Friday, 29 April 2016

නිර්මාණය සහ විචාරය හෙවත් මේ කොන සහ අනිත් කොන - A lesson learnt in 2007



මේ මීට වසර නමයකට පමණ පෙර මා ප්‍රායෝගිකව උගත් පාඩමකි.

එවකට මා සංස්කාරකවරයා ලෙස ස්වේච්ඡා තනතුරක් දැරූ ඕස්ට්‍රේලියාවේ, නිව් සවුත් වේල්ස ප්‍රාන්තයේ සිංහල සංස්කෘතික හමුව විසින් සිය සාමාජිකයින් සහ අනෙකුත් හිතවතුන් වෙනුවෙන් ආරංචි නමින් මාසික පුවත් හසුනක් නිකුත් කරමින් සිටියේ ය. මෙහි මූලික වැඩ කටයුතු කෙරුණේ සංස්කාරක අතින් නොව මාධ්‍ය අංශයේ වගකීම දැරූ සිංහල සංස්කෘතික හමුවේ උප සභාපති ස්වේච්ඡා තනතුර දරන්නා විසිනි.

පුවත් හසුනට මගේ සම්මාදම ලෙස මා එම වසරේ යෝජනා කළේ, ඒ ඒ මාසයට අදාළ ඡායාරූපයක් සමග විශේෂයෙන් රචනා කෙරුණු කවියක් පළ කිරීමයි.

ආරංචි පුවත් හසුනේ 2007 ජූනි මාසය වෙනුවෙන් නිකුත් කෙරුණු කලාපයේ මේ විචිත්‍රාංගය සඳහා මා යොදා ගත්තේ ඒ පොසොන් මාසයට අදාළ පට්ට ගැසූ සිදුවීමක් නිරුපණය කෙරෙන මිහිඳු හිමි, දේවානම්පිය තිස්ස රජු සහ මුවා සහිත චිත්‍රයකි.

ඒ චිත්‍රය සමග පළ කිරීමට මා පහත සිව් පද කවිය ගෙතූවෙමි.

යෙදුනත් පොසොන් මස යුගලක් පොහෝ දින
නොපෙනෙත් මොහඳුරෙන් දැය ගැලවෙන ලකුණ
හෙටවත් දඩ කෙළිය නිම කරවන ලෙසින
නැවතත් වඩිනු මැන නිකිලිටි දහම ගෙන


මේ කවියේ තුන්වෙනි පදයේ දඩ කෙළිය යන්නෙන් කියවුණේ ඒ සමයේ ලංකාවේ යුද්ධය හා සම්බන්ධව උතුරේ ද, දකුණේ ද පැවතුණු අතුරුදහන් කිරීම් සහ මිනීමැරීම් ය.

මගේ කවියෙන් මට කියන්නට අවශ්‍ය වුණු අදහස ඉතා හොඳින් කියවුණා යැයි සෑහීමට පත්වුණු මම, අදාළ පුවත් හසුන නිකුත් වුණු පසු, ඒ රූපය සහ කවිය පමණක් එවකට ඊ-මේල් ඔස්සේ අප කවි හුවමාරු කරගනිමින් සිටි පිරිසකට යැවූයෙමි.

ඒ ඊ-මේලයට පිළිතුරු ලෙස එවකට මා ඊ-මේල් සහ දුරකථනය හරහා පමණක් හඳුනා ගෙන සිටි ජගත් ජේ එදිරිසිංහ මෙලෙස ලියා එවීය.

මේ කවියේ යොදා ඇති මිහිඳු හිමියන්ට නැවත එන්නට යැයි කීම පට්ට ගැසූ අදහසක් නොවේද?

මගේ නිර්මාණයේ මූලික අදහස ගැබ් වුණු තුන්වෙන පදය ගැන කිසිදු සඳහනක් නොමැතිව, එහි සිව්වෙනි පදයේ අන්තර්ගතය ගැන පමණක් ජගත් කළ ප්‍රතිචාරයට පිළිතුරක් යවමින් මා කීවේ, "ඔබ තුන්වෙනි පදය නොදැක, නොකියවා සිව්වෙනි පදයට ගියේ කෙලෙසද යන්න මට පුදුමයකි!" යනුවෙනි.

එය මා නොකළ යුතුව තිබූ දෙයකි!

නිර්මාණකරණය සම්බන්ධයෙන් මා කලින් අසා තිබූ, එදා අත්දැකීමෙන් ම උගත් වැදගත් කාරණයක් වන්නේ, යමෙකු නිර්මාණයක් කර එය පොදු රස වින්දනයට ඉදිරිපත් කළ පසු, එය රස විඳින අය කවර ආකාරයෙන් එහි අන්තර්ගතය ග්‍රහණය කර ගන්නේද යන්න පිළිබඳව ප්‍රශ්න කිරීමට නිර්මාණකරුවාට අයිතියක් නැති බවයි.

නිර්මාණකරුවා විසින් ජනගත කළ නිර්මාණය පිළිබඳව තම අදහස් දැක්වීමට ශුද්ධ වූ අයිතියක්, රසිකයින්ට ඇත.

ඒ පිළිබඳව යළි නිදහසට කරුණු දැක්වීම අනවශ්‍ය දෙයකි. එසේම, නිර්මාණය ගැන කෙරෙන විචාර, විවේචන, එලෙස නොව මෙලෙස විය යුතුය, විචාරකයා අල්ලාගෙන ඇත්තේ වැරදි කොනෙන් ය, එයට වැරදි අර්ථ කථනයක් දී ඇත, නිර්මාණකරණයේ දී තමන් කිසිසේත් ම අදහස් නොකළ දේ පිළිබඳව විචාරකයා කතා කර ඇති අතර එය වරදකි යනා දී වශයෙන් ආඩපාලි කීම ද, නිර්මාණකරුවා නොකළ යුත්තකි.

අවසානාවකට මෙන් මා ඇතුළු බොහෝ නිර්මාණකරුවන්ට පිළිපැදීමට ඉතා අසීරු පිළිවෙතක් වන්නේ ද එය ම ය!

-රසිකොලොජිස්ට්

(image: http://wilsonalmanac.com/ in 2007)

33 comments:

  1. :) (Now I hope you'd not ask me what I expressed with smiling emoticon here; going with above concept. ha haa..)

    ReplyDelete
  2. අඩේ අප්පා මේ හොඳම සිංහල ලියන විදිහද [කිසි ආතල් ගතියක් නැ නේ ]

    ReplyDelete
  3. රසික අක්කේ මෙන්න රසික අයියා මගේ pk අරිනෝ

    ReplyDelete
  4. පුද්ගලයාගෙන් පුද්ගලයාට විදීම විවිධාකරා බැවින්...විචාරකයා හා නිර්මාණකරු සමපාත නොවේ..

    ReplyDelete
  5. ඔබ පමණක් නෙවෙයි ප්‍රවීණ නිර්මාණකරුවන් පවා ඒ වගේ කියන එක මම අත්දැකීමෙන් දන්නවා..
    කෙසේ වෙතත් නිර්මාණයකින් පසු නිර්මාණරකරුවා ඒ නිර්මාණය ගැන කතා නොකරම සිටීම තමයි හොඳ!!! 
    ඒත් ලංකාවේ නිර්මාණයක් කළ විගස නිර්මාණකරුවා මීඩියා වලට ඉන්ටවීව් තොග පිටින් දෙනවා

    ReplyDelete
    Replies
    1. උඩුවාගේ අවසන් වාක්‍ය පෙළට මගේ නිර්වචණය නම් නිර්මාන කරුවා යනු වත්මන් සමාජ ඉස්කුරුප්පුවේ එක් ත්‍රෙඩ් එකක් යන්න බව පමනය. එසේ නොවුනොත් ඔහුට හෝ ඇයට වානිජමය පැවතමක් නොමැත. වානිජත්වය කෙසේ වෙතත් සිවිල් බලයක්(පොඩි සෙල්ෆ් චූන් එකකට හෝ)ලබාගැනීම ඔය කොයි කාගෙත් පරමාර්ත අතරින් මූලිකම දෙය වේ. ලෝකයේ කොයි තූත්තුකුඩියේත් මහපොලවේ යතාර්තය ඒයයි. එසේ අවශ්‍ය නොවේ නම් යමක් ලියා, යමක් ගයා, යමක් සිතුවම් කර, හුදු තනි ආතල් එකකට සම වැදිය හැකි වේ. එය ප්‍රායෝගික නොවේ. මේ සියල්ල තුලම ඇත්තේ වානිජමය අරමුනක් හෝ තමන්ටත් යමක් කල හැකියැයි ලොවට බැරිනම් ගමටවත් කියා ගැනීමේ අහිංසක ආශාවන්ය. මේවා වැරදි නොවේ. නමුත් මේ සියල්ලක් තුලින් පරමාදර්ශී චරිත බිහි නොවේ. නමුත් ඔවුන් පරමාදර්ශී යැයි පෙන්වන්නට උත්සුක වේ.

      තේරුනාද මන්දා...දිග වැඩිද මන්දා..ඒත් ඉතින් අපිට හිතෙන දේවල් කියලා යන්නනේ බ්ලොග්ස් තියෙන්නේ. මම සහමුලින්ම වැරදිත් ඇති.

      Delete
  6. 2007 දී උගත් පාඩමක් නම් ආයෙත් ඒ වැරැද්ද කරන්න නැතුව ඇති නේද? ළඟකදී වගේ?? :-D

    ReplyDelete
  7. හැබැයි සමහර නිර්මාණ තියනවා, නිර්මාණකරුවාගේ මැදිහත්වීමක් නැතිව තේරුම් ගන්න අපහසු.

    ReplyDelete
    Replies
    1. තිසර.........වටහා ගැණිමේ අපහසුව.....අන්න ඒ වගේ දේවල් තමාට රිසි අයුරින් වින්දනය කිරීම තමයි වඩා පහසු කියලා මට හිතෙන්නේ.. තේරුම් ගන්න අපහසු නිර්මාණ කියන්නේ කාටවත් තේරුම් කරලා දෙනවාට වඩා නිර්මාපකයාගේ ස්වය්ං වින්දනය හෝ ස්වය්ං චින්තනය මත නිර්මානය වෙන දේවල්ද?

      තේරුම් ගන්න අපහසු දේවල් තේරුම් කරලා දෙන්නේ ඉස්කෝලවල් සහ උසස් අධ්‍යාපනයෙන් සහ සමාජ අතපත් ගා ගැනීම් වලින්නේ . නිර්මාණ්යක් තමාට ඇවැසි ලෙස ගෝචරය කරගැනීමට බාධාවක් නොවේද, නිර්මාපකයා විඳින්නා තුලට ඔහුගේ චින්තනය හෝ අත්දැකීම පිටස්තරයකු සේ අතපෙවීම. එය ඔහුගේ නිර්මානය බව සැබෑව. ඉන් එහාට ඔහු අපේද? මේක ඇකඩමික් ලෙස නොව වින්දනාත්මක ලෙසින් හිතන්න. තිසරත් එක්ක සාකච්ඡා කරන්නත් ආසයි. ඒ ඔබ හොඳ රස විඳින්නෙක් පමනක් නිසාම නොවේ.

      Delete
  8. මේ ජාතියෙම සීන් එකක් තමයි අර "ගහක මල් පිපිලා" ගීත රචකයා "අනේ මං ලිව්වෙ සමලිංගික සීන් එකක් නෙවේ....." කියල වැලපීම.

    [රසික හතර වටටම නෙලන්න සූරයෙක් බව අපි දන්නව]

    ReplyDelete
    Replies
    1. [රසික හතර වටටම නෙලන්න සූරයෙක් බව අපි දන්නව]/////////හි හි හි හි .....කමක් නැද්ද

      Delete
  9. යමෙකු නිර්මාණයක් කර එය පොදු රස වින්දනයට ඉදිරිපත් කළ පසු, එය රස විඳින අය කවර ආකාරයෙන් එහි අන්තර්ගතය ග්‍රහණය කර ගන්නේද යන්න පිළිබඳව ප්‍රශ්න කිරීමට නිර්මාණකරුවාට අයිතියක් නැති බවයි.

    නිර්මාණකරුවා විසින් ජනගත කළ නිර්මාණය පිළිබඳව තම අදහස් දැක්වීමට ශුද්ධ වූ අයිතියක්, රසිකයින්ට ඇත.

    ඒ පිළිබඳව යළි නිදහසට කරුණු දැක්වීම අනවශ්‍ය දෙයකි. එසේම, නිර්මාණය ගැන කෙරෙන විචාර, විවේචන, එලෙස නොව මෙලෙස විය යුතුය, විචාරකයා අල්ලාගෙන ඇත්තේ වැරදි කොනෙන් ය, එයට වැරදි අර්ථ කථනයක් දී ඇත, නිර්මාණකරණයේ දී තමන් කිසිසේත් ම අදහස් නොකළ දේ පිළිබඳව විචාරකයා කතා කර ඇති අතර එය වරදකි යනා දී වශයෙන් ආඩපාලි කීම ද, නිර්මාණකරුවා නොකළ යුත්තකි.

    ReplyDelete
    Replies
    1. හෙන්රි... යම් නිර්මාණයක් සමාජගත කල පසු, පාඨකයාට ශුද්ධ අයිතියක් තිබෙනවා ඔවුන්ගේ අදහස දක්වන්න, ඒ වගේම නිර්මාණකරුවා සම සිතින් ඒවා බාරගතයුතුය කියන කාරණය පිළිගන්නවා.

      නමුත් නිර්මාණකාරු සහ පාඨකයා අතර සම්බන්ධය එතැනින් නතර වී, එතරම් දුරස් එකක් විය යුත්තේ ඇයි? නිර්මාණයට පසුබිම් වෙච්ච් සිදුවීම්, බලපෑ වෙනත් කාරණා, නිර්මාණකරුවාගේ අභිප්‍රාය වගේ කාරණා එක්ක පාඨකයා සමග සංවාදයකට එළඹීම ඔය කියන තරම් පවක් ද?

      Delete
    2. නොකි කතා සහ තිසර......

      මම උඩින් කියා සිටිනවාසේ මේක නිර්මාණකරුවා, ඒ නිර්මාණය හදාරන්නා හෝ විචාරකයා යන්න පසෙක තබා, එය වින්දනය කරගන්නා සාමන්‍ය මිනිසාගේ රසාඥතාවයට ඔය කාගේවත් එස්ටිමේට්, වැලියුඒශන්,හෝ එවලියුශේන් අවශ්‍යද? අපට රස විඳින්න දෙන්න... විචාරය කිරීම හොඳයි. නමුත් නිර්මානය පලමුව විචාරයට භාජනය කලයුත්තේ එහි ග්‍රාහකයාය. එතනින් පසු කවුරු මොන ඩිසෙක්ශන් කලත්, ග්‍රාහකයා එය වැලඳගත් පසු එය ඔවුන්ගේය. එය ලෝක ස්වභාවයමය.පාඨකයා සහ නිර්මාණකරුවාගේ කතාව එන්නේ එයින් දුරස්තර වෙනත් වටපිටාවකය.

      Delete
  10. රසිකගේ ඉහත අදහසට එහැමපිටින්ම එකඟයි.
    කිසියම් නිර්මාණයක් සමාජගත කළ පසු එහි අර්ථදැක්වීම් වලට යන්නේ නම් ඉන් පෙනෙන්නේ නිර්මාණකරුවා අසාර්ථක බවයි.
    අනේ මං එහෙම නොවෙයි අදහස් කළේ කියා නිර්මාණකරුවා කියනවා නම් ඇයි අනේ අපිට තේරෙන්න නොකීවේ කියා අහන්න විචාරකයාට හෝ පාඨකයාට අයිතියක් තියෙනවා.
    අනෙක් අතට අප තුන් හිතකිනවත් නොසිතූ දේ විචාරකයා කියන විට එය මැදහත් සිති බාර ගත යුත්තේ යම් නිර්මාණයක විවිධ අරුත් ගැන්වීම් සිදු කළ හැකි නිසයි.
    ඒවාට අකැමැති අය සිටිත්නම් ලියන දේ ගෙදර මේසය මත තියාගෙන තමන්ම කියවමින් සංතෘප්තියට පත්වීමයි කළ යුත්තේ.

    රසික මේ අදහස් දැක්වූයේ කවරක් අරභයාදැයි නොදන්නා මුත් මගේ අදහස මෙන්ම මා ක්‍රියාකරන ආකාරයත් ඔයාකාරයි.

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙන්නේ එහෙමයි

      Delete
  11. රසිකගේ අදහසට එකඟයි..

    ReplyDelete
  12. නිර්මාණයක් 100 % රසවිඳින්නන් එල්ලකරගෙනම කරන්නෙ නෑ. එහි කොටසක් හෝ නිර්මාණකරුගේ පුද්ගලික තෘප්තිය සඳහාත් වෙනවා.එනිසා රසවිඳින්නා හා නිර්මාණකරු 100% meeting of the minds වෙන්න තියන අවස්ථා විරලයි

    ReplyDelete
  13. නිර්මාණයක් සමාජගත කළාට පස්සෙ නිර්මාණකරුවා ලැබෙන විචාර, විවේචන, රසවිඳීම් මැදිහත්ව බාර ගන්න එක වැදගත්.. යම් අවස්ථාවන් තියෙන්න පුලුවනි නිර්මාණකරුවා සහ සහෘද සමාජය අතර සංවාදයකින් නිර්මාණයේ වෙනස් පැතිකඩ හෙලිදරව් වෙලා දෙපාර්ශවයේම අවබෝධය වැඩිදියුණු වන, රසවින්දනය පුළුල් වන.. එවැනි කතිකාවකටත් ඉඩක් තියාගෙන මැදිහත්ව විචාර, විවේචන භාර ගැනීම නිර්මාණකරුවන්ගෙ පැත්තෙන් විය යුතු දෙයක් කියල මං හිතනවා...

    ReplyDelete
  14. නිර්මාණකරුවකු විසින් තම නිර්මාණයක් සමාජගත කිරීමෙන් අනතුරව ඒ ගැන කතිකාවක් ඇති වෙනවා නම් නිර්මාණකරුවා ර ගැන සතුටු විය යුතුයි.
    රසවින්දනය එකිනෙකාට වෙනස් නිසා නිර්මාණකරුවා නොදකින/නොහිතන පැත්තක් රසිකයාට/පාඨකයාට දකින්න පුළුවන් කමකුත් තියෙනවා.නිර්මාණකරුවා ඒ දිහා මැදිහත් සිතින් බැලීම වැදගත්.

    ReplyDelete
  15. නිර්මාණයක් ජනගත කිරීමෙන් පසු රසිකයන් එය විඳගන්නා ආකාරය පිළිබඳ කතා කරන්නට නිර්මාපකයාට අයිතියක් නැති බව මම එදත් අදත් තරයේ අදහනවා. තමන්ගේ නිර්මාණ පිලිබඳව කෙරෙන විවේචන දරා ගන්නට බැරි අය නිර්මාණකරණයේ නොයෙදිය යුතු යයි මා කියන්නේ එනිසායි. අවාසනාවට ආචාර්ය මහාචාර්යවරු ඇතුළු උගත් ලේඛකයන් විවේචකයන්ට පිළිතුරු බඳිනු දකින විට ඇති වන අපුල මෙතෙකැයි කියන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. එකිනෙකාගේ ලෞකික ආශාවන්....මට ගෞතම බුදුන් කියන චරිතයත් එක්කම, වික්ටර් හාරා, චේ ගුවාරා වගේ අයත් මතක් වුනා.ඒ කිසිම දර්ශනයක් මත පිහිටා නොවේ..හුදෙක් ඒ ඒ පෞද්ගලික චරිතයන් ගැන සිහිවීමෙන්. එවන් තවත් අය ලොවේ බොහෝ වේ. මං පොර යනු ආත්මාර්තය හැර අන් කවරක්ද....දන්න කෙනෙක් කියා දෙන්න. දුන් දේ සුවඳ මිස ...දුන් දේ ගඳද සුවඳද යැයි විමසීමම ගඳකි.

      Delete
    2. //නිර්මාපකයා// රසිකයා හරිම නිර්මා පකයෙක්

      Delete
  16. දැන් මේ ගැන කතා කරන්න ඕන පොදුවේ නෙමෙයි සිද්ද උන සිඳුවීම් දෙක අනුව මේ ගැන කතා කලා නම් හොඳයි කියලා හිතුනා.

    1. අනිත් කොන පොත ගැන නෙළුම් අජිත් ලියපු විචාරය - මෙතන රසිකගෙ කොමෙන්ට් එකට අනිත් පොතේ කතුවරිය ටිකක් තද පිලිතුරක් දුන්නා.. ඒ වගේම අජිත්ගේ විචාරයටත් උත්තර බැඳලා තිබුනා.. පොතේ අනුගත කරුණු බොහෝම සංවේදි කරුණක් නිසා ඒ ගැන නැවතත් කතුවරිය පිලිතුරු බැඳීම මම නම් වරදක් කියලා දකින්නේ නෑ. මොකෝ අපි හිතමු කවුරු හරි මේ පොත රටේ ආරක්ෂාවට තර්ජනයක් කියලා නඩු ගියා කියලා.. එතකොටත් කතුවරිය කතා නොකර ඉඳලා හිරේ යන්න ඕනද...?

    2. රසිකගේ පියාගේ පහර හේතුවෙන් රසික ගනිතඥයකු වීම - අවංකවම මේක දැක්ක ගමන් මට හිනා ගියා... ඒ ගැන කොමෙන්ටුවේ සඳහන් කලා.. මාතලන්ට නෙමෙයි විතරක් නෙමෙයි ඒ කාලේ ඉඳන් කතන්දර කියවන කීප දෙනෙක්ටම ඒ ප්‍රශ්ණය තිබුනා. ඒ වගේම පිළිතුරු කොමෙන්ට් එකෙන් දෙවන වතාවටත් ඒක සාධාරණීකරනය කරලා තිබුනා.. ඒකේ කිසිම ප්‍රශ්ණයක් නෑ.. මිනිස්සු එකම මතයක් ඉන්න ඕන නෑ... දැන් එතකොට කතුවරයා පිලිතුරු දෙන එක නීතියෙන් නවත්තලා තිබුනා නම් මෙතනදි රසික අසරණ වෙනවා.. ඒත් ඒක රසිකට කරන අසාධාරණයක්..

    එහෙමනම් බ්ලොග් වලත් කොමෙන්ට්ස් හා උත්තරත් නැති වෙනවා.. කතා බහ නවතිනවා... එහෙම නම් සංවාදය කියන වචනය අයින් කරන්න වෙනවා.. මම නම් කියන්නේ කතුවරයාට නෙමෙයි ඕන කෙනෙකුට තම අදහස් කියන්න නිදහස් තියෙන්න ඕන...

    ReplyDelete
  17. මාතලන්ගේ පලවෙනි අදහස් දැක්වීමට මට (ඔව්..මා නම්වූ මට ) කියන්නට තියෙන්නේ , කොලඹ ගමයාගේ පෝස්ට් එකට රසිකලොජිස්ට්ගේ අදහස් දැක්වීම ඉතාමත් පෞද්ගලික මට්ටමේ අනවශ්‍ය, ගොන් පාට් එකක් බවය. කොලඹ ගමයා ඒ කමෙන්ට්ස් සහ අනිත් කොනගේ කමෙන්ට්ස් ඉවත්කිරීම පිලිබඳව මම බ්ලොග් කියවන්නෙක්සේ සතුටුවෙමි. මම බොහෝ කාලයක සිට බ්ලොග් කියවන්නෙක් නිසා මෙවැනි පෞද්ගලික විස්කිරිඤ්ඤ, කහට කෝප්පයේ එබුවත් බුරුල් නොවන නිසා නිහඬ වී සිටියෙක්මි. සිංහල බ්ලොග් අවකාශයේ මෙවැනි සිදුවීම් තව දුරටත් පැවතීම උගත් පාඩම් කොමිසම කටපාඩමෙන් කියනා අයටද ලැජ්ජාවකි. අනිත් කොන ඇවිලෙන්නට පටන් ගත්තේ රසිකලොජිස්ට පියවරක් පසුපසින් වුවත්, ඇවිලුනානම් ගිනිගන්නේ අර වරක් ලකෆ්‍රාන්ස්ලා ඇවිලුවාටත් වඩා සක්කිලි විදියට. බලාගෙන යනකොට දෙන්නාම මහාචාර්ය බ්ලොග් කරුවන්ය. දෙන්නාම පට්ට වෘත්තිකයෝය. ඉතින් අප වැනි කමෙන්ට් විතරක් දාන හිටපු බ්ලොග් ලියන්නෝත්, එහෙම නැත්නම් එදා වේල රස්සාවකරමින් බඩ ගැට ගහ ගන්නා උදවිය ගැන කවර කතාද? අනේ මාතලන්..කවද්ද උඹ ඊලඟ හයර් එකට සුද්දෙක් ගැට ගහ ගන්නේ : අපහාසෙට නෙමේ ලිව්වේ උපහාසෙට. ඩොකාලා සහ ඉන්ජලලාට පාරේ ඉන්න අපේ කතා තේරෙයිද මන්ද..

    ReplyDelete
  18. මම මෙහෙම කියන්නම්. රසික සුරියආරච්චි හෙවත් කතන්දර කාරයා කියන්නේ අවුරුදු ගනනක සිට මම දන්න කියවන්න කැමති බ්ලොග් කරුවෙක්. වෙබ් අඩවි රාශියක් කරපු. හැබැයි දැක්කේ නෙලුම් යාය උළෙලේදී ප්රථමවරට. එතකොට බෝ කියන්නේ මම කැමති ලස්සන කතා හෙම ලියු කෙනෙක්. අවුරුදු ගානක ඉඳන්. හැබැයි දැක්කේ නෙලුම් යාය උළෙලේදී ප්රථමවරට. මේ දෙන්නම හොඳ මිනිස්සු හැටියට මම දකින්නේ. ඩොක්ටර් ආචාර්ය හෝ ආචාර්ය ඩොක්ටර් ලෙස නෙමේ. මම හැමෝටම මචං කියන එකෙක්. කවුරුහරි උසස් කියල හිතන අය මාව පහත් කරලා කතා කරනවානම් මම කවදාවත් ආයේ ඒ තැනැත්තා එක්ක කතා කරන්න යන්නේ නැහැ. මොකද මම කාටවත් යටත් නැති නිදහස්ව රස්සාවක් කරලා ජිවත් වෙන කෙනක් නිසා.
    මම අර කොමෙන්ට් අයින් කලේ ඒවා දැනට අවශ්‍ය නැති අතීතයක් ගැන කතා කරන නිසා. ඒ අතීතය ගැන මම යම්තාක් දුරට දන්නා කෙනෙක්. කවුද කින්ද මන්ද කොහෙද මොකක්ද කලේ යනාදී වශයෙන්. හැම අවකාශයකම අඳුරු අවධීන් තියෙන්න පුළුවන්. මේ අපි ජිවත් වන සමාජයමනේ. අපි කවුරුත් සර්ව සම්පුර්ණ නැහැ. මිනිසුන්ගේ දුර්වලකම් තියෙන්න පුළුවන්. ඒව මග හැරීම සහ අවබෝධයෙන් කටයුතු කිරීම තමයි වැදගත්. අරය මේක කලා මෙයා මේක කලා කියල පොඩි ළමයි වගේ දබර වීම අනවශ්‍යයි. මොකද අපි හැමෝම වැඩිහිටියන්. රසිකට විරුද්ධව චෝදනා තිබුනත් අපි රසිකව සම්මානයකට නිර්දේශ කලේ අපි දකින්නේ මිනිසුන්ගේ වැඩි හොඳ පමණක් වීම නිසයි. අනික චෝදනා කියන ඒවා ඔප්පු කිරීමත් කල යුතුයි. ඔප්පු කරන තාක් කල් හැමෝම නිවැරදියි. රසික කවදාවත් ජාතිවාදියෙකු නොවී කටයුතු කිරීමත් මට නම් ඉතාම වැදගත්. ඒ රසිකගේ පැත්තෙන්.
    හැබැයි එසේම මම මාතලන් කියන එකට එකඟයි. නිර්මාණ කරුවෙකුට තමන්ගේ නිර්මාණ ගැන පැහැදිලි කිරීමට අවකාශ තිබිය යුතුයි. අපි බ්ලොග් එකේ කොමෙන්ට් වලින් කරන්නේ එක. රසිකත් කරනවනේ. අරූ හා මාතලන් දෙන්නම පෙන්වා දුන් පරිදි මේ පිළිතුරු අපි හැමෝම කරන දෙයක්. හේගල්, කාන්ට් වැනි දර්ශනවාදීන්ගේ පොත් වල පෙරවදන හෙම හුඟක් දිගයි. එයට හේතුව තමන් කියූ දෙය ඔවුන් පැහැදිලි කරන නිසා. ඒ නිසා විවේචනයට පිළිතුරු දීම වරදක් ලෙස මම දකින්නේ නැහැ.
    මම එක්තරා තැනක කිව්වා බෝධිනි ඒ පොතේ ෂෙල් කෑලි වැදුන දෙමල අය ගෙනාව කියල. මේක අපි හැමෝම දන්නා සත්‍යයක්. අලියා කාමරේ ඉන්නවා, නමුත් පේන්නේ නැහැයි කියනවා. ඉතින් මම ලිව්වා මෙන්න ආණ්ඩුව හා කොටි සංවිධානය ෂෙල් ගහන්නේ නැහැ කීවට මේ වෛද්‍ය වරියගේ රෝහලේ එහම අය හිටිය කියල. පොතේ ඒවා ලියල. මේක අයින් කරන්න කියල බෝ කිව්වා. ඒක සාධාරණයි. හේතුව තවමත් ෆෙස්බුක් වගේ ඒවල ඉන්න අන්තවාදීන් සෙට් එක බැලුවම දෙපැත්තෙම අන්තවාදීන් මෙවැනි ප්‍රකාශයක් තමන්ගේ පැත්තට ගන්න පුළුවන්. පොත් ලියපු අහිංසක මනුස්සය වරදකාරී වෙන්න ලංකාවේ වගේ වැඩිපුරම කැකිල්ලේ නිතිය භාවිතා කරන රටක වෙන්න පුළුවන්. ඒ නිසා මම ඒ කොටස අයින් කලා. මම හිතනවා බෝධිනිගේ පැහැදිලි කිරීම කමක් නැහැ කියල. ඒ අයිතිය මට ලියන්න තිබ්බ වගේම බෝ ටත් තිබෙනවා කියල මම හිතනවා.
    අනික බෝධිනී ටිකක් ප්රෝටෙස්ට් කරපු වෙලේ මම කිව්වා මට ඕනේ නම් "හරී හොඳයි , අනේ ලස්සනයි" කියලත් ලියන්න තිබ්බ. නමුත් මම ලියන්නේ මම දකින විධිහ කියල. බෝධිනී මගේ තර්කය පිලි ගත්තා . ඒ නිසා ඒක එතනින් ඉවරයි. රසිකට පැහැදිලි කිරීමක් කල ලිපියක් ලිවිමේ තරම් අවශ්‍යතාවයක් නැහැ. මොකද මම ඊමේල් එකක් මගින් ඒ බව දන්වලයි කලේ.

    ඉතින් මම නම් කියන්නේ අපි වැදගත් විධිහට සංවාදය ගෙන යමු. තරහ වෙන්නට හෝ කේන්ති ගන්නට හෝ දෙයක් සිදුවී නැත.

    වැරදීම මනුස්ස ගතියකි. සමාව දීම බ්ලොග් ගතියකි.

    සියලුම බ්ලොග්කාරයෝ සහ කාරියෝ මනුෂ්‍යයෝය.

    ReplyDelete
    Replies
    1. අපි රසිකව සම්මානයකට නිර්දේශ කලේ අපි දකින්නේ මිනිසුන්ගේ වැඩි හොඳ පමණක් වීම නිසයි. ////ඔහුගේ වැඩි හොඳ වශයෙන් දකින්නේ ඔබගේ සම්මාන උළෙලේ බර පැන යම් ආකාරයකින් දරා, බෙදාහදා ගැනීම නම් කාටාත් අවුලක් ඇති කරගැනීමට හේතුවක් නැත

      Delete
    2. රසික සත පහක උදව්වක් කරේ නැහැ කියලා අජිත් කියල තිබුනා කලින් මචං..

      Delete
    3. මේ ඇනෝට ඒක කිව්වට තේරෙන්නේ නැහැ. මම ඕන කමින්ම ඒක දැම්මේ. දැනට අවුරුදු දහයකට පහලවකට කලින් කාලේ රුසියානු භාෂාව , දෙමළ , ජර්මන් , මේ හැම එකකම වෙබ් පැන නගිද්දී සිංහල ඒවා තිබ්බේ නැහැ. මේක කණගාටුවට කරුණක් වෙලා තිබ්බ මටනම්. නමිත් අපේ කොල්ලෝ කෙල්ලෝ සිංහල ෆොන්ට් හදාගෙන ඉදිරියට ආව. මම ජාතිවාදියෙක් නෙමේ. නමුත් සිංහල කියන්නේ සංස්කෘත භාෂවෙන් ආපු අනගි භාෂාවක්. මේක කතා කරන්නේ ලංකාවේ විතරයි. නමුත් දැන් ලෝකෙම සිංහල අය ඉන්නවා. මේ අය සින්දුවක් හරි ඇහුවේ සිංහල ජූක් බොක්ස්, අඹ ගහ යට, එලබොන්ගා සහ පස්සේ ආපු බ්ලොග් අඩවි නිසා. රසිකලා , ඉන්දි ල තව ගොඩක් අය තම පෞද්ගලික වෙලාව භාවිතා කරලා මේවා අරන් ගිය නිසා. ඒවා අපි අගය කරන්න ඕනේ අවස්ථාවක් ලැබුනොත්. එච්චරයි. දැන් ආණ්ඩුව යන විධිහට ලබන අවුරුද්දේ බ්ලොග් උළෙල තුයන්න වෙයිද දන්නෙත් නැහැ. තිබ්බොත් තවත් ඒ මේ වගේම කෙනෙකුට ඒ සම්මානයම දෙමු. අගය කල යුතු දේ අගය කරන්න ජාතියක් වශයෙන් පුරුදු වෙමු. ආසියනුන් අතර මේ ඉරිසියාව මෙපමණ තියෙන්නේ ඇයි කියල මට තේරෙන්නේ නැහැ. යුදෙව් මිනිසුන් අතර කෙනෙක් මොකක් හරි හොයා ගත්තොත්, අලුත් දෙයක්, කාටහරි උදව්වක් කලොත් ඒ මිනිස්සු ඒ තොරතුර හරියට බෙදා ගෙන අගය කරනවා මම දැකල තියනවා. තව උදව් කරනව එහෙම වෙන්න කියලා.

      Delete
  19. මෙහිදී නොකී කතාද අවධාරණය කර ති මේ කොටස ගැන මගේ කිසියම් එකඟත්වයක් තිබේ. //එසේම, නිර්මාණය ගැන කෙරෙන විචාර, විවේචන, එලෙස නොව මෙලෙස විය යුතුය, විචාරකයා අල්ලාගෙන ඇත්තේ වැරදි කොනෙන් ය, එයට වැරදි අර්ථ කථනයක් දී ඇත, නිර්මාණකරණයේ දී තමන් කිසිසේත් ම අදහස් නොකළ දේ පිළිබඳව විචාරකයා කතා කර ඇති අතර එය වරදකි යනා දී වශයෙන් ආඩපාලි කීම ද, නිර්මාණකරුවා නොකළ යුත්තකි.//
    ආඩපාලි කීම හා විචාරකයා (අපේ විචාරක මහතා නොවේ :)) වරද කොනෙන් අල්ල ගෙන ආදී දේ කීමට වඩා තම ලියුවේ කුමක්ද යන්න පැහැදිලි කරනවා නම් හොඳය. මෙතැනදී එවැන්නක් එපරිදිම සිදුවුණා යයි මා සිතන්නේ නැත.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.