Friday 27 October 2017

නාකි වෙන්නේ කවදා ද? - Forever young

වසර පනස් පහක් පැරණි මේ ඡායාරූපය මගේ මුල් ම ඡායාරූපයයි. මගේ වයස සති කිහිපයකි. අම්මාගේ වසය අවුරුදු විසි තුනයි මාස දෙක තුනකි.
කරුණු කිහිපයක් නිසා, අද මගේ ජීවිතයේ වැදගත් දවසකි.

එයට එක් හේතුවක් නම් මේ රසිකොලොජි නම් වූ බ්ලොගය ලිවීම අරඹා අදට තුන් වසරක් පිරීමයි.

මා රසිකොලොජිය ඇරඹුවේ 2014 වසරේ මගේ උපන් දින සැමරුම් දිනය දා ය. ඒ අද දිනය මට වැදගත් වීමට දෙවෙනි හේතුවයි.

උපන් දින සැමරුම් යනු සෑම වසරක ම යෙදෙන අවස්ථාවකි. නමුත්, මේ වසරේ උපන් දින සැමරුමේ මට ඇති විශේෂ වැදගත්කම නම්, මේ මා සමරන්නේ මගේ ජීවිතයට වසර 55 ක් පිරීම වීමයි.

එය අද දිනය මට වැදගත් වීමට තෙවැනි හේතුවයි.

මා උපන්නේ 1962 වසරේ ඔක්තෝබර් 27 වෙනි සෙනසුරාදා රාත්‍රී 10:34 ට කොළඹ මහ රෝහලේ ද සොයිසා සූතිකාගාරයේ දී ය.

එදා සිට අද දක්වා ගතවුණු අවුරුදු පනස් පහක මගේ ජීවිත කාලයෙන් දළ වශයෙන් තිස් වසරක් පමණ ගෙවී ඇත්තේ ලංකාවේ ය. දෙවසරක් පමණ තායිලන්තයේ ය. විසි දෙවසරක් ඕස්ටේ‍ර්ලියාවේ ය.

පේරාදෙණියේ ගෙවූ සිව්වසරක කාලය හැරුණු විට ලංකාවේ මගේ ජීවිතයේ වැඩි කොටසක් ගෙවුේ කඩවත-ගනේමුල්ලට නුදුරු පරකන්දෙනියේ ය. කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල මකුළුදුවේ සහ ඇතුල්කෝට්ටේ ද පදිංචිව සිටියෙමි.

මගේ ඕස්ටේ‍ර්ලියානු ජීවිතයේ මුල් හය වසර ගෙවුණේ මෙල්බර්න් තදාසන්නයේ වුව ද, දැන් වසර දාසයක් මා පදිංචිව සිටින්නේ බටහිර සිඩ්නි ප්‍රදේශයේ ය.

ජීවිතයේ ඉතිරි කාලය ද මේ ප්‍රදේශයේ ම ගෙවෙතැයි සිතේ.

දැන් මගේ මේ සටහනේ මාතෘකාවට යතොත්, මිනිසෙකු ඇත්තටම නාකි වෙන්නේ කවදා ද?

කුඩා කල මා සිතා සිටියේ තරුණ දිවිය අවුරුදු දහ අටේ දී ලබන බවත්, වයස තිස් දෙකේ දී මැදි විය එළැඹෙන බවත්, වයස පනස් පහේ දී මහලු වියට එළැඹෙන බවත් ය.
ඒ කාලයේ ම එක් දිනයක ව්‍යවහාර වර්ෂ 2000 ගැන කතා බහක යෙදී සිටි මොහොතක ඒ වර්ෂය උදාවෙන විට මගේ වයස අවුරුදු තිස් හතක් බව සිතා, එතරම් මහලු වයසක ජීවත් වීමක් ගැන මම කණගාටු වුණෙමි.

මගේ පියාගේ වයස අවුරුදු පනස් පහ වී ඔහුට විශ්‍රාම යාමට සිදුවුණු විට (ඔහු තවත් වසර තුනක්, සේවා දිගු වරම ලබා සේවය කළේ ය) ද මම ඒ වයස ගැන කණගාටු වුණෙමි.

මගේ වයස වසර තිස් දෙක පසු කළේ ය. මට කිසිදු වෙනසක් නොදැනුණි.

වසර 2000 උදා විය. මට කිසිදු වෙනසක් නොදැනුණි.

අද මගේ වයස වසර පනස් පහක් සම්පුර්ණ වී තිබේ. මට කිසිදු වෙනසක් නොදැනෙයි.

නාකි වීම මම අවුරුදු හැට දක්වා කල් දමමි.

එසේ වුචත්, මීට මාස කිහිපයකට පෙර මා සැළසුම් කළ එක්තරා ලිවීමක් අරඹන්නට නම් "කාලෝ අයං තේ" යැයි සිතමි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
අද දිනය මට වැදගත් වීමට සිව්වැනි හේතුවක් ද ඇත.

එය නම්, මා අද දිනයේ සිට අලුත් බ්ලොගයක් ඇරඹීමයි. වඩාත් පුළුල් පාඨකයින් සංඛ්‍යාවක් කරා ළඟා වීමත්, මෙතෙක් මා ලියූ බ්ලොග් සටහන්වල අන්තර්ගතයට වඩා තරමක් වෙනස් වූ කරුණු සාකච්ඡා කිරීමත් අරමුණු කරගෙන මා එහි සටහන් ලියවෙනු ඇත්තේ ඉංග්ලිෂ් භාෂාවෙනි.

මගේ අලුත් බ්ලොගය A Sri Lankan in Australia ලෙසින් නම් කෙරෙනු ඇත.

(image: වසර පනස් පහක් පැරණි මේ ඡායාරූපය මගේ මුල් ම ඡායාරූපයයි. මගේ වයස සති කිහිපයකි. අම්මාගේ වසය අවුරුදු විසි තුනයි මාස දෙක තුනකි.)

68 comments:

  1. හොරණ ප්‍රදේශයේ ඔබගේ නෑයන් සිටීද?

    ReplyDelete
    Replies
    1. ඔව්, මගේ මවගේ පියා කරණ්නාගොඩ, මවගේ මව දේවමුල්ල. ඒ අවට ගම්වල ඒ නෑදෑයින් ඉන්නවා.

      Delete
  2. මමනම් 50 පැන්නට පස්සෙ වය කියන්නෙ හෙක්ස වලින්.
    රසිකට තාම 37යි.
    ඔතන්ජෝබි ඔමෙදෙතෝ ගොසයිමස්.

    ReplyDelete
    Replies
    1. මං ලොග්වලින් කියන්නම් : 1.7403626895

      Delete
  3. රසිකට සුභ උපන්දිනයක් වේවා. අලුතින් ආරම්භ කරන බිලොගයටත් සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. බුකියෙන් ගියේඩ මිටුර?

      Delete
    2. මට පොඩි අවුලක් තියනව රසික. මට හිතෙනව අපේ අම්මලා තාත්තලාගෙ පරම්පරාවෙ සමකාලීනයන් දැන් මේ අපේ වයසෙදි අපට වඩා තලතුනා, මුහුකුරා ගිය, තැන්පත් පුද්ගලයන්ව හිටිය නේද කියල.

      අනේ මන්දා.

      Delete
    3. @ ට්‍රැ

      සියල්ල සාපේක්‍ෂයි මචං. දරුවෙකුගෙන් අසා බලන්න. සමහර විට කාල රේඛ්ව අනුව වෙනස්කම් සිදු වී ඇති!

      Delete
  4. මට දැවෙනෙ ප්‍රශ්නයක් කරුණාකර පිලිතුරු දෙන්න.
    අද ලන්කාදීපෙ තියෙනවා දේවි බාලිකා එකේ තෑගි ප්‍රදාන උත්සවයක පින්තූරයක්.
    ඒකෙ විදුහල්පතිනියත් තවත් සමහර අයත් උපාධි ක්ලෝක් එක දාගෙන.
    ඒ ඇයි
    ඔසී රටෙත් එහෙමද
    නැතිනම් ඒ ඇයි

    ReplyDelete
    Replies
    1. එහෙත් එහෙමයි, මෙහෙත් එහෙමයි.

      මුල් කාලයේ කෙසේ වෙතත් අද උපාධි ලෝගුව භාවිතා කෙරෙන්නේ අධ්‍යාපනික වශයෙන් වැදගත් අවස්ථාවල අඳින උත්සව ඇඳුමක් ලෙසයි. විශ්වවිද්‍යාලව දී නම් උපාධි ප්‍රදානෝත්වය. උසස් පාසල්වල (High Schools) තෑගි දෙන දවසටත් අඳිනවා.

      Delete
  5. 60 දි නාකි වීම 75 දක්වා කල් දාගනීද දන්නෑ.
    රසිකට, රසිකොලොජියට සුබ උපන්දනයක් වේවා !
    අලුත් බ්ලොගට සුබ පැතුම් !!

    ReplyDelete
    Replies
    1. දැන් අවුරුදු එකොළහක සිට කොහෙමටත් ණයට ගත්තු කාලයෙන් තමයි ජීවත් වෙන්නේ.

      සුබ පැතුම්වලට ස්තුතියි.

      Delete
  6. මේ පොස්ටුව කියවීමෙන් පසු තියෙන්නේ සුබ පැතුම් ගෙන එන්න.උපන් දිනයටත්,රසිකලොජියටත්,අලුත් බ්ලොග් එකටත් සුබ පැතුම්....!

    (පනස් පහත් වයසක්ද ?...:D)

    ReplyDelete
    Replies
    1. එදා හිතුනේ පනස් පහ කියන්නේ නාකි කියලයි, අද නම් පනස් පහ වයසක් නොවේ තමයි!

      සුබ පැතුම්වලට ස්තුතියි.

      Delete
  7. සුබ උපන්දිනයක් රසික අයියා... 60 කියන්නෙත් නාකි වෙන්න වයසක් නෙවෙයි. 80 වෙනකල්වත් කල්දාන්න...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, හිතුනොත් 120 වෙනකල් ම කල් දානවා!

      ;-)

      Delete
    2. අය්යා කියද්දී කිචි වගේ නැද්ද?

      Delete
  8. සුබ උපන්දිනයක්, රසිකට වගේම රසිකලොජියටත්!

    ඔබත්, මමත් දෙදෙනාම කතා කළ කූඹියෝ ටෙලි නාට්‍යයේ මගේ ලිපිය දැමීමෙන් පසු කොටසක තිබෙන දෙබසක්.

    "වයස අවුරුදු 45ක මිනිහෙක්ට ෆේස්බුක් අකවුන්ට් එකක් තියෙන එකෙන්ම පේනවා මොකක් හරි අවුලක් තිබෙන බව!"

    මේ කතාවේ කතානායකයාගේ වයසේ (අවුරුදු 35) සිටින ඇතැම් අය සිතනවා ඇති 45 කියන්නේ ෆේස්බුක් අකවුන්ට් එකක්වත් හැදිය යුතු නැති හොඳටම නාකි වයසක් කියා. මීට දෙමසකට පමණ පෙර මම මගේ පියාට ෆේස්බුක් ගිණුමක් හදා දුන්නා. දැන් ඔහු එහි ඉතාම සක්‍රිය වී සිටිනවා. කුඩා දුරකථනයකින් එතරම් ටයිප් කරන එක මටවත් කළ නොහැකි දෙයක්.

    අලුත් බ්ලොග් එකටත් සුබ පැතුම්!

    ReplyDelete
    Replies
    1. //මේ කතාවේ කතානායකයාගේ වයසේ (අවුරුදු 35) සිටින ඇතැම් අය සිතනවා ඇති 45 කියන්නේ ෆේස්බුක් අකවුන්ට් එකක්වත් හැදිය යුතු නැති හොඳටම නාකි වයසක් කියා.//මටත් නිකං ලජ්ජාවක් ඇති උනා, වයසට නොගැලපෙන වැඩක්ද මං කරන්නෙ කියල!

      Delete
    2. ඉකොනොමැට්ටා සහ දයාල්,

      මට මතක විදියට මං ෆේස්බුක් ගිනුම අරඹා දැන් වසර නමයක් පමණ වෙනවා. ඒ කියන්නේ ඒ දිනවල ෆේස්බුක්වලට පැමිණි වයස 35අය තව වසරකින් ෆේස්බුක් හැරදා යා යුතුයි!

      ඇත්තටම දැන් ෆේස්බුක් කියන්නේ වයසක අයගේ මාධ්‍යයක්!

      Delete
  9. මගෙ යාලුවෙක් 55දි මලා.

    ReplyDelete
    Replies
    1. උපන් හැටියෙම මැරෙන එවුනුත් ඉන්නෙ.

      Delete
    2. මගේ යාළුවන් දෙදෙනෙකු මියගියා වයස අවුරුදු දහයේ දී අප පස්වෙනි ශ්‍රේනියේ ඉගෙන ගත් කාලයේ.

      එක් අයකෙු මලේ හදවතේ සංංජානීය ආබාධයක් නිසා, අනෙකා ගසකින් වැටිලා!

      Delete
    3. මැරුනත් ජීවත්වෙන අයත් ඉඳල තියෙනව

      Delete
  10. සුබ පැතුම් රසික...

    ReplyDelete
  11. බ්ලොගයට සපිරුනේ අද දින වසර තුනයි
    රසිකට තරුණකම තවමත් පනස් පහයි
    වෙනසට අලුත් බ්ලොගයක් හැදු බවක් කියයි
    සතුටට සුභ පැතුම් ගෙනෙනා දුමී මමයි....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. තුන් වසරක් ම ඇද ගෙන දිව්වා මේක
      බ්ලොග් ලිපි ලියන එක සතුටකි හැම දාක
      නැති වුණු විටදි ඒ සන්තෝශය නේක
      සැම දේ සේම මේක ද මිය යන සේක!

      Delete
  12. බ්ලොගයට සපිරුනේ අද දින වසර තුනයි
    රසිකට තරුණකම තවමත් පනස් පහයි
    වෙනසට අලුත් බ්ලොගයක් හැදු බවක් කියයි
    සතුටට සුභ පැතුම් ගෙනෙනා දුමී මමයි....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. තුන් වසරක් ම ඇද ගෙන දිව් මේ බ්ලොග ය
      සැමදා ලියවුනේ සතුටෙනි රැක අගය
      නැති වුණු විටදි ඒ සන්තෝශය සගය
      සැම දේ ලෙසින බ්ලොගය ද අද මහ මග ය

      Delete
  13. බ්ලොගයටද ඔබටද සුබ උපන් දිනක් පතමි!
    අලුත් බ්ලොගයටද සුබ පැතුම්!

    ReplyDelete
  14. Happy b'day, mate! ඔහොම යං, ඔහොම යං!!

    ReplyDelete
  15. අලුත් බ්ලොගේ link එක දාන්න අමතක කරන්න එපා මචෝ ...

    ReplyDelete
    Replies
    1. තවම අරඹා නැත. ඇරඹූ විට දාන්නම්!

      Delete
  16. සුභ උපන් දිනයක් සහ අලුත් බ්ලොගයට සුභ පැතුම්. මගේ ඉංග්‍රීසි බ්ලොගයේ ලිපි දාන්න බැරි වුනා කාලෙකින්. මතක් කරපු එක හොඳයි. :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අජිත්. ඒ බ්ලොගය මා එක දවසක් කියෙව්වා මතකයි!

      Delete
  17. රසික ඉහත දීලා තියෙන උපන් දින විස්තර අනුව මම හැදුවා භාව කේන්ද්‍රයක්. ඒ දත්ත නිවැරදි නම් එම කේන්ද්‍රය අනුව එම පුද්ගලයාගේ ආයුෂ ප්‍රමාණය වයස 57 ට අඩු බව සදහන් කරන්න කැමතියි. මේක හරියටම තහවුරු කරලා කියන්නම් රසිකගේ බිරියගේ, දරුවන්ගේ උපන්දින විස්තර දෙනවා නම්.

    ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ඇයි බං, රසිකගේ බිරිඳසහ ළමුන් ගේ කේන්දර හොයා ගන්න බැරි ඔය හදපු භාව කේන්දරයෙන්?

      කෙසේ වෙතත් ස්තුතියි, වසර දෙකක් යන්න පෙර ජිවිත කාලයකම කළ නොහැකි වුණු දේ කරන්න යැයි මට නොකියා කීම ගැන!

      Delete
    2. භාව කේන්දරයෙන් යමෙකුට ලැබෙන කලත්‍රයා ගැන, දැරුවන් ගැන, දෙමාපියන් ගැන කරුණු කියන්න පුළුවන්. ඒත් ඒ අයගේ කේන්දර හොයා ගන්න ක්‍රමයක් නම් නැහැ.

      මා සදහන් කර තිබෙන්නේ ඉහත රසික දී ඇති උපන්දින විස්තර අනුව භාව කේන්දරයක් සෑදු බව සහ, එම විස්තර අනුව එම කේන්දරය හිමි කෙනාගේ ආයුෂ තව වසර දෙකක් වගේ තමයි ඇත්තේ කියායි.

      මේක මට තවත් නිවැරදිව කියන්න පුළුවන් රසිකගේ බිරියගේ, ළමයිගේ උපන්දින විස්තර දෙනවා නම් ඒවාට භාව කේන්ද්‍ර සාදා බලා. මොකද රසිකගේ කේන්ද්‍රය අනුව ඔබට ලැබෙන කලත්‍රයා, දරුවන් ගැන යමිකිසි විස්තරයක් කියන්න පුළුවන් වගේම ඒ අයගේ කේන්ද්‍ර බලා රසිකගේ ආයුෂ තත්වය ගැනත් තව තහවුරු කිරීමක් කරගන්න පුළුවන්.

      උදාහරණක් විදියට රසික තව අවුරුදු දෙකක් යනකොට මිය යනවා නම්, ඔබගේ බිරියගේ භාව කේන්ද්‍රයේ ඒක සටහන්ව තිබෙනවා. දරුවන්ගේත් පියා අහිමි වීම ගැන තියෙනවා. ඇතැම් පුද්ගලයන් විවිද අනතුරු නිසා ජිවිතයේ ඉතිරි කාලයම ඇඳක් මත අංශභාග රෝගී තත්වයෙන් ඉන්න අවස්ථා තිබෙනවා. ඒකයි රසිකගේ පවුලේ අයගේ විස්තර ඉල්ලුවේ.

      Delete
    3. ඔය විදියට මැරෙන දවස් කියන්න පුළුවනි නම් මචං එක්කෝ ඉන්ෂුවරන්ස් බ්‍රෝකරයෙකු වෙලා මැරෙන උන්ට පොලිසි විකුණලා කමිෂන් හොයා ගනිං, නැතිනම් ඉනක්ෂුවරන්ස් කම්පැනියකට ඔය සර්විස් එක ලාබ දීලා, ලයිෆ් ඉන්ෂුවරන්ස් ගන්න අයව ස්ක්‍රීන් කරන්න ඔය දැනුම විකුණපං!

      කෙසේ වෙතත් ඉතා ස්තුතියි.

      Delete
  18. සුභ උපන්දිනයක් රසික මහතාණෙනි තවත් ලිපි ලියන්නට ඔබට හැකිවේවා අලුත් බ්ලොගයට සුභ පැතුම්
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, විචාරක දියණිය

      Delete
  19. සුභ උපන් දිනයක්! අලුත් එකේ ලින්ක් එක දන්න, අර ය කැපිටල් සිංහලෙන් එකේ කොමෙන්ට් දායි නේ නේද

    ReplyDelete
    Replies
    1. ස්තුතියි,

      තාම අලුත් blog එක අරඹා නෑ. ඩෝමේන් එක ගත්තේ ගිය වසරේ උපන් දිනය දා යි!

      Delete
  20. හෙට මැරුනත් නාකි වෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. හෙට නොවෙයි, තව අවුරුදු දෙකක් තියෙනවා කියා කව්දෝ කියා තියෙනවා උඩ ඇති ප්‍රතිචාරයක.

      Delete
  21. අලුත් බ්ලොග් එකට සුභ පැතුම්! ලින්ක් ප්ලීස්!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි,

      තාම අලුත් blog එක අරඹා නෑ. ඩෝමේන් එක ගත්තේ ගිය වසරේ උපන් දිනය දා යි!

      Delete
  22. සුබ උපන්දිනයක් වේවා ...!!!!

    ReplyDelete
  23. කෞශල්‍ය2 November 2017 at 12:44

    සුභ උපන්දිනයක් රසිකටත් රසිකලොජියටත්. අලුත් බ්ලොග් එකට සුභ පැතුම් - හැබැයි ඉංගිරිසියෙන් වීම ගැන පොඩි කනගාටුවක්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි! ස්තුතියි!!

      අලුත් බ්ලොගය අරඹන්නට හිතුවේ වෙනත් අරමුණකින්.

      Delete
  24. A Sri Lankan in Australia.
    එහෙම බ්ලොගක් තවම පෙන්නුම් නොකරයි.

    ReplyDelete
    Replies
    1. Sri Lankan in Australia = ඩෝමේන් එක.

      තාම අලුත් blog එක අරඹා නෑ.

      Delete
  25. ඔබ දෙවරක් තරුණ වුනා මිස මහළු වී නැත. සුබ උපන් දිනයක් වේවා රසික!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි!
      ඔව්, එන්න එන්න ම තරුණ වෙනවා!
      ;-)

      Delete
  26. fogot to wish you on your birthday sorry lokka,me your bala malaya nohoth lediyangala ingrisi gurunnanse

    ReplyDelete
    Replies
    1. ප්‍රමාද වුවත් සුබ උපන් දිනයක් රසික.
      එසේම ඔ‍බගේ අලුත් Blog posts කියවීමට සැදී පැහැදී සිටිනවා.

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.