Friday 1 April 2016

වසල කහකඩයින්ට දිය යුතු උත්තර දෙමු! - Shitmonks


තමා රහත් බවට පත්වූවෙකු යැයි තමන්ම පවසා ප්‍රසිද්ධිය ලැබූ පිටිදූවේ සිරිධම්ම නම් සිවුරුධාරියා ගැන අපි බොහෝ දෙනා දනිමු. ඔහුගේ විසිතුරු උපන්දින සාද නිසා ද ඔහු එසේම ප්‍රචලිතව ඇත. විටින් විට සමාජ මාධ්‍ය ජාලයන් හි හුවමාරු වෙන වීඩියෝවලින් මා දැක ඇත්තේ මේ චීවරධාරියා සිංහාසනයක් වැනි පුටුවක එක් ගාතයක් ද උඩට නමා ගොං රාජ සෙයියාවකින් අසුන්ගෙන බයිලා ගසමින් සිටිනාකාරයයි.

ළඟදී ඔහු පැවසූ එක් අවලම් කතාවක් වූයේ පෙර හොර රජුන් අනුභව කළ ආකාරයට රාජ භෝජන නොවළදා තවමත් තමන් ගේ බිරිඳ විසින් පිස, කෙසෙල් කොළයක ඔතා දෙන බත් මුලක් දිවා ආහාරයට ගන්නා ජනාධිපති සිරිසේන එනිසාම ජනාධිපතිවරයෙකු නොව ග්‍රාම සේවකයෙකු බවයි.

එවැනි වසල කතාවක් මා මීට පෙර අසා නැත!

ඒ කෙසේ වෙතත්, මා මේ ලියන්නේ මේ ආකාරයේ මගේම අත්දැකීමක් කියන්නටයි.

නිවාඩුවට ලංකාවට පැමිණි පසු සැමදා කෙරෙන මගේ එක් කර්තව්‍යයක් වනුයේ ඥාතීන් ගේ නිවෙස් කරා නෑගම් යෑමයි. මේ එක් ගමනකදී මගේ එක් වැඩිහිටි ඥාතියෙකු පැවසූ කතාවකින් මම තූෂ්නිම්භූත වීමි.

මගේ ඥාතියා තම ජීවිතයේ අටවෙනි දශකයට පා තබන විශ්‍රාමලත් ගුරුවරියකි. ඇය මා සමග පැවසූයේ, තමා පාසලේ සේවය කරන සමයේ වූ එක්තරා සිදුවීමකි.

ඒ පාසලේ විදුහල්පති වී සිට ඇත්තේ භික්‍ෂුවකි. පාසල් නිවාඩු කාලයේ තවත් පිරිසක් හා එක්ව දඹදිව වන්දනාවක නිරතවී ඇති මගේ ඥාතියා, නව වාරයේ පාසලට ගොස් ඇත්තේ ඇය ඉන්දියාවේ දී මිලට ගත් සාරියක් ඇඳ ගෙනය.

විදුහල්පති භික්‍ෂුවට ත්‍යාගයක් ලෙස ඉන්දියාවෙන් යමක් රැගෙන විත් තිබුණු නිසා, එය ඔහුට ලබා දීමට මගේ ඥාතියා කාර්යාලයට ගොස් ඇත.

ඇගේ අලුත් සාරිය දුටු සැණින් මේ විදුහල්පති භික්‍ෂුව පවසා ඇත්තේ "අයියෝ මල්ලිකා මිස් මොකක් මේ ඇඳලා ඉන්නේ. මේ අර ඉන්දියාවේ කක්කුස්සි හෝඳන ගෑනු අඳින සාරියක් නේද?" කියායි.

මගේ ඥාතියා ඒ කතාවෙන් කොයි තරම් දුකට පත් වී ඇතිද යත්, ඊට වසර දශකයකටත් පසුවත් මා සමග "අනේ පුතේ, මං කවදාකවත් ඒ සාරිය ආපහු ඉස්කෝලේ යන්න ඇන්දේ නෑ!" කියා පැවසූයේ දුකිනි.

"ඉතිං පොර එහෙම කීවාම පුංචි අම්මා මොකක් ද කීවේ?" කියා මා ඇසුවේ සිතේ කෝපය හිර කරගෙනය.

"අනේ පුතේ මං මොකුත් කියන්න ගියේ නෑ ප්‍රින්සිපල් සාදුට!" ඇය තවමත් දුක්මුසු වූ හඬින් කීවාය.

"ඇයි පුංචි අම්මා කීවේ නැත්තේ ඔව් සාඳු මේ ඒ කක්කුස්සි හෝදන අය අඳින සාරියක් තමයි, ඇත්තටම මේක සුනීත ගේ අම්මා ගේ සාරියමයි කියලා?"

මගේ කතාවට පිළිතුරු ලෙස ලැබුණේ මද සිනාහවක් පමණි.

ඒ විදුහල්පති භික්‍ෂුව ද වසලයෙකු බව අමුතුවෙන් කිව යුතු නැත.

මෙවැනි වසල කහකඩයින්ට වන්දනාමාන කරන අයත් සිටී ද?

-රසිකොලොජිස්ට්

(image: https://www.youtube.com/)

65 comments:

  1. මේ ආගමික ආයතන දැන් දැන් බුදුන් කරපු වෙනස අවබෝධ කර නොගෙන ඉන්න තත්වයක මේ ආගමික ආයතන තවත් පැවතිය යුතුද කියන ප්‍රශ්ණෙ එනව...
    ආයතනගත වෙච්ච ආගම තුරන් වෙලා කෞතුක භාණ්ඩ බවට පත් කරන්න කාලෙ හරි

    ReplyDelete
    Replies
    1. දුස්සීල භික්‍ෂුන් ගේ සහ උන් වඳින අමනයින් ගේ තමයි වරද, දහමේ නොවේ!

      Delete
  2. රහතුන්ට ඔහොමත් ගැරහීම හොඳද?
    අනේ අපිට ගිය කලක්
    හූ කියන්න ඕන තැන සාදු කිය කිය අහගෙන ඉන්නව මේ තොරන් කාරයො කියන ගජබින්න

    ReplyDelete
    Replies
    1. හූ කියන්න පින්වත......!

      හූ, හූ, හූ.......!!

      Delete
    2. ඔය රහත් උත්තමයන්ට අපහාස කළා වගේ නෙවෙයි ඕව විඳවන්න වෙනකොට.....

      Delete
  3. සුවපත් වේවා..

    http://sundaramathaka.blogspot.com/2013/05/blog-post_5683.html

    ReplyDelete
    Replies
    1. දේශකතුමෝ..ලින්ක් එක නම් ජාති...විවුර්තව බලනකොට හිතන්ට කාරනා ගොඩායි...

      Delete
  4. වෙන ආගමික නායකයෝ කරන්නේ ආගම ප්‍රචාරයයි, ආගම ආරක්ෂා කරන එකයි.... බුදුහාමුදුරුවෝ භික්ෂූණ්ට පැවරුවෙත් ඒ කාර්යයි. ඒත් දැන් ඉන්න හාමුදුරුවෝ ගොල්ල තමයි බුද්ධාගම නසන්නේ.. මිනිස්සුන්ට ආගම එපා කරන්නේ....

    අපේ ගමේ පන්සලෙත් ඉන්නේ ඔය වසල නිකායේ උන්නාන්සේ කෙනෙක් තමයි.

    ReplyDelete
    Replies
    1. වසල නිකායේ උන්ට වඳින පුදන උපාසිකා, උපාසකයිනුත් වසල නිකායේ ම තමයි!

      Delete
  5. අපේ පන්සලේ දෙවෙනි ලොකු තැනත් ගමේ නම ප්‍ර‍ිද්ද කරලා ඉන්නේ. ලංඩන් හිරගෙදර ගල් කඩනවා මේ දවස් වල. ලන්ඩන් තේමිස් පංසලේදී පොඩි කෙල්ලෙකුට මගඩි නැටුම උගන්නන්න ගිහින්. කකා දන්නවා ඇති ගම්පහ හැපිබ්‍ර‍ිට් හෝටලේ අයිතිකාර හාමුදුරුවෝ තමා ඒ

    ReplyDelete
    Replies
    1. පහලගම පංසලේ පිං පාට පොඩි සාදු .
      හැපි බ්‍රයිට් හෝටල් තුනක් තියනව නේද සුදු පූස් ?

      Delete
    2. කම්මල හැපි බ්‍රයිට් තුනක් තියේ. පහලගම සෝමරත්න මුදලාලි මහතා කියලයි කියන්න ඕනේ හරිනම්‍ කරන දේවල් වලට තව කාලයක් මෙහේ හිටියානම් පංසලත් වෙනස් කරයි පහලගම යටවත්තේ හෝලිඩේ හොටෙල් කියලා

      Delete
    3. හූ කියන්න පින්වත......!

      හූ, හූ, හූ.......!!

      Delete
    4. ඔය සුදු පුස් කියන හාමුදුරුවන්ට ඔහොම කලා කියල ක්‍රොයිඩන් පැත්තේ අපේ යාලුවෝ අවි අමෝරාගෙන නේ හිටියේ. මටත් බැන්න කියන්න ගිහිල්ල. එක අම්ම කෙනෙක් මට කිවේ හාමුදුරුවන්ගේ නෙමේ වැරැද්ද තමන්ගේ ළමය හාමුදුරුවෝ ගාව දාල ගිය දෙමව්පියන්ගේ කියල. ඕක එංගලන්තේ බුද්ධ ශාන්සනයට විරුද්ධව කරන කුමන්ත්‍රණයක් කියල. මේ රටේ තරම් වෙන ආගම් වලට ඉඩ දෙන රටක් මම දන්නේ නැහැ.

      Delete
  6. සියලුම වෘත්තිකයින්, දේශපාලකයින් සහ සාමාන්‍ය ජනතාව වසලයින් ලෙස කටයුතු කරමින් සිටියදී භික්ෂුන්ගෙන් පමණක් වෙනත් දෙයක් බලාපොරොත්තුවීම ඛේදවාචකයක්ය.......
    බොහෝ මිනිසුන් දේශපාලයකින් පිටුපස යන්නේ සමාජය වඩාත් වඩා යහපත් කිරීමට අවශ්‍ය නිසා නොව තමන්ගේ වැඩක් කර ගැනීමටය

    එමෙන්ම ආගමික පුජකයින් පිටුපස යන්නේ තමන්ගේ හිත සනසා ගැනීමටය, ඒ සදහා අවශ්‍ය වන්නේ යහපත් භික්ෂුන් නොව ලොකු පන්සල්,ගොඩනැගිලි, පෙරහැර හා පිංකම් පමණය. මිනිසුන්ට පිංකම් සිදුකිරීම අවශ්‍යවන්නේ අනිත් මිනිසුන්ට තමන් ඉන්න බව පෙන්වීමට මිස තමන් ඉන්නා බව තමන්ට තේරුම් ගැනීමට නොවේය....

    තමන් කරන කිසි දෙයක අර්ථය පිලිබදව විමසන්නේ නැති මිනිස්සුන්ට අවශ්‍යවන්නේ සමන්තභද්‍රලා වැනි භික්ෂුන්ය......

    ReplyDelete
    Replies
    1. හරියට හරි!
      වසලයින්ට වඳින පුදන උපාසක උපාසිකාවනුත් මේ ප්‍රශ්නයේ වග උත්තරකරුවන් තමයි!

      Delete
  7. දන්නවද රසික, කොස්සින්නෙ පංසලේ ඉන්නව උඩුගම්පොළ ගුණානන්ද කියල හාමුදුරු කෙනෙක්. එයා පොඩිකාලෙ එයා ළඟ ගස් ගඳයි (ඒකට නං කමක් නෑ කියමුකො) දැං ගල් ගඳයි.

    ReplyDelete
    Replies
    1. ඒකත් එහෙමද?
      අපේ කාලේ සිටි (පොල්ගහවෙල?) ආනන්ද හෙම මං හිතන්නේ හොඳ පොරක්.

      Delete
  8. "රහතුන්ට ගැරහීම අපාගත වන වරදකි" මෙහෙම ස්ටිකරයක් පිටිදූවේගෙ පන්සලේ ගහල තියෙනවලු...

    ReplyDelete
    Replies
    1. එහෙම අපාගත වෙන අයට, පිටිදූවේවත් එහේදීම හමුවේවි!

      Delete
  9. රසික මේකේ වරද්ද බුදුදහම අදහන මිනිසුන්ගේ වරද්දයි. හිතල බලන්න ක්‍රිස්තියානි පුද්ගලයෙක් බයිබලය කියවනවා. නමුත් බුදුදහම ගැන කියල බොහෝදෙනා අඩුගානේ මුල ග්‍රන්ථ වන සුත්‍ර පිටකයේ අඩුගානේ එක සුත්‍රයක් වත් කියවල තියනවද ?

    මිනිසා එක එක පුද්ගලයන් කියන ඕනෑම කතාවක් විශ්වාස කිරීමට මිනිසුන් පෙලබිලා තියනවා

    ReplyDelete
    Replies
    1. අදහනවා යන වචනයම ප්‍රතිගාමී, සමාජ අපගමනය ඇතිකරවන එකක්.

      Delete
    2. මම කතෝලිකයෙක් හින්දයි කියන්නෙ. ඉස්කෝලෙ යනකාලෙ විෂයක් විදිහට ආගම උගන්වද්දි බයිබලය කියවනවා ඇරෙන්න ධර්මය අවබෝධ කරගන්න කියලා බයිබලය කියවන උන් සීයට එකක්වත් නෑ. ඉස්කෝලෙ යන උනුත් පුලුවන් තරම් බලන්නෙ කට්ටි පනින්න.

      Delete
  10. සිවුරත් එක්ක සෙල්ලම් කොරන්න ලෑස්ති වෙන්න එපා කියලා කරා හාන්දුරු කෙනෙක් දේසනා කොරලා තියෙනවා රසික දැක්කෙ නැතෙයි...

    ReplyDelete
    Replies
    1. සිවුර එක්ක සෙල්ලම කියන්නේ පන්සල් සූදුව ද?

      මං නං සිවුරක් අල්ලලා තියෙන්නේ කටුම්බා පන්සලේ කටිනෙකට කලින් මිතුරෙකු ගේ නිවසේදී සිවුර මහන්න අහුවුණු වෙලාවේ විතරයි.

      Delete
    2. ඇයි අර කොහේදෝ රටක පස්තාච්චි කරනකොට හාන්දුරැකෙනෙක්ට ඇන්දේ ඔහේ නෙවෙයිය?

      Delete
  11. ඥාතීන් ගේ නිවෙස් කරා නෑගම් යෑම දී ඇපල් ගිහින්දෙන්නේ මහරගමින් ගත්ත ඒවාද නැතිනම් පිළියන්දලින් ගත්ත ඒවාද ඔය ඔක්කොම පකිස්තාන්/ඉන්දියන් ඇපල්........

    ReplyDelete
    Replies
    1. මගේ නෑයන්ට තවමත් ඇපල් බා ගන්න අවශ්‍යතාවයක් ඇවිත් නැත!

      Delete
  12. මූට මෙහෙම සුනඛ රාජසෙයියාවෙන් වැජඹෙන්න සල්ලි දෙන්නේ කවුද?

    ReplyDelete
    Replies
    1. වෙන කවුද අපේ සුපින්වත් දායකයන් තමයි.(වැඩිපුරම දායිකාවන්)

      Delete
    2. ප්‍රධාන දායිකාව නොහොත් විශාකාව මේ ළඟදී සුරලොව වැඩියා නේද?

      Delete
  13. ‍මෙවැනි කහකඩයන්ට දියහැකි හොඳම දඬුවම තමයි ඔවුන්ව ගනන් නොගෙන සිටීම. මම නං අවුරුදු දහයකින් පහලොවකින් පන්සලකට ගිහිල්ල නෑ. ආධාර දීල නෑ. කිසිම දේකට දායකත්වයක් නෑ. මෝඩයො අන්දගෙන කෑම නවත්වන්න අපට බෑ.

    ReplyDelete
    Replies
    1. රාජ,

      //මම නං අවුරුදු දහයකින් පහලොවකින් පන්සලකට ගිහිල්ල නෑ. ආධාර දීල නෑ. කිසිම දේකට දායකත්වයක් නෑ. //

      මේක නම් එකග වෙන්න බෑ, ශ්‍රී ලංකාවේ මෙසේ නොහැසිරෙන සිල්වත් ගුණවත් ස්වාමීන් වහන්සේලා තවමත් වැඩ සිටිනවා.

      Delete
    2. මාත් පන්සල් සමග වැඩි ආශයක් නැත.

      මා දන්නා අයුරින් සිඩ්නි වැනි නගරවල ඇති පන්සල් නම් අයිති ඒ සඳහා පිහිටුවා ඇති සංවිධානවලටයි. සාමාජික ගාස්තුව ලෙස මාසපතා ගෙවන ඩොලර් දහයෙන් තමයි පන්සල රන් වෙන්නේ!

      Delete
    3. පන්සල් කියක් විතර තියනවද ? ඒවයේ අය-වැය බජට් එකක් තියනවද ලංකාවේ ඉතින් කරන කියන කිසිම දෙකට දෙන්න ඔය ගැජට් බජට් නෑනේ.

      Delete
  14. මේ මනුස්සයහෙ මොලේ කචල් වෙන්ඩ ඉස්සල්ලා දේශනා කරපු දේවල් හරිම තාර්කිකයි.
    ඊට පස්සෙ සල්ලි තියන නාකි අම්මන්ඩිල ටික ගෙ සල්ලි ටිකට මේ මනුස්සය පිස්සු වැටුන.

    ReplyDelete
    Replies
    1. ඩිමාන්ඩ් ඇන්ඩ් සප්ලයි!

      Delete
  15. සිවුරට /දෙවියන්ට ගරු කරන්න. නැතිනම් කොහෙන් පොල් වදීද දන්නේ නෑ රට වටේටම ගහගෙන යන්නේ

    ReplyDelete
    Replies
    1. පොල්, උක් ගහපු කාලේ ගියා, දැන් මිදි සහ බාර්ලි විතරයි!

      Delete
  16. වසර 2500කට පසු පිරිහීම ආරම්භ වෙයි.පිටතින් නොව.ඇතුලතින්.
    ජයවේවා..!!

    ReplyDelete
  17. මේ වසලයෝ පොරවල් කරන්නේ නැතිව හිටියානම් ඉවරයිනෙ. M‍Y3 ටත් මූට ඕනෙ රෙද්දක් කියාගන්ට කියලා සද්ද නැතුව හිටිය්නම් ඉවරයි.

    ReplyDelete
    Replies
    1. ඌ කොහොමද බන් කට වහන් ඉන්නේ? ඉබ්බා දියේ දැම්මම ඇන්නෑවේ කිව්වලු.
      මෛත්‍රීපාල සිරිසේන කියන්නෙත් සමන්තබඩ්ඩ වගේම මෙලොවින් මෙලෝ රහක් නැති නොම්මර එකේ හොරිකඩයෙක්. එක්කො ගෑනියෙක්ගෙ රෙද්දක් අල්ලගෙන ගොන් පාට් එකක් දමයි නැත්නම් මේ වගේ අපතයෙක්ගෙ ටෝක් එකකට ෆෝම් වෙලා හත්පොලේ ගාගනී. කාලකණ්ණි දේසපාලුවො මේ වගේ අපත කහකඩයින්ට හපන්.

      Delete
    2. කට වසා ගෙන සිටීම වැරදියි. මගේ පුංචි අම්මා කළේ ද එයයි!

      Delete
  18. ඉස්සරහාට දැනටත් වඩා සිවුරු ආතල් බලාගන්න හැකි වෙයි වගේ........

    ReplyDelete
  19. මේ සංඝ නළු වන් නිසා ශාසනේ පිරිහීම අත ළඟයි . විරුද්ධ වෙන හැමටම මිත්‍යා දෘෂ්ටික ලේබලය අලවනවා.ජාතික පත්තර කියන කැ ලැ පත්තර මිනිස්සු ගොන්ට අන්දනවා රට ගැන දුකයි.

    ReplyDelete
    Replies
    1. ජාතික පත්තර නොවෙයි කඩමාලු!

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. කඩමාළු වලටම විද්‍යුත්මාධ්‍ය කියල "බඩමාළු" ත් එකතු වෙලා මිනිස්සුංව ජයටම අන්දවනවා.

      Delete
  20. ලකාවේ සසුන තුල කහකඩ නිකායක් ස්ථාපනයය වීමේ...වගකීම...දේශපාලකයන් බර ගත යුතුය..උන්ට කඩේ යන්න...පිට කහ ගන්න...රෙදිටික සෝදා ගන්න...ඔය කහකදයන්...රංචු පිටින් සුදානම්....උන්ව..මාකට් කරන්න..ඕන තරම්..ජනමාධ්‍යත් ඉන්නවා...

    ReplyDelete
  21. මෛත්‍රී කෙහෙල් කොලේ කෑවත් , රජ බොජුන් කෑවත් ඒකෙ ලෙකු වෙනසක් නෑ මොකද ජනාධිපතිවරු ඉන්නේ එක්කෙනෙක් නිසා. දුන් පොරොන්දු ඉටුකරනවා තියා එසේ කොරන්න සුදානමක්වත් මෛත්‍රීට තියෙන බවක් පේන්නෑ. පොරටෝක් වෑඩක් නැත !.

    ReplyDelete
    Replies
    1. මෛත්‍රී ගේ පොර ටෝක මොකක්ද? කෙසෙල් කොලේ එතූ බත් ගෙඩියක් කොටා බෑමද?

      Delete
    2. තමන් අල්පේච්ච බව පෙන්වමින් කතාකිරීම.

      Delete
  22. මට නම් හිතෙන්නෙ සියල්ලටම මුල අපේ ජනතාවගේ ආකල්ප. කන්න හිතුනාම කබරගොයා තලගොයා කිරීම. තමුන් පරම පවිත්‍රයයි හිතාගත්තු කෙනා කරන සෑම දේම 100% නිවැරදි කියා සිතීම. තමුන්ට යම් කෙනෙකුගේ වැරදි දැකීමට අවශ්‍ය නම් නැති වැරදිත් පෙනීම. කොටින්ම තමුන් තමන්ගේ ගමන යනවා වෙනුවට අනික් එකා යන ගමන විවේචනය කිරීම. ඉතින් මේ සමාජයේම කුලකයක් වෙච්චි සංඝයා වහන්සේලාට පමණක් අත දිගු කරන එක සාධාරණ නෑ.

    ReplyDelete
  23. the situation is the same with most of the monks, last week i visited bellanwila temple after a long time (i last visited it when i was really small), first thing that caught my eye was the number of dewala around the bodhiya. people used to face the dewala and listen to the kapuwa's chanting while showing their asses to the bodhiya (i have no issue in facing ur back towards bodhiya) and the bodhimaluwa has shrunk significantly thanks to the dewalas, lets say that was their tradition and dewala was always there and forget that, but the next thing i show brought tears to my eyes, there was a young elephant actually a tusker tied to a tree and he was constantly trying to move forward learning forward and moving his head, i had some respect for the bellanwila guy cz i had only seen him on tv but to see his actions live made me curse the mother F****er, what right these dumb selfish and ignorant monks have to take away the freedom of a innocent animal, there were elephoants in perehara those days cz there werent any vehicles now why do we need an elephant when we can easliy take the karanduwa in a vehicle, i dont think these monks even understand the basic teachings of buddha, but yet we go behind them give them money and power to do these shittiy things

    ReplyDelete
  24. සිරිදම්මට වුනේ මෙහෙම දෙයක් මං හිතන්නෙ. පොර විද්‍යා උපාධිය එහෙම අරගෙන බොහොම විද්‍යානුකූලව බුද්ධාගම ඇනලයිස් කරගෙන හිටියා. මෑන් තේරුම් ගත්තා නිවන කියන්නෙ සියල්ල අත්හැරීමයි කියල. ඊට පස්සෙ අත්හරින්න පටන් ගත්තා. එහෙම අත් ඇරපුවහම ජීවත් වෙන්න හැටියක් නෑනෙ. ඉතින් කල්පනා කළා මොකක්ද මේකට කරන්නෙ කියල. එතකොට මතක් වුනා, මනෝ පුබ්බංගමා ධම්මා කියල. හෝ හෝ ඒ කියන්නෙ මේ අත් ඇරීමත් කරන්න ඕනැ මනසින් විතරයි. ඔන්න පොට පෑදුනා. දැන් සියල්ල අත්හැරලා මනසින්. කායිකව සියල්ල අල්ලගෙන ඉන්නවා. අපරාදේ සිද්ධාර්ත කුමාරයා මහාභිනිෂ්ක්‍රමණය කළේ බලාගෙන යනකොට. මාළිගාවෙ ඉඳගෙනම සියල්ල මනසින් අත්හැරියානම් රජකමයි බුදුකමයි දෙකම කරගෙන ඉන්න තිබුනා.

    ReplyDelete
    Replies
    1. hariyatama hari. Thawa kiyanawalu onama deyak aseemanthikawa windinakota epa wenawalu. etha kota ath harinna lesilu. Hariyata chocolate aseemanthikawa nitharama kewama epa wenawa wage lu. Mo moda minissunta mathaka ne, budu hamuduruwo shareerayata dadi sapa deema prathikshepa kala kiyala...

      Delete
  25. “සමන්තභද්‍ර“ කියන්නෙ බුදුහාමුදුරුවන් හැඳින්වීමට යොදන අන්වර්ථ නාමයක් (සමන්බහදුරු).

    ReplyDelete
  26. ඔය වගේ වසලයෝ අද අනන්තවත් ඉන්නවා. මහණ කම් කරන්නේ අඩුම ගානේ බුදු දහමේ සාරය, මූලික දැනුම වත් නැතුව.
    අර තමන් රහත්ය, සෝවාන්ය කියාගන්න කට්ටියට නම් ඉතිං කියන්න දේවල් තියනවා.. එක්කෝ ඕනේ නෑ..

    ReplyDelete
  27. ඔය සසුන තුල කහකඩ නිකායකවල දන් දීලා පින් ලබාගන්නවාට වැඩිය සම්මාන දෙන උත්සවවල සම්පුර්ණ තෑගි වලට ආධාර කරලා නමදාන්න එපා කියලා සංස්කාරක/සන්විධායකයින්ට කියලා පින් ලබා ගන්න උත්සහ කිරීම නරකම නෑ හොඳ ප්‍රවනතාවයක් තියනවා පින් පින් පින් පිපින් පින් ......

    ReplyDelete
  28. සිවුරට ගරු කරන්න ඕන කියන එක මහා මුග්ධ සංකල්පයක් - දැන් හරකෙක්ට සිවුරක් පෙරෙව්වොත් හරකට වඳින්න ඕනද ?

    ReplyDelete
  29. රතන සූත්‍රයේ සඟ ගුණ කියවෙන දහ වැනි ගාථාව මතක් වුණා ...

    සහාවස්සන දස්සන සම්පදාය ...

    ReplyDelete
  30. මෙහෙම පත බෑ වෙලා දෙසා බානකොට ඒවා අහන්නත් අන් තට්ටු පලදාගත්ත රැලක් ඉස්සරහ බිමින් ඉඳන් තප්පුලනවා නේද ???

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.