒ වෙනස වටහා ගත් විට පමණි!

      Delete
  23. මට නවත්තන්ව වුවමනාවක් නෑ

    ReplyDelete
  24. ජීවිත කාලයට සිගරට් 2කට වඩා බී නැත - ඒත් බිව්වේ අර රසික වගේමය - සමාජයීය අවස්ථාවලදී මධ්‍යම ප්‍රතිපදාවෙන් මත් පැන් පානය නම් කරමි ( ඒ වගේ අවස්ථා දැන් ලැබෙන්නේ මාසයකට වරකටත් අඩුවෙනි) 

    සිගරට් නම් ප්‍රතිපත්තියක් ලෙසම ගන්නෙ නැත - ( සිගරට් කොට හැම තැනම දැකීම කුඩා කල සිටම අප්‍රියම දසුනකි )

    ReplyDelete
  25. කරවිල, බියර්, තිත්තයි. හොරර් ෆිල්ම භය උපදවනව. ඒ උනාට වෙලාවකට ඒවත් රසවත්.

    ReplyDelete
  26. අර මහ බයියා ප්‍රසිද්ද තැන් වල දුම්බීම තහනම් කලා නේද ? ඒක කොච්චර සාර්ථක උනාද ලංකාවෙ . Tourism වලට තදින්ම බලපෑවත් , වැදගත් අවශ්‍යම තීරණයක් ඒක . ඒ ගැන කථා නැත්තෙ ටොයි මානසිකත්වය නිසාද ?

    ReplyDelete
  27. අපතයෙක් නොවෙමි.

    ReplyDelete
  28. ගංජා ගැන මොකද හිතන්නේ රසික? ගංජා පට්ට දිව ඔසුවක් කියන එක නම් මහ ගොබ්බ මතයක් කියල මට හිතෙන්නේ .

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.