Friday 17 February 2017

උදේට උම්මා, හවසට උම්මා - බැඳපු අයට උපදෙසක් :: My advice to married couples


ජීවිතයේ මුල් වතාවට මා කෙල්ලෙකු සිප ගත් දිනය මට අද මෙන් මතක ය.

ඒ මගේ වයස දාසයයි මාසයේ දී නම් නොවේ. මා ඒ වන විශ්ව විද්‍යාලයේ පළමු වසර සිසුවෙකි. ඇයත් මාත්, අප දෙදෙනා, ඒ මොහොතේ සිටියේ කාන්තා නේවාසිකාගාරයක ආලින්දයේ කුළුණක් අසල ය.

පඩිපෙළ දිගේ කන්ද බැස, ගලහ පාරට එළැඹ, සරසවි උද්‍යානය ඔස්සේ පැමිණ, පටු පාලමෙන් මහවැලිය තරණය කර අක්බාර්-නෙල් ශාලාවට මා එදා ගියේ ඇවිදගෙන නොව පියාසර කරමින් විය යුතුයි.

ඇත්තටම මා එදා කර තිබුණේ නියමාකාරයේ සිප ගැනීමක් නොව, තරමක් දුරට හපා කෑමක් වැනි දෙයකි. මා ඒ බව දැනගත්තේ පසු කලෙක නිවැරදිව සිප ගන්නා ආකාරය පිළිබඳව පාඩමක් ඉගෙන ගත් දිනයේ ය.

ඒ කනගාටුදායක කාරණය කෙසේ වෙතත්, සිප ගැනීම යනු ලෝකයේ ඇති සුන්දරම අත්දැකීමක් බව අවිවාදාත්මක ය.

ඒ සුන්දරත්වය උපරිමයෙන් දැනෙන්නේ මා කී ආකාරයේ මුල් ම මුල් දිනයේ දී ය. එතැන් පටන් විවාහ වෙන්නට පෙරාතුව පෙම්වතිය සීමා සහිතව හමුවන කාලයේ දී ද, අඩු වැඩි වශයෙන් ඒ මිහිර පවතී.

විවාහ වූ පසු, දැන් ඉතිං නීතියෙන් ම, ඇයට මාත්, මට ඇයත් හිමි නිසා, සිප ගැනීමේ ආශ්චර්යය ටිකෙන් ටික ගිලිහී යන්නට පටන් ගනී.

කොටින් ම සිප ගැනීම යනු පෙර-කෑමක් හෙවත් ඔන්ට්‍රේ (entrée) එකක් පමණක් බවට පත්වේ.

එ කිස් ඊස් ඇන් ඇප්ලිකේෂන් ඇට් ද ටොප් ෆ්ලෝර් ෆො එ ජොබ් ඇට් ද බේස්මන්ට් (A kiss is an application at the top floor for a job in basement) කියා කියන්නේ ඒ නිසා ය.

මීට දශකයකට පමණ ඉහත දිනයක ඉන්දියානු කඩයකින් මිලට ගත් පැරණි හින්දි චිත්‍රපටයක් නරඹමින් සිටියෙමි. මේ චිත්‍රපටයේ නම කුමක්දැයි මට නිවැරදිව කිව නොහැකි මුත්, එහි අඩංගු වූ කතා වස්තුවේ ගුවන් නියමුවෙකු මිය ගොස් එතැන් සිට ඔහුට දාව උපන් තම දරුවා රැකබලා ගන්නා කාන්තාවක ගේ චරිතයක් ඇතුළත් වූ බව මගේ මතකයයි.

තවත් විස්තරයක් එකතු කරනවා නම්, ඒ මව තම පුතා නළවමින් කියන දරු නැළවිලි ගීයේ තාලයට ම "චන්ද්‍රා වාගේ මෙ රෑ නීළඹරේ හී" යනුවෙන් ගැයෙන සිංහල දරු නැළවිලි ගීයක් ද ඇත.

මේ චිත්‍රපටයේ ගුවන් නියමුවා මිය ගිය පුවත ලැබුණු පසු මට එක්වරම සිහිවූයේ, ඔහු එදින සේවය සඳහා පිටත්ව ගියේ තම බිරිඳට යාන්තම් මං ගිහින් එන්නම් වැනි දෙයක් පමණක් පවසා බවයි. මා ඒ බව වීඩියෝවේ ඒ මොහොත නැවතත් වරක් නරඹා තහවුරු කර ගත්තෙමි.

ඒ තමන්ට තම බිරිඳදක්නට ලැබෙන අවසාන දිනය බව ඔහු කිසිසේත් ම දැන සිටියේ නැත. ඒ බව ඔහු දැන සිටියා නම් ඒ සමුගැනීම කෙතරම් වෙනස්වන්නට නොතිබුණේ ද කියා මට ඒ මොහොතේ සිතුණි.

ඒ සමගම මට සිහිවූයේ ඉඳහිට දවසක් ඇය හෝ මා නිවසෙන් පිටත්වන විට සිපගෙන සමුගත්තත්, නිවසට ළඟා වූ පසු සිපගෙන පිළිගත්තත්, මගේ බිරිඳ සහ මා බොහෝ විට අප නිවසෙන් පිටත්ව යන මොහොත සහ නිවසට ළඟා වෙන මොහොත එතරම් වැදගත් ලෙස නොසලකන බවයි.

වහාම ඒ තත්වය වෙනස් කර, සිපගෙන සමුගැනීමේ සහ සිපගෙන පිළිගැනීමේ රෙජීමයක් ඇරඹිය යුතු යැයි මට සිතුණේ ඒ මොහොතේ දී ය.

ඒ සිතූ ආකාරය ම පසුදා සිට ඇරඹු ඒ වත්පිළිවෙත අද දක්වාම, මා හිතන ආකාරයට දශකය එකහමාරක් පමණ කාලයක් දැන් ක්‍රියාත්මකව පවතී!

දැන් ඉතින්, උදෑසන නිවසෙන් පිටවන මා පෙර කී සිනමාපටයේ ගුවන් නියමුවා මෙන් යළි කිසි දිනක නිවසට නොපැමිණියහොත්, අපේ චරිත රැගත් සිනමාපටය නරඹන රසිකයින්ට, මට පෙර දා ඇති වූ ප්‍රශ්නය පැන නොනඟිනු ඇත!

-රසිකොලොජිස්ට්

ප/ලි:
බැඳපු අයට මගෙන් උපදෙසක්:

සැමදාම නොවැරදීම ඔබේ සහකරුට/සහකාරියට උදේට උම්මා එකක් ද, සවසට උම්මා එකක් ද දෙන්න.

"ජොබ් ඇප්ලිකේෂන් ඇට් ටොප් ෆ්ලෝර්" කතා ඊට අමතරව ය.

(image: http://www.snopes.com/politics/obama/photos/kissing.asp)

63 comments:

  1. ඇත්තෙන්ම වටින කතාවක්...මටත් හිතුණෙ...අද ගෙදරින් එලියට බහින මට ආපහු එන්න නොලැබුනොත්...කියන අවිනිශ්චිත බවම තමා....ස්තුතියි...මේක අපේ එක්කෙනාටත් කියලා බලන්න ඕන

    ReplyDelete
    Replies
    1. ගෙදර ඒම නො ඒම ගැන සිතා නොවෙයි, කොහොමටත් නිතරම ආදරය ප්‍රකාශ කිරීම විවාහ ජීවිතයේ පැවැත්මට ඉතා හොඳයි.

      වැදගත් ම කාරණය තමයි උදේ හවා කිස් කරන්න නම්, හිතේ තරහා, කේන්තිය, කෝපය තියාගෙන බෑ නේ. ඉතිං දෙසිතම පිරිසිදු වෙනවා!

      අන්නේකයි!!

      Delete
  2. චිත්‍රපටය ආරාධනා. හෝල් එක මිත්තා.

    ReplyDelete
    Replies
    1. ඔය, "පඩිපෙළ දිගේ කන්ද බැස" කියන කොටස මං හිතාමතාමයි එකතු කළේ ගෙසින් අඩු කරන්න.

      ආරාධනා තමයි පිලුම! ඒකේ සින්දු නම් මතකයි.

      ඒ හින්දි නළු-නිළියන් (ෂර්මිලා තාගෝර්, රාජේෂ් ඛන්නා) තවමත් පේන්නේ චරිතවලට වඩා වයස අය කියායි!

      Delete
  3. උදේ හවා සිපගැනීම ගැන හොඳ සිහිපත් කිරීමක්.
    කාන්තා නේවාසිකාගාරයේ හාද්ද ගැන කියද්දි මතක් වුණේ.
    හරියටම වෙලාවට ලෙක්චර්ස් යමින් හිටි අපේ බැචෙක් උන්න ගමන් උදේ ෆැකල්ටි යන්න ගත්තා. හොරේ මේකයි. ස්ටුඩන්ට් කොමන් රූම් එක ඇරිය ගමන් හාද්දක් දෙන්නයි ගියේ. ඔයගොල්ලන්ගෙ බැචියෙකුට. හැබැයි දෙන්න හිච් වෙලා හිටියෙ නෑ.

    ReplyDelete
    Replies
    1. අම්මට සිරි එහෙමත් seen එකක් තිබ්බද ? අපි ඕකට ගියේ පළවෙනි lecture එක ඉවරවෙලා කැරම් ගහන්න . TT ගහන්න විතරයි

      Delete
    2. එහෙම ප්‍රසිද්ධියේ කරන scene මං නම් දැකලා නෑ විශ්වවිද්‍යාලයේ දී!

      Delete
    3. උදෙන්ම යන්නෙ නොපෙනෙන්න කරන්න නොවෙන්නං.

      Delete
  4. උදේ හවා සිපගැනීම ගැන හොඳ සිහිපත් කිරීමක්.
    කාන්තා නේවාසිකාගාරයේ හාද්ද ගැන කියද්දි මතක් වුණේ.
    හරියටම වෙලාවට ලෙක්චර්ස් යමින් හිටි අපේ බැචෙක් උන්න ගමන් උදේ ෆැකල්ටි යන්න ගත්තා. හොරේ මේකයි. ස්ටුඩන්ට් කොමන් රූම් එක ඇරිය ගමන් හාද්දක් දෙන්නයි ගියේ. ඔයගොල්ලන්ගෙ බැචියෙකුට. හැබැයි දෙන්න හිච් වෙලා හිටියෙ නෑ.

    ReplyDelete
    Replies
    1. හිච් වෙලා හිටියේ නෑ කියන්නේ පස්සේ හිච් වුණා ය කියන එක ද?

      එහෙම නම් අපේ බැච් එකේ වෙන්න බෑ, අපිට සීනියර් බැච් එකේ විය යුතුයි.

      බොලාට අපෙන් හිර දෙනවද බොලව්?

      Delete
    2. පස්සෙවත් ඔය ජූනියර්ස්ල එක්ක සෙට් වුණේ නෑ අපේ බැචාල...හැක..හැක.
      හිච් වුණේ කා එක්කද කියල මේ කපේ කියන්නෙ නෑ. පවුල් කඩා ඉහිරවන්න බෑ.

      Delete
    3. පස්සෙවත් ඔය ජූනියර්ස්ල එක්ක සෙට් වුණේ නෑ අපේ බැචාල...හැක..හැක.
      හිච් වුණේ කා එක්කද කියල මේ කපේ කියන්නෙ නෑ. පවුල් කඩා ඉහිරවන්න බෑ.

      Delete
  5. මාත් ඔය වැඩේට එක පයින්ම කැමතියි.
    ඒත් හාමිනේ කෙනෙක් හොයාගන්න වෙනවනෙ.

    ReplyDelete
    Replies
    1. ඇනෝනිමස් නාඩ ඉඳිං, සිකුරු තරුව පායනකං
      ඔහේලටත් ගෑණූ කෙනෙක් බැල්ම හෙලාවී

      Delete
  6. අපොයි අපිනම් එදා ඉඳලම එහෙමයි.. හැබැයි ඉතින් දවස ගානේ හම්බවෙන්නේ නෑනේ.. සතියකට වතාවයි හෝ දෙකයි.. අපේ උන්දැගේ තියෙනවා එලියට බහිනකොට මල් දාපු වතුර වීදුරුවක් අරං ඉස්සරහට එන පුරුද්දත්.. වැඩේ කියන්නේ හදිසියකට හරි ඕක මිස් උනොත් ඉතින් එදාට හෙන අප්සෙට්..

    ReplyDelete
    Replies
    1. බල සුබ නිමිති පෙරමග නැකතටත් වැඩී කිව්වානේ!

      නමුත්, හොඳම සුබ නිමිත්ත තමයි උම්මා එක, තොලින් තොලට, උණුසුමට!!

      Delete
  7. ෆිල්ම් එක ආරාධනා තමයි - අර චන්දාමේ කියන සින්දුවට මාත් හෙනම කැමතියි - ඊට අමතරව ශර්මිලා හැඩ්ලි චේස් නවල් එකක් කියව කියව කෝච්චියේ යද්දි ජීප් එකේ යන රාජේශ් ඛන්නා කියන සින්දුවත් නියමයි

    ReplyDelete
    Replies
    1. ජීප් එකේ යන රාජේශ් ඛන්නා කියන සින්දුව
      https://www.youtube.com/watch?v=vo1MykK4u8U

      Delete
    2. චන්ද්‍රා හයි තූ - ලතා මංගේෂ්කාර්
      https://www.youtube.com/watch?v=YMcg7TMj1RM

      Delete
  8. ඇත්තටම ඔය නළලට කම්මුල් වලට දෙන හාදු වලට වඩා දෙතොල් වලට දෙන හාදුවනම් පට්ටම එකක්

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ නේද?
      දන්නෝ දනිති!

      Delete
  9. අගයමි. ක්‍රියාත්මක වෙමි!

    ReplyDelete
  10. Replies
    1. In English we have a few different ways to write the sound of a kiss: muah, smack, xxx. They get the idea across, but none of them imitate the actual sound of a kiss. Other languages have the same problem. In Thai it's chup, in German, schmatz, in Greek, mats-muts, in Malayalam, umma, in Japanese, chu.

      http://mentalfloss.com/article/55091/how-write-sound-kiss

      Delete
  11. උදේට උම්මා එකක් දෙනවා.හවස වෙනුවට රෑට දෙනවා.උම්මා එක නිසා ප්‍රශ්න අවමයි.

    ReplyDelete
  12. රසික ඔය මිෂෙල් ඔබාමා shemale කියනව නේද?

    ReplyDelete
    Replies
    1. This is the mindset of most narrow-minded people. For them a strong educated women with a personality are either a transgender or a butch-lesbian. Michele Obama has a strong personality, unlike the dumb "piyaru baba" type Melania Trump.
      For example, you might remember the video of Amaya Adhiraki (Athula's wife) riding a sports bike. It was posted on I think Gossip Lanka and the comments were so disgusting. People were freaking out about the fact that she had to splt her legs to ride on a bike. Most of the comments were comparing her riding the bike to, doing cow-girl on random men.

      Delete
  13. යේස් යේස්... සතියකට වතාවක් හම්බවෙන නිසා කොහොමත් ඕක පුරුද්දක්ම වෙලා තියෙන්නෙ..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. හැමදාම හමුවුණොත් හැමදාම කළ යුතුයි.

      Delete
  14. උම්මා එක හොඳ වැඩක්... ඕක ආදරෙයි කිය කිය ඉන්නවට වඩා ලේසි වැඩක් :D

    entree ඕන්ත්‍රෙ, ඔන්ට්‍රෙ. (appetizer, hors d'oeuvre(හෝ (ඕ) දර්ෆ්))

    ReplyDelete
    Replies
    1. අරූ, ස්තුතියි.
      ඔන්ටේ‍ර් කියා ලියවී ඇත්තේ මා භාවිතා කරන යුනිවර්සිටි ඔෆ් කළම්බු කන්වර්ටර් එකේ අවුලක් නිසායි. මට නිතරම ඔය කේස් එක එන්නේ ඕස්ටේ‍ර්ලියා කියා ලිවීමේ දී යි.


      මෙන්න මා ලියන ක්‍රමය (using Singlish converter)
      ඔන්ට්‍රේ
      ඕස්ට්‍රේලියා

      Delete
    2. ආදරෙයි කියනවාට වඩා මේක ඉතා ප්‍රායෝගිකයි. ප්‍රශ්න අවුල් වලි හමාරයි!

      Delete
  15. ෆිල්ම් එක ආරාධනා. රසබර ගීත ගොඩයි. මම නං ඔය පිලුමෙ කැමතිම ආර්.ඩී. බර්මන් කියන සිංදුවට.

    ReplyDelete
    Replies
    1. එච් ඩී බර්මන් යනු සංගීතඥයා නේද?

      Delete
    2. ඇඬෙන සින්දුව මචං...මියුසික් ඩිරෙක්ටර් එස්.ඩී. බර්මන්ම තමයි ෆිල්ම් එකේ මියුසික්. සචින් දේව් බර්මන් ගැන කියවන්න සහ පොරගේ මියුසික් අහන්න. බුවා පොරක්. ආරාධනා මියුසික් එස් ඩීගේ. රහුල් දෙව් බර්මන් කියන්නේ පුතා. ආර්.ඩී. බර්මන්.
      ඇඬෙන සින්දුව මචං......මේ සින්දුවේ තේරුම හොයනවා. දන්න කෙනෙක් දාන්න.

      Delete
    3. මියුසික් ඩිරෙක්ටර් එස්.ඩී. බර්මන්ම තමයි සින්දුව කියන්නේ වශයෙන් නිවැරදි විය යුතුයි.

      Delete
    4. මේ ක‍ඳුළු සලන්නේ මන්ද
      ඔබ කැමති දේ සිදු වනු ඇත
      ඔබේ පැතුම සඵල වනු ඇත...

      Delete
    5. රහුල් දේව් බර්මන්ගේ පුතා නෙවෙයිද සචින් දේව් බර්මන් අරුණ? මම හිතාගෙන හිටියේ එහෙමයි.

      Delete
    6. එස්ඩීගේ පුතා ආර්ඩී නේද...එහෙමයි මතක.

      Delete
    7. ලස්සන සින්දුව. රසිකගේ අදහස වගේම.

      Delete
    8. http://nilukakadurugamuwa.blogspot.com/2017/02/blog-post_25.html

      Delete
  16. Rasika meka anthima thuchcha asikkithayinge ratak kiyala mata hondatama pahadiliyi.. Me sudu redi andagena inna horu tikage niruwatha puluwan tharam ikmanin podu janathawata pennanna oni. Mokada mama thawamath wish wasa karanawa yamkisi awanka bhawayak samanya podu miniha thula ithuru wela thiyenawa.. Rasika me tika mama danagaththe slvlog eke video tika balala. SLVlog thiyenne youtube eke. Karunakara me horun niruwath karanna uparima sahayak owunta denna. Oba mama pathana sadharana deshaya sandaha api kala yuthu eka wishala karyayak eka. Please check it out and I hope you will do that job of a good civilian with this. Thanks!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. ඔබ මේ කමෙන්ටුව බ්ලොග් කිහිපයකම යොදා තියෙනවා දැක්කා.

      හැකි දේ හැම විටම මා කරනවා!

      Delete
    2. Thanks Rasika, ow aththa eth e blog kihipayen positive uththarayak deela thiyenne kee denekda balanna. Feel sad about some bloggers.

      Delete
  17. මමත් ඉතින් ඉඩක් ලැබෙන විදිහට උම්මා එකක් දෙනවා. මට අමතක උනොත් එහෙම පොඩි එකා තමයි මතක් කරන්නේ කෝ අම්මගේ උම්මා එක කියලා.

    ReplyDelete
  18. ශෙර්ක් පාර්ට් 1 එකේ මකරා දුන් උම්ම එක මතකද

    ReplyDelete
    Replies
    1. ඇත්තටම, ෂ්‍රෙක් කතාවේ බූරුවා සහ මකරා අතර සම්බන්ධයෙන් අදහස් කරන්නේ මොකක් ද?

      Delete
  19. රසික...මම තොල් වෙනුවට ගෙල යෝජනා කරනවා. ඒක නිකං පොඩි ආතල් එකක් හැන්දෑවට ගෙදර එනකම්. එතන මොකක්දෝ එකක් තියෙනවා :D දැනෙන හැම දෙයක්ම ලියන්න බෑනේ......

    ReplyDelete
    Replies
    1. කතාව ඇත්ත.

      ඒ වාගේ ම කන් පෙතිත් හරිම සංවේදී යි!

      Delete
  20. 'සපා කෑම'නම් සත්‍ය කතාවක්, කාගෙත් මුල් අත්දැකීම සපා කෑමක් තමයි. මාත් ගොඩාක් කැමැතියි ඔය දේට​, ඒත් මගේ ගෙදර එක්කෙනාට ඕවා ගැන තැකීමක් නෑ

    ReplyDelete
  21. රසික , ඔයිට වඩා හොඳ නැද්ද නෑ නෑ එක්කො ඕන නෑ. මට නිකං ලැජ්ජයි වගේ.

    ReplyDelete
  22. මොකෝ මේ comment moderate කරලා ?

    ReplyDelete
    Replies
    1. ස්පෑම් සහ වෙළඳ දැන්වීම්වලින් ගැලවීමට දින පහකට වඩා වැඩි ලිපි සඳහා කමෙන්ට් මොඩරේට් කර තිබේ!

      Delete
  23. Mama nam oka bandapu dawase indala karanawa. Umma 2k denawa. Eka ude pitat wenna issella hamadama karanawa.

    ReplyDelete
    Replies
    1. හොඳ ළමයි දෙන්නෙක්.

      අද තත්වයද පෙර සේ යැයි සිතමි. ජයවේවා

      Delete
  24. කාකාගේ කතා වගේම රසවත් වැදගත් මේක රසික

    ReplyDelete
    Replies
    1. අම්මෝ මේ පරණ බ්ලොග්කරුවා දැක්ක කල්!!!

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.