Friday 24 May 2024

බයියන් ෆෝම් වෙන වීඩියෝවක් - Come have a look!


මේ වීඩියෝවේ කිසිදු අලුත් කරුණක් හෝ නව සොයා ගැනීමක් හෝ අඩංගු නැති නමුත් මේවා "සිංහලබුඩ්ඩාගම" "අදහන" බොහෝ දෙනා නොදන්නා, අසා නොමැති කාරණා බවට සැකයක් නැත.

බුදුන් ලංකාවට පැමිණ නැති බව ඉතා පැහැදිලි කරුණකි. කිසිදු පුරාවිද්‍යාත්මක සාක්ෂියක් නැතුවා පමණක් නොව ඔහු විසූ උතුරු ඉන්දියාවේ සිට ලංකාවට පැමිණෙන්නට අශ්වයින් පිට ආවත් මාස ගණනාවක් ගත වෙන නිසා ය.

සත්‍යය එසේ නමුත් පරම්පරා ගාණක් තිස්සේ අපි අසත්‍ය බව දැන දැනම බුද්ධ චරිතය සහ බුද්ධ ධර්මය වෙනස් කරමින් ගෙතුණු මිථ්‍යා කතා විශ්වාස කරමින් සිටිමු. ඒවා පාසල් විෂය මාලාවට ඇතුළත් කර ඇති අතර ඒ ටොම්පච හොඳින් ඉගෙන ගත් මා වැන්නන් ඒ කෙප්ප ම නැවත කොළවල ලියා විශිෂ්ට සාමාර්ථ ද ලබා ඇත.

තුන්වෙනි ශත වර්ෂයේදී පමණ එතෙක් පේගන් සහ බහුදේව ඇදහිලි කළ රෝමන් පාලකයින් විසින් කතෝලික ආගම නිපදවීමේ දී ජේසු චරිතය සහ ඔහු කළ කී දේවලට ජන්ම පාපය, නිර්මල පිළිසිඳ ගැනීම සහ උට්ඨානය වැනි ඇතුල් කර කළේ ද මේ ආකාරයේම විකෘති කිරීමකි.


මේ කරුණු නැවත ඉදිරිපත් කිරීම ගැන මේ භික්ෂුවට මගේ ප්‍රශංසාව හිමි වේ.

- රසික සූරියආරච්චි

පැහැදිලි කිරීම:

1. සිංහලබුඩ්ඩාගම යනු බුදු දහම නොවේ.

2. ඇදහීම යනු බෞද්ධ පිළිවෙතක් නොවේ.

(Video: Charana TV)

7 comments:

  1. කවුද මොහු?

    ReplyDelete
    Replies
    1. නම කැකිරාවේ සුදස්සන වගේ එකක්
      කැලණිය විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෙක්

      Delete
  2. එක එක මත මතු වුණාට මෙන් හතු
    තම තම නැණ පමණින් දැනගත යුතු
    ඇත්තම ඉතිරිව තිබෙයි දිනෙක මතු
    දිදුලනු නියතයි 'ඇත්ත' වගේ මුතු

    ReplyDelete
  3. වීඩියෝවේ එම ස්වාමීන් වහන්සේ බොහොම ආත්ම විශ්වාසයකින් ,ඉවසීමෙන් හා සන්සුන්ව තම කරුනු ඉදිරිපත් කරනව.මෙහිදි මට මතකයි ආචාර්‍ය සෙනරත් පරනවිතානත් වරක් කිව්ව බුදුන් වහන්සේ ලන්කාවට වැඩිය බවට තිබෙන පුරා විද්‍යාත්මක සාක්කි බොහොම විරල බව.
    ඒත් මට නම් බුදුන් වහන්සේ ලන්කාවට වැඩියත්, නැතත් උන් වහන්සේ කෙරෙහි තිබෙන ගව්රවයත් භක්තියත් බිදකින් හෝ අඩු වැඩි වෙන්නෙ නැහැ.ඒ වගේම එම කරුන මට ආඩම්බර වීමට හෝ දුක් වීමට කිසි සේත්ම හේතු වන්නේත් නැහැ.පුවතක් පමනයි.

    ReplyDelete
  4. That's very correct, Mr Sarath. The point of this discussion is not to make "Toyyo" happy and "Byyo" sad. It has archaeological arguments, and they should find out. No one will get angry by listening to this discussion. They simply try to find evidence. If someone listens to Vatagoda Maggavihari thero, they will understand Theravada beyond "'hadunkooru Buddhism". Poor Suriyaarchchi trying to get self-satisfaction.

    ReplyDelete
  5. වැඩක් නැති දේවල්.

    ReplyDelete
  6. Just waste of time, seems like another political project to keep the people's attention away from more important things like current acts belongs to economic reforms based on IMF proposals, etc. All those political parties of Sri Lanka include the ruling party and the opposition parties are interconnected and scripting drams like this using such corrupted robe holders belongs to religious groups. Wise citizens seems not giving attention nor publicity to these bulshit propaganda gimmicks except few brainless morons looking for cheap publicity.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.