Monday, 31 October 2016

ටීචර්, සර්, මහත්තයා - Primary memories



ඇතැම් සම්මත සේවාවල රැකියාවල නිරතවන්නන්ට නියමිත නිල ඇඳුම් ඇත. මෙය රජයේ සේවාවල මෙන්ම පුද්ගලික අංශයේ ද දැකිය හැකි දෙයකි. සේවා දායකයාට, සේවා සපයන්නා පහසුවෙන් හඳුනා ගැනීමට ඉඩ සැලසීම මෙමගින් අපේක්ෂිත එක් ප්‍රතිඵලයක් විය යුතු ය.

ලංකාවේ රජයේ සේවා රැකියාවන් ගැන සලකා බලද්දී පොලීසිය, ත්‍රිවිධ හමුදා වැනි රැකියාවල මෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂක සේවය, ආගමන විගමන සේවය, රේගු සේවය, හෙද සේවය වැනි රැකියාවන්හි යෙදෙන්නන්හට ද මෙසේ නිල ඇඳුම් ඇඳීමට නියම වී ඇත.

එසේ නමුදු ලංකාවේ අස්සක් මුල්ලක් නෑර පැතිර පවතින විශාලතම සේවාව වූ රජයේ ගුරු සේවයේ නියුතු අයට නම් නිල ඇඳුමක් නියමිතව නැති බව පෙනේ.

නිල ඇඳුමක් තිබීම නිසා සේවකයින්ට ලැබෙන වාසියක් නම් ඒ නිල ඇඳුම් මෙන්ම ඒවා නඩත්තු කිරීම සඳහා දීමනාවක් ද ලැබීමයි. එය සෑහෙන ආර්ථිකමය වාසියකි. නිල ඇඳුමක් නොමැති නම් තමන්ට කැමති වර්ණයක හෝ ආකාරයක ඇඳුමක් සේවය සඳහා ඇඳිය හැකි වෙතත් ඒ සඳහා යන වියදම තමන්ගේ වේතනයෙන් පියවා ගත යුතු බව අමුතුවෙන් කිව යුතු නොවේ.

ගුරු සේවය සඳහා නියමිත නිල ඇඳුමක් නැති යැයි මා ඉහත ලියූවේ එසේ නිල ඇඳුම් නිකුත් කිරීමක් හෝ පත්වීම් ලිපියේ නිල ඇඳුමක් තියා අඩු ගණනේ ඇඳිය යුතු ඇඳමක් ගැන සඳහනක් හෝ නොමැති බව අසා සැක හැර දැනගෙන ඇති නිසා ය.

නමුත් ප්‍රායෝගික සත්‍යය එය නොවෙන බව අපි දනිමු!

විවිධ සමාජ, චාරිත්‍ර, සම්මත, රීති නිසා සහ ඒ මත පදනම්ව බොහෝවිට තමන් ම පනවා ගෙන ඇති වාරණ මත ගුරු සේවයටද නොනිල නිල ඇඳුමක් නියමිතව ඇත.

ගුරුවරියන් සඳහා මේ නිල ඇඳුම වන්නේ සාරිය හෝ ඔසරියයි. සේවයේ නිරත නොවන කාල වේලාවේ දී ගවුම්, සාය හැට්ට, කමිස කලිසම්, ලූංගි, සල්වාර් කමීස් හෝ වෙනත් මොන ඇඳුමක් ඇන්දා වුවද ගුරු සේවයේ යෙදෙන කාන්තාවෝ අනිවාර්්‍යයෙන්ම එක්කෝ සාරිය හෝ නැතිනම් ඔසරිය සේවය සඳහා අඳිති.

මා කොලූ කාලේ උගත් පාසලේ ඉංගිරිසි ගුරුවරියක් ලෙස සේවය කළ වෑන් ඩයික් නම් වූ බර්ගර් යුවතියට ද සාරිය ඇඳ සේවයට එන්නට සිදුවූයේ මේ නිසා ය. ඇය ගවුමකින් සැරසී සේවයට පැමිණියා නම් සමහර විට කිසිදු ප්‍රශ්නයක් ඇති නොවන්නට ද ඉඩ තිබුණි. නමුත් කිසි දිනෙක එය සිදු නොවුණි!

පූජ්‍ය පක්ෂයට අයත් නොවන පිරිමි ගුරුවරුන් සේවය සඳහා පැමිණියේ එක්කෝ කලිසම සහ කමිසය ඇඳගෙන ය. නැතිනම් ජාතික ඇඳුම ඇඳගෙන ය.

බතික් හෝ පිජාමා හෝ පලේකාට් හෝ සරමක් ඇඳ සේවයට පැමිණීමට කිසිවෙකු නොසිතූ බව පෙනුණි. ඒ ඇඳුම් තත්වයෙන් බාල වූ ඒවා වෙන්නට ඇත.

අතීතකාමයේ ගැලෙමින් මා මේ ලිපිය සඳහා කරුණු ගොනු කළේ එක් විශේෂ කරුණක් කියන්නටයි.

මා ප්‍රාථමික පන්තිවල උගත් කොස්සින්න ශ්‍රී සීලානන්ද කණිෂ්ඨ විද්‍යාලයේ දී අප ගුරුවර ගුරුවරියන් ඇමතීම සඳහා ආමන්ත්‍රණ පද යොදා ගත්තේ ඔවුන් ඇඳ සිටි ඇඳුම අනුව ය.
සාරිය හෝ ඔසරිය ඇඳ සිටි ගුරුවරියන් අප ඇමතූවේ ඉංගිරිසි බසින් ”ටීචර්” යන පදයෙනි. ඒ අය පිළිවෙලින් ප්‍රඥාවතී ටීචර්, සීලවතී ටිචර්, හේමවතී ටීචර්, රූපසිංහ ටීචර්, බමුණුසිංහ ටීචර් වූහ.

ජාතික ඇඳුම ඇඳි පිරිමි ගුරුවරුන් මහත්තයා ලෙස හඳුන්වනු ලැබූහ. චන්ද්‍රසේන මහත්තයා, නිකුලස් මහත්තයා, ලොකු මහත්තයා (විදුහල්පති) යනාදී වශයෙනි.

කලිසම සහ කමිසය හැඳ සේවයට පැමිණි ඒකනායක නම් ඉංග්ලිෂ් ගුරුවරයා සහ පාසලේ සිටි අන් එකම පිරිමි ගුරුවරයා යන දෙදෙනා පමණක් ”සර්” නමින් අපෙන් ඇමතුම ලද්දෝ ය.

”සර්” යන පදය ප්‍රාථමික පාසලේ වසර පහක් ඉගෙනුම අවසානයේ දී පහේ පන්තිය සමත්ව මා ඒ කණිෂ්ඨ විද්‍යාලයෙන් ඉවත්වන තුරුම කලිසම් අඳින ගුරුවරයෙකු සඳහා මිස ජාතික ඇඳුම අඳින ගුරුවරයෙකු සඳහා නොයෙදුණි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
ඇඳුම් ගැන මා මින් පෙර ලියූ ලිපි මෙන්න.
1. සුදු කලිසමේ පින්වන්තකම - What's so good about white?

2. ජැන්ඩියට ඇඳීම සහ ආත්මාභිමානය - You look dandy mate!

3. පිරිමි අපිට ඇයි කෙනෙහිළි? Black and white men and colourful women

4. ජාතික හෙළ උරුමියේ සාදුලා පාර්ලිමේන්තුවට ගියේ සාරි ඇඳගෙන ද?

ගුරුවරුන් ගැන ලිපි කිහිපයක් ද මෙහි පළ වී ඇත.
5. ඉංග්ලිෂ් ගුරුවරු - Flour Vs Flower

6. බලූ-මිනිසා සහ මිනිස්-බල්ලා - I cannot believe I did that!

7. හෝඩියේ පන්තියේ ගුරුවරිය එදා කළ දේ කුමක්ද? - Words can generate fear...!

8. ගුරු ගීතය, ගුරු තරුව සහ උත්ප්‍රාසය - Writing and reading

49 comments:

  1. රසික සර් අද ඉතාම වැදගත් ලිපියක් ලියා තිබේ. ස්තූතියි සර්.

    ReplyDelete
  2. අපේ තිබුනෙ අමුතුම ක්‍රමයක්. ඉංග්‍රීසි ගුරුවරියන්ට ටීචර්.(වෙලාවට ගුරුවරු හියියෙ නෑ, හිටිය නං කොහොම කියයිද මංද). අනෙක් ගුරුවර ගුරුවරියන්ට, සර් සහ මිස්.

    ReplyDelete
    Replies
    1. ඉංග්ලිෂ් උගන්වපු ගුරුවරියන්ට ටීචර් කියන්න ඇත්තේ ඔවුන් පන්තිය පටන් ගන්න කලින් කළ ගුඩ් මෝනිං ටීචර් - ගුඩ් මෝනිං ස්ටුඩන්ට්ස් ඩ්‍රිල් එක නිසා වෙන්න ඇති.

      කණිෂ්ථෙන් පාස් වෙලා ලොකු ඉස්කෝලෙට ගිය ගමං ජාතික ඇඳුඟ අඳින අයට මහත්තයා කීම නතර වුණා!

      ඔය ගුරුවරියන්ට මිස් කියන ඇඟතුම ගැන කියනවා නම් අවුරුදු හතලිහක් විතර ගුරුවරියක් විදියට උගන්වලා 2006 දී පැන්ෂන් ගිය මගේ පුංචි අම්මාට තාමත් ගමේ අය කියන්නේ මල්ලිකා මිස් කියලයි! මාත් කෝල් කරා ම මුලින් ම අහන්නේ මල්ලිකා මිස් ඉන්නවාද කියායි.

      Delete
  3. අපි කිව්වෙ ටීචර් හා සර්. එක ගුරුවරියක් හිටියා ඇය කිව්වෙ "ටීචර් කියන්න එපා මැඩම් කියන්න, මොකද ඔයාගෙ තාත්තා ක්ලාක් කෙනෙක් නම් ඔහුට පහල ඉන්න අය ඔහුට ක්ලාක් කියන්නෙ නෑනෙ" කියල. අපි ඇයට මැඩම් කිව්වා. ඒත් ඒකාලෙත් මට හිතුනා "ඩොක්ටර්ට ඩොක්ටර් කියනවනෙ" කියලා

    ReplyDelete
    Replies
    1. පහේ පන්තියෙන් පස්සේ ලොකු ඉස්කෝලෙට ගියා ම ඒ මහත්තයා කතාව අවසාන වුණා. ජාතික ඇඳුම අඳින අයටත් කීවේ සර් කියායි.

      පස්සෙ කාලේ ජාතික ඇඳුම අඳින අය හිඟවුණා.

      ආනන්දේ අපට සිංහල ඉගැන්නුවා ජාතික ඇඳුම අඳින ගුරුවරයෙක්, මතකද, අපි පහුට කීවේ විදියේ බණ්ඩාර කියලයි!

      මිස් කියා නම් ගුරුවරියන්ට කතා කළ බවක් මතක නෑ. මැඩම් කියලාත් කියා නෑ.

      Delete
    2. පාසලේ ගුරුවරුන් එකිනෙකාට කතා කරන්නේ සර් සහ මිස් කියලා තමයි. ඒ මුල් නම සමගයි. පාසලේදී පමණක් නොවෙයි නිකං ගෙදර ආවත්!

      Delete
    3. වීදිය බණ්ඩාරගෙ නම ධර්මදාස මං හිතන්නෙ.
      Primary section සූරියාරච්චි ටීචර් කිව්වා එයාට මැඩම් කියන්න කියලා.

      Delete
    4. වීදිය බණ්ඩාරගේ නම එච් ජී ධර්මදාස.
      ආනන්දේ මිස් කියන සම්ප්‍රදායක් අපිට මතක නැහැ.
      ගූරුවරියන්ට මූනට කථා කරන කොට කථා කලේ මැඩම් කියලා නැති තැන නමත් සමග ටීචර් කියලා කථා කල වගකුයි මටනම් මතක. ඒත් ඇතැමුන්ට මැඩම් කියන එක නම වගේම වුනා.

      Delete
  4. අපේ පොඩිම කාලේ ගිය බ/කිරිඔරුව විද්‍යාලයේ අපි ට හිටියේ සීලවතී ටීචර් ( ඔසරිය) , බළල් ඇස් ටීචර් ( කළුතර ටීචර් ) -බාලන්ශයේ පන්තිබාර ඇන්දේ සාරිය , කිරිබන්ඩේ මහත්තයා - ඇන්දේ වේට්ටිය/සරම සහිත ජාතික ඇඳුම , රාමනයක සර් - කලිසම් ඇඳපු එකම ගුරුවරයා... රසිකලා ආමන්ත්‍රනය කල ක්‍රමේමයි . උඩ ඇනෝ කිව්වා වගේ අතිතකාමයට අදාළ වැදගත් ලිපියක්..

    ReplyDelete
    Replies
    1. මෙය ඒ කාලේ ගමේ කුඩා පාසල්වල ක්‍රමයයි.

      මා හයේ පන්තියට ගලහිටියාව මධ්‍යම විද්‍යාලයට ගිය පසු මහත්තයා කීම නතරවුණා. සර් සහ ටීචර් විතරයි!

      Delete
  5. එකේ ඉඳන් පහ දක්වා හිටියෙ ටීච ලා.හයේ ඉඳන් උඩට මැඩම්ලයි සර් ලයි.කාලයක් සර් ලටත් සුදු දිග කලිසම් අඳින රීතියක් ඉස්කෝලෙ පැනවුනා.ඉන්ටවල් එකට,ඉස්කෝලෙ ඇරුණු ගමන්ම වගේ වෙලාවට කොල්ලො අස්සට මැදිවන සර්ලා ව පැටලිලා සර්ලා කීපදෙනෙක්ම අකරතැබ්බ වලට මූණ දුන්න.ඊට පස්සෙ සුදු කලිසම හෙමින් සැරේ ඉවත් වෙලා ගියා.
    ගස්ලබ්බ නම් හරිම ආසයි සාරි,ඔසරි වලින් සැරසුනු යුවතියන් දකින්න.හරි සුන්දරයි අප්පා..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මං උසස් පෙළ කරන කාලේ ශුද්ධ ගණිතය ඉගැන්වූ උපුල් සුලෝචනත් ඇන්දේ සුදු පමණයි. සමහර ප්‍රිෆෙක්ට්ස් ලා රැවටුණු බව අසා තියෙනවා!

      Delete
    2. අපේ අන්තිම ප්‍රින්සිපලුත් ඇන්දෙ අපේ කිට් එකමයි. කලින් පාට ඇඳුම් ඇඳ සිටි ප්‍රින්සිබල්ලාට පුරුදු වෙච්ච කොල්ලන්ට මේක හෙන අවුලක්. මොකද,
      "අරූ කොහෙං එයිද දන්නෑ.... පේන්නෙත් නෑනෙ ලඟට ඇවිල්ල ෂොට් එක දෙනකල්..." ඔන්න ඔහොමයි තත්තෙ

      Delete
  6. ජාතික ඇඳුම ඇන්ද අයටත් අපි කිව්වේ සර් කියලා. පස්සේ කාලෙක ඒ බොහොමයක් කලිසම් අඳින්න පටන් ගත්තා. සමහරුන් නම් ඒ විදිහටම හිටියා.

    ReplyDelete
    Replies
    1. ඒ නුගේගොඩ සහ කොළඹ පාසල්වල විය යුතුයි. ගමේ තත්වය එදා වෙනස්!

      Delete
  7. ආමන්ත්‍රණය ඇඳුමට අනුව.

    ReplyDelete
    Replies
    1. දැන් නම් ජාතික ඇඳුමට ආමන්ත්‍රණය "තුමා"!

      Delete
  8. අපි ඉස්කෝලේ යනකාලේ බාලාංශ පන්තිවලදී හැමෝටම කිවුවේ ටීචර් කියල.
    ඊට පස්සේ (6 වසරේ සිට මම ගියේ වෙන පාසලකට) හැමෝටම මිස් හා සර් කිවුවා; අලුත් මැඩම් ප්‍රින්සිපල් කෙනෙක් ඇවිත්, "මිස්" වෙනුවට "මැඩම්" කීම අනිවාර්ය කරනකම් ම.

    හැබැයි මට ඔය වගේ වැඩක් වෙලා තියනවා, එක පාරක් සන්නිවේදන පියසට, බස් එකේ ගිහින් පයින් ගිහින්, දාඩිය පෙරාගෙන ගියාම, එතන හිටපු කෙනෙක් මගෙන් ඇහුව "මැඩම් කා එකේද ආවේ" කියල. මම කල්පනා කරලා බැලුවම, එහෙම නිගමනයකට එන්න තියෙන එකම හේතුව තමයි, මම ඇඳගෙන හිටපු ඇඳුම. මම ගමේදී ඩෙනිමයි ටී ෂර්ට් එකයි ඇඳගෙන ඩ්‍රයිව් කරනකොටත්, මිනිස්සු සත පහකට ගණන් ගන්නේ නෑ. (එහෙම ගණන් ගන්න ඕනත් නෑ, නමුත් වෙනසක් තියෙන බව තේරුම් ගත්තා)

    ReplyDelete
    Replies
    1. ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවක දැන් ලොකු ෙඣාබක් කරන මගේ මිතුරියකගෙන් ලැබුණේත් ඔය වගේ ඉඟියක්. කෙල්ල කාලේ සයිට්ස්වලදී ජීන්ස් ඇන්දාට දැන් හැමදා සාරි!

      Delete
  9. මම අද හවස බත්තරමුල්ල රන් මග පාය නිවහනේ රියදුරු පුහුණුවට ගියා..එතන මම හැර ඇවිත් තිබුන කාන්තාවන් 9ක් වගේ..ඔක්කොමල්ල සාරි.. එයාලට කන්තෝරුවලට සාරි අදින්න ඕනිමය කියල එකක් නැතුව ඇති..නමුත් කස්ටිය අදිනවා..
    හැබැයි නිකාං ලෑලි කෑලිවගේ තියන සරීර සාරිය හිරට අන්දලා හොද බ්ලවුස් යටිතල පහසුකම් දීල අඩි උස සපත්තුත් දාල ගත්තාම ගතියට තියෙනවා.. පස්ස වුනත් ලොකුවට පේනවා..

    ReplyDelete
    Replies
    1. අමිල ගේ බොහෝ කඟෙන්ටුවල කාන්තාවන් ගේ පස්ස ගැන සඳහන් බව දකින කොට මට මතක්වෙන්නේ ඩෙස්මන් මොරිස් ගේ පරිවර්තන පොත්!

      Delete
    2. මාර්ටින් වික්‍රමසිංහගෙ යුගාන්තයෙ අරවින්දත් චමරිගෙ පස්ස බලලා සාරිය නිසා පස්ස ලොකුවට පේනවා ඇතැයි සිතුවා ඔබට මතක ඇති.

      Delete
  10. මගේ පළවෙනි පාසලේ ඒ කියන්නෙ ප්‍රථමික විද්‍යාලයේ ඉංග්‍රීසි ගුරුවරයා විතරක් සර්.හයේ පංතියේ ඉඳල ලොකු ඉස්කෝලෙට ගියාම එහෙ ඔක්කොම සර්ලයි ටීචලයි.

    ReplyDelete
    Replies
    1. අනිවාරයෙන් ම ඒ කාලේ ගම්බඳ පාසල්වල තමයි ඒ මහත්තයා කතාව තිබිලා තියෙන්නේ!

      Delete
  11. රසික,

    කුලී රථ රියදුරන්, සංචාරක මගපෙන්වන්නන් වැනි වෘත්තීන් සඳහාත් නිල ඇඳුමක් නියම කිරීමෙන් ඔවුන්ගේ වෘත්තීය ගරුත්වය ආරක්ෂා කළ නොහැකිද?

    එසේම විශ්‍රාමික සන්නද්ධ හමුදා සාමාජිකයන්ට නිල ඇඳුමක් නියම කිරීම අසාධාරණ වුවත් ඔවුන් සාමාන්‍ය සමාජයේ ගැවසීමේදී තමන් අඳින උඩු ඇඳුමෙහි අවම වශයෙන් තමන් ලද VW, WWV, RWP, RSP වැනි සංග්‍රාමික පදක්කම් හෝ ඒවාට අදාල වර්ණ තීරුද නිකැළැල් සේවය වෙනුවෙන් තමන් ලද VSV, USP සේවා පදක්කම් හෝ ඒවාට අදාල වර්ණ තීරුද පළඳින ලෙස නියම කිරීම යෝග්‍ය නොවේද? මක්නිසාදයත් ඉන් අපට සැබෑ රණවිරුවන් හඳුනාගැනීමට සහ ඔවුන්ට ගෞරව කිරීමට ඉඩ ප්‍රස්ථා සැලසෙන බැවිනි.

    එසේම අප ඔවුන් වෙත ආමන්ත්‍රණය කරන කල "තුමා" වැනි පදයක් ඔවුන්ගේ නම අගට යොදා ආමන්ත්‍රණය කිරීම අපටද අනිවාර්ය කිරීම යෝග්‍ය නොවේද?

    ReplyDelete
    Replies
    1. අවශ්‍ය නැත ඔවුන් විචා , පචා , කිචා , කුචා වැනි කිචවෙච්ච පච වෙච්ච නම් වලට වඩා ප්‍රිය කරති

      Delete
    2. Anonymous 1 November 2016 at 09:26 සපයා ඇත්තේ අසාධාරණ පුද්ගල බද්ධ පිළිතුරකි. අප මාතෘකාවට අදාලව ප්‍රශ්ණ යොමුකර ඇත්තේ රසික වෙතය.

      Delete
    3. අම්මපා මට අතුරුදන් කරවන්න ඕනේ එවුන් ලැයිස්තුවක් ඉන්නවා, අර කමකට නැති Anonymous, ඕකා මට වලා කිව්වා, ඊයේ පෙරේදා, සඳුමල්ගේ ගේ අඩවියේදී, නමුත් කිව්වේ නෑ කළු වලා ද, නිල් වලා ද, සුදු වලා ද, කියලා. ඒ වගේම මට නාකිවිසේ කියන අර ලැට්ච්චරයා, එතකොට අර කමකට නැති කොමෙන්ට් ගහන දෙමළ නයන්නා, අහුවෙයව්කෝ මට. මම තොපි ඔක්කොම අතුරුදන් කරනවා

      Delete
    4. @ Anonymous 1 November 2016 at 02:59

      මෙවැනි කමෙන්ටුවලින් ඔබට මානසික සහනයක් ලැබෙන බව පෙනෙන නිසා, ඔබට අනුකම්පාවෙන් පිළිතුරක් දෙන්නම්.

      මා වානේ සංස්ථාවේ සේවය කරන කාලේ අපේ වෘත්තීය සමිතිය මගින් ඉල්ලීමක් කර යුනිෆෝමයක් ලබා ගත්තා. ලා කහ පැහැති කමිස සහ දුඹුරු පැහැති කලිසම් රෙදි. පොලියස්ටර්.

      ඉන්පසු මා නම් යුණිෆෝම් ඇඳ නෑ. මගේ රාජකාරි ඇඳුම් ගැන විස්තරයක් මෙන්න.
      https://rasikalogy.blogspot.com/2016/10/you-look-dandy-mate.html

      සිඩ්නි නගරයේ ටැක්සි රියදුරන් නම් යම් නිළ ඇඳුමක් අඳිනවා. නමුත්, ඌබර් රියැදුරන් නම් එසේ කරන බව අසා නෑ.
      http://resources1.news.com.au/images/2009/12/01/1225805/902513-taxi-drivers.jpg

      විශ්‍රාමිකයින්ට නිල ඇඳුම් අනවශ්‍යයි.

      Delete
    5. විශ්‍රාමිකයින්ට නිල ඇඳුම් අනවශ්‍ය නම් කොහොමද අනෙක් අය දැන ගන්නේ යම් පුද්ගලයෙක් ගෝරමේන්තුවේ ලොකු රාජකාරියක් කොරලා දැන් පැන්සොන් ගිහින් කියලා?

      Delete
  12. ඉස්කෝල ගුරුවරුන්ට නැතත් දහම් පාසල් ගුරුවරුන්ට නම් නිල ඇදුමක් දෙනවනේ දැන්.

    ReplyDelete
    Replies
    1. ඒකත් එහෙම ද? සුදු රෙදි විය යුතුයි?

      Delete
  13. අපේ පාසලේ නැෂනල් ඇඳි ජාසිංහ මහතාට අප කිව්වේ ජාසිංහ සර් කියාය

    ReplyDelete
    Replies
    1. ඒ නගරයේ ද්විතියික විද්‍යාලයක් නේ!

      මා කියා ඇත්තේ ගමේ කණිෂ්ඨ පාසලක් ගැනයි. කවිඳු ගේ කමෙන්ටුව බලන්න.

      Delete
  14. අපේ පාසලේ නැෂනල් ඇන්දෙ ප්‍රාථමික අංශයේ විදුහල්පතිතුමා පමණි - ඉතා පළපුරුදු සිංහල ගුරුවරයෙක් වූ ඒ මහතාගේ නමත් ජයසිංහය

    ReplyDelete
    Replies
    1. මතුගම ආනන්ද ශාස්ත්‍රාලයට ගිය ලක්ෂාන් ලී කොටයක් උඩට වෙලා ශබ්ද කෝෂය පෙරළ පෙරළ ඉංග්‍රීසි පත්තරේ කියවන්න හොඳ නම් ගල්කිස්සෙ සෙන් තෝමසස් ගිය ජයසිංහ මහත්තයට කෞච් එකක් උඩට වෙලා චේ ගැන ඉංග්‍රීසියෙන් ලියවුණු පොතක් කියවන්න හොඳ නැති ද? ජයසිංහ මහත්තය කවදා හරි දේශපාලනයට එන්න ඉන්න . ඉතිං එයා ඒකට අදාළ හැදෑරීමක් කරනවා. හැදෑරීමක් නොකර දේශපාලනය කරනවා කියන්නෙ හැදෑරීමක් නොකර ඔබතුමා බ්ලොග් ලියනව වගේ වැඩක්. ඔබතුමා හෑල්ලුවට ලක්වෙනවා වගේ ජයසිංහ මහත්තය කැමති නැතිව ඇති හෑල්ලුවට ලක්වෙන්න. මාලක පුතාට ඊරිසියා කරන්න එපා මහත්තයෝ. ජයසිංහ මහත්තයට රත්නත්‍රයේ පිහිටයි!

      Delete
    2. @ ලක්ෂාන්

      අපට ආනන්දයේ ටික කාලයක් සිංහල ඉගැන්වූ විදියේ බණ්ඩාර නම් අන්වර්ථ නමකින් හැඳින්වුණු ගුරුවරයාට අප ඇමතුවේ සර් කියා ය.

      කොළඹට දියකිරි, ගමට මිටිකිරි!

      Delete
  15. ඔහෙලා කවුරුත් නැටුම බැලුවේ නැද්ද . ප්‍රතිචාර නෑනෙ ගැලරියේ

    ReplyDelete
    Replies
    1. අම්මට සිරි දැන්නේ බැලුවේ...කොළ හැට්ටකාරි...හ්ම්ම්

      Delete
    2. වීඩියෝ ම මං මුලින්ම දැක්කේ ෆෙස්බුක් එකෙස් සංසරණය වෙනවායි.

      ඔය සින්දුවේ මුල් වර්ෂන් එකේ නිකං සෙක්සි හති දැමිල්ලක් තියෙනවා නේද? ඒක මේ විඩියෝවේ ඇහෙන්නේ නෑ!

      Delete
    3. අරූ, කොළ හැට්ටකාරි තමයි නැටුම් ටීචර්!

      Delete
    4. නැටුම කන්නෙ නිල් හැට්ට කාරි තමයි. මෙහෙම නැටුමක් කරන්න මෙයාලට හොඳ ධෛර්යයක් තියෙන්න ඕන. අපිටනම් බෑ අප්පා. ඕක නටලා අයිත් පන්තියට යන්න එපාය. අපටනම් දැන් ළමයි අමතන්නෙ ටීචර් නොව මිස් කියායි.

      Delete
  16. රසික,

    බොහෝ විට උඹ මිථුන ලග්න කාරයෙක් වෙන්න ඕනා. උඹේ බුද ප්‍රබලයි නමුත් ඉන්නෙ කුජගේ පාප දෘෂ්ටියට ලක්වෙන තැනක. නමුත් උඹේ කුජත් බලවත්. නමුත් ඔය තැන් දෙකම ගුරු ගේ ප්‍රබල දෘෂ්ටියකට ලක්වෙන්නේ නෑ.

    ඒ වගේම උඹ බොහෝ විට කාලසර්ප යෝගයෙන් යන්තම් මිදුණු කෙනෙක් වෙන්න පුළුවන්. සමහර විට අහුවෙලා තියෙන්නත් පුළුවන්. ඒ වගේම උඹට රාහු සහ කේතු නරකට බලපානව විශේෂයෙන් රාහු. ඒ වගේම උඹේ ලග්නස්ථානය බොහෝ විට සෙනසුරුගේ පාප දෘෂ්ටියට අහුවෙන නිසා බොහොම හොඳ දේවල් ලැබෙන්නේ පහුවෙලා. නමුත් රවීගේ බලපෑම නිසා කවදාවත් ඒ දේවල් නොලැබෙන්නේ නැහැ.

    කාන්තාරෙක අතරමං කළත් උඹ ආපහු එනවාමයි. අතේ සතේ නැතුව අද රෑ සිගරට් එක්ක බොන්න සල්ලි නැති උනත් උඹට හෙට උදේට කොහෙන් හරි ගානක් එනවාමයි. ප්‍රබල හඳහනක් . දුර්වලකම් අඳුනාගෙන ටිකක් අමාරුවෙන් 2019 අග වෙනකම් ඇදපන්. 2020 දී උඹ ඉන්න තැන උඹ හීනෙන්වත් හිතල නෑ.

    ReplyDelete
    Replies
    1. අම්මපා?

      කේන්දර කොපිය හොයාගෙන නිරිත දිසාවට ආවොත් ඔයිට වැඩිය හොඳට පලාපල බලා ගන්න පුළුවන් වෙයි නේද?

      Delete
    2. කේන්දර කොපිය අවශ්‍ය නැත... අපි ඔබගේ බ්ලොගය නිරීක්ශනය කර කේන්දර පලාපල පවසන්නෙමු.... තවද... කොමෙන්ට් දමන වෙලාවෙන් ඇනෝ ඇල්ලීමේ සේවාවද අපි ලබා දෙන්නෙමු....

      Delete
    3. තත්කාලෙන් වෙන්නැති?

      කමක් නෑ, ඊසාන, නිරිත කෙසේ වෙතත්, වයඹ දෙසට දීර ගමනක් ගිය දවසකවත් හමුවෙමු කෝ!

      Delete
    4. අද නිවාඩු වගෙයි..

      Delete
  17. මම නම් හිතන්නේ ඔය සාරිය අඳින් එකේ පොඩි ට්‍රික් එකක් තියෙනවා. අපේ වැඩි හරියක් තියෙන්නේ එක්කෝ පිට ලෑලි වගේ ෆිගර් නැත්නම් අලි කඳ බඩ මහත ෆිගර්, ඒත් නැත්නම් වැල ගහට හෙන ගහපුවා. ඕවට යුරෝපියන් ඇන්දම නිකං නරලොව හොල්මන් පයින් යනවා වගේ. හැබැයි, සාරිය අඳිනකොට ජැකට් එක ඇඳලා හිර කරලා ගත්තම පුෂ් අප් නැතත් අරවා ටිකක් පණ ගහලා පේනවා, ඇඟ වුනත් සාරියට හිර කරලා ගත්තම අර අප්පිරියා ගතිය ටිකක් අඩුවෙලා පොඩි සෙක්සි ගතියක් පේනවා. ඩිකිය වුනත් පොඩ්ඩක් ෂේප් කරලා ගත්තහැකි.

    ඒ නිසා අපේ අය යුරෝපියන් අඳිනවට වඩා සාරිය අඳිනවට මම කැමතියි‍

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.