Friday 13 November 2015

වධකයා සහ උගේ බිරිඳ - James Bond with a licence to kill


මා කුඩා කාලයේ එක් දිනක්, අපේ බාප්පා "බුදු අම්මෝ!" යැයි මහ හඬින් කෑ ගසමින් තම කඩා වැටෙන සරම ද අතින් අල්ලාගෙන නිවසේ සිට වත්ත පහළට දිව යනු මට මතකය. අප මවිතයට පත්කළ ඔහු ගේ ඒ හැසීරීමට හේතුව ලෙස අපට පසුව අසන්නට ලැබුණේ, බාප්පා ගේ කාමරයේ මකුළුවෙකු සිට ඇති බවයි.

සාමාන්‍යයෙන් කැරපොත්තන්, මකුළුවන් වැනි කෘමි සතුන්ට බියවන්නේ බහුතරයක් කාන්තාවන් ය. පිරිමින් අතර ද එවැනි දුබල සිතැති අය ඇති බවට අපේ බාප්පා සාක්‍ෂියකි. ඒ ඔහු මකුළුවෙකුට බයේ කෑ ගසමින් දිව ගිය එකම දිනය නොවේ!

බාප්පලා, නැන්දලා කොයිතරම් බිය වුවද, ලංකාවේ දකින්නට ලැබෙන මකුළු වර්ග කිහිපය විෂ සහිත වුන් නොවේ. එසේ නොවී උන් විසකුරු සතුන් වූයේ නම්, ලංකාවේ නිවාසවල සාමන්‍යයෙන් දකින්නට ඇති මකුළු දැල් ප්‍රමාණයට අනුව, මිනිසුන් නොමැරී ජිවත් වෙන්නේ කෙලෙසදැයි සිතා ගත නො හැකි වෙනු ඇත.

නමුත්, විසකුරු මකුළු වර්ග ද ලොව සිටිති.

මා කුඩා කාලයේ කියවූ ජේමිස් බණ්ඩා චරිතය සහිත චිත්‍රකතා පොතක දිවි මකුළුවා නම් විසකුරු එකෙකු සම්බන්ධ කොටසක් ද තිබුණි. ඒ මාරාන්තික මකුළුවා යොදා අංගවිකල දරුවෙකු මරා දමන්නට කෙරුණු උත්සාහයක් ජේමිස් බණ්ඩා නම් අපේ කාලයේ වීරයා අන්තිම තත්පරයේ දී ව්‍යවර්ථ කර දැම්මේ අප සන්ත්‍රාසයේ සිට උද්දාමයට පත් කරමිනි.

ලයිසන්ස් ටු කිල් හෙවත් මිනිසුන් මරා දැමීමේ ලයිසොමක් ඇති වධකයෙකු වූ ජේමිස් බණ්ඩාට දිවි මකුළුවෙකු යනු කජ්ජක් ද?

ඕස්ට්‍රේලියාවේ මකුළු වර්ග රාශියක් සිටිති. ඉන් බොහෝ වර්ග විසකුරු නැතිමුත් විෂ සහිත එවුන් ගේ විෂ, ඉතා දරුණු විය හැකිබව කියවේ.

නමුත්, නපුරු දුදනන් ගේ සියොළඟෙහිම විෂ තිබුණ ද, මකුළුවන් ගේ විෂ ඇත්තේ එක් කුඩා තුඩක පමණක් නිසා, මකුළුවෙකු හැපීමෙන් මිය ගොස් ඇති මිනිසුන් සංඛ්‍යාව ඉතා අල්ප බව පැවසේ.

ඊයේ සවස මා සේවය නිමවී නිවසට ළඟා වුයේ හත හමාරට පමණය. ආලිංගනයෙන් සහ දෙතොල් මත තැබුණු චුම්බනයකින් සුපුරුදු පරිදි මා පිළිගත් මගේ ප්‍රියම්භිකාව, වෙනදාටත් වඩා ආදරයෙන් මා ඇමතීය.

"අනේ රසී, ඔයා එනකං තමයි මං මේ බලාගෙන හිටියේ. තඩීම තඩි මකුළුවෝ දෙන්නෙක්ම ඉන්නවා ගේ ඇතුළේ. අනේ උංව අරං දාන්න!"

තරප්පුව යට ඇති කුඩා ගබඩා කාමරයේ දොර දෙපැත්තේ සිවිලිමේ රුඳී සිටි මකුළුවන් දෙදෙනෙකු ඇය මට ඇඟිල්ලෙන් පෙන්නුවාය.

"මෙන්න මූ නම් රෙඩ් බැක් එකෙක් වගෙයි. අනිකා නම් ෆනල් වෙබ් එකෙක් ද මන්දා?"

හිස ඔසවා ඒ දෙස බැලූ මා දුටුවේ වෙනත් වර්ග දෙකක මකුළුවන් දෙදෙනෙකි. කලබලවීමට හේතුවක් තිබුණේ නැත.

වෙනදාට මෙවැනි අවස්ථාවල දී මා කරන්නේ පරණ සිලි-සිලි බැගයක් අතේ දමාගෙන මකුළුවාව අල්ලා, ඌ බැගය ඇතුළට දමාගෙන කුණු බක්කිය තුළට දැමීමයි.

නමුත් ඊයේ මා කළේ ගබඩා කාමරයෙන් කුඩා පියගැට ඉණිමගක් ගෙන ඒ මත නැග, මකුළුවන්ට මෝටීන් විෂ ප්‍රහාරයක් එල්ල කිරීමයි. සිහිසුන් වී බිම ඇඳ වැටුණු මකුළුවන් දෙදෙනා ඊළඟට සිලි-සිලි බැගයක් ඇතුළේ සැතපී කුණු බක්කියට වීසි වූහ.

මගේ බිරිඳ මකුළුවන්ට ඇති බිය මා හොඳින් දන්නා නමුත් මම බිරිඳ අමතා මෙසේ කීවෙමි.

"අයියෝ ඔයා මං එනකල් හිටියේ ඇයි ඕක කරන්න. මෝටීන් ස්ප්‍රේ කළා නම් ඉවරයිනේ?"

"අනේ මට බෑ ඒවා කරන්න. පවුලේ හබියා ඉන්නේ ඒකට තමයි!" ඇය කීවා ය.

"ඒ කියන්නේ මං තමයි මේ ගෙදර වධකයා?"

"ඔව් ඔයා තමයි!" ඇය සිනාසෙමින් පැවසුවේ මා ඊළඟට කියන්නට යන දේ ගැන කිසිදු අදහසක් නොමැතිව ය.

"හොඳයි මං වධකයා නම්, මගේ බාරිය වෙන ඔයා කවුද?"

විරුද්ධවාදියා ක්‍ෂණයකින් නිරුත්තර කරමින් මා ඊයේ දවසේ වාග් සංග්‍රාමය ජයගත්තේ එලෙස ය.

ප/ලි:
සර්පයෙකු දුටුවහොතින් නම්, මා අපේ බාප්පා කළාක් මෙන් "බුදු අම්මෝ!" කියා කෑ ගසමින් කඩා වැටෙන සරම ද අල්ලාගෙන දිව යන්නට ඉඩ නොමැති මුත්, හිරිකිතකම නිසාත්, විසකුරු බව නිසාත් මගේ ජේමිස් බණ්ඩාකම අමතක කර දැමීමට තරමක් ඉඩ ඇත!

(image: https://www.magshop.com.au/australian-spiders-poster)

81 comments:

  1. සිහිසුන් වී බිම ඇඳ වැටුණු මකුළුවන් දෙදෙනා ඊළඟට සිලි-සිලි බැගයක් ඇතුළේ සැතපී කුණු බක්කියට වීසි වූහ.- ප්‍රාණ ඝාතයක් වෙලා නේද ?

    ReplyDelete
    Replies
    1. වධකයෙකු ( with a licence to kill) ගෙන් වෙන කුමක් බලාපොරොත්තුවන්නද?

      Delete
  2. මට නම් මකුලුවන්ට වඩා පෙනුනේ වධක භාර්යාව, වධකයාට දීපු උම්මා එක. මාර රොමැන්ටික් නේ? :D

    දැන් ඕක හම්බ වෙන්නේ මකුලුවෝ ඉන්න දවස්වලට විතරද? :P

    ReplyDelete
    Replies
    1. ඔව්නේ,නැත්නං වෙන කවදට ලැබෙන්නද.පොඩ්ඩි නං මකුළුවන්ට බය නෑලු නේද?

      Delete
    2. ඒ කියන්නේ පොඩි කුමාරිහාමි වධක බාරියක් නොවෙයිද? උම්මා දෙන්නේම නැද්ද අර කුමාරයාට?

      Delete
    3. //වධකයාට දීපු උම්මා එක. මාර රොමැන්ටික් නේ? //

      මට නං ඔය බලන්නෙ බීලද එන්නෙ කියලා …ඕ යේස්

      Delete
    4. අත් දෙකම උස්සලා ඒ යෝඡනාව මම සම්බන්දයෙනුත් අනුමත කරනවා

      Delete
  3. හොඳ වෙලාවට මෝටීන් ස්ප්‍රේ කළේ. නැත්නම් ඕකා අප්ස්ටෙයාර්ස් ගිහින්, වයින් කලෙක්ෂන් එක අස්සේ රිංගලා, පොත් රාක්කෙටත් පැනලා, ආපහු පහලට ඇවිත් හෝම් තියටර් එක අස්සෙත් රිංගලා, බේස්මන්ට් එකට ගිහින්....ඔය වගේ ලොකු අවුලක් වෙන්න තිබුණා. අනිත් එක බලාගෙන ගියාම වෙන අය වෙනුවෙන් හිරේ යනවා වගේ වෙන අය වෙනුවෙන් අපායේ යන එකත් සාමාන්‍ය දෙයක්.

    ReplyDelete
    Replies
    1. මකුළුවා නිසා හොඳයි.. නයෙක් උනානම් අනිවා ඔය හැම තැනම යනවා.. :p

      Delete
    2. ඉකොන්මැට්ස් හිතලාම ටපලලා ද මන්දා?

      බේස්මන්ට් තියෙන්නේ ඇමරිකාවේ. මෙහේ ඒවා නෑ. අනික වයින් සෙලර් තියෙන්නේ උඩ තට්ටුවේ නොව බේස්මන්ට් එකේ නේද?

      වයින්වල කෙසේ වෙතත්, මගේ සිංගල් මෝල්ට් ස්කොච් කලෙක්ෂන් එක අස්සේ නම් මකුළුදැල් බැදෙන්නේ නෑ!
      ;-)

      Delete
    3. මට මකුළු ප්‍රශ්ණේ තියෙන්නේ ගරාජ් එකේදි විතරයි. පෝශේ කාර් දෙක දවසක් ඇර දවසක් පිහදාන්න වෙනවා මකුළු බිත්තර එහෙම වැටිල තිබුණම. මර්ක් එක කළු නිසා එච්චර ප්‍රශ්ණයක් නැහැ. බුගාටි එකට නම් ගන්නකොටම වහන්න කවර් එකක් දුන්න නිසා ඒ ප්‍රශ්ණෙ නැහැ. රෝල්ස් රොයිස් එකේ ලෙදර් වහලේ නිසා හරි ප්‍රශ්ණයක්. වැඩිපුරම වෙලාවක් යන්නේ මරුටි 800 එක හෝදන්න ඒක තියෙන්නේ ගරාජ් එකේ පාක් කරල නිසා. අනික්ව බිත්තියේ අලවල තියෙන ෆොටෝ නිසා කිව්ව විදිහට නිතර ඩස්ට් කරන්න වෙනවා.

      Delete
    4. ඉයන් මකුළු බිත්තර ,ජරාව වගේ හින්ද මගෙ කාර් ටිකටත් ඔය ප්‍රශ්ණෙ තියනව මරුති 800 එකනම් ෂැම්පු පැකට් දෙකක් දියකරල හෝද ගන්නව. අනික් එවුවට නම් ප්ලාස්ටික් කවර් එකක් තියන හින්ද මාස දෙකකට පාරක් ටූත් බ්‍රෂ් එකකින් අතුල්ලල හෝද ගන්නව.

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. මගේ ගෙදර වාහන ටික බලාගන්න දාපු ඉයන් කියන කොලුවව අස්කරලා දාන්න ඉන්නෙ මිනිහා හරියට වාහන ටික බලා ගන්නෙ නෑ..වාහන වල හැම තැනම මකුඵ බිත්තර..මගේ අලුත්ම බෙන්ස් එක අයින් කරලම දැම්මා මකුඵවෙක් ඉදලා

      Delete
  4. හෙහ් හෙහ් මෝර්ටීන් ගැහුවට පස්සේ ආයේ මොන සිහිනතිද? එතැනින්ම කම්බස් තමයි. මේ ළඟදී අපේ ගෙදර වහලේ ලන්ගාවෙන්න අමාටු ස්ථානයක ලෙලි ගැසූ පොල්ගෙඩියක් තරමේ සහ ඊට ආසන්න නමුත් මදක් දිගටි දෙබර කූඩුවක් බැඳ තිබුනා. දවාලේ උන් කූඩුව වටේ කරගෙනවා. මම එතනට ගියානම් ඔවුන් මට counter attack එකක් දෙනවා. ඒ නිසා මම හිතුවා night attack එකක් දෙන්න. රෑ 9.00 ට විතර ඔබ වගේම ඇලුමිනියම් ඉනිමගක් තියලා වහලයේ එක පියස්සකට නැගලා. ඉනිමග ඇදලා අරන් ඊට ඉහළින් ඇති පියස්සේ බැඳ තිබෙන දෙබර කූඩුවට ලංවුණා. අවශ්‍ය ප්‍රහාරක අවි මගේ පිටේ පොඩි ස්කූල් බෑග් එකක තිබුණා. දෙබරුන් එලියට ඇතුලට යන විවරයට මෝර්ටීන් ස්ප්‍රේ එක තබා තත්පර 15 ක් පමණ එක දිගට ස්ප්‍රේ කළා. දෙබරුන් 100 කට වැඩි ගණනක් ඉඳලා තියනවා. ඔවුන් ඔක්කොම මැරුණා. ඒ විවරයෙන් ඔවුන් වහලයට වැටුනා. ඊට පස්සේ ගණන් කර බැලුවම 89 ක් හිටියා. (නොදකින්, පව් කරලා තව කයියත් ගහනවා. ඔන්න ඒක මම ම කිව්වා) දෙබර කූඩුව පිහියකින් කපලා බිමට දැම්මා. හැමදාම ඔය සෙල්ලම් බැහැ. ඒ නිසා දැන් නිතර සොයා බලනවා දෙබරුන් ඉන්නවාද කියා. වධකයාගේ බිරිඳ බිම සිට ටෝච් එක ඇල්ලීමෙන් උදව් කළා.

    ReplyDelete
    Replies
    1. නිවැරදි කිරීම්:- සිහිනතිද නෙවෙයි සිහි නැති , අමාටු නෙවෙයි අමාරු, කරගෙනවා නෙවෙයි කැරකෙනවා.

      Delete
    2. හමුදා පුහුණුව සාර්ථකව යොදා ගත් අවස්ථාවක්.

      Delete
    3. එක දෙබරයි ළමයෝ ඇන්නේ
      ඇයි ඔක්කොම දෙබරු මරන්නේ?

      Delete
    4. යුද්දෙදි පසු පෙලේ හිටපු විචාරක රැයකදී බඹරුන් 89ක් මරා ලෝටස් ලන්තයේ වීර හුකුම් පදක්කම දිනාගන්නා බව හතරලියද්දේ ජනතාව වෙත පට්ට ආතල් එකෙන් දන්නවා සිටින වගයි. පදක්ම් පැළඳීම සෙංකඩගල බහිරව කන්දේ දී හෝ ගන්නෝරුවේ මිලිටරි සෙමෙට්‍රියේදී පළඳවනු ලබයි

      Delete
    5. විචාරක ගේ කතාව කියවා මට පරණ කතාවක් සිහිවුනා.

      අර මැස්සන් විශාල සංඛ්‍යාවක් එක පහරින් මරා ඉන් පසු "එක පහරින් අනුවක් මැරුවෙමි" කියා කියූ පුද්ගලයෙකු පසුව රජුගේ තනතුරකට පත් වී....යනාදී වශයෙන් කියවෙන කතාවක් තියෙනවා නේද?

      Delete
    6. හපෝයි දෙබරු මරණ එක පාආආආආආආආආආඅව්! මොන පව් කාරයෙක්ද මේ?

      ඔන්න දෙමළු මැරුවා කිව්ව නම් ඒක වෙනම කතාවක්!

      දෙමළා වගේද දෙබරා!

      Delete
    7. මේක කියෙව්වම මට පරණ සිංහල චිත්‍රපටියක තිබිච්ච දෙබෙසක් මතක් වුණා. එඩී ජයමාන්න අන්දරේ චරිතයක් රඟපාමින් රජු සමඟ යුද්දයට ගොස් නැවත පැමිණ භාර්යාවට යුද්ධයේදී ඔහුගේ දක්ශකම් පිලිබඳ කරන වර්ණනාව.

      අන්දරේ : මමත් සේනාවත් එක්ක ගිහින් හතුරො හත් අට සීයක කකුල් කපල දැම්ම.

      අන්දරේ ගේ බිරිඳ: හතුරන්ව මරල දාන්නෙ නැතුව ඇයි අනේ ඔයා උන්ගෙ කකුල් කැපුවේ?

      අන්දරේ : යෝදියේ මේ අහපං, මම යනකොට වෙන එකෙක් උන්ගෙ බෙලි කපල තිබ්බේ

      Delete
    8. මේ ඉයන් ඔහේ වහෙන් ඔරෝ ඔයා විචාරකව ...අන්දරේ විදිහට ලිව්වා නේද ..ඒවා බලු වැඩ.... එයා ඔයාට පුකට පයින් ගහන්න හොයයි ...එයාට පුලුවන් එච්චරයි.....

      Delete
    9. ළමයිනේ එහෙම කියන්න එපා. මේ අපේ ගුණයා අපේ රෙජිමේන්තුවේ හිටපු නිර්භීතම ඔෆිසර් කෙනෙක් තමයි යුද්ද කාලේ.

      කවුරුත්ම යන්න තියා යනවා කියලා හිතන්නවත් බය වුණු තැන්වල තිබුණු දෙබර වද කැඩුවෙම මෑන්ස් තමයි.

      මීට,
      වෙල් විදානේ

      Delete
    10. රෙජිමේන්තුවේ හිටපු භීතම ඔෆිසර් කෙනෙක් තමයි යුද්ද කාලේ.

      Delete
  5. අපේ ගෙදරත් මකුලුවෝ ඉන්නවා. ඊයේ උන්ට අභයදානය දුන්නා යහ පාලනය ඇති කිරීමට මුල්වූ, සංඝ පීතෘවර, සිරිලක බොදු සසුනේ වනස්පති අති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ට ගරු කිරීමක් ලෙස. අද මෝටීන් ගහලා මරනවා.

    ReplyDelete
    Replies
    1. ඊයේ බාර් වහලා නිසා කලින් දවසේ බෝතල් අරගෙන ඊයෙට සෙට් වෙනවා වගේ කතාවක්!

      Delete
  6. පිරිමි ඔහොම්ම'මය. මකුනෝ,කැරපොත්තෝ මරා පොර ටෝක්ද දෙයි..... අහෝ... මේ බ්ලොගය හාමිනේ දකිත්වා!!!! හරි අපුරැ බ්ලොග් රෝලක් ජය!

    ReplyDelete
    Replies
    1. බ්ලොග් රෝලක්?
      ඔව් ඒකත් හොඳයි. මං කියවන බ්ලොග් විතරයි.

      Delete
  7. ඉතා විෂ සහිත දිය මකුලුවෙක් මගේ ඇදුමක හිටියා.උගේ විශාලත්වය අපේ අත්ල දිගහැරියම තිබෙන ප්‍රමානය තරම්.ඌට කිසිම හානියක් කරන්න හිතුනේ නෑ.මම ඉතා ප්‍රවේශමෙන් ඌව අයින් කලා...
    ඔය විදියටම මගේ සර්ට් එකක ගොනුස්සෙක් ඉදලා ඌ මගේ උරහිසට දෂ්ඨ කලා.මුලු අතම සීතල වෙලා හිරි වැටිලා ගියා විනාඩියක් යන්න කලින්.දවසක්ම ඒ වේදනාව තිබුනා.
    මම අකමැතිම දෙයක් තමයි සතුන්ට හිංසා කරන එකයි මරා දාන එකයි.මම ඉදිරිපිට කවුරුන් හෝ එහෙම කලොත් මම ඒක වලක්වලා තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. සතා ලොකු වෙන්න ලොකු වෙන්න මරන්න හිතෙන්නේ නෑ නේන්නං! ලොකු සත්තු මැරුවාම පවත් වැඩියි.

      හාල්මැස්සන් දාහක් මැරීම = එක කුකුළෙකු මැරීම
      කුකුළන් දාහක් මැරීම = එක හරකෙකු මැරීම

      Delete
    2. ඉතා කුඩා සතකු උවත් මරන එකට නොකලයුතු දෙයක්...
      සබ්බේ තසතන්ති දණ්ඩස්ස
      සබ්බේ භායන්ති මච්චුනෝ
      අත්තානං උපමං කත්වා..
      න හන්‍යෙය න ඝාතයේ..

      මෙරට දිනකය ඝාතනය කරන ගවයින්ගේ ප්‍රමානය පන්දහසකට වඩා වැඩියි කියලා ගනන් බලා තිබෙනවා.වාර්තා නොවන ප්‍රමානය මොන තරම්මද ?.
      කුකුල්ලු මරන්නේ ලක්ෂ ගනනින්..

      Delete
    3. ඇයි මදුරුවන්? ලොකු පොඩි එවුන් පමණක් නොවේ නොඉපදුණු පිළවුන් පවා මරණවා නේද? නිකං නොවේ රසායනික අවි භාවිතයෙන්

      Delete
    4. ඔව් රසික
      මෙත්ත සූත්‍රයේ දක්වලා තිබෙන සත්ත්ව වර්ගිකරණයට සකස් වෙමින් පවතින ජීවින් අයිති වෙනවා.
      නිගන්ඨයන් ජීවින් වර්ගිකරණයක් කලෙත් මෙවනි කරුනු නිසා.පියවි ඇසට නොපෙනෙන ජීවින් ගැන පැරනි දර්ශනවල පෙන්වලා තිබෙනවා.

      රසික මේ වීඩයෝ එක නරඹලා තිබෙනවාද ?
      https://www.youtube.com/watch?v=47CIdUld8eQ

      රසික මෙ වීඩියෝ එක බැලුවද ?

      Delete
    5. ඇත්ත තමයි මම ජොකා හෝදන්නෙවත් නෑ, එතකොට ඒකෙ ඉන්න ක්ෂුද්‍ර ප්‍රාණීන් මැරෙන නිසා.

      Delete
    6. ඇනෝ
      ඔය පොඩි ක්ෂුද්‍ර පාණින් වගේද ඒකේ ආරක්ෂාව ලබන ලොකු ප්‍රාණියා.මුලින්ම ඌව රැක ගන්න එපාය...

      Delete
  8. //ලංකාවේ දකින්නට ලැබෙන මකුළු වර්ග කිහිපය විෂ සහිත වුන් නොවේ//
    දිවිමකුළුව දැකල නැද්ද? මම කොළඹ ඉන්න කාලෙ කොහෙන්දෝ ආපු බෑග් එකක් ඇරිය විතරයි දිවි මකුළුවො දෙන්නෙක් එලියට පැන්න. හප්පේ උංගෙ හැටි. අඬු වල මයිල් එහෙමත් තිබුන.

    වධක රාජකාරිය අපේ ගෙදරත් මම තමයි කරන්නෙ. "එයාලට" තියෙන්නෙ බයවෙන්න. අපට තියෙන්නෙ චටස් ගාල තලන්න. දැං නං සතුන් මැරීම කරන්නෙ එසේ නොකර බැරි වෙලාවට පමණයි. පත්තෑයෙක් කැරපොත්තෙක් මකුළුවෙක් වගේ නං මරන්නෙ නැතුව අයින් කරනව. හැබැයි අයින් කරන වෙලාවට මරණීය තුවාල වෙන වෙලාවලුත් තියනව.

    1.රෑට පූජ‍ා කරන්න මල් කඩන්න.
    2.හැන්දෑවෙ වැලේ දාල තියන රෙදි ගන්න.
    3.සතුන් මරන්න/එලවන්න
    4.සතුන් සිටී යයි සිතිය හැකි ස්ථාන වලට‍ පිවිසෙන්න.

    වගේ බරපතල රාජකාරි නිල වශයෙන්ම මට පවරන්න මගේ හාමිනේ කටයුතු කරල තියනව.

    ReplyDelete
    Replies
    1. ඉස්සර අපේ ගෙදර වැස්ස කාල වලට මාසකෙට එකෙක් දෙන්නෙක් ඔය මයිල් තියෙන දිවි මකුළුවො එනව. උං පොල්ගස් වල උඩ ඉඳල වැස්සත් එක්ක එන ‍හුළඟට වැටෙනවයි කියල තමයි කියන්නෙ.

      අනේ ඉතිං ගේ අස්සට රිංගගත්තම අායෙ යෑමක් තියෙයිද.

      Delete
    2. දිවි මකුළුවා යැහි හැඳින්වෙන සතා එතරම් විසකුරු එකෙකු නොවේ. උන් නිවෙස්වලට එන බව දැන නොසිටියෙමි. අපේ ගෙවල්වල මකුළුදැල් බැන්දේ සාමාන්‍ය ගෘහස්ත මකුළුවන්ය.

      Delete
    3. මම දන්න විදියට හැම මකුළුවම දැල් වියල පැටලෙන සත්තු අල්ලගෙන කන ජාතියෙ නෙවෙයි... එක කුලකයක් ඉන්නව ඇවිදල දඩයම් කරන.. ඔය දිවි මකුළුවො ඒ ජාතියෙ මං හිතන්නෙ....

      Delete
    4. මම දන්න විදියට හැම මකුළුවම දැල් වියල පැටලෙන සත්තු අල්ලගෙන කන ජාතියෙ නෙවෙයි... එක කුලකයක් ඉන්නව ඇවිදල දඩයම් කරන.. ඔය දිවි මකුළුවො ඒ ජාතියෙ මං හිතන්නෙ....

      Delete
  9. ඔය පොඩි පොඩි සත්තු එක්ක මගෙ කිසිම සම්බන්දයක් නෑ. කරදර කරොත්නම් ඉවරයි. නැත්නම් ඔහේ හිටපුදෙං.

    ReplyDelete
    Replies
    1. ලොකු ලොකු සත්තු එක්ක විතරයි වගේ ආස්සරේ?

      Delete
  10. චූටි චූටි කොයි සතාටත් මෝටීන් තමා බෙහෙත..............

    ReplyDelete
    Replies
    1. උකුණන්ට, ලේඬින්ට මෝටීන් දාන්න එපා!

      Delete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. සටහන ආසාවෙන් කියෙව්වා. පෝස්ටුවකට අදහසකුත් ආවා. දින දෙක තුනකින් පෝස්ටුව පළකරන්නම්. ස්තූතියි.

    ReplyDelete
  13. ගැහැණියක සතුටු කරන්නේ කෙසේද...? - How to make a woman happy
    ****************************************************************************


    ලිංගික තෘප්තිය පිළිබඳව, පිරිමි විතරද වැරදි, කෙල්ලො විතරද ලව් කොරන්නේ. කොල්ලො දන්නේ ජැක් ගහන්න විතරමද. ගෑණූ සුරතාන්තය ගැන දන්නවද.. වගේ ප්‍රශ්ණ ගොඩාක් පිළිබඳව ලොකු සාකච්ඡාවක් යනව මේ දවස්වල. ඉතින් මේ පිළිබඳව මාතලන් වැනි මේ කාරණා පිළිබඳ පස්චාත් උපාධියක් ලබපු කෙනෙක් නිහඬව ඉඳිම.. හැමටම ප්‍රශ්ණයක් වෙලා.. ඒ නිසා මමත් කල්පනා කලා මේ සඳහා බුද්ධිමත් සංවාදයක් ගොඩ නගන්න. ඔය හැම දේම කරන්නේ කාන්තාව හෝ පිරිමියා සතුටෙන් තියන්න නේ. ඒක ඔය හිතන තරම් අමාරු දෙයක් නෙමෙයි මෙන්න මෙච්චරයි කරන්න තියෙන්නේ...

    කාන්තාවන් සතුටු කිරීමට
    ඔබ කල යුත්තේමෙසේ වීම "පමණයි"
    1. මිතුරකු
    2. සහකරුවකු
    3. පෙම්වතෙකු
    4. සහෝදරයකු
    5. පියකු
    6. ගුරුවරයකු
    7. කෝකියකු
    8. ඩෝබීයෙකු
    9. මෙහෙකරුවකු
    10. කරන්ට් බාසෙකු
    11. පයිප්ප බාසකු
    12. මේසන් බාසෙකු
    13. වඩ්ඩෙකු
    14. කාර්මිකයකු
    15. ගෘහ අලංකාරකරවකු
    16. ලිංගික ව්ද්‍යාඥ්ඥයකු
    17. නාරි වෛද්‍ය විශේෂඥ්ඥයකු
    18. මනෝ විද්‍යාඥ්ඥයකු
    19. කෘමීන් මැඩලීමේ විශේෂඥ්ඥයකු
    20. මන්ත්‍රාචාර්වරයකු
    21. ජෝතීර්වේදියකු
    22. හොඳ ශ්‍රාවකයකු
    23. සංවිධායකයකු
    24. පිරිසිඳු පුද්ගලයකු
    25. අනුකම්පා උපදන්නකු
    26. ක්‍රීඩකයකු
    27. ආදරවන්තයකු
    28. ශක්තිවන්තයකු
    29. බුද්ධිමතකු
    30. විහිළුකාරයකු
    31. නිර්මාණාත්මක පුද්ගලයකු
    32. අවබෝධකරගන්නකු
    33. ඉවසන්නකු
    34. විචක්ෂණශීලියකු
    35. ජනප්‍රියකෙනෙකු
    36. වීරයකු
    37. කැපවීම්කරන්නකු
    38. අවංකපුද්ගලයකු
    39. කාමුකයකු
    40. කරුණාවන්තයකු
    41. ධනවතකු එමෙන්ම අමතක නොකර
    42. නිතරම් ස්තූතී කරන්න
    43. සාප්පූ සවාරි ගෙනයන්න
    44. අවංකවන්න
    45. අත දිග හැර වියදම් කරන්න
    46. ඇයව පීඩනයට ලක් නොකරන්න
    47. අන් කාන්තාවන් දෙස නොබලන්න ඊට අමතරව ඔබ
    48. ඔබ ගැන අමතක කර ඇයට වැඩි අවධානයක් යොමු කරන්න.
    49. ඇය වෙනුවෙන් පමණක් කාළය යොදවන්න
    50. ඇය යනෙන තැන් නොසොයා. පූර්ණ නිදහස දෙන්න විශේෂයෙන්
    51. කිසි දින මේවා අමතක නොකරන්න
    උපන්දින
    සංවත්සර
    ඇගේ සැලසුම් කල වැඩසටහන්

    *** මේකටම මකුළුවෝ මැරීමත් ඇතුලත් කර ගත්තාම හරි...

    ReplyDelete
    Replies
    1. පස්සෙ දැක්කේ ... "කෘමීන් මැඩලීමේ විසේසග්නයෙක්" කියන එකත් ඇතුලත්...

      Delete
    2. ඇත්තටම මෙච්චර ලේසිද?

      Delete
    3. මෙහේ ලොකුම ජොබ් එකක් තමයි ගාර්බේජ් බින්ස් ටික නියමිත දවසට පාර අයිනේ තැබීම සහ හවසට ඇතුලට ගෙන ඒම!

      Delete
  14. ඇයි පපුවට ගහගෙන ටීවී එකේ වීරයා වීමට

    ReplyDelete
  15. ඇත්තෙන්ම මට අවදානමක් නැති අවස්තාවලදී මා නම් කිසිම සතෙකුගේ පෙනුමට බය නැත. අප්පිරියා දැනෙන්නේ ඉතා සීමිත සතුන් සමහර පණුවන් වැනි වර්ගවලට පමණි. මකුලුවන් හා සර්පයන්ගේ මා දකින්නේ බොහෝවිට ලස්සනයි. ඉස්සර සර්පයන් ඇල්ලීමට අප්පිරියාවක්වගේ තිබුනත් ඕනෑ කමින්ම තට්ටුකර බැලීමෙන් ඇල්ලීමෙන් (එක්ස්පර්ට් කෙනෙක්ගේ අතේ ඇති එකෙක් ) එය නැතිකරගත්තා

    හුඟක් ඉස්සර කියවූ මතකයේ රැඳුනු පොතක් කොලින් විල්සන්ගේ ස්පයිඩර්වර්ල්ඩ්. ලෝකයේ dominant species මකුලුවන් වූ යුගයක් ගැන ෆැන්ටසි SF

    http://theporporbooksblog.blogspot.com/2013/01/spider-world-by-colin-wilson-3-5-stars.html
    එකයි කියෙව්වෙ. අනිත්වා හොයනවා. ඒත් ගොඩක් ඉස්සර කියවපු ඒවා ඉතා රසවත්යයි හිතේ තිබුනත් දැන් අමාරුවෙන් හොයාගෙන කියවනකොට සමහර ඒවා ඒතරම් නෑ. රසිකට එහෙම වෙලා තියනවද? කොහොමවෙතත් රිටයර්මන්ට්වලටවත් හොයාගන්න ඕනෙ

    ReplyDelete
    Replies
    1. මාතලනුත්.. ඉස්පයිඩර්මෑන්ටයි, බැට්මෑන්ටයි දෙන්නටම කැමතියි...

      Delete
    2. මන් කැමතියි නෑනට නෑනා කැමති නැ මට ඒ වගේද

      Delete
    3. මට පෙරේදා මෙහෙම දෙයක් වුනා. කාලෙක ඉස්සර කැමැත්තෙන් නරඹපු කන්දේ ගෙදර කියන ටෙලි නාටකය යු ටියුබ් එකේ තියෙනවා දැකලා බලන්න පටන් ගතතා.

      කෙටස් දෙකක් විතර බලන කොට එපා වුනා!

      Delete
  16. මමත් ඔය වගේ සත්තු මරණ එක කරන්නෙ නොකරම බැරි උනොත් විතරයි. ඒකත් වැඩි හරියක්ම සර්පයො. මකුළුවො කැරපොත්තොනං ඔහේ ඉන්න අරිනව. සර්පයො මරන්නෙත් උංව බේරල යවන්න බැරි අස්සක හිටියොත් තමයි.

    ReplyDelete
    Replies
    1. සර්පයින්ට මං බය විස නිසාත්, පොඩි හිරිකිතක් එන නිසාත්!

      Delete
  17. මම නං උප්පත්ති පව් කාරය.. මදුරුවෝ මරනවා ආයෙ හෙවිල්ලක් බැලිල්ලක් නෑ. ඇඟට බෙටිගහපු හූනෝ කීපදෙනෙකුත් මැරුම් කාල ඇති. පොඩි කාලේ මාත් මකුළුවන්ට බයයි. හම්මේ අර හෙන ආණ්ඩු පන්දු දිග එවුන්ට පුදුම බයක් තිබ්බෙ. දැන් නම් නෑ... හැබැයි ඇඟ දිගේ දිව්වොත් නං හෙන අවුල්. සර්පයන්ට බය නං නෑ. අහු උනොත් වැඩේ දෙනව විසකුරු එවුං නං. කැරපොත්තෝ නං මරණ තරමක් මරන්නේ අපේ උන්දැගේ බය නිසා.. "අනේ සුදූ පියාඹන කරපොත්තෙක් අන්න අතෙන්ට රිංගුවා" කියල නැවිගේෂන් දෙන්නේ උන්දමයි. මං ගිහිං වැඩේ දුන්නම බොහොම දුක් මූණක් පෙන්නලා. අයියෝ මැරුවද කියල අහනව. මරන්නේ නැතුව කැරපොත්තෝ මදු ගහල අල්ලන්නයැ..
    අර පිළිගැනීම හරි රොමැන්ටික් ඈ.....

    ReplyDelete
    Replies
    1. මට සත්තු මරන්න හිත දෙන්නෙ නෑ බං..ආගම පව් එහෙම සීන් එකක් නෙමෙයි.සතෙක් මරන්න හිත හදාගන්න බෑ.. මටත් නැවිගේෂන් දුන්නට මං කොහොමහරි ඌව බේරලා අරිනවා.. ඒ කරලා දවසක් ප්‍රේමකීර්තිත් කියලා තියනවා ඔලුවක් උනාම උකුනෙක් දෙන්නෙක් ඉන්න ඕනෙ..ගෙයක් උනාම මකුලුවෙක් දෙන්නෙක් ඊන්න ඕනෙ කියලා ටෝකක් දෙන්න ගිහිං ..ඉතිං මගෙ ඔලුවෙ උකුනො නෑනෙ අනේ " කීවා..මං කිව්වා උකුනො ඉන්න ඔලුවක් තියෙන්න එපෑ කියලා.. අනේ මට කෙලවුනා කියන්නෙ හොඳම එකෙන් :D සෝචනීයයි …

      Delete
    2. පළිගැනීම වගේම තමයි උදේට සමුගැනීමත්!

      Delete
  18. As usual PM

    pra jay

    ReplyDelete
  19. //ලංකාවේ දකින්නට ලැබෙන මකුළු වර්ග කිහිපය විෂ සහිත වුන් නොවේ.//
    මේ කතා කරන්නෙ ලංකාවෙ ගෙවල් වල හැදෙන වැඩෙන මකුළුවන් වර්ග ගැනනෙ. ඇත්තටම ලංකාවෙ දිවි මකුළුවො ඉන්නව නේද? කකුල් වල ඉඳන් මයිල් තියන, තරමක් ලොකු සහ දිගටි හැඩයක් ඇති, වරකට පැටව් සීයක් විතර බෝ කරන, වියළි කලාපයේ කැළෑ බදව ගැවසෙන මකුළු වර්ගයක් තමයි දිවි මකුළුවා. මරණීය විෂක් නැති නමුත් නොසැළකිලිමත් ලෙස ප්‍රතිකාර කිරීමෙන් මරණයට පත් වීමට ඉඩ තියන බවයි කියවෙන්නෙ. කොහොමත්, කෑවට පස්සෙ වින්දිතයාට අධික වේදනාවක් දැනෙනවලු.

    ReplyDelete
    Replies
    1. පත්තෑයෙකු දෂ්ඨ කළාම තරම් විතර විසය කියනවා!

      Delete
  20. ගෑනු පිරිමියගෙන් ගෙදර තියන සියලුම අයිතීන් බලහත්කාරයෙන් අයිතිකරගෙන ගෘහමුලික කම විතරක් ඉතුරු කරලා තියන්නේ ඔන්න ඔය වගේ වැඩ කරගන්න තමයි.. ඕකට තමයි විධායක බලතල නැති ජනාධිපතිකම කියල කියන්නේත් ... හැක් .. හැක් ..

    ReplyDelete
    Replies
    1. විධායක බලතල කියන්නේ විධානයක් ලැබුණාම ඒ පිළිපදින එක නේද?

      Delete
  21. https://www.youtube.com/watch?v=tIy1U7lmA28

    ReplyDelete
  22. මේ ඊයේ උදේ අපේ කුස්සියට කොහෙන් ආවද කියන්න බැරි ලොකු ඌරු මීයෙක්ව එළියට යවන්න ගත්තු උත්සාහය අවසානයේ මල්ලි විසින් එල්ල කරන ලද කොසු ප්‍රහාරයක් හේතු කොට ගෙන මිය ගියා.

    ඉස්සර මමත් ඔය කැරපොත්තන්ට මොටීන් ගැහුවා.මොටීන් ගහන එක පව් කිව්වා නිසා මම දැන් ගහන්නේ "බේගොන්"

    ReplyDelete
    Replies
    1. මස් හොදි.. මාළු හොදි ටිකක් කෑවට් පව් නෑ...

      ඇයි එතකොට බීෆ් ෆ්ලේවර් සෝයා මීට්...

      Delete
    2. ඉන්දියාවේ ඉන්නවා ලු මීයන්ව කන ගෝත්‍රයක්!

      Delete
  23. මට මතකයි මම පොඩි කාලේ කියෙව්වා පොතක ඔය රෙඩ් බැක් කියන මකුළු වර්ග වියන දැලට සර්පයෝ හිටං අහු වෙනවා කියල. තව ෂර්ලොක් හෝම්ස් කතාවක අහු උනා අල්ලක් තරම් දිවි මකුළුවෙක්.

    ReplyDelete
  24. අල්ලක් තරමි දිවි මකුලුවෙක් හමිබවුනා අපේ ඉස්කෝලෙදි මම අපේ පලාතේ බුව තියෙන එකෙක් දැක්කමයි
    උගේ් කරුමෙට ඌව උහුවනේ Bio සර්ට ලැබි එකට අරන් යනව කියල ගියා ගියාමයි ඊට පස්සේ කවුරැවත්ම ඌව දැක්කේ නැ

    ReplyDelete
  25. මකුළුවො , කැරපොත්තො නැති ලෝකෙක ඉපදෙන්න පතන්න ඕන...

    ReplyDelete
  26. යකෝ මම පොඩි කාලේ අර බිත්තියේ ඉන්න මකුලු දැල් හදන් ඉන්න උන්ටත් බයයි. ඒ මදිවට උන් පොඩි වුනාම පට්ට ගඳයි

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.