Wednesday 26 October 2016

365. පිරිමි අපිට ඇයි කෙනෙහිළි? Black and white men and colourful women


මට මතක ආකාරයට විශ්ව විද්‍යාලයක උපාධි ප්‍රදානොත්සවයක් හෝ එවැනි වැදගත් ගරු ගාම්භීර උත්වයක් සඳහා හෝ මට ලැබුණු අවසර/ආරාධනා පතේ ඒ උත්සවයට සහභාගීවෙන්නන් ඇඳිය යුතු ඇඳුම් ගැන යම් ඉඟියක් දී තිබුණි. එහිදී පිරිමි පක්‍ෂයට තරමක සීමා පනවා තිබුණු අතර කාන්තාවන් සම්බන්ධයෙන් පවසා තිබුණේ ඔවුන් උත්සවයට "උත්කර්ෂයක්" සපයන ආකාරයේ ඇඳුමෙන් සැරසී එනු ඇතැයි අපේක්‍ෂා කරන බවයි.

උත්කර්ෂයක් සැපයීම යනු මොන මංගල්‍යමය අරුතක්දැයි සොයා බැලූ මට දැන ගන්නට ලැබුණේ ඒ ආරාධනා පත්‍රයේ කියවුණේ, ඔබ පිරිමියෙකු නම් එක්කෝ සුදු ජාතික ඇඳුම නැතිනම් සුදු කමිසය සහ කළු කලිසම නැතිනම් තද වර්ණයේ යුරෝපීය ඇඳුම පමණක් ඇඳිය යුතු බව ද, නමුත් ඔබ කාන්තාවක නම් වර්ණාවලියේ ඕනෑම වර්ණයක ඇඳුමෙන් සැරසී එන්නට වරම් ලබා දී එලෙස සැරසී එන ලෙස ආදරබර ඉල්ලීමක් ද කර තිබුණු බව ය.

පිරිමි අපට ඇයි කෙනෙහිළි? මට සිතුණි!

මා ලියූ "සුදු කලිසමේ පින්වන්තකම" ලිපියේ සඳහන් කළ පරිදි, පාසල් යන කාලයේ ප්‍රාථමික පාසල් අවධියෙන් පසු, අපට නියමිත තිබුණේ තනිකරම සුදු කමිස සහ සුදු කලිසම් ඇඳීමට ය. නමුත්, උසස් පෙළ සමයේ දී පාසල් ඇඳුම් මස්සවා ගැනීමේ ක්‍රියාවලියේ දී දෙමව්පියන් ගේ තීරණවලට අපට ද යම් බලපෑමක් කළ හැකි වුණු නිසා, යාන්තම් ලා ක්‍රීම් පැහැති ඇඳුම් ඇඳ ෂේප් වීමට අපට ඉඩ කඩ ලැබුණි. පාසලේ සිටි අයිසා, දසයා, ජඩයා, එඩිසා ආකාරයේ ආදරණීය නම්වලින් හැඳින්වුණු විනය පාලකයින් ඒ ගැන වැඩි තැකීමක් කළ බවක් නොපෙනුණි. නෑදෑයින්ගෙන් ත්‍යාග ලෙස ලැබුණු මුදලකින් අප මිලට ගත්තේ ම, එක්කෝ සති අන්තයේ ටියුෂන් යෑම සඳහා අවශ්‍ය සුදු පැහැ නොවන ඇඳුම් ය.

එයින් පෙනෙන්නේ පිරිමින් ද විවිධ වර්ණයෙන් සැරසෙන්නට ප්‍රිය කරන බවයි. කොටින් ම, පන්සලකට, මළ ගෙදරකට පවා චාරිත්‍රානුකූලව අඳින සුදු කලිසම් නොඇඳ සිටිය හැකි නම් එසේ කිරීමට අපේ කිසිදු පැකිළීමක් නැත.

මෙහි දී මගේ සිහියට එන්නේ අපේ තාත්තා ය.

රැකියාවට, අවමගුලකට, මංගලෝත්සවයකට, රැස්වීමකට හෝ කුමනාකාරයේ කාරණයක් සඳහා වුව නිවසෙන් පිටතට යන විට තාත්තා ඇන්දේ සුදු ම සුදු ජාතික ඇඳුම පමණි. ඔහු පන්සල් යන්නෙකු වූවා නම් ද එහි කිසිදු වෙනසක් සිදු නොවෙනු ඇත.

තාත්තා වර්ණවත් යමක් ඇන්දා නම්, ඒ නිවසේ දී ඇඳි පිජාමා සරම් පමණකි. ඒ සරම් ද, ඉතා ලා පැහැති ඒවා විය. එනිසා ම, මා වුව ද කිසි දිනෙක ඔහුට බතික් සරමක් හෝ වෙනත් තද වර්ණයක කිසිදු ඇඳුමක් තෑගි දෙන්නට නොසිතූවෙමි.

ලංකාවේ රැකියා කළ සමයේ අපේ සේවා ස්ථානවල පිරිමින් සියලු දෙනා ම පාහේ ඇන්දේ, එක්කෝ අදාළ යුනිෆෝමයයි, නැතිනම්, ලා පැහැති කමිස සහ කළු, දුඹුරු වැනි තද පැහැති කලිසම් ය. කාන්තා පක්‍ෂයට ඒ ආකාරයේ නීති නොතිබුණි. ඔව්හූ විවිධ වර්ණයේ ගවුම් ද, සාය සහ හැට්ට ද, වර්ණාවලියේ සෑම වර්ණයකම සාරි සහ ඔසරි ද කිසිදු ප්‍රශ්නයකින් තොරව ඇන්දහ.

ගුරු සේවය වැනි සමහර වෘත්තීන් හි නිරත කාන්තාවන්ට සාරි මිස ගවුම් ඇඳීම නීති විරෝධී ආකාරයට තහනම් කර තිබීමත් කාන්තාවන් ඒ නීති මීක් නොකියා පිළිපැදීමත් වෙනම ම සාකච්ඡා කළ යුතු කාරණයකි.

ඕස්ට්‍රේලියාවේ මා සේවය කර ඇති, සේවය කරන කාර්යාලවල ද තත්වය ද ලංකාවේ සේ ම ය. පිරිමි අප සියලු දෙනා, ලා පැහැති බොත්තම් සහිත කමිසයෙන් ද, බොහෝ විට කළු හෝ සමහර විට තද පැහැති දිගු කලිසමෙන් ද සැරසී (කාලයට, දේශයට, දීපයට, කුලයට අදාළ පරිදි ටයි සහ කෝට් සහිතව) සේවයට එන්නෙමු.
තද පැහැති කමිසයක් හෝ ටී-ෂර්ටයක් හෝ අඳින්නේ සිකුරාදා නොහොත් "කැෂුවල් ෆ්‍රයිඩේ" දිනයට පමණි.

කාන්තා පක්‍ෂය නම් තමන් රිසි පරිදි විවිධ වර්ණයේ, විවිධ මෝස්තරයේ ඇඳුමින් සැරසී සේවයට එති. අත් දිග, අත් තුන්කාල, අත් කොට මෙන්ම අත් නැති බ්ලවුස් ද, දිග කලිසම්, දිග සාය, කොට සාය යනාදී විවිධාකාරයේ ඇඳුම් ද ඔව්හූ අඳිති.

ළඟ එළැඹෙන ගිම්හාන සමය මේ උත්කර්ෂයේ උච්ඡස්ථානයයි. මේ කාලයේ දී පිරිමින් ගේ ග්‍රීවානුබද්ධ උලුක්කු සෑදීමේ සම්භාවිතාව උපරිම අගය ගන්නා බව කියවේ.

පිරිමි ගැහැණු ඇඳුම් පැළඳුම් ගැන මේ කෙටි සටහන් කිහිපය මා ලියූවේ ලංකා දේශපාලනයට අදාළ එක්තරා හාස්‍යජනක කාරණයක් කියන්නටයි.

ඒ කොටස, මට ද, මගේ රසිකොලොජි බ්ලොගයට ද අදාලව ඉතා වැදගත් දිනයක් වන හෙට දවසේ මෙහි පළවෙනු ඇත.

-රසිකොලොජිස්ට්

(image: https://www.aliexpress.com/popular/black-gold-suits.html)

25 comments:

  1. දැනට එක සූට් එකක් තියාගෙන ඔක්කොම වෙඩිං වලට අඳින එකේ මෙහෙම වුණොත් අපිටත් ඇඳුම් වලට හොඳ ගාණක් යයි.

    ReplyDelete
    Replies
    1. ඉතිං, ඉයන් එහෙම නේද අලුතෙන් බිස්නස් ඇරඹෙන්නේ, ආර්ථික පස්තෑලය ලොකු වෙන්නේ?
      http://lankanian.blogspot.com/2016/10/blog-post_24.html

      !!!

      Delete
    2. රසික, එකත් ඇත්ත. හොඳ අදහසක් නම් ආවා තාක්ෂණික පැත්ත සුවර් නැහැ. ඕන පාට & ටෙක්ස්චර් කම්බිනේශන් එකකට මාරුවෙන්න හැකියාවක් ඇති සූට් එකක් නිර්මාණය කළොත් හරි.

      Delete
    3. @ ඉයන්

      අපි තොප්පි විකුණන්න ගියාම මිනිස්සු ඉපදෙන්නේ ඔළුඝෙඩි නැතුව!
      http://www.sciencealert.com/new-smart-threads-can-change-the-colour-of-your-clothes-instantly

      Delete
  2. ගිම්හානය කියන්නේ autumn නෙවෙයි ද රසික? බෙල්ලේ උළුක්කු හැදෙන්නේ summer එකේ නේද?
    මම මේ කල්පනා කලේ පිරිමි අය හිතන විදිය ග්ලෝබල් නේද කියල. බෙල්ලේ උළුක්කු කතාව summer එකට ගොඩක් රටවල් වලින් ඇහෙනවා.

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න ඕන. මට වැරදිලා. ඔබ හරි. ගිම්හානය කියන්නේ summer තමයි :)

      Delete
    2. එතකොට හිම වැටෙන්නෙ වසන්තයටද? :)

      Delete
    3. @ මානවිකාවිය

      ඔය වැරදීම මටත් වුණා. එයට හේතුව මුලින් ම හග්ගල උද්භිද උද්‍යාණයට ගිය දවසේ රෝස ඇතුළු මල් පිපී තිබුණු බිම අසලම සමර් හට් නම් මඩුවක් තිබීමයි. මල් පිපෙන්නේ වසන්තයේ නොවැ?

      මෙන්න නිවැරදි යෙදුම්

      වසන්තය = ස්ප්‍රින්
      ගිම්හානය = සමර්
      හේමන්තය = ඕටම්
      සිසිරය = වින්ටර්

      Delete
    4. ස්ප්‍රින්ග් එකේ නිදාවුන් යොවුන් කෝකිලාවන්
      ගයන්නේ සුපෙම් ගීත ඕටම් එකේදී..

      Delete
  3. ගැහැණු කෙනෙක්ට තැනකට යන්න ඇඳුමක් තෝර ගන්න තියෙන අපහසුතාව පිරිමි අයට නැති එක ලොකු වාසියක් කියලයි මට නම් හිතෙන්නෙ. මොකද තෝර ගන්න තියෙන්න ඇදුම් කිහිපයනේ. ඒත් ගැණු කෙනෙක්ට ඒ ගැන කොයිතරම නම් හිතන්න වෙනවද ..

    ReplyDelete
    Replies
    1. හැම උත්සවයකටම එකම සූට් එකයි, සුදු ශර්ට් එකයි ඇන්දම ටයි එක මාරු කිරීමෙන් පමණක් වෙනස් වෙලා පේන්න පිරිමින්ට තියෙන හැකියාව නම් නම් ඉස්තරම්.

      Delete
    2. @ තුශානි

      බැන්දායින් පස්සේ ඒ වැඩේ තවත් අවුල් වෙනවා නේද?

      Delete
  4. සමහර විශ්‍රාමික හමුදා නිලධාරීන් උත්සව සහ සමහර අවස්ථාවලදී සම්පූර්ණ යුරෝපීය ඇඳුමේ පදක්කම් පැළඳීම ගැන රසික මොකද හිතන්නෙ?

    ReplyDelete
    Replies
    1. කිසිත් නොසිතමි. මට අදාල නැත!

      Delete
    2. කන්න හපන්නූ බොන්නත් හරිම හපන්නූ
      ඊටත් වැඩියෙන් කයියට හරිම හපන්නූ
      කයියට හරිම හපන්නූ... කයියට හරිම හපන්නූ
      විනෝද මිහිරේ...

      නාකි ආමිකාරයා
      බ්‍රහ්මටෝක් දෙන්න සූරයා....

      Delete
  5. අපේ තාත්තා අදින්නේ බතික් සරං.. දැන් දැන් මාකට් එකට එන අලුත් සරං නුත් අදිනවා.. සුදු හෝ ක්‍රීම් පාට කිට් එකක් තිබුනත් ඒක ඇන්දම නිකං තාත්ත උපාසක වගේ..ඒක හරියන් නෑ..මං ගෙනිහින් දෙන්නේ පාට පාට ලස්සන අලුත් එ්වා..

    ReplyDelete
    Replies
    1. තාත්තාව කොල්ලා කරලා තියා ගන්න එක පුතාට හොඳයි. පුතා ගේ වයස පෙන්නේත් නෑනේ එකකොට!

      Delete
  6. ගෑල්ලමයි මොන ෆැශන් කලත් අපිට කලිසමයි ශර්ට් එකයි කෝට් එකයි නෙව. පාට විතරනේ හිතන්න තියෙන්නේ.

    // ළඟ එළැඹෙන ගිම්හාන//

    ඔය පැත්තට දැන්ද සමර්? දන්නේ නැති හන්දා ඇහුවේ. අපි මේ සිසිරයට ලෑස්ති වෙනවා..

    ReplyDelete
    Replies
    1. මං ඉන්නේ දකුණු අර්ධගෝලයේත් යට හරියේ නේ! දැන් වසන්තයේ මැද, දෙසැම්බරයේ ගිම්හානය උදාවෙනවා!

      Delete
  7. ඉතින් රසිකත් කැමති පාටකින් කැමති විදිහට අඳින්න.. එතකොට අනිත් අයගේ බෙල්ල උලුක් වෙන්න රසිකත් හේතුවක් වෙයිනේ :) :)

    ReplyDelete
    Replies
    1. එහෙම උන්මාද චිත්‍රසේන කාලයකුත් තිබුණා. නමුත් දැන් ඒ කාලේ ගියා.

      Delete
    2. අවුරුදු විසි නවයේ දී විවාහ වීමෙන් පසුව "උන්මාද චිත්‍රසේන" වීම අමතක කර දැමුවෙමි!

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.