
මාස දෙකක් පමණ දිගු කාලයක් තිස්සේ විවිධ හේතූන් නිසා කිසිදු සිනමා නිර්මාණයක් නරඹන්නේ නැතුව සිට මම පසුගිය දින කිහිපය ඇතුළත චිත්‍රපට හතරක් ම නැරඹුවෙමි. එයින් කෙතරම් වින්දනයක් ලැබුවේ ද කියතොත් මේ සටහන ලියන්නට ද සිත්විය.
සාමාන්‍යයෙන් සිනමා ලෝලියෙකු වන මා චිත්‍රපට නොනැරඹීමට හේතු වූයේ බොහෝ දුරට ඒ සඳහා සුදුසු කාල වේලාවක් සොයා ගැනීමට නොහැකිවීමයි. එක දිගට චිත්‍රපටියක් නරඹනු මිස කොටස් වශයෙන් නැරඹීමේ පුරුද්දක් අප බොහෝ දෙනෙකුට මෙන් මට ද නැත. එසේම, අවස්ථාව සහ කාලය තිබුණු දිනවල ද, ඊට වඩා වෙනත් විනෝදාංශයක යෙදීමට සිත්වීම ද, නැරඹීම ආරම්භ කළ චිත්‍රපටයක් දෙකක් විනාඩි කිහිපයකින් පසු එපාවීම ද මෙයට හේතු විය.
මා සාමාන්‍යයෙන් චිත්‍රපට නරඹන්නේ නෙට්ෆ්ලික්ස් නම් සේවාව ඔස්සේ ය. ඒ 2017 තරම් ඈත කාලයක සිට ය. දැන් ඩීවීඩී මිලට ගෙන හෝ සිනමාහළකට ගොස් චිත්‍රපට නැරඹූ කාලය ඉක්ම ගොසිනි.
ඕස්ට්‍රේලියාවට ආ මුල් කාලයේ වාණිජ රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශය වූ චිත්‍රපට නැරඹුව ද, දැන් දැන් වසර ගණනාවක සිට මම වෙළඳ දැන්වීම් ප්‍රචාරය වන ටෙලිවිෂන් නාලිකා නොබලමි. නැරඹුවොත් නරඹන්නේ Australian Broadcasting Corporation නම් ඕස්ට්‍රේලියානු රජය විසින් පවත්වාගෙන යනු ලබන සේවාවේ නාලිකා හතර අතරින් එකක් වන, පැය විසිහතර පුරාම ප්රවෘත්ති ප්‍රචාරය වන, ABC News 24 නාලිකාවයි.
එසේ නමුත් දින කිහිපයකට පෙර එක් රාත්‍රියක මා ටෙලිවිෂනය ඉදිරිපිට වාඩි වී එය ක්‍රියාත්මක කළ මොහොතේ එය සුසර වී තිබුණේ අංක නමයේ Channel 9 නාලිකාවටයි. ඒ සමගම එහි චිත්‍රපටිය ප්‍රදර්ශනය වීම ඇරඹුණි. ආහාර ගන්නා අතරේ නිකමට මෙන් ටෙලිවිෂනය මද වේලාවක් නරඹන විට ඒ චිත්‍රපටය මට රහ වැටුණු අතර, අවසානය දක්වාම, පැය එකහමාරකටත් වඩා වැඩි කාලයක් තිස්සේ එය නරඹා හමාර කළෙමි.
එයින් යළි පන ගැන්වුණු මගේ සිනමා රසිකත්වය මේ වන විට චිත්‍රපටි හතරක් නැරඹීම දක්වා වැඩි දියුණු වී ඇත.
මේ සටහන ලියන්නේ ඒ බව සනිටුහන් කරන්නට සහ ඒ සිනමා නිර්මාණ පිළිබඳ මතකය නොනැසී ඉතිරි කරගන්නටයි.
1. No escape (2015)
2. Made in Italy (2020)
3. Plane (2023)
මේ ලැබුණු උත්තේජනය එලෙසම තබාගෙන සතියකට එකක් හෝ දෙකක් චිත්‍රපට නැරඹීමටත්, ඒ ගැන සටහන් තැබීමටත් අදහස් කරමි.
- රසික සූරියආරච්චි (images: Wikipedia )
Thank you Rasika.
ReplyDeleteවිස්තරයට ස්තුතියි . බලන්නම් .
ReplyDeletePlane විතරයි බලල තිබුණේ
ReplyDeleteඅනිත්වත් නරඹන්ට හිතුණේ
කියෙව්වාමයි ඔබේ වරුණේ
තුති පුදමි රසිකයෙනි අරුණේ!
මේ හතරම මසුරන් චිත්‍රපටි. ලඟදි බැලුව The Silent Hour කියල එකක් හැබැයි prime එකේ. ඒකත් පට්ට.
ReplyDelete