Thursday, 12 February 2015

පාන් කා පාන් - All about Bread


ලේ බොමින්, තිරුවාණා ගල් කන මිනිසුන් පිරිසක් ලංකාද්වීපයට ගොඩ බැසි දින සිට මේ වන විට වසර පන්සියයකටත් වඩා ගෙවී ඇති අතර, ලේ බීම කෙසේ වෙතත්, ඒ තිරුවාණා ගල් කෑම නම් තවත් සහශ්‍රක කිහිපයක් ගියත් නොවෙනස්ව පවතින ලෙසට ලාංකික සංස්කෘතිය තුළට ඇතුළු වී ඇති බව අවිවාදාත්මක ය. ලේ පැහැති මුද්‍රිකපානය වෙනුවට අද අප සමහරු බොන්නේ තේ වතුර පැහැති වෙනත් පානයන් ය.

පාන් යනු කුඩා කල සිටම මගේ ප්‍රියතම ආහාරය විය. පාන් කෑල්ලක් දෙකක් කොටා බාන්නට අද මෙන් ටෝස්ටරයේ දමන්නට සහ ඉන් පසුව ජෑම් බටර් තවරා ගන්නට එදා අපට අවශ්‍ය නොවිණි. පරිප්පු, සම්බෝල, කිරට උයන ලද මාලූ පමණක් නොව සීනි ස්වල්පයක් සමග ද, එසේත් නැත්තං අමු අමුවේ ද, පාන් කන්නට අපි පුරුදු වී සිටියෙමු.

නමුත් එදා මා කෑවේද අද මෙන් එක්කෝ එක පාන් පෙත්තකි, නැතිනම් දෙකකි. එකම වෙනස නම් මෙයයි. එදා අප එක පාන් පෙති දෙකක් කෑවේ පාන් ගෙඩියක් පෙති හතරකට කපා ය. එක පෙත්තක් පමණක් කන්නට සිතුනු දිනවල අප කළේ පාන් ගෙඩිය හරි මැදින් සමාන ප්‍රමාණයේ පෙති දෙකකට කැපීමයි.

පාන් යනු ලක්ෂරි කොමොඩිටියක් වූ හැත්තෑව දශකයේ සංවෘත ආර්ථික දුර්භික්ෂ සමයේ දී, එක් අයෙකුට එක් දිනයක් සඳහා ලැබුණු පාන් කාලක සලාකයෙන් කුඩා අපි සැනසුනෙමු. ශත තිස් පහක් වූ පාන් ගෙඩියක මිළ ද ක්‍රමක්‍රමයෙන් වැඩිවුණි.

මින් වසරකට දෙකකට පමණ පසුව එක් දිනක, එකල බොහෝ විට ගුල්ලන් නමැති ප්‍රෝටීන විශේෂයද එක් කර තනන "මැටි පාන්" නමැති පාන් වර්ගයෙන් ගෙඩියක් ශත හැත්තෑ පහක් ගෙවා ලබා ගන්නට මම පැය කිහිපයක් ගණේමුල්ලේ ජන්ෂන් හෝටලය සහ බේකරිය අසල පෝලිමේ ද සිට ඇත්තෙමි. සන්ධ්‍යා ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් අනතුරුව හෝටලයේ රේඩියෝවෙන් ප්‍රචාරය වූ ප්‍රජා නිවේදනයක් ඔස්සේ එක් එක් ප්‍රදේශවලට රජයේ ආහාර දෙපාර්තමේන්තුව මගින් බෙදා හරින ලද පාන් පිටි ටොන් ගණං හිලව් අසමින් මා එසේ පාන් පෝලිමේ සිටියදී තාත්තා පැමිණ මා නිවසට කැඳවාගෙන ගිය අයුරු තවමත් අද මෙන් මගේ මතකයේ රැඳී තිබේ.

"සත්වසක සාපය" නමින් විරුදාවලිය ලද රටේ දුර්භික්ෂයෙන් පසුව එළැඹුණු මගේ උසස් පෙළ සමයේ දී, උදේ පාන්දරින් ම නිවසින් පිටත්වන්නට සිදුවූ නිසා, බොහෝ සතියේ දිනවල මගේ පාතරසය වූයේ රොටියකි. උදේට යාන්තම් හෝ පාන් කියාගන්නට ලැබුණේ පෙරදා හවස ටවුමේ කඩයකින් පාන් ගෙඩියක් ගෙනා දිනයක පමණි.

උසස් පෙළ සමත් වූ වරදට පේරාදෙනියේ සිව් අවුරුදු සිර දඬුවමක් විඳිමින් සිටියදී නම් පාසල් කාලයේ ඇරියසයත් පොලී සමගින් පියවා ගන්නට හැකි වෙන පරිදි හිතේ හැටියට, ඇති පදම් පාන් කන්නට මට වරම් ලැබුණි. මේ වෙන විට පාන් ගෙඩියක මිල රුපියල් තුනයි ශත පහක් විය. පාන් (ගෙඩිය දෙකට කපන ලද) පෙත්තක් සහ අගසව් පරිප්පු වතුර පිාගානක් ක්‍රමාංකුංචනය කරන්නට මට වැය වූයේ රුපියල් දෙකයි ශත විසි පහක් පමණි.

පාන් ගෙඩිය මතු බුදුවෙන දින පරිප්පු එක අග සව්වෙක් වෙද්දී අනෙත් අගසව්වා වෙන්නට පෙරුම් පුරන්නේ ගෝවා බව කියවේ. නමුත් ගෝවා සමග පාන් කෑම යනු මට නම් ”අරහං” දෙයකි. ඒ වෙනුවට, කිරට පිසින ලද තලපත් මාලූ සමග පාන් පෙත්තක් (හෝ දෙකක්) කන්නට ලැබීම නම් මට පණ පිටින් නිවන් යෑමක් වැනිය.

රසට හැපෙන කෙට්ටු හුරුබුහුටි "රෝස් පාන්", රෝස් ගේ වැඩිමහල් සොයුරු "තැටි පාන්" සහ තරබාරු "අච්චු පාන්" ලෝකයට අනූවේ දශකයේ පැමිණි විදේශික සංක්‍රමණිකයා වූයේ "ප්‍රීමා පාන්" ය. එකම උසට මහතට හැඩය සැදී, එකම ප්‍රමාණයේ පෙතිවලට කැපී, ප්ලාස්ටික් උරයකින් සැරසී උජාරුවෙන් බංගලා හන්දියේ කඬේ ෂෝ කේසයේ වැඩ සිටි ප්‍රීමා පාන් කුමරියෝ, රසයෙන් මට සිහි කළේ පෙර කී හැත්තැවේ දුර්භික්ෂ සමයේ ගිල දැමූ "නවදැලි හේන් ලකුණ දරණ මැටි පාන්" ම ය. එකම වෙනස වූයේ මෙදා මැට්ට හොඳින් වේලී තිබීමයි.

"ප්‍රීමා පාන්" යනු, සාමාන්‍ය මාතර බේකරියේ පාන් මෙන්, නිපදවා එක් දිනකින් කල් ඉකුත්වන ආහාරක් නොවී ය. එහි අඩංගුකර තිබූ කුමක් හෝ අමුද්‍රව්‍යයක් නිසා ප්‍රීමා ගෙඩියක් දිනක් දෙකක් පමණ කල් තබාගෙන වුව ද කෑමට හැකිවිය. ඒ දීර්ඝායුෂ ලැබීමේ පවට කර ගසන්නට වී තිබුණේ, ප්‍රීමා පාන්වල රසටයි. ඇත්තටම කියනවා නම් නීරසටයි.

මුල්වරට "ප්‍රීමා පාන්" ගෙඩියකට කළ ආයෝජනය බොල් වූ පසු ආයේ මා ප්‍රීමා දෙස නෙත් හැර බැලූවේ, බේකරි බාස් ලා සිංහල අවුරුද්දට ගමට ගොස් තාවකාලිකව ගල් වෙන සති දෙකක පමණ කාලයේ දී පමණි.

මෙසේ විවිධාකාරයේ ශ්‍රී ලාංකික තිරුවාණා ගල් රසවිඳිමින් සිට ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කළ මට දක්නට ලැබුණේ ප්‍රීමාකාරයේ නීරස පෙනුමැති පාන් මිස වෙනත් පාන්වර්ගයක් මෙහි නැති බවයි.

ඒ විස්තර වෙනම ලියමි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ මා සන්නස මාසික සඟරාවට ලියන අපේ කාලේ කතන්දර තීරු ලිපි මාලාවේ ජනවාරි ලිපියේ මුල් කොටසයි. මේ ආකාරයේම තවත් ලිපියක් මෙන්න.
http://rasikalogy.blogspot.com/2015/02/unbelievable-for-some.html

(image: http://newsfirst.lk/english/tag/all-ceylon-bakery-owners-association)

63 comments:

  1. පාන් නං කන්න බෑ. එදත් බෑ අදත් බෑ

    ReplyDelete
  2. පාන් ගැන ඇති වෙන්න ලියලා තියෙන නිසා නැවත් නොලියන්නෙමි. අදටත් මගේ ප්‍රියතම ආහාරය පාන්ය..

    පාන් අඩු කර දුන් පිනෙන් රවීට අමා මහ නිවන් සුව අත් වෙනවාය..

    මන්ද...?

    ලංකාවේ ප්‍රධාණ ආහාරය පාන් නිසාය..

    ReplyDelete
    Replies
    1. ප්‍රධාන ආහාරය පාන්.
      ප්‍රධාන ගීත කාලය සහ නැටුම බයිලා
      ප්‍රධාන ඇඳුම කලිසම සහ ගවුම
      ප්‍රධාන ක්‍රිස්තියානි නිකාය කතෝලික

      ඔය සේරම ගෙනාවේ පුරුතුගීසිකාරයින් තමයි!

      Delete
    2. //ප්‍රධාන ඇඳුම කලිසම සහ ගවුම// -
      කමිසයත් පෘතුගීසි.
      මේස් , සපත්තුත් එහෙමයි (ඒවට සමාන සමහර දේ කලින් තියෙන්නෙ ඇති. ඒත් වචන නම් පෘතුගීසි)

      Delete
    3. අපේ ප්‍රධාන උඩුකය වසන ඇඳුම ටී-ෂර්ට් නේද?

      Delete
    4. //ප්‍රධාන ඇඳුම කලිසම සහ ගවුම// බොම්බයි මොටං සහ කිරිහොදි වගේ

      Delete
    5. ලංකාවේ ප්‍රධාන ආහාරය බත්ය.

      පෘතුගීසීන් කර ඇති බලපෑම අප හිතනවාට වඩා වැඩියි.ගම්පහ පැත්තෙ තියනවාලු කෝට්ටෙ ගිය පරංගිය (පර්නාවෝ කොට්‍රීම් ) හීල් බත් කාපු තැන. ඒ කියන්නෙ ලංකාවෙ හිටිය පෘතුගීසීන් කාල තියෙන්නෙ පාන් නෙමේ බත්.
      මහාචාර්ය ටිකිරි අබයසිංහගෙ පොතකත් ඒක තිබුන
      මට නම් පාන් කෑව කියන්නෙ මොකුත් කෑවෙ නෑ වගෙ.
      ඊයෙත් කන්න තිබුනෙ පාන් .වෙල් වැඩ නිසා. නොකා බැරිකමට පාන් පෙත්තක් කෑව

      ප්‍රා අරාබි භාෂාවෙනුත් කමිසයට කියන්නෙ කමීz කියල නේද.අරාබි වෙළෙන්දොත් ආවනෙ. කොහොමත් යුරෝපීයන් එන්න ඉස්සර ගෑනු පිරිමි කවුරුත් උඩට ඇන්දෙ නෑ. කාගෙන් ආවද මන්ද ඉතින්.

      තුවක්කු කියන එක පෘතුගීසීන්ගෙන් ආව කීවට ඇත්තටම ආවෙ තුර්කීන්ගෙන්ලු.ඒ නිසා කාගෙන් කොහොම ආවද කියන එක හරි පරිස්ස්සමෙන් කියන්න වෙන්නෙ

      Delete
    6. @MM
      Chemise is a French term (which today simply means shirt). This is a cognate of the Italian word camicia, and the Spanish / Portuguese language word camisa (subsequently borrowed as kameez by Hindi / Urdu / Hindustani), all deriving ultimately from the Latin camisia, itself coming from Celtic. (The Romans avidly imported cloth and clothes from the Celts.)[1] The English called the same shirt a smock.http://en.wikipedia.org/wiki/Chemise

      පෘතුගීසි ඉන්ෆ්ලුවන්ස් එක ගැන හොඳම පොත - Fidalgos in the Kindom of Kotte -
      O.M. da Silva Cosme (Colombo- 1990)

      පෘතුගීසි එන්න කලින් ලංකාවට අරාබීන් තුවක්කු ගෙනාවයි කියල විස්වාස කරන්න පුලුවන්. ඔය සිංහලුන් පුදුම වුනයි කියන කතාව ( වයින්, පාන්, තුවක්කු ) ඒ ලොකු කාලතුවක්කු ගැන වෙන්න ඕනෙ.

      Delete
    7. //ගම්පහ පැත්තෙ තියනවාලු කෝට්ටෙ ගිය පරංගිය (පර්නාවෝ කොට්‍රීම් ) හීල් බත් කාපු තැන. ඒ කියන්නෙ ලංකාවෙ හිටිය පෘතුගීසීන් කාල තියෙන්නෙ පාන් නෙමේ බත්.//

      ලංකාවෙ රජ්ජුරුවො බැහැදකින්න එක්ක ගිය පළවෙනියට පාන් දෙන්න විදිහක් තිබ්බෙ නැති නිසා පුළුවන් විදිහට බත් දෙන්න ඇති. ඒ කියල එදා පෘතුගීසි කෑවෙ පාන් නෙමෙයි කියල කියන්න බෑනෙ!

      අනික පෘතුගීසි කාපු තිරුවාන ගල් කියන්නෙ මේ අපි දකින, දන්න ඉන්ග්ලිෂ් බ්‍රෙඩ් නෙමෙයි. මෙන්න මේ වගේ ගල් ගෙඩි. අපි දන්න පුරුදු පාන් ගෙඩිය එන්ගලන්තෙ උන්ගෙ පාන්.

      Delete
  3. ලෝකේ වෙන කොහෙවත් ලංකාවේ රෝස්පාන් වගේ රස පාන් ජාතියක් නෑ. පරිප්පු, පොල් සොම්බෝල, අල හොදි, මිරිස් මාලු ඕනි එකක් එක්ක කෑව හැකි. :)

    ReplyDelete
    Replies
    1. සොම්බෝල කියන්නෙ මොනවද ??

      Delete
    2. සම්බෝල වැරදිලා ටයිප් වෙලා...:D

      Delete
    3. කාලෙකට කලින් ඉරිදා දිවයිනේ ගියා තීරු ලිපියක් පකිස්ලන්තය කියලා. ඒක ලිව්වේ කරුණාදාස සූරියආරච්චි.

      ඒකේ ගිය එක ලිපියක තිබුණු විදියට පොල්සම්බෝල පොෂ් විදියට හඳුන්වන්නේ ෆොල් සම්බොයිල් කියලයි.

      Delete
    4. //ෆොල් සම්බොයිල්// හහ් හහ් හා.....

      Delete
  4. ඉස්සර මට මතකයි පාන් වල ගුල්ලෝ හිටිය. දැන් නං එකෙක්වත් ඇහැට දකින්න නෑ.. ගුල්ලෝ නැත්තේ ක්‍රමානුකූලව අලුත් පිටි වලින් හදන නිසාමද? මං නං හිතන්නේ පිටි වලට කෘමිනාශක සාත්තුවක් දෙනවා ඇති. අනික දැන් පාන් කාපුගමන් බඩ දන්න ගන්නවා.පාන් වලට ප්‍රසිද්ධ බෙන්තර කඩ. ඉස්සර ලංකාවේ හැමතැනකම වගේ මාතර බත් කඩ, ගම්පහ බේත් ශාලා වගේම බෙන්තර බේකරි තිබුන.අපේ පැත්තෙ ඒබරං කියල මනුස්සයෙක්ගේ බේකරියක් තිබුන.ඒ බේකරියේ වැඩකරන මනුස්සයාගේ කන් ඇහෙනවා අඩුයි. හැමතැනකම වගේ පිටි මෝලිය අනන්නේ දාඩිය පෙරාගෙන කමිසයක් වත් නැතුව.එහෙම තමයි ඒ බේකරියෙත්. දවසක් PHI බේකරිය පරීක්ෂාකරන්න ඇවිත් මේ බුවා කමිසයක් වත් නැතුව පිටි අනනවා දැකල ඇහුවලු "කෝ ඒප්‍රන් ??(apron)" කියල. මූ ගත්කටටම කිව්වලු "ආ එබරං නං නාන්න ගියා" කියල.

    ReplyDelete
    Replies
    1. පිටි හැලුවාම ගුල්ලෝ අයින් කලෑකි.
      ඉස්සර අපි ොපඩි කාලේ අපේ අම්මා පිටි හලනවා මට මතකයි පෙනේරෙකින්.

      දැන් හොඳට අඹරන හින්දා ගුල්ලෝත් නිකං කෂර් එකෙන් එන ගල් කුඩු වගේ පිටි වෙලා යනවා ඇති!

      Delete
  5. ප/ලි:
    මේ මා සන්නස මාසික සඟරාවට ලියන අපේ කාලේ කතන්දර තීරු ලිපි මාලාවේ ජනවාරි ලිඵියේ මුල් කොටසයි. මේ ආකාරයේම තවත් ලිපියක් මෙන්න.
    http://rasikalogy.blogspot.com/2015/02/unbelievable-for-some.html

    ReplyDelete
  6. රෝස් පාන් සහ තැටි පාන් ගැන කියලා කටට කෙලත් ආවා.

    ReplyDelete
  7. මාතලන්ගේ මෙන්ම මගෙත් ප්‍රියතම ආහාරය වී ඇත්තේ පාන්ය.පාන් ගැන බොහෝ දේ අපි දෙදෙනාම ලියා ඇත්තෙමු.පසුගිය දවස්වල ලංකාවෙ සිටියදී ඇතිවෙන්නම පාන් කෑවෙමි.ඒත් එදා ගුල්ලොත් එක්ක කාපු සත් තිස්පහේ පාන්වල තිබුණ රස දැන් තියන පාන්වල තිබුනෙ නැත.

    ReplyDelete
    Replies
    1. මට නං තවමත් මතක පසු කලෙළක කෑ තුනයි ශත පහේ හෙවත (ත්‍රී නෝට් ෆයිව්) පාන් ය.

      Delete
    2. ආ ඔයා නේද හැලපේ දිල්කා ගෙ බබා හම්බෙච්ච තුවාල වේලෙනකන් බලන් ඉන්න හැන්ඩි තරුන බුවා. ඉන්න ඉන්න තුවාල වේලුනාම එයා ඒවි ඔයා වගෙ හැන්ඩි කොල්ලෙක් එක්ක රමණය කරන්න.

      Delete
  8. // මෙසේ විවිධාකාරයේ ශ්‍රී ලාංකික තිරුවාණා ගල් රසවිඳිමින් සිට ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කළ මට දක්නට ලැබුණේ ප්‍රීමාකාරයේ නීරස පෙනුමැති පාන් මිස වෙනත් පාන්වර්ගයක් මෙහි නැති බවයි. //

    COLES එකේ කොනක ගොඩගහලා තියෙන කල් තියාගත හැකි "පාන්" වෙනුවට ඔය ප්‍රන්ස බේකෙරියකින් baguette හෝ breadsticks ගත්තොත් රසට කතහැකි.... ඒත් ඉතින් ඒවට යන්නත් පුරුද්දක් තියෙන්න එපැයි...

    ReplyDelete
    Replies
    1. මෙහෙට ආවොත් පුරුදු වෙන්න පුළුවනි!

      Delete
    2. ඔච්චර කලක් ඉඳලාත් ඔබ තුමා කියන්නේ ඔහේ තියෙන්නේ // ප්‍රීමාකාරයේ නීරස පෙනුමැති පාන් මිස වෙනත් පාන්වර්ගයක් මෙහි නැති බවයි //කියලා නේ?

      ඒ කියන්නේ ඔබ තුමා නිකමට වත් ටිකක් වියදම් කරලා යුරෝපීය බේකෙරියකකටවත් කැෆේ එකකටවත්, හොඳ රෙස්ටෞරන්ට් එකකටවත් ගිහින් නෑ කියන එක නේ....

      අර මැල්බොං වල ඉන්න කස්ටිය ග්ලෙන් වේවලි ඉස්ටේසං එකෙන් බැහලා එලිපන්ට් හවුස් එකෙන් ලම්ප්‍රය් කනවා වගේ.... කොහේ ගියත් සිරි ලන්කා කෑම ම නේ....

      පුරුදු වෙලා තියෙන එක අගේට පේනවා

      Delete
    3. නැවතත් මුලින් වගේ උපකල්පන ගොඩයි නේද?

      මේ පළ කර ඇත්තේ මා සඟරාවකට ලියූ ලිපියක බ්ලොගය සඳහා සැකසූ මුල් කොටසයි.

      මේ බල්න මා ලියා ඇති දෙය.

      /* ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කළ මට දක්නට ලැබුණේ ප්‍රීමාකාරයේ නීරස පෙනුමැති පාන් මිස වෙනත් පාන්වර්ගයක් මෙහි නැති බවයි.

      ඒ විස්තර වෙනම ලියමි. */

      මගේ මුල් ලිපියෙන් කොටසක් පළ කළේ මුළු ලිපිය බ්ලොග් එකක කියවීමට දිග වඬැඩි නිසයි. දැන් පේන්නේ ඔබ ඇතුළු සමහරු මේ ටිකවත් නිවරදිව නොකියවන බවයි.

      ඉහත වාක්‍යයෙන් කියවෙන්නේ විසිවසරකට පෙර මා මෙහි පැමිණි කාලය ගැනයි. මේ ලිපියේ හොඳින් කියවෙන පරිදි ඒ කාලයේ ලංකාවේ රස පාන් රෝස් පාන්, තැටි පාන්ය. ප්ලාස්ටික් කවරවල දැමූ එකම පාන් වර්ගය ප්‍රීමා විය. එය නීරස ය. මගේ සංසන්දනය ඒ ගැනයි. අනික නීරස පෙනුමැති කියන්නේ පෙනුම ගැන මිස රස ගැන නොවේ.

      මින් පසු ලිපි මීට වඩා සරල කළ යුතු යැයි හැඟේ. ඒ ගැන ඔබට ස්තුතියි.

      Delete
    4. ඒකනෙ කකා , ඔයා අපිව රවට්ටනව , ඔසී එන්න බය කරනව. ඔය කිවුව තැනකට ගිහිං කාලම ඇවිත් දර පෝරණුවක පිච්චුව තැටි පාන් ගෙඩියක රහ තියනවද බලල කියන්න, මටත් ඔසී එන එක තීරණය කරන්න.

      Delete
  9. http://ifood.tv/oceanian/australian-bread/about

    Australian Bread
    ..





    Australian bread is a wide term used to refer to the breads eaten in Australia, which include various kinds of basic as well as fancy breads. Bread has been a staple food of Australians since historical times, and many new and health-promoting variants of bread have come up in the Australian cuisine in recent times.

    History of Australian Bread Industry

    Bread making has been an activity prevalent in Australia since medieval times. In the early 1800s, when grain was ground in public mills, flour of the grains was used to make bread at public baking houses. Small family owned bakeries started baking and selling the bread in the early 1900s, when bread was unwrapped and hand delivered. Many of these family bakeries evolved into larger sized bakeries that sold mostly white bread in the form of loaves. It then began to be sold at grocery stores or was home delivered through vans. Sliced bread was introduced in the 1950s, after which, bread began to be produced by large bread manufacturing companies and began to be sold in packaged form.

    Though white bread was popular as before, fancier variants of breads made their way to the market. As the Australian bread recipe evolved and showed many variations, flatbreads and mixed grain breads became available, and in-store bakeries selling a variety of breads also cropped up. Independent bakeries came up with many different domestic and international variants of breads. Some examples of such bakeries were Brumby’s and Bakers Delight. Most of the breads were sold through supermarkets, and the remaining were sold through corner stores, bread shops, restaurants, takeaways, hotels, etc as well as franchises of independent bakeries. George Weston Foods and Goodman Fielder are some of the major players of the Australian bread Industry.

    Types of Australian Breads

    Here are some common examples of Australian Breads:
    White Bread: It is the bread made from flour made from the central part or endosperm of the grain only.
    Brown Bread: It is the bread made with the core of the grain or endosperm combined with 10% of bran. Sometimes, brown bread is also the term used for white bread which has been treated with caramel coloring, which is also called ‘wheat bread’.
    Whole Grain Bread: It is the bread made with both endosperm as well as bran of the grain, and is also called ‘whole wheat bread’.
    Wheat Germ Bread: This is bread that contains wheat germ.
    Multi Grain Bread: This kind of bread contains multiple varieties of grains like oats, buckwheat, cracked wheat, millet, barley and flax. They combine the health benefits of the various types of grains.
    Fairy Bread: This is a kind of sweet and fancy variant of bread that is a popular feature of children’s birthday parties in Australia. The preparation of the bread involves covering triangular shaped bread pieces with butter or margarine and coating these pieces with many multi-colored nonpareils which stick on the spread. The name of this fancy version of Australian bread may have come from Robert Louis Stevenson’s poem ‘Fairy Bread’.

    ReplyDelete
  10. //ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කළ මට දක්නට ලැබුණේ ප්‍රීමාකාරයේ නීරස පෙනුමැති පාන් මිස වෙනත් පාන්වර්ගයක් මෙහි නැති බවයි.// ?????????????????????
    https://www.google.lk/search?q=types+of+breads+in+australia&biw=1366&bih=650&tbm=isch&tbo=u&source=univ&sa=X&ei=HTTcVI-KH4TkuQSDm4LIDQ&ved=0CFUQsAQ

    ReplyDelete
    Replies
    1. 1. /* ප/ලි:
      මේ මා සන්නස මාසික සඟරාවට ලියන අපේ කාලේ කතන්දර තීරු ලිපි මාලාවේ ජනවාරි ලිපියේ මුල් කොටසයි. */

      2. /* ඒ විස්තර වෙනම ලියමි. */

      Delete
  11. macahn sure da umba Australia we inne kiyala ?

    ReplyDelete
    Replies
    1. /* ප/ලි:
      මේ මා සන්නස මාසික සඟරාවට ලියන අපේ කාලේ කතන්දර තීරු ලිපි මාලාවේ ජනවාරි ලිපියේ මුල් කොටසයි. */

      මා ඉන්න තැන මං දන්නවා. ඔබ ඉන්නා තැනට එය දුරයි වගේ!

      Delete
  12. අපේ ගෙදරත් පාන් වලට ප්‍රමුඛ තැනක් තියෙන්නේ තාත්තා කන්න කැමති නිසා.මට නම් කොයි තරම් අසා වුණත් පාන් භාගයකට වඩා කන්ට බැහැ බඩ පිපෙනවා.රසික කියන ප්‍රීමා පාන් වලට අපි කිව්වේ පොදුවේ පෙති පාන් කියලා.එව්වා හොඳි එක්ක කන්න බැහැ පැණි රසයි.එව්වා හොඳ ජෑම්,බටර් එක්ක කන්නයි.
    විජාතික කෑමක් වුණත් අපිත් එක්ක පාන් බද්ධ වෙලා තියෙන හැටි නේ.එකනේ මැතිවරණ වේදිකාවේ පාන් මිල බස්සන එක ප්‍රධාන මෘතුකාවක් වෙලා තිබුණෙත්.

    ReplyDelete
    Replies
    1. ප්‍රීමාවල තිබුණු නීරස කම නිසා ඒ වගේ පොලිතීන් උරවල ඇමූ පාන් වර්ග දුටු පමණින් මං බයවුණා!

      Delete
  13. මම මුලින්ම රෝස්පාන් කාවේ සත අටට. 1960 ගණන්වල. ඇට ඇට දෙන්නං කිව්ව කාලේ පාන් යටගියා. අද අපේ ගේ ගාවින් උදේටයි හවසටයි චූන් පාන් ත්‍රී වීල් තුනක් යනවා. සතියකට දෙවරක් විතර රෝස්පාන් කනවා.

    ReplyDelete
    Replies
    1. සතියට දෙපාරක් රෝස් පාන්?

      ඉරිසියාවේ බෑ!

      Delete
  14. මගේ ප්‍රියතම ආහාරය තැටි පාන්... ඒකෙ මැද කොටසත් අච්චු පාන් වලට වඩා වෙනස්. නිකං තට්ටු තට්ටු ගැලවෙන ගතියක් තිබ්බා... තැටි පාන් කන්න හොඳම හොඳට දෙහි දාපු පොල් සම්බෝලයක් සහ කිරි මාළු.... ඉස්කෝලේ යන කාලේ සතියට සැරයක් සඳුදා උදේ හොස්ටල් එකට එද්දි, නාරම්මල ටවුමේ කඩේකින් කිරිමාලුයි, පොල් සම්බෝලයි, තැටි පානුයි කනවා. සමහර දාට තැටි පාන් නෑ කියනවා... එක දවසක් එහෙම කිව්වහම මගේ මූණේ හැටි දැකලද කොහෙද කඩේ වැඩ කරපු මනුස්සයා ලඟ කඩේකට ගිහින් තැටි පාන් ගෙනාවා.

    පාන් වල ගණන් හිලව් එච්චර මතක නෑ... චන්ද්‍රිකා ඇවිත් 3.50 ට පාන් දුන්නා නම් මතකයි.

    ReplyDelete
    Replies
    1. තැටි පාන් ලේයර්ස් පිටින් ගැලවෙනවා තමයි.
      පස්සේ ආවා නේද ඔය රෝස් සහ තැටි දෙන්නා අතර මැද පාන් බාගේ ගෙඩියක්?

      Delete
    2. කෞශල්‍ය5 March 2015 at 13:05

      අම්මප තිසර මලේ කිව්වමත් කෙළ උනනවා. මගෙත් favorite එක තමා. අපි කිව්වේ තම්බපු පාන් කියල. පොල් සම්බෝලයි පරිප්පු හොද්දයි තමා මගේ අනුපානු උනේ. එක පාරක් හෝමාගම පැත්තේ බේකරියකින් තම්බපු පාන් ගැන ඇහුවම මුදලාලි කේශාන්තයේ සිට පාදාන්තය තෙක් කීප සැරයක් බලලා කියපි මහත්තයෝ තම්බපු පාන් නම් නැහැ තම්බපු මුන් ඇට නම් තියෙනවා කියල.

      රසික මට ලංකාවේ පාන් වගේම පාන් රාත්තලක් හම්බුනා Canberra වල Italian කඩේකින්. ඉතින් පලකො Canberra පාන් ගේන්න. මම තැන හරියට හොයාගෙන දාන්නම් ගිය වෙලාව try කරලා බලන්න.

      Delete
  15. පොඩ්ඩී කියා ඇති පරිදි සහ මගෙ පෝස්‍ටුවකත් ලියා ඇති පරිදි ලංකාවේ රෝස් පාන් වලට ගහන්න පුළුවන් පානක් මා තාමත් කා නැත. ඒ නිසාම ලංකාවේ ඉන්න ටික කාලෙදි රෝස් පාන් අච්චු පාන් කෑම නියත වී ඇත. මේවා රස වෙන්නේ මෙහෙමයි.. මේ රෙසිපිය කවුරුත් කොපි කරලා කාටවත් දෙන්න එහෙම එපා. පිටි අනන විට එයට එකතු කරන රහසිගත වට්ටෝරුවේ එක් රස කාරකයක් ඇත .පිටි අනන බාස් කොල්ලා සකල සරීරයේම මතුවෙන දාඩිය මුගුරු අතින් පිස අනන පිටිවලට එකතු කිරීමෙන් මේ රසකාරකය සෑදේ .

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ ලුනු! ඒකයි දෙහි දාපු හොදි එක්ක රහ වැඩි!

      Delete
  16. ඕස්ට්‍රේලියාවේ පදිංචි වෙලා ඉන්න මේ ජාති ද්‍රෝහියා ලංකාවේ පාන් පිටි ත්‍රස්තවාදයට උඩගෙඩි දීම ගැන මම රිටයර් වෙලා ඉන්න ජහපාලනයට පැමිණිල්ලක් කොරන්නට සිතා සිටිමි.

    ReplyDelete
  17. රසික ප්‍රීමා පාන් ගැන සඳහන් කරපු නිසයි මේ කොමෙන්ටුව.
    අද ඔබ ජීවත් වන නගරයේම ජීවත් වන මා වසර කීපයකට පෙර එම ආයතනයේ නිෂ්පාදන කළමනකරුවෙක් වශයෙන් සේවය කලෙමි. එම ආයතනය බොහෝ විට තිරිඟු ඇට ආනයනය කරනු ලැබුවේ උතුරු ඇමෙරිකානු මහාද්වීපයෙන්, ඔස්ට්‍රේලියාවෙන් හා ඉන්දියවෙනුයි. එම තිරිඟු පිටි බවට පත් කලේ තිරිකුණාමලයේ ඉදිකරනු ලද පිටි මෝලෙනි (Feed Mill). තිරිඟු පිටිකිරීම ඉතා සංකීර්ණ ක්‍රියාවලියක් වන අතර එහිදී පිටි අවර්ණ කිරීම සඳහා අවර්ණකාරක (Bleeching Agents) නමින් රසායන ද්‍රව්‍ය එයට එක් කරනු ලබයි. ඊට අමතරව පිටි වල ප්‍රෝටීන ප්‍රමාණය අනුව විවිද නිෂ්පාදන සඳහා ඒවා වර්ග කිරීමද සිදු කරනු ලබයි.
    පිටිවල ගුල්ලන් ඇති වීම ගබඩාවල පරිසර තත්ත්ව රදා පවතින අතර විවිද ප්‍රමානයන්ගේ හැලීම් දැල් භාවිතා කර වැඩිහිටි ගුල්ලන් (Adult Wheat Weevils) ඉවත් කල හැකි අතර ජීවන චක්‍රයේ ඉතිරි කොටස් (බිත්තර) විනාශ කිරීම සඳහා ක්‍ෂුද්‍ර තරංග හෝ UV light භාවිතා කරයි. ගුල්ලන්ගෙන් බේරීමට අප යෙදු මූලික උපක්‍රමය නම් ඉතා නැවුම් තිරිඟු පිටි සැම විටම නිෂ්පාදන සඳහා යොදා ගැනීමයි. සරලව කිවහොත් ගුල්ලන්ගේ ජීවන චක්‍රය සම්පුර්ණ වීමට ඉඩ නොදීමයි.
    ප්‍රීමා පාන් වල රසය ගැන කථා කරන විට, සාමාන්‍ය බේකරිවල යොදාගන්නා අමු ද්‍රව්‍ය වලට වඩා තත්වයෙන් හා ගුණයෙන් උසස් අමුද්‍රව්‍ය ප්‍රීමා පාන් සඳහා යොදා ගන්නා නමුත් දර උදුන් වෙනුවට විදුලි උදුන් භාවිතා කිරීමත් දැඩි රළු බව අඩු කිරීම සඳහා රසායන ද්‍රව්‍ය යෙදීමත් යන කරුණු නිසා තැටි පාන් වලින් ප්‍රීමා පාන් වෙනස් වේ. නමුත් පාන් සැන්විච් සැකසීම සඳහා මේ ආකාරයේ පාන්වලට හොඳ ඉල්ලුමක් තිබේ. Calcium Propionate වැනි අහාර කල් තබා ගන්නා රසායන ද්‍රව්‍යන්ට පින් සිදු වන්නට මේ පාන් දින ගණනක් නරක නොවී තබා ගනී මට හැකි වී තිබේ.

    දිග වැඩිද මන්ද ?

    ReplyDelete
    Replies
    1. පාස්සුද? තව දික් උනානං නියමයි!

      Delete
    2. කිසිම දිගක් නෑ. හොඳ විස්තරයක්.

      Delete
    3. දිගු විස්තරයට ස්තුතතියි, හැබැයි, ඔය කොච්චර කිව්වත් ප්‍රීමා පාන් නම් මතක් කරන කොටත් තාමත් අප්පිරියයි!

      Delete
  18. දැන් තියෙන අලුත්ම ට්‍රෙන්ඩ් එක චූන් පාං ය. පාන්දර 6.30 ට පමන ඩිමෝ බට්ටා චුන් එක දමාගෙන එන විට හතරවටේ සිටින බල්ලන්ගේ උඩුබිරුම් නාදය පාන් චූං හඬ පරදා නැග එයි.

    ReplyDelete
    Replies
    1. අහලා තියෙනවා මේ ගැන, දැකලා නං නෑ මයෙ හිතේ. පිළියන්දල පාරේ නං පාන් වැන් එකක් තියෙනවා දැක්කා මතකයි ගිය වසරේ දවසක.

      Delete
    2. බල්ලන් ගැන කිව්ව හරි. චූං පාං මියුසික් එකට බල්ලන් අකමැතියි

      Delete
    3. ඒ මියුසික් එකේ අපට නොඇසෙන නමුත් බල්ලන්ට ඇසෙන තරංගවල ශබ්ධ ඇති.

      Delete
  19. ඊයෙ රෑට දර පෝරණුවෙන් ගෙනාපු තැටි පාන් තුනක්, පරිප්පු තෙම්පරාදුවක් සහ රතු ළුණු බික් තුන හතරක් එක්ක බඩට දා ගත්ත. ශක් පංකාදුයි.

    ReplyDelete
  20. පාන් කියන්නෙ මම අකමැතිම කෑමක්. පාන්වලට මේ තරම් රසිකයො ඉන්නව කියල දැනගත්තෙ කොමෙන්ට් වලින්. එහෙම තමයි එක එක්කෙනාට තියෙන්නෙ විවිධ රුචිකත්වයන්නෙ. පාන් ගැන හුඟක් දේවල් දැනගත්ත .
    හැබැයි ගෙඩි පාන් වලට අකමැති වුනත් ලූනු හෝ සම්බෝලයක් එක්ක රෝස්පාන් නම් කන්න පුළුවන් ( ඒක සාපේක්ෂ රුචිකත්වයක් ).

    මම නම් කැමතිම කෑමක් තමයි සම්බෝලයි බතුයි

    ReplyDelete
    Replies
    1. පාන්, බත්, සම්බෝල තුනම එතරම් හොඳ කැම නොවේ. මද පමණින් කෑ යුතු ඒවායි.

      Delete
  21. කැන්ටින් පාන් කා ඒ රහ වැටී එළියට ගිහිං පාන් බාගයයි හොදි තැටියයි ගන්න ගියොත් පර්ස් එකේ බාගයක් කඩේ තියලා එන්න වෙනවාය. එච්චරටම හොදි ගණන් ය.!

    ReplyDelete
  22. ප්‍රීම පාන් කියන්නෙ කුඩු හැලෙන මෙලෝ රහක් නැති ජාතියක්. ඒව හොඳයි ඔය සැන්ඩ්විච් වගේ හදන්න ගන්න. ඒත් ටෝස්ට් නොකලොත් කන්න අමාරුයි!

    මේ රටේ පාන්පිටි වලට සහන දීල තියෙන්නෙ. ඒ නිසා හොඳම තත්වෙ පිටි ඉතාම අඩුමිලට ලැබෙනව. ඒ නිසාම හොඳම තත්වෙ පාන් ගෙඩියක් රුපියල් වලින් 35 කට අපිට ගන්න පුළුවන්. ඒ ආන්ඩුව පාලන මිලක් දාල, සහන් දෙන නිසා. නමුත් වෙන වෙන පාන් ජාතිත් තියෙනව වැඩි ගානට, නිකන් කුඩු හැලෙන ප්‍රීම පාන් වගෙම.

    පාන් කියන්නෙ මගෙත් ප්‍රිතම කෑමක්, නමුත් ගැලපෙන හොද්දක් එක්ක.

    පොඩි කාලෙ දවසක් සම්බෝලයි පරිප්පුයි එක්ක පාන් කකා ඉන්නකොට ලයිට් ගියා. ඇව්ත් බලත්දි පාන් ගෙඩියක් කාල. මේ ලඟදි අපේ හාමිනෙ රෑ කෑම අඩුකරන්න කියල සුප් සමග පාන් විතරක් තිබ්බ. මම පාන් පෙති පහලවක් විස්සක් කාලකෙහෙල් ගෙඩි දෙහෙකුත් කාල සුප් එකත් ගැහුව, ඩයට් ප්ලෑන් එතනින් හබක්!

    ReplyDelete
    Replies
    1. වැඩිපුර පාන් කෑම ශරීතරයට ගුණදායක දෙයක් නොවේ!
      මං මේ ගැණ ලියන්නම් ලබන සඳුදාට.

      ශිහ් තාමත් කන්නේ රුපියක් 35 පාන්ද? අපි නං කන්නේ රුපියක් 350 ඒවා!

      Delete
  23. පාන් වල නියම විස්තරය ඊළඟ සටහනේ එනු ඇතැයි සිතමි. පත්තරේ කතා ටිකත් මේකෙත් දාන්න. මොකද පත්තර කොහොමත් කියැවෙන්නේ නැහැ.

    පාන් වලට බඩ නොපිරෙන කතාව හා පාන් ගොඩක් කන්න අවශ්‍ය කම අපට ලැබිලා තියෙන්නේ නිවුඩ්ඩ නොමැති පාන් විතරක් ගන්න තියන නිසා වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. මේ ලිපිය ලියවුනේ පොඩි කතන්දරයක් කියන්නටයි. නමුත් හැඳින්වීම ඉතා විශාල වුණා. මේ හැඳින්වීමේත් මුල් ොකටසයි. ලිපිය ලිව්වේ මෙහෙෙ සඟරාවකට නිසා සමහර දේවල් නැවත වැඩියෙන් විස්තර කරන්න වෙනවා. එනිසා, කොටස් තුනක් යාවි අර මට අවශ්‍ය වූ කතාවට එන්න.

      මෙතක් ට්‍රැඩිෂනල් වයිට් කකා හිටියාට මං නං දැන් (2015) කන්නේ නිවුඩ්ඩ ඇති හෝල් මීල් පාන් විතරයි. ධාන්‍ය සහිත ඒවාත් දැන් මට රහ වැටිලා!

      Delete
  24. තැටි පාන් තමයි පටිට

    ReplyDelete
  25. නුවර හොඳම පාන් එම්පයර් බේකරියේ . කොළොඹ නම් බොරැල්ලේ ඩි මෙල් බේකරියේ. දිව්‍ය ලෝකේ සුවඳ ...

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.