මගේ සිතට එන, මට වැදගත් යැයි සිතෙන, ඕනෑම දෙයක් රසිකොලොජියේ පළවෙනු ඇත.
Whatever I see fit.
eMail: rasikologist@gmail.com
Wednesday, 11 February 2015
ඕස්ටේ‍්‍රලියාවෙන් විහිදෙන හුස්මක සුවඳ - Lakshman Kodituwakku's short story collection "Husma"
අපි සියලු දෙනාම පාහේ කුඩා කාලයේ සිටම කතන්දර අසා ඇත්තෙමු. කතන්දර අසා වින්දනයක් ලැබුවෙමු. එනිසා ම දෝ කතන්දර ලියන්නට, කතන්දර කියන්නට අප බොහෝ දෙනකුට හැකියාව ඇත. ඕනෑම යාන් හෑල්ලක් බොහෝවිට කතන්දරයක් ලෙස සැලකේ.
කෙටිකතා යනු කතන්දර නොවේ. කෙටිකතා යනු නවකතාවක් සංක්ෂිප්තව ලිවීමක් ද නොවේ. යාන් හෑලි ද කෙටිකතා ලෙස කිසිසේත් ම සැලකිය නොහැක.
කෙටිකතාවක් යනුවෙන් මා අදහස් කරන්නේ එක්තරා කාල මානයක දී, එක්තරා ප‍්‍රධාන සජීවී චරිතයක් හැසිරෙන ආකාරය හෝ සිදුවීමක් දිග හැරෙන ආකාරය හෝ ඉතා ඉහළ ඵලදායීත්වයක් සහිතව විස්තර කරමින් පාඨක චිත්ත සන්තානයේ කම්පනයක් ඇති කරන්නා වූ ලියවිල්ලකි. කෙටිකතා යනු ලිඛිත සාහිත්‍යයේ ඇති ප‍්‍රබලතම අවියක් වී ඇත්තේ ද, කෙටිකතා ලිවීම සුවිශේෂී කලාවක් ලෙස සැලකෙන්නේ ද මේ නිසාය.
ලක්‍ෂ්මන් කොඩිතුවක්කු ඕස්ටේ‍්‍රලියාවේ සිටින ප‍්‍රබලතම සිංහල කෙටිකතාකරුවා ලෙස මම හඳුන්වමි.
ඒ ඔහු ගේ "පරමේෂ්වරී සහ වෙනම රටක්" (2009) සහ "හුස්ම" (2013) කෙටිකතා සංග‍්‍රහ ද්වයේ අඩංගු කෙටිකතා සහ දැනට දශකයකට වැඩි කාලයක් තිස්සේ විවිධ මුද්‍රිත මාධ්‍යයන් හි පළවුණු ඔහු ගේ කෙටිකතා සම්බන්ධව මා බැසගත් නිගමනයයි.
මා ලක්‍ෂ්මන් කොඩිතුවක්කු ගේ කෙටිකතා අතුරින් මුලින්ම කියවූයේ වසර 2002-03 කාලයේ දී "නිව් සවුත් වේල්සයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවේ" ත්‍රෛමාසික ප‍්‍රකාශනය වන "සිංහල" සඟරාවේ පළවුණු ඒවා ය. ඒ කතා කිහිපයටම පාදක වූයේ සංක‍්‍රමණික සිංහල ජනකොටස සම්බන්ධ වූ වස්තු බීජයන් ය. මා කියවූ ඒ මුල් නිර්මාණ තුළින් මා ලක්‍ෂ්මන් කොඩිතුවක්කු ගේ කෙටිකතා පිළිබඳව කිසිදු සුවීශේෂීත්වයක් නොදුටු බව කිව යුතුය. සංක‍්‍රමණිකයින් සහ ඔවුන් තම අළුත් පරිසරය හා ගැටෙන අයුරු ඔහු දකින උපහාසාත්මක ආකාරයේ මට වැටහුණු ආකාරයට දෘෂ්ටිමය වරදක් තිබුණි. එසේම, ඒ නිර්මාණතුල පුරුෂාධිපත්‍යය ද, ස්ත‍්‍රී විරෝධයක් ද ගැබ් වී තිබෙන බව ද මට හැඟුණි.
එසේ වතුදු, ලක්‍ෂ්මන් කොඩිතුවක්කු පසුකාලීනව ලියන ලද, විශේෂයෙන්ම ශ‍්‍රී ලංකාවේ ජීවත්වෙන විවිධ චරිත සහ සිදුවීම් පාදක කරගෙන ලියන ලද කෙටිකතා තුළින් මට ඔහු ගේ සැබෑ ප‍්‍රතිභාව ඔප මට්ටම් වී එන අයුරු පෙනෙන්නට පටන් ගත්තේය. "පරමේෂ්වරී සහ වෙනම රටක්" එකතුවේ ඇතුළත් වුණු "වීරයෙකුගේ නවාතැන් පොළ" සහ "මොහොමඞ් ගේ කතා වස්තුව" යන නිර්මාණ ද්වය තුළින් ඒ බව හොඳින් කැපී පෙනුණි. මේ කාලය වන විට ලක්ෂ්මන් කොඩිතුවක්කු ගේ කෙටිකතා ශ‍්‍රී ලංකාවේ පුවත්පත්වල ද නිරන්තරයෙන් පලවෙන්නට පටන්ගෙන තිබුණු අතර "පරමේෂ්වරී සහ වෙනම රටක්" කෙටිකතා එකතුව 2009 වර්ෂයේ දී ගොඩගේ සම්මාන උලෙළේ හොඳම කෙටිකතා පොත් පහ අතරට තෝරා ගැනුණි.
කෙටිකතාකරුවෙක් වශයෙන් ලක්‍ෂ්මන් කොඩිතුවක්කු ගේ මා දකින ප‍්‍රබලතම හැකියාව වන්නේ නාගරිකවාසී ලූම්පන් ජනකොටසේ මෙන්ම සමාජ වෙනසක් අපේක්ෂාකරන දුප්පතුන් ගේ ද ඇසින් සමාජ ප‍්‍රශ්න දෙස බලා ඒවා විග‍්‍රහ කරන්න ඔහුට ඇති හැකියාවයි. මෙය අප වැනි අංකුර කෙටිකතාකරුවන් ගේ ඊර්ෂ්‍යාවට බඳුන්විය හැකි ආකාරයේ විරල හැකියාවකි.
තම කෙටිකතාවල එන එක් එක් චරිතවලට සහ පරිසරයන්ට අදාළව ලක්‍ෂ්මන් කොඩිතුවක්කු තෝරා ගන්නා ලිඛිත භාෂාව සහ ආකෘතිය ඔහු ගේ නිපුණත්වය විදහා දක්වයි. ඒ චරිතවල විවිධ ගති ලක්ෂණ විදහා දක්වීමට ලක්‍ෂ්මන් කොඩිතුවක්කු උපයෝගී කරගන්නා ඔවුන් ගේ හැසිරීම් පිළිබඳ සියුම් නිරීක්ෂණ, දෙබස් සහ ඒකපාත‍්‍ර භාෂණයන් ද කතාව සමග මුසුවී ගලා යන්නේ නිරායාසයෙන් මෙනි.
පසුගිය වසරේ එළිදක්වන ලද ලක්‍ෂ්මන් කොඩිතුවක්කු ගේ "හුස්ම" කෙටිකතා එකතුවට කෙටිකතා එකොළහක් අඩංගුවේ. ශ‍්‍රී ලංකාවේ සිට ඕස්ටේ‍්‍රලියාව දක්වා ද, රැකියා විරහිත තරුණයා ගේ සිට සිට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා දක්වා ද, දිළිදු මුඩුක්කුවේ සිට මහා මන්දිරය දක්වා ද, විවිධ පරිසරයන් හි වෙසෙන, විවිධ ජීවිත ගත කරන, විවිධ ප‍්‍රශ්නවලට මුහුණ දෙන, පුළුල් පරාසයක විහිදුණු චරිත "හුස්ම" තුළින් ලක්‍ෂ්මන් කොඩිතුවක්කු අප අතරට රැගෙන එයි.
මේ කෙටිකතා එකොළහ අතරින් මා සිත වඩාත්ම බැඳගත්තේ "මනාපය" නම් වූ කතාවයි. මගේ මතකයට අනුව මෙය "ඉරිදා ලක්බිම" පුවත්පතේ මුල්වරට පළ වූ නිර්මාණයකි. දේශපාලකයෙකුට අවජාතකව උපන් දිළිදු දරුවෙකු ගේ ශෝකාලාපය "මනාපය" තුළින් ලක්ෂ්මන් අපට කියන්නේ සරදම ද, ශෝකය ද එකිනෙක ඉතා සීරුවෙන් අමුනමිනි. එය මේ කෙටිකතාකරුවා ගේ සුවිශේෂී දක්ෂකමකි. "හුස්ම", "සිහින විකිණීමට තිබේ", "බැමි", "පාට බොඳවුණු සිහිනයක්" සහ "ස්වයං ඝාතිකාව" යන නිර්මාණද මේ ආකාරයෙන්ම අතිශය දුලබ වස්තුබීජ පදනම් කොටගෙන කෙරුණු නිර්මාණ වේ. ලක්‍ෂ්මන් කොඩිතුවක්කු ගේ නිර්මාණ අත්දැකීම් අප වැනි අංකුර රචකයින් ගේ ඊර්ෂ්‍යාවට භාජනය වීම පුදුමයක් නොවන බව මා පෙර සඳහන් කළේ එබැවිනි.
"හුස්ම" කෙටිකතා සංග‍්‍රහයේ එන "වෙඩි තියාගත්තට පස්සේ" නමැති අගනා ශෝකාන්ත නිර්මාණය කියවූ පසු මා සිත තුළ ඒ කෙටිකතාවේ ප‍්‍රධාන චරිතය ගුරුවරයෙකු වීම කෙතරම් තාත්විකදැයි කුකුසක් ඇතිවිය. එයට හේතුව වූයේ, පියා ගුරුවරයෙකු වූ පවුලක දරුවන් එකෙක් නොව තිදෙනාම හරි හමන් ඉගෙනීමක් නොලැබ අතරමං වීමට ඇති ඉඩකඩ ඉතා අඩු නිසාය.
නමුත් එකෙණෙහි ම මගේ සිහියට ආවේ ලක්ෂ්මන් කොඩිතුවක්කු ගේ ප‍්‍රථම කෙටිකතා සංග‍්‍රහය වූ "පරමේෂ්වරී සහ වෙනම රටක්" හි එන එනමින්ම යුතු කෙටිකතාව පිළිබද මා ඇසූ විචාරයකි. ඒ කෙටිකතාවේ එන තම සේවාදායකයා වූ පරමේෂ්වරීට ලිංගික අතවරකම් කරන නීතිඥයා ගේ චරිතය අභව්‍ය සහ අතාත්වික එකක් වේ ය වැනි අදහසක් තමා ද වෘත්තියෙන් නීතිඥයෙකුවන මෛත‍්‍රී පනාගොඩ "පරමේෂ්වරී සහ වෙනම රටක්" කෘතියේ දොරට වැඩුමේ උත්සවයේ දී පළකළේ ය.
නමුත් ඉන් මාස කිහිපයකට පසු මගේ ඇස ගැටුණේ පුවත්පතක වාර්තාකර තිබූ "පරමේෂ්වරී සහ වෙනම රටක්" කෙටිකතාවේ ආ ආකාරයේ ම ස්ත‍්‍රී දූෂණයක් පිළිබඳ විස්තරයකි!
මෙයින් හැඟෙන්නේ නිර්මාණකරණය නමැති කර්තව්‍යයට කාලය නමැති මානයේ රැඳී තාත්විකත්වය පිළිබඳ සීමාවන් පැනවිය නොහැකි බවද?
ලක්‍ෂ්මන් කොඩිතුවක්කු කෙටිකතාකරුවෙකු මෙන්ම කවියෙකු, ගී පදමාලා රචකයෙකු, ළමා නාට්‍ය රචකයෙකු සහ දේශපාලන තීරු ලිපි රචකයෙකු ද වේ.
මම ලක්‍ෂ්මන් කොඩිතුවක්කු ගේ ඉදිරි ලේඛන දිවියට සුබ පතමි.
රසික සූරියආරච්චි
හුස්ම - ලක්‍ෂ්මන් කොඩිතුවක්කු
සුරස (ෆාස්ට් පබ්ලිෂින්) ප්‍රකාශනයක් (2013)
මිල රුපියල් 300
Subscribe to:
Post Comments (Atom)
http://commapress.co.uk/resources/the-three-types-of-short-story
ReplyDeleteස්තුතියි.
Deleteසරත් විජේසූරිය සහ කුසුමා කරුණාරත්න ගේ සිංහල කෙටිකතා සංස්කරණයේත් හොඳ හැඳින්වීමක් තියෙනවා
රන්ජන් අමරරත්නද කියල බැලුවේ.. හැක්.. පොතක් හොයාගෙන කියවන්න ඕන.. තැන්කුයි..
ReplyDeleteරන්ජන් අමරරත්න ගේ විචාර කියවූයේ නලීන් දිල්රුක්‍ෂ ගේ බ්ලොග් එකේ. කාලෙකින් ඒක අප්ඩේට් වුනේ නෑ නේද?
Delete///ලක්‍ෂ්මන් කොඩිතුවක්කු ඕස්ටේ‍්‍රලියාවේ සිටින ප‍්‍රභලතම කෙටිකතාකරුවා ලෙස මම හඳුන්වමි. ///
ReplyDeleteකෝ... මෑන්ස් ගෙ නම මේ ලිස්ට් එකේ නැහැ නේ??
http://en.wikipedia.org/wiki/Category:Australian_short_story_writers
K
Louis Kaye (author)
Cate Kennedy
Vernon Knowles
සිංහල කියන කෑල්ල අමතකවෙලා. :D
Delete//සිංහල කියන කෑල්ල අමතකවෙලා. :D//
Deleteඕ අයි සී... චිංකල මතක බෑ වෙලා??
හා හා සිංහල කියලා ලියන්න බැහැ. එතකොට ජාතිවාදී නේ.ස්ටොප් රේසිස්ම් කිය කිය අතේ ගහන පොර නේ?
Deleteඅපි මෙහෙම ලියමුද? ''ලක්ශ්මන් කොඩිතුවක්කු යනු ඕස්ට්‍රේලියාවේසිටින ප්‍රභලතම මල්ටි කල්චරල් කෙටිකතා කරුවාය'' . එතකොට මල්ටි කල්චරල් කියන එක සිංහල කියන එකට පර්යාය පදයක් වෙනවා.
එතකොට ලැජ්ජා නැතුව මෙහෙමත් කියතහැකි ඕන් නම්.'' මගේ අම්මා රසික නම් වන මා බිහි කලේ මල්ටිකල්චරල් පියෙකුට දා වය.''
සිංහල කියවන අයට සිංහලෙන් ලියන කොට මතයි ඔය අඩුව වෙන්නේ. ඉන්දික ඒ අඩුව කලින් ලිපියකත් පෙන්වා දුන්නා.
Deletehttp://rasikalogy.blogspot.com.au/2015/02/unbelievable-for-some.html?showComment=1423310910278#c4009096415880809751
අංකුර කෙටිකතා කාරයෙක් කියන එක කෙසේ වෙතත් අංකූරෙක් කියල කිව්වොත් නං ටිකක් හිතල බලතෑකි..
ReplyDeleteඅපි ඉතිං පොරවල් වෙන්නේ ලුල්ලු නැති තැන විතරයි!
Delete2013 පිට වෙච්චි පොතක්.හොයා ගන්න පුළුවන් වුනොත් කියවා බලන්නම්.
ReplyDeleteහොඳා, හොඳා!
Deleteහොයාගෙන කියවන්න ඕන.. ඔහේගේ එක කියෙව්වෙත් නෑ තාම.. ඕන් අපේ පොත් පෙරලීම..
ReplyDeleteහොඳා, හොඳා!
Deleteප්‍රභල නෙවෙයි ප්‍රබල විය යුතුයි
ReplyDeleteස්තුතියි. මුල් සංස්කරනයේ තිබූ දෝෂ කිහිපයක් ද පහත පරිදි නිවැරදි කරන ලදී.
Delete1. සියළු => සියලු
2. ඉහල => ඉහළ
3. පලදායීත්වයක් => ඵලදායීත්වයක්
4. ප්‍රභලතම => ප්‍රබලතම
5. පළවුනු => පළවුණු
6. තුලින් => තුළින්
7. සගරාව => සඟරාව
8. දෘෂ්ඨිමය => දෘෂ්ටිමය
9. ඇතුලත් => ඇතුළත්
10. පෙණුනි => පෙනුණි
11. උළෙලේ => උලෙළේ
12. අදාලව => අදාළව
13. නිපුනත්වය => නිපුණත්වය
14. ප්‍රශ්ණවලට => ප්‍රශ්නවලට
15. අමුණමිනි => අමුනමිනි
16. දුලභ => දුලබ
17. එැබැවිණි => එබැවිනි
18. තුල => තුළ
19. එකෙනෙහිම => එකෙණෙහිම
20. ප්‍රථම => ප්‍රතම
21. ගැටුනේ => ගැටුණේ
22. හැොගන්නේ => හැඟෙන්නේ
23. නිර්මානකරණය => නිර්මාණකරණය
24. සුභ => සුබ
චැහ් රසික, ඔයා ගලහිටියාව සෙන්ට්‍රල් එකෙයි ආනන්දෙයි කිව්ව නේද සිංහලෙන් ඉගෙන්ගත්තෙ? ඔය වගේ අඩුපාඩු නැතුව තාම ලියන්න බැරිද? ඒකට බලන්නකො අපි. ඉන්නෙ එංගලන්තෙ උනාට, සිංහල කුමාරතුංගට වඩා පොලිෂ්.
Delete@ඉන්දික:
Deleteඅර මං Honorary කියන ඉංගිරිසි වචනය "හොනරරි" කියා ලිව්වාය කියලා මට කිච කරන්න ආපු ඇනෝ මතකද? එයා කියන විදියට මං ඒක ලියන්න ඕනැ "ඔනරරි" කියලයි.
එයා ඇයි දන්නේ නෑ ගිහින් ඉංගිරිසි කාරයින්ගෙන් අහන්නේ නැත්තේ ඔනරරි කියන එක ඇයි Onorary කියා නොලියා Honorary කියා ලියන්නේ කියලා!
කෙසේ වෙතත්, ඉන්දික ගේ සහ සෙනසුරා ගේ වැරදි පෙන්නා දීම හොඳයි. සෙනසුරා ගේ කමෙන්ට් එක නොලැබෙන්න මං ඔය උඩින් දාලා තියෙන වැරදි විසි හතර නිවැරදි කර ගන්නේ නෑ.
Deleteරසික, එයා මතක්වෙලාම තමයි මම ඔය කමෙන්ට් එක දැම්මෙ. බස නිවැරදිව හසුරවන්න ඉගෙන ගන්න එක සහ උගන්නන එක ඉතාම හොඳ දෙයක්. නමුත් ඒකෙ අරමුණ ලේඛකයට උදව්වක් කිරීමට එහා ගිහින් මං පොර කියන එක වෙනකොට තත්වෙ හිරිකිතයි.
Deleteමේවා ඕස්ට්‍රේලියාව ඇතුලේ බෙදාහරින ක්‍රමයක් නැද්ද?
ReplyDelete