Tuesday 28 March 2017

දේශපාලුවන් සම්මාන දුන් අපි නොදන්නා සයිබර් සම්මාන උළෙලක් - Cyber Awards 2016 (Blogs, Vlogs, Twitter, Instagram and all included)


දේශපාලුවන් පැමිණ සම්මාන ප්‍රදානය කළ නමුත්, ඒ ගැන කිසිදු කචල්-බචල් ඇති වූ බවට ආරංචියක් නැති සම්මාන උළෙලක් ගැන විස්තරයක් පසුගිය දා මට අසන්නට ලැබුණි.
මේ සම්මාන උළෙල බ්ලොග් සඳහා පමණක් පැවැත්වූ එකක් නොවේ.

මෙය බ්ලොග්වලට පමණක් නොව ෆේස්බුක්, ට්විටර්, ඉන්ස්ටග්‍රෑම්, ව්ලොග් හෙවත් වීඩියෝ බ්ලොග් ඇතුළු සයිබර් අවකාශයේ සමස්ත සමාජ මාධ්‍ය සියල්ලට ම වාගේ සම්මාන පිරිනැමූ අප නොදන්නා සම්මාන උත්සවයකි.

සම්මාන පිරිනැමීම සංවිධානය කර තිබුණේ ලංකාවේ රාජ්‍ය ආයතනයක් වන ජාතික තරුණ සංවර්ධන කාර්යාංශය (National Youth Development Bureau - NYDB) විසිනි.

ඒ කටයුත්ත පිළිබඳව මා දැන ගත්තේ ෆේස්බුක් හි සහෘද බ්ලොග්කරුවෙකු විසින් පළ කර තිබුණු පහත රූ සටහන නිසා ය.



මෙය ඒ ඒ කාණ්ඩවල හොඳම සයිබර් නිර්මාණකරුවන් සඳහා සම්මාන දීමක් නොව ජනප්‍රිය ම නිර්මාණකරුවන් සඳහා සම්මාන දීමකි. ජනප්‍රියත්වය නීර්ණය කරනුයේ වෙබ් අඩවියක ඡන්ද විමසීමක් මගින් බව පැවසුනි.

ෆෙස්බුක් හි ඉහත ඡායාරූපය සමග පළ කර තිබුණු පෙර කී ජාතික තරුණ සංවර්ධන කාර්්‍යාංශයේ වෙබ් අඩවියට ගිය විට දක්නට ලැබුණේ ඒ අදාළ පිටුව ක්‍රියාත්මක නොවන බවයි.



එසේම මේ සම්මාන ලබා දීමට නිර්දේශ වී තිබුණු ඒ ඒ සයිබර් නිර්මාණ කෙසේ කවුරුන් කෙලෙසක තෝරා තිබුණේ ද යන්න පිළිබඳව දැන ගැනීමට ක්‍රමයක් ද ඒ වෙබ් අඩවියේ අනෙක් ස්ථානවල හෝ නොතිබුණි.

කෙසේ නමුදු මෙකී සම්මාන උත්සවය පැවැත් වී තිබේ.

ඒ අවස්ථාවේ දී රූපගත කරන ලද තත්වයෙන් බාල වීඩියෝවක් පහත දක්වා ඇත.

විඩියෝව අපහසුවෙන් නරඹා මා දැනගත් පරිදි, සම්මාන උළෙලේ දී ප්‍රකාශ කෙරී ඇත්තේ ඔවුන් වෙබ් ඡන්ද විමසීම පැවැත්වීමට සූදානම් කර තිබූ දත්ත ගබඩා පද්ධතිය විනාශ වූ බවයි.

සම්මාන ප්‍රධාන දිනයට පෙර එය යථා තත්වයට පත්කර ගැනීමට නොහැකිවුනු නිසා ඔවුන් කර ඇත්තේ, ජනප්‍රියතම නිර්මාණකරුවා තේරීම නොව අවසන් වරට දකින විට ඡන්ද ලයිස්තුවේ සිටි ඒ ඒ කාණ්ඩයේ තිදෙනෙකුට සම සම්මාන ප්‍රදානය කිරීමයි.

කෙසේ වුවද, මේ සම්මාන සඳහා නිර්දේශිත නිර්මාණකරුවන්ට උත්සවය ගැන දන්නවා ආරාධනා කිරීමට නම් සංවිධායකයින්ට අමතක වී තිබුණු බව පෙනුණි!

මේ සම්මාන ප්‍රදානය කෙරුණේ ඇමතියෙකු නොවුන ද, පාර්ලිමේන්තු මන්ත්‍රී දේශපාලුවෙකු අතිනි. එනිසා ම දෝ, මේ උත්සවය පවත්වා තිබුණේ නෙළුම් පොකුණ රඟහලේ නොව ඒ අසල භූමියේ ය.

සිංහල බ්ලොග් අංශයේ ජනප්‍රියතම සම්මාන ත්‍රිත්වය හිමිවී ඇත්තේ, අලුත්, මාතලන් සහ අමා ගේ හීන සාප්පුව නම් බ්ලොග්වලටයි.

මෙන්න ඒ කොටස පමණක් නැරඹීමට සබැඳියක්.

https://youtu.be/SFK21lh3kyQ?t=891

මෙන්න සම්පූර්ණ යූටියුබ් වීඩියෝව.



-රසිකොලොජිස්ට්

ප/ලි:
ලිපියේ ඉහලින් ඇති දේශපාලුවෙකු අතින් සම්මාන ගැනීෙම් අර්ශනය ගැන මට කිය හැක්කේ මෙපමණකි.

"කෝණ මානයක් තිබේ ද?"

ප/ප/ලි:
මෙන්න තවත් දේශපාලුවෙකු අතින් සම්මාන ගැනීමක්. කෝණ මාන අවශ්‍ය නැත. කශේරුකා ලබ්බකව තිබේ!



(image: http://dailynews.lk/2016/12/19/features/102247)

27 comments:

  1. සම්මානෙ නොලැබුනාට දුකයි නේහ්?

    ReplyDelete
    Replies
    1. DUKA THAMAI RANJANI. (KAKA)

      Delete
    2. බේර බේර කඳුළු කැටී
      වේදනාවෙ හඬමි වැටී...!

      Delete
  2. පොඩ්ඩක් පරණ එකක් නේ මේ. ඕකේ ඩේටා බේස් එකනෙ හැක් වුනේ?

    ReplyDelete
    Replies
    1. නොව පැරණිය වෙන රමණිය විටින් විට!

      Delete
  3. KAKKA BUWATA JEALOUSY.

    ReplyDelete
  4. ෂා!!! මේක නියමයිනේ. අති විශිෂ්ටයි. සම්මාන ලබපු හැමෝටම සුභ පැතුම්!!!! :)))))))))))

    ReplyDelete
  5. බ්ලොග් සම්මාන උළෙලක් අතත්‍යව මුලින්ම පැවැත්වූයේ ටැබූ සබ්ජෙක්ට්ස් නේද ?

    ReplyDelete
    Replies
    1. ටැබූ කළේ තමන් කැමති බ්ලොග්වල ලයිස්තුවක් පළ කිරීමයි!
      සම්මාන උළෙලක් කියා එකක් තිබුනේ නෑ!

      මුලින් ම බ්ලොග් සම්මාන උළෙලක් පැවැත්වුනේ 2009 දී, රාජකීය විද්‍යාලයේ සාහිත්‍ය සංගමය මගින්. එය තෙවසරක් පැවැත්වුණා!

      Delete
  6. දේශපාලුවෝ නං එදා ඉඳං අද දක්වාම සම්මාන දෙනවා. ගන්න අයත් ගන්නවා. ගොඩක් රාජ්‍ය හා ව්‍යාපාරික අංශ වලින් සම්මාන දෙද්දි දේශපාලුවො ගේනවා. එහෙම නොකරන්න අදීන දැක්මක් තියෙන්නෙ කීයෙන් කී දෙනාටද?
    ගොඩක් සම්මාන සංවිධානය කරන අය දේශපාලකයින් ගෙන්නන්නෙ වෙනත් ලාබ ප්‍රයෝජන තකා බව පැහැදිලියි.

    ReplyDelete
  7. උඩින් තියෙන ජැක්සන් ඉන්න ෆොටෝ එක පසුගිය සරසවි සම්මාන උළෙලෙ එකක්.

    ReplyDelete
    Replies
    1. කෝණ මානයක් තියේ නම් කශේරුකාවේ නැම්ම බලන්න තිබුණා!

      Delete
  8. මේ පාර නෙලුං යායට යන්න බැරි වීම ගැන කාකා දුකට පත්වී ඇත.

    ReplyDelete
  9. මටනම් හිතුනේ කොන්දේ ආනතියටත් වඩා, සිංහල භාශාවට එකතු උනු අපූරු පාරිභාෂික වචනයක් වුනු "දෙශපාලනඥයා" කියන වචනය ක්‍රමයෙන් "දේශපාලකයා" වෙලා දැන් වෙනකොට "දෙශපාළුවා" වුනේ කොහොමද කියන එකයි.

    ReplyDelete
    Replies
    1. මගේ ප්‍රශ්නය මෙහෙම පාලු කරගෙන ගිහින් ගිහින් අන්තිමේ දී මුන්ට මොකක් කරන්න හරි දේශයක් ඉතුරු වෙයි ද කියන එකයි!

      Delete
    2. ඕකට පොලිතීසයා කියා වචනයක් හඳුන්වාදීමට ගත උත්සාහය රසිකට මතකද ?

      Delete
  10. රසික කියන ඔය සයිබර් සම්මාන උළෙල ගැන මුහුණු පොතේ නම් යම් ෂෙයා වීමක් දුටුවා.එපමණයි ඒ ගැන දන්නේ.

    ReplyDelete
    Replies
    1. මාත් පසුව වීඩියෝව දැක්කා!

      Delete
  11. මේමයි ඉතින්. කශේරුකා කෝණ මාන ආදිය තම තමන්ගේ හිත නිවා ගන්න. එව්වා තමන්ට දැනුනට පින්තුරයක් බලලා ඇඳලා පෙන්නලා අනුන්ට දන්නුවට ලෝක බෝලේ කැරකෙන එකට වෙනසක් වෙන්නේ නැහැ. ඒ කැරකෙන බෝලේ දෙසපාලකයයි ඌව සම්මානේ දෙන්න ගෙන්නන ගොට්ටයි දෙන්නට ඔය කෝණ මාන සීන් වලින් බලපෑමක් නැහැ. උන් කිසියම් අරමුනකින්න් වැඩේ කලානම් ලෙසටම එය ඉටු වෙනවා. හිටන් ගත්තත් නැවිලා ගත්තත් පෙරලිලා ගත්තත් සපත්තු ලෙව කාල ගත්තත් එක ම රිසල්ට් එක.


    "කොන්ද කෙලින් තියාගෙන" කියා කියන්නේ භාෂා ප්‍රයෝහයක් මිස ලිටරලි පිට කොන්ද කෙලින් හිටවන් කියන එක නෙවි.

    යම් හෙයකින් මේ වගේ දේවල් වල සැඟවුණු දේශපාලනය ගැන එතරම් වොරීඩ් නම් එන අය ගැන එතරම් අකමැතිනම් කෝනමානේ පැත්තක තියල නොයා ඉන්න පුළුවන්නේ. ගියාම එපා වුනානම් නැගිටලා එන්න පුළුවන්නේ.

    එසේනම් කෝනමානයේ සරණින් සිත් නිවී සැනසේවා

    ReplyDelete
  12. දෙයියනේ වැඩි දෙනෙක් නොදන්න එහෙම එකකුත් තිබී තියනවා !

    ReplyDelete
  13. කවද තිබ්බ එකක්ද? anyway දේශපාලකයෝ නැතිව තියන්න හුඟක් අය කැමැතියි. නමුත් ඔය අදීන කලාකරුවෙක් හොයල දෙන්න පුලුවන්ද ඒකට? හැබැයි අදීන කියන්නේ නියමම අදීන - කිසිම පක්ෂයකට ගැති නැති ? මම මේ නෙළුම් යාය හොඳයි කියනවා නෙමේ. ළඟදීම ලිපියක් ලියැවෙනවා ඒ ගැන.

    ReplyDelete
    Replies
    1. පාරිශුද්ධ මිනිස්සු නෑ. සාපේක්ෂයි හැබැයි මේ පාර මහින්ද දේශප්‍රිය ප්‍රධාන අමුත්ත කළා නං කොයි තරං ගෞරවයක්ද...

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.