Sunday 4 January 2015

වැඩබලන අගමැති මෛත්‍රීපාල සිටි වේදිකාවේ සිට පොඩි ළමයි ඉදිරිපිට කුණුහරුප කතා කියූ උප ඇමති කවුද? - Deputy minister's vulgar talk


මෙය ඇඩල්ට්ස් ඔන්ලි කතාවකි.

ඔබ බොහෝ දෙනා මේ කතාව හෝ එහි විවිධ සංස්කරණ මීට පෙර අසා ඇති බවට මට සැකයක් නැත. ඒ බොහෝ විට මිතුරන් සමග විනෝදයෙන් වල්පල් දොඩමින් සිටිනා අවස්ථාවක විය යුතුයි.

ඒත් මා මේ කතාව ඇසුවේ නම් වසර දහයක පමණ කුඩා දරුවෙකුව සිටි කාලයේ දේශපාලන වේදිකාවකිනි.

ඒ සිරිමා බණ්ඩාරණායක අගමැතිකම කළ සමගි පෙරමුණු රාජ්‍ය සමයයි. අපේ ගමේ පාරේ ලයිට් කණු සිටුවී, විදුලි රැහැන් ඇදී, ගමේ ගෙවල්වලට ලයිට් ආවේ ඒ කාලයේ ය.

මේ කාලය වන විට ගමේ ගොඩේ ද නොයෙකුත් ආහාර, රෙදිපිලි ප්‍රශ්ණ ඇතිවී ආණ්ඩුව අප්‍රසාදයට පත්වෙමින් පැවති නිසා දෝ එදා ගමේ විදුලිය විවෘත කරන්ට පැමිණියේ මෛත්‍රීපාල සේනානායක, එවකට වැඩබලන අගමැතිවරයා ය. එ නිසා ම පාසල් වත්තේ මහා දේශපාලන රැලියක් ද සංවිධානය කර තිබුණි. මෛත්‍රීපාලව එහි කැඳවාගෙන ආවේ ගමේ ශ්‍රීලනිප සමිතිවල කාන්තාවන් ද, අල්ලපු ගමේ ගෝනි ෆැක්ටේරියේ සේවිකාවන් ද සහභාගී වූ මහා පෙරහැරකිනි.

මෛත්‍රීපාල ස්විචයක් ඔබා ඒ වන තුරු අඳුරේ තිබූ වේදිකාව, පිට්ටනිය සහ පාරේ පිහිටුවා තිබූ ලයිට් කනු ආලෝකමත් කරනවා මට මතකය. පැය කිහිපයක් ම විවිධ කතා පැවැත්වෙනවා මට මතකය. වෙනදා පොල්කට්ටකින් අඩක් වැසුණු ඉටිපන්දමක, හුළු අත්තක හෝ විදුලි පන්දමක එළියෙන් යනවා වෙනුවට පාරේ ලයිට් කණුවල සහ පාර අසල නිවෙස්වල ආලෝකයෙන් ගමේ පාරේ නිවසට ඇවිද ආ හැටි මට මතකය. ඒ හැර මගේ මතකයේ ඇත්තේ, එදා මෛත්‍රීපාල සේනානායක ද අසා සිටියදී ඒ වේදිකාවේ දී රජයේ උප-ඇමතියෙක් කියූ මේ ප්‍රස්තුත කතාව පමණකි.

උප ඇමති එදා වේදිකාවේ දී කතා කළේ රජයේ සංවෘත ආර්ථික ප්‍රතිපත්තිය නිසා රටවැසියන්ට මුහුණ පාන්නට සිදුවී තිබුණු ප්‍රශ්ණ ගැනයි. මට පසුව වැටහුණු පරිදි, ඔහුට මෛත්‍රීපාල සේනානායක වැඩබලන අගමැතිගෙන් ප්‍රසිද්ධියේ ඉල්ලන්ට අවශ්‍ය වූයේ එනම් ආර්ථිකය සම්පූර්ණයෙන්ම වසා නොදමා මදක් හෝ විවෘතව තබා ජනතාවට යම්කිසි ප්‍රමාණයක සහනයක් සලසන්නට කියායි.

ඒ සඳහා උප ඇමති උපයෝගී කරගත් කතාව මෙලෙසය.

එක්තරා ගමක කරලැයින් නම් කාන්තාවක් විසුවා ය. ඇගේ සැමියා වූ විල්සන්ට දාව කරලැයින්ට දරුවන් දුසිමක් පමණ ඉපදී තිබුණි. අවසාන දරුවා ගේ උපත සිදුවන අවස්ථාවේ ඇති වූ සංඛීර්ණ තත්වයන් නිසා, කර්ලැයින්ව සූතිකාගාරයේ දී නිර්වින්දනය කරවා, දරුවා බිහිවීම පහසු කරණු පිණිස ඒ මාර්ගය මදක් විවර (එපිසියොටොමි-episiotomy) කිරීමට වෛද්‍යවරුන්ට සිදුවී ඇත. පසුව වෛද්‍යවරුන් ඒ කැපුම වසා මැහුම් දමන්නට සැරසෙන අවස්ථාවේ එතෙක් නිර්වින්දිතව සිටි කරලැයින්ට තරමක් සිහිය ලැබී ඇත. කපා විවර කළ කොටස, දොස්තර මැහුම් දමා ආපසු වහන්නට යන කතාව අඩ සිහියෙන් ඇසූ කරලැයින් පවසා ඇත්තේ, "අනේ සර් සේරම මැහුම් දාලා වහන්න එපා, විල්සන් අයියටත් ඩිංගක් විතර ඉතුරු කරන්න!" කියාය.

"අනේ වැඩබලන අගමැතිතුමනි, ඒ කරලැයින් අක්කා කියු ආකාරයට, සේරම වසා නොදමා, අපේ ගම්වල ඉන්නා විල්සොන් අයියලාට, සයිමන් අයියලාටත් ටිකක් සහනයක් දෙන්න" උප-ඇමති ඉල්ලා සිටියේය.

මේ කරලැයින් සහ විල්සන් ගේ කතාව ඇසූ රුස්වීම් පිටියේ සිටි සමහරු බඩ අල්ලා සිනාසුන මුත් මට නම් ඒ කතාව මෙලෝ සංසාරයක් නොතේරුණි. කෙසේ වෙතත් මා ඒවන විට සිතා සිටියේ ළමුන් උපදින්නේ මවගේ බඩ කපා කරන ශල්‍යකර්මයක් මගින්ය කියා නිසා, ඒ සිතුවිල්ල නම් ස්ථිර විණි.

පොඩි ළමයින් ඉදිරිපිට මෙවැනි කුණුහරුපත් කියනවාදැයි අපේ අම්මා ඊට පසුව ද විස්සෝපයෙන් කියනු මට ඇසුණු නමුත්, මට එහි ඇති කුණුහරුපය තේරුම් ගියේ තවත් වසර කිහිපයකට පසුවය.

ඒ වන විට ජේ.ආර්. ගේ රජය බලයට පත් වී අපේ විල්සන් අයියලා, සයිමන් අයියලා වෙනුවෙන් සියල්ලම විවෘත කර දී තිබුණි!

යම්කිසි අනුමානයක් කළ හැකි නමුත්, මට ස්ථිරවම සිහිකරගත නොහැකි කරුණ නම්, එදා ඒ කතාව කියූ උප ඇමති කවුද යන්නයි!

-රසිකොලොජිස්ට්

ප/ලි:
හදිසියේම සිහියට ආ කවි දෙපදයක්.

රම්‍යා සුරම්‍යා සුභ කියනා දවස
බැරුවද හලෝ හමුවන්නට අද හවස?

(http://www.romeconomics.com/open-economy-explained/)

41 comments:

  1. මොනාද කකා මේ ලියන අමු කුණුහරුප? හෙට අනිද්දා දිග දෙන වයසේ දුවෙක් ඉන්න තාත්තා කෙනෙක් කියන කතාද මේ? ඔය වගේ මොලේ අමාරු කාමතුරයෝ තමයි තමුන්ගේ ලෙයින් සැදුනු දුවලා පවා දුෂණය කරන්න යන්නේ.

    වහාම මෙවැනි පිළිකුල් සහගත ලිපි ලිවීමෙන් වලකින්න. අඩුම ගානේ කකාට ලැජ්ජාවක් නැද්ද තමුගේ දුව මෙව්වා දකියි කියලවත්?

    ReplyDelete
    Replies
    1. කකාට ලැජ්ජාවක් තියෙනවා නං මෙච්චර නොන්ඩි වේවි මේ වගේ බ්ලොග් පඩංගුවක් නඩත්තු කරයිද?

      කකා ලැජ්ජාව උහුලන්න පුරුදු උනේ ආනන්දෙට පැරෂුට් එකෙන් ආපු දවසේ ඉදලා. කකා පැරෂුට් එකෙන් ආනන්දෙට ආපු ගමන් එකේ හිටපු ළමයි කකාව නොන්ඩි කරා නහුතෙට. එව්වා ඉවසං ඉදලා තමයි කකා දැන් ඕනි කින්ඩියක් කාගෙන ඉන්නේ.

      Delete
  2. රසික ඔහේ වත් කියනවාකෝ මොහාන් සරමෙනායක උන්නැහැට නැති යෙලෝ ජර්නලිසම් කියන්නේ මොකක්ද කියලා හිටං?

    ReplyDelete
    Replies

    1. හහ් ඔහෙත් බැලුවද? මටත් මෙලෝ දෙයක් තේරුනේ නෑ. හැබැයි එකක්, මහා ලොකු විශ්ලේශකයො වෙච්ච මොහාන්ලාට විපක්ශය නැති සංවාදයකදි වත් කිච නොවී [ඔහුගේම වචන] ඉන්න බෑ.

      Delete
    2. හය්යෝ නාගන්නව කියන්නෙ මුන්ට නිව්මෝනියාව හැදෙනව. කොටින්ම ප්‍රථිපත්ති ප්‍රකාෂනය ගැන ඇර අනෙක් ඔක්කොම මගුල් ගැන කියෝනව.

      Delete
    3. රාජ් ලිංගික ජීවිතයේදී සතුටු වෙන්නේ කොහොමද? මොකද රාජ්ගේ නෝනාට රෑ වැඩනේ. එතකොට රාජ් සහ නෝනා අහවල් වැඩේ කරන්න කාලය කළමනා කරණය කර ගන්නේ කෙසේද?

      Delete
    4. නෝනට තියෙන්නෙ නයිට් දෙකක් තුනක්, වාට්ටුවක නෙවේ ඉන්නෙ, ඒ නිසා අවුලක් නෑ. පැහැදිලියි නේද?
      ;-)

      Delete
    5. කවුද පින්වතකුට රාජ් ගැන දුක හිතිලා නෝනා නැති කොට ගිහින් සතුටු කරන්න බැලුවද කොහෙද... රාජ්ගෙ උත්තරෙන් ඒකටත් හබක්. දැන් ඉතින් වෙන කාගෙන් හරි අහපන්.

      Delete
  3. ටී.බී.තෙන්නකෝන්ද? අර කවි පද දෙක නම්, 'සත්‍යග්‍රහණය' හෝ ඒ හා සමාන නමක් තියන චිත්‍රපටියක, (ප්‍රධාන නළුවා මට මතක හැටියට මරා දැමූ රිචඩ් ද සොයිසා) ටී බී. තෙන්නකෝන් බව ඇඟවෙන විදිහට, ගාමිණී ෆොන්සේකා කරන චරිතයෙදී කියන කවි අතර තියනවා.

    ReplyDelete
    Replies
    1. ඔය කවි තිබ්බෙ සාගරයක් මැද ෆිල්ම් එකේ නේද?

      Delete
    2. සාගරයක් මැද චිත්‍රපටියේ ගාමිණී කළේ දොස්තර කෙනෙකුගේ චරිතය නේද?

      Delete
    3. http://www.films.lk/sagarayak-meda-sinhala-film-1243.html

      http://www.films.lk/sathyagrahanaya-sinhala-film-1408.html

      Delete
    4. මගේ මතකයත් විචාරක ගේ මතකය හා සමානයි. ඔය කවිය කීවේ සත්‍යග්‍රහණය චිත්‍රපටයේ සිටි උප-ඇමති චරිතය, කෙල්ලෙකුට රස්සාවක් දෙන්න කතා කරන ගමන් අයුතු බලපෑමක් ලෙසයි. රඟපෑවේ ගාමිණී ෆොන්සේකා. සත්‍යග්‍රහණය චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කලේ ඩී.බී.වර්ණසිරි.

      Delete
  4. මෙන්න මැතිවරණ අනාවැකි පිළිබඳව අළුත්ම පුවත් කිහිපයක්.

    මතුගම ගුරුවරයකු වන අජිත් පැරකුම් ජයසිංහ මහතා තමන් හා බිරිඳ සහභාගි වී කළ පළමු පෞද්ගලික සමීක්ෂණයයේදී සිංහල ඡන්ද මහින්ද හා මෛත්‍රි අතර 50%-50% සේ බෙදී යන බැව් සොයා ගන්නා ලදී. සාම්පල් සයිස් එක හයගුණයකින් වැඩිකර එනම් ජයසිංහ මහතාගේ මාමණ්ඩිය, නැන්දම්මා, ගෙදරට ලියුම් ගෙනෙන තැපැල්කරු, ගෙදරට මුදල් ඉල්ලාගෙන ආ සිඟන්නකු ආදී වශයෙන් දොළොස් දෙනකු දෙනකු සහභාගි කර ගත් මේ සමීක්ෂණයේ දෙවන අදියරේ ප්‍රතිඵල දැන් නිකුත් වී ඇති අතර ඒ අනුව මෛත්‍රිපාල සිරිසේන මහතා මුළු සිංහල ඡන්ද සංඛ්‍යාවෙන් 58.33% ක් ලබා ගන්නා බව සහතික කොට කිව හැකිය.

    මේ අතර තංගල්ලේ පදිංචි රාජ්‍ය සේවකයකු වන රාජ් මහතා මළ ගෙවල් වලදී කරන ලද සමීක්ෂණයකට අනුව මෛත්‍රිපාල සිරිසේන මහතා මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 61.54% ක් ලබා ගන්නා බව පෙනී යයි. බත්තරමුල්ලේ සීලරතන හිමි, දුමින්ද නාගමුව මහතා, ආර්. කේ සිරිසේන මහතා, නීතිඥ නාමල් රාජපක්ෂ මහතා වැනි අනෙක් අපේක්ෂකයින් 17 දෙනකු ගැන මළ ගෙවල් වලට සහභාගි වන ඡන්ද දායක ජනතාව අසා නැති බවද රාජ් මහතා සොයාගෙන තිබේ. එනිසා ඔවුන්ගේ ඇප නැති වන්නට පවා ඉඩ ඇති බව රාජ් මහතාගේ මතයයි.

    මේ අතර වතුපිටිවල පදිංචි ජ්‍යොතිර්වේදී චතුෂ කුමාර හිකුණාවල මහතා තමන්ගේ ආචාර්ය, ආචාර්ය සුමනදාස අබේගුණවර්ධන මහතා උපුටා දක්වමින් කියන්නේ රවි හා බුද තුන්වැන්නේ ඇති කන්‍යා ලග්න හිමියකු වන මහින්ද රාජපක්ෂ මහතාට රාජ යෝග ඇති මුත් තුලා ලග්න හිමියකු වන මෛත්‍රිපාල සිරිසේන මහතාට තිබුණේ මහවැලි හා සෞඛ්‍ය ඇමැති යෝග පමණක් බවයි. එනිසා හිකුණාවල මහතාගේ මතය මහින්ද මහතා අනිවාර්යයෙන්ම ජය ගන්නා බවය. වැඩි විස්තර සඳහා ස්කයිප් වලින් අමතන්න. අය කිරීම රුපියල් 600.

    නීරස නිව්ස් තුළින් හෙටත් හමුවෙමු. ආයුබෝවන්.

    ReplyDelete
    Replies
    1. “නීරස නිවුස්“ එකක් වුනාට ක්‍රියේට්ව් කමෙන්ට් එකක්..

      Delete
    2. පට්ට. මචෝ ඇයි තැපැල් කන්තෝරුවට පැමිණි ව්ශ්‍රාමික ගැටව් සහ ගැටිස්සියන් අතිවිසාල සංක්‍යාවක් යොදාගෙන විචා මහතා කල සමීක්ෂනය ගැන නිව්ස් නැද්ද?

      Delete
    3. හෙහ් හෙහ්.... ඔහේලත් නියම බඩු!

      Delete
    4. @ ඉන්දික උපශාන්ත4 January 2015 at 07:08

      තැපැල් කන්තෝරුවේදී නෙවෙයි සමීක්ෂණය කලේ. එදා අර මාමගේ කළගුණ පස්සෙන් එලවීමේ ජංගම දුරකථන පැකේජය ගන්න ගිය වෙලාවේ.

      අර පුක කළු සිංහලයාගේ පුකේ රෑෂ් එක වැඩිවුණේ ඊට පස්සේ.

      Delete
    5. පට්ට කොමෙන්ට් එක...

      Delete
  5. යකෝ තොවගේ මී හරකෙක් මෝඩ මුසලයෙක්!. නපුංසකයෙක්
    .
    තොට දේව ශාපය ලැබෙනවා!!
    .
    කොටියම කාපං

    ReplyDelete
    Replies
    1. අදාළ දෙයක් ලියන්න බැරි නම් අර උඩ ඇනෝවා වගේ නිර්මාණාත්මක දෙයක් ලියපන්කො සුයන්නො..

      Delete
  6. Anonymous 4 January 2015 at 03:57 සුයන්නො.. ඔබේ ප්රතිචාරය මට සතුටකි

    ReplyDelete
  7. මෛත්‍රීපාල සේනානායක වගේද මෛත්‍රීපාල සිරිසේන. මේ පාර රට බෙදන යහපාලනය දෙසට රට තල්ලු කරන්න සෙට් වෙලා. මෛත්‍රීපාල සේනානායක ත් පක්ෂය හැර ගියේ පුද්ගලික අරමුණු උදෙසාද?

    මෙන්න රෙද්ද පල්ලෙන් බේරෙන දේශප්‍රේමය ඔබත් මේ ලින්ක් එකේ සඳහන් ලිපියේ සඳහන් අයගේ කුලකයට අයිතිද?

    ReplyDelete
    Replies
    1. ඔයා වැඩිම උනොත් තව දවස පහයිනෙ කෑ ගහන්නෙ. ඔන්න ඔය ඕනැ දෙයක් කියන්න... හිතේ තියාගෙන ඉන්න දේවල් ඔක්කෝම කියන්න පුළුවන් වෙලාවෙ...

      Delete
    2. සුරාජ් දෙහිවත්ත7 January 2015 at 16:00

      //මේ පාර රට බෙදන // අනේ බං රට බෙදනවා කියල උඹල දන්නේ දිවස් තියන නිසාද ? නිකා ඉදහං

      Delete
  8. අපි මහපොළ ගන්න ගිය දවසෙත් ඔය වගේ වැඩක් උනා. ඇවිල්ලා හිටියෙ අගමැති රත්නසිරි. මිනිහා කතාවෙදි දුන්න උපදේශය තමයි පුළුවන් තරම් කොටු පැනපල්ලා කියන එක. හැබැයි කරේ ගහගන්න එපාලු. ඌ හොඳට කොටු පැනලා පැනලා මාරුවෙලා ආවලු. විශ්වා වර්ණපාල පෙන්වලා කියනවා මෙයා නම් පැනපු එක කරේ ගහගත්තා කියලා.

    අන්තිමට කතාව ඉවරවෙද්දි දෙමාපියො හිටියෙ හරිම නොසතුටින්. අම්මලා තාත්තලා බැන බැන ගෙදර ආවෙ.

    ReplyDelete
    Replies
    1. වර්ණපාල න්‍යාය කියන එක දන්නවද? මම හිතන්නේ රසික දන්නවා ඒක ලස්සනට විස්තර කරන්න.

      Delete
    2. ඕවා වෙන්නෙ මෙහෙමයි.

      සාමාන්‍යයෙන් ජ්‍යෙෂ්ඨ දේශපාලකයින් නම් හැම රැස්වීමටම සූදානම් වෙලා කතාව කලින් ලියාගෙන යන්නෙ. ඔය දෙවැනි මට්ටමේ එවුන්ගෙ එහෙම සිරිතක් නැහැ. රැස්වීමට ගිහිල්ලා කටට ආපු එකක් කියනවා. එවේලෙ පොඩ්ඩක් මෝල් වෙලා හිටිය නම් කුණුහරුපයක් කියලා පොඩි ලිංගික ආස්වාදයක් විඳිනවා. ටියුෂන් ගුරාලත් එහෙමයි. බන්දුල ගුණවර්ධන හෙම දෙපැත්ත කැපෙන කතා කියන්නෙ කෙල්ලො ඉස්සරහ පොඩි ලිංගික සතුටක් ගන්න.

      Delete
    3. රටට විරුද්දව කතා කරාම පොඩි ලිංගික ආස්වාදයක් විඳින අයත් ඉන්නවා. මේ ලිපිය එහෙම නොවුනත් එහෙම අයෙක් තමයි කකා

      Delete
    4. තියරිය පමණක් නොවේ, මා වර්ණපාල ගැන දිගු ලිපියක් ලියා තියෙනවා. පසුව මෙහි පලකරන්නම්!

      Delete
  9. පොඩි උන්ට කුණුහරුප තෝරලා දෙන්නේ වැඩිහිටියෝ , නැත්තම් ගානක් නැතුව ඉන්නවනේ :D

    ReplyDelete
    Replies
    1. මේක ඉතිං කුණුහරුපයක් කිව්වාට මොකද ස්වභාවික මිනිස් චර්යාවක් ගැන කතාවක් නේ!

      Delete
  10. ඕවා මොනාද අප්පා.. දැන් ඉන්න අජ්ජාපන ඇමති බල්ලෝ සංසර්ගයේ යෙදෙන හැටි කියන්නේ. උසස් අධ්‍යාපන ඇමති ගෑණු හෙලිවැල්ලෙන් පාරේ යවන්නේ. වෙන රටක නම් මුන්ව යවනවා පිස්සන් කොටුවලට මොළේ චෙක් කරන්න. පවු අර මුතුහෙට්ටියා.. පිස්සෝ පැත්තක ඉඳිද්දි, අහිංසකයන්ගේ මොළෙයි පරීක්ෂා කොරන්නේ..

    ReplyDelete
    Replies
    1. ලංකාවේ දේශපාලනේ කරන්න එකම සුදුස්සා මුතුහෙට්ටියා , මිනිහට විතරයි මොලේ අවුලක් නෑ කියලා වෙද්‍ය සහතිකයක් තියෙන්නේ මුළු පාර්ලිමෙන්තුවෙන්ම හැක හැක් හැක

      Delete
    2. ඇස්බී ගේ කතාව නං දැක්කා, ඒත් ඔය බන්දුල ගේ බලු කතාවේ වීඩියෝ ක්ලිප් එකක් නම් තාමත් දැක්කේ නෑ.

      Delete
  11. //රම්‍යා සුරම්‍යා සුභ කියනා දවස
    බැරුවද හලෝ හමුවන්නට අද හවස?//

    පුළුවන්.................. කවුරුත් දැන ගනියිද?????

    ReplyDelete
    Replies
    1. ඔය කවිය කීවේ සත්‍යග්‍රහණය චිත්‍රපටයේ සිටි උප-ඇමති චරිතය, කෙල්ලෙකුට රස්සාවක් දෙන්න කතා කරන ගමන් අයුතු බලපෑමක් ලෙසයි. රඟපෑවේ ගාමිණී ෆොන්සේකා. සත්‍යග්‍රහණය චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කලේ ඩී.බී.වර්ණසිරි.

      Delete
  12. කතාව අහල තියෙනෙව වෙන විධිහකට. ඇමති කතාව අහලා නැහැ. හොඳ මතකයක් තිබෙන්නේ. රසිකලොගිස්ට් ගේ ගම කුරුණෑගල පැත්තේද?

    ReplyDelete
  13. අය්යෝ මොනවද මේ තුට්ටු දෙකේ කතා ?
    මේ මයිත්‍රීපාල සේනානායක ගේ කාලේ කතානේ .
    නිකං නෝන්ඩි නොවී ඔය බ්ලොග් මගුල වහලා දාල
    බුදිය ගන්නවා ඕයි .

    ReplyDelete
  14. යහපාලනයේත් පොඩි හිලක් ඉතුරු කරන්න කියලා මේ මයිත්‍රිපාලටත් කට්ටිය කියයිද

    ReplyDelete
  15. මහින්ද ගිය සෙනසුරාදා ගල්කිස්සේදී කිව්වේ එයා රාජිතට කිව්වාලු
    "මගේ අතගාන්න එන්න එපා.ගිහින් රනිල්ගේම අතගා ගන්න කියලා.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.