Wednesday 1 March 2017

ඔබ අප්‍රිය කරන තිංග්ස් දහයක් නම් කරන්න - Ten things you hate


මේ දිනවල මම එක්තරා පුහුණු පාඨමාලාවකට සහභාගී වෙමි. එහි දී අපට විවිධ ලිවීමේ අභ්‍යාස පැවරේ. මුල් දිනයේ දී ම කරන්ට සිදුවුණු දෙයක් නම්, මා අකමැති තිංග්ස් දහයක (ten things you hate) ලයිස්තුවක් සැදීමයි.

මා මෙහි දී තිංග්ස් කියා ම ලියන්නේ "things" සඳහා සුදුසු සිංහල වචනයක් සොයා ගැනීමට නොහැකි වූ නිසා ය. තිංග්ස් යන්න සඳහා "දේවල්" කියා කියන්නට හැකි නමුත්, එය එතරම් ව්‍යක්ත වචනයක් සේ මට නොහැඟේ. එසේ ම "දේ" කියා ලිවූ විට යම් අඩුවක් දැනේ.

කෙසේ වෙතත් මට එදා වැඩසටහනේ දී මා අප්‍රිය කරන තිංග්ස් දහයේ ලයිස්තුව සඳහා සිහියට ආවේ අටක් පමණි.
  1. දුරකථනය මගින් විවිධ සේවා ලබා ගැනීම සඳහා ඇමතු විට මගේ වාසගම ඉංග්ලිෂ් අකුරෙන් එකින් එක කීමට සිදුවීම
  2. අමද්‍යප අය විසින් තම නිවසේ සංවිධානය කරන ප්‍රිය සම්භාෂණ සාද සඳහා සහභාගී වීමට සිදුවීම
  3. උණුවතුරට තේ බෑගයක් දමා දෙන තේ කෝප්පයට ද, ඩොලර් දහසේ යන්ත්‍ර මගින් කාලය සහ ශ්‍රමය වැය කර සාදන කෝපි කෝප්පයකට ගෙවන මුදලම ගෙවන්නට සිදුවීම
  4. ආයතන ප්‍රතිව්‍යුහකරණය (corporate restructuring)
  5. සල්ලි කප්පරක් ගෙවා දත් සම්බන්ධ පිළියමක් කළ පසු ආසාදන වැළැක්වීමට බේත් බොන අතර, එනිසා ම සතියක් පුරා අනුමත නොවී සිටීමට අණ ලැබීම
  6. නොදන්නා බව නොදන්නා නමුත්, ඒ ගැන දැන ගැනීමට අකමැති අය සමග කතා බහ කරන්නට සිදුවීම
  7. සිතා බැලීමකින් තොරව, ඇසෙන, දකින දේ ඒ ආකාරයෙන් ම විශ්වාස කරන අය සමග ආශ්‍රය කරන්නට සිදුවීම
  8. කළ යුතු සැම දෙයක් ම කිරීමට කාලය මදබව සිහියට ඒම
  9. ...........
  10. ...........
ඔබ අකමැති "තිංග්ස්" මොනවාද?

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ මා සහභාගී වෙන්නේ කේන්තිය කළමනාකරණය පිළිබඳ පාඨමාලාවක් සඳහා නම් නොවේ. මෙය විනෝදාංශයක් පිළිබඳ එකකි.

(image: http://www.pocketfulofbooks.com/p/top-tens.html)

37 comments:

  1. 2 වෙනි එකනං මගෙත් අකමැතිම තිංග් එකක් තමයි.

    ReplyDelete
    Replies
    1. නමුත් හොඳ වෙලාවට මේවා සෙට් වෙන්නේ හාවා හඳ දකිනවා වගේ, ඒ නිසා ලොකුම අවුලක් නෑ!

      බොන්නේ නැති, බයිට් කන අය ඊට වඩා එපා වෙනවා!

      Delete
  2. ඔක්කොම සිංහලෙන් ලියල එකක් දෙකක් ඉංගිරීසියෙන් ලියන්න.

    ReplyDelete
    Replies
    1. ඉස්සර අපි පොඩි කාලේ කියපු දෙයක් සිහිවුණා.

      අයි ඩොන්ට් නෝ මෙලෝ දෙයක්, සිංහළෙන් නම් ඕනැ දෙයක්!

      Delete
  3. දහයට වැඩි වෙයිද මංදා..
    1. උදේම නැගිටින්න
    2. වැඩක් කර ගන්න රජයේ කන්තෝරුවකට යන්න
    3. ඉතුරු මාරු සල්ලි හරියට නොදී අඩුවෙන් දීල අඩුම තරමින් ඒක ගැන කියන්නෙවත් නැතුව ඉන්න එක (සත පනහ, රුපියල, දෙක වගේ ගණන් කඩවල් වලින් දැන් ඉතුරු නොදෙනවා පමණක් නොව ඒවා ගණන් ගන්නෙවත් නැත)
    4. පෙනී පෙනී හොරට බඩු කිරන එක
    5. සිංග්ලිෂ් වලින් දිගට දිගට ලියපුවා කියවන එක
    6. ඇපොයින්මන්ට් ගත්ත දොස්තර පරක්කු වෙලා එනකම් බලං ඉන්න වෙන එක..
    7. දුරකථන සමාගම් වලින් බැංකු වලින් ලිසින් සමාගම් වලින් කලින් නොකියපු ගණන් (ටැක්ස්, ඉන්ටරෙස්ට් ආදිය) හිතුමතේ ය කිරීම..
    8. කෑම බිල්, ඉන්ධන බිල් වගේ ඒවා reimburse කර ගන්න accounts assistant ලට ගිහින් දෙන එක..
    9. ළමයින් අසනීප වෙන එක..
    10. අද සෙට් වෙන්න යනවා.. ගෙදර එන්න වෙන්නේ නැහැ/ පරක්කු වෙයි කියල බිරිඳට කියන එක..

    අම්මෝ..ඔය ඇති.. :)

    ReplyDelete
    Replies
    1. නියමයි. දැන් මෙන්න ඊළඟ පියවර.

      ඔය එක එක තිංග්ස්වලට මුහුණ දෙන්න සිදුවුණු අවස්ථා ලයිස්තුව ගන්න. ඒවායේ රසවත් සිදුවීම් පෙළ ගස්සලා, ලිපිය බැගින් ලියා බ්ළොගයේ දාන්න.

      ඇත්තටම ඔබ මේ එක් කාරණයක් ගැන [2. වැඩක් කර ගන්න රජයේ කන්තෝරුවකට යන්න] ළඟඳී ලියා තියෙනවා.

      Delete
  4. ෆස්ට් තින්ග් : රශිකගෙ මංපොර පෝස්ට්
    සෙකන්ඩ් තින්ග් : පෙරාදෙනියෙ ඉන්ජො, මෙඩ්ඩොන්ගෙ පෝස්ට්වලට බරසාර කොමෙන්ට් සහ අනිත් උන්ගේ බ්ලොග් පෝස්ට් වලට ඔහේ නිකන් පතෝල කොමෙන්ට් දැමීම

    ReplyDelete
    Replies
    1. මා දන්නා පේරාදෙනියේ මෙඩ්ඩන් එකෙකු හෝ සිංහල බ්ලොග් ලියන්නේ නැත.

      පේරාදෙනියේ ඉංජන්ගෙන් බ්ලොග් ලියන කීප දෙනෙකු මෙසේ ය.

      1. ඉකොනොමැට්ටා http://economatta.blogspot.com/
      2. නොකී කතා http://nokieekatha.blogspot.com/
      3. තිලක සිත http://thilakasitha.blogspot.com/
      4. සිතක සංකල්පනා http://madurangacreations.blogspot.com/
      5. බිඟුවා http://bingunada.blogspot.com/
      6. ඉවාන් පවුලූෂා (කලකින් ලියා නැත!) http://iwanpaulooshaa.blogspot.com/


      Delete
    2. මගේ අකමැතිම තිංග්ස් එක තමයි කරුවලේ ඉඳගෙන ගල් ගහනව, හූ කියනව වගේ දේවල් දකින්නට සිදුවීම (හෙවත් අැනො කමෙන්ට් කියවීමට සිදුවීම).

      Delete
  5. //දුරකථනය මගින් විවිධ සේවා ලබා ගැනීම සඳහා ඇමතු විට මගේ වාසගම ඉංග්ලිෂ් අකුරෙන් එකින් එක කීමට සිදුවීම//

    "සූරිය" වගේ කෙටි/වෙනස් කරන්න හිතුවෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. නම එසේ කෙටි කිරීමට අදහසක් නැත. මීට වඩා දිග නම් ලෝකයේ තිබේ.

      Spare a thought for your learned friend Edippuliarachchi whose name is even longer.

      Delete
    2. wife goes as "padmasena" noh?

      Delete
  6. 2නම් පොඩ්ඩක් විතර අවුලක් තමයි :-)

    ReplyDelete
  7. 1.බුකියට යැවීම.
    2.බ්ලොගට නොයැවීම.
    3.ඉරිදාට පහුවෙනිදට සඳුදා පැමිණීම
    4.බියර එකක් වත් නොබී සිටීම
    5.බොසා හදිස්යේම පැමිණ මගේ to do list එක කණපිට හැරවීම.
    6.ට්‍රැෆික් එකේ නැවතිලා ඉඳලා කොළ වැටිච්චි ගමන් අද්දනකොට බයික් එකේ තෙල් ඉවර වීම.
    7.ෆැක්ටරියට පෙනෙන තෙක් මානයෙදී මොර සූරන වැස්සකට අහු වීම.
    8.මම වැඩ කරනකොට වෙන එකෙක් ඇවිත් මගේ මොනිටර් එකේ තියෙන දේවල් බැලීම.
    9.බ්ලොග් එකේ නිව් පොස්ට් එකක් අරගෙන හිටියත් ටයිප් කරන්න මොකුත් මතක් නොවීම.
    10.මාසේ ඉවර වෙන්න සති දෙකක් තියෙන කොට ඩේටා පැකේජ් එක ඉවර් වීම.

    ReplyDelete
    Replies
    1. නියමයි. දැන් මෙන්න ඊළඟ පියවර.

      ඔය එක එක තිංග්ස්වලට මුහුණ දෙන්න සිදුවුණු අවස්ථා ලයිස්තුව ගන්න. ඒවායේ රසවත් සිදුවීම් පෙළ ගස්සලා, ලිපිය බැගින් ලියා බ්ලොගයේ දාන්න.

      සමහරවිට මෙයින් කීපයක් ගැන ඔබ දැනටමත් ලියා ඇති!

      Delete
  8. 1. බුකියෙන් ඈත් වෙලා බ්ලොගේ ලියනවා කියා හිතුවාට ඒ මගුලටම ඔලුව දමන්නට සිතීම
    2.දැඩි අධිෂ්ඨානයෙන් ලියන්නට පටන් ගත්තු පොතේ වැඩ කරගෙන යන්නට හිතක් නැති වීම
    3. එක එකාගේ ඕපාදූප අහන්නට සිදු වීම
    4. සමහර අයගේ නොනවතින පෞද්ගලික කංකරච්චලයන්ට සවන් දීමට සිදුවීම
    5. නිදහසේ තනියෙන් ගමනක් යන්නට ඉඩක් නැතිවීම
    6. හැමදාම සාරි අඳින්නට සිදු වීම
    7. පොල් ගෑම ( උයන්නට ආසය..පොල් ගානට ආසා නැත )
    8. කන්නාඩි දමන්නට වීම
    9. කිව්වා නාහන ලමයින්ට ටිකක් තදින් බනින්නට තාමත් පලපුරුද්ද මදිකම..( සිසුන්ට )
    10. කාලෙකින් කවියක් ලියාගන්නට බැරි වීම

    ReplyDelete
    Replies
    1. නියමයි. දැන් මෙන්න ඊළඟ පියවර.

      ඔය එක එක තිංග්ස්වලට මුහුණ දෙන්න සිදුවුණු අවස්ථා ලයිස්තුව ගන්න. ඒවායේ රසවත් සිදුවීම් පෙළ ගස්සලා, ලිපිය බැගින් ලියා බ්ලොගයේ දාන්න.

      සමහරවිට මෙයින් කීපයක් ගැන ඔබ දැනටමත් ලියා ඇති!

      විශේෂයෙන්ම අර සාරි ඇඳීම ගැන දැනගන්නට කැමතියි. මොකද මං දන්නා තරමින් එහෙම නීතියක් කොහෙවත් (පත්වීමේ ලිපිය, ආයතන සංග්‍රහය) නෑ.

      මා ඔබේ බ්ලොගය එතරම් කියවා නෑ. අද සිට කියවන්න එකතු කර ගත්තා!

      Delete
    2. ඔන්න ලියන්න නිමිත්තක් නැතුව උන්න මට රසිකලොජි ගෙන් ඔත්තුවක් ලැබුනා...ස්තුතියි ලියන්නම්

      Delete
  9. 1. කවුරු හරි යමක් ලියන්න කියා මගෙන් ඉල්ලීමක් කිරීම

    ReplyDelete
    Replies
    1. ඇණයාට, ඇණයෙක් වීම!

      මගෙනුත් එහෙම ඉල්ලීමක් කළා එක් අයෙක්. දැනුයි මතක් වුනේ!

      Delete
  10. //දුරකථනය මගින් විවිධ සේවා ලබා ගැනීම සඳහා ඇමතු විට මගේ වාසගම ඉංග්ලිෂ් අකුරෙන් එකින් එක කීමට සිදුවීම//
    ඊට වැඩිය එපා වෙනවා දුරකථනයට කණ තියාගෙන විනාඩි 20-30 AVRS අහගෙන ඉන්න වුණාම.

    තව එපාවෙන දෙයක් තමයි ගුවන් තොටුපළ වලදී සපත්තු, බෙල්ට් ගලවා ලැප්ටොප් එළියට අදින්නට සිදුවීම.

    තව මෙහේ තියෙන ප්‍රශ්නයක් ආයතනයේ සිටියදී ටොර්නේඩෝ වෝනින් නිකුත් වූ විට වැඩ සියල්ල අතරමග නවතා ටොර්නේඩෝ ශෙල්ටර් එකක නිකරුණේ බලා සිටින්නට වීම.

    කවර හේතුවක් නිසා හෝ කම්මැලිම දෙයක් වන ඇඳුම් මැදීම.

    6,7,8 ත් අදාළයි.

    ReplyDelete
    Replies
    1. දුරකථනයට කන නොතියා, ස්පීකර් එක දාලා ඉන්න පුළුවනි නේ. මං නං ඒකයි කරන්නේ. කෙසේ වෙතත්, අඩු ඉන්ටර්නෙට් වේගය ගැන පැමිණිලි කිරීමට ඇති කම්මැලිකම නිසා (මියුසික් අහගෙන විනාඩි විස්සක් තිහක් ඉන්න), මාස හයක් විතර කරදර වින්දා. පස්සේ නිවාඩුවක් දාපු දවසක කෝල් කරලා වැඩේ දවසෙන් දෙකෙන් ෂේප් කර ගත්තා. වේගය පස් ගුණයකින් විතර වැඩි වුණා!

      Delete
    2. මං නං බොහෝ විට කරන්නේ බෙල්ට්, ෆෝන්, වොලට් සියල්ල හෑන්ඩ් ලගේජ් එකට දැමීමයි. එවිට අමුතුවෙන් කරදරයක් නෑ.

      පසුගිය වර ලංකාවේ දී මං සරමක් ඇඳන් ආවේ. බෙල්ට් එක ගලවන්න කීවාම, සරම කැඩෙයි කියා මං කීවා. ඔවුන් බය වුණා ද මන්දා, බෙල්ට් එක චෙක් කළේ නොගලවා සාමාන්‍ය ක්‍රමයටමයි!

      ඇදුම් මැදීම - මා ද නොකරමි. ඉන්ටර්වීච් එකකට යනවා නම්, කමිසයේ ඉදිරිපස තීරුවක් පමණක් අවශ්‍ය නම් කරමි.

      Delete
  11. දෙකක් නමාගත් විට සිංදුවක් නොකියා ප්‍රශ්න සාකච්ඡා කරන අය...

    ReplyDelete
    Replies
    1. දෙකක් නමා ගත් විට වලියට බරවෙන උං දැන් අඩුයි නේද? මං හිතන්නේ අපේ ගැන්සිවල නෑ!

      Delete
  12. 1) අමද්‍යප අය විසින් තම නිවසේ සංවිධානය කරන ප්‍රිය සම්භාෂණ සාද සඳහා සහභාගී වීමට සිදුවීම
    2) ඒ මදිවට අමද්‍යප වීම ගැන උන්ගේ කයිවාරු අහගෙන ඉන්න වීම
    3) උණුවතුරට තේ බෑගයක් දමා දෙන තේ කෝප්පයට දමුදල් ගෙවන්න වීම
    4) රෙදි හෝදලා වනන එක
    5) මාසේ වාරිකේ ගෙවනවා නේද කියලා අහලා කම්පැනි වල එවුන් දෙන දුර කතන ඇමතුම්
    6) මහත්තයා හැමදාම බේබද්දා වගේ බොන පුතා රස්සාවක් නැතුව රස්තියාදු ගහන දුව ගම්මේම ඉන්න එවුන් එකක් නටන ගෙදර ඉදගන්න පුටුවක් නැති ගෙදර එවුන්ට කන්න බොන්න උයලා නොදී ගෙදර වැඩක් පලක් නොකර ගම්මේම ඕපාදුප හොයා හොයා ඇවිදින වගේ තත්වයන් තියන බිරිදගේ පැත්තේ නෑදෑයෝ ඇවිත් සදුටයි මටයි දියුණු වෙන හැටි අවවාද අනුශසන දෙන එක ...

    ReplyDelete
    Replies
    1. මෙන්ඩා ඔය අංක පහ නම් මට නෑ. ඒවා ඉතිං ඉල්ලං කන පරිප්පුනේ.

      හැබැයි ඔය අන්තිමට කියලා තියෙන නෑදෑයින් ගේ සිද්ධියේ නම් ඉතා ලොකු කතාවක් තියෙනවා වගෙයි. දවසක ලියලා දාන්නකෝ?

      Delete
  13. 1. නොදන්නා කමට හදාගත්තු බ්ලොග් එක හැමවෙලාවෙම අවුල්වීම
    2. උනන්දුව තිබුනාට ලියන්නට දන්නේ නැතිකමින් බ්ලොග් එක වේලීම
    3. අම්මා නැති දවසට ගෙදර උයන්නට වීම
    4. "උඹ හැදෙන්නම නැ " යි අම්මා නිතරම කීම
    5. "එයා" තුන වසරේ දුවෙකුයි මොන්ටිසෝරි යන්නට ඔන්න මෙන්න දුවෙකුයි ඉන්නවා කියමින් මාව පෙන්වීම
    6. අක්කලාට කොයි වෙලේ බැලුවත් මට වඩා සපත්තු සෙරෙප්පු තිබීම
    7. හැමෝම ගොරව ගොරවා නිදියනකොට මං විතරක් උදේ නැගිටින්නට වීම
    8. මං පවුලේ බාලයා නිසා එකෙක්වත් මාව ගණන් නොගැනීම
    9. ලියන්නට ගොඩක් තිබුණත් මං ඔෆිස් එකේ නිසා මේ කමෙන්ට් එක මෙතනින් නවත්තන්නට වීම :)

    ReplyDelete
    Replies
    1. මේ කමෙන්ටුව දුටු නිසා මට ඔබේ බ්ලොගය හමුවීම ලොකු දෙයක්!

      Delete
    2. ඉහත අංක 1 සහ 2 ඔබේ වාසියට හරවා ගෙන ඉඩ ලද හැම විටකම ලියන්න උත්සාහ කරන්න. ජයවේවා!

      Delete
  14. 1.බැංකුව ට කතා කරාම පැටිගිරිය ම ඇසීම .
    2. සුපිරි වෙළඳ සැලේ මට ඉස්සර පෝලිමේ ඉන්න එකා . ලයිට් බිල්, වතුර බිල් ආදිය ගෙවීමට පටන් ගැනීම.
    2. Traffic light එක ලඟදි පිටිපස්සෙ එකා horn ගැසීම.

    ReplyDelete
  15. රසිකලොජිස්ට් ගේ ලැයිස්තුවේ 2, 5, 7 මටත් පොදුයි.
    ඊට අමතරව පහත සඳහන් තිංග්ස් හත දක්වන්න පුළුවන්.
    1. වත්පොතේ කමෙන්ට්ස් හැටියට ලැබෙන මාගල් තරම් දිග සිංහලත් නොවන ඉංග්‍රිසිත් නොවන ඉංග්‍රිසි අකුරෙන් ලියන ලද සිංහල කමෙන්ට්ස් කියවන්න සිදුවීම
    2. කඩතේකක් බොන්න ඇති කැමැත්ත නිසා පෙට්ටිකඩයකට ගොස් ප්ලේන්ටියක් ඉල්ලූ විට උණු වතුර කෝප්පයක්, ටී බෑග් එකක්, සීනි සහ හැන්දක් ලැබීම [මීට වඩා හොඳයි මුන් දර ලිපක් සහ ඇල් වතුරම මේසයට ගෙනත් තිබ්බ නම්!]
    3. මගේ ගෙදරට විසිටර්ස්ලා හැටියට එන සමහරු (විශේෂයෙන් කාන්තා පාර්ශ්වයේ අය) මගේ කුස්සිය ආක්‍රමණය කරන්ට සැරසීම සහ ඒ එක්ක එය සධාරණීකරණය කරන්න ගෙනෙන තර්ක අසා ඉන්නට සිදුවීම
    4. ඉන්ෂුවරන්ස් ඒජන්ට්ස්ලා
    5. නමවත් අසා නැති ගම්වල ඉදිකරන්නට යෝජිත තොරණ සහ දන්සැල් වලට ආධාර එකතුකරන්නට එන සම්මාදම් කාරයින් සහ විශේෂයෙන් සම්මාදම් වහන්සේලා
    6. ගෙදර අවට පන්සල් හතරකින් සහ පල්ලියකින් නිවාඩු දිනවල දවස පුරා ගෙන එන කර්ණ රසායන මධුර මනෝහර ලවුඩ්ස්පීකර් ඩර්මෙ
    7. වසරකට හතරවතාවක් කරන්නට සිදුවන විභාග උත්තර පත්තර ලකුණු කිරීම!

    ReplyDelete
  16. රසිකලොජිස්ට් ගේ ලැයිස්තුවේ 2, 5, 7 මටත් පොදුයි. ඊට අමතරව පහත සඳහන් 'තිංග්ස්' හත දක්වන්නට පුළුවනි.

    1. වත්පොතේ කමෙන්ටු ලෙස ලැබෙන මාගල් ගණන් දිග සිංහලත් නොවන ඉංග්‍රීසිත් නොවන ඉංග්‍රිසි අකුරෙන් ටයිප් කරන ලද සිංහල කමෙන්ට්ස් කියවන්නට සිදුවීම
    2. කඩතේකක් බොන්නට ඇති ආසාව නිසා පෙට්ටිකඩයකට ගොස් ප්ලේන්ටියක් ඉල්ලූවිට උණුවතුර කෝප්පයක්, ටී බෑග් එකක් සීනි සහ හැන්දක් ලැබීම [මීට වඩා හොඳයි මුන් දර ලිපක් සහ වතුර මුට්ටියක් මේසෙට ගෙනත් දුන්නා නම්!]
    3. නිවාඩු දිනවල උදේ සැතපී සිටින විට ගෙවල් කිට්ටුව ඇති පන්සල් හතරකින් සහ පල්ලියකින් නොමිලේ බෙදාහරින කර්ණ රසායන මධුර මනෝහර ලවුඩ්ස්පීකර් ඩර්මෙ ඇඳේ ඉඳන්ම අසා සිටින්නට සිදුවීම
    4. නමවත් අසා නැති ගමක ඉදිකරන්නට යෝජිත තොරණ සහ දන්සැල් වලට ආධාර එකතුකරන්නට එන සම්මාදම් කාරයින් සහ විශේෂයෙන් සම්මාදම් වහන්සේලා
    5. ඉන්ෂුවරන්ස් ඒජන්ට්ස්ලා
    6. අපේ ගෙදරට විසිටර්ස්ලා හැටියට පැමිණෙන සමහර කාන්තා පාර්ශ්වයේ ඇත්තන් මගේ කුස්සිය ආක්‍රමණය කරන්නට සැරසීම සහ එය සාධාරණීකරණය කරන්නට ගෙන එන තර්ක අසා ඉන්නට සිදු වීම
    7. වසරකට හතර වතාවක් කරන්නට සිදුවන විභාග උත්තර පත්තර ලකුණු කිරීම!

    ReplyDelete
  17. තිංග් කියන එකට සිංහලෙන් කියන්නෙ මෙව්ව එක කියලනෙ. ඇයි අමතක වුණාද?

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.