Saturday, 14 February 2015

පාන් ගෙඩියකින් තුන්කාලක් ම "තාංගීක" වුණු හැටි! - Bitter Bread?


මින් දශක දෙකකට පමණ පෙර මා ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කිරීමේ වන්දිය මා ගෙවුවේ, ලංකාවේ දී කෑ රෝස් පාන්, තැටි පාන්, අච්චු පාන් රසය අහිමි කර ගැනීමෙනි. ඒ සාපය ගෙවුණේ තවත් වසර ගණනාවකට පසු මෙහි වෙළඳපොළට ආ "හෙල්ගාස්" නමැති පාන් වර්ගය ලංකාවේ පාන්වල රසයට ඉතා සමාන බව "ට්‍රයල් ඇන්ඩ් එරර්" විධික්‍රමයෙන් හදිසියේම සොයා ගැනීමත් සමගය.

මේ සොයා ගැනීම කෙතරම් ප්‍රීතිමත් එකක් වුවද, දිනපතා "හෙල්ගාස්" පාන් කෑම නම් තරමක ප්‍රශ්ණයක් විය. එය හේතුව වූයේ, කඩපොලේ ඇති "ටිප්ටොප්", "වොන්ඩර් වයිට්" වැනි සාමාන්‍ය ලේබල් පාන් වර්ගවලට වඩා හෙල්ගාස් පාන් දෙගුණයක් තරමට ම මිළ ඉහල වීමයි.

එසේ වුවද, සති දෙක තුනකට වරක් මේ පාන් වර්ගයේ මිළ සතියේ සුවිශේෂී මිල අඩු කිරීම් යටතේ තුනෙන් එකක් පමණ අඩුවෙන නිසා, එතෙක් බලා සිට "හෙල්ගාස්" පාන් මිලයට ගැනීමට මම පුරුදු වුණෙමි. ඊට අමතරව, ප්‍රධාන සුපිරි වෙළඳසැල් දෙකේ, එනම් "වූල්වර්ත්" සහ "කෝල්ස්", මේ මිල අඩුකිරීම් සිදුවවෙන්නේ වෙනස් සතිවල දී වීම ද මගේ "හෙල්ගාස්" පාන් මිල දී ගැනීම වඩාත් පහසු කළේ ය.

අද වන විට නම් "හෙල්ගාස්" වර්ගයේ තවත් පාන් වර්ගයක් "ඇබොට්ස් බේකරි" නමින් ඇත. බොහෝ විට සතියේ විශේෂ මිළ අඩුකීරීම් යටතේ මේ දෙවෙනි වර්ගයේ මිළ අඩුකරන්නේ "හෙල්ගාස්" පාන් මිළ අඩුකර නොමැති සතිවල දී වීම ද අද මට ඇති තවත් වාසියකි.

මේ සතියේ "හෙල්ගාස්" කමි. ඊළඟ සතියේ "ඇබොට්ස් බේකරි" පාන් කමි!

මා සිත ගත් "හෙල්ගාස්" පාන් සම්බන්ධයෙන් මගේ සිතේ නොමැකෙන සේ රැඳී ඇති එක් අපූරු සිද්ධියක් මෙසේය.

මා "හෙල්ගාස්" පාන් හඳුණාගත් මුල් කාලයේ යෙදුණු එක්තරා පාසල් නිවාඩුවක, තවත් මිතුරු පවුල් කීප දෙනෙකු සමග, අපි ප්‍රාන්තයේ වෙනත් ප්‍රදේශයක් බලා දින තුනක විනෝද චාරිකාවක ගියෙමු. මෙවැනි ගමන්වලදී අප නතරවෙන්නේ දිනපතා මිළට කුලියට ගත හැකි කුඩා නිවාසවල ය. මිතුරු පවුල් එක ලාගින් ඇති නිවාසවල, සමහර විට එක නිවසක පවුල් දෙක බැගින්, නවාතැන් ගැනීමත්, උදෑසන ආහාරය සහ රාත්‍රී ආහාරය එක්ව ගැනීමත් අපේ සිරිත විය. දිවා කාලයේ අවට සිරි නැරඹීමට යනෙන නිසා නවාතැනේ දී ආහාර ගැනීමක් සිදු නොවේ.

චාරිකාව යාමට පෙර දින, අවශ්‍ය බඩු බාහිරාදිය මිළට ගැනීමට වෙළදසැලට මා රැගෙන ගිය බඩු ලයිස්තුවේ "හෙල්ගාස්" පාන් ද ඇතුලත් විය. නමුත් අවාසනාවට මෙන් ඒ සතියේ "හෙල්ගාස්" පාන් මිල අඩුකර නොතිබුණි. එනිසා, නියමිත මුලූ මුදල ම ගෙවා "හෙල්ගාස්" පාන් මිළට ගැනීමට, ඉතා කණගාටුවෙන් වුවද, මට සිදුවිය.

විනෝද චාරිකාවේ මුල් දින රාත්‍රියේ අප නවාතැන් ගත් කුඩා නිවාස කිහිපය පිහිටා තිබුණේ කුඩා ගංගාවක් අසබඩ උද්‍යානයක් මෙන් දිස්වූ භූමියක ය. රාත්‍රී ආහාරය සඳහා එක නිවසකට එක්ව කා, බී, ගී ගයා සතුටෙන් ගත කළ අප පවුල් කිහිපය පසුදා උදයේ ද එකම නිවසකට එකතු වූයේ පාතරාසය සඳහායි. මා එහි ගියේ මගේ ප්‍රියතම "හෙල්ගාස්" පාන් ගෙඩි දෙකක් ද රැගෙන ඉතා උජාරුවෙනි.

උණු, උණු පරිප්පු හොද්දක ගිල්වමින් පාන් පෙති කීපයක් ම මා එදා උදෑසන අතුරුදහන් කළේ හෙල්ගාස් පාන් ලංකාවේ අච්චු පාන්වලට රසයෙන් ඉතා සමාන බවට අපේ මිතුරන්ට සහතික දෙමිනි. ඔවුන් අතරින් බොහෝ දෙනෙක් මගේ ඒ නිගමනය කෙතරම් දුරට සත්‍යදැයි වහාම පරීක්ෂණාත්මව සොයා බැලූහ. ටික වේලාවකි දෙවෙනි හෙල්ගාස් පාන් ගෙඩියේ කවරය ද විවර විය.

මේ මොහොතේ දී අප රැස් වී සිටි නිවස ඇතුළත දිව ආවේ, අපේ පවුල්වල කුඩා දරුවන් කිහිප දෙනෙකි.

"අම්මී, අම්මී, ඩක්ස් ලා ඉන්නවා, ඩක්ස් ලා ඉන්නවා. අපිට ඩක්ස්ලාට කන්න දෙන්න දෙයක් දෙන්න, ප්ලීස් ප්ලීස්!"

ඔවුන් උද්දාමයට පත් වී සිටියේ උද්‍යානය අසල කුඩා ගං ඉවුරට රැස් වී සිටි තාරා රංචුව දැකීමෙනි. වැඩිහිටියන් ආහාර ගනිමින් සිටි මේසය උඩ තිබූ පාන් බෑග් දෙස ඔවුන් ගේ නෙත් ඇදී ගියේ ය.

"අපිට දෙන්න පාන්, ඩකීස්ලට දෙන්න පාන්!"

ඔවුනතරින් එක් දරුවෙක් මේසය උඩ තිබුණු සාමාන්‍ය වර්ගයක පාන් බෑගයකට අත තැබුවේ ය.

එවිටම කතා කළේ එහි සිටි එක් මවකි.

"පුතාලා මෙන්න මේ පාන් ටික අරන් යන්න ඩකීස් ලා ට දෙන්න!:

ඇය දරුවන් අත තැබුවේ පෙති කිහිපයක් පමණක් කෑමෙන් පසු ඉතුරු වී තිබූ මා ගෙනා දෙවෙනි "හෙල්ගාස්" පාන් බෑගයකි.

"අනේ මේ අලූත් පාන් ජාතිය නිකං ඇඹුල් රහයි, ලූනු රහයි විතරයි. මට නං කන්න බෑ, අපි තාරාවන්ටවත් කන්න දෙමු!" ඇය ඒ සමගම පැවසුවා ය.

මගේ පපුව හෝස් ගා දැවී ගියාක් මෙන් දැණුනි. ඒ තාරා කෑම ලෙස ගර්හිත කරණු ලැබුවේ මා ප්‍රියතම "හෙල්ගාස්" පාන් ගෙඩියකි. වෙනදා කන "හෙල්ගාස්" පාන් නම් කම් නැත, මේ සල්ලි, සල්ලි කියා නොබලා නියමිත මුලූ මුදලම ගෙවා මා පෙර දා මිළට ගත් "හෙල්ගාස්" පාන් ගෙඩියකි.

කෙතරම් දැඩි වුවද, ඒ දුක උසුළාගෙන මම මුවින් නොබැන සිටියෙමි.

වසර දොළහක් ගෙවී තිබුණ ද අද පවා "හෙල්ගාස්" පාන් ගෙඩියක් දුටු විට මගේ සිහියට නැගෙන්නේ මේ සිදුවීමයි.

ඉන් මා අද ද ලබන වින්දනය, "හෙල්ගාස්" පාන් ගෙඩියකින් තුන් කාලක් ම තාරා හීල් දානය සඳහා "තාංගීක" වෙනු දැක එදා මා ලද සංතාපයට වඩා බලවත් ය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
සංඝයාට දෙන දානය සාංඝීක වෙනවාක් සේ, තාරාවන් ට දෙන දානය "තාංගීක" බව දත යුතුයි.


(image: http://www.trendzified.net/random-thoughts/)

27 comments:

  1. හත්තිලව්වයි........... ඔහොම දේවල් වුණාම මොනවා කරන්නද????? පොඩි ඒකාව රවට්ටලා ඩක්ස්ලාට පාන් දෙන්න ඒපා පුතා ඒයාලා සික් වෙනවා කියලා ෂේප් කරගන්න ඒපැයි ............

    ReplyDelete
  2. අපොයි... ලංකාවෙ රසට පාං කාල අසරණ ඩක්ස් ලට මොකක් උනාද දන්නෑ ඊට පස්සෙ.

    ReplyDelete
  3. කට්ටිය එකතුවෙලා උදේට ගත්තු දානෙට කියන්නේ මොනවද දන්නේ නෑනේද? :P

    ReplyDelete
  4. රෑ දානෙට රෝස් කරපු ඩකෙක් හිටියෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. අන්න මමත් අහන්න හිටියේ ඒකම තමයි. වැඩිය පාන් කාපු ඩකියා රෑට බයිටයක් කරගත්තානම් ඌව කන ගමන් ඇද්ද උඹට කියලා අහන්නත් තිබුණා.

      Delete
  5. දැන් එහෙනම් ඩක්ලා ගේත් ප්‍රධාන ආහාරය පාන් වේවි නේ.වෙජිටේරියන් ඩක්ලාට එහෙම හොඳයි,මාළු නොකා පාන් කන්න බැරිය දැන්.

    ReplyDelete
  6. මෙලෝ රහක් නෑ.
    ඔහේගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙනවා
    -මීට මාතලන්

    ReplyDelete
  7. ඕස්ටේලියාවේ ඉන්න ටිකක් හොඳ පාන් ගෙඩියක් ගන්න අමාරු කස්ටිය ගැන මට දුකය.... අපි නම් මේ සිරි ලන්කාවේ සිට caviar සහ truffle වැනි දේ පවා පරිබොජනය කරමු

    ReplyDelete
    Replies
    1. නෑ ඉන්දික ඔය කියන්නෙ , දුර්ලභ හතු වර්ගයක්
      ගැන.

      මෙයාල මෙව්ව කන කොට, අර දෙදහස් පන්සීයෙන් මාසෙ දුවන හුදී ජනයා කෑවෙ මොනවද?

      Delete
    2. නරිමොටා,

      නෑ බන්, මේ කියන්නෙ truffle butter ම තමා. අපි නොදන්න සා-රස :D

      Delete
    3. @ඉන්දික උපශාන්ත15 February 2015 at 00:31

      හ්ම්ම්.... ස ර ස තුමා ගේ truffle butter ඉන්දික කා තිබෙන හැඩයි... සන්තොසයි....

      Delete
    4. එහෙම කියන්ට එපෑ?

      බලාගෙන ගියාම, පහුගිය රජකාලෙ සමහරුන්ට ඈස්චර්යය පහල වුනා කියන කතාව බොරුමත් නෙමෙයි වගේ :)

      Delete
  8. ඔයා කියන්නේ මේ wholemeal පාන් ගැන නේද. අපේ ගෙදර සාමාන්‍යයෙන් කන්නේ ඒක රතුහාල් වග ගුණදායක නිසා. අනිත් සුදු පාන් වලට වඩා ගණන් වැඩි නිසා මගේ බිරිඳත් අඩු කරන දවසට කීපයක් අරගෙන freeze කරනවා. ඔයාල රයි පාන් කනවද? මගේ ජර්මන් බිරිඳ නිසා පුරුදු වුන දෙයක්. රුසියන් කළු පාන් නුත් රහයි. හැබැයි උණු උණු පරිප්පු හොද්දකුයු සම්බෝලයකුයි හදල මම නම් කන්නේ ෆ්‍රෙන්ච් baguette බැගෙට් එක. උණු පාන් එක හරිම රහයි සම්බෝල එක්ක.

    ReplyDelete
    Replies
    1. අපිත් ගොඩක් වෙලාවට උදේට රයි පාන් කනවා. සම්බෝල එක්ක මාර රසයි. :)

      Delete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. රාජ්‍ය අනුග්‍රහයෙන් සහන දී මිළ පාලනය කර ඇති නිසා අපිනම් හොඳ පාන් රුපියල් වලින් 35 දී කන බව කලින් කිව්වම හිනා උනේ මේකයි එහෙනම්..

    සතියකට දිනක් මිල අඩු වීම යනු අලුත් සංකල්පයකි. ආඅදායම් බදු රහිත, සියල්ලට 5% තීරු බද්දක් පමනක් ඇති රටක වෙසෙන අපට මිල වෙනස් වීම දැනෙන්නේ ඉතාම අඩුවෙන් උවත්, පිටි සහ පාන් වල මිල පසුගිය වසර විස්සක් තිස්සේ නොවෙනස්ව තිබෙන බව කිව්වොත්?

    නිදහස් බදු රහිත ජීවන රටාවක් ඇති බහරේනය ඔස්ට්‍රේලියවට වඩා සැපට ජීවත්ව කීයක් හෝ ඉතුරුකරගැනීමට කදිම තැනක් බව තවත් තහවුරුවිය.

    ReplyDelete
    Replies
    1. සතිපතා තෝරාගත් ආයතන වල නිෂ්පාදන වල මිල අඩුකිරීම පිළිගත් සම්ප්‍රදායකි. කාර්ගිල්ස් ප්‍රමෝෂන් මෙතනින්

      //ආඅදායම් බදු රහිත, සියල්ලට 5% තීරු බද්දක් පමනක් ඇති රටක වෙසෙන අපට මිල වෙනස් වීම දැනෙන්නේ ඉතාම අඩුවෙන් උවත්, පිටි සහ පාන් වල මිල පසුගිය වසර විස්සක් තිස්සේ නොවෙනස්ව තිබෙන බව කිව්වොත්?

      නිදහස් බදු රහිත ජීවන රටාවක් ඇති බහරේනය ඔස්ට්‍රේලියවට වඩා සැපට ජීවත්ව කීයක් හෝ ඉතුරුකරගැනීමට කදිම තැනක් බව තවත් තහවුරුවිය.//

      තෙල් ටික ඇති තෙක් පය යට
      හම්බය ජෝගි නටයි උඩ පනිමින

      Delete
    2. ම.සො.පි

      හම්බයන් ජෝගි නැටීම සහ තෙල් වලින් ආතල් ගැනීම ගැන වද වෙන්නේ කුමට.. අනෙක තෙල් නැතත් එල්.එන්.ජී ඇති නිසා තව වසර පණහකට දේශපාලන කුණාටුවක් නැතිවුනෝතින් මෙරට වාසය ඉතා සුරක්ෂිතය. ඉන් මට ඉන්නට ඇත්තෙ විස්සකි. සිටි කාලය තුල ඉතුරුකිරීම් වලින් අවශ්‍ය උනොත් පොඩි ඉන්වෙස්මන්ට් එකක් මගින් "හොඳ" රටක බිසිනස් වීසාවක් ගැනීමට හෝ ලංකාවෙ විශ්‍රාමය "සැපසෙ" ගතකල හැක.

      ඉදින් එතෙක් හොඳම පාන්, මස්, කිරි සහ තෙල් සහන මිලට වලඳා, නිදහස් සෞක්‍යෙන් බෙහෙතුත් ගෙන, වසරකට වරක් නොමිලේ ලැබෙන ටිකට්ටුවෙන් පවුල් පිටින් ලංකාවේ නෑගම් ගොස්, අඩුවෙන්ම අවශ්‍ය විස්කි වලට පමණක් චුට්ටක් වැඩියෙන් ගෙවා, සැපට ඉම්මු සුදෝ අපි සන්තෝසෙන්.

      Delete
    3. සැබවින්ම. හැකි සෑම ප්‍රතිලාභයක්ම ලබා ගන්න. :)

      Delete
    4. //නිදහස් බදු රහිත ජීවන රටාවක් ඇති බහරේනය ඔස්ට්‍රේලියවට වඩා සැපට ජීවත්ව කීයක් හෝ ඉතුරුකරගැනීමට කදිම තැනක් බව තවත් තහවුරුවිය.//

      මාර මොලේ

      Delete
  11. රටෙන් පිට කාලයක් සිටි අයෙක් මට කියු කතාවක් සිහිවිය.
    හෝම් සික්නස් යනු
    එතෙර ගොස්
    පොල් සම්බෝල සෙවීමයි

    සෝබනේ යනු
    නිවාඩුවට පැමිනි කල්හි
    එතෙර කෑම සෙවීමයි

    ReplyDelete
    Replies
    1. ඇත්තටම එහෙම කරනවද ? මම නම් හිතන්නේ නැහැ. ලංකාවට ආපු ගමන් ඉස්සෙල්ලම මම නම් කරන්නේ මාළු ඇඹුල තියල් , රතු කකුල් හාල් , පරිප්පු හා සම්බෝල එක්ක බතක් දාන එක. හැබැයි පිටරටවල් ඉන්න කොට ඒ රටවල දේ කන්න පුරුදු වෙන එක හොඳයි. නැත්නම් බඩගින්නේ ඉන්නනෙ වෙන්නේ තමන්ගේ ජාතියේම කෑම හොය හොය.

      Delete
  12. තාරාවන්ට දෙන දානය තාරිංකනේ.
    -ශනි (හෙනහුරා)

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.