Monday 24 July 2017

තවත් ෆේස්බුක් කචල් කතාවක් - Facebook fun


ෆේස්බුක් ගෘප් ඇඩ්මිනියකගෙන් මා බඩ පුරා කෑ ආකාරයත්, ප්‍රතිප්‍රහාරක් එල්ල කළ නොහැකි වූ හැටිත් පිළිබඳ කතාව මම මීට පෙර දිනයක ලියා රසිකොලොජියේ පළ කළෙමි.

අද මේ කියන්න යන්නේ ද, ෆෙස්බුක් කතාවකි. හැබැයි මෙය මට හෝ එක් පුද්ගලයෙකුට සිදු වූ දෙයක් නොව පොදුවේ ෆේස්බුක් කණ්ඩායම් තුළ දක්නට ලැබෙන තත්වයක සුවිශේෂී අවස්ථාවක් පිළිබඳව විස්තරයක් නොහොත් සමාජ ජාල පිළිබඳව එක්තරා ආකාරයක කේස් ස්ටඩියකි.

මගේ තවත් මිතුරන් දෙතුන් දෙනෙකු ද, මා ද එක්ව, අප සැම භූගෝලීයව අයත් ප්‍රදේශයේ, අපේ මාධයෙන්, අපට වැදගත්වෙන සමාජ, දේශපාලන කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමට ෆේස්බුක් කණ්ඩායමක් මීට දෙවසරකට පමණ පෙර පිහිටුවා ගත්තෙමු. අපේ කණ්ඩායමේ අරමුණ සහ එහි නම කෙසේ වුව ද, කණ්ඩායමේ කාරක උපදෙස් මාලාව ලියද්දී එහි සාමාජිකත්වය කිසි ලෙසකින් භූගෝලීයව හෝ වෙනත් කිසිදු ආකාරයකින් හෝ සීමා නොකිරීමට අප වගබලා ගත්තෙමු.

එසේ ම, කණ්ඩායමට සාමාජිකයින් බඳවා ගැනීම හෝ සාමාජිකයින් විසින් පළ කරන දේ අනුමත කිරීම හෝ ඒ ආකාරයේ කිසිදු අයුතු බලයක් පරිපාලකයින් විසින් තමන් වෙත රඳවා තබා ගනු නොලැබුණි. ඕනෑ ම සාමාජිකයෙකුට තවත් පිරිස් එකතු කිරීමටත්, අවශ්‍ය දෙයක් පළ කිරීමටත් හැකි විය.

පරිපාලකයින් සතු එක ම බලය වූයේ කණ්ඩායමේ කාරක උපදෙස් මාලාවට අයත් නොවන දෙයක් සිදු වේ නම්, එයට ප්‍රජාතන්ත්‍රවාදීව මැදිහත් වීම පමණි.

භූගෝලය, ඉතිහාසය අතින් සමානකම් තිබුණ ද, විවිධ අදහස් ද, විවිධ චර්යාවන් ද, විවිධ අමනකම් ද ඇති පිරිසක් මෙලෙස එකට ගාල් කළ විට බලාපොරොත්තු විය යුතු පරිදි, මේ ෆේස්බුක් කණ්ඩායමේ ක්‍රියාකාරීව හැසිරෙන සුලු සාමාජිකයින් පිරිස අතර ද, කැපී පෙනෙන ලෙස උප කුලක දෙකක් ටික කලකින් ම ඇති විය.

ඉන් එක කොටසක් නම්, ලංකාවේ පැවති මහින්ද රාජපක්‍ෂ රෙජීමයේ පරාජය පිළිබඳව අදටත් හොටු පෙරමින් අඬන, ඔවුන් ගේ හිටපු රජා හෝ කුණු නාශක යුව රජා කෙසේ හෝ ආපසු බලයට ගෙන ආ යුතු යැයි සිතා මෙලෝ සිහියකින් තොරව පිස්සු කෙළින, රණවිරු ලේබලයෙන් හෝ සිවුරු ලේබලයෙන් ඕනෑම දුෂණ, භීෂණ, මැර, ජඩ, මිනීමරු ක්‍රියාවක් වසා දැමිය යුතු යැයි මොර දෙන පිරිස ය. ඒ පිරිස අතරේ, සිංහලබුඩ්ඩාගම රකින්නන්, මුස්ලිම් කඩ වර්ජනය කරන, කඩන, පෝස්ටර් බෙදා හරින්නන්, නලින්ද සිලුවා වන්දනාවේ යෙදෙන අනාථ නාථ ඇබිත්තයින් වැනි පිරිස් ද සිටින බව පැහැදිලිව පෙනුණි.

මේ කණ්ඩායමේ පිරිස් නොවරදවා කරන කාර්යයක් වනුයේ, ලංකාවේ සිදු වූ දුෂණ, භීෂණ, මැර, ජඩ, මිනීමරු ක්‍රියා පිළිබඳ යම් නීතිමය ක්‍රියාමාර්ග ගැනෙන අවස්ථාවල දී වුදිතයින්ට රණවිරු හෝ සිවුරු හෝ ලේබලය අලවමින් ඒ ගැන හොටු පෙරීමයි. ඒ සමගම, වරින් වර ඔවුන් ගේ රජා පැරදීම පිළිබඳ ආඬපාලි නගමින් ඒ සම්බන්ධව අත්සනක් හෝ ගැසූ අයට දොස් නගමින් අන් අයට විනෝද සමය නොඅඩුව සැපයීමයි.

පසුව සඳහන් කිරීමේ පහසුව සඳහා අපි මේ කණ්ඩායම "කුජීත" ලෙස හඳුන්වමු.

දෙවෙන කොටස නම් පොදුවේ පෙර කී කුජීත උප කුලකයට අයත් නොවන සර්වත්‍ර කුලකයේ සියලු දෙනා ය. ඔවුන් අතරින් වැඩි දෙනෙකු නිෂ්ක්‍රීය නිරීක්‍ෂකයින් වූ අතර, සක්‍රීය දායකත්වය සපයමින් ෆේස්බුක් අවකාශයේ නිරතුරු සැරිසැරූ මා වැනි කිහිප දෙනෙක් ද වූහ.

කුජීත උප කුලකයේ සාමාජිකයින් විසින් කළ එක් කුජීත ක්‍රියාවක් වූයේ, තමන්ගේ විවිධ ඇජෙන්ඩාවන් සාක්ෂාත් කර ගැනීම පිණිස, තමන්ගේ මතවාදයට ගැලපෙන මතවාදයෙන් යුතු පිරිස් රොතු පිටින් කණ්ඩායමට බඳවා ගැනීමයි. විශේෂයෙන් මෙය සිදුවූයේ, කුජීත නොවන අයෙකු විසින් සමාජ දේශපාලන කරුණක් පිළිබඳව කුජීතයින්ට නොදිරවන දෙයක් පළ කළ විට ය.

මේ කතා වස්තුවේ කූටප්‍රාප්තිය මෙයයි.

මීට මාස කිහිපයකට කලින් මම මගේ දතක් පිළිබඳව සහ දත් නඩත්තුව පිළිබඳව විවාදාත්මක අදහසක් කණ්ඩායමේ පළ කළෙමි. එයින් කුපිත වූ කුජීත කණ්ඩායමේ අය, මට පෙනුණු ආකාරයට මට සටනක් දීමට සිතා, බුරුතු පිටින් නව සාමාජිකයින් බඳවා ගන්නට පටන් ගති.

මෙසේ කණ්ඩායමට එක් කරගත් පිරිස අතරේ වැඩි වශයෙන් ම වූයේ, සිංහලබුඩ්ඩාගම රකින්නන්, මුස්ලිම් කඩ වර්ජනය කරන, කඩන පෝස්ටර් බෙදා හරින්නන්, නලින්ද සිලුවා වන්දනාවේ යෙදෙන අනාථ නාථ ඇබිත්තයින් වැනි පිරිස් බව පැහැදිලිව පෙනුණි.

එහි දී මේ නවක සාමාජිකයින් ඉන්නේ තූත්තුකුඩියේ ද, ටිම්බක්ටුවේ ද, ජිබ්රෝල්ටාවේ ද, අඩිස් අබාබාවේ ද යන්න ද, මේ අයට අපේ කණ්ඩායමේ මුඛ්‍ය පරමාර්ථවලට කවර නම් සම්මාදමක් කළ හැකි ද යන්න ද, කුජීතයින් විසින් නොසලකා හැර තිබුණි.

මෙය දුටු මා කියුවේ එක් වැකියක් පමණි. ඇත්තටම එය ප්‍රශ්නයකි. ප්‍රශ්නයක් වූවාට පිළිතුරක් අපේක්‍ෂා නොකළ ප්‍රශ්නයකි.

දස බිම්බර මාර සෙනග ද ඔය කැඳවන්නේ?

මා දේවදත්තලාට තියා, දස බිම්බර මාර සෙනගට ද බිය නැත්තෙකු බව ඔවුන්ට පසුව වැටහෙන්නට ඇත.

දස බිම්බර මාර සෙනගට අමතරව තණ්හා, රතී සහ රඟා කැඳෙව්වා නම් ඔන්න මා තරමක් හෝ සැලෙන්නට ඉඩ තිබුණු බව කිව යුතුයි.

නමුත් අවාසනාවකට මෙන්, කුජීතයින් විසින් තූත්තුකුඩියෙන්, ටිම්බක්ටුවෙන්, ජිබ්රෝල්ටාවෙන්, අඩිස් අබාබාවෙන් බඳවා ගත් ඒ නවක සාමාජිකයින් අතර සිටියේ මාර ප්‍රත්‍රයින් පමණි.

මර දුවරු නොසිටිය හ!

-රසිකොලොජිස්ට්

ප/ලි:
ඊළඟට අපේ එක්තරා අයියෙකුට ෆේස්බුක් හි දී මුහුණ දෙන්නට සිදුවුණු කනගාටුදායක සිදුවීමක් ගැන විස්තරයක් බලාපොරොත්තු වෙන්න.

(image: https://www.thoughtco.com/the-demon-mara-449981)

23 comments:

  1. මහින්ද රාජපක්ෂ මහතාව අදහන විවිධ තරාතිරම් වල අය බොහෝ දෙනෙක් මම පෞද්ගලික ජීවිතේ දන්නවා. ඒ අය ඔවුන්ට විරුද්ධ අදහසක් ඉදිරිපත් කල විට කියාගන්න දෙයක් නැතිව කුණු හරුප වපුරන අය නෙවෙයි. මේ කුනුහරුප වපුරන්නේ සුළු පිරිසකගෙන් යුතුකණ්ඩායමක් ඔවුන් අටවාගෙන ඇති ෆේස්බුක් අකවුන්ට් කිහිපයකින් කියල මට පැහැදිලියි. උන් ලියන දේවල් වලට තව අකවුන්ට් එකකින් උත්තර දෙන්නෙත් ඔවුන්මයි.

    ReplyDelete
    Replies
    1. මේ අයගෙන් සමහර දෙනෙකු මා දන්නා හඳුණන අපේ ප්‍රදේශයේ වාසය කරන අයයි!

      Delete
  2. සතියකට තිත තැබුවෙමි.. බුකියට.. ජිබ්‍රොල්ටා කිව්වම කතාවක් මතක් උනා..

    ReplyDelete
    Replies
    1. නිකරගුහාව කීවාමත් කතාවක් මතක් වෙනවා නේද?

      Delete
  3. ෆේස්බුක් එකේ වැඩි හරියක් ඉන්නෙ රස්තියාදුකාරයොනෙ. හරිහමන් අධ්‍යාපනයක් නැති, ඒ නිසාම හොඳ රැකියාවක් නැති, අනුන්ට ඊර්ෂ‍යා කරන, තමන්ගෙ පහත් තත්වෙ නිසා හීනමානෙන් පෙලෙන අය තමයි බහුතරයක් ඉන්නෙ. මේගොල්ලො සමහරක් ෆේස්බුක් පේජ් ටිකක් අටවගෙන දේශපාලකයන්ට කඩේ යන ගමන් විරුද්ධ දේශපාලකයන්ට කුණුහර්පෙන් බණිනවා, සමහරු ජාතිවාදය අවුස්සන අතරෙ, සමහරු මිථ්‍යාව පතුරනවා. සමහරු සාමාන්‍ය පෙල විද්‍යාව අසමත්, ඒත් පොර ටෝක් එකෙන් අයින්ස්ටයින්ටත් එහා. හරියට වඳුරන්ට දැලි පිහි දීල වගේ තමයි. මගේ ෆේස්බුක් එකටනම් මම පෞද්ගලිකව නොදන්න අයව ඇඩ් කරන්නෙ නෑ. රස්තියාදුකාරයන්ගෙ ෆේස්බුක් පේජ් ෂෙයා කරන අයව අයින් කරල දානවා, තරහා වුණත් කරන්න දෙයක් නෑ. අනික කිසිම ෆේස්බුක් ගෲප් එකකට ජොයින් වෙන්නෙත් නෑ.

    ReplyDelete
    Replies
    1. කුලේ ආතා නං මරාගේ කක්කා පුච්ච ලෙවකනවා නේද? චි චි ආතේ. කොන්දක් නැද්ද?

      Delete
    2. //ෆේස්බුක් එකේ වැඩි හරියක් ඉන්නෙ රස්තියාදුකාරයොනෙ//
      තමන්ට රස්තියාදුකාරයා කියා ගන්න ආස ඇති නේ.

      Delete
    3. @ Prabath Kurukulasuriya
      ෆේස්බුක් එකේ සමස්ත සමාජයට වඩා වැඩියෙන් රස්තියාදුකාරයින් හෝ බුද්ධිමතුන් හෝ වෙනත් ප්‍රවර්ගවල මිනිසුන් සිටී යැයි මා නම් හිතන්නේ නෑ.

      බ්ලොග් ප්‍රචාරය සහ ප්‍රවර්ධනය සඳහා මා ෆේස්බුක් භාවිතා කරනවා. මෙන්න ඒ ගැන සටහනක්.
      https://rasikalogy.blogspot.com/2017/07/facebook-blogging-and-i.html

      !

      Delete
  4. ජෙනුයින් බුකි එකවුන්ට් එකේ මහා වෙදමහත්තයා ස්ටේජ් එකක් ගහ ගෙන පදිංචිවෙලා, එකට නිවාඩු දුන්න ගලහ හන්දියේ සත්‍යග්රහය නවත්තලා මඩුව කඩල දාන තුරු.

    ReplyDelete
    Replies
    1. අපේ ෆේස්බුක් අවකාශයේ අන් අය සටහන් පළ කිරීම අපට නැවැත්විය හැකියි!

      Delete
  5. කකාව ඉල්ලංකා යුද්ද අමුදාවට බන්දලා තුවක්කුවක් දෙකක් දීලා උතුරේ දෙමල්ලු හැටපහක් මරන්න අරිනවා. එහෙම නැත්තං කකා ඕස්ට්‍රේලියානු පෙඩරල් අමුදාවට බන්දලා තුවක්කුවක් දෙකක් දීලා මැදපෙරදිග තම්බි මරන්න අරිනවා. කකා වැඩිපුරම මිනිස්සු මරන්නේ කොහේ ඉදන්ද?

    ReplyDelete
    Replies
    1. Kaka kiyanne kauda?

      Delete
    2. තුවක්කු දෙකක් දෙන එකේ කානු දෙකේ තුවක්කුවක් දුන්නොත් මක්ක වෙයිද.

      Delete
    3. කකා?
      බැට කකා??
      ගුටි කකා???
      පහර කකා????
      බත් කකා?????

      Delete
  6. බොහෝ දෙනකු රසිකගෙන් අහන ප්‍රශ්නයක් වී ඇත්තේ රසික දැන් නිහඬ ඇයි යන්නයි. ඔවුන් ඒ ප්‍රශ්නය අසන්නේ පිළිතුරක් බලා ගෙන නො වෙයි. ඒ ගැන එක් එක් අයට විවිධ උපකල්පන තියෙනවා. මේ රටේ මිනිසුන් එවැනි ප්‍රශ්න අසන්නේ තරසික තරසිකන්ගෙ උපකල්පන වෙනස් කරගන්න නො වෙයි. රසික මොන පිළිතුරක් දුන්නත් ඔවුන් තරසිකන්ට හා තරසික මිතුරන්ට කියන්නේ ඔහොරසික කිව්වට මිනිහට කුට්ටියක් හම්බ වෙලා ඇති. රසික දැන් ඉස්සර රසික නො වෙයි. රසික දැන් නිදහස් අධ්‍යාපනයටත් විරුද්ධයි කියලා කිහිප දෙනෙක් රසික කිව්වා. නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන තැනකට ආවට පස්සෙ හුඟ දෙනෙක් ඔහොරසික තරසිකයි. රසික දැන් ඒකාබද්ධ විපක්‍ෂයත් විවේචනය කරනවා කියලා ආරංචියි. රසිකහින්ද රසිකහත්තයගෙන් රසික ගත්ත දේවල් දැන් අරසිකතක කරලා. කෙළෙහි ගුණයක් දන්නැති රසික.

    ReplyDelete
    Replies
    1. කොපි පේස්ට් ඡේදයේ ෆයින්ඩ් ඇන්ඩ් රීප්ලේස් කරන විට පොඩ්ඩක් වැරදුනා නේද?

      http://www1.kalaya.org/2017/07/blog-post_23.html

      Delete
  7. රසික,
    මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ නඩයම අඩු වැඩි වසයෙන් හොරු, අපරාධකාරයෝ සහ නූගතුන් පිරිසක්.
    උන්ව කර ගහගෙන යන්නේ උන් හා සමානම පිරිසක්.
    කූජිතයන්ට උන් හැර නැත අන් සරමක්.
    මෙික තේරුම් නොගෙන ඇයි ඔබ ගන්නේ තරහක්?

    ප/ලි
    ඔබේ ⁣⁣ධෛර්යයට මල් මිටක්!!
    +CP

    ReplyDelete
    Replies
    1. @ Anonymous 25 July 2017 at 13:14

      තෝ වගේ බල්ලෙක් උඩ ගිය තරමක්
      තොගෙ ජාතකේ දන්නෙ තොපේ අම්මට _කපු එකා පමණක්

      Delete
    2. @ +CP
      මරාවාදීන් සමග මේ ලිපියේ විස්තර කර ඇති ආකාරයේ සුහද සංවාදවල යෙදීම මට නම් ඉතා විනෝදයක් ගෙන දෙන කාර්යයක්!

      ස්තුතියි +CP

      Delete
  8. //දස බිම්බර මාර සෙනගට අමතරව තණ්හා, රතී සහ රඟා කැඳෙව්වා නම් ඔන්න මා තරමක් හෝ සැලෙන්නට ඉඩ තිබුණු බව කිව යුතුයි.\\

    වෙන්න බෑ. මතකද ? අර විචාරක කීප වතාවක් කියල තිබ්බෙ "තා නපුන්සකයෙකි" කියල.

    ReplyDelete
    Replies
    1. ++++++++

      Well said, the truth is out there. Not only "Wicha" but many other bloggers including Mathalan has mentioned in their posts on this bugger. Stupidity at its worst.

      Delete
    2. අම්මප සිපිපියො උඹ රෙදි අඳින්නෙ ලජ්ජාවට නෙමෙයි මදුරුවො කනවට නේද?

      Delete
    3. මරාවාදීන් කිහිප දෙනෙකු කලබල වී ඇත!

      මරාවාදීන් සමග මේ ලිපියේ විස්තර කර ඇති ආකාරයේ සුහද සංවාදවල යෙදීම මට නම් ඉතා විනෝදයක් ගෙන දෙන කාර්යයකි.

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.