Sunday 10 April 2016

පශ්චාත්-සුනාමි පුනරුත්තාපනය සහ ප්‍රේමකුමාර් ගුණරත්නම් හෙවත් අදිසි මිනිසා - අජිත එදිරිසිංහ ගේ මතක සටහන් : Post-Tsunami reconstruction and Premakumar Gunaratnam alias invisible man


මා හිතවත් අජිත එදිරිසිංහ විසින් ලියා ෆේස්බුක් අවකාශයේ බෙදා හැර තිබුණු මේ සටහන රසිකොලොජියේ අවසර සහිතව පළකරන්නට සිතුවේ එහි ඇති වැදගත්කම නිසාය.

මේ සටහනට ප්‍රධාන වස්තු බීජය වී ඇති, මා ද තරමක් හඳුනන, ප්‍රේමකුමාර් ගුණරත්නම් හෙවත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සහ වත්මනෙහි පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ දේශපාලන මණ්ඩල සභිකයා, ඕස්ටේ‍ර්ලියානු ඒකල පුරවැසියෙකු ලෙස ලංකාවට පැමිණ තම වීසා කාලය ඉක්මවා රැඳී සිටීමේ වරදට හසුවී දැන් වසරක සිර දඬුවමක් විඳිමින් සිටියි.

මුලින්, අපි අජිත එදිරිසිංහ ගේ සටහන කියවමු.


හිමි නමකගේ අලුත් මුද්‍රාවක් සමග යන සංවාදය කදී කිසිවෙකු කුමාර් ගුණරත්නම් සිහි කොට පල් හොරා නමින් අමතා තිබෙනු දැක මා හට බලවත් කම්පාවක් ඇතිවුනි.

සුනාමි අනතුර හමුවේ ධිවර අමාත්‍යාංශය ධීවරයාට නැතිවූ ජිවිත හැර සියලු අනිකුත් දේ නැවත ලබාදීමට කටයුතු කළ අතර සාර්ථකව එම කාර්යය ඉටුකිරීමේ පිටුපස සිටි මහා සංවිධානකරු කුමාර් ය. ඔහු කල කාර්යය හෙළි කිරීමට හැක්කේ ඔහුටම පමණි. මන්ද ඔහුත් සමග එම කාර්යට සහාය වූ කිසිවෙකු ඔහු ගැන සඳහන් කිරීමට ඉදිරිපත් නොවන නිසාය. මම ඉතාම අල්පයක් දනිමි. කුමාර් ගැන නොදන්නා ඔහුට ද්වේශ කරන්නන් හමුවේ එය්නුත් අල්පයක් ඉදිරිපත් කරමි.

ගුණරත්නම් ගැන දන්නා ටිකක්.

ඒ 2004 දෙසැම්බර් 26 සවස 2.00 ට පමණ ඇති. ලංකාවම උඩු යටිකුරු කල සුනාමි රල බැස ගියා පමණි. සියල්ලෝම අන්ද මන්ද වී සිටි මොහොතක්. මම අම්බලන්ගොඩ වැල්ලේ සිදුවූ විනාශය දෙස සන්ත්රාශයෙන් බලා සිටි මොහොතක්. මගේ ජංගම දුරකථනය නාද දුනි. "අජ්ජෝ වහාම ධිවර අමාත්‍යංශයට වරෙන්" ඒ මා මිත්‍ර ගුන්ඩා ගෙනි. එකල ජවිපෙ ධිවර අමාත්‍යංශයේ වගකීම් භාර ගෙන සිටි සමයයි. මම ද ධිවර අමාත්යංශය යටතේ වූ ආයතනයක වගකිව යුතු තනතුරක් දරමින් සිටියෙමි.

ලැබූ නියෝගය ධිවර අමාත්‍යංශයේ අදිසි බලවතාගෙනි. වහාම ගමනට පිටත් උනෙමි මුහුදු බඩ මාර්ගය අවහිර වී ඇත. අභ්‍යන්තර මාර්ග තුලින් අමාත්‍යංශයට යනවිට රාත්‍රී 8.00 පමණ වන්නට ඇති. ඒ වනවිට, ධිවර සංස්ථා සභාපති (ඉංජිනේරු) නෙවිල් (දැන් ජිවතුන් අතර නැත), ධිවර වරාය සභාපති (ඉංජිනේරු) ගාල්ලගේ, එම විධායක අධ්‍යක්ෂ (ඉංජිනේරු) සේනක (දැන් ජිවතුන් අතර නැත), ධිවර සංස්ථා විධායක අධ්‍යක්ෂ (ඉංජිනේරු) CW සමග ධිවර අමාත්‍ය චන්ද්‍රසේන විජේසිංහ, පව්ද්ගලික ලේකම් නලින්ද ජයතිස්ස ඇතුළු පිරිසක් සමග ගුණරත්නම් ද පැමිණ සිටියහ. ඒ මම ගුණරත්නම් ධිවර අමාත්යංශය තුලදී දුටු මුල් දවසයි. ධිවර අමාත්‍යාංශය ගුණරත්නම් ගේ ස්රිජු අධීක්ෂණය යටතේ පවතී බව දැන සිටි නමුත් ඔහු අමාත්‍යාංශය තුලට ආව ගිය කෙනෙකු නොවිය.

රැස්වීම ඇරඹුණි. එතන සිටියේ අමාත්‍යාංශය තුල වූ දේශපාලන අධිකාරිය පමණි. කිසිම නිලධාරියෙක් නොවිය. අමාත්‍යවරයා ගේ මුලාසනය ගුණරත්නම් ගේ විරෝධය මැද උවද ඇමති විසින් ගුණරත්නම්ට භාරදී ඇමති අප අතරට එක් වුනි. නිසි බලධරයා පළමු වරට හෙළිවිය. සුපුරුදු පරිදි වය්ද්‍යා නලින්ද ජයතිස්ස ලේකම් කාර්යයේ යෙදුනි. රැස්වීම ඉතාම කෙටි විය ඇමතුවේ ගුණරත්නම් පමණි.

"සහෝදරවරුනි අප මුහුණ දී සිටින ඛේදවාචකය පිලිබඳ අපට කිසිම පුර්ව අත්දැකීමක් නොමැත. මෙයට මුහුණදෙන්නේ කෙසේදැයි සොයාගත යුත්තේ අපි අපිම විසිනි. මෙතන රැස්වී සිටින ආයතන ප්‍රධානින් සියලුම දෙනා ක්සේශ්ත්රයේ පළපුරුදු බොහෝ සමාජ සම්බන්ධකම් ඇති ඉංජිනේරුවන්. ඔවුන්ගෙන් අපි ඉල්ලා සිටින්නේ වහාම ඛේදවාචකය තුලට ගොස් ඔබගේ සම්බන්ධකම් ඇසුරෙන් ගතයුතු පියවරයන් ගන්නා ගමන් මේ පිලිබන්ධව ඔබ ලබන අත්දැකීම් තුලින් යෝජනා තව දින දෙකකින් නැවත මෙවැනි රැස්වීමක් සවස 6:00 පවත්වනවා එදිනට රැගෙන එන ලෙස. එහිදී ඔබ ගන්නා සියලු පියවර වල වගකීම අමාත්‍යාංශය බාරගන්නා බැවින් උපරිම වගකීම ගෙන ආපදාවට පත්වූ ජනතාවට සහන සලසන්න ක්‍රියාත්මක වන්න."

ඉන්පසු ලහි ලහියේ වගකීම් පැවරීම සිදුවිය. සිදුවූ විනාශයේ සැබෑ තක්සේරුව විනාශවූ, ධිවර ජිවිත නිවාස, යාත්‍රා, මෙවලම් පිළිබදනිවැරදි සංගණනයක් පැවැත්වීම අමාත්‍යාංශය හා ධිවර දෙපාර්තුමේන්තුව භාරව කටයුතු කරන අමාත්‍ය වගකීම් තුල දෙපාර්තුමේන්තු නිලධාරින් මගින් කිරීමටද, සුන්බුන් වූ ධිවර පරිසරය හැකිතාක් යථා තත්වයට පත්කිරීම, අනාථවූ පිරිස් සුභ සාධන, අහාරපාන බෙදාදීම් සඳහා ජවිපෙ පක්ෂ යාන්ත්රණය මගින් ද, තාවකාලික ධිවර නිවාස ඉදිකිරීම් හැකිතාක් ඉක්මනට නැවත ධිවර වරායන් ගේ බිඳ වැටි ඇති සැපයුම් සලසා දීම ධිවර වරාය හා ධිවර සංස්ථා ව මගින් ද, විනාශ වූ ධිවර යාත්‍රා සහ ධිවර ආම්පන්න අලුත්වැඩියාව ආදිය සඳහා කටයුතු කිරීම ධිවර අමාත්යංශය යටතේ වූ සිනොර් ආයතනය මගින්ද සිදුකිරීමට ද තීරණය විය. අදාළ සැලසුම් දින දෙකක් තුල රැගෙන ආ යුතුය. මෙහෙයුමේ නියමුවා කුමාර් ය. රැස්වූ සුළු පිරිස හැර වෙන කිසිවෙකු එය නොදනිති. මෙහෙයුම ක්‍රියාත්මක වන්නේ ධිවර ඇමති චන්ද්‍රසේන විජේසිංහ හරහාය.

ඇත්තටම ඒ වචන තුලින් තමයි අපිටත් තේරුනේ ධිවර ජනතාවට අදාළ සියලුදේ කලයුත්තේ අපි බව. ගිය පාරෙන් රෑම ගෙදර ආවෙමි. මා භාරයේ තිබුනේ සිනොර් ආයතනයයි. විනාශවු ධිවර යාත්‍රා සහ මෙවලම් දැල් ආම්පන්න නැවත පිළිසකර කරදී ධීවරයා රැකියාවට පිටත් කිරීම මගේ වගකීම් අතර විය. 27 උදේම ගියා හික්කඩුව ධිවර වරායට. මාස 6, 7 ක් පමණ ආයතනයේ සේවය කිරීම තුල බොහෝ ධිවර මුදලාලිලා (බෝට්ටු හිමියන්) මා ඒ වනවිට හඳුනා සිටියා. ධිවර වරාය තුල බෝට්ටු විශාල ප්‍රමණයක් ගිලි තිබුනා. සමහර ඒවා අනිත් පැත්ත පෙරලිලා පාවෙමින් තවත් සමහර ඒවා රලත් සමග ගොඩට ඇවිත් පෙරලි තිබුනා. මා ධිවර වරායට ගිය විගස මා දන්නා හඳුනන ධිවර මුදලාලිලා සමග ධිවරයින් සියලු දෙනා මා වටකර ගත්තා. ඔවුන්ගේ ඉල්ලීම් වුවේ:

"අනේ සර් අපේ බෝට්ටු ටික ගොඩට අරන් දෙන්න"

"මේ පෙරලිච්ච බෝට්ටු ටික කෙලින් කරලා රෙපෙයාර් කරගන්න පුළුවන් විදිහට කොට උඩ තියල දෙන්න"

මේ ඉල්ලීමට අවශ්‍ය ක්‍රෙන් එකක් (දොඹකරයක්) මගේ පරන සේවා ස්තාන්යේ (වැලිගම) හිටපු මා මිත්‍ර පිලානවිතාන මහතා භාරයේ තිබු දොඹකර දෙකක් පැය දෙකක් තුල එතනට ගෙන්වා ගන්න පුළුවන් උනා. දැන් මිනිස්සුන්ගේ රණ්ඩුව මුලින්ම ගන්න බෝට්ටු ගැන. සියලු දෙනාගේ සැක සංකා ඉවත් කරා සියලුම බෝට්ටු ගොඩ දා දෙන බවට. සියල්ලෝම එකෙනේකාට උදව් කරමින් සහයෝගයෙන් වැඩේ කලයුතු බවට දේශනයකුත් කරා, දුර තිබෙන බෝට්ටු ලඟට ඇදගෙන එන්න බෝට්ටු කිහිපයකුත් යෙදෙව්වා. මොබයිල් ක්‍රෙන් වලට වැල්ලේ යන්න අවශ්‍ය ලෑලිත් මිනිස්සුම ගෙනාවා. ක්‍රෙන් වලට අවශ්‍ය ඩිසල් බෝට්ටු වලින්ම ගත්තා. දැන් යමරෙට වැඩ.

එතන තවත් කීපදෙනෙක් මම ලඟට ආවා. සර් අපේ ක්‍රෙන් එකත් තියනවා. ජි එම් මහත්තයට කියල අවසර අරන් දෙන්න අපිත් උදව් කරන්නම්.

ඔයගොල්ල කව්ද ?

අපි ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේ. අපි ක්‍රෙන් එක අරන් ආවේ පැරෑලියේ පෙරලිච්ච කෝච්චිය කෙලින් කරන්න. එතනට යන්න බැහැ වතුර. තව මිනි අස්කරලත් ඉවර නැහැ. අපිත් කැමතියි මේ මිනිස්සුන්ට උදව් කරන්න.

එයාල දුන්න GM ගේ නම්බර් එකට මම කතාකලා. අදාළ ගෙවීම් අවශ්‍ය නම් ධිවර අමාත්‍යාංශයෙන් කරන්නම් කිව්වම එයා බය නැතුව අවසර දුන්න.

දිනක් ඇතුලත ක්‍රෙන් තුනක් යොදවලා හික්කඩුව ධිවර වරායේ පෙරලුනු ගිලුණු සේරම බෝට්ටු ගන්න පුළුවන් උනා. එතනට ආපු ධිවර අමාත්‍යංශ නිලධාරීන් භාර්කලා එතැන් සිට වෙරල දිගේ ගාල්ලට සියලුම පෙරලුනු බෝට්ටු ගොඩ ගන්න සහ කෙලින් කරලා ගන්න. ඔවුනුත් කැපවීමෙන් භාරගත්තා.

සවස මම් ගියා දොඩන්දුවේ වල්ලම් තොටුපොළට. වල්ලම් බොහොමයක් රල සමග ගොඩට ඇවිත් කැඩිලා බිඳිලා තුවාල වෙලා. වල්ලම් වල තිබුණු ධිවර දැල් සියල්ලම නැවත ලිහාගන්න බැරි තරමට පැටලිලා වැලි කුණු ගොඩවල් අස්සේ. එතනත් ප්‍රධාන ධිවරයින් කිහිපදෙනෙක් මම අඳුනනවා. ඒ වගේම සිනොර් ආයතනයේ අලෙවි ප්‍රවර්ධන ප්‍රසාද් මහතා වසර 20 ක් පමණ ධිවරයින් සමගම කටයුතු කල කෙනෙක් ඔහු දිගටම එතනින් එහාට මාත් එකක්ම රැඳී හිටිය තවත් ධිවර නිලධාරීන් කිහිපදෙනෙක්ම අපිත් සමග එකතු උන නිසා ධිවරයින් ලෙහෙසියෙන්ම අප හඳුනාගෙන අපේ ලඟට ආවා.

දොඩන්දුවේ ධීවරයින්ගේ තිබුනේ වෙනත් ඉල්ලීමක්.

"සර් අපේ වල්ලම් හදාගන්න ෆයිබර් බඩු නයට දෙන්න. තියනවනම් දැල්නුත් නයට දෙන්න"

ඇත්තටම ඒ වෙලාවේ මිනිස්සුන්ටවත් අපිට වත් අදහසක් තිබුනේ නැහැ ආධාර ලැබෙන විදිහක්. නිකන් බඩු දෙන්න පුළුවන් විදිහක්. ඒ උනාට ගුණරත්නම් දුන්නු වගවිමේ පණිවිඩය මට ඕනෑම තීරණයක් ගන්න බය නැති කරලා තිබුනේ.

එත් තීරණ ගත හැකි ඉහල ආයතන තිබියදී අත පුච්චා නොගන්න වසර 10 ක පමණ රජයේ සේවය මට අත්දැකීම් දීල තිබුණ. මම ධීවරයින්ගේ අවශ්‍යතාවය ධිවර ඇමතිට දැනුම් දුන්නා. "ඉන්න අජිත අපි තාම රැස්වීමේ මම කුමාර සහෝදරයට දෙන්නම්". අපිට රැස්වීම ඉවර උනාට කුමාර සැමෝටම රැස්වීම ඉවරකරලා නැහැ. ඔව්න් තවමත් අදාළ කාර්යයන් සඳහා පිරිස් යොමු කරනවා. සැලසුම් හදනවා.

මගේ දවසේ ප්‍රගතිය ගැන කුමාර දැඩි ලෙස තෘප්තිමත් උනා. ප්‍රශ්නයක් නොවන විදිහට අදාළ නම් ගම් රැගෙන අවශ්‍ය කටයුතු කරන්න. කුමාර උත්තර දුන්න.

උපදෙස් ප්‍රමාණවත් ........

ෆයිබර් බඩු අවශ්‍ය ප්‍රමාණයන් සහ නම් ලිස්ට් එක හදලා ආයතනේ ගබඩාවට දැනුම් දුන්න අදාළ බඩු වහාම ලිස්ට් එක අනුව නිකුත් කරන්න කියලා. ආයතනයේ ලොරියෙන්ම පහුවදා උදේම බඩු බෙදුවා. මිනිස්සුම තම තමන්ගේ අලුත් වැඩියා කල හැකි ප්‍රමාණයේ වල්ලම් අලුත්වැඩියා කරගත්තා. ගොඩක් ආපදාවට පත්වූ වල්ලම් අලුත්වැඩියා කරන්න ආයතනේ ෆය්බර් කරුවන් ගෙන්නුවා. නිලධාරියෙක් සමග හදිසි ජංගම ෆයිබර් අලුත්වැඩියා පොලක් දැම්ම.

මේවා කරන්න පුළුවන් උනේ මානසිකව නොවැටී සිටිය ගෙදර දොර ජිවිත අහිමිවීම් නැතුව සිටි ධිවරයින් සඳහා නමුත් බිමටම සමතලා උණු අන්ත අසරණ බොහොමයක් හිටියා තමන්ගේ එකම යාත්‍රාව පවා සුන් බුන් වී ගිය. ඒ අය වෙනුවෙන් ක්‍රියා කල යුතු විදිහ ගැන අදහසක් මට ලැබෙමින් තිබුනා ප්‍රායෝගිකව ගත් මේ මැදිහත් වීම තුල.

බේරුවල මිගමුව තංගල්ල වැනි ධිවර වරයන් වල ඔය කාර්යම කිරීමට ඊළඟ දවසේ නිලධාරීන්ට පැවරුවා. අදාළ ක්‍රෙන් ලබාදුන්න සමහර පුද්ගලික ආයතන වලින්නුත් ගත්තා දෙන්නම් කාසි වලට. නැගෙනහිර පැත්ත අන්තිම බරපතලයි. මීගමුවෙන් උඩට ප්‍රශ්නයක් තිබුනේ නැහැ.

ප්‍රසාද් අවශ්‍ය විස්තර සිය සම්බන්ධකම් මගින් ලබාගත්තා. විනාශ වූ ධිවර යාත්‍රා අලුත්වැඩියා කිරීම සඳහා වැඩ පිළිවෙලක දල සැලැස්මක් සාදා ගත්තා සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අවංක, බරපතල කැපකිරීමකට සුදානම් ෆය්බර් මෝටර්,එන්ජින් අලුත් වැඩියාව ගැන දන්න පිරිසක් එකතු කර ගත යුතුය්. පේරාදෙණියේ ඉංජිනේරු අවසන් වසර ව්භාග අවසන් වෙලා තිබුන එයින් යාන්ත්‍රික ඉංජිනේරු කොල්ලෝ ටිකක් එකතු කරගත්තොත් ෆය්බර් තාක්ෂනය ගැන පොඩි පුහුණුවක් දීලා වැඩේට ගන්න පුළුවන්. ඔය අදහස් හාෆ් ෂීට් එකකට අරන් පසුවදා රැස්වීමට ගියා.

රැස්වීමට පැමිණෙන්න හිටියේ එදා පිටව ගිය ආයතන ප්‍රධානින් කීප දෙනා විතරයි. අනිත් සේරම එදා ඇදපු ඇදුම් වලින්ම තවමත් රැස්වීම් කටයුතුවල. නලින්ද හිටියේ බාගෙට මැරිලා. ඇමතිතුමා ඇතුළු පිරිස දින දෙකක් එක දිගට නිදිමරමින් කාර්යයේ යෙදී සිටි බව අහන්න දෙයක් තිබුනේ නැහැ. කට්ටියට එතරම්ම වෙහෙසයි. නමුත් කුමාර් එදා උද්යෝගයෙන්ම ධ්‍ය්ර්ය සම්පන්නව වැඩෙහි යෙදී සිටියා. මගේ යෝජනා ඔහු හොඳින් කියවා බැලුවා. එවලේම කර්මාන්ත සංවර්ධන අධිකාරියේ (නම පොඩ්ඩක් වෙනස් වෙන්නත් පුළුවන් එයත් එකල ජවිපෙට අයත් අමාත්‍යාංශයක ආයතනයක්) සභාපතිව සිටි පේරාදෙණිය ඉංජිනේරු පිටයේ අචාර්ය අලහකෝන් අමතා අපට අවශ්‍ය නවක යාන්ත්‍රික ඉංජිනේරුවන් 12 ක් ලබාදෙන ලෙස දන්වා සිටියා. එදා එළිවෙනකම් රැස්වීම අවසානයේදී කලයුතු කාර්යයන් සදහා අවශ්‍ය සැකැස්ම මෙහෙයුම කෙරෙනා විධිය වගකිව යුතු අය ආදී වශයෙන් ජාතික වැඩපිළිවෙලක් සාදා ගත්තා. සිදුවූ විනාශයේ තොරතුරු සහ මෙහෙයුමේ මුල්‍ය විශාලත්වය ගැන තවමත් තිබුනේ දල අදහසක් . අවශ්‍ය නිවරදි වාර්තා ලබාදීම සදහා අමාත්‍යංශ නිලධාරින් සති දෙකක කාලයක් ඉල්ලා තිබුනා.

එම සති දෙක අපගේ සැලසුම් සදහා යාන්ත්‍රනය සකසා ගත්තා. ඉන්පසු සියලු දෙනාම තම තමන්ට භාරවූ කාර්යයන්හි බරපතල ලෙස කාර්යය බහුල වූ බැවින් හදිසි කෙටි රැස්වීම් මිස පොදු දීර්ඝ රැස්වීම් පැවැත්වුනේ නැහැ. කුමාර් නිතරම පසු විපරම් කරමින් අපගේ කාර්යයන් පහසු කළා.

මාගේ වගකීමට අයත්වූ හානිවූ ධිවර යාත්‍රා සහ ආම්පන්න පිලිබඳ නිවැරදි විස්තර නම් ගම් අදාළ ධිවර නිලධාරි බලප්‍රදේශය සහිතව සති දෙකකින් මට ලැබුනා. ලංකාව පුරාම එකවර ක්‍රියාත්මක වන යාත්‍රා අලුත්වැඩියා කිරීමේ තාවකාලික වැඩපොළවල තිහක් පමණ අරඹා කාර්යය කළමනාකරණය කිරීම අපහසු නොවුනේ සියලුම කාර්යයන් මුලසිටම නිවැරදිවම සැලසුම් කරගැනීමට හැකි වූ නිසයි. එම වැඩපොලවල් මිගමුව මට්ටක්කුලිය, පානදුර, බේරුවල, බලපිටිය, හික්කඩුව, දොඩන්දුව, ගාල්ල, වැලිගම, මිරිස්ස ආදී දකුණු පළාතේ සිට කන්කසන්තුරේ, කොකිලාය්, සල්ලිසාම්පල්තිව්, ත්‍රිකුණාමල, ඔට්ටමාවඩි, මඩකලපු, එරාවුර්, නින්දවූර්, පොතුවිල්, පානම ආදී උතුරු නැගෙනහිර පළාත් දකවාම සියලුම ධිවර වරායයන් නැංගුරම් තොටුපල වල් ක්‍රියාත්මක උනා. සියලුම ධිවරයින් ධිවර අමාත්යංශය සමග ලියාපදිංචි වී සිටින බැවින් කිසිවෙකු මගහැරුනේ නැහැ.

ඊළඟට ආවේ ආධාර සුනාමියයි. ධිවර අම්මත්යාංශය ට අදාළ කාර්යයන් සදහා ලැබූ ලෝක අහාර සහ කෘෂිකර්ම (World Food and Agriculture Organization)සංවිධානයේ ආධාර, ජපන් ආධාර, වෙනත් රටවල මෙන්ම හා වගකිව යුතු දේශීය හා විදේශීය රාජ්‍ය නොවන සංවිධාන වලින් වැල නොකැඩි එන්න පටන් ගත්තා. ඒවා හසුරවපු හැටි ඇත්තටම කතා නොකර බැහැ. මුලින්ම ආවේ WFAO නියෝජිතයා දේශීය නියෝජිතයා සමග. එම බොහෝ රැස්වීම් වලට සුනාමියෙන් විපතට පත් වූ ධිවරයින් නගා සිටුවීමේ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ මෙහෙයුම් කමිටුවේ සාමාජිකයෙක් විදිහට මමත් සහභාගී උනා. WHO එක ඩොලර් මිලියන 2 ක ආධාර මුලික වටයේදී කඩිනමින් දෙන්න ඉදිරිපත් උනා. අපි බොහොම සතුටු උනා. නමුත් ඒගොල්ලෝ ඒක කෙලින්ම අමාත්‍යංශයට දෙන්න එකඟ උනේ නැහැ. ඔවුන් වැඩ පිළිවෙලක් ඉදිරිපත් කළා සුනාමියට හසුවූ ප්‍රදේශ කලාප 8 කට බෙදා ඔවුන්ගේ කාර්යාල 8 ක් මගින් හානි වූ ධිවරයින්ට සහන දෙනවා කියල. WFAO එකේ දේශීය නියෝජිත මහතා ඒවා අපුරුවට පොතක් හදල විස්තර සහිතව ඉදිරිපත් කළා. ඩොලර් මිලියන දෙකෙන් 1.7 ක්ම යන්නේ කාරයාල වල නිලධාරි සේවක වාහන ආදී වියදම් ධිවර යට දශම 3 යි. අපි එයට තදින් විරුද්ධ උනා. අපි දැනටමත් මහපොළවේ ස්ථානගත කරමින් තියෙන අපේ වැඩ පිළිවෙලට දෙනවා නම් දීපන් නැත්නම් මේ විහිලු ආධාරය අපි භාර නොගන්නා බව තදින්ම කියා සිටියා. දේශීය නියෝජිතයා දුර්මුක උනා. WFAO නියෝජිත අපේ සැලැස්ම එතන ඉඳන්ම කියෙව්වා ඔහු ගෙන් ආවේ සාධනීය පිළිතුරක්. ඔහු යෝජනා කළා කාර්යාල 8 වෙනුවට එක ප්‍රධාන කාර්යාලයකුත් අපගේ අලුත්වැඩියා කටයුතු සඳහා WFAO ආධාර නිසිලෙස ක්‍රියාත්මක වන බව පෙන්වන පසු විපරම් වැඩ පිලිවෙලකුත් අධික්ෂණ නිලධාරින් කිහිප දෙනෙකුත් සමග එක ප්‍රධාන කළමනාකරුවෙක් සමග අදාළ ආධාර මුදල ලබාදෙන්න. ධිවර ඇමති වහාම ඉදිරිපත් උනා අවශ්‍ය ප්‍රධාන කාර්යාලයට ඉඩ කඩ ධිවර අමාත්‍යාංශය තුලින්ම දෙන්න.

එය අපිට විශාල පෙරහුරුවක් උනා ආධාර කළමනාකරණය කර ගන්නා අයුරු අවබෝධ කර ගැනීමට. ඉන්පසු සියලුම ආධාර කණ්ඩායම් සමග වැඩ කලේ එහෙමයි. ක්‍රියාකාරකම් සහ ආධර සියල්ලම ධිවර අමාත්‍යංශය සකස් කල ජාතික වැඩ පිළිවෙල තුලින් ක්‍රියාත්මක කරන ලෙස ධිවර අමාත්‍යාංශය තදින් කියා හිටියා. එසේ නොවන්නේ නම් එම ආධාර සුනාමියෙන් හානියට පත් ධිවරයින් වෙනුවෙන් ලංකාවට ලැබුණු බවට අමාත්යංශය කිසිම සහතිකයක් නොදෙන බව දන්වා සිටියා.

ඒ අනුව ඉන්පසු ආපු ආධාර කණ්ඩායම් එක්කෝ අපේ වැඩ පිළිවෙලට ආධාර කළා නැත්නම් අපේ වැඩ පිලිවලේ කොටසක් එයාල අරගෙන ක්‍රියාත්මක කලා. එහෙමත් නැත්නම් අපගේ වැඩපිළිවෙලේ කොටසක් අපි ලවා ක්‍රියාත්මක කරන්ගමන් එයාලා අධික්ෂණය කරමින් ආධාර කළා. එසේ කල එක ස්ථානයක තමයි ගාල්ලේ උණවටුනේ ඉදිකළ අංග සම්පුර්න බහුදින යාත්‍රා නිපදවීමේ යාත්‍රාඟනය. කුරියර් ඒඩ්ස් ඔස්ට්‍රියා කියල NGO එකක් ආධාර කලේ. එම යත්රාන්ගනය තුලින් පමණක් එකක් ලක්ෂ 40 කට වඩා වටිනාකමින් යුතු බහුදින යාත්‍රා 50 ක් පමණ නිෂ්පාදනය කොට අලුත්ම බුක් එන්ජිම සහිතව එයත් ලක්ෂ 7 ක් විතර ඇති සමාන යාත්‍රා සම්පුරන්යෙන්ම විනාශ වී අහිමි වූ ධිවරයින්ට බෙදා දුන්නා. ගාල්ලේ අයට එම යාත්රාන්ගනය මතක ඇති. දැන් ඒක සම්පුර්ණයෙන්ම විනාශ කරලා ගාල්ල නගරය අලංකාර කරනවා කියල.

වසරකට යෝජනාවූ සුනාමියෙන් හානි වූ ධිවර යාත්‍රා අලුත් වැඩියා කිරීමේ සහ දැල් ඇතුළු ධිවර ආම්පන්න නැවත ලබාදීමේ වැඩ පිලිවල මාස 8 ක් ඇතුලත නිම උනා. 80% කට වඩා විනාශ වූ ධිවර කර්මාන්තය සම්පුර්ණයෙන්ම නැවත ගොඩ නැගුවා. සුනාමිය ආවා කියල ධිවර කර්මාන්තය සම්පුරන්යෙන් විනාශ වුවා උනත් එක දවසක් හෝ ලංකාවේ මිනිස්සුන්ට මාළු නැතුව බත් කන්න සිද්ද උනේ නැහැ නේද කියල මතක් කරලා බලන්න. මේ මහා කර්තව්‍ය පිටුපස හිටි අයෝමය පුරුෂයා තමයි කුමාර් ගුණරත්නම්. එහෙව් මිනිහට තමයි මේ උඩක් පළලක් දන්නැති අමනයෝ පල් හොරා කියන්නේ.

කුමාර් ගේ වැඩ පිළිවෙල නැත්නම් සුනාමි ආධාර වලින් බෝට්ටු ලැබෙන්නේ මුද දැකපු වත් නැති එවුන්ට. එකාට පහ හය නොවෙය් විස්ස තිහ ලැබිල තියෙයි. ආපදාවට පත්වූවන්ට හුලන් තමයි. සුනාමියට ලැබුණු ආධාර මිලියන සිය දහස් ගණන් ගසා කාපු එවුන් ට මහරජා කියල වැඳ වැටෙන මුන් සත පහක වංචාවක් නොකළ යුග මෙහෙවරක් සදහා දායක උණු අසමාන මානුෂිකත්වය ට සලකන හැටි අපුරුය්.

මේ විස්තරය අද වඩාත් වැදගත් වෙන්නේ එහි පැසසුමට ලක්වෙන ප්‍රේමකුමාර් ගුණරත්නම් නිසාය. ඊට අමතරව මට මෙහි ඇති වැදගත් කාරණා කිහිපයකි.
  1. ප්‍රේමකුමාර් ගුණරත්නම් එළිපිට නොව යටිබිම්ගතව ක්‍රියාත්මක වෙන අදිසි හස්තයක් ලෙස වැඩ කිරීම.
    මට හිතෙන ආකාරයට, තවමත් ටිල්වින් ද සිල්වා ලා, අනුර කුමාර දිසානායකලා ගෙන යන්නේ ප්‍රේමකුමාර් ගුණරත්නම් නම් කෙනෙකු ජනතා විමුක්ති පෙරමුණේ නොමැතිය යනුවෙන් ප්‍රේමකුමාර් ගුණරත්නම් ගේ නායකත්වයෙන් රැස්වුණු දේශපාලන මණ්ඩලය වැනි පක්‍ෂ සංවිධානයක් ගෙන ඇති තීරණයට අදාල ලයින් එකයි!
  2. ප්‍රේමකුමාර් ගුණරත්නම් ධීවර අමාත්‍යාංශයේ අදිසි නිසි බලධාරියා ලෙස (සුනාමි සහන වැඩසටහනට පෙර පවා) ක්‍රියාත්මක වී ඇති "විනිවිද නොපෙනෙන" ආකාරයේ ක්‍රියාව.
    මෙහිදී විස්තර කෙරෙන පරිදි සුනාමි සහන වැඩ පිළිවෙල ඔහු මෙහෙයවා ඇති ආකාරය අගය කළ යුතු නමුත්, ඔහු කළ අන් වැඩ අප නොදන්නා නිසා, ඒ අතර යම් කිසි පක්‍ෂග්‍රාහී වැඩකටයුතු, අකටයුතු සිදුවුනේදැයි අපට සිතා ගත නොහැක. ඔය කාලයේ ජවිපේ සිටි වීමලසිරි ගම්ලත් වැන්නවුන් ගේ ක්‍රියා හෙළිදරව් වුනේ පසු කාලීනව බව සළකන විට ඟෙය ඉතා වැදගත් කාරණයකි.
  3. ජවිපෙ වුවද, සභාගයට එක්වී ඇමතිකම් ගෙන කර ඇත්තේ තමන්ගේ පාක්‍ෂිකයින් සංස්ථා සභාපතිකම්වලට, ක්‍රියාකාරී අධක්‍ෂක තනතුරුවලට පත් කිරීම බව.
    මෙහි නම් සඳහන් කිහිප දෙනෙකුම මා පුද්ගලිකව දන්නා අය ය. පෙර කාලයේ විශ්ව විද්‍යාලයේ සමවාදී ශිෂ්‍ය සංගමයේ වැඩ කළ අයට යුඇන්පීයෙන් මෙවැනි තනතුරු පිණිනැමිණි. සමාජවාදී ශිෂ්‍ය සංගමයේ අපේ මිතුරන්ටද, එලෙසම තනතුරු ලැබී ඇත.
  4. අවසාන වශයෙන් ගෝත්‍රික මනසකින් යුතුව කිව යුත්තේ මෙයයි.
    කොහොමද, පේරාදෙනියේ ඉංජන්ගේ වැඩ?
    ;-)

-රසිකොලොජිස්ට්

(image: https://hollywoodhatesme.wordpress.com/2012/07/16/the-invisible-mans-best-pickup-line/)

54 comments:

  1. අපූරු ලිපියක්...
    මිනිස්සුන්ගෙ හැටි ඔහොමයි. කොච්චර හොඳ කළත් මඩක් වැඳුනොත් ඒ ඔක්කොම අමතකයි.
    මේ කියන විදිහට කුමාර් ජවිපේ නායකත්වය ගත්තනම් අනුරලා ටිල්වින්ලාකැලේ...

    ReplyDelete
    Replies
    1. මා හිතන විිදියට ඔහු තමයි නායකයා.

      Delete
    2. මමත් හිතන විධියට ඔය වකවානුව වන විට ජවිපෙ සැබෑ නායකයා වුණේ කුමාර් ගුනරත්නම් තමයි. එහෙම නැතිනම් මා ලියා ඇති ලිපියේ දැක්වෙන ආකාරයට ඔහු වෙනම කල්ලියක් ගොඩනැගූ අයෙකු විය යුතුයි. ජවිපෙ හෝ කුමාර් මේවා ගැන විවෘතව කතා කළ යුතුයි. මොකද මේවා අවසානයේදී භාවිතා වී තිබෙන්නේ පුද්ගලයන් කීපදෙනෙකුගේ උන්නතියට හා විශාල සමාජ බලවේගයකට දේශපාලනය එපා කරන්නටයි.
      කියවන්න: කුමාර් ගුනරත්නම් නිදහස් කරනු! පුරවැසිභාවය ලබා දෙනු! මේ ටික කියන්නට මට ඇති අයිතියටත් ගරු කරනු!

      Delete
  2. හෑ හ් ! එතකොට හිරේ දැම්මේ නොයෙල් මුදලිගේ කියල ඔසියෙක් නෙවෙයිද ?

    ReplyDelete
  3. අජිත එදිරිසිංහගේ මේ සටහන මුලින්ම කියවූ පසු එය මෙසේ නැවත පළකිරීමේ හා සාකච්ඡා කිරීමේ වැදගත්කම මටද පෙනී ගියේය. එමෙන්ම, ඒ ගැන මට ඇති වූ අදහස්ද ඔබේ පසු සටහන් වල ඇති දේ වලට සමානය. හිතුණු දේ ක්‍රියාත්මක නොකර හිටියේ මෙවැනි ලිපියක් පළ කිරීමෙන් පසු ඇති විය හැකි සාකච්ඡාව ඉදිරියට ගෙනයාමට කාල වේලා නැති බැවිනි. එමෙන්ම, මෙම දඬුවම හිමිවීමට පෙර (මා හිතන පරිදි නීතිඥයින් මඟින් ඒ බව දැන ගැනීමෙන් පසු) කුමාර් ගුණරත්නම් විසින් විශේෂ අවසරයක් ලබාගෙන කෑගල්ල උසාවියේදී කළ දීර්ඝ ප්‍රකාශයද වැඩිදුර සාකච්ඡාවට ලක් විය යුත්තකි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.
      කාල වේලාව නම් අඩු තමයි. මාත් හෙට සිට අවුරුදු නිවාඩු!

      Delete
  4. මම මේක බුකියෙත් දැක්කා. රසික මේක මෙතන දාපු එක හොඳයි.

    මේක කියවපු ගමන් මට නම් මේ ළිපිය ලියපු පුද්ගලයා ගැන මාර දුකක් හා කනගාටුවක් ඇති උනා. මොවුන්ගේ මොළ කොතරම් සෝදාපාලුවකට ලක් කොට තිබෙනාඅද කියනවා නම් තමන්ගේ ටැලන්ට් එක තම නායකයට බැර කරනවා මදිවාට ඔහුව බක්තියෙන් වඳිනවා. මොහුත්, පුක උඩ දාගෙන බෝධියක් වඳින අහිංසක දුප්පත් නූගත් උපාසකම්මා කෙනෙක්ගෙත් වෙනසක් මම නම් දකින්නේ නෑ.

    ලංකාවේ උගත්තු හිටියට බුද්ධියක් තියෙන උන් නෑ කියන්න තවත් හොඳම උදාහරණයක් මේ ළිපිය. පළමුව ඔහු පක්ෂය වඳිනවා. ඊට පස්සේ ආන්ඩුවේ ඒ ආර්, එෆ් ආර් වඳිනවා. එතනින් එහාට යන්න හිතන්නෙවත් නෑ. නමුත් ඔහුට එතනින් එහාට යාමේ ශක්තිය තමන් තුලම තියෙනවා. මෙයාට මේවා මැජික් උනාට පුදගලික අංශයේ වැඩ කරපු අපිට නම් මේවා මැජික් නෙමෙයි. පෞද්ගලික අංශය ඉදිරියෙන් ඉන්නේ මේ නිසයි.

    මට නම් මෙයත් පවු. අන්ත පසුගාමි පෙරටුගාමීනුත් පවු. කුමාර ගුණරත්නම් මහත්තයත් පව්...

    රසික නිකං හිතන්න කුමාර් ගුණරත්නම් වගේ කෙනෙක් පෞදගලික අංශයේ උන්නා නම් අද ඉන්න තැන...

    ReplyDelete
    Replies
    1. කමෙන්ටුවේ මුල් කොටස ගැන -
      මට නම් එසේ සිතුනේ නෑ.

      අජිත සහ ප්‍රේමකුමාර් මිතුරන් දෙදෙනකෙු කියායි මා නම් හිතන්නේ. මෙය එක මිතුරෙකු අනෙකා සම්බන්ධ වූ තම අත්දැකීම් ලියූ සටහනකි.

      ඔය කිසි සම්බබ්ධයක් නැතුවත්, අපටත් වැඩිපුර නොදන්නා අය ගැන පවා මේ වගේ සිතෙනවා. උදාහරණයක් ලෙස මේ ළඟදී කොළඹ ගමයා සහ ට්‍රාන්ස් සිල්වේනියා බ්ලොග්වල මා කෙටි සටහන් තැබුවා ඔවුන්ව පසසලා.

      Delete
    2. රසික මොකක් ගැනද කියන්නේ කියල කල්පනා කලේ. ගුණරත්නම් ගැන නොලිය නිහඬව සිටියත් ලියන්න කල් ඇවිල්ල කියල හිතෙනවා. රසික අන්තිමට ලිව්ව්වේ ජවිපෙ රස්සා දුන්න හැටි. අපොයි මාත් හොඳට දන්නවා මට සුළු ධනේෂ්වර තක්කඩියෙකුයි කිවූ අයෙකුත් හොඳ රස්සාකට ගියා. තවමත් උසස්වීම් ලැබ එතන. (කුමාර් ජවිපෙ හිටියේ නැහැ කියන)

      Delete
    3. මම මේ සටහන ලිව්ව අජිත . රසික මේක දානවා කියපු හින්ද අදාළ කමෙන්ට් බලන්නම තමයි ආවේ . මම මේ සටහන ලිව්වේ එකම දෙයක් වෙනුවෙන් .කුමාර් ට බරපතල අසාධාරණයක් උනා .මොනවා හරි හේතුවක් නිසා කුමාර් අප්‍රසිද්දියේ දේශපාලනය කළා ජවිපෙ නොනිල නායකයා උනත් ජවිපෙ ප්‍රධානින් හැර කිසිවෙකු කුමාර් කරන කරපු භූමිකාව ගැන දන්නේ නැහැ .එයම පසුකාලීනව කුමාර්ට ජවිපෙන් වෙන් වෙලා ගමන් අරඹද්දී බරපතල අවාසියක් වෙලා තිබුනේ . ඔහු නව පක්ෂයක් හදල මංගල රැස්වීම තියන්න හදනකොටම පැහැර ගැනුනා.ඔහු විනාශ කරන්න හැදුවේ කොහොමහරි එයින් ගැලවුනා එත් පිටුවහල් කළා .කිසිවෙකු ඔහුට සාධාරණය ඉටුකළේ නැහැ .දෙවනුවත් එම දේම වෙනවා .සමාජයට ඔහු වටිනාකමක් නැති මිනිසෙකු ලෙසයි පෙන්නන්න හදන්නේ. ඔහුට වසරක සිර දඩුවම් නියමකල .සමාජ ජාලය තුලත් සමහරු ඔහුට හොරා යනුවෙන් ආමන්ත්‍රණය කළා . ඒ වෙනුවෙන් යමක් කල යුතුව තිබුනා. ඔහුට ලැදි මිතුරෙක් විදිහට. මට හිතුනා සුනාමියේ ඔහුගේ දායකත්වය පෙන්වීමට. මම ලියද්දිත් බොහෝ ප්‍රවේසම් වෙන්න සිතාගත්තා ඔහුගේ දේශපාලනය ගාවා නොගන්න .මොකද මම මේක ලිව්වේ සාමාන්‍ය පාටකයාට . මේක මහාලොකු වීරකමක් නොවෙන බව දන්නවා . කලේ අවස්තාවයට අනුව කල යුතු දේ . ඒ දේ නොකලානම එදා ඒ කණ්ඩායමම පුස්සන් . මාතලන් ගේ මතයට අනුව අපේ කිසි මොළ සෝදාපාලුවකට ලක්වුනා වත් අපි උග්‍ර ජවිපෙ පාක්ෂිකයින් වත් නොවේ . තීරණ ගන්න පසුබැසීමක් වගේ දැනෙන්නේ ඒ මම ලියපු ශය්ලිය අවස්ථාවට ගලපගන්න.පුද්ගලික ආයතනයක යන්න පුළුවන් ඉහලටම ගිහිල්ල තමයි මාත් ඉන්නේ.
      ආයතන සභාපතිලා විදිහට ජලජිවි එකේ (නැක්ඩ)prof ජයසේකර ,මොරටුවේ Dr කපිල පෙරේරා (නාරා ) මොරටුවේ Dr අතලගේ (නිෆ්නේ) ජවිපෙ හිතවතුන් නෙවෙය්, රසික ගේ 3 උපකල්පනය නිවැරදිම නැහැ . අධ්‍යක්ෂ මණ්ඩල තුලද කේෂ්ත්‍ර යේ පළපුරුදු අය පමණයි හිටියේ ජවිපෙ හිතවතුන් නොවූ අය පවා හිටියා .ජවිපෙ හිතවතෙක් උණු පමණටම ගත්තා කියන එකත් හරි මදි .

      Delete
    4. මේ ප්‍රහසන වලට උත්තර තියනවද? කුමාර් 2006 ගියේ ඇයි? මහින්ද ගෙන් ප්‍රශ්න තිබ්බද? විමල් ඇතුලේ ඉඳගෙන ඔත්තු දුන් නිසා කියල කියන්නේ? ඔය සැඟවුණු නායකත්වය ජවිපෙ ඕන කමින් හදපු දෙයක්. කුමාර් ව එදා බේරා ගත්තේ 2006 යැව්වේ අනුර කුමාර ඇතුළු කට්ටිය. දෙවන පාර අවහම අනුර කුමාර හා ටිල්වින් කට්ටියලු ගෝඨා ට අල්ලලා දුන්නේ. එතකොට ඒ ගොල්ලමලු අද කුමාර් ව එලියට දාන්න දෙන්නේ නැත්තේ මයිත්‍රී හා රනිල් එක්ක. මට කෙනෙක් සහතික කරලම කිව්වා ඕපාත මහත්තය ගෝඨාභය මහත් එක්ක ගිවිසුමක් තිබ්බ කියල කුමාර් එන එකට . මට නම් මේක හරිම අපබ්‍රස්න්සයක්.

      Delete
    5. අජිත් ධර්මා, මා අදහස් කලේ ඔබේ ඉවසීමේ ගුණය ගැන මට ඇතිවූ ප්‍රසාදය ගැනයි.

      Delete
    6. අජිත
      මගේ එකම ප්‍රශ්නය විනිවිඳභාවය ගැනයි. පත්කරන ලද අයගේ සුදුසුකම් ගැන අවුලක් නැත.

      මේ සටහනේ ඔබ විස්තර කර ඇති කටයුතු කර ඇති ආකාරය ගැන සියළු දෙනා ගැනම මට ඇතිවුනේ දැඩි ප්‍රසාදයක්.

      Delete
    7. ස්තූතියි රසික.

      Delete
  5. අජිතගේ සටහන මුලිකව මතු කරන්නේ ජවිපෙ නායකයන් විසින් 'කුමාර් ගුණරත්නම් කෙනෙක් ගැන දන්නෙවත් නෑ' කියන එකට විරෝධාකල්පයක්. එතෙන්දි අජිත සාර්ථකයි. ඒත් රසික ඉහත මතුකරන ප්‍රශ්න කිරීම්වලට අවංකව උත්තර දෙන්න ජවිපෙටවත්, අජිතටවත්, කුමාර් ගුණරත්නම්ටවත් බෑ. ඔක්කොම හිර වෙනවා .ඔය ප්‍රශ්න අපේ හිත්වලත් තිබ්බ ඒවා

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ ඔවුන්ට (ජවිපෙ/අජිත/ප්‍රේමකුමාර්) මේවාට පිළිතුරු තියෙනවා ය කියායි!

      Delete
  6. අවසාන වශයෙන් ගෝත්‍රික මනසකින් යුතුව කිව යුත්තේ මෙයයි.
    කොහොමද, පේරාදෙනියේ ඉංජන්ගේ වැඩ?

    එතකොට එයා මොරටුවේ ඉන්ජේක් උනානම් ලියන්නේ වෙන කතන්දරක්ද ? මල කෝලන්

    ReplyDelete
    Replies
    1. එක පේලියක් මිස් වුනා නේද?

      කමක් නෑ.

      ඊළඟ පාර මං මොරටුවේ චම්පික රණවක සහ මෝහන් ලාල් ග්‍රේරෝ ගැන ලියන්නම් කෝ!

      Delete
  7. මෙතැන වෙලා තියෙන්නේ මේ වැඩේ ඉෆෙක්ටිව්ලි ඇන්ඩ් එ‍ෆිශියෙන්ට්ලි වෙලා තියෙන එකයි...ඒක වෙලා තියෙනේ ක්‍රයිසිස් සි‍ටුවේශන් එකක් නිසා ලීඩර්ශීප් රෝල් එක වටිනවා...
    ඉෆෙක්ටිව් කියන්නේ හරි වැඩය කිරීමයි.
    එ‍ෆිශියෙන් කියන්න්ෆේ වැඩේ හරියට කිරීමයි...

    සමාන්‍යෙන් ජෙප්පනුත්, පෙරෙට්ටොත් එ‍ෆිශියෙන්ට් පොරවල්...පොස්ටර් ගහන එක විතරක් නෙවෙයි විප්ලවෙත් මතකයිනේ...මැරෙන්න හරි කරනවා...අනිත් එවුනුත් මරාගෙන්...

    එත් මුන්ගේ වැඩ ඉෆෙක්ටිව් නෑ...ඒක වෙන්න දර්ශනේ අප්සැට් හින්දා....ඒ හින්දම තමයි දේශපාලනයේත් අද වෙනකන් ෆේල්.....

    ReplyDelete
    Replies
    1. එෆිෂන්ට් කියන්නේ වැඩේ කාරයක්‍ෂමව කිරීමයි. එනම් අඩු සම්පත් භාවිතයෙන් උපරිම ඵලදායී ක්‍රියාවලියක නිරතවීමයි.

      ඉෆෙක්ටිව් කියන්නේ ඒ ලබා ගත් ප්‍රතිඵලය කොයිතරම් දුරට ප්‍රශස්ථ අගයට ළඟ ද කියන එකයි.

      සාමාන්‍ය දේශපාලන ක්‍රියාවලියේ දී ජවිපේ සිතන පතන ලබා ගැනීමට ක්‍රියාකරන ප්‍රශස්ථය ඔබේ හෝ මගේ හෝ ප්‍රශස්ථය නොවෙන්න ඇති ඉඩකඩ ඉතා වැඩියි.

      Delete
    2. ආ...කකා මොකක්ද මේ කට පාඩම් කර ගත්ත හෑල්ලක් අත ඇරලා තියෙන්නේ......අහන්න දෙයක් ඈ....මෙයත් ඉතින් පේරා ප්‍රොඩක්ට් එකක් නේ ;)

      Delete
  8. මේ කතිකාවේදී මා ෆේස්බුක් එකට මෙහෙම ලිව්වා ප්‍රේමකුමාර් ගුණරත්නම් සමග ටිල්වින් සිල්වා එකට පෙනී සිටින සේයාරුවක් පළකරමින්.

    //ප්‍රේමකුමර් ගුණරත්නම්ගේ පෙරටුගාමී දේශපාලන පක්ෂයට මා කිසිසේත්ම සම්බන්ධ නැත. එසේම ගැමුණු නොහොත් කුමාර මහත්තයා නොහොත් ගුණ්ඩා ලෙස ජවිපෙ දේශපාලනයේදී එහි නියමුවෙකු ලෙස මා දැන සිටි ගුණරත්නම් ඒ කාලයෙන් පසු මට මුණ ගැසීද නැත.
    ප්‍රේමකුමර්ගේ සොහොයුරා වන රංජිතම් විශ්වවිද්‍යාලයේදී මට වසරක් කණිෂ්ඨ වූ අතර ඔහුගේ දේශපාලන කටයුතු සමීපව නිරීක්ෂණය කොට ඇත්තෙමි. එහෙත් අපට වඩා වසර කිහිපයක් කණිෂ්ඨ ප්‍රේමකමාර් සරසවියේදී මට හමු වීද නැත. මා ජවිපෙ දේශපාලනයට පිළිපන්නේ ආනන්ද ඉඩමේගමගේ ආරාධනයෙනි. ඒ ගැන සටහන් කිරීමට මේ අවස්ථාවක් නොවූවද ඉඩමේගම මා හමුවීමට ත්‍රිකුණාමලයට එද්දී එම ප්‍රදේශය භාරව ඉන්දීය සාම සාධක හමුදාවට මුහුණ දෙමින් ජවිපෙට නායකත්වය දුන්නේ ප්‍රේමකුමාර් ගුණරත්නම්ය.

    මේ අටුවා ටීකාව ලිව්වේ ප්‍රේමකුමාර ගුණරත්නම් කෙනෙකු ජවිපෙ නායකත්වයේ සිටිනු තබා දන්නේ හෝ හඳුනන්නේ නැතැයි එහි වත්මන් නායක අනුර කුමාර දිසානායක ප්‍රසිද්ධියේ ඇද බෑ මුසාව තහවුරු කරමින් පක්ෂයේ යාවජීව ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාද ඒ හරුපයම කියන්නට ගොස් හත් පොළේ ගාගෙන ඇති නිසාය. මා එසේ කියන්නේ මේ සමග පළවන සේයාරුව මගින් ඒ බව තහවුරු වන නිසාය.
    ඉතිහාසයේ සාක්ෂි එතරම් ලෙහෙසියෙන් මකා දමන්නට නොහැකිය. ඒවා හොල්මන් කිරීම නවතන්නට ජගතෙක්ද නැත.

    එවකට පාස්පෝට් නැතිව වල්ලමකින් මුහුදෙන් ඉංදියාව හරහා විදේශයට පළා ගොස් ජීවිතය බේරා ගත් සිරි අයියා සමග එක්ව සී සීකඩ විසිර ගොස් තිබූ පක්ෂය යළි එක්තැන් කරන්නට 1994ට පෙර කටයුතු කළ ප්‍රේමකුමාර්ගේ කාර්‍යභාරය නොවන්නට අද ඉන්නා නායකයන්ට සනීපෙට දේශපාලනය කරන්නට වැඩබිමක් ඉතිරි නොවනු ඇත.

    ප්‍රේමකුමර් ගුණරත්නම් කෙනෙක් ගැන නොදන්නා ජනතා විමුක්ති පෙරමුණේ නායකයින්ට වැඩි දුර විස්තර අවශ්‍ය නම් චංද්‍රිකා රජයේ ධීවර ඇමති ධූරය දැරූ චන්ද්‍රසේන විජේසිංහගේ මතකය හාරවුස්සන්නැයි ඉල්ලා සිටිමි. සුනාමි ව්‍යසනයෙන් පසු ජවිපෙ "රතු බලකාය" නැගෙනහිර ජනතාවට සහන සලසන්නට මඩකලපුවට ගිය මොහොතේ ධීවර අමාත්‍යාංශයේ කණ්ඩායම එහි ගිය විට පක්ෂය වෙනුවෙන් එම ව්‍යාපෘතියට නායකත්වය දුන් ගුණරත්නම්ට හිඳගන්නට ආසනය පවරා විජේසිංහ ඇමතිවරයා පසෙකට වූ බව ෆේස්බුක් කොමෙන්ට් එකකින් කියැවීමි. ඒ බව චන්ද්‍රසේන විජේසිංහට නම් මතක ඇතිවා නිසැකය. නැතත් එවකට ඇමති ලේකම් වූ වර්තමාන පාර්ලිමේන්තු මංත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්සට නම් අමතක වෙන්නට විදිහක්ම නැත. මේ ගමන යන්නට ගුණරත්නම්ගේ මස්සිනාවූ, පාලිත මටද ආරාධනා කළද කිසියම් රාජකාරි කටයුත්තක සිර වුණ හෙයින් මට ඊට දායක වන්නට නොලබිණ. එසේ ගියා නම් මටද එහි සාක්ෂිකරුවකු වෙන්නට හැකියාව තිබිණ.//

    කොහොමද, පේරාදෙනියේ ඉංජන්ගේ වැඩ? ;-)
    (මෙහි පාලිත යනුවෙන් සඳහන් වන්නේ ජවිපෙ ඇමතිකම් දරද්දී ධීවර වරාය නීතිගත සංස්ථාවේ සභාපති වූ පාලිතයි.)

    ReplyDelete
    Replies
    1. ඇයි ඒ කතා ෆේස්බුකියට සීමා කරන්නේ? නොකී කතාවලටත් එහා කතා හින්දාද?

      Delete
    2. ඔව් මාත් ඒක බැලුවා..

      Delete
  9. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. නැවත මෙහි පලකිරීම ගැන ස්තුතියි!

      Delete
  10. මයියා සමගත් මාතලන් සමගත් එකඟයි. ගුණරත්නගේ හැකියාවෙන් රටට වැඩක්වෙන්න ගුණරත්නම්ට නිදහස දීලා පුනුරුපප්දනය කරන්න යූ එන් එකේ ජොබ් එකනට දාන්න වෙනවා. ඔසි වලින් මිනිහට යමක් ඉගෙන ගන්න බැරි වෙන්න ඇත්තේ නෝන නිසා වෙන්නැති, දික්කසාදෙකුත් කරල දුන්නනම් හරි.

    ReplyDelete
    Replies
    1. ඒ ප්‍රතිචාරය වෙනුවෙන් මෙන්න තෑග්ගක් ලෙස ඔබට මිටියක්!

      Delete
  11. මේ කාලෙ එලියට ඇවිත් වැඩක් නෑ නෑ වගේ කාලයක්.අළුතෙන්ම මොල වලට වදින ෆ්‍රෙශ් ගතියකින් ගේමක් ඡන්දයක් කිට්ටුවෙලා ගැහුව නම් මොකක් හරි කරගන්න පුළුවන්.මේක උපක්‍රමශීලී පසුබැස්මක්.(පහු ගිය ටිකේම කියවපු දේවල් අනුව ගස්ලබ්බා කුමාර් නම් ගන්නා තීරණය මෙයයි.)
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ නෑ ඡන්දයක් දිනීම ඔවුන් ගේ අරමුණක් කියා.

      Delete
  12. මේ කාලෙ එලියට ඇවිත් වැඩක් නෑ නෑ වගේ කාලයක්.අළුතෙන්ම මොල වලට වදින ෆ්‍රෙශ් ගතියකින් ගේමක් ඡන්දයක් කිට්ටුවෙලා ගැහුව නම් මොකක් හරි කරගන්න පුළුවන්.මේක උපක්‍රමශීලී පසුබැස්මක්.(පහු ගිය ටිකේම කියවපු දේවල් අනුව ගස්ලබ්බා කුමාර් නම් ගන්නා තීරණය මෙයයි.)
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ක්මෙන්ට් දෙකක් දාන්නේ ගස් ලබ්බාත් ද්විත්ව පුරවැසියෙකු ද මන්දා?

      Delete
  13. මේ කුමාර් කෙනෙක් අපි දන්නේ නෑ කියන කතාව ගැන මමත් හිතුවේ රසික කියන දෙයමයි. සැගවුණු නායකයෙක් ලෙස ඔහු ඉන්න කාලේ එහෙම තීරණයක් ගෙන තිබෙන්නට ඇති. දැන් හැබැයි තුන් ගොල්ලෝ තුන් පැත්තට වෙලා එක එක පැත්තට ඇඟිලි දික්කරනවා.. පවතින තත්වය යටතේ හොඳ යමක් කරන ජ.වී.පෙ . නායකයින්ට පහර ගැසීමෙන් මේ අය බලාපොරොත්තු වෙන්නේ කුමක්දැයි පැහැදිලි නෑ..

    ReplyDelete
    Replies
    1. තවමත් එකම වම් ඉවුරේ ඉන්නා හිටපු සහෝදරයන්ට දරුණු ලෙස පහර දීම වාමාංශිකයන් ගේ සදාතනික ලක්ෂණයකි.

      දුකයි.

      Delete
    2. කුමාර් ගුණරත්නම්ගේ දේශපාලනේ ට වඩා මහින්ද ගේ ආණ්ඩුව කලේ ජ.වි.පෙ කඩාගෙන පෙරටුගාමී එක හදන කාලේ මගේ මිතුරෙක් ඔහුට උදවු කලා.හැබැයි කුමාර් දිමුතු ආටිගල දෙන්නා අත්අඩංගුවට අරගන්න කොට අලුතින් හදන්න යන පක්ෂෙ සහෝදරියක් වෙච්ච දිමුතු එක්ක හිටිය විදිය තමා අවුල්.අනික ඒ ඔක්කොම පොලිසිය විඩියෝ කලාට පස්සේ තමා අත්අඩංගුවට අරන් තියෙන්නේ.ඉතින් සේනාධිරලා ගෝඨාභය එක්ක ඩිල් දාන්න උනා පොරව බේරගන්න.අන්තිමට අලුත් පක්ෂේ හදන්න ගිය අයගෙන් බහුතරයක් අයින් වුනා මගේ යාලුවත් එක්ක

      Delete
    3. මෙතන පොඩි මඩ පාරකුත් තියෙනවා වගේ ...."තවමත් එකම වම් ඉවුරේ ඉන්නා හිටපු සහෝදරයන්ට දරුණු ලෙස පහර දීම වාමාංශිකයන් ගේ සදාතනික ලක්ෂණයකි.

      දුකයි".. දිමුතු ආටිගල කියන්නෙත් ඔය කියන වමටම තම ජිවිතයම කැප කල කෙනෙක්.. මේ හිටිය විදිහ ගැන කීම මෙයට අදාල නැහැ වගේ නේද? පොලිසිය විදිඕ කරා නම් අපේ ලංකාවේ හැටියට ඕවා එලියට නොපැමිණ තියෙයිද?

      Delete
    4. වමේ අය බෙදී එකිනෙකා මරා ගැනීම අදට හෝ ජවිපෙට පමණක් අදාල කාරණයක් නොව සදාකාලික සත්‍යයකි.

      ඒ බව කීම මඩක් නොවේ.

      Delete
    5. මඩ පාර තියෙන්නේ පළමු අනොගේ කොමෙන්ටුවේ.. ක.කා ගේ කියමනේ නෙවෙයි

      Delete
  14. කිසියම් තනතුර කට අවශ්‍ය සුදුසුකම් ඇති අයෙක්ට දේශපාලන සබඳතා ඇති නිසාම ඔහුට එම තනතුර නොදිය යුතු ද ?

    ReplyDelete
    Replies
    1. කරන සැම දෙයක්ම විනිවිඳ පෙනිය යුතුයි. රහස් හෝ රහස් නායකයි හෝ රහසිගත ඇජෙන්ඩා සුදුසු නොවේ.

      Delete
  15. නොකළ යුත්තේ දේශපාලන සබඳතා ඇති අයට පත්වීම් නොදී සිටීම නොව සුදුසුකම් නොමැති අයට පත්වීම් ලබාදීමයි.

    ReplyDelete
    Replies
    1. කරන සැම දෙයක්ම විනිවිඳ පෙනිය යුතුයි. රහස් හෝ රහස් නායකයි හෝ රහසිගත ඇජෙන්ඩා සුදුසු නොවේ.

      Delete
    2. මා ප්‍රතිචාර දැක්වූයේ මෙම කොටසටයි "ජවිපෙ වුවද, සභාගයට එක්වී ඇමතිකම් ගෙන කර ඇත්තේ තමන්ගේ පාක්‍ෂිකයින් සංස්ථා සභාපතිකම්වලට, ක්‍රියාකාරී අධක්‍ෂක තනතුරුවලට පත් කිරීම බව.
      මෙහි නම් සඳහන් කිහිප දෙනෙකුම මා පුද්ගලිකව දන්නා අය ය. පෙර කාලයේ විශ්ව විද්‍යාලයේ සමවාදී ශිෂ්‍ය සංගමයේ වැඩ කළ අයට යුඇන්පීයෙන් මෙවැනි තනතුරු පිණිනැමිණි. සමාජවාදී ශිෂ්‍ය සංගමයේ අපේ මිතුරන්ටද, එලෙසම තනතුරු ලැබී ඇත."

      Delete
    3. මා ප්‍රතිචාර දැක්වූයේ මෙම කොටසටයි "ජවිපෙ වුවද, සභාගයට එක්වී ඇමතිකම් ගෙන කර ඇත්තේ තමන්ගේ පාක්‍ෂිකයින් සංස්ථා සභාපතිකම්වලට, ක්‍රියාකාරී අධක්‍ෂක තනතුරුවලට පත් කිරීම බව.
      මෙහි නම් සඳහන් කිහිප දෙනෙකුම මා පුද්ගලිකව දන්නා අය ය. පෙර කාලයේ විශ්ව විද්‍යාලයේ සමවාදී ශිෂ්‍ය සංගමයේ වැඩ කළ අයට යුඇන්පීයෙන් මෙවැනි තනතුරු පිණිනැමිණි. සමාජවාදී ශිෂ්‍ය සංගමයේ අපේ මිතුරන්ටද, එලෙසම තනතුරු ලැබී ඇත."

      Delete
  16. This comment has been removed by the author.

    ReplyDelete
  17. කිසියම් තනතුර කට අවශ්‍ය සුදුසුකම් ඇති අයෙක්ට දේශපාලන සබඳතා ඇති නිසාම ඔහුට එම තනතුර නොදිය යුතු ද ?

    ReplyDelete
  18. කුමාර් ගුණරත්නම් ගේ දේශපාලනය අපි පිළිගත්තා,නොපිළිගත්තා නමුත් ඔහුට මේ රටේ දේශපාලනය කිරීමේ අයිතිය තහවුරු වෙන්න ඕනේ.ඔහුට විදේශගත වෙන්න වෙන්නේ මේ දේශපාලන වතාවරණය නිසා බව පැහැදිලියිනේ.
    ඒ වගේම ගුණරත්නම් සිරගත කිරීම තුලින් ආණ්ඩුවට හෝ ජවිපෙට වාසියකට වඩා අත් වෙන්නේ අවාසියක්.මොකද මේ කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට ගැනීමත් සිරගත කිරීමත් නිසා පෙරටුගමින්ට වේදිකාවක් හදලා දීලා තියෙනවා නොමිලේම.

    ReplyDelete
  19. This is regarding the appointment of the ministry of fisheries, at the time of minister Mr. Chandrasena Wijesinghe. Some people commented that JVP gave the job for their party member at that time. Yes. That is truth. I was the one member at that time. You know how minister have rights to give the appointment. Institute have their own act. Based on that minister have to rights to appoint chairman and half of the board members. At that time there were few institute under the ministry of fisheries, which are NARA (chariman was prof. Kapila Perea, he is not JVP member), NAQDA (chariman wasProf. Upali Jayasekara,he is not JVP member), NIFNE (presently Ocean University, Chairman was Prof. Athalage, he is not JVP member), Cey-NOR (Cahriman was Eng. Ajita Edirisinghe, He has friendship with JVP), CFC (Chairman was Eng. Nevil, He has friendship with JVP), CHFC (Chairman was Eng. Gallage, he also has a friendship with JVP). Based on above information they gave the chairman or CEO post to professional and therir frends, but those were well qualified. Some anno said that "vinivida bawayak ne". But this is very cear, based on the ACT minister have to rights to appoint chairman (CEO), no need to adverticed or interview. Same thing happen and in pass and even today. Today we have a problem, minster appointed the person as CEO, without any qualification.

    ReplyDelete
    Replies
    1. කොහොමද, පේරාදෙනියේ ඉංජන්ගේ කඩ්ඩ? ;-)

      Delete
    2. //කොහොමද, පේරාදෙනියේ ඉංජන්ගේ කඩ්ඩ? ;-)//
      ;-);-);-);-);-);-);-);-);-);-);-);-);-);-)

      Delete
  20. කුමාර් ගුණරත්නම් කියන්නේ ජවිපේ යටි පෙළ ක්‍රියාන්විතයේ ප්‍රබලයෙක්. ඔය කිව්ව වගේ නායකත්ව තර්ජන ඇති වෙන්න ඇත්තේ සුනාමියෙනු පසුවයි.. ඔහු එහි යම් කාර්යයක් කළ බවත් බැහැදිලියි. ජවිපෙ දෙබිඩි පිළිවෙත් සාමාන්‍ය පක්ෂයක පිළිවෙත් වලින් වෙනස් නොවන බවට ගම්‍ය වන හොද අවස්ථාවක් මේක. අපි දන්න කුමාරයෙක් නෑ කියන එක.. හැක්..

    ReplyDelete
  21. "සියලුම ධිවරයින් ධිවර අමාත්යංශය සමග ලියාපදිංචි වී සිටින බැවින් කිසිවෙකු මගහැරුනේ නැහැ."

    ධීවරයන් ලියාපදිංචිය ගැන එකේ තිබුන ප්‍රයෝජනය ගැන දන්නා කතාකරන ජෙප්පොම ගොවියෝ අන්දගෙන පාරවල් වහගෙන ගොවි ලියාපදිංචිය ට එකසිය ගානට විරුද්ද වෙනවා. නොදකින් මුන් වගේ අවස්ථා වාදීන්....

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.