Saturday 18 June 2016

මට වෙන වැඩ හෙවත් I O Sirisena


නන්දා නැන්දා සහ විට්ටර් අංකල් ගේ ද්වි පුද්ගල සංගීත ප්‍රසංගයක් අද (ජූනි 18 සෙනසුරාදා) සිනුවර දී පැවැත්වෙන බවත්, නළාකාරයින් ගේ ලයිස්තුව පරීක්‍ෂා කිරීමෙන් පසු මා එය නැරඹීමට යාමට මට ලැබුණු ආරාධනාවක් පිළිගත් බවත්, ඊයේ මා ලියා පළ කළ "යනවා නම් යනවා නම් (යන දීපංකරේක / තොලොංජි වෙලා / මකබෑවිලා) යන්න රත්තරං!" නම් ලිපිය ආරම්භයේ සඳහන් කළෙමි.

මා හොහොමටත් ශාලාවක් ඇතුළේ සිරවී පුටුවක වාඩි ලා ගෙන ශ්‍රවණය කරන්නට වෙන සංගීතයට ප්‍රිය නැත. මා වඩාත් ප්‍රිය කරන්නේ, එක්කෝ නිවසේ සෝපාවක පහසුව වැතිරී කොත්තමල්ලි වතුර බොන අතර තුරේ හෝ නැතහොත් අධිවේගී මාර්ගයක වාහනයක් පදවාගෙන යද්දී හෝ සංගීතයට ඇහුම්කන් දීමටයි. ඒ ඒ අවස්ථාවල දී මා අසන්නේ ඊට ගැලපෙන සංගීතය බව කීමට අත්‍යාවශ්‍ය නැති වුණත් සඳහන් කර තබමි.

ලංකාවේ සිට පැමිණෙන සිංහල ගායක ගායිකාවන් සහභාගී වෙන සංගීත ප්‍රසංග වසරකට කිහිපයක් ම සිනුවර සංවිධානය කෙරෙන අතර මා ඒවා නරඹන්නට යන්නේ බොහෝ විට ඒ ප්‍රසංගයෙන් ලැබෙන අරමුදල් යොදවන්නේ ලංකාවේ කවරාකාරයේ සුභසාධක වැඩ සටහනකට ද කියා සොයා බැලීමෙන් පසුවයි.

එසේ මගේ තේරීම් පටිපාටියට අදාළ ප්‍රසංගය නොගැලපේ නම් මා කරන්නේ, අදාළ ප්‍රසංගය සඳහා වියදම් කරන ඩොලර් පනහක් පමණ මුදලෙන් සංයුක්ත තැටි කිහිපයක් මිලට ගෙන මා කැමති ආකාරයට නැවත නැවත රස විඳීමයි.

ඒ සමගම, මෑතකදී මා නිරීක්‍ෂණය කළ කාරණාවක් නම්, දැන් දැන් පැවැත්වෙන ඇතැම් සංගීත ප්‍රසංග සුභසාධක වැඩ සඳහා නොව සංවිධාකයින් ගේ ප්‍රීතිය සහ බඩ රස්සාව උදෙසා ම සඳහා සංවිධානය වෙන බවයි!

ඒ හේතුව නිසා ද, මා නැරඹීමට යන ප්‍රසංග සංඛ්‍යාව මෑත කාලයේ ඉතා අල්ප විය.

ඊළඟට පසුගිය වසරේ එළි දැක්වුණු කූප්‍රකට නළාකරායින් ගේ ලයිස්තුව නිසා, මගේ තේරීමේ පටිපාටියෙන් සුභසාධක කටයුතු යන්න ප්‍රමුඛතාවෙන් පහළට දැමුණි.

ඔය සියලු කාරණා අනුව මා සද්භාවයෙන් යුතුව අද පැවැත්වෙන නන්දා නැන්දා සහ විට්ටර් අංකල් ගේ ද්වි පුද්ගල සංගීත ප්‍රසංගයට සහභාගී වෙන්නට සිටියෙමි.

නමුත් ඊයේ රාත්‍රියේ මා ෆේස්බුක් අවකාශයේ දී දුටු ඡායාරූපයකින් වැටහුණේ මේ ප්‍රසංගයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ලංකාවේ කුප්‍රකට දේශපාළුවෙකු වන ප්‍රසන්න රණතුංග සහභාගී වෙන බවයි.

එය දැන ගත් මොහොතේ සිට මා සිත තුළ ඇතිවුණු අප්‍රසන්න හැඟීම් තවමත් පහවී නැත. පහවී යන සේයාවකුදු නැත.

මා කළ යුත්තේ කුමක් ද?

මේ ප්‍රසංගය නැරඹීමට මා ඇය සමග යන බවට බිරිඳට දුන් පොරොන්දුව කඩ කළ නොහැක. නමුත්, ප්‍රසන්න රණතුංග වැන්නෙකු ගේ ප්‍රධානත්වයෙන් පැවත්වෙන සංගීත ප්‍රසංගයක වුව අසුන් ගැනීමට මට සිත් නොදේ.

කුමක් කරන්නදැයි සිතා ගත නොහැක.

අයියෝ සිරිසේන!

-රසිකොලොජිස්ට්

ප/ලි:
ප්‍රසන්න රණතුංග මගේ බ්ලොගයේ කාඩ් එක රැගෙන මේ ලිපිය බැලීමට අධිෂ්ඨාන කළ මොහොත.




(image: http://rs1102.pbsrc.com/albums/g447/TheISZ/Emoticons/Ew%20Yuk%20Gross%20Vomit/vomit-boy01-vomit-puke-sick-smiley-emoticon-000652-facebook.gif~c200)

56 comments:

  1. බොලා වගේ මෝඩයෝ තාමත් ඉන්න එක ගැන කණගාටුයි. ඔය විදිහට මේ ලෝකයේ මොකුත් කරන්න බැරි වෙනවා. මොනතරම් අප්‍රායොගිකද මේ කතා

    ReplyDelete
    Replies
    1. ඔබ ඔබේ ලොවේ,
      මා මගේ ලොවේ.

      Delete
  2. ටිකක් පරක්කුවෙලා යන්න එතකොට ප්‍රසන්නයා ඕක විවෘත කොරල ඉවරවෙලා තියේ !

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි වෙන්නේ. මේ මොහොතේ අපි විමුක්ති ජයසුන්දර සමග සිනමාව ගැන සාකච්ඡාවක්.

      Delete
  3. I enjoyed this show 2 weeks back in Melbourne so much. It will be a shame if you miss it because of a stupid politician.

    ReplyDelete
  4. අවුලක් නෑ.... විට්ටර් අයියට කියන්න... මෝහෙන් මුලාවෙලා ගහන්න කියලා... ඒක අහලා භාවනාවකට සම වැදිලා... සසර කතරෙන් ගොඩ එන්න බලන්න..

    මටත් ඔය හෝල් වල ඉඳගෙන බලන සෝ ඇඟට වදින්නේ නෑ... එක සැරයක් මම අමරදේව මහත්තය්ගේ සෝ එකක විසිල් එකක් ගහලා අනික් ඔක්කෝම මට ඔරවද්දි... අමරෙ ලොක්කා කිව්වා... මේ හෝල් එක එක රසිකයයි ඉන්නේ කියලා... ඊට පස්සේ අනික් උනුත් විසිල් ගැහුවා...

    ReplyDelete
    Replies
    1. මේ ෂෝ එකේ ඉන්නේත් එකම රසිකයායි.

      නන්දලා, විට්ටර්ලා හැමෝම රසිකයාට ස්තුති කරළා තමයි පටන් ගන්නේ.

      Delete
    2. ඒ රසිකය ෂෝ එක බලන්න මෙච්චර කරුණු හොයනවයි කියල දැනගත්තම අර ඩබොලට මොනව හිතෙයිද?

      Delete
    3. දෙන්නා ම රසික ඔබට මගේ කියලා තමයි පටන් ගන්නේ.

      Delete
    4. සෝ එක බලන්න එන අනික් උන් තරහා වෙයිද දන්නේ නෑ...

      Delete
    5. නන්දා මාලනී නම් ෂෝ එක පටන් ගත් මොහොතේ සිට රසික ඔබ කියලා ස්තුති කරන එකමයි කළේ. එක වෙලාවක කීවා මීළඟ ගිතය මා ගයන්නට අදහස් කරන්නේ රසික ඔබ සමගය කියලාත්. මං තව පොඩ්ඩෙන් නැගිටලා ස්ටේජ් එකට යනවා.

      Delete
  5. රසිකයො නැතුව ශෝ පෙන්වන්නෙ කාටද?

    ReplyDelete
  6. නරියෝ තෝ වගේ පකයෙක් නෙවෙයි වික්ටර් රත්නායක කියන්නේ ලෝකයම පිළිගන්න ගායකයෙක් විට්ටර් කියලා තෝ කිව්වම තොගේ බලුකම තමයි පෙන්නන්නේ.

    ReplyDelete
    Replies
    1. මා කියා ඇත්තේ විට්ටර් "අංකල්" කියා ය.

      Delete
    2. මේ මම හිතන්නේ ප්‍රසන්න රනතුංගගේ නෑයෙක්.

      Delete
    3. නෑයෙක් නෙවෙයි, මට පේන්නෙ ප්‍රසන්න රණතුංගම ඇනෝ ඇවිල්ලා.

      Delete
    4. මම ප්‍රසන්න රණතුංග කියන දේශපාලන බල්ලාගේ නෑයෙක් නෙවෙයි. මේ රසික පකයා එදා ඉඳලම වික්ටර් රත්නායකගේ නම ලියන්නේ විට්ටර් කියලා. මම ඒක කාලයක ඉඳලා නෝට් කරගෙන ඉන්න දෙයක්. මූ මෙහෙම අපහාසාත්මක වචන දාන්නේ මුගේ තියන පහත් මානසිකත්වය හීනමානය නිසා.

      Delete
    5. ලස්සන වදන් වැලක්. ආසාවේ බෑ.

      දැන් ඔබට ඕනෑ කරන්නේ ඔවැනි සුන්දර වචනයෙන් මා විට්ටර් අංකල් ඇමතීම ද?

      Delete
  7. අසුන් ගැනීමටනෙ සිත් නොදෙන්නෙ. එහෙනං හිටං බලන්න.

    ReplyDelete
    Replies
    1. අයි ඕ සිරිසේන කියලා දාලා තියෙන්නේ හිටං හින්දා තමයි.

      Delete
  8. //ඒ සමගම, මෑතකදී මා නිරීක්‍ෂණය කළ කාරණාවක් නම්, දැන් දැන් පැවැත්වෙන ඇතැම් සංගීත ප්‍රසංග සුභසාධක වැඩ සඳහා නොව සංවිධාකයින් ගේ ප්‍රීතිය සහ බඩ රස්සාව උදෙසා ම සඳහා සංවිධානය වෙන බවයි!//

    ඕක මෙහෙටත් බෝ වෙලා... ඕවට මොකට දේශපාලකයෝ ගෙන්නනවද මන්දා, එන මිනිස්සු ටිකත් අඩුවෙනවා මිසක වෙන මොනවත් නම් වෙන්නෙ නෑ... දිවුල්ගනේ ආ වෙලාවක 'ආණ්ඩුකාර ප්‍රොටකෝල්' එක අනුව ඔහුව පිළිගතයුතුයි කියලා යෝජනාවක් ආවා. එතැන හිටිය බොහෝ දෙනෙක් විරුද්ධ වුණා එන්නේ ගායකයා මිස ආණ්ඩුකාරයා නොවන බව කියලා.

    ReplyDelete
    Replies
    1. මිනිසුන් අඩුවෙනවාය කියන එක නම් හරි නෑ. බයියන් ලක්‍ෂ හැටෙන් ටොයියන් ලක්‍ෂ හැටෙන් කොටසක් මෙහේත් ඉන්නවා නේ!

      Delete
    2. දිවුල්ගනේ නම් අනේ පනේ තමයි!

      Delete
  9. මේක ඒ හොරගෙ දෙයක් නොව වික්ටර් රත්නායකගෙ ශෝ එකක් නිසා යන්න. එතුමා තව කොච්චර කාලයක් සිංදු කියයිද ආයිමත් සිඩ්නි වලට එයිද කියන එක දන්නෙ නැතිනිසා.

    ReplyDelete
    Replies
    1. ගියෙමි, නැරඹුවෙමි, පසුව ඒ ගැන ලියමි!

      Delete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. පක්ෂය පාට කුමක් වුවත් කලා ප‍්‍රසංග සඳහා දේශපාලුවන් කැන්දා ඒමේ මේ කැත පුරුද්ද වහා නැවැත්විය යුතුය.

    ReplyDelete
    Replies
    1. මෙතන පාසල් මිතුරුකමකුත් තියෙනවා විය හැකියි.

      Delete
  12. ඔබේ අරමුණ සංගීතය රස විඳීම නම්, එතැන ආරාධිත අමුත්තා කවුරුද යන්න සෙවීමෙන් හෝ එහි මුදල් යොදවන්නේ කවරාකාරයේ අරමුනක්ද යන්න සෙවීමෙන් ඇති පලය කුමක්ද? කලාකරුවන් එන්නෙත් රසිකයින්ව සනසවන්න ඇති උවමනාව ගැනම හිතල නෙවේනේ...ඔවුන්ගේ ආර්ථිකය ගැන හිතල...සංවිධානය කරන අය ඒ දේ කරන්නේ ඔවුන්ගේ අරමුණ වෙනුවෙන්...අපි රසිකයින් විදියට සල්ලි දීල යන්නේ අපේ අරමුණ වෙනුවෙන්...මම මෙහෙත් (ඇමෙරිකාවේ) අපේ සිංහල මිනිස්සු සංවිධානය කරන දේවල් වල ඔය වගේ නොයෙකුත් යටි අරමුණු දකිනවා...සමහර වෙලාවට මිනිස්සු ප්‍රසංග නරඹන්න යන්නේ සංවිධායකයන්ගේ හිතවත් කම් වලට...කුඩා කණ්ඩායම් වලට බෙදිලා ප්‍රසංග දෙක තුන සංවිධානය කරනවා...හැමතැනම අඩු වැඩි වශයෙන් ඇත්තේ දේශපාලනය...

    ReplyDelete
    Replies
    1. ඒකත් ඡන්දය වගේ මිනිස්සු සමාජ වෙනසකට බලපෑම් කරන එක විදිහක්. බටහිරට දියමන්ති සපයන්න, අප්‍රිකාවේ සිදුවන ම්ලේච්ඡ ක්‍රියා "Blood Diamond" චිත්‍රපටයෙන් පෙන්වනවා. ඒ වගේම ලෝකයේ බොහොම ඉහල පෙලේ සමාගම් වලට තමන්ට සේවා සපයන සමාගම් වල සේවකයන්ට කරනා ගෙවීම්, ඔවුන්ගේ රැකියා ස්ථාන වල තත්වය සොයා බැලීමට බල කිරීමක් තියනවා. ඕස්ට්‍රේලියාවෙන් වියට්නාමයේ සමාගමකට කෙරෙන සජීවී සත්ව අපනයන පසුගිය කාලයේ නැවැත්වූවා, ඔවුන් ඒ සතුන්ට සලකන ආකාරය ගැන හෙළිදරව් වීමක් සිද්ධ වුණහම. අපිට ලැබෙන දේ පමණක්ම ගැන හිතුවොත් මෙහෙම වෙනස් වීම් සිද්ධ වෙන්නේ නෑ...

      රසික වගේ හිතන අය තව සෑහෙන හිටියොත්, සංවිධායකයන්ට එය දැනුනොත්, දේශපාලකයන් විශේෂයෙන් දූෂිතයන් ලෙස ප්‍රසිද්ධ අයව මෙවැනි දේ වලට සහභාගි කරගැනීමෙන් වලකීවි.

      Delete
    2. @පොකුරු වැහි
      මා සන්දර්ශන සඳහා ගියේ සංගීතය රස විඳීමට නොවේ. රස විඳීම මා කරන ආකාරය මෙහි ලියා ඇත.

      ඔබට මග හැරුණා නම් -

      /* මා හොහොමටත් ශාලාවක් ඇතුළේ සිරවී පුටුවක වාඩි ලා ගෙන ශ්‍රවණය කරන්නට වෙන සංගීතයට ප්‍රිය නැත. මා වඩාත් ප්‍රිය කරන්නේ, එක්කෝ නිවසේ සෝපාවක පහසුව වැතිරී කොත්තමල්ලි වතුර බොන අතර තුරේ හෝ නැතහොත් අධිවේගී මාර්ගයක වාහනයක් පදවාගෙන යද්දී හෝ සංගීතයට ඇහුම්කන් දීමටයි. ඒ ඒ අවස්ථාවල දී මා අසන්නේ ඊට ගැලපෙන සංගීතය බව කීමට අත්‍යාවශ්‍ය නැති වුණත් සඳහන් කර තබමි.

      ලංකාවේ සිට පැමිණෙන සිංහල ගායක ගායිකාවන් සහභාගී වෙන සංගීත ප්‍රසංග වසරකට කිහිපයක් ම සිනුවර සංවිධානය කෙරෙන අතර මා ඒවා නරඹන්නට යන්නේ බොහෝ විට ඒ ප්‍රසංගයෙන් ලැබෙන අරමුදල් යොදවන්නේ ලංකාවේ කවරාකාරයේ සුභසාධක වැඩ සටහනකට ද කියා සොයා බැලීමෙන් පසුවයි.

      එසේ මගේ තේරීම් පටිපාටියට අදාළ ප්‍රසංගය නොගැලපේ නම් මා කරන්නේ, අදාළ ප්‍රසංගය සඳහා වියදම් කරන ඩොලර් පනහක් පමණ මුදලෙන් සංයුක්ත තැටි කිහිපයක් මිලට ගෙන මා කැමති ආකාරයට නැවත නැවත රස විඳීමයි. */

      Delete
  13. victor ta vittar keemath rasikata pakaya keemath atara loku venasak atha. a kiyannage ihala manasikathvayi. attatamata rasika pakayeki ohu daruvan dedenek hada atha.

    ReplyDelete
  14. victor ta vittar keemath rasikata pakaya keemath atara loku venasak atha. a kiyannage ihala manasikathvayi. attatamata rasika pakayeki ohu daruvan dedenek hada atha.

    ReplyDelete
  15. මුණටම ගිහිං හොඳවයින් එකක් කියලා ආවනං හරි

    ReplyDelete
    Replies
    1. කිව හැකි ඉතාම හොඳ දේ තමයි මා කීවේ.

      හලෝ ප්‍රසන්න කොහොමද කියා අසා, මෙන්න මගේ බ්ලොග් එක කියා කාඩ් එක දීලා, හොඳ ලිපියක් අද ලියලා තියෙනවා බලන්න කියා කීවා.

      Delete
  16. How was the concert? I heard mixed opinions about the Melbourne show.

    ReplyDelete
    Replies
    1. දෙන්නාම ඉතා හොඳින් සින්දු කීවා. පරණ සින්දු.

      එක දිගට සින්දු ඇසීම අමාරුයි. ඒ ගැන නන්දා සහ වික්ටරුත් කීවා. මට ප්‍රශ්නය වුනේ fast forward බොත්තම නොතිබීමයි.

      Delete
  17. සම්මාන උළෙලවල් වලට දේශපාලුවන්ට ආරාධනා කරලා වුන් අතින්ම සම්මාන ගන්නකොට ඔය හැඟීම ඇතිවෙන්නේ නැද්ද හිටන් ...සංගීත ප්‍රසංගයක් බලන්න ගියාම ඒක වෙනස් වෙන්නේ කොහොමද ? මේක තනිකරම කුහක කම රසික .....

    ReplyDelete
    Replies
    1. වැදගත් ප්‍රශ්නයක්.

      ප්‍රසන්න රණතුංග හෝ එවැනි දේශපාලුවෙකු ආවා නම් මා නෙළුම් යාය පැත්ත පලාතේ යන්නේ නෑ. මා නොව බොහෝ බ්ලොග්කරුවන් ද එසේ කරනු ඇති යැයි සිතෙනවා.

      ප්‍රජාතතන්ත්‍රවාදය පිළිගන්නයි, සියළුම දේශපාලකයින් ප්‍රතික්‍ෂේප කරන්නයි දෙකම එකට කළ නොහැකියි. මා ප්‍රතික්‍ෂේප කරන්නේ දුෂිත දේපාලුවන්ව පමණි.

      කරු ජයසූරිය සම්බන්ධයෙන් එසේ ප්‍රශ්නයක් මට නැහැ.

      එය මා නෙළුම් යායා උත්සවයට එන්නට ආරාධනය ලැබුණු වෙලාවේ අජිත් ධර්මා සමගත් කතා කළ කරුණක්.

      Delete
    2. අනෙත් කරුණ-

      සංගීත ප්‍රසංගය බැලීම සඳහා ගිය විට එය වෙනස් වන්නේ මගේ බිරිඳ සහ මා මේ ප්‍රසංගය නැරඹීඟට වැය කළ ඩොලර් 80 ක මුදලින් කොටසක් දුෂිත දේශපාලුවෙකු සඳහා වැය වී ඇතැයි සිතෙන නිසායි.

      Delete
  18. අපේ ගෙදර උන්දැත් ඔය සුකුරුත්තන් සෝ වලට එකෙන්ම..උන්දැටත් චෑන්ස් එකක් වැදිල තිබුන රයිගොන් මුදලාලිගෙ ටෙලි සම්මාන බලන්ට..මෙන්න එකපාරටම මුන්දැ කියපි අනේ මට බෑ අර පතෝලයනෙ ප්‍රධාන ආරධිතය. ඌ ඉන්න සභාවක ඉන්න හිතෙන් නෑ කියල..

    ReplyDelete
    Replies
    1. පතෝලයා කියන්නේ උස පුද්ගලයෙකු කියන එකද, නැතිනම් මොලෝ රහක් නැති කියන අරුතෙන් ද?

      Delete
  19. හරි ශෝක්.

    අඩු ගානේ ප්‍රස්න්නයාට රසිකොලොජිය කියෝලවත් මොලේ පොඩ්ඩක් උඩට උස්සගන්න පුළුවන් වුනොත් එකත් වටිනවා..

    ReplyDelete
    Replies
    1. පොර හොඳට කාඩ් එක දිහා බලලා සාක්කුවේ දා ගත්තා. මං කිව්වා අදම බලන්න හොඳ ලිපියක් තියෙනවා ය කියලාත්.

      Delete
  20. ඔය තත්වයට මාතලන්ගේ භාෂාවෙන් කියන්නේ නම් මං පොර මේනියාව..
    ඔබ තනි නැහැ ලංකාවේ විශ්වවිද්‍යාල මහප්‍රාණීන් බොහොමයට අඩු වැඩි ඔය තත්වය තියනවා...
    සංගීතය රස විදිනවා නම් සංගීතය රසවිඳින්න ඒ පුද්ගලයන්ගේ පුද්ගලික දේශපාලය වැඩක් නැහෙනේ ..
    කොහොමත් සිනුවර පණ්ඩිතයින් වැලිවගේ කිසිම එකමුතුවක් නැහැ ඒවගේම එක එක දේශපාලනයට කඩේ යනවා .. ගිය සැරේ නන්ද මාලනී ආපු වෙලාවේ ගෙන්නුවේ අර්ජුන රණතුන්ගව ඒ සංවිධායකයින්ගේ හැටි .. අපි මොකටද උන්ගේ දේවල් අපේ ප්‍රශ්න කරගන්නේ ...
    රසික ඔච්චරමටම දේශපාලකයින්ට විරුද්ද නම් .. කොහොමද කරු ජයසුරිය සහභාගී උන බ්ලොග් සම්මාන උළෙලේ සම්මාන ගත්තේ ...

    ඒ වගේම මම දකින්නේ පුද්ගලික වියාපාරයක් හැටියට ප්‍රසාංගික කලාව කරන එක කොච්චර හොඳ සාධාරණ වියාපාරයක්ද .. හැමෝම තරගකාරීව හොඳ නිර්මාණ එළිදක්වන්න උත්සහ කරනවා , ප්‍රාදේශීය කලාකරුවන්ට මේ හරහා හොඳ අවස්ථාවක් ලැබෙනවා .. උසස් නිර්මාණ එළිදක්වන්න අවස්ථාවක් සහ පෙළඹවීමක් ලැබෙනවා ..

    ReplyDelete
    Replies
    1. මගේ ලිපි ඔබ කියවා ඇති නම්, මා දේශපාලකයින් සහ දේශපාලුවන් ලෙස කොටස් දෙකක් ගැන කියනවා දැක ඇති.

      ප්‍රජාතතන්තවාදය පිළිගන්නවා නම්, දේශපාලකයින් සිටිය යුතු බව ද පිළිගන්න වෙනවා. මට දේශපාලකයින් සමග අවුලක් නෑ.

      මගේ අවුල ඇත්තේ දුෂිත දේශපාලුවන් සමගයි. මෙන්න වෙනත් සංවිධ්නයක් (වත්පොත සමාජ ජාලයේ ක්‍රියාත්මක වෙන "ජඩයින් එපා!") විසින් පසුගිය මහ ඡන්ද සමයේ පළ කළ එැවනි ලයිස්තුවක්.
      http://rasikalogy.blogspot.com/2015/08/please-please-please.html

      Delete
    2. /* කොහොමද කරු ජයසුරිය සහභාගී උන බ්ලොග් සම්මාන උළෙලේ සම්මාන ගත්තේ ... */

      වැදගත් ප්‍රශ්නයක්.

      ප්‍රසන්න රණතුංග හෝ එවැනි දේශපාලුවෙකු ආවා නම් මා නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙලේ පැත්ත පලාතේ යන්නේ නෑ. මා නොව බොහෝ බ්ලොග්කරුවන් ද එසේ කරනු ඇති යැයි සිතෙනවා.

      ප්‍රජාතතන්ත්‍රවාදය පිළිගන්නයි, සියළුම දේශපාලකයින් ප්‍රතික්‍ෂේප කරන්නයි දෙකම එකට කළ නොහැකියි. මා ප්‍රතික්‍ෂේප කරන්නේ දුෂිත දේපාලුවන්ව පමණි.

      කරු ජයසූරිය සම්බන්ධයෙන් එසේ ප්‍රශ්නයක් මට නැහැ.

      එය මා නෙළුම් යාය බ්ලොග් සම්මාන උත්සවයට එන්නට ආරාධනය ලැබුණු වෙලාවේ අජිත් ධර්මා සමගත් කතා කළ කරුණක්.

      Delete
    3. කප්පරක් ගූ කාපු උන්ගේ මොන මුකය ඉඹලද දන්නේ නැහැ චරිත සහතික දෙන්නේ...
      කරු අවොත් පායයි ඉරු ... ඒක නිසා වෙන්න ඇති පහුගිය දවස් වල ඔච්චර ඉඩෝරේ ....
      කොයි දේශපාලකයාත් මනුෂ්‍යයෝය ...

      Delete
  21. Replies
    1. තේරුණේ නෑ ප්‍රාජේ.

      Delete
    2. http://gossip.hirufm.lk/english/2421/2016/06/mr-tours-in-japan-wimal-prasanna-rohitha-photos.html

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.